ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-10-14

හයිටිය සහ ඉටිකා...


රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්‌ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්‌තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක්‌ වූහ.
මේ රට කොල්ලකෑමට මාන බැලූ ධනවත් රටවල් පළමුවෙන් ම කළේ හයිටිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සැකසීම ය. හයිටි නම් වූ මෙම කුඩා රාජ්‍යයට මෙපමණට ම කෑදරකම් කිරීමට හේතුව හයිටි භූමියේ පස්‌වල ටයිටේනියම් නැමැති වටිනා ලෝහය තිබීම ය.
ගුවන්යානා තැනීම වැනි කාර්යයන් සඳහා හයිටි පසේ පිහිටි එම ලෝහය ඉතා වටිනා බව ඔවුහු දැන සිටිය හ. දේශපාලනික වශයෙන් හයිටිය තමන්ගේ යටත් රාජ්‍යයක්‌ කර ගැනීමට ධනවත් රාජ්‍යන් දැරූ වෑයම හයිටියේ දේශප්‍රේමී ආණ්‌ඩුව විසින් පරාජය කරනු ලැබිණි. බල ලෝභීන්ගේ හා දුෂ්ට බලවත් රාජ්‍යයන්ගේ අත පෙවීමට එරෙහි වූ දේශප්‍රේමී හයිටි නායකයෝ තම රට රැක ගැනීමටත් රටේ ස්‌වාධීනතාවය පවත්වා ගැනීමටත් වෑයම් කළ හ.
ඉහත කී බලවත් රටවල නායකයන්ගේ කෑදරකම් හා ධන පිපාසාව ඉන් සංසිඳුනේ නැත. සිද්ධ වූණේ හුදෙක්‌ හයිටි රාජ්‍ය පාලනය පෙරලා දැමීමටත් හයිටිය කොල්ලකෑමටත් ඉන් අනතුරු ව හයිටිය විනාශ කොට පලිගැනීමටත් පිඹුරුපත් සැකසීම ය. මේ සඳහා සූක්‌ෂම උපක්‍රමයන් හා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සැලසුම් කළහ.
ඉහත කී රාජ්‍ය බලය ලබාගැනීම, එමගින් ම කොල්ලකෑම හා රට වැනසීම යන ඉලක්‌ක තුන සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රමයෙන් ඔවුන් එලූ දැල, ඔවුන් ඇටවූ උගුල හයිටිවාසීන්ට තවමත් වැටහෙන්නේ නැත. එය නොවැටහෙන සේ කටයුතු කිරීමට ජන මනස ගොඩනැගීම ද උපාය මාර්ගයේ ම කොටසකි.
අවසාන විග්‍රයේ දී රට වැසියා විසින් සිය රට විනාශ කළ යුතු ය., එය විනාශයක්‌ බවට ඔවුනට නොවැටහී තිබිය යුතු ය., නැතහොත් විනාශය සංවර්ධනයක්‌ සේ රටවාසීන් විසින් ම තර්ක කොට විවාද කොට පිළිගත යුතු ය යන්න උපාය මාර්ගයේ ම කොටසකි. මේ අනුව හයිටි වාසීහු අදටත් විනාශයේ අසිරිය නරඹති.
විනාශයෙහි දී ඔල්වරසන් හඬ දී කති, බොති, නටති, ගයති, වයති, විනාශයේ ආශිර්වාදය ත්‍යාග කළ දෙවියන්ට ස්‌තුති කරති.
ඉහත කී විනාශය හා එහි ක්‍රමෝපාය මා දැනගත්තේ හයිටියේ සේවය කොට පැමිණි ආරක්‌ෂක සේවාවන්හි සාමාජිකයන්ගෙනි. ඔවුන් විසින් කරන ලද අදහස්‌ දැක්‌වීම් ප්‍රාථමික මූලාශ්‍රය සේ සළකා මෙම කරුණු ඉදිරිපත් කෙරේ. (අප රටට දඬුවම් කිරීමට යෝජිත ජිනීවා වාර්තාවට වඩා මේ ලිපිය ඒ අනුව වටී.)
මට ප්‍රශ්නයක්‌ ව තිබුණේ මා දන්නා පරිදි සිවිල් යුද්ධයක්‌ හෝ නොමැති හයිටියට ආරක්‌ෂ නිලධාරීන් යවන්නේ කුමක්‌ හෙයින් ද යන ගැටළුවයි.
ඉහත කී පරිදි ම සල්ලිකාර රාජ්‍යයක්‌ වූ හයිටිය දිගු ආයු සම්පත්තියක්‌ සහිත නිරෝගී දේහයක්‌ සහිත පුරවැසින් සහිත ය. එ රට කොල්ලකෑමට නම් ඊට එකඟ වන පාලකයකු සහිත පාලන තන්ත්‍රයක්‌ බිහි කළ යුතු ය.
ලොකු ලොකු රටවල්වලට සුවච කීකරු නොවන පාලකයන් පන්නා දැමිය යුතු ය. ඔවුන්ට නැවත බලයට පත්වීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා රටවාසීන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු ය.
එකී දැනුම රටට යහපත් නොවන ආක්‍රමණිකයාට යහපත් වන දැනුමක්‌ විය යුතු ය. මෙම සැලැස්‌ම ප්‍රකාර ව හයිටියේ දේශප්‍රේමී රාජ්‍ය පාලනය පෙරලා ආක්‍රමණිකයාට වලිගය වනා පස්‌ස ලෙවකන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ආක්‍රමණික ධනවත් රටවලට හැකිවිය. ඊට විප්ලවය යෑයි නම් කළා දැයි මා දන්නේ නැත.
ඊළඟට රට පුරා බියර් දන්සැල් ඇරිණි. සුරාසැල් නිරතුරු ව විවෘත ව තැබිණි. මුලින් ම සුරාසැල් විවෘත ව තැබීමේ කාලය දිගු කිරීමේ යෝජනාව ගෙනෙන්නට ඇත. ඊට පාර්ලිමේන්තුවාසීන් අත උස්‌සන්නට ද ඇත.
හයිටියේ කාන්තාවන්ට සුරාපානය සඳහා තිබුණ තහනම ඉවත් කෙරිණි. රටපුරා ම ලාබ ම බීම අරක්‌කු බීම බවට පත් විය . දුම්වැටි ඊට ප්‍රබල විය. (ලංකාවට පැමිණි සුද්දන්ගේ මුල් ම උපක්‍රමයක්‌ වූයේ ද මෙය ය.) මින්පසු ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද තරුණ තරුණියෝ ද දරුවෝ ද නිරතුරු ව ම බීමත් ව සිටිය හ.
සුරා පානය තහනම් ය යන නීතිය ඉවත් කෙරිණි. එය පාර්ලිමේන්තුවේ විප්ලවවාදී පක්‌ෂවල ද සහයෝගයෙන් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මතවූවා දැයි මට තොරතුරු දුන් සෙබළු දැන නොසිටිය හ.
ඉන් අනතුරු ව ආක්‍රමණිකයාට හිතවත් පාලකයින් කළේ ඉතා කුඩා ව්‍යවස්‌ථා සංශෝධනයකි. ඒ අනුව සෑම දරුවෙක්‌ ම අනිවාර්යයෙන් ම පාසල් යා යුතු ය යන කොන්දේසිය ඉවත් කෙරිණි.
ඒ සමග ම පාසල් නිළ ඇඳුම අනිවාර්යය වේ යන කොන්දේසිය ද ඉවත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ දහස්‌ ගණන් දරුවන් අධ්‍යාපන අත්හැර දැමීමය. පාසැල් යන්නවුන් ද නොයන්නවුන් මෙන් පෙණිනි. ළමා අයිතිවාසිකම් බල ගන්වමින් ද තරකරමින් ද ඒ පිළිබඳ දරුවන් පමණ ඉක්‌මවා දැනුවත් කරමින් ද ළමා අයිවාසිකම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක්‌ ලබා දුනි.
දරුවන්ගේ ම යහපත උදෙසා කුඩා කුඩා දඬුවම් ද කළ ගුරුවරුන්ගේ වැඩ තහනම් කෙරිණි. ඔවුනට එරෙහි ව නඩු පැවරිණි. දරුවන්ට පක්‌ෂපාත නොවූවා වූ ද වැරදිකරුවන්ට දඬුවම් කළා වූ ද පොලිස්‌ නිලධාරීන්ගේ ද වැඩ තහනම් කෙරිණි. මින් සංතෘප්තියට පත් තරුණ දරුවෝ ද දැරියෝද වල්බූරු නිදහසේ සුවය වින්ද හ.
නිල ඇඳුම් ද විරහිත පාසල් දරු දැරියෝ පොපියන චමත්කාරයේ ආස්‌වාදය වින්දේ මහ දවල් එළිපිට ය. සාමාන්‍යයෙන් හයිටි වාසී කාන්තාවෝ ඇඳුමට දක්‌වන්නේ අඩු උනන්දුවකි. ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද සැම විට ම කමින්, බොමින්, නටමින්, ගයමින් විනෝදයෙන් ම කල් ගෙවති. ඒ තරුණයින්ට ඒ පාලකයින් ද බ්‍රේස්‌ලට්‌ , චුයින්ගම්, පිට්‌සා සිහින මවන්නට ඇත.
මෙම සකළ සිරින් පිරි ටෙම්පරරි ආතල් එකට පසුව සිද්ධ වූයේ කුමක්‌දැයි ලිපිය අවසානයෙහි දී බලමු. එරට අධ්‍යාපන බලධාරීන්ගේ ඊළඟ සැලැස්‌ම වූයේ තරුණ ශිෂ්‍යයන්ට ටැබ් ලබා දීමට ය. ටැබ් සඳහා වයි ෆයි ලබා දීම ය. සියලු ම වර්ගයේ ලිංගික වෙබ් අඩවිවල නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දීම ය.
බහුල භාවිතයක්‌ එනතුරු අඩු මිල ගණන්වලට ඒවා සැපයීම ය. ඒ තරුණ තරුණියෝ අද මැදිවියට පත් ව සිටිති. නිරුවත ඔවුන්ට සාමාන්‍ය ය. සුරාව සාමාන්‍ය ය. මත් ද්‍රව්‍ය ද සාමාන්‍ය ය. ඒවාට එරෙහි වන නීතිය දුර්වල ය.
එහෙත් හයිටිවාසීහු මේ විනාශයේ ආස්‌වාදය ස්‌වෙච්ඡාවෙන් විඳිති. කති, බොති, නටති, ගයති, වයති, අප රටේ සතුන්ගේ හැසිරීම මෙන් ඔවුගේ පවුල් ජීවිත ගත කිරීම ද නිදහස්‌ ය. මග දෙපස මහමග දවල් විවෘත ව ලිංගික ව හැසිරෙති. ඒ දෙස විමතියෙන් බලන්නෝ හුදෙක්‌ විදේශිකයෝ වෙති.
කුමන්ත්‍රණ සැලැස්‌මේ ඊළඟ යෝජනාව වූයේ තෙල් ද පිටි ද සීනි ද ලුණු ද ආහාර බහුල කිරීම ය. මස්‌ හා මස්‌ ආශ්‍රිත ආහාර නිෂ්පාදනය සුලභ හා බහුල කෙරිණි. හයිටි රටවාසීහු රාජ්‍ය පාලනයෙන් තොර වූ මේ ආහාරයෙහි දැඩි ව ලොල් වූ හ.
මේ වන විට ගැහැනු සුවිශාල වට්‌ටක්‌කා ගෙඩි මෙන් ස්‌ථූලභාවයෙන් පෙළෙති. පිරිමිහු ද තරබාරු ව සිටිති. අඩි හයක්‌ ව පමණ උස ව සිටි නිරෝගී ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක්‌ සහිත හයිටිවාසීන්ගෙන් අති බහුතරයක්‌ දියවැඩියාවෙන් ද හෘදරෝගවලින් ද අස්‌ථි දුර්වලතාවයෙන් ද පෙළෙති.
කණගාටුවට තවත් කරුණක්‌ නම් 90% කට අධික පිරිසක්‌ ඒඩ්ස්‌ රෝගීන් වීම ය. වයසින් අවුරුදු 100 කට ආසන්න කාලයක්‌ දීර්ඝායුෂ වින්ද හයිටිවාසීන්ගේ අද ආයු කාලය අවුරුදු 45 ක්‌ 50 ත් අතර වේ. නිරෝගී ජාතියකට සිදු වූ විපත. හිතුවක්‌කාර ජාතීන්ගෙන් සල්ලිකාර බලවත් ජාතීන් පලිගත් හැටි.
මේ කී සියල්ල අපට දැනට ද ආගන්තුක නොවේ.
මේ අතරවාරයේ ඇමෙරිකානු ගුවන්යානා පැය 24 පුරා ම එක්‌ රාජකාරියක නිරත වේ. ඒ හයිටියේ පස්‌ කපා විශේෂ ගුවන්යානා මගින් ඇමරිකාවේ ගොඩබෑම ය. ඒ පෙදෙස්‌වල විසූ හයිටි ස්‌වදේශික ජනතාව ඔවුන්ගේ ම කැමැත්තෙන් පලවා හැර උන්ට කන්ඩ බොන්ඩ දී මේ බිම පස්‌ කැපීම සඳහා නිදහස්‌ කොට ගෙන තිබේ.
ඇමරිකාව හා හයිටිය අතර වූ ගිවිසුම “උඹලට කන්ඩ හා අපට කන්ද” යන්න විය යුතු ය. ඉන්තේරුවෙන් ම ඒ ගිවිසුම ඉට්‌කා නම් නොවන්නේ ම ය. උදේ සිට රෑ වන තුරු ද රෑ සිට එළිවන තරු ද ඇමරිකානුවෝ පස්‌ කපති.
ඒවා ඇමෙරිකාවට අදිති. හයිටිය සූරාගෙන කති. අපට ප්‍රජාතන්ත්‍රවාදය ද මානව හිමිකම් ද කියා දෙති. ඒවා අපේ රටේ හරියට වෙනවාදැයි චෙක්‌ කරන්ඩ ද ඉඳ හිට එති. ඒවා හොඳ වැඩ යෑයි උන්ගේ නියෝජිතයින් වන අපේ උන් ද කියති.
සාම සාධක හමුදාවෝ ස්‌වදේශිකයන්ගෙන් එම බිම සුවසේ කොල්ලකෑම සඳහා දිවා රෑ රැකවල් සපයති. සාමය සාධනය කරති. ඔවුනට හොඳ පඩි නඩි ලැබේ. හයිටිවාසීහු ඔවුනට උගන්වා ඇති පරිදි සංවර්ධනයේ අරුණැලි ද ප්‍රජාතන්ත්‍රවායේ ආශිර්වාදය ද බුක්‌ති විඳිති. ශ්‍රී ලංකාවේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්‌දැයි දකින්නට මේ බඳු වූ පූර්වාදර්ශ ඉතා වටී. පැපුවා නිව්ගිනියාවේ හා ලයිබීරියාවේ තත්ත්වය පිළිබඳ ව අත්දැකීම් ඇත්තෝ ද ලියත්වා.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.
මෙවන් විපතක් අපගේ දූවා දරුවන්ටත් වීමට යන බව ඔබටත් වැටහුණා නම් තවත් කෙනෙක් දැනුවත් කරන්න. මෙය අප විසින්ම වැළක්විය යුතුයි...
Copped
A day in the life

2025-10-13

ගල් ගැහෙන හීතලේ වුවද ජීවත් වෙමි


ගිනිගත්ත බෝලයක් හැංගිලා මුහුද යට
සිහිනයන් දියකළා රන්පාට අහස මැද
හුළං විස්කෝතු හා කෝපි ඇත එක් පසෙක
සීරුවට පෙල ගසයි සන්තෝස ඒ මතක

ඉතින් තරු දන්නෙ නැහැ එදුර නොතරම්ය වග
බිමට ආ විටෙක ඒ බැඳුම් පුපුරනා වග
සිසිරයේ හීතලම තැනෙක මල් සුවඳ ඇත
පිපෙන්නෙම මල් එකම සෘතුවක විතරයිද ?

පැමිණීම් ළඟ නිතර හමුවීම්වල මිහිර
පිටවීම් වල එතෙයි වෙන්වීම් වල රිදුම
ඒ රිදුම් දරාගැනුමද අමුතු තාලයකි
මේ ගෙවෙන්නේ රැඟුම් නැති අසඟ කාලයකි

ගල් ගැහෙන හීතලේ වුවද ජීවත් වෙමි
ආලෝකයේ යතුර නුඹට දී හිනැහෙමී...



සෝමලතා හේරත් මැණිකේ
A day in the life

2025-10-12

එළාර රජුගේ ව්‍යවස්ථාව.

ඉතිහාසය පුරා විමසා බලද්දී ලංකාව තම තමන්ගේ රාජ්‍යයන්ට යටත් කරගන්නට මානබැලූවෝ බොහොමයක් ගැන හඳුනාගත හැකිය. එකී ආශාවන්ට මෙරට පිහිටීම අතිශයින්ම හේතු සාධක වූ අතර බොහෝ විදේශ රාජ්‍යයන් තම තමන්ගේ රටවල සංවර්ධනය උදෙසා ලංකාවේ සාරය උරාගන්නට පිඹුරුපත් සකස් කලේය. එවන් රාජ්‍ය අතර ඉන්දියාවේ කාලිංග දේශයද විශේෂ වෙයි.

එකල ඉන්දියාවටද අමුතු දොළදුකක් තිබී ඇත්තේය. ඒ, ලංකාව කාලිංග දේශයේ අටවැනි යටත් කොටස බවට පත්කර ගන්නටය. ඒ සඳහා ලංකාව කාලිංග දේශයේ යටත් විජිතයක් කරගැනීමේ සිහිනය සැබෑවක් කර දෙන්නට මුල් වූයේ එළාර රජුය.
ඒ අනුව ඉන්දියාවේ අරමුණ වී තිබෙන්නට ඇත්තේ ලොව රටවල් අටකින් යුත් කාලිංග අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කරමින් ලංකා රාජ්‍යයේ රජු ලෙස එළාර රජු පත්කිරීමය.

එළාර රජුගේ පාලනය අනුව ලංකාවේ සියලු පාලන ක්‍රමවේද ප්‍රතිපත්ති මෙන්ම ජන ජීවිතයේ බොහෝ කාරණාද වෙනස් කළ යුතුය යන්න එකල කාලිංග රාජ්‍යයට මහත් වුවමනාවක් තිබිණි. එකී අරමුණ ඉටු කරගැනීම උදෙසා එළාර රජුගේ පත්වීමෙන් පසුව ඔහුට උපදෙස් අනුශාසනා දීම සඳහා කාලිංග දේශයෙන් මුර්කදේව නම් ඍෂිවරයකුද පත්කෙරිණි. ඍෂිවර මුර්කදේවගේ උපදෙස් අනුව එළාර රජුගේ පාලනය යටතේ ලංකාව පාලනය කිරීම උදෙසා කාලිංග දේශ ව්‍යවස්ථාවට අනුරූපව එහි යටත් විජිතයකට උචිතව සැකසූ ව්‍යවස්ථාවක් ලංකාව තුළ භාවිතයටද කටයුතු කර තිබේ.

කාලිංග දේශයට යටත් සියලු විජිතයන්ට අදාළව ඒ ඒ රටවලට ආඥාවන් හයක් නිකුත් කිරීමට කටයුතු කළ බවත් පැවසෙයි. ඒ අනුව සංස්කෘතිය, සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, විදේශ සබඳතා යන කාරණාවලට බලපාන පරිදි එම ආඥාවන් නිකුත් කර ඇත.
ලාංකිකයන් සිය පාලන ක්‍රමවේදයන්ට වඩාත් පහසුවෙන් නතුකර ගැනීමටත්, කාලිංග සිරිත් විරිත් කාලිංග සංස්කෘතියට මෙරට ජනයා අනුගත කරගැනීමටත් පහසු වන පරිදි ලංකාව කොටස් හතට බෙදා වෙන්කිරීමට ඔවුන්ගේ තවත් අභිප්‍රායක් වී ඇත. ඒ අනුව කාලිංග සලකුණු හයක් සහිත කොඩි හයක් යටතේ ලංකාව පාලන ප්‍රදේශ හයකට වෙන් කෙරෙයි. එකී පාලන කලාප පාලනයට අවශ්‍ය නීති රීති පද්ධති අනෙකුත් කාරණාත් ඇතුළත් අත්පොත් නිකුත් කිරීමටද එකල සැලසුම්ව තිබූ බවත් පැවසේ. කාලිංග දේශයට යටත් රටවල කාලිංග සංස්කෘතිය හැර වෙනත් සංස්කෘතියක් පවත්වාගෙන යා නොහැකි බවට නීතියක් තිබී ඇති අතර ලංකාවටද එය පොදු විය. මෙයට අමතරව කාලිංග ව්‍යවස්ථාවේ විශේෂ වගන්ති අතර පහත සඳහන් කරුණුද මූලිකව තිබූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

කාලිංග දේශයේත් ලංකාවේත් උපන්නකුට හැර ලංකාවේ ජාතිකත්වය ලබාගත නොහැකි වන සේ තහනම් කෙරෙයි. එකී ජනයාට හැර අන් අයකුට ලංකාව තුළ තම වර්ගයා බෝකිරීම තහනම් වෙයි. සත්ව ඝාතනය, විශේෂයෙන් ගව ඝාතනය සපුරා තනම් වෙයි. ලංකා පොළොවත් ස්වභාවික සම්පතුත් කාලිංග දේශය සතු වන හෙයින් එකී කිසිවක් විනාශ කිරීම, හානි කිරීම සපුරා තහනම්ය.

ලංකාවේ බුද්ධිමතුන් බිහිකරන ආයතන රජය මගින් පවත්වාගෙන යන අතර ඒවායින් බිහිවන උගතුන් පිටස්තර දේශවලට සේවය සැපයීම සපුරා තහනම් කටයුත්තකි.
ලංකාව සතු මුහුදු කලාප ආශ්‍රිත නෞකා මධ්‍යස්ථාන සියල්ල කාලිංග දේශයට අයත් වන අතර මුතු මැණික් වෙළෙඳාම ඇතුළු සියලු වෙළෙඳාම් කාලිංග දේශයට බදු ගෙවීමද අනිවාර්ය වෙයි.
ඉහත කාරණා හා සමගාමීව තවත් නීතිරීති මාලාවක් තිබී ඇති අතර ලංකාවේ නිෂ්පාදන විදෙස් රාජ්‍යයන්ට යැවීමට අවසර තිබුණද ලංකාවට රැගෙන ඒමට අවසර තිබී ඇත්තේ කාලිංග දේශයේ නිෂ්පාදන පමණකි. එසේම මෙරට සියලු කලාවන් විනෝදාශ්වාදයන් කාලිංග දේශයට ආවේණික රටාවන්ට යටත්ව පවත්වාගෙන යෑමටද නියම වෙයි.

වයස්ගත වූවන්, ආබාධ සහිත වූවන් නඩත්තුව උදෙසා මෙරට ව්‍යාපාරික ප්‍රජාව බරපැන දැරිය යුතුය යන්නත් කාලිංග ව්‍යවස්ථාව අනුව ලංකාවට පැනවූ තවත් විශේෂ වගන්තියකි.
ඉහත කාරණා හා සමානවම එළාර රජුට සිය පාලනය ඉතා පහසුවෙන් කරගෙන යමින් ලංකාවේ ජනයා තමාට අවනතව තබාගැනීමට හැකි සුවිශේෂ නීති රැසක් පනවා තිබූ බවටද පැවසෙයි. ඒ අනුව නාවික කටයුතුවලදී වැඩි වාසියක් කාලිංග දේශය සතු වන පරිදි නීති පනවා තිබී ඇති අතර එකී නාවික කටයුතුවලින් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක අයිතිය කාලිංග දේශය සතු වෙයි.

යම් ලෙසකට එළාර රජුගේ පාලනයට නතු නොවන එළාර රජුගේ අණසකට යටත් නොවන කොටසක් ලංකාව තුළ ඇතොත් එම කොටස්වල හෝ රටින් පිටත යම් තැනක කිසිදු ආකාරයකට කැරැලි ඇති නොවිය යුතුය යන්නත් කාලිංගය නීති පනවා තිබී ඇත.
කාලිංග දේශයේ පූර්ණ යටත් විජිතයක් වන ලංකාව තුළට කාලිංග දේශයේ පූජකයන්ට ඕනෑම අවස්ථාවක පැමිණීමට රාජ්‍ය අවසරය ලැබී ඇති අතර ඔවුන්ට ඕනෑම තැනක සිට ආගම් ප්‍රචාරයට පූජාවන් පැවැත්වීමට අවසර ලැබී ඇත. එම අවසරයට කිසිවකුට විරුද්ධ වීමට බලයක් නොමැති බවත්, හින්දු ආගමික ස්ථාන සහ හින්දු ආගමට සම්බන්ධ සියල්ල බදුවලින් නිදහස් කිරීමටත් පියවර ගෙන ඇත.

එසේම එළාර රජුගේ පාලනය යටතේ සියලු බෞද්ධ විහාර හා ඒ හා සම්බන්ධ ඕනෑම කාරණයකට රජුගේ අවසරය ලබාගැනීමට නියමව තිබී ඇත. එසේ අවසර ලබාගැනීමකින් තොරව කිසිවක් කළ නොහැකි බවටත් වගන්ති එක්ව තිබී ඇත.

මේ හා සමාන තවත් නීති රීති රාශියකින් යුත් වගන්ති ඇතුළත් ව්‍යවස්ථාවට අමතරව එළාර රජුට ලංකා රාජ්‍ය පාලනය පහසු කරවීම පිණිස කාලිංග ඇමැති මණ්ඩලයක් පත්කිරීමටද කටයුතු කෙරිණි. එම ඇමැති මණ්ඩලය යටතට ලංකා රජයේ සියලු අංශ ඇතුළත්ව තිබී ඇති අතර මෙකී පාලන කටයුතු පහසු කරවීම උදෙසා දඬුවම් ක්‍රම, බදු ක්‍රම මෙන්ම විවිධ විදෙස් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ප්‍රකාශයක්ද නිකුනිකුත් කිරීමට කාලිංග රාජ්‍ය කටයුතු කර ඇත.
එමෙන්ම කාලිංග දේශයේ පැවැත්ම උදෙසා එළාර රජු හරහාබදු මුදල් ගෙවීම ලක්වැසියන්ගේ වගකීමක් ලෙසත්, ඒ සඳහා විවිධ බදු ක්‍රම හඳුන්වා දීමටත් කටයුතු කර ඇත.

කෙසේ නමුදු එදා මෙදාතුර ඉතිහාසයේ පිට දේශක්කාරයන්ට හිස නමා යටත්ව තම මවු රට පාවා දෙන්නට අකැමැති දේශමාමක බලවේග ඉදිරියට එන්නාක් මෙන් එදා දුටුගැමුණු රජු, එළාරගේ දුෂ්ට පාලනයට එරෙහිව නැඟී සිටියා පමණක් නොව, කාලිංග දේශ එළාරත්, කාලිංග ව්‍යවස්ථාවත් පරදවමින් තුන් සිංහලය එක්සේසත් කර මෙරට ජනයාට නිදහසේ සිය ආගම දහම අදහමින් සිත් සේ ජීවත් වීමට අවස්ථාව උදාකර දුන්නේය.

එහෙයින් එතෙක් කලක් ක්‍රියාත්මක වූ එළාරගේ නීතිරීති හා පාලන බලය මෙරටින් තුරන්ව නිදහස් නිවහල් රාජ්‍යයක් හෙළය තුළම බිහිවිය.

කුමාර රත්නායක
___________________
,
උපුටා ගැනීමක්.
A day in the life

2025-10-11

පුරන් අප්පු -




"l remind you of the last words of Puran Appu, the hour before he was shot and he was a brave man. He held up his hand and said, ‘If there had been half a dozen such men as me to lead (the 1948 rebellion), there would not have been a white man living in the Kandyan provinces,’ and this is true and we would have lost the country even for a short while my lord .”


"පුරන් අප්පු වෙඩි තබා මරා දැමීමට පැයකට පෙර පැවසූ අවසාන වචන මම ඔබට මතක් කරමි, 

ඔහු නිර්භීත මිනිසෙකි. 

ඔහු අත ඔසවා මෙසේ පැවසීය, 

'මා වැනි මිනිසුන් දුසිම් භාගයක් (1948 කැරැල්ල) මෙහෙයවීමට සිටියා නම්, උඩරට පළාත්වල සුදු ජාතිකයෙකු ජීවත් නොවනු ඇත,' 

මෙය සත්‍යයකි, අපට කෙටි කලකට හෝ රට අහිමි වනු ඇත මගේ ස්වාමීනි."

 ආණ්ඩුකාර විස්කවුන්ට් ටොරිංටන් 1849 ඔක්තෝබර් 9 දින ලන්ඩනයේ යටත් විජිත ලේකම් අර්ල් ග්‍රේ වෙත ලිපියක් යවමින් පවසා ඇත. 


වලිසිංහ රජ්ජුරුවෝ නොහොත් වීර පුරන් අප්පු


1848 අගෝස්තු 8 ..

සකල ශ්‍රී ලංකාවම කම්පිත වූ දිනයකි.ජාතියේ වීර පුතෙකු ලක් මවට අහිමි කල දිනයකි

කවුරුත් දන්නා" වීර පුරන් අප්පු "නම් අන්වර්ථ නාමයෙන් හැදින්වු  වූ ඔහු ජාතියේ සැබෑම වීරවරයෙකුය.

වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කෝ ෆර්නෑන්ඩෝ ලෙසින් කැලිස්ටෝ ෆර්නෑන්ඩෝ , හෙලේනා නෝනිස් දෙමාපියනට දාව  ඔහු උපන්නේ 1812 නොවැම්බරයේ 7 වනදා මොරටුවහි දී ය.‍

මොරටුව ගම්මුලාදෑනි තැන  සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන්  අවුරුදු 13 දී මොරටුවෙන්  ඔහුගේම මාමණ්ඩිය සමඟ රත්නපුරයට පැමිණියේය .පසුව රත්නපුරයේන්   ඌව පළාතට සංක්‍රමණය වී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි වීම නිසා ජාතික වීරවරයෙකු ලෙසින් ඉතිහාසයට එක් විය.


1847 මුල් භාගයේදී  තිස් වයස් වූ ඔහු මහනුවරෙහි ගුනෙපාන අරච්චිගේ දියණිය වන බන්ඩාර මැණිකේ සමඟ විවාහ වූ අතර ඒ විවාහයෙන් ඔහුට එක් දියණියක්ද සිටියේය.


මේ වන විට ලංකාව පුරාවටම තුවක්කු බද්ද ,ලුණු බද්ද ,බලු බද්ද ,පොල් බද්ද ,සාප්පු බද්ද ,ඇග බද්ද , යානාදී වශයෙන් එකී නොකී  බදු අහිංසක ගැමියන් පිට පටවමින් බ්‍රිතාන්‍ය පාලකයන්ද ඔවුන්ට කත් ඇදි සිංහල ගම් නායකයන්ද සිංහල ගැමියන් පීඩාවට පත් කළහ.

මේ පිළිබදව ෆ්‍රැන්සිස්කෝ පසු වූයේ දැඩි ක්‍රෝධයකිනි...

ඉංග්‍රීසි බස මැනවින් ඉගෙන ගෙන තිබූ ෆ්‍රැන්සිස්කෝ සිංහලේ අවසන් රාජධානිය යටත්කර ගැනීම හා රදළ අධිකාරම්වරුන්ගේ පාවාදීම් පිළිබඳව ලියෑවුණු සියලු දේ කියෑවූයේය.

කෙමෙන් කෙමෙන් පිරිහීමට පත්වන හෙළ දිවයින මෙන්ම එහි මිනිසුන්ගේ ජීවිතය, නිදහස හා අයිතිවාසිකම් පිළිබඳවත් ඒවායින් ඔහුට මනාව වටහා ගත හැකි විය. එම සියලුම වූ වැටහීම් තුළින් ඔහු තුළ ඇතිවූයේ ලක්‌ දෙරණ විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ පිරිසිදු චේනාවයි.


මේ වන විට  බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සිංහලයන් කෙරෙන් නැඟුණු සටන්, ගිනිදැල්ද බොහෝ තැන්හි ඇවිළුණද ඒ සටන් බොහොමයක්‌ම සිංහලයනට අත්පත්කර දුන්නේ සතුටුදායක ජයග්‍රහණයක්‌ නොවේ.

කැප්පිටිපොල, කොහුකුඹුර වැනි වීරයන් බොහෝ දෙනකුටම එහිදී සිදු වූයේ දේශප්‍රේමී සටන්වලින් පමණක්‌ නොව ජීවිත සටනින්ද මුළුමනින්ම සමුගැනීමටයි. මෙයින් රාජධානිය පුරාම කවර තත්ත්වයක්‌ ඇතිවී තිබුණේ දැයි කියතොත් සිංහල රාජධානිය පැවතියේ එකම පාළු හුදෙකලා සොහොන් පිටියක් බදු තත්ත්වයකය.


එම තත්ත්වය මුළුමනින්ම වෙනස්‌කොට 1848 ජූලි 26 වනදා දඹුලු විහාරයේදී කුඩාපොල හිමියන් අතින් වලිසිංහ රජු නමින් ‍රාජාභිෂෙක ලද ෆ්‍රැන්සිස්කෝ සිය නාමය " වීර සන්නද්ධ වීර බලජයසූරිය කරු උතුම්පාල අර්ථදේව ඥානරත්න පටබැඳිගේ පුරන්අප්පු" ලෙසින් ප්‍රතිනිර්මාණය වී 1848 නිදහස් සටන සදහා ගොංගාලේගොඩ බණ්ඩාගේ ප්‍රදානත්වයෙන් යුතුව සෙනා මෙහෙයවීමේ වගකීම සියතට ගත්තේය .


ටොරිංටන් ආණ්ඩුකාරවරයාට පුරන් අප්පු මහත් හිසරදයක් විය...තැබෑරුම් ගිනි තැබීම ,බ්‍රිතාන්‍ය රැජිනට අපහාස වන අයුරින් අවලාද නැගීම,පවතින රජයට එරෙහිව කැරළි ගැසීම , රජයට විරුද්ධව මහ ජනයා උසි ගැන්වීම ,බදුල්ලේ මහේස්ත්‍රාත් වරයාගේ නිළ නිවස කඩා බිද දැමීම , ඇතුළු බොහෝ චෝදනා රැසක් ඔහුට විරුද්ධව ගොනු කෙරිණි..

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පවුම් 10 ක් ලබා දෙන බව පවසමින් ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින් 1847 ජනවාරි 1 වන දින ගැසට් නිවේදනයක් නිකුත් කලේය.   


මේ අතර ගොංගාලේගොඩ බණ්ඩා ඔහුගේ සොයුරු දිනෙස් ,ඩිංගිරාළ , වීර පුරන් අප්පු ප්‍රමුඛව හා සාමාන්‍ය ගොවි ජනතාව මෙහෙය වූ මාතලේ කැරැල්ල 1848 ජූනි 29 වනදා සමස්ත සේනාව වශයෙන් දඹුල්ලෙන් පිටත් වී මාතලේ හරහා ගියේ බ්‍රිතාන්‍යයන්ගෙන් උඩරට රාජධානිය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි.

ඔවුහු මාතලේ කච්චේරියද ඇතුළුව රජයේ ගොඩනැගිලිවලට පහර දී බදු වාර්තා සමහරක් විනාශ කළහ. මේ අතර ඩිංගිරාළ ජනතාව පොළඹවා කුරුණෑගලට පහර දුන්නේය. 

බ්‍රිතාන්‍ය හමුදාවේ නවීන ආම්පන්න ,කාලතුවක්කු හා අවි හමුවේ මාතලේ කැරැල්ලේ සාමාජිකයන්ට පසු බසින්නට සිදු විනි...

පුරන් අප්පු සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අගෝස්තු 8 වෙනිදා මරණ දණ්ඩනය නියම කරන ලදී. 


ජාතියට අමතක වෙමින් පවතින පුරන් අප්පු වැනි වීර චරිත අනාගතයටත් මිය යෑමට ඉඩ නොදී ඔවුන් සදාකාලිකව ජීවමාන කළ යුතුය .

ඔවුහු සිය තරුණ වියේදීම දිවි පිදුවේ එදා ඔවුන්ට කිසිත් ලබා ගැනීමට නොව එදා ඔවුන් දෑසින් වත් දැක නොතිබූ අනාගතයේදී   අපට පරගැති නොවූ නිවහල් දේශයක් දිනා දීම සදහාය.


වීර පුරන් අප්පු ,

උතුමාණෙනි ඔබතුමන්ට සදා ප්‍රණාමය වේවා..........!


(වලිසිංහ රජ්ජුරුවෝ නොහොත් වීර පුරන් අප්පු උතුමන් ජාතියට අහිමි වී වසර 177 කි.

නෙතු කවුළු

අතීතාවර්ජනා...

උපුටා ගැනීමකි .


සුනිල් ආරියරත්න සූරීන් ගයන මේ ගීතය අසමු. 
https://www.youtube.com/watch?v=X1ZgN0gnDWc&list=RDX1ZgN0gnDWc&start_radio=1
බත කා ඉවරයි බලමින් උන්නොත් 
ටික කලකින් සිංහල හාලේ 
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් 
පන්නන්නට සැරසෙමු රාලේ 
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටාත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ.

අනේ මගේ ළමයිනේ හඩනවිට 
මොනවද  උඹලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ අද ඇත්නම් 
සුද්දව හතරට පලනවනේ.
ඇහළ මහේ සිට නිදහස ඉල්ලන 
පෙතී වැනී ගිය මල් පිපුනා
කඩුවට කොපුවක ඉන්නට කල් නැත 
කන්දේ  යුද ගිනි දැල් නැගුනා

සප්පායම් වී ජාතික ආලෙන්  
කොස් කොටනා කඩු මුව තියලා 
හප්පන්නේ කවදද පර සුද්දන් 
සිංහල පොළවේ කැති ගහලා
කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින් 
පෙරමුණකට රැස්වන සද්දේ 
කකුලු ලෙසට සුද්දන් කෙළියාවේ 
ටිකට  උතුරන තුරු හොද්දේ 

" සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි 
බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් 
මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ 
රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා 
පුරන් අප්පු සටනට වැදුණා "



















A day in the life

2025-10-10

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා.


අපි යන්නේ කොයි පාරේ  ?.

චේ ගුවේරා ගිය පාරේ ....

ඒ අපේ ජනප්‍රිය සටන් පාඨය.

පිදෙල් කස්ත්‍රෝ  , ලෙනින් , මාවෝ සේතුං පුරෝගාමීන්ය.

කවුද කියන්නේ   ?.

අපි මේ යන්නේ කන්නන්ගරයන් පෙන්නපු , මුල් පස් පිඩල්ල කපපු ,විවෘත කර මග පෙන්නපු පාරේ කියලා .

කවුරුත් කියන්නේ නෑ .............

අපේ දූ දරුවන් කන්නන්ගරයන් ගැන මතකයක් නැහැ. 

එතුමා හදපු පාරේ යන ගමන්.

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර  බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය.

අපි ඔහු හදුන්වන්නේ  ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙසිනි.

අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත පාලනය තුල සිටිමින් ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.


ළමා කාලය.


ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර,  බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය.

පියා උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර. 

කළුතර දිස්ත්‍රිකයේ පස්දුන් කොරලයට අයත් ලූල්බද්දාවෙහි වැසියෙකිවු. මව එමිලි විජේසිංහ හික්කඩුවේ වෑවල වීබදු වලව්වේ උපත ලැබුවාය. 

සහෝදර සහොදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියාවු  ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙනි. පසුව  වැඩිදුර අධ්‍යාපනය සදහා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුල් වුනා.

වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙහි විදුහල්පති දේවගැති ජේ.එච්.ඩැරල් පියතුමා ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක් කන්නන්ගර විසින් දිනාගත් බව දුටු හෙතෙම, “පුතා, මෙම තෑගි බෙදා දීමෙහි ඔබ ලද තෑගි ගෙදර රැගෙන යෑමට ඔබට ගොන් කරත්තයක් කුලියට ගැනීමට සිදුවේවි ”යැයි පැවසුවා.

 කන්නන්ගරයන්ගේ දක්ෂතාවය නිසා   රිච්මන්ඩ් විද්‍යාලයට නොමිලේ ඇතුළුවීම හා නවාතැන සඳහාද ප්‍රධානයක් ද  ලැබුනා. 

 ගමේ පාසැලෙහි ලබා දුන් අධ්‍යාපනයට වඩා  ඉහළ මට්ටමක පැවැති උගැන්වීමක්, එකල විශිෂ්ට ලෙස සැලකුනු පාසැලක ලැබීමට ඔහුට හැකිවුනා.

අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනා  කන්නන්ගර තම නම පමණක් නොව රිච්මන්ඞ් විදුහල ද ලංකාව ද විශ්ව කීර්තියට පත් කළා. 

 අනතුරුව  රිච්මන්ඞ් විද්‍යාලයේත් .  මොරටුව වේල්ස් කුමර විදුහලේ හා කොළඹ වෙස්ලි විදුහලේ අර්ධ කාලීන ගුරුවරයකු ලෙස කටයුතු කරමින් නීතීඥ වෘත්තිය සඳහා උගත් කන්නන්ගර  මැතිතුමා  ,

1922 දී මහනුවර ඊඩිත් වීරසූරිය මෙනවිය හා විවාහ විය.

දිළිඳු හා වරප්‍රසාද  නොලත් පන්තිය නියෝජණය කරමින් සමාජ සේවයක් හැටියට නීතිඥ වෘත්තිය කටයුතු ඉටුකිරීමට පටන් ගන්නවා.

මේ නිසා  දේශපාලන හා සමාජ සේවා ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන පුද්ගලයකු බවට පත් වන එතුමා සැබෑ ජන නායකයෙකු ලෙස තහවුරු වෙනවා. 


දේශපාලනය.


1917 දී ඔහුගේ පුරෝගාමිත්වයෙන් ගාල්ලේ ජාතික සංගමය පිහිටුවීය. 

 1923 දී ගාල්ල මන්ත්‍රීවරයා බවට පත්වීය.

1930 දී ලංකා ජාතික කොංග‍්‍රස් සභාවේ සභාපති පදවියටත්   1931 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවටත්  පත් විය.

රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ විධායක මණ්ඩල පත් කිරීමේදී අධ්‍යාපනය පිළිබඳ විධායක මණ්ඩලයේ සභාපති තනතුරට වැඩි ඡන්දයෙන් පත්විය.

 1936 පෙබරවාරි 27 වැනි දින පැවැත්වුණු දෙවන රාජ්‍ය මනත්‍රණ සභාවේ  මතුගම ආසනයෙන් ජයග‍්‍රහණයක් ලබාගැනීමට එතුමා සමත් විය. එහිදී අධ්‍යාපන විධායක සභාවට පත්ව දෙවන වරට ද අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවමින් ලංකාවේ අධ්‍යාපනයට නොමැකෙන සේවාවක් ඉටු කළේය. 

ඒ අනුව නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දීමේ අතිවිශිෂ්ඨ මෙහෙවර ද ඉටු කළේය. 

එහෙත් 1947 ඡන්දයෙන් විල්මට් ඒ.පෙරේරා මහතාට පැරදුණු කන්නන්ගර මහතා ඉන්දුනීසියාවේ තානාපති ධූරය ලබා එහි සේවය සඳහා ගියේය.

යළිත් ලංකාවට පැමිණ 1952 මැතිවරණය දිනා පාර්ලිමේන්තුවට පත් වුවද මෙහිදී අධ්‍යාපන ඇමති ධූරය වෙනුවට එතුමාට ලැබුණේ පළාත් පාලන ඇමති ධූරයයි. 

1960 මැතිවරණ සමය වන විට එතුමා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගෙන  සිටියේය.


කන්නන්ගර මහතාගේ පාර්ලිමේන්තු දේශන  


"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨ ද? "


(හැන්සාඩ් වාර්තා 1944, පි‍ටුව.946)

නීතිඥ, ආචාර්ය. ක්‍රිස්ටෝපර් විලියම් විජේකොන් කන්නංගර

(සභාපති, අධ්‍යාපන කාරක සභාව)


1943 දී අධ්‍යාපන කාරක සභාව විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශ මත, අධ්‍යපාන කාරක සභාවේ සභාපතිවරයා වූ සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා විසින් අධ්‍යාපන ආඥා පනතට සංශෝධනයක් වශයෙන් නිදහස් අධ්‍යාපන යෝජනාවලිය 1944 මැයි මස 30 වැනි දින රාජ්‍ය මන්න්‍රන සභාව වෙත ඉදිරිපත් කරන ලදී.


"නොයෙනා හිරු රැස් සිඳු

ගැබ පතුළට

අගනා මිණි කැට අදුරේම

සැගෙවෙද

පිපෙනා කුසුමන් වනයෙහි

නිම නැත

හමනා සුළෙඟින් වනෙයෙම

පරවෙත"


එතුමා නිදහස් අධ්‍යාපන යෝජනාවලිය ඉදිරිපත් කරමින්  සිය දීර්ඝ කතාව ආරම්භ කරන්නේ තෝමස් ග්‍රෙරේ නම් වූ ප්‍රසිද්ධ කවියාගෙ කවියකින්.


“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි."

එතුමාගේ දර්ශණය විය. 


මේ හරබර  දේශණත් , නිදහස් අධ්‍යාපනය නිසා උගතුන් වු බව පවසන වර්තමාන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු කරන දේශණත් අසන විට කන්නන්ගර මග ගිය උඩු මහලේ සිටිනා මූසිලයන් සිහිපත් වනු ඇත.


ලංකාවේ උපත ලබා ලාංකීය ජනතාවට සේවය කල එතුමා 

‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ” යැයි  එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය අගයමින් පවසා ඇත.


විදේශීය ජන නායකයන් අගේ කරන දේශීය ජනනායකයන් අගරු කරන ජනසමාජයක මෙවන් මිණිකැට බොරලු බවට පත්ව ඇති බව සටහන් කිරීමට සිදුව ඇත්තේ අපේ අභාග්‍යකට විය යුතුය.


A day in the life



2025-10-09

අපේ මිනිස්සු දක්ෂයි.





මේක පරන නිර්මාණයක්. 2020ටත් ඉහත ඉදන් සංසරණය වෙනවා. පහුගිය දිනක මම ආයෙත් කියෙව්වා

අපේ මිනිස්සු දක්ෂයි.

වෙළද සැලකට ගියොත් ..වෙළද සැලේ තියෙන දෙයක් පටවලා එවන්න පුලුවන් අය ඉන්නවා
.
අපේ මිනිස්සු දක්ෂයි.


මේ කතාව එවැනි දක්ෂ කමක් නෙමෙයි.

අපි පෞද්ගලික සායනයකට ගියාම අන්තිමට අපට වෙන දෙයක් ගැනයි


"අයිසේ ජයමහ මෙහෙ එනවා" කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ශ්‍රී ලාංකික සේවකයා සිය කාර්යාලයට කැදෙව්වේය.

ශ්‍රී ලංකාවේ සිය රැකියාවට සමුදී හා හා පුරා කියා ඕස්ට්‍රේලියාවේ රැකියාවට ආ දෙවෙනි දවසේ දී ම තමාට ලැබුණු කැදවීම පිළිබඳ විමතියට පත්වූවත් දැඩි ආත්ම විශ්වාසයකින් ජයමහ සිය ප්‍රධානියා වෙතට ගියේය.

"කියනව බලන්න තමුන් ඊයේ දවසේ කී දෙනෙක්ට බඩු වික්කද?" ජෙෆ්රි ඇසුවේය.

"සර්, එක්කෙනෙක්ට" ජයමහ කීවේය.

"ඔන්න ඕකයි අයිසේ මං ලංකාවේ ඉදලා එන එවුන්ව ජොබ් වලට ගන්නේ නැත්තේ, තමුසෙලා මහ කම්මැලි..ඒකයි තමුසෙලාගේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ.. බලනව මෙතන ඉන්න අනිත් උන් ඔක්කොම දවසට කස්ටමර්ස්ල විස්සකට තිහකට වඩා බඩු විකුණනවා.. තමුසෙ එකයි.. හොඳ වෙලාවට මං තමුසෙ මගේ වෙන කොම්පැණිවලට දාන්නේ නැතුව මෙතන තියා ගත්තේ.. යනවා යනවා.. සතියක් වැඩ කරල තොලොන්චි වෙලාම යනවා.. කම්මැලි යක්කු.." ජෙෆ්රි බැන වැදී ජයමහ ව පිටත් කළේය.

නමුත් ජයමහගේ මුහූණේ තිබූ විශ්වාසය දුටු ජෙෆ්රි නැවත ජයමහගෙන්

"ඉලන්දාරියා.. කියනවා තමුන් කීයක සේල් එකක් ද කලේ?" ඇසුවේය.

"සර් ඩොලර් 37855 යි (ආසන්න වශයෙන් පනස් ලක්ෂ අසූ හය දහස් නවසිය පනස් පහක්)" ජයමහ කියද්දි ජෙෆ්රි කටට දාගත් වතුර ස්වල්පය බුකාස් ගා එලියට පැන්නේය.

"මොකක්.. ඔච්චර ගාණකට තමුන් මොනවද වික්කේ!?" ජෙෆ්රි ඇසුවේය.

"සර් මං බිලී කොක්කක් වික්කා" ජයමහ සතුටින් කීවේය.

"එක බිලී කොක්කක්?" ජෙෆ්රි ඇසුවේය.

"නෑ සර් එක බිලී කොක්කක් මදි නේද කියලා මම බිලී කොකූ පෙට්ටියකුයි, බිලී පිත්තකුයි, මාලු අල්ලන්න යන්න හොඳ ඇදුමකුයි වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද යන්නේ මාලු අල්ලන්න කියලා, කස්ටමර් කිව්වා මොකක්ද මංදා ජලාශයක්.. මං කිව්වා එහෙම මාලු අල්ලන්න යන්න නම් බෝට්ටුවක් ඕන කියලා.. ඊට පස්සේ මං මිනිහව එක්කන් ගියා එහා පැත්තේ සර්ගෙම බෝට්ටු ෂොප් එකට.. එතනින් එක බෝට්ටුවක් වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහොමද මේක අරං යන්නේ.. කෝ කාර් එක කියල.. මිනිහට තිබ්බේ පොඩි කාර් එකක් සර්.. මං කිව්වා මේකේ පුලුවන්ද බෝට්ටු අරං යන්න කියල.. එක්කන් ගියා සර්ගේ කාර් සේල් එකට.. ගිහින් මිනිහගේ පොඩි වාහනේ දීල ලොකු SUV මොඩල් කාර් එකක් වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද මාලු අල්ලන්න ගිහින් නවතින්නේ කියල, මිනිහට මෙලෝ අදහසක් තිබ්බේ නෑ සර් ඒ ගැන.. ඊට පස්සේ සර් මං ආපහු මෙහෙ ඇවිත් ලොකු ටෙන්ට් එකකුයි කෑම්පින් බඩු ටිකයි වික්කා.." ජයමහ සිය කතාව අවසන් කළේය.

මද වේලාවක් ගල් ගැසී සිටි ජෙෆ්රි

"තමුන් දැන් ඔය ඔක්කොම වික්කේ අර බිලී කොක්කක් ගන්න ආපු මිනිහටද?" ඇසුවේය.

"නෑ සර් ඇත්තටම මිනිහ ආවේ ඔලුව කැක්කුමට පැරසිටමෝල් පෙති දෙකක් ගන්න.. මමයි කිවේ ඔය ඔලුවේ කැක්කුම්වලට හොඳම වැඩේ මාලු අල්ලන්න යන එක කියල.." ජයමහ එසේ කියද්දී ජෙෆ්රිට කෑ ගැස්සුණි.

"අයිසේ ජයමහ තමුසෙ මාර මිනිහෙක්නේ ඕයි.. ලංකාවේ දී මොකක්ද කරපු ජොබ් එක?" ජෙෆ්රි ඇසුවේය.


" සර් මං ලංකාවේ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් සර්.. පොඩි හෙම්බිරිස්සාවකට එන ලෙඩෙක්ට බ්ලඩ් ටෙස්ට්, යුරීන් ටෙස්ට්, සීනී, කොලෙස්ටරෝල්, ECO, ECG, CT scan, X-ray, MRI කරවන අපිට මේක සුලු දෙයක් සර්" ජයමහ කියද්දි ජෙෆ්රි සිය පුටුව මත සිහිසුන් වී වැටුනි

Copied
A day in the life

2025-10-08

අන්දරේ - මියගියේ නැත.


අන්දරේ මියගියේ නැත

ඔහුගේ භෞතික ශරීරය අප අතරින් වෙන්ව  ගියත් , තවමත් ජීවතුන් අතර සිටිමින් අපි අතීතයටත් වර්තමානයටත් කැදවා ගෙන එන්න 
ඔහුගේ බුද්ධිය සමත්ය.
ඔහුගේ චින්තනය සමත්ය. 
ඔහුගේ උපහාස අපහාස සදාකාලික වටිනාකමක් ඇත.
අන්දරෙගේ අවධානයට ලක්වු හේතු කාරනා අදත් සිදුවන්නේය. අනාගතයේද සිදුවනු ඇත.

රූපං ජීරති මච‍්චානං නාමගොත‍්තං න ජීරති,
රාගො උප‍්පථොති වුච‍්චති ලොභො ධම‍්මානං පරිපන්‍ථො
වයො රත‍්තින්‍දිවක‍්ඛයො ඉත්‍ථිමලං බ්‍රහ‍්මචරියස‍්ස එත්‍ථායං සජ‍්ජතෙ පජා,
තපො ච බ්‍රහ‍්මචරියඤ‍්ච තං සිනානමනොදකං.
සත්ත්වයන්ගේ රූපය දිරයි. නාමගොත්‍රය නො දිරයි. 
රාගය නොමග ය යි කියනු ලැබේ. 
ලෝභය දහමුන්ට උවදුර ය. 
වයස රෑදෙවෙහි ගෙවේ. 
 බඹසරට කිලුට ය. 
මේ සත්ත්වසමූහයා මෙහි ඇලේ, 
 ද බඹසර ද (යන) එය දිය රහිත නමැයි.
නජීරතී සූත්‍රයේ සදහන්ය . 

මෙහි පලමුවන පාඨය පමනක් අන්දරේ ගේ ජීවිතයේ පැවත්මට ආදේශ කර බලමු.
ඉතින් අන්දරේ මිය ගිය බවක් අපට හැගෙන්නේ නැහැ නේද ?.
මින් ශත වර්ෂ තුනකටත් එහා ජීවත්වු අන්දරේ ගැන අදද සිහිපත් කරන්නේය.

වයස්ගත වනතුරුම  රජුගේ හා රජ ගෙදර ඇත්තන්ගේ මුවට සිනා නංවමින් සිය රාජකාරිය අකුරටම ඉටු කර. 
කවටයෙකු, කවියෙකු හා අදිකාරම්වරයෙකු ලෙස අන්දරේ වාසළේ සිය භුමිකාව ඉටු කර ඇත.
සිය ජීවිතයේ අවසන් ගමන් උපන් ගමෙහිම යන්නට සිතූ අන්දරේ සෙංකඩගල රාජධානියෙන් සමුගෙන රුහුණට එන්නට පිටත් වූයේ සහයට පිරිසක් ද සමගිනි.

උණ රෝගයෙන් ද දුබලව සිටි අන්දරේ හම්බන්තොටට නුදුරු උඩමළල වැව් ඉස්මස්තේ දී පිපාසිතව දෝලාවෙන් බැස්සේය.
එම අවස්ථාව වන විට ඔහු බොහෝ විඩාපත්ව සිටියේය. 
එහෙත් තම සිතැගි කවි කර නොගයා සිටීමට එය හේතුවක් නොවීය.

රිදී කළේ රන් කොතලේ බීපු         මට
නිකම් කළේ පැන් නැතිවිය         පිපාසෙට
කොට්ටමෙට්ට ඇඳ ඇතිරිලි ඇති     මෙමට
කෙසේ පසුවෙම්ද පළුවීර ගස්         යට


උඩමළල වැව ඉස්මත්තේදී සිය අවසන් මොහොත පැමිණ ඇති බව දැනගත් අන්දරේ දෑත් දෙපය දෙපසට විහිදුවා සැහැල්ලුවෙන් දිගාවිය.
එය ඔහුගේ අවසන් නින්ද විය.
ඔහු මිය ගිය ශෝක ජනක පුවත ඇසූ රජු වහා අන්දරේ මිය ගොස් සිටි ස්ථානයට පැමිණියේය.
රජතුමන් ඔහු වැතිර සිටි ඉරියව්ව දැක “ මළත් අපව හිනස්සන ඉරියව්වක් “ යැයි පැවසූ බව ජනවහරේ එයි.




A day in the life

2025-10-07

අන්දරේ - රජවාසල


අන්දරේ රජවාසලට සේවය කරමින් වාසල ඇසුරේ පදිංචි කාරයක් බවට පත්විය.
උපන් ගෙයිම කවියෙක්වු ඔහු පොතපතින් නොව පරිසරයෙන් ස්වභාවධර්මයෙන් හා ජණ සමාජයේ ඇසුරෙන් අත්දැකීම් වඩවා ගෙන වියතෙකු බවට පත්වීය.
ඔහුගේ නිර්මාණ මානව දයාවෙන් යුක්ත විය. 
උපහාසාත්මක විය.

රජතුමාගේ “ කවි කාර මඩුවේ තවත් කවියන් කිහිපදෙනෙක්ම සිටියේය. මුං කොටුවේ රාළ , වඩුගොඩ කවියා සහ කැකිරි ගමයා වැනි කවීන් අන්දරේගේ සමකාලීන කවියන්ය.
දිනක් රජු තේරවිල්ලක් ඉදිරිපත් කොට එය තෝරන්නැයි මේ කවීන්ට දන්වා සිටියේය.
තේරවිල්ල මෙසේය.


දාර දෙකයි එක තැන මුල්කර තැනුවා

පාර තිහක් ගැසුවත් බයකුත් නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මගදී දුටුවා

කවියෝ දස අතේ කල්පනා කරමින් සිටින විට අන්දරේ කවි පද හතර තෝරා දුන්නේ මෙසේය.

දාර දෙකයි එක මැද එය             ගැවසීය
වටපිට යන කලට කණු සතරෙන්         යාය
ගෙට වැඩි කළට කිසි බයකුත්         නැතුවාය
මට දැනෙනා ලෙස මහරජ             ඉබ්බාය


“මහ රජ ඉබ්බාය “ යනුවෙන් අවසන් පදයෙන් අන්දරේ හීන්සීරුවේ රජුට උපහාසයක් ද එල්ල කළේය.
පසු කාලයේ කැකිරි ගමයා හා එක්ව අන්දරේ කී පරහු කවි සංවාද (පිළිතුරු කවි) අපේ ජනසාහිත්‍යයේ විශිෂ්ට පරිකල්පනයකින් යුක්ත කවි වර්ගයක් ලෙස සැලකේ.
කවිවැල් අන්දරේ ලෙස අන්වර්ථ නමකින් ඔහු හැඳින්වූයේ එක දිගට කවි ගෙතීමේ තිබූ අපූරූ හැකියාව හේතුවෙනි. හිටිවන කවි, වස් කවි, සෙත් කවි, ශෘංගාරාත්මක කවි ආදී ඕනෑම කවියක් අන්දරේට සැණින් පබැඳිය හැකිව තිබුණි.

තවත් දිනක් රජු සිය වාසළ කටයුතු හමාර කරමින් පැමිණ සිටි රාජ අමාත්‍යාදීන්ට අපූරු යෝජනාවක් ගෙන ආවේය.
රාජ සභාවේ සියළු දෙනා පසුදා එනවිට බොරුවක් ගොතාගෙන ආ යුතු අතර,
ලොකුම බොරුවට ත්‍යාගයක් ද දෙන බවට රජු සැල කළේය. පසුදා රාජ සභාවට පැමිණි සියල්ලෝම ගොතා ගෙන ආ බොරු රජුට සැල කළ නමුත් ඒ කිසිවකින් රජු සෑහීමකට පත් නොවීය.
අවසානයේ අන් අයගේ බොරුවලට සවන් දෙමින් සිටි අන්දරේ නැගිට තමාට බොරුවක් කීමට උවමනා බව රජුට පැවසීය. අවසරය ලැබිණි.

රජකම් කළත් ඉඳගෙන සිහසුනක                 මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට         හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු             කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක             නැත


රජුගේ පාලන තන්ත්‍රය සෘජුවම උපහාසයකට ලක් කරමින් අන්දරේ සිය බොරුව කවියෙන් කීය.
රාජ සභාවම තුෂ්ණිම්භුත විය.
රජුගේ කටයුතු විචාරයට ලක් කිරීම හෝ රජුට අවමන් කිරීම එකල සිදු විය නොයුත්තකි.
සියල්ලෝම බලා සිටියේ අන්දරේට මරණ දඩුවම ලැබෙන තෙක්ය.
එහෙත් රජු සිනාසී හොඳම බොරුව අන්දරේ කී බවට පිළිගත්තේය. 
ත්‍යාගය ලැබුණේ අන්දරේටය'

තවත් දවසක්‌ රජතුමා ඇමැතිවරු හා අන්දරේ සමග ඇතුපිටින් සංචාරයක යෙදෙමින් සිටියහ.

රජතුමා ගසකින් කොලයක්‌ කඩා ඇමැතිවරුන්ට දී මෙම කොලය උරූලෑ ගඳ යෑයි කීය. ඇමැතිවරු ද එම කතාව අනුමත කරමින් “ඔව්“ යෑයි කීහ.
“ රජු යමක් කීව විට එය එසේයයි කීම හැර ඇත්ත කුමක්දැයි පහදා දීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. සීතාම්බර පට සළුව පැළද නිරුවතින් ගිය රාජ්‍ය පාලකයින් ගැන අප අසා ඇත.
දැනිදු එසේමයත
මෙතනදීම සිදුව ඇත්තේ එවන්නකි.

රජු “උරුලෑ ගදයි “ කී විට එය අනුමත කලා මිස ඇත්ත පහදා දීමට එකග නොවීය.
අදත් එහි වෙනසක් නැත. පාලකයෝ දෙසාබාන්නේ දේව වාක්‍යයන්ය.
අන්දරේ කොලය ගැන යථාර්ථය පලකලේය.
“ රැළියට දිය රැගෙන යන තෙප්පම ලුද්ද
නිරිඳුට අනුව පවසති බොරුකර සද්ද “
කියමින් ඇමතියන්ද රජුද උපහාසයට පත්කලේය.

රැළියට දිය රැගෙන යන තෙප්පම             ලුද්ද
නිරිඳුට අනුව පවසති බොරුකර             සද්ද
කෙළියට නමුත් බොරු කීකල පව්             නැද්ද
ඇතෙකුට උඩින් යන උරුලෑවෙක්‌             ඇද්ද



එක් දිනක් ඉන්දියාවෙන් පැමිණි බමුණු පඬිවරයෙක්‌ රජ වාසලට පැමිණ රාජ සභාවේ පඬිවරු සමග ශාස්‌ත්‍රීය සාකච්ඡාවක්‌ කිරීමට කැමති බව පැවැසීය.
රජතුමා තම පණ්‌ඩිතවරුන්ට ඒ බව දැන්වීය.

ඔවුන් අදිමදි කරමින් පසුබාන විට අන්දරේ තනිවම ඊට කැමැති විය.
නියමිත දින ඉන්දියානු පඬිවරයා රජවාසල පැමිණියේය.
අන්දරේ ඔහු පෙර මගදී මුණ ගැසීමට සැලසුම් කරගෙන ඉරට මිටියක්‌ මීහරක්‌ හමක ඔතාගෙන කරපිට තබා ගෙන ඉදිරියෙන් ගමන් කලේය. ඉන්දියානු පඬිවරයා අන්දරේගෙන් ඔය පොත මොකක්‌ දැයි ඇසීය.
ඊට පිළිතුරු දුන් අන්දරේ “මෙයට තමයි කියන්නේ මහීෂ චර්ම බන්ධන ඉරට්ට පුස්‌තකම්" යයි කීය.

මෙබඳු පොතක්‌ ගැන කවරදාකවත් අසා නැති ඉන්දියානු පඬිවරයා සාකච්ඡාවට ගියහොත් තමා පරාජය වේ යෑයි සිතා සාකච්ඡාව මගහැර ගියේය. 
අන්දරේ ගෙන ගියේ “ මීරහක්‌ හමෙන් වැසුණු ඉරටු මිටියකි “ .
වාද විවාද නොකර අන්දරේ ජය ගත්තේය.

අන්දරේ “ සීනි කෑ හැටි “ රජතුමාට තම බිරිය හදුන්වා දීමට එක්කර ගෙන ගොස් වාසල ඇති කල අල කලංචිය , දේවීන් වහන්සේ සැඩොල් කෙල්ලක් බවට පත් කල හැටි,ප්‍රකට වෘතාන්තයන්ය.
ලෝකයේ මැද .........අර කන්දේ තියන පස්කුඩා ගනන වැනි මුකරි විසදුම් ඕනැ තරම් අන්දරේ ගේ කතා සමග අපට සිහිපත් වන්නේය.

න.ණ පටලවා ජනතාවත් රජතුමාත් අසරණ කල කතාවකින් රජවාසලින් දැනට සමුගමු.

වාසලට අයත් නින්දගම් වලින් ( රජයේ ඉඩම් ) අස්වනු නෙලපුවම රාජ්‍ය භාගය ගෙවන එක සිරිතක්.
එක් කන්නයක තණ වගා කරලා තිබුන ගම්වරයක රාජ්‍ය පංගුව එක්රැස් කරගෙන එන රාජකාරිය අන්දරේට පැවරුනා.
රජතුමා ගමන පිටත් වෙන්න පෙර අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" කියලා .
අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

ඔන්න ඉතින් මේ ගමේ අස්වනු මනින්න අන්දරේ යනවා.
අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් කඩා ගත්ත.
අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව.
අන්දරේ කවියකුත් කියාගෙනම ගොවිපලවලට යනවා .


කොට දිග මහත රවුමට උල් වෙච්ච         තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ             තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි         අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න             තන

අන්දරේට තන-තණ මාරු වුණා.
රජ අණනෙ ගෙවිලියනුත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න.
අන්දරේ එක එක පියවුරේ දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත.
මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දුන්නා.

“අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණා.
ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආවා .
රජතුමාට තේරුණා කට වරද්ද ගත්ත බව.

ආපහු වෙනත් රාජ පුරුෂයෝ ටිකක් ඇරලා අස්වැන්න එකතු කරගන එන්න රජතුමාට සිද්ද වුනා.


A day in the life