Friday, September 25, 2015

ලෙඩා මැරෙනවා.



අපේ දේශපාලන බෙහෙත් වට්ටෝරුව දූෂණය භීෂණය වංචාව හොරකම අට එකට හින්දෝලා ගත්ත එකක්. කාල වකවානුවක් සිමාවක් කියන්න බැරි කාලෙක ඉදන් වෙද මහත්තුරු ලියලා දෙන මේ සීට්ටුව හිදවලා බොන්න මැතිවරණයෙන් මැතිවරණයට ඡණ්දදායක අපි මැලි වෙන්නේ නැහැ. අන්තිමේදී ලැබෙන ප්‍රතිඵලය තිබුන ලෙඩට  වඩා අළුත්ලෙඩක් වැළදීමයි.

මට නස්රුදීන්ගේ කතාවක්  මතකයට ආවා.  

. නස්රුදීන්ගේ බුද්ධියේ  විෂයය පථයන් බොහෝම පුළුල් එකක් .විටක වෛද්‍යවරයෙකු, තවත් විටක ඉජිනේරුවෙකු,ව්‍යාපාරයෙකු දේශපාලන උපදේශක වරයෙකු  වගේ  විවිධ මට්ටමේ බුද්ධියක් නස්රුදීන්ට තිබුනේ.මේ හැම විෂයයකටම ගැටළුවක් ඇතිවුනාම උපදෙස් ගන්න නස්රුදින් සොයා ගෙන මිනිස්සු ආවා. එක දවසක නස්රුදීන් මිදුලේ එහාට මෙහාට සක්මන් කරමින් කල්පනාවේ නිරත වෙමින් ඉන්න අතර දැක්කා පුටුවක් මත ඉන්දවගෙන දෙපැත්තෙන් උස්සගෙන  රෝගියෙක් තමන් වෙත කැදවා ගෙන එනවා.
නස්රුදීන්ට හිතුනා මේක නම් මම අමාරුවේ වැටෙන වැඩක් කියලා. නම්බුව බේරා ගෙන වැඩෙන් ගොඩ යන්නත් එපාය නස්රුදින් හිතුවා.
කෝකටත් කියලා  ගේ ආලින්දයට  කැදවලා රෝගියා ගේ පිරිසගෙන් ඇහුවා මොකක්ද ලෙඩේ කියලා. මෙයාට මළ සහ මුත්‍රා  පිටවෙන්නේ නෑ දෙපැත්තම අඩස්සිවෙලා. පිරිසගේ පිළිතුර වුනා.
නස්රුදීන් ප්‍රතිකාර ගැන හිතන්න කළබල වෙන්නේ නැතිවම මේ ලෙඩේට හරියන්නේ නගරයේ ඉන්න අහවල් වෙද මහත්තයා කියලා නිර්දේශයක් දුන්නා. ඉක්මනට එයා ගාවට එක්කර ගෙන යන්න කියලා.
රෝගියා වෙද මහත්තයා ගාවට එක්කර ගෙන ගියා. නස්රුදීන් ආයෙත් කල්පනාවට වැටුනා.
කාලය ගෙවිලා ගියා හෝරාවකින් පමණ රෝගිය සමග ගිය පිරිස කළබලයෙන් නස්රුදීන් සොයා  ගෙන එනවා. රෝගියා නම් නෑ නස්රුදීන් ඇතින්ම දැක්කා.මේ මොන ජංජාලයක්ද වෙන්න යන්නේ ?. ඊලග පිලිතුරට නස්රුදීන් සුදානම් වුනා.

මොකක්ද අප්පේ උනේ ?.නස්රුදීන් පිරිසගෙන් ඇහුවා.
මළ මුත්‍ර හොදින් පිටවුනා බලන්නකෝ අපේ ඇගෙත් විසි වෙලා.
ඒකනේ මම කිව්වේ ඔය වෙද මහත්තයා ලෙඩේ සනීප කරයි කියලා !. නස්රුදීන් උත්තර බැන්දා.
ඒත් ...ඒත්...
ඔව් මොකද ?  කියන්න.නස්රුදීන් පිරිස උනන්දු කෙරෙව්වා.
ලෙඩා මලා නේ ..
ඔය ලෙඩේට නම් වෙන වෙද මහත්තයෙක් හොයා ගන්න වෙයි. මට මුලින් කියාපු ලෙඩේට තමයි ඒ වෙද මහත්තයා හොද !.

අපි හැමදාමත් අළුත් වෙද මහත්තුරු හොයනවා.
බඩ සුද්ද වෙවි ලෙඩා මැරෙනවා.
notes of imaginary

4 comments:

සොඳුරු සුව අසපුව said...

අපේ රටේ හුඟක් පාලකයෝ කරන්නෙ තුවාලේ උඩින් ප්ලාස්ටරේ දාල , “මං හපනා වෙන්න“ , නමුත් ඊට යටින් තුවාලේ කුණු වෙන බව ඔවුන් දැන ගත්තත් ඡන්ද දායකයාට දැනගන්නට තියන්නේ නැහැ , අනෙක අපෙ ඡන්ද දායකයොත් ඉතින් “දායකයෝ“විතරයි මට හිතෙන විදියට , “දෙන්නේ කාටද කියලවත් හිතනවනම් මෙහෙම වේවිද“ .

කොහොමත් නිවැරදි ආර්ථික, අධ්‍යාපනික සහ ආර්ථීක ජාතිකමය ප්‍රතිපත්තියක්(පාට එක්ක මාරු නොවෙන)  නැතිව තව අවුරුදු දහයක් ගියොත් , ලෙඩා මැරෙනවම තමයි“ (දැනටමත් පන අදිනව නොවැ)
ස්තුතියි ඔබට

බණ්ඩා said...

දැන් නම් ලෙඩා ගොඩ ගන්නම අමාරුයි වගේ.....

MPP Gunasinghe said...

ලෙඩා මළත් බඩ සුද්ද වුනා නේ !

vicharaka said...

වෙදාගේ හැටියට තමා ලෙඩාට ප්‍රතිඵල ලැබෙන්නේ. අපි බලමුකෝ අවුරුදු පහක් වෙදකම් කරලා මොනවගේ ප්‍රතිඵල ගනියිද කියලා. හැබැයි වැරදුනොත් ලෙඩා වෙදා වෙනවා.

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon