මම දිනපොත ලියන්න පටන් ගත්තේ කොයි වෙලාවේ නතර වෙයිද දන්නේ නෑ කියලා හිතාගෙන. පුංචි බ්රේක් එකක් ඇවිත් දැන් යාථා තත්වයට පත්වෙමින් ඉන්නවා.
ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්න කොට පුංචි
එකෙක් කිව්ව කතාවක් මතක් වුනා.
එක එක කාලෙට එක එක සංකල්ප එනවා. එනවා වගේම
නැතිවෙලත් යනවා. ප්‍රායෝගික නූනාම ඒවා පවතින්නේ නැහැ. මේ කතාව පටන් ගන්නේ කෑම
පාර්සල් ඔතාගෙන එන පොලිතීන් කොළ ගැන. අපි සිංහල භෂාවෙන් “ ලන්ච් සීට් “ කියන්නේ
!!.
පොලිතීන් සීමාකරන්න ඕන කියලා ලොකු අඩහැරයක්
තිබුනාගේ සිරිසේන උන්නැහේගේ රාජ්‍ය පාලන සමයේ. ඉතින් ඒ කාලේ පාසල් වල දරුවන්ට
තමන්ගේ දිවා ආහාරය ගේන කොට විකල්පයක් භාවිතා කරන්න සිද්ධවුනා. මේක අකුරටම කෙරෙන්න
ඕන කියලා පාසල්වල නියෝගයක් පනවලා තිබුනා. ඔය මම කියන පාසලේ කෑම පාර්සල් පරීක්ෂණයට
ගුරුවරයෙක් වෙන් වෙලා හිටියා
එතුමා පාර්සල් පරීක්ෂා කරමින් යනවා දිනපතාම.
මුළු පාසලේම ලන්ච් සීට් භාවිතයෙන් ඉවත් වෙලා. ඒත් ලමයි දෙන්නෙක් විතරක් මේ වැඩේ අත්හැරලා නැහැ. කොයිතරම් අවවාද
කලත් මේ දෙන්නා පිලිගන්නේ නැහැ.ඒ මදිවට මේ දෙන්නා ශිෂ්‍ය නායකයෝ. අමුතු වරප්‍රසාද මේ දෙන්නට විතරක් තියෙන්න බැහැනේ. එහෙම හිතාගන
විදුහල්පතිතුමාට පැමිණිලි කරන්න හිතාගත්තා.
සර් ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කරගෙන හිටු
පොඩි එකෙක් සර් ලගට ඇවිත් කියාපි “ ඔය
අයියලා දෙන්නා සර් කියන නියෝගය පිලිපදින්නේ නැහැ සර් “ කියලා ““ඇයි එහෙම කියන්නේ
?.“ ඇයි සර් දන්නේ නැද්ද අර වැසිකිලිවල කැපුවේ කවුද කියලා ?. එතකොට මතක් වුනා මේ දෙන්නා නේද ? කියලා. “සර්
විසිපන්දහක් ඉල්ලපු වැඩේ මේ දෙන්නා කරලා දුන්නේ හත්දාහට. පොඩි එකා කිව්වා.
රුපියල් දහඅට දාහක් ආගිය අතක් නෑ.
කුඩු කෑ විත්තිය යට ගිහින්. ළමයි දෙන්න
ලන්ච් සීට් එකේම තාමත් කෑම ගේනවා.
5 comments:
ඔබතුමා නගර සභාවේ සනීපාරක්ෂක කම්කරු මහත්තයෙක් ලගද වැඩ කරන්නේ?
කුණු අවුස්සන නිසාද ?.මම නගර සභාවේ කම්කරු වෙක් ලෙස වැඩ කරලයි විශ්‍රාම ගියේ .
ඔබතුමා ගැන අපට පෞද්ගලික ගැටළුවක් නැහැ. ඒ නමුත් ඔබතුමා 88 / 89 භීෂණ සමයේදී කළු බළලෙක්ව සේවය කරමින් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් බන්ධනයට ලක් කොට මරා දැමූ බවට පැවසෙන කතාව ඇත්තක්ද?
දැන් සබරගමු උසස් අධ්‍යාපන විශ්ව විද්‍යාලය පවත්වාගෙන යන භූමිය එවකට ටයර් සෑයක්.
ඔබ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් ලෙස ඒවාට අණ දුන්නා නේද.
ඒකාධිපති ජනාධිපති වික්‍රමසිංහ සමඟ අදටත් ඔබ හිතවත් එම කාලයේදී ගොඩනැඟුණු සබඳතා නිසා නේද.
ජීවිතයේ දී අවසාන භාගය ගත කරනවා ඔබට එම සිදු කෙරූ වධබන්ධන මිනීමැරුම් ගැන පසුතැවිල්ලක් නැතිද?
Rohana මහත්මයා,
ඔබ කියන්නේ ලයනල් මහත්මයා භීෂණ සමයේ කටයුතු කලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙක් ලෙස කියාද?
ලයනල් මහතා මගේ වැඩිමහල් සහෝදරයා සමග එකට දේශපාලනය කලේ දේශප්‍රේමී ජනතා පෙරමුණේ බවයි සහෝදරයා මිය යාමට පෙර පවසා තිබුනේ. සහෝදරයා මිය යද්දී වයස අවුරුදු 41 යි.
ඔහු ලයනල් සහෝදරයා සමග 71 සිට කටයුතු කලා.
ලයනල් මහතා ගෝනි බිල්ලෙක්, කළු බළලෙක් කියා විශ්වාස කල හැකිද? ඔහු ඉන්නේ නම් බෙලිහුල්ඔය තමයි.
ඒවා ඇත්ත නම් ඇඟ කිරිපොලා යනවා. මෙහෙම දෙබිඩි සහ අමානුෂික වධකයෙක් විදියට මිනිස්සුන්ට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා.
හොද සංවාදයක්. රසික. මට මතක් කලොත් ඔබේ සහෝදරයා ගැන , මම සතුටු වෙනවා. මේ පලවෙන මතිමතාන්තර වලින් මම නිදහස් වෙන්න ඕිතී. බෙලිහුල්ඔය වාසී ඕනම කෙනෙක් දන්නා චරිතයක් මම.මම දෙබිඩි චරිතයක් , කෙනෙකුට පීඩා කරපු චරිතයක් නෙමෙයි.
Post a Comment