ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
6 comments:
ඔහොම තමයි රටේ වැඩ සිද්ද වෙන්නේ. වයස නම් "නාකියා" කියයි. ලාබාළ නම් "කජු කිරි කොල්ලා" කියයි. අදහස් වලට අදහස් වලින් ප්‍රතිචාර දෙන්න දන්නේ නැහැ.
මෙන්න මේ වගේ වැඩත් කට්ටිය කරනවා. එක්කෝ මේ අඩවිය චින්තන පර්ෂදයට විරුද්ධ පිරිසක් විසින් ඔවුන්ට මඩ ගහන්න කරන එකක්. න්ත්නම් චින්තන පර්ෂදයේ අය මාවත් ඔවුන්ගේ ගොඩට දාගන්න කරන උත්සාහයක්. මේ වැඩ වලින් බ්ලොග් ලියන එක නතර කරන්න බැරි බව මේ අඳ බාලයෝ දන්නේ නැහැ
මමත් මේ වගේ සංවේදී ප්‍රශ්ණයක් සාකච්චා කරන්න ගිහිල්ලා, එක සෑරයක් අත පුච්චා ගත්තා. පරස්පර අදහස් තිබීම, හොද නරක බේරා ගෑනීමට හොද උදව්වක්. ප්‍රශ්ණය, අපේ කට්ටිය, ඒවා පුද්ගලික මට්ටමට ගෙනයන එකයි.අනෙකාගේ මතයට ගෞරව කිරීමත්, සකච්චාවක් ශීලාචාරව ගෙනයාමත්, ඉගෙන ගන්න, අපට තව බොහෝ කල් යාවි. එතකන්, ටිකක් හිමිං යන්න.
ඔව්. මීදුමට දේශපාලනයක් ඇත. ඒක කොළ පාට, නිල් පාට, රතු පාට විදියට වර්ගීකරණය කළ හැකි හෝ කළ යුතු එකක් නොව, ඒ හැම එකේම සම්මිශ්රනයක් වූ සිංහල බෞද්ධ ගෝත්රවාදී දේශපාලනයයි.
ලියන වල්පල් දකින විට නම් පෙනෙන්නේ මීදුම චමින්ද කෙනකු වී ඇත්තේ වයසට කෙස් පැහීමෙන් මිස අත්දැකීම් ලැබීමෙන් නොවන බවය. වසර තිහක් යුද්ධයේ කටුක අත්දැකීම් සැබැවින්ම ලද කෙනකු නම් තව යුද්ධයකට හේතුවන පරිදි මෝඩ ජාතිවාදී උසිගැන්වීම් කරන්නේ නැත.
15 සැප්තැම්බර් Anonymous වෙත,
යුද්ධයය්ෙ අත් දැකීම් තියනෙෙවා නම් උඹ වගේ දෙමළුන්ට දෙන්න යන්නේ නැහැ. උඹේ හත්මුතු පරම්පරාවෙ එටකක්ට යුද්ධය නිසා මොකුත් වෙලා නැතුව ඇති. සදහර විට කොටින්ට *ක දීලා සල්ලි හම්බ නරක වික්‍රමබාහු වගේ එකෙක් වෙන්නත් ඇති.
අනේ සීයෙ, උඹ කුණුහරුපත් දන්නවනෙ බලනකොට.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.