ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
7 comments:
Sarath Foneseka is a great solder. But his personal and political character should be questioned. He is untested. It is really dangerous to give this much of power to a untested character. I can trust Ranil better than Sarath Fonseka.
SF is a hard-wired soldier. Imagine the situation if he becomes the exec. president. I read the following during the weekend: "Pick a clown and you... See More’ll get a lot of laughs; pick a slave to external interests, you’ll be further enslaved; pick a crook and you’ll be robbed clean; pick a man who has a nice smile and you’ll be smiling with him even if he does nothing during his tenure; pick a ruthless fighter and you can say goodbye to any kind of compassion. "
http://www.island.lk/2009/11/29/features10.html
Read the the article written 16 month ago. Read all article liked from this.
http://www.groundviews.org/2008/08/09/lt-general-sarath-fonseka-military-dictator-saviour-or-both/
oya kiyana poster eka athtatama sarath fonseka ge pracharaka poster ekak kiyala sure da?
mata nam not sure.
mama hithanne eka wenath pracharaka wadak kiyala, SF meheyuma kiyana eke therumak thiyenawada, echchara boloda wadaka fonseka thiya mahinnda lokka wath nokarana bawa sure. oka ehemai kiyala therum ganna eka eetath wada boladai wage.
Mama hithanne api den balanna one rata thiyenne kothenada kiyalai. Den Prabakaran nehe. Yudde nehe. Hebei Dooshanaya , wanchawa, revatilla saha merakam iwawaha gihilla. Oya kiyana tharam lesiyen rata yahamagata ganna puluwan nam, eyi maaliga hedilla nawaththanna beri, hedging gena mokada kiyanne, Eyi PB va aapahu genaawe, polonnaruwe haal maphiyawa nawaththanna beri eyi, mervin kelanie chandiya karala thiyenne eyi.....
Thrasthawaadaya kiyanne wenath jaathiyak thawa jaathiyakata erehiwa karana deyak wenna one nehe... api me atwidinne thawath widihaka thrasthawaadayak neweida??/
"Mama hithanne api den balanna one rata thiyenne kothenada kiyalai. Den Prabakaran nehe. Yudde nehe."
රනිල්ගේ ප්‍රධාන සටන් පාඨය වූයේ මහින්ද යුදවාදියෙක් ලෙස පෙන්වා මහින්ද ආවොත් යුද්ධය නැවත පටන් ගනී යයි ජනතාව බිය කිරීමය. මහින්ද විරෝධීන් බොහෝ දෙනෙක් මෙවැනි වෙබ් අඩවි වල ගිරව් මෙන් වැමෑරුවේද "යුදවාදී මහින්ද" මන්ත්‍රයයි සහ "LTTE සංවිධානය යුද්ධයෙන් පරාජය කළ නොහැක" යන පරාජිත කල්පනාවයි. මහින්දට යුද්ධයට යාමට සිදු වූයේ වෙනකක් තබා ජනතාවගේ බොරු බිය පවා වෙනස් කරගෙනය. යුද්ධය දිනන තත්ත්වයට ගෙනෙන තුරුම රනිල් සහ හිතවාදීන් යුද්ධයට එරෙහිව කටයුතු කළහ; පසුව වාසි පැත්තට හෝයියා කියන්නාක් මෙන් තමාද යුද ගෞරවයන් හි හිමි කරුවකු මෙන් පෙනීමට දඟලයි. මේවායින් පෙනෙන්නේ රනිල් කවරාකාර පුද්ගලයකුද යනුයි. ඔබ කියන්නේ අපට මේ සියල්ල අමතක කර, ඊයේ මැරී උපන්නාක් මෙන් මහින්ද හා රනිල් පිල් සම තැන්හි තබා සලකන්න ද?
"දැන් ප්‍රභාකරන් ඉවර" තමා. එසේ ඉවර වූයේ මහින්දගේ කෙලින් නායකත්වයේ පිහිටෙන්, රනිල් ගේ බාධක මැදය!
Mahinda prabakaran iwara kaleya. E nisa ohuta kruthaguna selakiya yuthuya. Wandi geviya yuthuya. Wandiya kumakda? Thawa wasara hayak yanthuru risi se komis gehili, chandi part, maaliga thanamin kuwera diwiyak vidimata waramak deemada?
Ohuge henchaiyan pemina numbage mage depala mathu nowa ambuwan da raajya balayen peheraganu asaranawa bala siteemada?
Mama ranil yahapath yey nokiyami. SF gena vishwasayak pamanak etha. Manda MR ethulu aanduwa thamanta kala heki de me wanawitath penwa ethi heini.
මහින්දට නැවත ජනාධිපති කම දිය යුත්තේ වන්දි ගෙනීමට වත් කළ ගුන සැලකීමටවත් නොවේ. කළ ගුන සැලකීමට කිසිවකු ජනාධිපති කමින් පිදිය යුතු නැත. මහින්ද ජනපති කළ යුත්තේ ජනපති කමට ඉල්ලන්නන් ගෙන් වඩා සුදුස්සා ඔහු බැවිනි. සරත් ෆොන්සේකා මහතාට චන්දය දී රනිල් වැනි බටහිරට, බිස්නස් කාරයන්ට, ජාතිවාදීන්ට, ත්‍රස්තවාදීන්ට කොන්ද නමන ජාති ද්‍රෝහියෙක් අනියමින් බලයට ගෙන එන්නට මහින්ද නැවත බලයට ගෙන එන්නට තරම් වත් හේතුවක් නැති බැවිනි. දූෂිතයෝ කොයි ආණ්ඩුවේත් සිටියහ. මහින්දගේ දූෂන චෝදනා ඇති සහෝදරයන් දෙදෙනා තමාට පැවරුණු කාර්යයන් හරියට ඉටු කළහ. රනිල්ගේ ආරක්ෂක ලේකම් දූෂිතයෙක් නොවන්නට ඇත. හැබැයි ගෝඨාභය පුලිදේවන්ට මචන් කීවේ වත් ත්‍රස්තවාදීන් බලන්නට ඇපල් අරන් ඉස්පිරිතාල ගානේ ගියේවත් නැත; ත්‍රස්තවාදීන්ට යුධමය වශයෙන් වැදගත් උපකරණ රේගුව හරහා පාස් කර අපේම හෙලිකොප්ටර් වලින් ගෙන ගොස් දුන්නේ නැත. මොන ආරක්ෂක ලේකම් ද වඩා හොඳ?
ඒ නිසා "දැන් ප්‍රභාකරන් නැත" යයි කීම රනිල් නැවත බලයට ගෙන ඒමට හේතුවක් නොවේ. කැලය වෙනස් වුවත් කොටියාගේ පුල්ලි වෙනස් වන්නේ නැත. තමාට තමාගේම ප්‍රතිපත්ති නැති බව ෆොන්සේකා මහතා දැනටම පිලිගෙන ඇත.
ලොක්කා ALGERIAN අකුරු දැක්කම එතුමාගේ හමුදා චින්ත්නය මතක් වනවා නම් හෙළ උරුමයේ ගණ ගෙඩියන්ගේ සිවුරු දැක්කම මතක් වෙන්නේ මොකක්ද කියලා කියන්න බැරිද අප්පුහාමි.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.