මේ වන
විට අවුරුදුද ගෙවෙමින් අළුත් අවුරුද්දකට මුල පිරෙමින් තිබේ පරණ අවුරුද්දට
අවසාන දිනයේ දිය නෑම ඉතා වැදගත් චාරිත්‍රයකි. ගැමියන්
කියන්නේ පරණ අවුරුද්ද සෝදා හැර අලුත් අවුරුද්දට අලුත් වනවා යන්නයි. එදා අප හෙළ දිව
සිංහල ගැමියන් හැම දේම කළේ නැකැත් අනුවය. වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව
පැවැත එන සිංහල චාරිත්‍ර විධිය. ඒ අනුව පරණ අවුරුද්දේ නෑම ද ඉතා වැදගත් චාරිත්‍රයකි.
අලුත් අවුරුද්දට හිස පිරිසිදු කරගැනීමට නානු ගෑමෙන්ම අසනීප දුරු කරගැනීමටත්, කටවහ, ඇස්වහ
දෝෂ හා ග්‍රහ දෝෂ දුරු කරගැනීමත් සිදු කර ගනු ලැබේ . මේ සඳහා නානු පිළියෙල කිරීම
පැරැණියෝ එක් ඖෂධ වට්ටෝරු ක්‍රම යොදා ගනී. එසේ සාදනු ලබන නානු අටවිසි පිරිතෙන්
විසි එක් වරු පිරිත් කරගැනීම කරනු ලබන්නේ තව තවත් සෙත් ශාන්තිය ලැබෙනු පිණිසය. පරණ
අවුරුද්ද අදින් ගෙවී යන්නේය.
පරණ
අවුරුද්දට ස්නානය කිරීම. හද බැලීම චාරිත්‍ර විධි තිබුනත් වර්තමානය වන විට ඒවා
භාවිතයෙන් ඉවත් වෙමින් පවතින චාරිත්‍ර බවට පත්ව ඇත.
සෑම
කෙනෙකුටම තමන්ට වෙන්වු ඉෂ්ඨ දේවතාවෙකු සිටින බව මතයක් ඇත. ඔහු වසර පුරාවට තමන් සමග
සිට තමන් ආරක්‍ෂා කල බවට විශ්වාසයක් තිබේ. හිරු මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය
වන වේලාවේ ( පුණ්‍ය කාලය ) උග්‍ර ග්‍රහ බලවේගයක් ක්‍රියාත්මක වේල.මේ වෙලාවට මුහුණ
දීමට මහේශාක්‍යය අල්පේක්‍ෂ දෙවිවරුනට නොහැකිවේ මේ අවස්ථාවේ දෙවියන් මිනිස් ලොව සමග
තිබු සබද කම් වලින් මිදී දෙව් ලොවට යයි . මිනිස් ලොව ග්‍රහ බලවේගයන්ගෙන් මිදුණු
පසු යලිත් පෙර පරිදි සබදකම් ඇති කර ගැණිමට දෙවිවරුන් මිනිස් වෙලාවට පැමිනෙති.
ඒ
අවස්ථාවේ තම ඉටුදෙවියන් පිලිගැණිමට නා පිරිසිදු වී පිරිවට ඇද පේවී සිටිය යුතු බව
මුතුන්මිත්තන් දැරු මතයකි.
පුණ්‍ය කාලයේ සියළු වැඩකටයුතු අත්හැර පුණ්‍ය කටයුතු වල යෙදීම ග්‍රහ
බලවේගයන් මගහවා ගැණීමටත් ඉන් ඇතිවන අපල
උපද්‍රව වලින් මිදීමටත් සිදුකල වතාවකි.
අවුරුදු උළෙලේ තවත් එක් චාරිත්‍රයකි, ළිප් බැඳ
නැකැතට ගිනි මෙළවීම. ඉදිරි වර්ෂය තුළ දී ගෙදර ආහාර පානයෙන් අඩුපාඩුවක් නැතිව
තිබීමට මෙන්ම ගෙදර අරපරෙස්සම් ආදිය ඇතිවීම සඳහා ළිප් බැඳ ගිනි මෙළෙවීම නැකැතට සිදු
කරනු ලැබේ.
මේ අවුරුද්දේ නම් අවුරුදු කුමාරයා ගැන වැඩිහිටි අපට නම්
කිසිදු හැගීමක් නැත.වැඩිහිටියන්ට උනන්දුවක් නැති නිසා පුංචි එවුන්ටත් වෙනදා මෙන්
උද්යෝගයක් නැති ගානය.ඇදුමක් පැළදුමක් ගන්න ගේ දොර උගස් තියන්නට තරම් මිළ ගණන්
ඉහලය. 12 වෙනිදා පරන අවුරුද්දට ස්නානය කිරීමෙන් පසු අළුත් අවුරුදු චාරිත්‍ර සදහා
සූදානම් වීම අපේ සිරිතය.
මීට අවුරුදු පනහකට හතළිහකට පෙර අවුරුදු නැකත් සීට්ටුව
ගමට ලැබුනේ පන්සලේ ලොකු හාමුදුරුවන් සහ ගමේ නැකත් ගුරුන්නාන්සේගේ අනුග්‍රහය ඇතුවය.පසු
කාලීනව දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසින් සකස් කරන ලද පංචාංග ලිත මුළු
රටටම අවුරුදු නැකත් පෙන්වීය. දැන් නම් සෝබනයට උත්සවාකාරයෙන් අවුරුදු නැකත්
ජනාධිපතිවරයාට ඔප්පු කරන්නේ සංස්කෘතික අමාත්‍යවරයා විසින්ය. එයටත් සල්ලි නැති රටේ
වියදම් වන්නේ මහජනතාවගේ බදු ගෙවන අරමුදල්ය. ඒ මදිවාට පලාත් ආණ්ඩුකාරවරුද මෙවන්
ජොගි නටන්නේය. මේ අවුරුදු කතාව එතරම් ප්‍රසන්න නැත. අපිට එන අවුරුද්ද ගැනවත් මීට
වඩා ප්‍රන්න අන්දමින් සිතන්නට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනය කරමු.
ඔබසැමට සුබ නවවසරක් වේවා.
4 comments:
අලුත් අවුරුද්දේ බෝතලයක් ගහලා සමරමු
චතුස්කෝටිකය
චතුස්කෝටිකය කියල එකක් තියෙනව ද? බුදුන් වහන්සේ කච්චානගොත්ත සූත්‍රයේ දී ද්විකෝටිකය ඉතා පැහැදිලි ව දේශනා කරනවා. ලෝකය ද්විකෝටිකය ඇසුරු කර පවතින බවයි එහි සඳහන් වන්නේ. නාගර්ජුන හිමි ඒ මත ඉඳගෙන තමා චතුස්කෝටිකය නිර්මාණය කරන්නෙ. චතුස්කෝටිකය කියන්නෙ ද්විකෝටිකය වඩාත් විස්තරාත්මකව විදාරණය කිරීමක්, පුළුල් කිරීමක් විදියට අපි තර්ක කරනවා. ද්විකෝටිකය තුළම තියෙන චතුස්කෝටිකමය අර්ථය වඩාත් පැහැදිලි ව මතුපිටට අරගෙන දෙනවා. මං කියන්නම් ඒ කොහොමද කියල. මේ තියෙන්නෙ ද්විකෝටිකය
1. ඇත හා නැත
චතුස්කෝටිකය කියන්නෙ මෙන්න මේක.
1.ඇත
2.නැත
3.ඇත හා නැත
4. ඇත්තේ ද නැත, නැත්තේ ද නැත
හැබැයි අපි එක අවස්ථාවක ඇත යන්නත් තව අවස්ථාවක නැත යන්නත් තනි තනිව ගත්තොත් ද්විකෝටිකය තුළින් චතුස්කෝටිකය අර්ථවත් වෙන්නෙ නැහැ. තුන්වැනි පාදයේ තියෙන විදියට ගත්තොත් තමා ද්විකෝටිකය තුළම චතුස්කෝටිකයත් තියෙන්නෙ. කෙනෙක් ලෝකය පවතිනවා යන්න ගන්න පුළුවන්. කෙනෙක් නොපවතිනවාද ගන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක ද්විකෝටිකය තුළ චතුස්කෝටිකය නැහැ. හැබැ තුන්වැනි පාදයේ වගේ ඇත හා නැත එකට ගත්තොත් එතන තියෙන්නෙ චතුස්කෝටිකයමයි. ඒ කියන්නෙ හතරවැනි පාදයක් අවශ්‍ය නැහැ.
දැන් මේ ද්විකෝටිකය තුළින්ම කොහොමද චතුස්කෝටිකය එළියට ගන්නේ.
දැන් ඕකෙ ඇත හා නැත කියන පාද දෙක කොහොමත් සාමාන්‍යයිනෙ.ද්විකෝටිකය ම කඩල වෙනත් පාද විදියට පෙන්නල තියෙනව. තුන්වැනි පාදයේ දී කරල තියෙන්නෙ ඒ පාද දෙකම ද්විකෝටිකය විදියට නැවත එක පෙළට ලියල. අවසන් පාදයේ තමා විශේෂත්වය තියෙන්නෙ. ඒකට ද්විත්ව නිෂේධනය (double negation) ඇතුළු කරල තියෙනව. අන්න එතන තමා අපි බලන්න ඕන, ඕක ද්විකෝටිකය තුළත් තියෙනව ද කියල.
ඇත්තේ ද නැත, නැත්තේ ද නැත කිව්වම, ඒකෙන් කියවෙන්නෙ, තියෙනව හා නැහැ කියන එක එකවර පවතිනව කියන එක. ඒ කියන්නෙ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ස්ථිරව තියෙනව කියන්නත් බැ, ස්ථිර ව නැහැ කියන්නත් බැහැ. දැන් මේක කොහොමද ද්විකෝටිකය තුළින්ම ව්‍යුත්පන්න (derive) කර ගන්නෙ.
තුන්වැනි පාදයේ තියෙන ඇත හා නැත ගැන හිතන්න. එකම පාදයක දෙකම තියෙනව කියන්නෙ මොකක්ද? වෙන මොනවත් නෙමෙයි, තියෙනව හා නැහැ කියන එකම අවස්ථාවක පැවතීම. එහෙම තියෙන්නෙ පුළුවන් ද? ඒකෙ තේරුම මොකක්ද ? ඒ කියන්නෙ තියෙන්නෙත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියන එක. වෙනත් වචනවලින් කිව්වොත් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත කියන එකමයි.
ඒක වෙන්නෙ මෙහෙමයි. ඇත හා නැත එකට පවතිනව කියන්නෙ, එකක්වත් ස්වායක්ත නැහැ කියන එකනෙ. ඇත නිසා නැතත්, නැත නිසා ඇතත් පවතිනවා කියන එක. එකක්වත් ස්ථිර ව පවතින්නෙ නැහැ. එකකට එකක් හේත්තු වෙලා තියෙන්නෙ. එකක් අයින් කළොත් අනික වැටෙනවා. සැරියුත් හිමිගේ උපමාව තමා, එකට හේත්තු කරල තියෙන දරමිටි දෙක. එකක් ගත්තොත් අනික වැටෙනවා. දෙකම පවතින්නෙ දෙකම නිසා. ඒ කියන්නෙ එකක්වත් තනිව, ස්වාධීන ව පවතින්නෙ නැහැ. චතුස්කෝටිකයේ එන ඇත්තේ ද නැත, නැත්තේ ද නැත කියන්නෙ මේකම තමා.
දැන් ඔබට වැටහෙනවා ඇති චතුස්කෝටිකය කියන්නෙ, ද්විකෝටිකය ම වඩාත් වැඩිපුර විස්තර කරන්න හදපු පාද හතරක ද්විකෝටිකයමයි කියල. ද්විකෝටිකයේ සංකීර්ණ ක්‍රියාත්මක වීම තේරුම් ගන්න බැරි අයට පහසු කරල දුන්න අවස්ථාවක් තමා, චතුස්කෝටිකය කියන්නෙ.
ස්ත්තියි ! ඔබගේ කියවීමට.
ස්තුතියි ! ඔබගේ කියවීමට
Post a Comment