wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-12-28

මේකයි නිවන් මග






බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්, දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්. බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා. ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා. එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ. ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ. "


" බුදුන් වඳාළ ධර්මය " මේකට අපට පැහැදිලිවම උත්තර දෙන්න පුළුවන් තැන තමයි, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මුලින්ම කළ දේශනාව.

ඒ දේශනාව තමයි අපි කවුරුත් දන්න ධම්ම චක්ක සූත්‍රය. මෙතනින් තමයි අපට මේ උත්තරය සොයා ගන්ට වෙන්නේ. ‍මොකක්ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම කියලා.


බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරන්න පටන් ගෙන, මුලින්ම සත්‍යය හතරක් ගැන කථා කළා. මම මේ කෙටියෙන් කියන්නෙ, මුල් සූත්‍රයේ තියෙන දේ කතන්දරේ වගේ අග මුල ඔක්කොම ගන්නේ නැතිව, අපට වැදගත් වන්නේ දහම් කොටස නිසා.එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද ? සත්‍යය හතරක් කිව්වා, උතුම් සත්‍යය හතරක්. අපි ඒකට කියනවා " චතුරායර්‍ය සත්‍යය " කියලා.


පලමුවන සත්‍යය කුමක්ද ? " දුක්ඛ ආර්ය සත්‍යය " මුලින්ම බුදුන් වහන්සේ දුක ගැන විස්තර කළා. ඒ දුක්ඛ සත්‍යය බුදුන් වහන්සේ විස්තර කරනවා කවුරුත් දන්න පාළියෙන් කියන විදියට " ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, පියෙහි විප්පයොගො දුක්ඛො...... " ආදී වශයෙන්. ඒ කියන්නේ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩ වීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීමත් දුකයි, කැමති දේ නොලැබෙනවා නම් ඒකත් දුකයි...... මෙන්න මෙහෙම කියාගෙන ගිහින් අන්තිමට කිව්වා...... " සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කියලා ඒ කියන්නෙ " කොටින්ම කියනවා නම් මේ පඤ්ච උපාදානස්කන්ධයම තමයි දුක " කියල උන් වහන්සේ කිව්වා.


ඉතින්, මේ දේශනාව හරිම වැදගත්. අපි අහගෙන ඉන්නකොට අපි දන්නවා අද නූතන අධ්‍යාපන ලෝකය දිහා බලනකොට අපි යමක් ඉගෙන ගන්නේ හුඟාක් වෙලාවට දන්නා දේ හරහා නොදන්නා දේ කරා යනවා කියලා කවුරුත් අහලා ඇති උන් වහන්සේ තමයි ලෝකයේ මුලින්ම මේ ක්‍රමය පාවිච්චි කළේ.


මේ කියපු දුක් වලින් එහා දුකක් ලෝකේ කාටවත් හිතාගන්නවත් බෑ ඉපදීමෙන් පටන් අරගෙන අවසානය දක්වා කියාගෙන ගිය දුක් ගොඩ කවුරුත් දන්නවා. මේ භවයේදීම, මේ ජීවිතයේදීම හැමදෙනාම මේ දුක අත් විඳිනවා, ඒ ගැන කියන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ටික පාවිච්චි කළේ.


නමුත් බුදුවරු පහල වෙන්නේ මේ දුක ගැන කියන්න නම් නෙවෙයි. මෙයින් එහා දෙයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ කිව්වේ අර සංඛිත්තෙන පඤ්චඋපාධානස්කන්ධා දුක්ඛා කියලා...... මේ පඤ්චඋපාධානස්කන්ධ කියන දුක මුලින්ම දැන ගත්තේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේ. මෙන්න මේක තමයි උන් වහන්සේ අවබෝධ කරගත් විශිෂ්ඨ ධර්මය.


මෙන්න මේ පඤ්චඋපාධානස්කන්ධ දුක දැන ගැනීම කරන විදිහ තමයි බුදුන් වහන්සේ අපට දේශනා කළේ. ප්‍රධාන දුක පඤ්චඋපාධානස්කන්ධ දුක තමයි මෙතන තියෙන දාර්ශනික අර්ථය. බුදුවරු පහළ වෙන්නේ මේක කියන්ටයි.මේක තමයි උන් වහන්සේලා සොයා ගත් පරම සත්‍යය.


මේ දුක ඉබේ හටගත් දෙයක් නෙවෙයි. කවුරුවත් මවපු එකකුත් නෙවෙයි. මේ දුක හේතුවක ඵලයක්. මේ දුක හටගත්තේ කිසියම් හේතුවක් නිසා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අන්න ඒ හේතුව වශයෙන් දේශනා කළා.

"දුක්ඛ සමුදය ආර්ය සත්‍යය " කියන එක. මොකක්ද ඒ දුකට හේතුව ? මේ කියන දුක හටගත් හේතුව තමයි " තණ්හාව. "


තණ්හාව කීවාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තණ්හාව තුනක් වශයෙන්, ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.


මනුෂ්‍යයා තුල ආයතන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ ආයතන හය හරහා බාහිර ලෝකයෙන් එයට අදාල අරමුණු, ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශය, මනසට සිතිවිලි වශයෙන්. මෙන්න මේ අරමුණු අරගෙන විඳින එක, සැපයි කියල ආශ්වාද කරන එක තමයි මිනිසුන් කරන්නේ. මේකට තියෙන ආශාව නැත්නම් මේකට තියෙන තණ්හාව තමයි බුදුහාමුදුරුවෝ අදහස් කළේ කාම තණ්හා කියලා.


භව තණ්හා කියන්නේ යළි යළිත් නැවත නැවතත් ඉපදෙන්න තියෙන ආශාව.


විභව තණ්හා කියන්නේ නැවත නැවත ඉපදෙන්නේ නෑ, මෙතනින් අවසානයි, ඉන්න කල් සැප විඳළ මැරිල යන්න ඕන කියන චේතනාව.


තුන්වන ආර්ය සත්‍යය තමයි, දුක නැති කිරීම, දුකෙන් මිදෙන තැන, දුකින් මිදීම, මොකක්ද කරන්න ඕන දුකෙන් මිදෙන්න නම්........? දුකින් ම්දීම කියලා කියනනේ මොකක්ද ? මේ තණ්හාව අවසාන කිරීම, නිරවශේෂ නිරෝධය, කිසිම ඉතිරියක් නැතිව, මේ තණ්හාව මුලුමනින්ම නැති කරල දැම්මා නම්, එදාට මේ දුක ඉවරයි. ඒක තමා " දුක්ඛ නිරෝධ සත්‍යය " තණ්හාවේ කෙළවර. තණ්හාව අවසාන කිරීම.


ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා මේ තණ්හාව කෙළවර කරන ක්‍රමයක් තියෙනවා. අපිට ඕන ඕන විදිහට කරන්න බෑ. ඒ ක්‍රමය තමයි " දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය " කියල බුදුහාමුදුරුවෝ දේශනා කළා.

කොහොමද මේ දුක නැති කරන්නේ. අංග අටකින් යුක්ත ක්‍රියා මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක පුරපුවාම මේ දුක අවසාන වෙනවා. නිරෝධයට පත්වෙනවා. මොකක්ද මේ අංග අටකින් යුක්ත මාර්ගය කියල කියන්නේ.....


සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.


මොකක්ද " සම්මා දිට්ඨිය " කියල කියන්නේ ?

දුක්ඛේ ඤාණං - දුක පිළිබඳ දැනීම අවබෝධය, ඊළඟට දුක්ඛ සමුදයේ ඤාණං - දුකට හේතුව මොකක්ද කියල ඒ පිළිබඳ ඇති කර ගන්නා දැනුම, ආරම්භක වශයෙන් ඇති කර ගන්නා දැනුම, දුක්ඛ නිරෝධෙ ඤාණං - දුක නැතිකර ගැනීම පිළිබඳ දැනුම, ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං - දුක නැති කරන මාර්ගය පිළිබඳ දැනුම. එහෙමනම් ඉතාම පැහැදිලියි සම්මා දිට්ඨිය කියන්නේ චතුරායර්‍ය සත්‍යමයි. චතුරායර්‍ය සත්‍යය පිළිබඳ දැනුමම තමා සම්මා දිට්ඨිය කියන්නේ.


සම්මා දිට්ඨිය තමයි ප්‍රධානම සාධකය බෞද්ධයෙක් වීමට. මොකද ඒ සම්මා දිට්ඨිය තියෙන්නේ බුද්ධ දේශනාව තුල පමණයි.


ඊළඟ මාර්ග අංගය සම්මා සංකප්ප. මොකක්ද සම්මා සංකප්ප - නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා


මොනවාද නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ.......?

අපි ජීවත් වෙනවා කියලා මොකද කරන්නේ ? ඇස පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, ..... සැප විඳිනවා කියලා අපි කරන්නේ, මෙන්න මේ ඉන්ද්‍රිය පිනවීම. මෙන්න මේ ඉන්ද්‍රිය පිනවන එකේ තමයි අපේ චේතනාව තියෙන්නේ. මේවාට කියනවා කාම සංකල්පනා කියලා.


සාමාන්‍ය රටේ ලෝකේ ජනතාව ඉන්නේ මේ කාම සංකල්පනාවල. හැම වෙලාවෙම හිත තියෙන්නේ කාම විතර්කවල. අපි මෙච්චර කල් මොනවද කළේ.....? කාම සංකල්පනාවල ඉඳගෙන මේ ඉන්ද්‍රිය පිනවන්න අවශ්‍ය කරන සම්පත් සොයන එක, උපයන එක, රැස් කරන එක, ගොඩ කරන එක.

කාම සම්පත් හරි සීමිතයි. මේවා එකතු කරන්න රැස් කරන්න යනකොට අපේ අතින් නිතැතින්ම සිදුවෙනවා විහිංසා ව්‍යාපාද දෙක.


මේ දුකට හේතුව කාමනෙ. එහෙම නම්, අපි තීරණය කරනවා මේ කාම සංකල්පනාවන්ගෙන් මිදෙන්න. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනා කියලා. අපි නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගන්න කොට, කාමයන්ගෙන් මිදෙනවා කියල හිතනකොට මොකද වෙන්නේ......., ව්‍යාපාද විහිංසා වෙනුවට අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ඇති කර ගන්නවා.


කාමයන්ගෙන් මිදීමට නම් කරන්න ඕන ප්‍රධානම කාර්යය තමයි දානය. දීම, පරිත්‍යාගය, අතහැරීම. මේ දුකට හේතුව තණ්හාව නම්, රැස් කිරීම නම්, දුකෙන් මිදෙන්නට අපි අත්හැරීම පුරුදු කරන්න ඕන. කරුණා මෛත්‍රී සිත දියුණු කරගන්න ඕන.


ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනම එකටම වගේ ක්‍රියාත්මක කරන්න ඕන. මොනවාද මේවා......? මේ තුන අයිති වන්නේ සීලයට. එතකොට සීලය කියල කියන්නේ මොකක්ද ? සංවරය, හික්මීම. සංවර කර ගන්න ඕන අපි කය සහ වචනය කියන දෙක.


අපේ වචනය අසංවර වෙලා තියෙනවා කරුණු හතරකින්. බොරු කීම, කේළම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කීම. මේවායින් වැළකුණා නම් සම්මා වාචා.


සම්මා කම්මන්ත කියල කිව්වේ, ශරීරය පාවිච්චි කරල කරන අකුසල කර්ම තුනට. පරපන නැසීම, නුදුන් දේ ගැනීම, සහ පරදාර සේවනය, ඔය තුනෙන් වැළකුණා නම් කය සංවරයි.


සම්මා ආජීව කියල කියන්නේ මිත්‍යා ආජීවයෙන් වැලකීම. එතකොට මිත්‍යා ආජීවය කියල කියන්නේ මොකක්ද ? සරලව ගත්තොත් කියන්ට තියෙන්නේ මිනිස්සු ජීවත්වීම සඳහා කරන සට කපටකම්, කපටිකම් අන්න ඒවායින් වළකින්න ඕන. බොහොම ධාර්මිකව කපටිකමින් තොරව අවංක ඍජු ජීවන ප්‍රතිපදාවක් තියෙන්න ඕන


ඔය ටික කරගත්තු කෙනා තමයි ඊළඟට සමාධි ස්කන්ධයට, භාවනාවට යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මොනවද මේ භාවනාව කියල කිව්වේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.


මොකක්ද මේ සම්මා වායාම කියන්නේ....., බුදුහාමුදුරුවෝ කිව්වා සම්මා වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට කියලා. මොකක්ද සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ......,

උපන් අකුසල් ප්‍රහාණය කිරීම

නූපන් අකුසල් නූපදවීම

උපන් කුසල් රැක ගැනීම

නූපන් කුසල් උපදවා ගැනීම

මොනවාද මේ කුසල් අකුසල් කියන්නේ...., මෙතන අකුසල් කියන්නේ නීවරණ වලට. නීවරණ කියල ජාතියක් හිතේ තියෙනවා. සෑම කෙනෙක්ගේම සිත ප්‍රභාශ්වරයි, බැබළෙනවා. ඉතාම ශක්තිමත් හිතක් තියෙන්නේ. මැණික් ගලක් වගේ ඉතාම ප්‍රභාශ්වරයි. නමුත් බාහිරින් ආපු අකුසල් නිසා අකුසල දහම් නිසා ඒ ප්‍රභාශ්වරය නැතිවෙලා ගිහිල්ලා තියෙනවා. හරියට අර මැණික් ගලේ දූවිලි බැඳිල වගේ. අන්න එහෙම හිතේ තියෙන ප්‍රභාශ්වරය වැහිල ගිය කරුණු පහක් තියෙනවා. ප්‍රභාශ්වරය වහන නිසා ඒකටයි නීවරණ කියල කියන්නේ. අන්න ඒ නීවරණ පහක් තියෙනවා. අන්න ඒ නීවරණ තමයි බුදුහාමුදුරුවෝ මෙතන අදහස් කළේ. අකුසල් කියලා. බුදුහාමුදුරුවෝ එක සූත්‍රයක කියනවා අකුසල් කියන්නේ, නීවරණ කියන්නේ, කෙ‍ළෙස් කියන්නේ මොනවද ? මෙන්න මේ පහට. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච - කුක්කුච්ච, විචිකිච්ඡා.


කාමච්ඡන්ද කියල කිව්වෙ ඇස කණ නාසය ආදී දොරටු ද්වාර වලින් අරමුණු අරගෙන ආශ්වාද කරන්නට තියෙන ආශාව, ඉන්ද්‍රිය පිනවන්ට තියෙන ආශාව


ඊළඟ දේ තමයි ව්‍යාපාදය. ප්‍රිය අරමුණු හැමවිටම ලැබෙන්නේ නෑ. ප්‍රිය අරමුණේ ඇලෙනවා. අප්‍රිය අරමුණේ ගැටෙනවා. අන්න ව්‍යාපාදය හටගන්නවා. තරහව, ඒකට කිව්ව ව්‍යාපාදය කියලා.


තුන්වන එක මොකක්ද ? ථීනමිද්ධ කියල කිව්වෙ. සිතේ සහ කයේ තියෙන කම්මැලිකම, මැළි බව, අලස ස්වභාවය. හැබැයි අකුසල් කරන්න එහෙම නෙවෙයි. කුසල් දහම්හි යෙදෙන්ටයි කම්මැලි.


හතරවෙනි එක තමයි උද්ධච්ච - කුක්කුච්ච

මෙතන උද්ධච්ඡ සහ කුක්කුච්ච කියල නීවරණ දෙකක් තියෙනවා. උද්ධච්ච කියල කියන්නේ හිතේ තියෙන නොසන්සුන් බව, විසිරුන ස්වභාවයට. කුක්කුච්ච කියල කිව්වේ. සෝවාන් වෙලා නැති සියලු පෘථග්ජනයන් තුළ අනිවාර්යයෙන්ම තියෙනවා තමා කරපු අකුසල කර්ම පිළිබඳ හිතේ තැවෙන ස්වභාවයක්. ඒ වගේම කුසල් කරන්න අවස්ථා ලැබුන වෙලාවල් වලදී නොකර ඉඳලා පසුව ඒ ගැන දුක් වෙනවා මේක තමයි කුක්කුච්ච කිව්වේ. කළ අකුසල් පිළිබඳ තැවෙන ස්වභාවය සහ නොකළ කුසල් පිළිබඳ තැවෙන ස්වභාවය.


පස්වෙනි එක තමයි විචිකිච්ඡාව. බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව, පරලොව පිළිබඳව, සුගතිය දුගතිය ආදී විවිධ දේවල් පිළිබඳව සැකයි. මේවා නුවණින් දකින්න ඕන දේවල්. ඉතින් හැම දෙයක් කෙරෙහිම සැක කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි විචිකිච්ඡාව.


ඊළඟට බලමු කුසල් කියන්නේ මොනවාද කියලා. අභාවිත සිතක, භාවනා කරන්නේ නැති සිතක හැම වෙලාවෙම නීවරණ පහ තියෙනවා. ඒවා එක එකක් අඩු වැඩි වශයෙන් තියෙනවා. කාමච්ඡන්දය තියෙන වෙලාවට ඒක උපන් අකුසලයක්. ඒ වෙලාවට ව්‍යාපාදය නෑ. එතකොට ව්‍යාපාදය ඒ වෙලාවට නූපන් අකුසලයක්. දැන් සමථ භාවනාව කරගෙන යනකොට මේවා යටපත් වෙනවා. පඤ්ච නීවරණ යටපත් වෙනකොට මතුවෙනවා හිතේ ප්‍රභාශ්වරය. ප්‍රභාශ්වර සිතක තියෙනවා ධ්‍යාන අංග.ඒවා තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ .ඒකාග්ගතා.


ප්‍රථම ධ්‍යානය තුල තියෙනවා ඔය අංග පහම. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්ගතා කියන ධ්‍යාන අංග පහම. දුතිය ධ්‍යානයට යනකොට විතක්ක විචාර දෙක නෑ. ප්‍රීති, සුඛ, ඒකාග්ගතා පමණයි. ඊට පස්සෙ තෘතිය ධ්‍යානයට යනවා. එතෙන්දි ප්‍රීතියත් අතහරිනවා. එතකොට ඉතිරි වෙන්නේ සුඛය හා ඒකාග්‍රතාව පමණයි. චතුර්ත ධ්‍යානයට යනකොට සුඛයත් අතහරිනවා, අන්තිමට ඉතිරි වෙන්නේ ඒකාග්‍රතාව පමණයි.


මෙන්න මේ ධ්‍යාන තමයි කුසල් කියල කිව්වේ. එතකොට නීවරණ යටපත් කරල ධ්‍යාන සිත් ඇති කර ගැනීම තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියල ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම කියන්නේ.


අකුසල් යටපත් කරල කුසල් මතුකර ගත්තාම ප්‍රභාශ්වර සිත. අන්න ඒ සිතට පුළුවන් ලෝකෙ තියෙන ඕනෑම ගැඹුරු ධර්මතාවයකට මේ සිත යොමු කරන්න. අන්න ඒ සිත තමයි අපි යොමු කරන්නේ සම්මා සතියට.


එතකොට සම්මා සතිය කියන්නේ මොකක්ද ? සිහිය පිහිටුවන්න ඕන තැන.

කොහේද සිහිය පිහිටුවන්නේ..... සතර සතිපට්ඨානය තුල. සිහිය පිහිටුවන තැන් හතරක් තියෙනවා. කය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව සහ ධම්ම පිළිබඳව. එතකොට මේ සතර සතිපට්ඨානය තමයි, ඒක වඩන එක තමයි සම්මා සති කියල කියන්නේ.


බුදුවරු පහළ වෙන්නේ ලෝකෙට සතර සතිපට්ඨානය කියල දෙන්න. බුද්ධ දේශනාවේ, බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ හරය අරටුව මොකක්ද ? මෙන්න මේ සතර සතිපට්ඨාන භාවනාව. මේ සතර සතිපට්ඨාන භාවනාව වැඩුවොත් විතරයි නිවනට යන්න පුළුවන්. දුකින් මිදෙන්නට පුළුවන්.


අනෙකුත් ආගම්වල සතර සතිපට්ඨානය හැර අනෙකුත් සියලු දේවල් තියෙනවා. අනෙකුත් ආගමිකයෝත් දන් දෙනවා. අනෙක් ආගම් වලත් සීලය තියෙනවා. භාවනා තියෙනවා. නමුත් ඒවා ලෞකිකයි. ඒවාත් අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. ඒවාත් ලෝකෙට අයිතියි. ඒවා පරම සත්‍යය නෙවෙයි. එහෙම නම් පරම සත්‍යය හොයන භාවනාවක් දැන ගන්න ඕන. මොකක්ද ඒක.....? ඒක සොයා ගන්න තමයි බුදුහාමුදුරුවෝ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළේ. මොකක්ද සොයා ගත්තේ......? මෙන්න මේ කියන සතරසතිපට්ඨාන භාවනාවටයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සති කියල කිව්වේ.


සතිපට්ඨානය වඩන්නට අපට උවමනා කරනවා ප්‍රධාන සාධක හතරක්. වීර්යය, නුවණ, සිහිය සහ උපේක්ෂාව. උපේක්ෂාව කියන්නෙ මධ්‍යස්ථ බව, ඇලීමෙන් ගැටීමෙන් තොරයි කියන එක. එළඹ සිටි සිහිය. මිනිසුන්ගේ සිත් හැම වෙලාවෙම තියෙන්නෙ අතීතයේ, නැත්නම් අනාගතයේ. මේ අතීතය මියගිය දෙයක්. අනාගතය නූපන් දෙයක්, අතීතය මැරිලා අනාගතය ඉපදිලා නෑ. එහෙමනම් සිත වර්ථමානයට ගේන්න ඕනේ. ඒකට කියනවා එළඹ සිටි සිහිය කියලා.


සමථයෙන් තොර විදර්ශනාවක් නෑ. සමථයට තමයි සම්මා වායාම කිව්වේ. විදර්ශනාවම තමයි සතරසතිපට්ඨානය කියන්නේ.


සම්මා සතිය වඩනකොට මොකද වෙන්නේ...?

කය පිළිබඳ කයේ යථා ස්වරූපය පිළිබඳව අපි බලනවා. වීර්යයෙන් නුවණින් හා සිහියෙන්, ඇලීමෙන් හා ගැටීමෙන් තොරව


වේදනාව පිළිබඳව බලනව අපි, ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්,


ඊළඟට සිත පිළිබඳ අපි බලනවා, සිතේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව, වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්,


ඊළඟට ධම්ම. සිතට මනසට ගෝචර වන දේවල් ධම්ම දිහා අපි බලනවා ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව, වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්.


ඔන්න සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ සිහිය දිගින් දිගටම පවත්වාගෙන යන කොට මොකද වෙන්නේ, පඤ්චඋපාධාන ස්කන්ධ ‍ලෝකය ඇතිවෙමින් නැතිවෙමින් යන හැටි දකින්ට පටන් ගන්නවා


කයේ තියෙන සියලු රූප ඇති වෙනවා, නැතිවෙනවා ක්ෂණයක් ක්ෂණයක් පාසා, රූප මිටි වශයෙන් කලාප වශයෙන් ඇතිවෙනවා, නැති වෙනවා දකින්න පටන් ගන්නවා.


සිත මොහොතින් ‍මො‍හොත අහස වගේ වෙනස් වෙවී වෙනස් වෙවී යන හැටි දකිනවා. විවිධ සිත් පහළ වෙනවා, අතුරුදහන් වෙනවා දකිනවා.


වේදනා සියලු විඳීම් සැප වේදනා දුක් වේදනා ඇති වෙවී නැති වෙවී යන හැටි දකින්න පටන් ගන්නවා. පඤ්ච නීවරණ,ස්කන්ධ ආයතන ක්‍රියාකාරකම් දකින්න පටන් ගන්නවා. මෙන්න මේ දකින්නෙ මොනවාද ? ඇතිවීම නැතිවීම. ඒ කිව්වේ අනිත්‍ය. මේ අනිත්‍ය දකිනකොට නිත්‍යයි සුඛයි කියල අල්ලගෙන හිටපු හිතට මේ පඤ්ච උපාධානස්කන්ධය අල්ලන් ඉන්න බැරුව යනවා. අතහරින්න පටන් ගන්නවා.


ඊට පස්සෙ ඒ හරහා ආධ්‍යාත්මික වශයෙන් මහා ක්‍රියාකාරිත්වයක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාකාරිත්වය හරහා, මේ සිදුවන ක්‍රියාවලිය හරහා වැඩෙනවා සමාධියක්. අනන ඒකට කිව්වා සම්මා සමාධිය කියලා.


බොජ්ඣංග වඩනවා කියල කියන්නෙ මේකමයි. සති සම්බොජ්ඣංගය වඩනවා. සතර සතිපට්ඨානය පිළිබඳ සිහිය ධම්ම විචය, සතිය වැඩෙන කොට, සතර සතිපට්ඨානයේම සිහිය වඩාගෙන යනකොට, සිහිය රදවාගෙන යනකොට, ධම්ම විචය වැඩෙන්නට පටන් ගන්නවා. ධම්ම විචය කියන්නේ අනිත්‍ය දකින්න පටන් ගන්නවා. දුක අනාත්මය දකින්න පටන් ගන්නවා.


ඊළඟට වීර්යය සම්බොජ්ඣංගය, වීර්යයක් මහා වීර්යයක් වැඩෙනවා මේවා දකිනකොට. ලෝකයේ කවදාවත් නොදැකපු ඇත්ත දකිනකොට.


ප්‍රීතියක් මහා ප්‍රීතියක්, සතුටක් දැනෙනවා සිතට. ඊළඟට පස්සද්ධි මහා සැහැල්ලුවක්, කයත් සැහැල්ලුයි සිතත් සැහැල්ලුයි. අහසේ ඉන්නවා වගේ. බඩගිනි දැනෙන්නේ නෑ. එහේ මෙහේ රට වටේ ඇවිදින්න දුවන්න හිතෙන්නෙ නෑ. අරමුණු මොනවත් එන්නේ නෑ. පුදුම සැහැල්ලුවකින් ජීවත් වෙනවා.


ඊළඟට සමාධියක් වැඩෙනවා, ඒ තුළ මහා විශාල සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක්. චිත්ත ඒකාග්‍රතාවය ඇති වන්නේ සතිපට්ඨානය මතමයි රැදෙන්නේ. මෙන්න මේ සමාධිය යනවා ඊළඟට උ‍පේක්ෂාවට. මෙන්න මේ උපේක්ෂාව ඊට පස්සෙ යනවා විමුක්තියට.


මුල් වරට විමුක්තිය ලබනවා. විමුක්ති සිත පහළ වෙනවා. ඒකට කියනවා " සෝතාපන්න " කියලා. සෝවාන් ඵලයට පත්වුනා කියලා. මේ ලෝකයේ සත්වයින් සසරට බැඳ තබන රැහැන් දහයක් තියෙනවා. ඒවාට කිව්වා සංයෝජන කියලා. සෝවාන් ඵලයට පත්වෙනකොට, පළවෙනි වරට ලෝකෝත්තර සිත පහළ වෙනකොට අන්න ඒ සංයෝජන දහයෙන් තුනක් නැතිව යනවා - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස.


ඒ වෙලාවෙ කය පිළිබඳව ආත්ම දිට්ඨිය නැතිව යනවා. ආත්ම දිට්ඨිය බිඳෙනවා.ඊළඟට විචිකිච්ඡාව බුද්ධ ධම්ම සංඝ කෙරේ සැකයක් නෑ. මුල් වරට සිත මිදුනා කියලා කියන්නේ නිවන දැක්කා. ඒ හින්ද නිවන ගැන සැකයක් මාර්ගය පිළිබඳ සැකයක් නෑ. ආර්ය සංඝයා කෙරෙහි සැකයක් නෑ. සෝවාන් කියන්නේ ආර්ය පුද්ගලයන්ගෙන් එක් කෙනෙක්. එයා ළඟ සීලබ්බත පරාමාස නෑ. එයා ආයෙ කවදාවත් වෙන වෙන ඇඳහිලි, පුඳ පූජා පස්සේ යන්නේ නෑ. ඔහු ආයේ කවදාවත් නිරයට යන්නේ නෑ. තව දුක තියෙනවා. වැඩිම වුනොත් භව හතකට. එතැන් සිට ඒ භව හත තුල රහත් වෙනවාමයි.


මේ ආත්මෙම එයා යළිත් සතර සතිපට්ඨානය වඩාගෙන ගියාම නැවත වරක් ඔහු අර විදියටම සමාධිය වඩල, බොජ්ඣංග වඩල දෙවන වරටත් සිත මිදෙනවා. එ් මිදෙන කොට අර දස සංයෝජන වලින් ඊළඟට තියෙන කාමරාග, පටිඝ කියන සංයෝජන දෙකෙන් සියයට පනහක් නැතිව යනවා. සම්පූර්ණයෙන්ම නෙවෙයි භාගයක් නැතිව යනව. ඉතිරි කෙළෙස් බලවත් වෙන්නේ එතැන් සිට කාම ලෝකයේ තව එක ආත්මයක් ඉපදීම සඳහා පමණයි.


තවත් සැරයක් එයා ආයෙමත් භාවනා කරගෙන ගියොත්, ඒ වෙලාවෙම ඒ මොහොතේම, පැය කීපයක් තුල, දවසක් දෙකක් තුල, විනාඩි කීපයක් තුල ඊළඟ ඵලයට පත්වෙනවා. කාමරාග පටිඝ කියන දෙක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. සංයෝජන දෙක නැතිව යනවා. ඔහු ආයේ කවදාවත් මනුෂ්‍ය ලෝකෙවත්, දිව්‍යලෝකෙවත් උත්පත්තිය ලබන්නේ නෑ. ඔහු අනාගාමියි. ඔහු උපදින්නේ ශුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකේ.


ඊළඟට තව සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියල ඉතාම සියුම් සංයෝජන පහක්. ඉතින්, යළිත් අර විදියටම සතර සතිපට්ඨානය වඩාගෙන යනකොට,ඔය කීව කෙළෙස්, ඊළඟට ඉතිරිව තිබුණු අන්තිම කෙළෙස් ටිකත් විනාශ වෙලා හතරවෙනි වරටත් නිවන දකිනවා. අන්න ඒක තමයි සැබෑ විමුක්තිය. අන්න ඒක තමයි අරහත් කියල කියන්නේ. දැන් සංයෝජන දහයම ඉවරයි. ඔහු අායෙත් උත්පත්ති වශයෙන්, කිසිම තැනක උපතක් ලබන්නේ නෑ. එයාට තමා අපි නිවන් දැක්කා කියල කියන්නේ. එයාට තමයි රහතන් වහනසේ කියල කියන්නෙ


මෙන්න මේක තමයි නිවන් මග.
මේක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම.
බුදුන් වහන්සේගේ දේශනාව.
බුදුවරු පහළ වෙන්නෙ මේක කියන්නයි.

A day in the life

2025-12-27

දුම් බීම ශරීරයට අහිතකරයි.


සිගරට් එකේ ඉරි කීයද ? '
පනස් දෙකයි.

එංගලන්ත ජාතික ජෝන් ප්ලේයර් නිර්මාතෘ බ්රිතාන්‍ය ඇමරිකා දුම්කොල සමාගම ගෝල්ඩ් ලීෆ් නිශ්පාදනය ඇරඹු අතර පාකිස්තානයෙහි මෙය වඩාත් ජනප්‍රිය හා වැඩිම අලෙවිවන සිගරට්ටුව වී ඉන් පසු දකුණු ආසියාවේ සියලුම රටවල් වල අලෙවිය ව්‍යාප්ත විය.
ඉතින් ඇයි බොන්නෙ සිගරට්.
ජෝන් ප්ලේයර් හදුන්වලා දුන්නෙ ඒ ඒ රටවල ශීත කාලගුණික තත්වය යටතේ ඇබ්බැහි නොවී ශීත වූ කැටි වූ ලේ ගමනාගමනය වැඩි කරන්න.විශේෂයෙන් මුහුදෙම රැකියා කරන නාවිකයන්ට වගේ.

ඒකට ලංකාවේ උන් ඒක බොන්නෙ ගිනියම් මද්දහනේ රත් වෙලා තියෙන ලේ උණුසුම තවත් වැඩි කරගන්න.බත් කෑවත් සිගරට්,තේ බිව්වත් සිගරට් ,අරක්කු බිව්වත් සිගරට්
හැමෝම වගේ දන්නවා, යම් අයෙක් සිගරට් එකක් බොන්න හදන්නේ, දැන් තමුන් කරදඬු උස්මහත් වුණු ලොකු මිනිහෙක් - වීරයෙක් කියන හැඟීමක් ඇති කරගෙන. ඒ බව අනික් අයට අඟවන්න. ඒ වගේම සිගරට් බීම කොහොමහරි ඇතිකර ගතයුතු, හරි ශෝක් හිත් ඇදලාගන්නා පුරුද්දක් කියලා අඟවන්න හදනවා. 
නමුත්, ඔබ මේ බොළඳ වීරයා වෙන්න කලින් කිසිම විටෙක හිතුවද, සිගරට්ටුවක් තුළ ඔබේ ''මිනීවළ" හෑරිලා තියෙනවා කියලා ?

"නිකොටින්" - Nicotine - තමයි අපට පළමුවෙන්ම හිතට එන්නෙ. නැද්ද? නමුත් ඔබ දන්නවාද සිගරට් බීම නැතුවම බැරි කරන, බොන සිගරට් ප්‍රමාණය වැඩි කරමින් ඇබ්බැහිකරවන, රසායන ද්‍රව්‍යයන් ඒකෙ තියෙන බව ? සිගරට් බොන්න පුරුදුවෙලා, ඒක නැතුවම බැරි විදියට ඇබ්බැහි වුණ අයට, සාමාන්‍ය විදියට ඉන්න ලේ වල එක්තරා මට්ටමකට ''නිකොටින් '' තියෙන්නම ඕනෙ. නැත්නම් කෑවෙ බිව්වේ නෑ වගේ. ''මූඩ්" එකත් ටිකක් ''අප්සෙට්'' වගේ. 
නිකොටින් සුලු ප්‍රමාණයක්, මාත්‍රාවක් ගත්තාම මොළය ටිකක් කුල්මත් වෙනවා. උත්තේජනයක් ඇතිවෙනවා. නමුත් විශාල ප්‍රමානයක් ගත්තාම මත්වීමක්, නිදිබර ගතියක් දැනෙනවා. මෙයින් ස්නායු සෛල අතර ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා, හදවතේ, රුධිර ධමනී සහ හෝමොනවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙලා, මාරක ප්‍රතිවිපාක අත්විඳින්න පුලුවන්. 
නිකොටින් ලේ වල අඩංගුවීමෙන් දුම්බොන්නා ''තැන්පත් - කූල්" මිනිහෙක් වගේ පෙනුනට, නොදැනීම ශරීරයට දරුණු හානියක් සිදුවෙනවා.

සිගරට් බොන-නොබොන ඔබලා දැනගෙන හිටියාද සිගරට් දුමේ පිළිකා සෑදෙන විෂ රසායන ද්‍රව්‍ය 43ක් ඇතුලුව, 4000කට වැඩි විෂ රසායනික (carcinogens) ද්‍රව්‍ය අංශු රැසක් තිබෙනවා කියලා ? 
මෙන්න ඒ පිළිබඳ තොරතුරු ටිකක් 

තාර - මෙය දුම්බීම නිසා අප ශරීරයට ඇතුලුවන තහනම් අපද්‍රව්‍ය, අංශු කොටස්, සඳහා භාවිතා කරන පොදු වචනයක්. මෙම අපද්‍රව්‍යවල පිළිකා සෑදීමට හේතුවන පිළිකා කාරක වන කාසිනෝජන්ස් (carcinogens) ඇතුලු බොහෝ විෂ රසායන ද්‍රව්‍ය අඩංගුවෙයි. තාර ඇලෙන සුළු දෙයකි. එමගින් දත්වල, නියපොතුවල සහ පෙනහලු පටකවල දුඹුරු වර්ණයෙන් පැල්ලම් ඇතිකරයි. තාර වල පිළිකා කාරක ''කාර්සිනොජන් benzo pyrene'' වැඩියෙන් අඩංගු වෙනවා.

කාබන් මොනොක්සයිඩ් -Carbon Monoxide- මෙය ඔබේ ලේවල ඇති ඔක්සිජන් වායුවේ තැන උදුරාගන්නා කිසිම ගන්ධයක් නොමැති මරණීය වායුවක්. ඔක්සිජන් අංශු ඔබේ ශරීරය පුරාම ගෙනයන්නේ, සෑම රතු රුධිරානුවකම අඩංගුවන හිමොග්ලොබින් නැමති ප්‍රෝටීනය මගිනුයි. නමුත් කාබන් මොනොක්සයිඩ්, ඔක්සිජන් වඩා හොඳින් හිමොග්ලොබින් සමග බැ‍ඳෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගෙනයාමට රතු රුධිර සෛල බොහෝ අවශ්‍ය වෙනවා. රතු රුධිර සෛල වැඩිවීම නිසාම රුධිරයේ ඝණත්වයත් වැඩිවෙයි. එයින් අදහස් කරන්නෙ, ශරීරයට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍යවන ව්‍යායාම කරන අවස්ථාවල, මොළයට, හෘදයවස්තුවට, මාංශ පේශී හා අනෙකුත් ශරීර අවයවයන්ට ප්‍රමාණවත් පමණින් ඔක්සිජන් ලැබෙන්නෙ නැහැ කියන එකයි.

හයිඩ්රජන් සයනයිඩ් - Hydrogen Cyanide – පිටතින් ඇතුලුවන අපද්‍රව්‍ය රඳවාගෙන සුද්ද පවිත්‍ර කරන සිහින් කෙස් වැනි දෙයක් පෙනහලුවල තිබෙනවා. හයිඩ්රජන් සයනයිඩ් පෙනහලු පිරිසිදු කරන මෙම කාර්යාවලිය මැනවින් සිදුවීම නතර කරයි. ඒ කියන්නේ දුම්බීමේදී ඇතුලුවන විෂ සහිත රසායනික ද්‍රව්‍ය පෙනහලු තුළ තැන්පත්ව වර්ධනය විය හැකි බවයි. දුම්බීමෙන් පෙනහලු වලට හානි සිදුවන අනෙකුත් රසායන දුව්‍ය නම්, හයිඩ්රොකාබන් වර්ග, නයිට්රස් ඔක්සයිඩ් වර්ග, ඕගනික් අම්ල, කාබොලික් අම්ල හා ඔක්සිකාරකයි.

ඔක්සිකාරක රසායන ද්‍රව්‍ය - Oxidizing Chemicals - ඉතාම ප්‍රචන්ඩ ලෙස (ත්‍රස්තවාදින් මෙන්) ප්‍රතික්‍රියා කරන මෙම රසායනික ද්‍රව්‍යයන් මගින් හදවතේ මාංශ පේශී හා රුධිර නාලවලට හානි සිදුවිය හැකියි. එම රසායන ද්‍රව්‍යයන් කොලෙස්ටරෝල් සමඟ සහයෝගයෙන් ක්‍රියාකර, රුධිර ධමනි නාලවල බිත්ති ඇතුළත මේද තට්ටු වර්ධනය කරයි. මේ නිසා හෘද රෝග, ''හාට් ඇටෑක්'' (ආඝාතය) සහ රුධිර නාල රෝග ආදිය ඇතිවෙයි.

ලෝහ - Metals- උරන සිගරට්ටුවක ආසනික්, කැඩ්මියම් සහ ඊයම් ඇතුළු භයානක ලෝහ වර්ග අඩංගු වෙයි. මෙම ලෝහ කිහිපයක්ම පිළිකාකාරක ලෝහයන්ය.

විකිරණශීලි සංයෝග - Radioactive Compounds- කාර්සිනෝජෙනික් වශයෙන් හඳුන්වනු ලබන, විකිරණශීලී පිළිකාකාරක සංයෝග සිගරට් දුමාරයේ අඩංගු වෙනවා.
සිගරට් එකක් බොන විට, පෙනහලු කරා ඇතුලුවන තාර ප්‍රමාණය වැඩිවෙයි. ඔබ දැනගත යුතුම දේ තමයි, සිගරට්ටුවක් උරන පළමු හුස්මේදී ඇතුල්වන තාර ප්‍රමාණයට, දෙගුණයකටත් වඩා වැඩි තාර ප්‍රමාණයක් අවසන් සිගරට් හුස්මේදී පෙනහැල්ලට ඇතුලුවන බව. සිගරට් බීමෙන් ඇතුලුවන රසායන ද්‍රව්‍ය බොහොමයක් පෙනහලු තුළම තැන්පත් වෙයි. මෙයින් හැ‍ඟෙන්නේ ඔබ වැඩි වැඩියෙන් සිගරට් බීමෙන්, පෙනහලුවලට සිදුවෙන හානිය ඉතාම වැඩිවන බවයි.

දැන් ඔබ තේරුම්ගත යුතු එකම දේ මෙපමණයි. දුම්පානය - සිගරට් බීම - ඔබේ ශරීරයේ හැම ඉන්ද්‍රියකටම අහිතකර ලෙස බලපානවා. දැන්වත් දුම්පානයෙන් මිදීමට, එය නැවැත්වීමට ප්‍රමාද වැඩි නැහැ කියන එකයි.

ඉතින් ඔයාගෙ සිගරට් බොන යාලුවට මේක පේන්න ශෙයා කරන්න.
සිගරට් බොන සල්ලි වලින් තැඹිලි ගෙඩියක් අරන් බොන්න.

 A day in the life

2025-12-26

සුනාමියට වසර විසි එකයි.



මීට වසර විසි එකකට පෙර දෙසැම්බර් 26 වන දින, අප අවදිවුයේ මෙතෙක් අසා නොවුන බිහිසුණු ඛේදවාචකයක දර්ශණ රූපවාහිනියෙන් නරඹමින් සහ ගුවන් විදුලියෙන් අසමින් කම්පා වෙමින්ය.

සුනාමියෙන් මියගිය අනතුරට පත්වු ජනතාව අණුස්මරණය කරමින් ඔවුනට තම තමන් විශ්වාස කල සුගතිකාමි පරලොවක සැනසීම ලැබේවායි අද දින ප්‍රාරථණය කිරීම අපගේ පරම යුතුකමකි.

2004 දෙසැම්බරයේ කත්තලට පසු දින (26 වෙනිදා ) සුමාත්‍රාහි බටහිර දෙසට වන්නට, මෙතෙක් වාර්තා වූ විශාලතම භූමිකම්පාවලින් එකක් ලෙස සටහන් වෙමින් මැග්නිටියුඩ් 9.1ක භූ කම්පනයක් හටගත්තේ ඉන්දුනීසියාවේ වෙරළ තීරය මෙන් ම ඉන්දියන් සාගරය වටා සිටින ප්‍රජාවන්ට හානි කළ දැවැන්ත සුනාමියක් ඇති කරමිනි.

ඉන්දියන් සාගර සුනාමිය සහ නත්තල් සුනාමිය ලෙසින් හැඳින්වෙන මෙම සුනාමිය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, විවිධ රටවලින් පැමිණි විදේශීය සංචාරකයන් 9,000ක් ඇතුළුව පුද්ගලයන් 230,000කට ආසන්න පිරිසක් මිය ගියහ.

රටවල් 14කින් මරණ වාර්තා විය.

සුනාමි ඇගැයීම් සන්ධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත පෙන්වා දෙන්නේ, අවම වශයෙන් පුද්ගලයන් 275,000ක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් වූවන් ලෙස ලැයිස්තුගත කර ඇති බව ය.

මෙම මාරාන්තික සුනාමියේ එක් අනතුරු ඇඟවීමේ සලකුණක් වූයේ වෙරළ තීරයේ මීටර් සිය ගණනක් සහ මුහුදු පත්ල නිරාවරණය කරමින් වෙරළ දිගේ මුහුද ආපස්සට ගමන් කිරීම ය.

භූමිකම්පාව සිදු වී මිනිත්තු 30කටත් අඩු කාලයකදී, උතුරු සුමාත්‍රා සහ ඉන්දියාවේ නිකොබාර් දූපත්වල වෙරළ තීර වෙත දැවැන්ත රළ පහරවල් කඩා වැදීම ඇරඹිණි. පැය දෙකක් ඇතුළත එම රළ දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වෙත ළඟා වූ අතර ඊළඟ පැය හත ඇතුළත ඒවා 'අප්‍රිකාවේ අග ප්‍රදේශයට ද කඩා වැදිණි

මෙම ව්‍යසනයෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න යැයි ගණන් බලා ඇත.

සුනාමි යනු, ද්විත්ව මූලයකින් යුත් ජපන් වචනයකි, tsu යන්නෙහි අර්ථය වරාය සහ nami යන්නෙහි තේරුම රළ ය.

භූමිකම්පාවකින් ඇති වන ශක්තිය මුහුදු පත්ල සිරස් අතට මීටර් කිහිපයකින් විස්ථාපනය කර ජලය ඝන කිලෝමීටර සිය ගණනක් චලනය කරන විට සුනාමියක් නිර්මාණය වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සුනාමිය විස්තර කරන්නේ "බොහෝ විට ජල බිත්ති මෙන් දිස්වන සහ වෙරළ තීරයට කඩා වැදිය හැකි සහ පැය ගණනක් තුළ අනතුරුදායක විය හැකි රළ" ලෙස ය.

පළමු රැල්ල සෑම විට ම විශාලතම රැල්ල නොවිය හැක. 2004 ඉන්දියන් සාගර සුනාමියේදී විශාලතම රැල්ල දෙවැන්න වූ අතර 1964 ඇලස්කාවේ සුනාමියේදී විශාලතම රැල්ල සිව්වන රැල්ල විය.

භූමිකම්පා, නාය යාම් හෝ ගිනිකඳු පිපිරීම් මගින් සුනාමි ඇති විය හැක.


සුනාමි අනතුරු ඇගයීම්.

22,000කට අධික පිරිසක් මිය ගිය සන්රිකු සුනාමියෙන් පසුව, 1896 තරම් අතීතයේදී, භූ කම්පන ක්‍රියාකාරකම් සහ සුනාමි අතර සම්බන්ධයක් ඇති බව මුල් වරට ප්‍රකාශ කළේ, ජපන් ජාතිකයින් ය.

1923දී, අනෙක් රටවල් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ හැකියාව ලබා ගැනීමටත් පෙර, භූ කම්පන විද්‍යාඥයෙකු සහ හවායි ගිනිකඳු නිරීක්ෂණාගාරයේ නිර්මාතෘ තෝමස් ජැගර්, නැගෙනහිර රුසියාවේ කම්චැට්කා භූමිකම්පාවෙන් පසු සුනාමියක් ඇතිවීමේ හැකියාව ගැන සඳහන් කළ පළමු විද්‍යාඥයා විය.

1941දී ලොව ප්‍රථම සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සංවිධානය ජපානයේ සෙන්ඩායිහි ආරම්භ කෙරිණි.

එක්සත් ජනපද රජයේ පළමු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය 1949දී හොනොලුලු භූ චුම්භක නිරීක්ෂණාගාරයේ ආරම්භ කරන ලදී. එය පසුව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටසක් බවට පත් විය.

නමුත් ඉන්දියන් සාගර කලාපයේ රටවලට 2004දී අනතුරු ඇඟවීමේ පද්ධතියක් හෝ අවදානමට ලක්විය හැකි වෙරළබඩ ජනතාව දැනුවත් කිරීමට සහ ඉවත් කිරීමට යාන්ත්‍රණයක් නොතිබිණි.

ජාතීන් 28ක සහභාගීත්වයෙන් 2005දී පිහිටුවන ලද ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක වූයේ 2011දී ය.

කලාපයේ බොහෝ රටවල් ද ඔවුන්ගේ ම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක කරයි.

BBC 2024 දෙසැම්බර්.


A day in the life

2025-12-25

සුබ නත්තලක් .



25.12.2025

බෙලිහුල්ඔය.

සුබ නත්තලක් වේවා !.

ඉතින් ,

ලියුම් ලිවීමේ කලාව අපි අතරින් වියකිලා ගිහිල්ලා. මම ඉතිහාස ගත පෙට්ටගමක් අවුස්සන කොට මේ සුන්දර කලාව කතාවක් වෙලා සිහිපත් වෙන්න පටන් ගත්තා.

දැන් නම් ෂෝරට් ඇන්ඩ් ස්වීට් නැත්නම් ගත්තා ඇන්නා මැරුවා මෝස්තරයෙන් අදහස් හුවමාරු වෙන්නේ.

ලියුම් ලියන කලාවේ ගහ මරා ගත්තෙත් ආදරේ කලෙත් සුන්දර විදියට.

කේන්තියක් පලකරන්න පිටු ගානක් ලියන්න වුනා.අන්තිමට කේන්තිය අවසන් කලේ “ තෙරුවන් සරණයී නැත්නම් ජේසු පිහිටයි “ කියලා.

ආදරේ ගැන කුමණ කතාද ?.

හදත් පායාල බැහැලා යනවා. ගගවල් පෙන පිඩු නංවමින් ගල්පරවල හැපෙමින් ගලා යනවා………..

අද නත්තල් දවස. මම හිතුවා ලියුමක් ලියලාම සුබ පතන්න.

කිතු උපත හා බැදි උත්සවය නත්තල කියලා අපි හදුන්වනවා. අපි දේවාස්ථානයට යන්නේ නැති වුනත් සහෝදරත්වයෙන් කිතුනුවන් හා බැදී සිටියා. ඔයාට මතක ඇති නත්තල් දවසට අපේ ගෙවල් වලත් නත්තල් රසකැවිලි ආහාර පාන ආදියෙන් පිරෙනවා.අසල්වාසින්ගේ ආදරයෙන්.

ක්‍රි.ව1505 -1658 දක්වා අපේ රට පාලනය කලේ පෘතුගීසීන් විසින්.1658 සිට 1796 දක්වා ලන්දේසීන් 1796 සිට 1948 දක්වා ඉංග්‍රීසින්. මොවුන් සියල්ලෝම කතෝලික ආගම ඇදහු ජාතීන්. මොවුන් විසින් ආගමික ප්‍රචාරණයත් කතෝලික ප්‍රජාවක් මෙරට ඇතිකිරීමත් සමග නත්තල අපේ සංස්කෘතිය හා බද්ධ කරනු ලැබුවා.

“නතාල් “ යන වචනය බිදී තහවුරු වී “ නත්තල් “යන වචනය අපේ වහරට එකතු වුනා.

අපි බෞද්ධාගමිකයෝ .,තවත් විවිධ ආගමිකයෝ අපත් සමග ජීවත් වෙනවා.කිතු දහම ගැන අප හදුනා ගන්නේ “ නත්තල් උත්සවයත් සමග“

නත්තල් උත්සවයත් වානිජකරණය වෙලා. කියලා මම කිවුවොත් අපේ අසල්වාසී කිතුණු ඥාතිවරු අපිත් එක්ක උරණ වෙයි කියලත් හිතෙනවා.

ඒත් මම එහෙම ලීවේ අහිතකින් නෙමෙයි.

“නත්තල් සීයා“ කේන්ද්‍රකර ගනිමින් වානිජ ආයාතන කරනු ලබන්නේ අති විශාල ප්‍රචාරණයක්.

ඔබට මේ ලියන (25) අද නත්තල ගෙවී යන දවසේ..අපි සතුටින් ගත කරමින් සිටිනවා.මුහුදු තීරයේ වාසය කරන ධීවර ජනතාව , උතුරේ දකුණේ සහ අගනුවර නත්තල මහා ඉහලින් සමරනවා.

නත්තල සමරන අපේ ඥාතීන් උප සංස්කෘතීන් කිහිපයකට අයත්. එම ප්‍රදේශවල ජීවත්වන බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ විවිධ සංස්කෘතීන්ට සහ ජාතීන්ට අයත් අනෙකුත් අයටද විවිධ උප සංස්කෘතීන් තිබෙනවා. ඔවුන්ද කිතුනු බැතිමතුන් සමඟ නත්තල් සැමරීමට එක්වෙනවා.මේ සම්මිශ්‍රණය සංස්කෘතිය හා මුසුවී තිබෙනවා.

නත්තල් සමයේදී එකිනෙකා අතර තෑගි පිරිනමනවා.සුබ පැතුම් පත් එකිනෙකාට සුබ පතා ගැනීම් , නත්තල් ගස් හදලා ගෙවල් දොරවල් සරසනවා. , නත්තල් කැරොල් ගායනා සහ ඉටිපන්දම් දැල්වීම වැනි විසිතුරු සිරිත් පවත්වනවා.බටහිරයන්ගෙන් මෙරටට පැමිණි මේ සිරිත් ශත වර්ෂ දෙක තුනකට පස්සේ දේශිය සංස්කෘතිය හා මුසුවෙලා.

බෞද්ධ හා හින්දු සාරධර්මවලින් සැදුම්ලත් ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉතා ප්‍රමුඛස්ථානයක් ගන්නා, කුසල් රැස් කිරීම නිසා අප සන්දර්භය තුළ නොදැනුවත්වම මෙම තෑගි පිරිනැමීම අර්ථවත් වෙලා.

ගස්වැල්වලට ගරු බුහුමන් දක්වන පසුබිමක් තුළ නත්තලේ ජීව ගුණය නියෝජනය කරමින් නත්තල් ගස අර්ථවත් වෙලා.

ඉටිපන්දම් දැල්වීමෙන් මෙය තවත් වැඩි දියුණු වන අතර හින්දු උත්සවය වන දීපාවලි උත්සවය (වචනාර්ථයෙන් ආලෝක පෙළ) සහ බෞද්ධයන්ගේ වෙසක් උත්සවය (බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කිරීම) සමඟින් මෙම උත්සවය ආලෝකයේ උත්සවයක් බවට පත් කරලා.

බුද්ධාගමේ ගාථා ගායනා කිරීම සහ හින්දු ආගමේ භජන් ගායනය වැනි චාරිත්‍ර අංග තිබෙන පසුබිමක් තුළ නත්තල් කැරොල් ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය හා අර්ථවත් වී තියෙනවා.

ප්‍රධාන ක්‍රිස්තියානි ප්‍රදේශවල සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල වෙනත් ආගම්වල අයද නත්තල් කැරොල්වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තියෙනවා.

සන්දර්භගත වීමේ ක්‍රියාවලිය හරහා නත්තල යන ජනප්‍රිය හා වාණිජකරණය වූ සංස්කෘතියට එහායින්, මෙය ආලෝකයේ සහ ජීවයේ මංගල්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ මුල් බැස ගෙන ඇති බවයි මම හිතන්නේ.

ඉතින් මම මේ දිග වැඩිවුන ලිපියෙන් අදට ඔබෙන් සමු ගන්නවා.

කිතුණු ඥාතීන්ට ‘ ජේසු පිහිටයි “

තෙරුවන් සරනයි.









මම - මීදුම.








A day in the life

2025-12-23

මහ ගෙදර



බොහෝ පවුල්වල කේන්ද්‍රය උනේ තමන්ගේ "මහගෙදර" ඒත් සමහර පවුල් වල නැත්නම් ගෙවල් වල කේන්ද්‍රය වු මිනිස්සු ඉන්නවා කිව්වොත් පිළිගන්නවද....
ගොඩක් පවුල් වල තියෙනවා අපි නොහිතන කේන්ද්‍රීය ස්ථානයක් ඒක බොහෝවිට පවුලේ කෙනෙක් වෙන්න පුලුවන් නැත්නම් පවුලක් ජීවත්වෙන තැනක් වෙන්න පුලුවන්. සමහර විට ඒ කේන්ද්‍රය බිඳ වැටුනාම සියලු දේ සී සී කඩ යන එක යනවා මයි. මම එහෙම වුන පවුල් සහ මිනිස්සු ඕනතරම් දැකලා තියෙනවා.
සමහර පවුල් වල ගෘහ මූලිකයා තාත්තා කිව්වාට පවුලේ න්‍යෂ්ටිය වෙන්නේ ඔහුම නෙවේ. ගොඩක් ගෙවල්වල මේ කේන්ද්‍රය වෙන්නෙ අම්මා. සමහර පවුල් වල එක්කෝ ලොකු අයියා නැත්නම් නංගී එක්කෝ අක්කා. මේ වගේ විවිධාකාර චරිත ඒ තැනට එනවා.
මේ න්‍යෂ්ටිය සිඳී බිඳී ගිය දාට එක්කෝ නැත්තටම නැතිවු දාට මේ ගොඩක් පවුල් එකාට එකා නැතිව වෙන් වෙලා යනවා.ඒ කියන්නේ පවුලේ බැඳීම ගිලිහිලා යනවා.
ඉස්සර උඩහමුල්ලේ ඩිපෝව ඉස්සරහා වලව්වක හැඩ තල තිබූ ගෙයක් තිබුණා ඒක වලව්වක් නෙවේ ඒත් ඒ පෙනුම තිබුනා කියල මම හිතනවා. පොල්ගස් කිහිපයක් ගේ වටා තිබුනා ඒ පොල්ගස් වටේට මල් පිරුනු ඇඩ්සෝරා මල්ගස් තිබුණා. ඒවා ගානට කප්පාදු කරලා හොඳටම නඩත්තු කරලා තිබුනා.
ඩිපෝව ලඟ අනිවාර්යයෙන්ම බස් එක විනාඩි පහක් වත් නතර කරලා තියෙන නිසා මේ ගෙදර දසුන මම හිතන්නේ හැමෝටම ඉතා ප්‍රිය ජනක සිතිවිලි ගේන්න ඇති.ඒ කාලේ ඒ වගේ ගෙවල් වැඩිපුර දකින්න තිබුනේ නැහැ.ඒ නිසාම ඒ ගෙදර හැමෝටම අයස්කාන්ත දසුනක් වුනා නිසැකයි. තරමක විශාල ඉඩමක් උනත් නිවැසියෝ හැමදාම මිදුල අතුගාලා ගස් කප්පාදුකරලා ලස්සනට තියාගන්න ගොඩක් මහන්සිවුන පාටක් පේන්න තිබුනා.ඒ නිසාම හිතෙනවා ගෙදර ඇතුලත් එහෙමම පිරිසිදුවට පිලිවෙලට තියෙන්න ඇති කියලා.
මම හැමදාම ඉස්කෝලෙ ගියේ ඔය ගේ ඉස්සරහින් අනෙක් පැත්ත බලාගෙන ආවත් ඩිපෝව ඉස්සරහින් යනකොට නොදැනීම බෙල්ල ඒ නිවස දෙසට හැරෙනවා .ඒක හිතාමතා කරන දෙයක් නෙවෙයි.ඒත් ඒ නිවස දැක්කම මොකක්දෝ හිත පිරෙන ගතියක් තිබුනා.
කාලයක් ගිහින් මම නුවර පදිංචියට ගියාට පස්සෙත් මට ඒ ගෙදර මතකයේ තිබුනා. ඒත් දවසක් ඒ ගෙදර ශ්‍රී විභූතියට කනකොකා හැඬවිලා තිබුනා.....
ඇඹුල්දෙණිය හන්දිය තියෙන්නේ උඩහමුල්ලට එක බස් හෝල්ට් එකක් එහායින්.එක්තරා මුස්පේන්තු දවසක අර ගෙදර ආච්චිඅම්මා තමන්ගේ කුඩා මිනිබිරිය ඉස්කෝලෙ රැගෙනයමින් සිටියදී ඇඹුල්දෙණිය හන්දියේදී සිදුවු දරුණු බස්රථ අනතුරකින් ඔවුන් ගිය ත්‍රීවීල් රථය අනතුරට පත්වී එම ස්ථානයේදීම මියගිහින් තිබුනා.ඒක ඒ දවස්වල පුවත්පත් වල සහ ප්‍රවෘත්ති වල පලවුනා.ඒත් පුරුදු විදියටම මිනිස්සුන්ට ඒක අමතකවෙලා ගියා.
එයිනුත් වසරක් විතර යන්න ඇති. දැන් අර ගෙදර වෙනදාට තිබුන ශ්‍රී විභූතිය දකින්න තිබුනේ නෑ.මිදුල අතුගාලා තිබුනේ නෑ ගස් කප්පාදු කරලා තිබුනේ නෑ. මල් ගස් ඒවාට ඕනෑ විදියට ඔහේ හැදිලා තිබුණා.එලියෙන් බැලුවාම තිබුන අපිළිවෙළ බව ඒ නිවස තුල දැන් රජකරනවා ඇතැයි මට සිතුනා. පිට කවරේ බලලා පොත තීරණය කරන්න එපා කියලා සින්දුවෙන් කිව්වට පිටකවර දිහා බලලා පොතේ අන්තර්ගතය හිතාගන්න පුදුවන් කතා බොහෝමයක් අපි අතර තියෙනවා.ඒක තේරුම්ගන්නත් පැසුණු මනසක් තියෙන්නට ඕන.
ඔහොම තව ටික දවසක් යනකොට ඒ ගෙදර ලදරුපාසැලක් පවත්වාගෙන යනවා පෙනුනා.එතකොට තමයි මට හිතුනේ එතන මොකක්හෝ ව්‍යාකූල භාවයක් ඇතිවෙලා ඇති කියලා.මම කිසිදා අනුන්ගේ දේ නොසෙවුවත් මට ඇත්තටම දැනගන්න ඕනකම තිබුනා ඒ නිවැසියන්ට සිදුව ඇති දේ.පස්සේ මම අපේ පරණ මිතුරන් ගෙන් විමසුවා ඒ නිවසේ විස්තර. එතකොට මට දැනගන්න ලැබුනේ මෙන්න මෙහෙම දේවල්.
ඒ මරණ දෙකෙන් පසු පවුලේ සමගිය ක්‍රම ක්‍රමයෙන් වියැකී ගියාලු. ඒ ගෙදර පුතා රෝගාබාධයකින් රෝද පුටුවට උනාලු.ඒ මදිවාට ඔහුගේ පවුල් ජීවිතය ද අවුල්වී වෙන්වී ගියාලු දේපොල පිලිබඳව ආරවුලක් ඇතිවී ඒ ඉඩම කොටස් කර විකුණුවා ලු....
මම ඔය ලූ...ලූ...කියලා ලිව්වේ මට අනෙක් අය කියපු කරුණු නිසා.මොකද ස්ථිරවම මට එහෙමයි කියලා කියන්න පුදුවන් මම ටක්කෙටම දන්නා කරුනු නම් පමණයි.වෙන අය පැවසූ දේවල් නිසා මට ඒවා හරියටම එහෙමයි කියලා කියන්න බැහැ. ඒත් බහුතරයක් ඒ පැත්තේ පැරැන්නන් කීවේ ඔන්න ඔයවගේ කතාවක්.
ඒත් ඇත්තටම වසරක් දෙකක් යන්නත් මත්තෙන් ඒ ඉඩම කට්ටි කරලා වටේට බිල්ඩින් ගොඩනැගෙමින් තිබුනා මේ වනවිට මම ඔය කියපු ලස්සන මිදුල සහිත ඉඩම සහ ගේ හුදෙක් මතකයක් පමණක් වෙලා ඉවරයි. ඒත් තවමත් උඩහමුල්ල ඩිපෝව ලඟින් යනකොට මට ඒ පැත්ත බැලෙනවා නිරායාසයෙන්....තට්ටු පිට තට්ටු ගැසූ බිල්ඩින් හා කාර්යබහුල වටපිටාව ට යටින් මට බිල්ඩින් අතරින් ඇති චූටි ඉඩෙන් පේනවා අර පැරණි ගේ....හරියටම ගෙදරින් එලියට එන්නට වරම් නැති අයෙක් ආයාසයෙන් කවුළුවෙන් බලාගෙන ඉන්නවා වගේ.
දැන් ඒ ගේ හැමෝටම අමතකවෙලා ගිහිල්ලා.සමහරවිට තව ටික කාලෙකින් ඒ පැරණි ගෙදර බිමට සමතලා කොට අලුත් නිවසක් ඒ මතින් ඉදිවේවි. ඒ ඉඩමේ අලුත් අයිතිකාරයෝ දන්නෙවත් නැතිවේවි ඒ ඉතිහාසය. මං හිතන්නේ ගොඩක් මහගෙවල් වලට වෙලා තියෙන්නේ මේන් මේක තමයි. අපි ආසාවෙන් හදාගන්නා ගෙවල් දොරවල් වලටත් කවදාහරි වෙන්නේ මෙන්න මේක තමයි.ඒක ලොකු ඛේදවාචකයක් උනත් ඒක තමයි යථාර්ථය.අස්ථිර ලෝකයේ කිසිම දෙයක් ඉස්ථීර නැහැ.
මට හිතෙන්නේ ඒ ගෙදර සතුට සාමය අර ආච්චිඅම්මා සහ මිනිපිරියගේ මරණයන් එක්කම වැලලිලා යන්න ඇති. සමහරවිට ඒ නිවසේ න්‍යෂ්ටිය වන්නට ඇත්තේ එක්කෝ ඒ ආච්චිඅම්මා වෙන්න ඇති එක්කෝ ඒ කුඩා දියණිය වෙන්න ඇති. ඔවුන්ගේ අහිමිවීමත් එක්කම ඒ පවුල් බිඳවැටෙන්න ඇති.කොච්චර කිව්වත් සමහර මිනිස්සු සමහර දේවල් වලින් කඩා වැටෙනවා. ඒක නිසාම තමයි මම හැමදාම කියන්නේ ශාරීරිකව දුර්වල වුනත් මනසින් කඩාවැටෙන්න එපා කියලා
මනස කඩාවැටුනොත් තමන්ගේ පරිහානිය පටන්ගන්නේ එතනින්.එහෙම මිනිස්සුන්ව ආයේ නැගිට්ටවගන්න එක ඉතාම අමාරුයි. ඔවුන්ටම හිතිලා නැගිට්ටොත් විනා මනසින් කඩාවැටුන මිනිස්සුන්ව නගාසිටුවන්නට බැහැ.ඒ වගේම අධ්‍යාත්මිකව ශක්තිමත් මිනිස්සු ලේසියට වට්ටන්නත් බැහැ.
මේ මම පෞද්ගලිකවම ලබපු අත්දැකීමක්.ඔයවගේ අධි සංවේදී සිද්ධි ගොඩක් මගේ හිතේ තියෙනවා. ඒ දේවල් වලින් මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. මට හිතෙන මම දකින ජීවිතයේ අනිත්‍ය බව ඔබ සමග බෙදාගන්නවා. දැනුම ස්වයංජාතයි තනියම අවබෝධකරගන්න හැමදේම අධ්‍යාත්මිකව ඔබව යම් තලයකට ගේනවා.
අපි කිසිම දේකට ඇලී ගැලී ඉන්න ඕනෑ නැහැ.මොකද අපි ආසාවෙන් රකින ගෙයක් දොරක් වේවා බැඳීමක් වේවා කැඩී බිඳී සුනුවිසුනු වෙන්න යන්නේ තත්පරයයි.අනික අපි ආදරයෙන් රකින ඒවා වල වටිනාකම ඔක්කොම අපෙන් පස්සේ අහෝසිවෙලා යනවා.
ඒ නිසා ඇලී ගැලී රැකියයුතුයි කියලා කිසිම දෙයක් මේ ලෝකේ නෑ.

#චතුරිකා_අනුරාධා
ප.ලි.- මේ ඒ ගෙදර නෙවෙයි ඒත් ඊට බෙහෙවින් සමාන එකක් වෙනසකට තියෙන්නේ මම කියන ගෙදර මිදුලේ හරියට මල් ගස් තිබුනා එච්චරයි.

A day in the life

2025-12-22

කුසගින්නේ ආශ්චර්යය:




කුසගින්නේ ආශ්චර්යය: 
නිරාහාරව සිටීමෙන් සිරුර අලුත්වැඩියා කරන ඔටෝෆජි (Autophagy) විද්‍යාව

වර්ෂ 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි (Yoshinori Ohsumi) වෙත පිරිනැමීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අප මෙතෙක් නොසිතූ අන්දමේ විස්මිත සොයාගැනීමක් වෙතය. එනම් අපගේ ශරීරයට තනිවම සුව වීමේ සහ අලුත්වැඩියා වීමේ පුදුමාකාර හැකියාවක් පවතින බවත්, එම ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා ප්‍රධානතම යතුර වන්නේ අප ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීම හෝ යම් කාලසීමාවක් නිරාහාරව සිටීම බවත්ය.

මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ 'ඔටෝෆජි' (Autophagy) යනුවෙනි. ග්‍රීක භාෂාවෙන් බිඳී ආ මෙම වචනයේ සරල අර්ථය වන්නේ 'තමන් විසින්ම තමන්ව අනුභව කිරීම' යන්නයි. මෙය බැලූ බැල්මට බියකරු බවක් පෙනුනද, සත්‍ය වශයෙන්ම මෙය ශරීරය තුළ සිදුවන ඉතා හිතකර ස්වභාවික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකි.

අප දිනපතා ආහාර ගන්නා විට ශරීරය නිරන්තරයෙන්ම කාර්යබහුල වන්නේ එම ආහාර දිරවීමට සහ ඒවායේ පෝෂ්‍ය පදාර්ථ බෙදා හැරීමටයි. නමුත් අප යම් කාල පරාසයක්, උදාහරණයක් ලෙස පැය 12කට හෝ 16කට වඩා කාලයක් නිරාහාරව සිටින විට ශරීරයට පිටතින් ශක්තිය ලැබීම නතර වේ. මෙවැනි අවස්ථාවක ජීවත් වීම සඳහා ශක්තිය සොයා ගැනීමට ශරීරය තම අභ්‍යන්තරය දෙසට හැරේ. එහිදී සෛල තුළ එකතු වී ඇති අක්‍රිය වූ ප්‍රෝටීන කැබලි, හානි වූ සෛල කොටස්, වෛරස හෝ බැක්ටීරියා වැනි විෂ ද්‍රව්‍ය එක්රැස් කර ඒවා බිඳ දමා ශක්තිය බවට පත් කරගැනීම ආරම්භ කරයි. 
මෙය හරියටම නිවසක් පිරිසිදු කිරීමට සමාන ක්‍රියාවලියකි. නිවසේ ඇති අනවශ්‍ය කුණු කසළ ඉවත් කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කර නැවත ප්‍රයෝජනයට ගැනීමක් මෙහිදී සෛලීය මට්ටමෙන් සිදුවේ.
මෙම ඔටෝෆජි ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමත් සමඟ සිරුර තුළ දැවැන්ත සුව කිරීමේ මෙහෙයුමක් දියත් වේ. මෙහි ඇති ප්‍රධානතම වාසියක් වන්නේ වයසට යෑමේ ක්‍රියාවලිය පමා කිරීමයි. කාලයත් සමඟ අපගේ සෛල තුළ කුණු කසළ එකතු වීම නිසා සෛල දුර්වල වී සම රැලි වැටීම සහ අවයව දුර්වල වීම සිදුවේ. නමුත් උපවාසය මගින් මෙම අපද්‍රව්‍ය ඉවත් කරන නිසා සෛල අලුත් වී තරුණ බව රැක ගැනීමට විශාල පිටිවහලක් ලැබේ. 
එමෙන්ම මොළය ආශ්‍රිතව හටගන්නා ඇල්සයිමර් සහ පාකින්සන් වැනි රෝගවලට හේතු වන විෂ සහිත ප්‍රෝටීන තැන්පතු ඉවත් කිරීමට ද මෙම ක්‍රියාවලිය උපකාරී වන බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත. එනම් නිරාහාරව සිටීම හුදෙක් බර අඩු කරගැනීමට පමණක් නොව මොළයේ සෞඛ්‍යයටද එකසේ වැදගත් වේ.

තවද අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටද මෙය ඉවහල් වේ. සෛලයක් තුළ යම් විෂබීජයක් හෝ වෛරසයක් ඇත්නම් ඔටෝෆජි ක්‍රියාවලිය මගින් එය විනාශ කර දැමීම සිදු කරයි. එමෙන්ම පිළිකා සෛල ඇතිවීමේ අවදානම අඩු කිරීමටද මෙය දායක විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. ශරීරයේ ඇති ප්‍රදාහය (Inflammation) හෙවත් අනවශ්‍ය ඉදිමීම් සහ වේදනා තත්වයන් පාලනය කිරීමටද මෙම විවේක කාලය ශරීරයට වැදගත් වේ. නිරන්තරයෙන් ආහාර ගැනීම නිසා ඉන්සියුලින් හෝමෝනය ඉහළ මට්ටමක පැවතීම දියවැඩියාව වැනි රෝගවලට අත වැනීමකි. නමුත් වරින් වර සිදු කරන උපවාසය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කරයි.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය පිළිබඳව අද සමාජයේ ඇත්තේ වැරදි අවබෝධයකි. බොහෝ දෙනා සිතන්නේ නිරාහාරව සිටීම යනු ශරීරයට දෙන දඬුවමක් බවයි. නමුත් යොෂිනොරි ඕසුමිගේ සොයාගැනීම අපට උගන්වන්නේ කුසගින්න යනු ඖෂධයක් බවයි. මෙය වර්තමානයේ 'අන්තර්වාර උපවාසය' (Intermittent Fasting) ලෙස ප්‍රචලිත වී ඇත. නමුත් මෙය සිදු කළ යුත්තේ නිසි අවබෝධයකින් යුතුවය. සීමාව ඉක්මවා දින ගණන් නිරාහාරව සිටීම ශරීරයට අහිතකර විය හැකි අතර, නිශ්චිත පැය ගණනක් ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩාත් ප්‍රතිඵලදායක ක්‍රමයයි. විශේෂයෙන්ම රාත්‍රී ආහාරය වේලාසනින් ගෙන පසුදා උදෑසන ආහාරය තරමක් ප්‍රමාද කිරීමෙන් ඉතා පහසුවෙන් මෙම පැය 16ක පමණ පරාසය ලබා ගත හැක.

වසාන වශයෙන් කිව හැක්කේ, නවීන විද්‍යාව විසින් සොයාගත් මෙම 'ඔටෝෆජි' සංකල්පය අපගේ පෞරාණික ආගමික හා සංස්කෘතික උපවාස ක්‍රමවල විද්‍යාත්මක පසුබිම මැනවින් තහවුරු කරන බවයි. අප ආහාර ගන්නා වේලාවන් සහ රටාවන් වෙනස් කිරීම වැනි සරල ජීවන රටා වෙනසක් මගින් මිල අධික ඖෂධවලින් ලබාගත නොහැකි සෞඛ්‍ය සම්පන්න බවක් ලබා ගැනීමට අපට හැකියාව ඇත. එබැවින් වරින් වර ශරීරයට විවේකයක් ලබා දී ස්වයං-සුවකිරීමේ ක්‍රියාවලියට ඉඩ දීම දීර්ඝායුෂ ලැබීමට ඇති හොඳම මාර්ගයකි.
#Autophagy #YoshinoriOhsumi #NobelPrize #IntermittentFasting #CellularRepair #HealthyLiving #ScienceFacts #Longevity #Wellness #Biology

A day in the life

2025-12-21

ජීවිතයේ පළමු හුස්ම



නිදහස් වීමෙන් දින තුනකට පසුවත්, කඳවුර තවමත් මරණය සහ සුවය ලැබීම අතර අත්හිටුවන ලද ස්ථානයක් විය. වරක් දුක් වේදනා වලින් පිරී තිබූ ලී බැරැක්ක දැන් විවෘතව තිබූ අතර, ඒවායේ දොරවල් තවදුරටත් බාධක නොව ඇතුළත සිදු වූ දේට නිහඬ සාක්ෂිකරුවෝ වූහ. දිරාපත්වීමේ සුවඳ තවමත් මැකී ගොස් නොතිබුණි; එය බිමට, බිත්තිවලට, මිදුල හරහා ඇවිද ගිය සෑම පුද්ගලයෙකුගේම ඇඳුම්වලට ඇලී තිබුණි. නමුත් ඊට ඉහළින් නැඟී ආවේ නව සුවඳක්, පැවැත්ම සංකේතවත් කළ එකක්: ඇමරිකානු ක්ෂේත්‍ර මුළුතැන්ගෙයි ලෝහ භාජනවල තැම්බූ තුනී එළවළු සුප් හොද්ද.

සති හෝ මාස ගණනක් හිරු එළියට පා තැබුවේ නැති බොහෝ දෙනෙක්, දිවි ගලවා ගත් අය, සැඟවී සිටීමෙන් සෙමෙන් පිටතට පැමිණෙමින් සිටියහ. ඔවුන්ගේ ශරීර බිඳෙනසුලු වූ අතර, සුදුමැලි සමෙන් ඔතා ඇති ඇටසැකිලි රාමු බවට පත් වූ නමුත්, ඔවුන්ගේ චලනය - කොතරම් දුර්වල වුවත් - නිහඬ විරෝධයක් ගෙන ගියේය. වෛද්‍යවරු අසාමාන්‍ය මෘදුකමකින් ඔවුන්ට මඟ පෙන්වූහ, ඔවුන්ගේ දෑත්වලට ආධාර කරමින්, ජලය ලබා දෙමින්, මෙම සිරකරුවන් වසර ගණනාවක් තිස්සේ දැන සිටි කෲරත්වයට වඩා තියුණු ලෙස වෙනස් වූ සන්සුන් ස්වරවලින් කතා කළහ.

කඳවුර පුරා වෛද්‍ය කණ්ඩායම් ගමන් කරමින්, සෑම විස්තරයක්ම ලේඛනගත කළහ: ආසාදන, විවෘත තුවාල, මන්දපෝෂණය, හිම කැට, බලහත්කාරයෙන් වැඩ කිරීමෙන් ඇති වූ තුවාල. ඔවුන් ලියූ සෑම සටහනක් සමඟම ඔවුන්ගේ මුහුණු තද විය. වඩාත්ම පළපුරුදු සොල්දාදුවන් පවා සන්සුන්ව සිටීමට අරගල කළහ; කඳවුරේ යථාර්ථය පුහුණුව ඔවුන් සූදානම් කළ ඕනෑම දෙයකට වඩා වැඩි විය.

සමහර දිවි ගලවා ගත් අය කතා කිරීමට තරම් දුර්වල වූ නමුත් ඔවුන්ගේ ඇස් අවදියෙන් සිටියහ. ඇමරිකානු සොල්දාදුවන්ගේ නුහුරු රිද්මයන් ඔවුන් බලා සිටියහ - ඔවුන් ටින් කෝප්ප පසු කරන ආකාරය, සලාක පැකට් විවෘත කරන ආකාරය, ඔවුන් කෑ ගසන්නේ නැතිව ඇවිද යන ආකාරය. සෑම ශබ්දයක්ම බියෙන් උපන් සහජ බුද්ධියෙන් විශ්ලේෂණය කරන ලදී. සෙමින්, ඉතා සෙමින්, අනතුර පහව ගොස් ඇති බව ඔවුන්ට වැටහෙන්නට පටන් ගත්තේය.

බැරැක්කයක් අසල, වෛද්‍යවරයෙක් ලී සේදුම් බේසමක් අසල දණ ගසා, විෂබීජහරණය කළ ජලයෙන් ආසාදන පිරිසිදු කරන ආකාරය නිරූපණය කළේය - සිරකරුවන් වසර ගණනාවක් තිස්සේ දැක නොතිබූ දෙයක්. වෙහෙසට පත්ව වෙව්ලන මිනිසුන් පිරිසක් ඔහුගේ චලනයන් පිටපත් කළහ. ඔවුන්ගේ ඇටකටු ඔවුන්ගේ සමට තියුණු ලෙස තද කළ නමුත් ඔවුන්ගේ අධිෂ්ඨානය නොවරදින සුළු විය. සේදීම, වියළීම හෝ පිරිසිදු රෙද්දක් අල්ලා ගැනීමේ සෑම ක්‍රියාවක්ම ඔවුන්ගේ මනුෂ්‍යත්වයේ කුඩා කැබැල්ලක් නැවත ලබා ගැනීමක් මෙන් දැනුනි.

ජර්මානු භාෂාව පිළිබඳ සීමිත දැනුමක් ඇති තරුණ ඇමරිකානු සොල්දාදුවෙක් අත්‍යවශ්‍ය උපදෙස් පරිවර්තනය කරමින් අසල සිටගෙන සිටියේය:
“සෙමින් බොන්න... කරකැවිල්ල දැනෙනවා නම් නිදාගන්න... අපි ඔබව දාලා යන්නේ නැහැ.”

ඔහුගේ උච්චාරණය බර විය, ඔහුගේ ව්‍යාකරණ අසම්පූර්ණ විය, නමුත් පණිවිඩය තේරුම් ගන්නා ලදී. දිවි ගලවා ගත් එක් අයෙක් ඔහුගේ මුහුණට දෑත් තද කර නිහඬව සෙලවීය. කඳුළු ආවේ නැත; කුසගින්න ඔහුගෙන් එය පවා උදුරා ගෙන තිබුණි.

සවස් වන විට, කඳවුරේ වාතාවරණය වෙනස් විය. ජීවිතයේ සෑම තත්පරයක්ම පාලනය කළ රළු විධානයන් අතුරුදහන් විය. ඒ වෙනුවට, වෛද්‍යවරුන්ගේ මෘදු හඬවල් වාතය හරහා ගලා ගියේය. අතින් අතට මාරු වන විට ආපනශාලා මෘදු ලෙස නාද විය. ඈතට, හමුදා වාහනවල ස්ථාවර ඝෝෂාව සංඥා කළේ උපකාරය දිගටම පැමිණෙන බවයි.

වසර ගණනාවකට පසු පළමු වතාවට, බිඳෙනසුලු නමුත් සැබෑ උණුසුමක් මෙන් ඔවුන් මත රැඳී සිටින ආරක්ෂාව පිළිබඳ හැඟීමක් සිරකරුවන්ට දැනුනි. තවමත් සුව වී නොතිබුණි - තුවාල ඉතා ගැඹුරු විය - 
නමුත් එය නැවතත් ජීවිතයේ පළමු හුස්ම ගෙන තිබුණි.

PABASARA KARUNARATHNA

day in the life

2025-12-20

දොඹකරයකින් මම ඔසවමි මල් රේණූ .



බේරේ වැවට ඉඳහිට දේදුනු වැටුණී
කාවයියෙකුට නොදැනි ම ටොපියක් ගිලුණී
ලෙන්දොර බිඳින හඬ හිත පතුලෙන් ඇසුණී
දුන්හිඳ ඇල්ල මගෙ පෙනහැල්ලට වැටුණී

කුර ගා පැමිණි දුර ගව් සිය ගව් බැවිනී
මිරිකී තැලෙන දිවිය ම ඉමිහිර පිරුණී
මිල්ටන් පෙරේරා අසමින් සැළලිහිණී
කඩුගන්නාව වැඳගෙන ආපහු හැරුණී

දුම්බර පුසුඹ විඳ විඳ මා දළඹු සිත
පෙම්බර පිලා අවධිය තුළ වැතිර ඇත
සෙංකඩගල ම සිඹිනා මීදුමක තෙත
මින්දද සමඟ මා ගෙන යයි කවිය වෙත

හද විල කලතමින් හද පතුලට පීනූ
තවමත් ම'හද කළඹන සුන්දර ගෑනූ
සිහියට නැඟෙන කල ඒ විලිබර මූණූ
දොඹකරයකින් මම ඔසවමි මල් රේණූ


🙏🙏 කුමාර හෙට්ටිආරච්චි .




A day in the life