දැන් අවුරුදු හැත්තෑවත් පැනලා ?
ඔව්.
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
!doctype>සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්‍ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයන් 1989 නොවැම්බර් මස ඝාතනයට ලක් වී ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ව්‍යූහය අවුල්ව ගියපසු ඇති වූ පසුබෑම එතෙක් පක්‍ෂය මුහුණ දී තිබු සියලු පසුබෑම්වලට වඩා විශාල විය. රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පැවති තත්ත්වය අනූව අදහස් හුවමාරු කර ගනිමින් පක්‍ෂය ඉදිරියට ගෙන යෑම සඳහා පක්‍ෂයේ නායකත්වයට සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු තෝරා ගන්නා ලදි.
ශ්‍රී ලංකාවට තිබෙන ලොකු අභියෝගයක් ලෙස Trade Union Culture එක ගැන අපි නිතර කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ Trade Union Raj එකක් කියලා කියන්නේ ඒකයි.
හිරු නිවෙන්නට දෙපැයකට පෙර
බිමට යොමුවූ දෑස් අතරින්
රාජගිරියට ඇදෙන පෙරහැර
දනිති යනවග නො එන ගමනක.
---ගාමිණි වසන්ත වැන්දකෝන් මුණු පොතට.
භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්‌වෙන ප්‍රධාන ලක්‌ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක් පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් මනුෂ්‍ය භාෂාව එම පණිවුඩ හුවමාරු ක්‍රමයන්ට වඩා සංකීර්ණ අදහස්‌වලට වාහනයක් බව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනේ. මනුෂ්‍යයා විසින් නිපදවාගත් මේ චින්තනයේ පිහිටෙන් ඔහුට ක්‍රමයෙන් අතිශය පෘථුල වූ මහත් ශිෂ්ටාචාරයක් ගොඩන`ගා ගැනීමට හැකිවිය.
ඔයාලා හිතන්නේ හාට් ඇටෑක් එකක් ආවම අපට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ පපුවේ කක්කුම විතරක් කියලද ?
නෑ..එහෙම නෑ..හාට් ඇටෑක් එකක් එන්න පුලුවන් නොයෙක් නොයෙක් විදි කීපයක් තියෙනවා.
ඔන්න අද කියන්න යන්නේ ඒ ගැන..
එල්ටීටීඊ නැව්, සුදු වෑන් සහ යුද්ධ හමුදා බුද්ධි අංශය.
රටේ බුද්ධි අංශ දුර්වලයි, කියන පෝස්ට් කිහිපයක් ශෙයා වෙනව දැක්කා... අපේ බුද්ධි අංශ කොච්චර ශක්තිමත් ද කියල කියන්න පොඩි උදාහරණයක් දෙන්නම්...
එල්ටීටීඊ සංවිධානයේ කොදු නාරටිය වුන ලෝකය පුරා දැවැන්ත ජාලයක් විදියට ඉතා ශක්තිමත් ලෙස පැතිරිල තිබ්බ සැපයුම් ජාලය අක්‍රීය කිරීමේ මෙහෙයුම ඒවගෙන් එකක්... හුගක් අය දන්නෙ නාවික හමුදාවෙන් මූදෙදි නැව් වලට පහර දීල විනාශ කලා කියන එක විතරයි.
ඔය විනාශ කරපු හැම නැවක් පිටිපස්සෙම හුගක් සංකීර්ණ කතා ගොඩක් තියෙනවා…
(අන්තර්ජාල අධ්‍යාපනික සගරාව sinhala subjects ඇසුරෙන්.)
නිදහස ලැබීමෙන් පසුව වූවත් අප රට තුළ ක්‍රියාත්මක වූයේ 1946 ලංකා රාජාඥාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1947 ලංකා නිදහස් පනත ඇතුළු තවත් අණ පනත් කිහිපයක් එක් කොට සකස් කරනු ලැබූ ආණ්ඩුක්‍රමය 1948 නිදහස ලැබීමෙන් පසුවද ක්‍රියාත්මක වූයේය.
එම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වන තෙක්ම ක්‍රියාත්මක විය.
හතර වන ඊළාම් යුද්ධයේදී ත්‍රස්තයන් බියෙන් සලිත කළ, ත්‍රස්ත පාලන ප්‍රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්‍රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම හා විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම මහසොහොන් බලකායේ විශේෂ රාජකාරී වෙනවා.
"ඔවුන් එදා අපට දුන් පණිවුඩය තර්ජනයක් වගේ. එංගලන්ත විදේශ ඇමැති මිලිබෑන්ඩ් කීවා "ජනාධිපති මහත්මයා අපි මෙතනට ආවේ ඔබට සමස්ත ලෝක ජනතාව ගේ පණිවුඩයක් ලබා දෙන්නයි. ඔබ වහාම මේ සමූල ඝාතනය නතර කළ යුතුයි." කියලා එයා දැඩිව ප්‍රකාශ කළා.
එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට බෙදුවේය. කෙමෙන් එම ගමේ එක පැත්තක් සෞභාග්‍යය ලබා ගත්තේ, ගමේ අනෙක් පැත්තට හිටි අඩියේ දැවැන්ත වර්ෂාවක් කඩා වැටී, එහි තිබුණු වැවේ බැම්මද කැඩී ගියේය.
කාලකන්ණි යයි සලකන පවුලක් ගමේ ඒ පැත්තේ සිටී යයි සිතූ මිනිසුන්, මේ ආකාරයට ගමේ සිටිය හැකි අවාසනාවන්තම පවුල කෙමෙන් තේරුහ. ඒ පවුල තෝරන තුරාවට ගමෙන් එක් භාගයක් අවාසනාවෙන් පෙළුණි. අවසානයේ ඉතිරි වූයේ කණවැන්දුම් ගැහැනියක් සහ ඇයගේ කුඩා පුතා පමණි. මුළු ගමටම හෙණයක් වූ මේ අම්මා සහ පුතා ඒ ගම් පළාතෙන්ම නෙරපන ලද්දේය. දැන් ඔවුන් ජීවත් වන්නේ හිඟමන් යැදීමෙනි. එහෙත් හිඟමන් යැදීමට මේ දරුවා එකතු කරගෙන යනවිට කිසි දිනෙක මවටද හිඟමන් ලැබුනේ නැත.
මහා කවි පැබ්ලෝ නෙරුදාගේ
1973 සැප්තැම්බර් 23 වැනි දින පෙරවරු 11. 30ට කවියාගේ හදවතේ ගැස්ම නතර විය.
මෙම ප්‍රශ්නයට කෙටි සහ සරල පිළිතුරු දෙන ඇතැම් අයට නම් ඇත්තේ එකම පිළිතුරකි. “එහෙම වුනා නම් රටට මේ වින්නැහි එකක්වත් නැහැ; රට අගේට තියෙයි” යනු ඒ පිළිතුර විය හැකිය. එහෙත් එවැනි පිළිතුරක් දෙන අයට තම මතය තහවුරු කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැකිය. මන්ද? යථාර්ථය එය නොවන නිසයි.
සිරිපාල හදිස්සියේම මැරුනා.
දවසක් දෙකක් ගෙදර වටේ කරකැවී කැවී හිටියත් සිරිපාලගේ අදහස සම්පුර්න වුනේ නෑ.
ගෙදර මිනිස්සුන්ට පළවෙනි දවසේ තිබුන දුක වේදනාව දෙවෙනි දවස වෙන කොට පාවෙලා ගිහිල්ලා. උඩ බලා ගෙන හිටියත් ඇති කියලා දැන් සිරිපාලටත් හිතිලා.අඩන දොඩන සීන් වලින් අනම් මනම් දොඩන සීන්වලට හෙමින් හෙමින් මාරු වෙලා.පස් යට හිර වෙන්න කලින් මෙතනින් මාරු වෙන්න ඕන කියලා හිතපු සිරිපාල ගෙදර ඉස්සරහ අඹ ගහේ අත්තකුත් ජර බරාස් කියා ගෙන එතනින් මාරුවුනා.
වී ගොවිතැන(මඩ ගොවිතැන) හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය. එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය. තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හඳුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්‍යයට ගැළපුනි. ඉංග්‍රීසීන් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.
Shanaka Madhushan Liyanagama
මුණු පොතේ පල කරන ලද වියමනකි.
2025 . මැයි 06.
මොහොතකට පෙර වතිකාන නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටවනු ලැබුවා.නමුත් ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරතාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
මේ දුරකථන සබඳතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වී ඒ බව නිවේදනය කිරීමෙන් පසුවයි. ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරය ක්‍රියාත්මක නොවන්නේ දහස් ගණන් සංචාරකයන් නිතරම එය නරඹන්නට පැමිණෙන නිසයි.
කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු, ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු Skype අවුරුදු 22ක සේවයක් කරමින් අද Officially Shut Down වෙනව.
💥💥මුණු පොතට - ඉෂාන් මෙන්ඩිස්.
ගැබ් ගැනීමකදී නැන්දම්මා හා ලේලිය අතර වූ පැරැණි සිරිත් විරිත්,.
විවාහක කාන්තාවගේ මුල්ම පැතුම වන්නේ මවක් වීමයි. මවක් වීමේ පෙර ලකුණු පහළ වූ සැනින්ම අපේ කාලේ කාන්තාවකගේ එකම තේරිම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු සොයා ගැනීමය. එසේ සොයා ගැනීමෙන් පසුව වෛද්‍යවරයාගේ පරික්ෂා කිරීම් වලින් පසුව ඇය ගැබ්ගෙන තිබේද නැද්ද යන්න පිළිබදව නිවැරදිව දැනගත හැකිය.
ඒත් අපේ අතීත ජනසමාජයේ දරුවෙකු පිළිසිද ගත් බවට යම් කාන්තාවකට සැකයක් මතුවුවහොත් ඒ ගැන ඇය මුලින්ම කීවේ නැන්දම්මාටය. එවැනි සුභ ආරංචි කිවයුත්තේ උදෑසන බව ගම්මු අතර නියමයක් පැවතුණි. ඇගේ ඔසප්වීම නතර වී ඒත් සමගම ශරීරයේ යම් යම් වෙනස් කම් සිදුවීමත් සමග ඇය මේ බව නැන්දම්මාට දැන්විය. මේ සුභ ආරංචිය නැන්දම්මාට කියූ සැනින් නැන්දම්මා ලේලියගේ හිසට අතට තබා ආශිර්වාදය කරයි. ඉන් අනතුරුව මව හා දරුගැඹ ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා පත්තනි පඩුරක් වෙන් කිරීමටද නැන්දම්මා අතින්ම සිදුකිරීම එදා පැවති චාරිත්‍රයකි. මේ පඩුර දෙහි ඇඹුලින් සෝදා පිරිසිදුකර සුදු රෙදිකඩකින් ගැට කසා පහන් පැලේ තබා පත්තිනි මෑණියන්ට කන්නලව්වක් කරන්නේ ඉන් අනතුරුවයි. කිසිදු කරදරයකින් තොරව දරුවා ඉපදුණු පසුව දින හතක් ගිය තැන දානයක් දෙන බවට පත්තිනි මෑණියන්ට පොරොන්දු වන්නේද නැන්දම්මා විසිනි.
මේ ප්‍රසිද්ධ සහ වටිනා චිත්‍රය මොස්කව් ආර්ට් ගැලරියේ ප්‍රදර්ශනයට තබා තිබුණි...
එහි නම වූයේ,
'Lenin in Paris'/ 'ලෙනින් පැරීසියේ'
යන්නයි..
කවුරුත් අනුමාන කලේ ලෙනින් පැරිසියේ ඉන්න කාලයේ හමුවූනු ලඳක් සමග යහනේ ඉන්නවා කියලයි. නමුත් කිසි දිනක කවුරුවත් එහි තේරුම චිත්‍ර ශිල්පයාගෙන් අසා නොතිබුනි..
වසර හතලිහකට පමන පසු, එක් තරුණයෙක් වයෝවෘද්ධ චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍රය ගැන කතා කොට මේ ප්‍රශ්නය ඇසුවේය...
"දැන්වත් ඔබ කියනවද ඒ ගැහැනිය කවුද කියා..?"
"ඒ නදියෂ්දා කෲප්ස්කායා"
ඔහුගෙ පිලිතුර විය.
ඒ ලෙනින්ගේ නෝනගෙ නමයි.
"නෝනයි මහත්තයයි ඇඳේ ඉන්නේ, මේ පැරිසියේ ද..?"
"නෑ මේ මොස්කව් ක්‍රෙම්ලීනය ඇතුලේ.."
"ඉතින් ඒ ඉන්නෙ ලෙනින් නේ..?"
"නෑ.... ඒ ස්ටාලින්"
"මොනවා...? එතකොට කෝ ලෙනින්..?"
"ආන්න ඒකයි චිත්‍රයේ නම වෙන්නේ - ලෙනින් පැරීසියේ (Lenin in Paris)...
ලෙනින්ගේ ස්ටාලින් ගේත් දේශපාලනික වෙනස මෙසේ දැක්වුවා ද ? කියලත් හිතෙනවා.
![]() |
පොන්සිනා හාමි. |
1929 ට්‍රෑම්කාර් වර්ජනය පෙරට යමින් තිබියදී වර්ජක කම්කරුවන්ට සහයෝගය දුන් තරුණ කාන්තාවක් රථ වාහනයට අවහිර කරමින් ට්‍රෑම් පීලි හරහා වැතිර සිටි පුවතක් ශ්‍රී ලංකාවේ කම්කරු සටන් ඉතිහාසයේ ලියැවී ඇත.
ඇය එදිරිවීර ආරච්චිගේ පොන්සිනාහාමි යයි නමින් සඳහන් වෙයි. කම්කරුවන් විසින් ඇය හඳුන්වනු ලැබ තිබෙන්නේ "වීර පොන්සිනාහාමි" යනුවෙනි.
කොළඹ, සුදුවැල්ල සහ මරියකඩේ ප්‍රදේශවල හැදී වැඩුන පොන්සිනාහාමි කම්කරු රැකියාවක් කළ දිළිඳු කාන්තාවක් වූ අතර, ඇය සිය ජීවිතකාලය තුළ විඳින ලද පීඩාව නිසාම ඉතාම පහසුවෙන් වෘත්තීය අරගල මාවතට ආකර්ෂණය වූ චරිතයකි.
පොන්සිනාහාමිගේ කම්කරු සටන් කතාන්දරය ආරම්භවන්නේ 1929 ට්‍රෑම්කාර් වර්ජනයෙන් නොව ඊට වසර හයකට පෙර 1923 මහා වැඩ වර්ජනයත් සමඟය.
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ දේශපාලන ඉතිහාසය විමසන විට වෘත්තීය අරගලවලට හවුල්වෙමින් සිය නම කම්කරු පන්ති සටන් ඉතිහාසයේ සටහන් කරන ලද පොන්සිනාහාමි වැනි කාන්තාවන් රැසක් හමුවෙති.
විශේෂයෙන්ම යටත්විජිත පාලන සමයෙහි සටන්කාමී කාන්තාවන් විසින් පාලකයන්ට එරෙහිව එල්ල කරන ලද අභියෝගය පුරුෂ පාර්ශ්වයේ නැඟීසිටීම්වලට දෙවෙනි නොවන බවක් එම ඉතිහාසය මගින් පෙන්නුම් කෙරෙයි.
දේශපාලන වේදිකාව කාන්තාවන්ට අකැප ද ? .
වැවිලි කර්මාන්තය සහ පසුකාලයෙහි ඊට සමගාමීව සිදු වූ කාර්මික වර්ධනයත් සමඟ බිහිවූ අලුත් කම්කරු ප්‍රජාව පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සමිති ගොඩ නැගීම සහ එමගින් නායකත්වය දෙනලද සටන්කාමී වෘත්තීය අරගල පිළිබඳ ඉතිහාසය දහනව වෙනි ශතවර්ෂයේ අන්තිම භාගය තෙක් දිවයන අතර, එම අවධියේ දියත් කරන ලද මුද්‍රණ සේවකයන්ගේ වැඩ වර්ජනය (1893)සහ රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනය(Laundry Strike - 1896)යටත්විජිත පාලකයන් පවා දුෂ්කර තත්වයකට පත් කරන ලද කම්කරු නැගී සිටීම්වලට නිදසුන් වෙති.
මුද්‍රණ සේවකයන්ගේ වැඩ වර්ජනය මගින් පාලකයන් පත්කරන ලද දුෂ්කර තත්වයෙන් වසර තුනකට පසුව, සති තුනක් දිග්ගැසුන රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනයේ (Laundry Strike)විශේෂත්වයක් වන්නේ කාන්තාවන් රැසක් ද සටන්කාමීව එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමය.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ වාර්තා වූ 1906 කරත්තකරුවන්ගේ වර්ජනය(Bullock carts strike)1923 මහා වැඩ වර්ජනය සහ 1929 'ට්‍රෑම්කාර්' වැඩ වර්ජනය(Tram cars strike) පාලකයන් දුෂ්කර තත්වයකට පත් කරමින් මුල් යුගයේ ඉතිහාසයට එක්වූ කම්කරු අරගල කීපය අතර වඩාත් අවධානය යොමු වූ අවස්ථා වෙති.
භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධාන මාධ්‍යය වූ කරත්තකරුවන් වැඩ වැරීමෙන් කොළඹ නගරය අකර්මන්‍ය විය
කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වුණේ කරත්තයක් දක්කන තැනැත්තා ගමනේ යෙදෙන කිසිම අවස්ථාවක කරත්තයේ "ඒරියා කඳ" හෝ එහි වෙනත් කිසිදු ස්ථානයක වාඩිනොවිය යුතුයයි නිර්දේශ කරමින් කොළඹ නගර සභාව විසින් පනවන ලද රෙගුලාසියකට එරෙහිවය.
දහස් ගණනක් කරත්තකරුවන් එම රෙගුලාසියට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එමගින් කොළඹ නගරයේ භාණ්ඩ ප්‍රවාහනය සහමුලින්ම මෙන් අඩපන වී ඇත.
එසේම එය යටත් විජිත ලංකාවේ කම්කරු සටන් වඩාත් සංවිධානගත පසුතලයකට ගෙන ඒමට පවා හේතු විනැයි වාර්තා වෙයි.
මෙහි මුලින් සඳහන් කරන ලද "පොන්සිනාහාමි" 1920 දශකයේ පටන් දියත් වෙමින් පැවති එවැනි වැඩ වර්ජනවලට හවුල්වෙමින් සෙසු සටන්කාමී කාන්තාවන්ටත් නායකත්වය දුන් වෘත්තීය සමිති සහ දේශපාලන ක්‍රියාධාරිනියක් ලෙස ඉතිහාසයට එක්ව සිටින්නීය.
කොළඹ, සුදුවැල්ල සහ මරියකඩේ ප්‍රදේශවල හැදී වැඩුන පොන්සිනාහාමි කම්කරු රැකියාවක් කළ දිළිඳු කාන්තාවක් වූ අතර ඇය සිය ජීවිතකාලය තුළ විඳින ලද පීඩාව නිසාම ඉතාම පහසුවෙන් වෘත්තීය අරගල මාවතට ආකර්ෂණය වූ කාන්තාවකි.
පොන්සිනාහාමිගේ කම්කරු සටන් කතාන්දරය ආරම්භවන්නේ 1929 ට්‍රෑම්කාර් වර්ජනයෙන් නොව 1923 මහා වැඩ වර්ජනයත් සමඟය.
1920 දශකයේ පටන් ශ්‍රී ලංකාවේ කම්කරු සහ පහළ මධ්‍යම පන්තික ජනතාව මුහුණදුන් ජීවන අරගලය පොන්සිනාහාමි මැදිහත් වූ කම්කරු අරගල මගින් පෙන්නුම් කෙරෙයි.
පොන්සිනාහාමිගේ සටන්කාමී කම්කරු භූමිකාවේ තවත් සන්ධිස්ථානයක් වන්නේ 1946 වසරේ 'බ්‍රවුන්' සමාගමේ වැඩ වර්ජනයකි.
එවකට ඇය 'හේලීස්' සමාගමේ සේවය කළ කම්කරු කාන්තාවක් වූවාය.
"දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් මේ රට ඉතුරු කරන්න"
බ්‍රවුන් සමාගමේ වැඩවර්ජනය කඩාකප්පල් කිරීම සඳහා එම සමාගමේ පාලකයන් සහ එවකට යටත්විජිත ආණ්ඩුවේ නිලධාරීන් ද ක්‍රියාකරමින් සිටි අතර ඔවුන්ගේ ප්‍රයත්නය වුණේ වැඩ වර්ජනයට හවුල් නොවූ සේවකයන් සහ පිටස්තර පුද්ගලයන් සේවයට ගනිමින් සිය නිෂ්පාදන කටයුතු දිගටම පවත්වා ගැනීම විය.
එහෙත් බ්‍රවුන් සමාගමේ පමණක් නොව වෙනත් කර්මාන්ත ශාලාවන්හි වෘත්තීය සමිති පාලකයන්ගේ ප්‍රයත්නය පරාජය කරමින් "බ්‍රවුන් කම්කරු සහෝදරයන්ට"සහයෝගය දෙමින් ඔවුන්ගේ වැඩ වැරුම ආරක්ෂා කර දීමට ඉදිරිපත් වූ "සහෝදරියන්"අතර සිටි පොන්සිනාහාමි හැසිරුණ සටන්කාමී විලාශය බ්‍රවුන් සමාගමේ බලධාරීන්ගේ දැඩි කෝපයට හේතු විය.
වැඩවර්ජනය අතරවාරයේ අලුත් සේවකයන් සමාගම් භූමිය තුළට ගැනීම සඳහා බලධාරීන් ගත් උත්හාසයට කම්කරුවන් බාධා කරමින් සිටියදී පොන්සිනාහාමි සමඟ ගැටුමක් ඇතිකර ගත් පාලකයන් විසින් පොලිසිය කැඳවන ලද අතර පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුණි.
ඇයට එරෙහි චෝදනාව වුණේ, බ්‍රවුන් සමාගමේ ලිපිකරුවකුට කම්මුල් පහරක් එල්ල කිරීමය.
එම චෝදනා යටතේ නඩු පවරන ලදුව අධිකරණය විසින් පොන්සිනාහාමිට එරෙහිව මාසයක සිර දඬුවමක් නියම කරණු ලැබුණි.
එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පොන්සිනාහාමි නියෝජනය කළ වෘත්තීය සමිතිය ඇයගේ සටන්කාමිත්වය අගය කිරීම සඳහා රැස්වීමක් ද කැඳවන ලදී.
කොළඹ නගර ශාලාවේ පැවැත්වුන එම රැස්වීමේ දී පොන්සිනාහාමි, ඇගේ සැමියා සහ දරුවන් වේදිකාවේ අසුන්ගෙන සිටි බව එකල වෘත්තීය සමිති වාර්තා මගින් පැවසෙයි.
"මට මාසයකට සිරගෙට යන්න සිදුවෙලා. මට කමක් නැහැ. මම එය සතුටෙන් භාර ගන්නවා. මෙහෙම දඬුවම් කරලා අපේ සටන නවත්වන්න බැහැ," එම රැස්වීමේදී සිය කම්කරු සගයන් ඉදිරියේ අදහස් දැක්වූ පොන්සිනාහාමි කියා සිටියාය.
දවසෙ පඩිය රුපියලයි
"මම රුපියලක පඩියට කුලී වැඩ කරන කම්කරු ස්ත්‍රියක්. මට දරුවන් අට දෙනෙක් ඉන්නවා. මට බරපතල පවුලක් ආරක්ෂා කරන්න තියෙනවා. මගේ දරුවන් දෙන්නෙක් ඇරුනාම අනිත් හය දෙනාම කුඩා දරුවන්. මගේ පවුල ආරක්ෂා කරන්න කටුක දුක් විඳින ගමන්මයි - මට හිරගෙට යන්න සිද්ධ වුණේ. මෙය ධනපති ක්‍රමයේ ප්‍රතිවිපාක බව මට අවබෝධ වී තිබෙනවා. හිරගෙයි වුනත් මෙතරම් දුකක් විඳින්නට වේයැයි මම හිතන්නේ නැහැ," ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
පොන්සිනාහාමි රැකියාව කළ 'හේලීස්' සමාගමේ පමණක් නොව 'බ්‍රවුන්' සමාගම ඇතුළු එවකට වූ බොහෝ ආයතනයන්හි කම්කරු ප්‍රජාව ඇයට උපහාරය දැක්වීම සඳහා නව නගර ශාලාවට එක්වූ බව වාර්තා වී ඇත.
එම රැස්වීමේදී අදහස් දැක්වූ හැරිසන් ක්‍රොස්ෆීල්ඩ් සමාගමේ සේවිකාවක වූ රොස්ලින් නෝනා නම් කම්කරු කාන්තාවක් මෙසේ ප්‍රකාශ කළාය.
"අපේ පන්තියේ ආරක්ෂාව වෙනුවෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් කොට අද හිරගෙට යන්නේ පොන්සිනාහාමි පමණයි. නමුත් ඒ සහෝදරිය මෙන්ම පන්තිය වෙනුවෙන් හිරගෙට යෑමට සහෝදරියන් සිය ගණනක් සූදානමින් සිටින බව ඒ සහෝදරියටත් වෙනත් යටත් මම සහතික කරනවා."
කෙසේවුවද,අභියාචනයේ ප්‍රතිඵලය වූයේ පොන්සිනාහාමිගේ මාසයක සිර දඬුවම මාස තුනක් බවට පත් කරනු ලැබීමය.
"මෙහෙම දඬුවම් කරලා අපේ සටන නවත්වන්න අධිරාජ්‍ය ආණ්ඩුවටවත් ධනපතියන්ටවත් කවදාවත් පුළුවන් වන්නේ නැති බව දැනගත යුතුයි."
ඇය දඬුවම ඉදිරියේ නොපැකිල කියා සිටියාය.
"ඉතින් මම ගිහින් එන්නම්" පොන්සිනාහාමි සිරගෙට යෑමට පෙර සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ට සම අයිතීන් තිබේද?
ඇය බන්ධනාගාරය තුළදීත් සිය සටන්කාමිත්වය ආරක්ෂා කරගත් බව තැනට දැනගැනීමට ලැබුණ බව ඇය නියෝජනය කළ එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රකාශනයන්හි දැක්වෙයි.
මාස තුනක සිර දඬුවම ගෙවා ඉන් නිදහස ලද පොන්සිනාහාමි යළිත් වෘත්තීය අරගලයන්හි සහ සිය
දේශපාලන කටයුතුවල නොකඩවාම නිරත වූවාය.
ගාලුමුවදොර වාමාංශික රැළියක්
1947 මැයි-ජූනි වැඩ වර්ජනයේ දී එම වර්ජනය කඩාකප්පල් කිරීමට තැත්කළ පුද්ගලයන්ට එරෙහිව සටන් වැදුන පොන්සිනාහාමි දින දෙකක් ඇතුළත දෙවතාවක්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
1947 වසරේ 'ලිප්ටන්' සමාගම ඉදිරිපිට සංවිධානය කෙරුණ පිකටින් ව්‍යාපාරයක දී අත්අඩංගුවට ගනු ලැබුණ පොන්සිනාහාමි යළිත් තුන්මාසයක සිරදඬුවමකට යටත් කොට බධනාගාරගත ගත කරන ලදි.
පොන්සිනාහාමි එවර නිදහස ලබා ඇත්තේ 1948 නිදහස් දිනය වෙනුවෙන් ඇය ඇතුළු තවත් රැසකට ලැබුණ පොදු සමාවක් යටතේය.
ඇය ඇතුළු සිරගත කරන ලද කම්කරුවන් තිස් දෙදෙනෙක් පිළිගැනීම සඳහා ගාලුමුවදොර පිටියේ පැවැත්වුන රැස්වීමක් ගැනත් පොන්සිනාහාමි පිළිබඳව ලියැවී ඇති ලේඛනවල සඳහන් වෙයි.
මෙයින් සියවසකට ආසන්න අවධියකට පෙර කාන්තා සමාජ ක්‍රියාකාරිත්වය ආගන්තුක වූ පරිසරයක මතු වූ දුර්ලභ දේශපාලන චරිතයක් වන පොන්සිනාහාමි, 1967 ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මොස්කව් නගරයේ පැවැත්වුන රැලියකට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් තමා 'සුදුවැල්ලෙන්' ආරම්භ කළ කම්කරු අරගලය වෙනුවෙන් ජාත්‍යන්තර උපහාරය දිනාගත්තාය.
ඇය කිසිදාක විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද කාන්තාවක් ද වූවාය.
එවැනි කාන්තා චරිත කීපයක් විසිවෙනි සියවසේ මුල්භාගයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය හදාරන විට හමුවෙයි.
මෙය එවැනි චරිතයක් යළි කියැවීමකි.
A day in the lifeප්‍රියන්ත පෙරේරා මුණු පොතටඋපාලි ගජනායක ලියපු ලියවිල්ලක්උපුටාගැනීමකි.