1956 බලයට ආපු බණ්ඩාරනායක මහත්තයට වැඩ වර්ජන
පෝලිමකට මුහුණ දෙන්න සිද්ධවුනා. වෘත්තීය සමිති බොහොමයක බලය තිබුනේ වාමාංශික පක්‍ෂවලට.ආචාර්ය
එන්.එම්; පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වගේ අය විපක්‍ෂ බලවේග. “ බණ්ඩාරනායක
මහත්තයා නොමරා මැරුවේ “ ඒ වර්ජණ රැල්ල. අන්තිමේදී එතුමා ඝාතනය කලෙත් එතුමා බලයට පත් කරන්න උදව් වුන බලවේග.මට නම්
හිතෙන්නේ එතුමාගේ ප්‍රතිසංස්කරණ ඔරොත්තු නොදුන් බලවේග විසින් එතුමාගේ පාලනය අවසන්
කලා කියලා
වර්ථමානයේ ආපස්සට හැරෙමින් තියන ඉන්ධන බෙදා
හැරීම ඒ කාලේ තිබුනේ බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් අතේ. ෂෙල් , කල්ටෙක්ස් , එසෝ
සමාගම් එදා වෙළදපලේ හිටියා.ඛනිජ තෙල් සංස්ථාව ඇති කලාට පස්සේ එම සමාගම් තම ව්‍යාපාරික
කටයුතු අත්හැරලා දැම්මා.විදේශීය වශයෙන් විරුද්ධවාදීන් පිරිසක් ඇති කරගත්තත්
සමාජවාදී රටවල් එදා පිහිටට හිටියා. එදා ඉදන් දේශපාලන හිතවතුන්ගේ ව්‍යපාරයක් බවට
පත්වු ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්න පටන් ගත්තා. අද එය යලිත් පරණ තිබු තැනට
පත්වෙමින් තියෙනවා.
ජනසතුව ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා
තිබුන ඒ යුගයේ වැවිලි කර්මාන්තය, ප්‍රවාහණය වැනි ක්‍ෂෙත්‍රයන් ජනතාව
සතුවුනා.ඇත්තෙන්ම වුනේ දේශපාලනඥයන් සතුවීම. දේශපාලන හෙන්චයියන්ගෙන් මේ ආයාතන පිරී
ගියා. එවුන්ට ආයතන ගැන හැගීමක් තිබුනේ නැහැ. සමාජවාදී රටවල සිදුකෙරුන ජනසතුව
ආකෘතියකට ගත්තත් අපේ රටේ එය සාර්ථක වුනේ නැහැ.
සිරිමාවෝගේ යුගයෙන් පස්සේ 1970 – 1977 න්
පස්සේ විවෘත ආර්ථිකය ආවා.
වෘත්තීය සමිති මෙහෙවන්නේ දේශපාලන පක්‍ෂ
විසින්. වෘත්තීය අරගල වලට වඩා ඒවායෙන් කෙරෙන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ බලයට පත් කර
ගැණීම සදහා මග එලි කිරීම. එම අරමුණු උදෙසා ජනතාව පීඩනයට පත් කිරීම ඔවුන්ට වැදගත්
වන්නේ නැහැ. අදවන විට ජනතාවගේ මනස වෘත්තීය
ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වන්නන්ට අනුකම්පාවක් , සහයෝගයක් දක්වනු වෙනුවට ඔවුන් .ගැන
ඇත්තේ කලකිරිමක්.
1 comments:
හොද ලිපියක් මල්ලියා
Post a Comment