අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-04-02
මක්කැයි කිව්වේ  ?.

4/02/2025 09:00:00 pm

බෙන්තර ගගෙන් එගොඩට වෙන්නත් බස් වහරේ ඒ පැත්තට ආවේනික වචන තියෙනවා. දකුනේ “ මක්කැයි කිව්වේ. - මොනවද කිව්වේ ,  ඔහේ දන්නවැයි - ඔයා දන්නවද “ වගේ ...

Read more »
2025-04-01
අද අප්රේල් පලමුවෙනිදා

4/01/2025 08:03:00 pm

අද අප්රෙල් පලමුවෙනිදා.  මෝඩයින්ගේ දිනය කියලත් කියනවා. අවුරුද්දේ එක එක දවස් එක් එක් දේ සදහා වෙන් කරලා තියෙනවා.ජාතික දිනය, වැඩිහිටි දිනය කාන්ත...

Read more »
2025-03-30
ඌවේ කතා.

3/30/2025 07:09:00 pm

හුවේ දුරයි මීදුමට ඌවට යන්න.  කොළඹ පැත්තෙන් එන කොට බෙලිහුල්ඔය පහුකරලා මරන්ගහවෙලට ආපුවහම ඌවේ මායිම. ලංකාවේ උසම දිය ඇල්ල බමර කන්ද .සුප්‍රසිද්ධ ...

Read more »
2025-03-28
අන්දරේ  -  යුවතියනට කී කවි.

3/28/2025 06:24:00 pm

අන්දරේ දකුනේ ඉපදී කන්ද උඩරට මහවාසලට සේවය කල රාජ්‍ය නිලධාරියෙකි. ඔහු වටා ගෙතුන කතා බොහොමයක් අදටත් ජනප්‍රියය. ඒවා ඔහුගේ බාලකාලය සහ තරුන මැදිවි...

Read more »
2025-03-26
මළවුන් උදෙසා දානමාන.

3/26/2025 06:40:00 pm

අපට මළවුන් උදෙසා දාන මාන දී පින් පමුනුවන සිරිතක් ඇත.  සතියෙන් තුන්මාසයෙන් ,අවුරුද්දෙන්. අවුරුද්දෙන් අවුරුද්දට මෙසේ දානමාන , ධර්ම දේශනා පවත්ව...

Read more »
2025-03-25
මගේ කතාව

3/25/2025 06:00:00 pm
1

ජීවිතය…….. මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න. ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා. පියල් කොළ...

Read more »
2025-03-24
සබරගමුවේ පුරාණ නින්දගම් .

3/24/2025 07:41:00 pm

Kelum Niroshana AngammanaMahalekam හෙළදිව වලව් ඥාති හමුව පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්ද...

Read more »
2025-03-22
'දේශබන්ධු තිර නාටකය'

3/22/2025 06:13:00 pm

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙතෙක් සිදුවූ සිඳුවීම් තුලින් සිනමා පටයකට, හෝ ටෙලිවෘත්තාන්තයකට සුදුසුයැයි මට හැඟුනද, ලබන වසරේ හෝ මෙම වසරේ අව...

Read more »
2025-03-19
ලුණු වලින් කලහැකි හපන්කම්

3/19/2025 06:00:00 pm

  ඉඳුල් ගඳ ඇති ඕනෑම බඳුනක් ලුණු මිශ්‍ර ජලයෙන් සෝදන්න. ඉඳුල් ගඳ නැතිවේ. මල් පර නොවී දින කීපයක් තබා ගැනීමට එම මල් බඳුනට ලුණු කැට ස්වල්පයක් ...

Read more »