පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, September 10, 2009

මාධ්‍යය නිදහස නැත්තේ ජන සමාජයටයි.

තිස්සනායගම් නඩු තීන්දුව සහ ලංකා සති අන්ත පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ සිද්ධිය නිසා මාධ්‍ය නිදහස ගැන කතිකාවක් මේ දිනවල නිර්මානය ව ඇත. මාධ්‍යකරුවන් 100%ක් නිවරදිව, අපක්ෂපාතව හැසිරෙනවාද යන්නත් අපේ රටේ අධිකරනය හැර අධිකරනයට කරුණු කාරනා ඉදිරිපත් කරන ආයාතන නිවරදිව හැසිරෙනවාද යන්නත් මීදුමට ඇති ගැටළුවකි.

තිස්සනායගම්ට එරෙහිව ඉදිරිපත්ව තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ කරවු නිසා නීතී පොතේ අනුරුපවු නිර්නායකයන්ට සමානුපාතිකව මේ වරදට මෙපමණයි යනුවෙන් අවුරුදු විස්සක සිරදඩුවමකට ඔහු යටත් කරවීය.තිස්සනායගම් පාර්ශවයෙන් ඔහුට එරෙහිව නගා තිබු චෝදනා අසත්‍ය නම් නිරවද්‍යතාවය තහවුරු කිරීමට හැකියාව තිබූ බැවින් එසේ අධිකරනය හමුවේ කරුණු කාරනාද ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් එම කරුණු ද තිස්සනායගම්ගේ ක්‍රියාකලාපය තහවුරු කරන්නක් වු බව “දිවයින සදුදා වම් ඉවුර” ( සී.ඒ.ප්‍රේමචන්ද්‍ර) ලිපියක පලවී තිබුන බව මීදුමට මතකය.එසේ වී නම් තිස්සනායගම් අපේ රටේ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කල පුරවැසියෙකි.ඔහු කල වරදට දඩුවම් විදීම ඔහු සිදුකල යුතුය. එසේ නොවේ නම් වැරදි පූර්වාදර්ශ ලැබ රටේ සිටින සියළු තිස්සනායගම්ලා ආයාලයේ යන්න පටන් ගනු නොඅනුමානය.
තිස්සනායගම්ට එරෙහිව කටයුතු කිරීම මාධ්‍ය නිදහසට - ලිවීමේ නිදහසට - කතාකිරීමේ නිදහසට එරෙහිව යාමක් ලෙස මීදුමට සිතුනේ නැත.

‘ලංකා’ සති අන්ත පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ සිද්ධිය අධිකරන කටයුත්තක් බවට පත්වී ඇති බැවින් මීදුම ඒ පිලිබදව අදහසක් පලකිරීමෙන් වලකනු ලැබේ. රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුයේ දෙනියායේ වත්තක හදන කුස්සියේ පොල් බිදින හඩ නිවස ඇතුලට ඇසීම වැලක්වීම පිණිස sound proof කුස්සියක් හදන බවකි. අනවසරයෙන් කුස්සියට ඇතුල්වීමේ වරදට අනවසරයෙන් ඇතුළුවීම යන චෝදනා මත නඩු පැවරීම කල හැකි බවත් ත්‍රස්තවාදී විමර්ශණ ඒකකය මගින් ප්‍රශ්න කිරීම පමනක් ප්‍රශ්නකාරී බවයි.එක්සත් ජාතික පක්ෂසයේ සාගල රත්නායක මහතා ගේ චෝදනාව වන්නේ දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ ජනාධිපතිවරයාගේ සොහොයුරියකට අයත් වත්තක රාජ්‍ය දේපල යොදා ගෙන කරන ලද ඉදිකිරීමක් වාර්තා කිරීමට අනවසරයෙන් මෙම වත්තට ඇතුල්වීම නිසා මෙම අකරතැබ්බය වූ බවකි.මාධ්‍යවේදීන් තිදෙනා මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

ජීවිත තර්ජනයකට මුහුනදී සිටින ජනාධිපතිවරයාගේ ආරක්ෂාමව ගැන වග බලාගැණිමද වැදගත් කටයුත්තකි.දකුණු පලාත් සභා මැතිවරණ සමයේ මෙවැනි ප්‍රවෘත්තියක් නිර්මාණය කර ගැණිම අමුම අමු මඩ ප්‍රහාරයකට හොද අමුද්‍රව්‍යයක් ලෙස මීදුම සිතයි.ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත හෙළිවන විට කෝච්චිය ගොස් හමාරවේ.එතෙක් ප්‍රහාරය බලවත්ව ක්‍රියාකරයි.

පසුගිය කොටි බලවත්ව සිටි සමයේ යම් යම් මාධ්‍ය හැසුරුන අයුරු මීදුමට හොදින් මතක තිබේ. හමුදාවට දරුවන් බදවා ගැණිමට අවහිර වන අන්දමින් දිනපතා සහ සතිපතා පත්‍ර යුද්ධයේදී මියයන වීරෝධාර හමුදා සාමාජිකයන් ගැන දුක ශෝකය ජනිත කල ලිපි නොකඩවා පලකෙරිනි. යුද්ධය අනර්තකාරී විනාශයක් බව ජනතාව තුල පැල පදියම් වීමට බීජයන් වැපරීනි.යුධ විශ්ලේෂන කල ලේඛකයෝ කොටි පුම්බමින් අපේ හමුදා දුර්වල බව කීවෝය .නොයෙක් උපදෙස් දෙමින් විවිධ ආයුධ ගැනත් ඒවා මිළදී ගත යුතු රටවල් ගැනත් ලීවෝය. හමුදාවේත් මෙම යුධ විශ්ලේෂකයෝ තරම් ප්‍රවීනයන් නැති බව මේ ලිපි කියවන විට මීදුමට නිතර සිත්විනි.

මාධ්‍යකරුවෝ ජරාජීර්නවු දේශපාලන මඩවලේ මඩකරියන් (මඩේ සිටින මසුන් විශේෂයකි. ) ලෙස හැසිරෙති.අලවිය සහ පාඨකයන් පරමාර්ථ කරගත් මාධ්‍ය කලාවක් අපේ රටේ ඇත්තේම නැත.පිටපත් අලවියත් දැන්වීම් අලවියත් සිදු කරමින් ලැබෙන ආදායම පදනම් කරගෙන පමනක් පවත්වාගෙන යන ප්‍රවෘත්ති පත්‍ර ලංකාවේ ඇතිනම් ඒවා එක් අතක ඇගිලිවලටත් අඩු විය හැක. අනෙක් පත්‍ර පිටපත් අලවිය හා ඒවායේ දැන්වීම් පලකරන ආයාතන ප්‍රමානය සලකා බැළුවහොත් එම ආයතන පවත්වා ගෙන යාමත් විස්මජනකය. එම පත්‍ර ආයතන පවත්වා ගෙන යාමට කවුරුන් හෝ ආර්ථික ලාභයක් නොලබා ආයෝජන කල යුතුය.ආර්ථික ලාභයක් නොලබා දිගින් දිගටම ආයෝජන කලහැකි අයෙක් සිටිය නොහැකි බැවින් ඒවා පවත්වා ගෙන යන්නේ යම් යම් දේශපාලන සංවිධාන වල අරමුණු තකාවිය යුතුය.නැත්නම් මාධ්‍යය පතාල අරමුණු උදෙසා විය යුතුය.රුපියල් මෙන්ම ඩොලර් වලින්ද යැපෙන මාධ්‍ය කරුවෝ මෙන්ම මාධ්‍යය ආයතනද ඇතුවා විය හැක.

සැබැවින්ම මාධ්‍යකරුවෝ ජනතා මිත්‍රයෝ නොවෙති. පුවත්පත් ,සතිඅන්ත පුවත් පත්, වාරසගරා වැනි මාධ්‍ය මෙන්ම විද්යුත් මාධ්‍යයද සේවය කරනු ලබන්නේ ජනතාවාදී අරමුණක සිට නොව තම හාම්පුතුන් ගේ අරමුණු මත සිටය. ආයාතනික මට්ටමේ සිටම මාධ්‍යයට නිදහසක් නැත. මේ නිසා මාධ්‍ය නිදහස ඇහිරී ඇත්තේ ප්‍රකාශණයේ හෝ භාෂණයේ නොව අපට කියවීමේදී සහ ඇසීමේදී යයි සිතන්නට සිදුව ඇත.
මාධ්‍යකරුවන් හැසිරෙන රටාවට මීදුම දොස් නගන්නේ නීතිය කරවන ඇත්තන්ටය. අපේ රටේ නීති පද්ධතිය ස්ථාපනයවු දා පටන් වැරදි නිවරදි යන තීරු දෙකක් පිලිබදව නිර්නායකයන් ඇතිවිය.වැරදි තීරුව අනුගමනය කරන්නන් නීතිය ඉදිරියට පත් කිරීමත් වැරදිකරුවන් දඩුවමට ලක්වීම නිසා අනාගතයට නිසි පුර්වාදර්ශයන් සමාජය තුල ඇතිවීමත් සිදුවන්නක් විය. එහෙත් කල් යත්ම බූවල්ලෙකු ලෙස ජරා දේශපාලනය සෑම අංශයක්ම වෙලා ගත් හෙයින් මේ තීරු දෙක අතරට පක්ෂ හා විපක්ෂ යන තවත් කැළැ ( වල්) තීරු දෙකක් එකතුවිය.
අධිකරණය සර්ව ස්වාධීන වුවත් අධිකරණයට ඉදිරිපත් කරන පැමිණිලි අනුව කටයුතු කරනවා විනා වැරදි හඹායාමේ ස්වභාවයක් අධීකරණයට නැත.අධීකරණයට පැමිණිලි ඉදිරිපත් කරන පාර්ශවය දේශපාලන බූවල්ලන්ගේ ග්‍රහණයට පත්ව ඇති බැවින් තමන්ට විරුද්ධ කොටස සමාජයට කරන අසාධාරණය සහ වැරදි අධිකරනයට යොමු වන අතර තමන්ට පක්ෂපාත කොටස සමාජයට කරනා අසාධාරණය සහ වැරදි දකින්නේ නැත.පාතාලය මෙන් ම මාධ්‍ය පාතාලයක්ද බිහිකරනු ලැබුයේ මේ දේශපාලන බූවල්ලන් මිස අන් ක‍වරෙකු විසින් නොවන බව නම් පැහැදිලිය.

යම් පාලකයෙක් සත් භාවයෙන් සහ සාධාරණයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක වන්නට ඉඩ හරිනවා නම් කාලයක් යන විට නීතිය ස්ථාවරවනු ඇත. එවිට ත්‍රස්තවාදය පාලනය කරගත්තාක් මෙන් කොයි කෙරුමාත් නීතියට බියවනු ඇත. නීති ගරුකව සමාජය ස්වයංක්‍රීයව හැසිරෙන්නට ගත්විට මාධ්යන කරුවන්ටත් එය පොදු න්‍යා යක්ව නීති ගරුකව හැසිරීම නිසා අපේ රටේ මාධ්යට නිදහස ඇති බව ඔවුන්ටත් අපටත් තේරුම් යනු ඇත.එතෙක් කොටසකට පමනක් යම් නිදහසක් ඇති බව දකිනා විට අනෙක් පාර්ශවයට නිදහසක් නොමැති බව දර්ශණය වීම වැලක්විය නොහැක.

8 comments:

M said...

පොඩි ප්‍රශ්න‍යකට තියෙන්නේ රටේ නීතියට විරුද්ධව මීනීමරපු කරුණාට නැති නීතියක් මීනීනොමරපු තිස්සනායගම්ට වලංගු ඇයි කියන එක.

මිගාර said...

කරුණා මිනී මැරුවේ ප්‍රභාකරන් ගේ අණ පරිදිය. එනිසා වගකීම ඇත්තේ ප්‍රභාකරන් අතේය. ප්‍රභාකරන් එපා කියද්දීත් කරුණා මැරුවේ හෝ මැරෙව්වේ නම් එවිට ඔහුට එහි සම්පූර්ණ වගකීම ගැනීමට සිදුවේ. නමුත් කරුණාගේ අපරාධ වලට ඔහුට දඩුවම් කළ යුතුමය. නමුත් කරුණා ඇද ගෙන තිසනායගම් ගේ ද්‍රෝහී ක්‍රියා යට ගැසීමට ම, බියොන්ඩ් ෆ්‍රේම්, ටබූ, බූන්දි සහ අජිත් දගලනු පෙනේ.

ඉතා අර්ථවත් ලිපියක් පිළිබදව මීදුමට සුභ පතමි.

Anonymous said...

දෙමළෙකුට ගහන කොට අන්කල්ට මාර සොමි නේද අන්කල්?

Anonymous said...

නියම ප්‍රහාරය සීයේ. සීයා ඇස්ටි හැලෙන්ඩ දීල තියෙනවා දෙමළුන්ට කඩේ යන එන්.ජී.ඕ කාරයින්ට. දෙමළුන්ට ඔහොම කරල මදි නේද සීයේ. හිට්ලර් කළා වගේ ගෑස් කාමර වලට ගාල් කරලා මරන්ඩ ඕනෑ ඕකුන්ව. එතකොට තමා සීය වගේ නියම දේශප්‍රේමීන්ට දෙයියනේ කියලා ආච්චිට තුරුල් වෙලා නිදාගන්ඩ පුළුවන්. නේද සීයේ?

Anonymous said...

ඒයි චමින්ද, උඹ අනුන්ට මඩ කරිය කියන්නෙ උඹ මඩ කරියෙක් නෙවෙයිද? උඹ උන්ට වැඩිය මඩේ දඟලන එකෙක් මට පේන විදියට.

Anonymous said...

අනේ සීයේ, නිරපරාදේ මිනිහෙක් අවුරුදු විස්සක් හිරබාරයට පත්වුනාම ඒකට පාටි දාන එකද උඹේ විනීතකම?

Anonymous said...

දෙණියාය රජ මැදුරේ කතාව - 2009.09.13 "ලංකා" ඉරිදා සංග්‍රහය
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=3725:----20090913-qq--&catid=69:2009-08-07-09-41-10&Itemid=61

Anonymous said...

තිසනායගම් සහ මාධ්‍ය හොටු
http://panhinda-samaga.blogspot.com/2009/09/blog-post.html

ඇමරිකානු හමුදා යුද අපරාධ
http://www.divaina.com/2009/09/19/feature01.html

ඇමෙරිකානු මාධ්‍ය නිදහසේ දෙබිඩි පිළිවෙත
http://www.divaina.com/2009/09/04/feature01.html

තිස්‌සනායගම් තිලීපන්ට අන්දලාද?

"තිස්‌සනායගම් නඩුව දෙස බලන විට අපට පෙනී යන්නේ ඔහුව වරදකරු කිරීමට පැමිණිලි පාර්ශ්වයට කිසිදු මහන්සියක්‌ දැරීමට සිදු නොවී ඇති බවයි. අවශ්‍ය සියල්ල චූදිතයාගේ නැතිනම් විත්තියේ පාර්ශ්වය විසින්ම කරගෙන ඇත. චූදිතයා වෙනුවෙන් සාක්‌ෂි දීමට කැඳවා තිබුණු එක්‌ වැදගත් සාක්‌ෂිකරුවෙක්‌ එනම් මානව අයිතීන් කවුන්සිලයේ උප සභාපති පවා අවසානයේදී සාක්‌ෂි දී ඇත්තේ චූදිතයාට එරෙහිවය. එම සාක්‌ෂිකරු විසින් කියා තිබුණේ ඔහු වාකරේ ප්‍රදේශයට ගොස්‌ ඇති බවත්, එහිදී වාකරේ ප්‍රාදේශීය ලේකම් මෙන්ම එහි සිටි කොටි නායකයන්ද මුණගැසී ඇති බවත් එම කාලයේදී රජය එම ප්‍රදේශවලට ආහාර පාන, බෙහෙත් හේත් ආදිය ලබාදුන් බවත්, ලෝක ආහාර සංවිධානයෙන්ද ආහාර ලබාදී ඇති බවත් ප්‍රකාශ කර සිටියේය. මේ ආකාරයට චූදිතයාගේ සාක්‌ෂිකරුවකු විසින්ම චූදිතයා වාකරේ ප්‍රදේශය ගැන ලියා තිබුණේ බොරු බව ඔප්පු කරන ලදී."

"මේ ආකාරයට චූදිතයාගේ සාක්‌ෂිකරුවකු විසින්ම චූදිතයා වාකරේ ප්‍රදේශය ගැන ලියා තිබුණේ බොරු බව ඔප්පු කරන ලදී. මෙවන් අවස්‌ථාවක බොරු ලිවීමෙන් ජනවාර්ගික අසමගිය ඇති කිරීමටත්, කුපිත කරවීමේත් ෙච්තනාවක්‌ තිබුණ බව ගම්‍ය කර ගැනීමට තවත් පහසු කරවන ලදී, තිස්‌ස නායගම් විසින් වාකරේ ප්‍රදේශය ගැන ලියන ලද දෙයින් ජාතීන් අතර අරගල ඇතිවීමට හැකි බවද මෙම සාක්‌ෂිකරුම ප්‍රකාශ කොට ඇත."

"තිස්‌ස නායගම් නීතිඥයකුගේ සේවය ලබා ගත්තේ නැතුව තනිවම කරුණු දැක්‌වූයේ නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයක්‌ ලබා ගත හැකිව තිබුණි. අපරාධ නඩුවකට මුහුණ දෙන විට චූදිතයාගේ ජීවිතය ර¹ පවතින්නේ තම නීතිඥයාගේ අතේය."

සී. ඒ. චන්ද්‍රප්‍රේම

වැඩි දුර තොරතුරු -
තිස්‌සනායගම් තිලීපන්ට අන්දලාද?
http://www.divaina.com/2009/09/07/feature02.html