2024-01-03

1/03/2024 08:46:00 pm
3

ලලිත කොමළ බස හසුරා ශිල්ප දෙවන්නී
වතළ කුලුණු ගුණ සිප් හල තුළ වපුරන්නී
උදුල විපුල ළහිරු කිරණ සේ බැබැළෙන්නී
සිසිල පවන ලෙසින් මහද සනසාලන්නී.
පාන් කලුව එක්ක ඇවිත් ගෙට ගොඩවෙන්නී
යාන්තමට කන්ද උඩින් සඳ හිනැහෙන්නී
හීන් සිනාවට ගෙපැලේ කලුව මකන්නී
මාන්සියට ඔසරි පොටෙන් පවන් සලන්නී.
වෑ කන්දට ගොඩවී වැව් දියට බසින්නී
රෑට බතට දෙල් මාලුව රසට උයන්නී
කුල සිරිතට මා කනතුරු ළඟ දැවටෙන්නී
හමාරකොට වැඩ ඔක්කොම පිරිත් කියන්නී.
රනේ රුවට නිදි යහනට සඳ ගෙන එන්නී
මලේ සුවඳ සේපාලික හුස්ම පොවන්නී
සිතේ පිරුණු ලෙන්ගතු කම මවෙත පුදන්නී
මෙතේ බුදුන් හමුවෙන තුරු අත්වැල දෙන්නී.

රෝ.සි.
2024.01.02.

notes of imaginary

3 ප්‍රතිචාර:

Thattayagekolama said...

සුපිරි! ලස්සන කවියක්!

මයියා said...

කවි වල විතරයි මෙහෙම ගැණූ ඉන්නේ....:)

-Mayya

miduma said...

කවිවල විතරක්ම නෙමෙයි සැබෑ ජීවිතයේදීත් මෙවන් පරමාදර්ශ හමුවෙනවා. එවැනි අය විශ්‍රාම ගිහිනුත් ජීවත් වෙන්නේ ගෝල බාලයොත් එක්ක.