ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-06-10

උම්බලකඩ




අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය. 
ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.

ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය.
ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත.
උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.
එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.
ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.
මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.
පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.
ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.
අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.
මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg' යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.
එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත 'no added msg' යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.
බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.
අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු.
උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න .
එහි සඳහන්ව ඇත්තේ මොනවාද...?
Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ. මෙයට අමතරව උම්බලකඩ කුඩුද ඇතුළත් කර තිබේ.
ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.
Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි.
'පාරිභෝගිකයා මෝඩයෙකි'
ලංකාව සම්බන්ධයෙන් නම් එය 100% ක්ම නිවැරදිය. මෝඩයින්ට අමතරව අපි හරකුන්ද වන්නෙමු.
කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000 කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000 ක් වැයකරමු. (ග්‍රෑම් 40 රුපියල් 120 බැගින් කිලෝ එකට රුපියල් 3000)
අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත් ඉඩ ඇත. ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.
මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවාය. ඒවා මෙසේය.
ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන්, මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක, තිරිඟු සිරප් යනාදී වශයෙනි.
මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය. නැතිනම් msg ය.
අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි.
Msg මගින් මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි.
අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන් පත්ව ඇත. අද අප කරමින් සිටිනුයේ එයයි.
පරිප්පුවලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍යය. පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි. අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි.
අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.
අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම- දෙහිවල බස් එකටය. ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.

(උපුටා ගැනීමකී)

A day in the life

2025-06-09

ඌව වෙල්ලස්ස ජන ජීවිතයෙන් උපන් කවි.

අටිය වඩන අටුගොඩ කුරු මරකාවා
නැටිය බරින් පලගත්තේ පලදාවා
කටුවට එන බඹරිඳුගේ ගෝසාවා
කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා 

මස් නිසා කැලේ ඇවිදින දිවි දේනූ
ඇස් වසා සතුන් අල්ලා කති පේනූ
බස් නිසා පරුස නොකියන් මට යේනූ
කොස් නිසා අඬති මීයාගල ගෑනූ 

උඩට එළිය වැටුණා තල මල පිපිලා
බිමට අඳුර වැටුණා තල මල නැමිලා
කඳන් විස්ස විසි පැත්තට බේද වුණා
පිටදෙණියට ඔබිනා තල මල පිපුණා 

නමක් තැරෑලේ පැවතුණි විහාරේ
බිමක් මෙතන කෙටුවා සේම පාරේ
පිනක් කරගන්ට බැරිවුණි නිස්සාරේ
දෙකක් පිපුණි හොඳ තල මල් විහාරේ 

ගල් කැඩුමට මහ පාරත් යස සුද්දා
දිය නෑමට අඹ ගහ ළිඳ සුවි සුද්දා
මල් පිපුමට ටැම්ගොඩ පන්සල සුද්දා
යල් කුඹුරට පිපි තල මල පරසිද්දා 

අහසකි උසකි උස පමණකි රන් කොතකී
මූදකි රැලකි රැල පිට යන තල ගේකී
දේස දේසවල කියනා සන්නයකී
මෙවැනි ආකාර අම්මේ, තලමලකී 

අහස උපන්නේ මොනදා මොන නකතෙන්
පොළොව උපන්නේ මොනදා මොන නකතෙන්
මුහුද උපන්නේ මොනදා මොන නකතෙන්
සිවුපද උපන්නේ මොනදා මොන නකතෙන් 

කුරක්කන් කපන වාරෙත් ආපි ළමා
ඉණේ තිබෙන වත ඇඳපන් දෙපොට නමා
කනේ තිබෙනු කොළ මැදපන් දියෙන් තෙමා
වටපිට නොබලන්න නුඹෙ අත කැපෙයි ළමා 

නෙරිය එන්ඩ එතු සේලේ ඇඳගන් හදියේ
ඉසපීරා ගෙඩිමාලේ බැඳගන් හදියේ
මල් කොතලෙයි පන් කැත්තයි ඇරගන් හදියේ
කිරි කුරහන් කපා ගන්ට යමකෝ හදියේ 

ගල් ගල් කුරක්කන් කැපුවේ පුතුගෙ ගෙට
මල් මල්, කුරක්කන් කැපුවේ මගේ ගෙට
මල් කරල ද කිරි පෙව්වේ පුත, නුඹට
ඔන්න පුතේ; මල් පෙට්ටිය පුටුව උඩ 

රෝද දෙකට තෙල් දාපන් කැරකෙන් න
අං හතරට කොපු දාපන් දිලිසෙන් න
බෙල්ල පල්ලෙ මිණි බැඳපන් නද දෙන් න
දක්කාපන් බිබිලේ පාරෙන් යන් න 

කළුගල් කඩාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි නඟින්නේ 

තිස්තුන් දෙනෙක් බැසලා මාවතට අපි
නොදුටු ස්ථාන වැඳ වැඳ යන්න අපි
සතර වරම් හැම දෙවියෝ පිහිට වෙතී
කතරගමට බැහැලා පඬුරු දෙමු අපී 

පේළිකර කියමි අහගන්න පද නිතී
ආනුභාව ඇති දෙවිඳුගෙ රටේ ඇති
මූණු සයකි මයුරාසන වැඩ හිඳිති
රුහුණු රටේ කිරි වෙහෙරේ කඩුව ඇතී 

දුර කතරයි වෙල්ලස්සේ අපි ඉන්නේ
ළඟ කතරයි ගහ අස්සේ තොපි ඉන්නේ
දිය නිස්සට අපි ආවේ කිය පස්සේ
අපි බුන්නට කිළුටු ද ළඳ දිය ඉස්සේ 

වරාගමට හොඳ සූකිරි පනික්කියෝ
උල්ලාපොළට ගස් කැපුමට එන්ට ගියෝ
පීරාලා නිල් වරලස බැඳල ගියෝ
බඹර ගසෙන් වැටුණලු ඒ පනික්කියෝ

වෙන හෙල්වලට වැඩි මරගල උතුම්කමා
මේ හෙල උඩට වැල එලුවා හපන්කමා
ආදි සිටි අයගෙ අත තිබු සපන්කමා
කෝඩි තොපට දෙන ලස්සන මොකද මෙමා 

පොල්ගහගම පනික්කි ගුරු සැවොම ගියා 
වලස් බඹර දැක්කියලා එන්ඩ ගියා
කිතුලා පොළේ බුක්කීරිය කන්ඩ ගියා
කිතුලාපොලේ හඬ ඇරගෙන බඹරු ගියා 

වේලි හෙලේ ගෙල වටකර මුළුල්ලා
ගල් නළලේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැදට යන විට කරකැවිල්ලා
මඬුගම හෙල බලතොත් මෙහෙ වරෙල්ලා 

පුරා තියෙන වළු පෙට්ටිය නිඹ දෙල් ලා
අඩුව තියෙන වළු පෙට්ටිය කැට පල් ලා
ගෙනා දලු බුලත් සුරතට කා පල් ලා
විඩා බෝයි අම්මා ‘හූ’ කැටිල් ලා 

උන්ඩි වෙන්ඩි උන් යන එන ගමන කට
මන්ඩි ගැසීලා ඉන්නා මොවා වට
කලක් පහන් කළ කෙතලක් ගෙනා වට
පණ්ඩිත නගාලා එනවද කඨින යට
 
රිදී වළලු අත ලා ලා අත වට ට
සේල ටිකිරි අන්දවලා තුනු විඟ ට
දහුරු ටිකිරි පොරවාලා උරිස් පි ට
රිදී ටිකිරි එනව ද වලු කටින ය ට




Gamini Karunachandra
නයන සංජීව - මුණුපොතට.

A day in the life

2025-06-08

ගජමන් නෝනාගේ අප්‍රකට කවි



වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු. 
 
රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ
වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේ
වානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ 
 
ස්ත්‍රීලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේ
ගජමන්ට සරදම් පිණිස ය.
ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ ! 
 
කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේ
වේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ

2025-06-07

අලින්ගෙ වෘෂණ කෝෂ



අද සමාජයේ බහුතරයක් මිනිස්සු වැරදියට අවබෝධ කරගත්ත දෙයක් තමා අලින්ගෙ වෘෂණ කෝෂ තියෙන්නෙ ඔලුවේ බව.....
මේක ගැන සාමාන්‍ය මිනිස්සු විතරයි නෙවෙයි ගුරුවරු පවා නොදැනුවත්කම නිසා ළමයින්ට මේ වැරදි දේවල් උගන්වලා අලි ගැන වැරදි දේවල් සමාජයේ බෙදාහැරිලා තියෙනවා...

හොඳින් අලියෙක් නිරීක්ෂණය කරොත් පේනවා අපිට අනිත් සත්තුනගෙ වගේ වෘෂණ කෝෂයක් අලින්ගේ එලියට පේන්න නැහැ...කොටින්ම කියනවනන් එයාගෙ ලිංගයත් සක්‍රිය උන අවස්ථාවක ඇරෙන්න නිකන් එලියෙ තියෙන්නෙ නැහැ...
ඒකට හේතුව අලි වගේ විශාල සත්තුන්ගෙ ඒ ශරීරාංග එලියට නිරාවරණය වෙලා තිබ්බොත් ඒවට අනතුරු වෙන්න ඉඩ වැඩී...
අලින්ගේ වෘෂණ කෝෂ අලින්ගේ ඔලුවේ තියෙනවා කියන කතාව ගොඩක්ම ප්‍රචාරය උනේ ආසියානු අලි ගැන..
ආසියානු අලින්ගේ හිස්කබලේ තියෙන මුදුන් දෙක තමා මේකට හේතුව...අපිට අපේ ලංකාවේ ඉන්න අලියෙක්ගෙ ඔලුව දිහා බැලුවොත් බලන්න පුලුවන් එයාගෙ ඔලුවේ මුදුනෙ මොල්ලි දෙකක් වගේ දෙකට බෙදිලා තියෙනවා...අප්‍රිකානු අලින්ගෙනම් එහෙම නෑ එයාලගෙ ඔලුව රවුම් හැඩතියි...
ඔන්න ඔය ආසියානු අලින්ගෙ මං කියපු මුදුන් දෙක නිසා ගොඩක් දෙනා හිතන් ඉන්නේ වෘෂණ කෝෂ තියෙන්නෙ එතැන කියලා....
එහෙම හිතුවොත් ඉතිං ගැහැනු අලින්ගෙත් වෘෂණ කෝෂ පිහිටන්න එපෙයි නේද....එයාලගෙත් හිස්මුදුනේ ඔන්න ඔය මුදුන් දෙක තියෙනවානෙ..
ඒ ඔලුවෙ තියෙන මුදුන් දෙක ආසියානු අලින්ගේ හිස්කබලේ හැඩය මිසක් ඒ වගේ තැනක වෘෂණ යුගලයක් පිහිටන්නේ නැහැ...ඒ තියෙන්නේ ආසියානු අලින්ගේ තියෙන හිස්කබලේ ලක්ෂණයක් මිස වෘෂණ කෝෂ පිහිටීමක් නෙවෙයි...
හරි අපි දැන් මාතෘකාවට එමුකො..
සරලවම කිව්වොත් අලියාගේ වෘෂණ කෝෂ පිහිටල තියෙන්නේ ශිෂ්ණයට ( ලිංගයට ) ඉහළින් ශරීරය ඇතුළේ...
ඒ කිව්වේ අලියාගේ ඇඟ ඇතුලේ තමයි මේ වෘෂණ කෝෂය තියෙන්නේ...
ඒත් එක්කම මිනිසුන්ට එන තව ප්‍රශ්නයක් තමයි අලි මද කිපෙන කාලෙට කම්මුලෙන් ස්‍රාවය වෙන්නෙ ශුක්‍ර තරලයද කියන එක...
වෘෂණ කෝෂ ඔලුවෙ තියෙනවා කියන කතාවත් එක්කම ගොඩක් අය මේකත් ඒ එක්ක පටලගන්න දෙයක්..ඒත් ඒකත් වැරදි කතාවක්...
ඇත්තම කාරණාව,
මද කිපෙන කාලෙදි අලින්ගෙ කම්මුල් වල තියෙන මද ග්‍රන්තියෙන් ස්‍රාවය වෙන්නෙ හෝමෝන ස්‍රාවයක් විතරයි...
ඔන්න මෙතෙක් කියපු ටිකේ පුංචි සාරාංශයකුත් දාන්නම්කෝ...
වෘෂණ කෝෂ පිහිටීම:
අලින්ගේ වෘෂණ කෝෂ ශරීරයට ඇතුළත වකුගඩු අසළ පිහිටා ඇත. එය අනික් සත්තුන්ගේ වගේ බාහිරයෙන් දැකිය නොහැකී.
මද කිපීමේදී ස්‍රාවය:
මෙම කාලයේදී කම්මුල් වලින් පිටවෙන ද්‍රවය ශුක්‍ර තරල නොවෙයි. එය හෝමෝන සහ ෆෙරමෝන මිශ්‍රණයකි.
වැරදි මතවාද:
"වෘෂණ කෝෂ ඔලුවේ" යන විශ්වාසය සම්පූර්ණයෙන්ම වැරදියි. මේ වැරදි අවබෝධය ඇතිවෙන්නේ ආසියානු අලින්ගේ හිසෙහි ඇති මුදුන් දෙක නිසාය.
මේ ලක්ෂණය ආසියානු ගැහැණු අලින්ටද පවතින බැවින්, එය වෘෂණ කෝෂ පිහිටීමක් නොවන බව තවදුරටත් හොඳින් පැහැදිලියි.
එහෙනම් ඉතින් මේ කිව්ව කාරණා එක්ක බලද්දි මට හිතෙනවා ඔයාලට මේ ගැන නිවැරදි අවබෝධයක් ඇවිල්ලා ඇති කියලා...
අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුවල දුවන්නෙ වැරදි මතවාද...
ඒකට හේතු ඉතින් හරිහැටියට මිනිස්සුන්ට මේ සත්තු ගැන කියාදෙන්න මාර්ග නැති එක සහ මිනිස්සුන්ගෙ උනන්දුව නැතිකම....
මේ පෝස්ට් එක කියවපු ඔයාලා මේ ලිපිය අනිවාරෙන්ම ශෙයා කරන්න.මොකද මේ මං කියපු විස්තරේ නොදන්න ගොඩාක් දෙනා ඉන්නවා අර වගේ වැරදි මතවාද පිළිගනිපු....
ඒ වගේම මේ ලිපිය ආයෙ කොතැනක හෝ පලකරනවානම් ඒකට අපෙන් කිසිම තහනමක් නෑ හැබැයි අපේ පේජ් එකේ නම මෙන්ෂන් කරලා වැදගත් විදිහට නැවත අප්ලෝඩ් කරන්න...
මොකද මේ කරුණු හොයන්න යන මහන්සිය දන්නෙ ලියන කෙනා විතරයි.....
මේ ලිපියත් එක්කම සම්බන්ද වෙච්ච කාරණාවක් වෙන මදකිපීම සහ ආසියානු අප්‍රිකානු අලින්ගේ වෙනස්කම් ගැන මම කලින් හදපු පෝස්ට් වල ලින්ක් පහලින් දාන්නම්...

මදකිපීම - https://www.facebook.com/share/p/16RnEVwWuf/
ආසියානු අප්‍රිකානු අලින්ගෙ වෙනස්කම් -
https://www.facebook.com/share/p/1EQK8MuNFE/
ස්තූතියි

A day in the life

2025-06-06

වික්ටෝරියාවේ වීරයෝ


වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ?

ඒ 1984 වර්ෂයයි.

වික්ටෝරියාවේ දොරටු සෑදුවේ ස්වයංක්‍රීයව විවෘත වෙන විදියට..
ජලාශයට වතුර පිරෙමින් පවතී.. කෙමෙන් ජලය පිරෙන අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.
දොරටුව විවෘත විය යුතු වුවත් තවමත් නැත.
වැඩි ජලකඳ කෙසේ හෝ දොරටුව මතින් යැවිය යුතුය..
දොරටුව තියෙන්නේ පතුළේමයි.. ඒ කියන්නේ අඩි 400 ක් ජලය යට..
එපමණ ගැඹුරකට යාම ඉතාමත්ම අසීරු කරුණකි.ව්‍යාපෘතිය භාර සුද්දා කිසිවක් කරකියා ගත නොහැකිව සිටින අතරේ වගකීම බාර ගත්තේ ලංකාවේ සුවි⁣ශේෂි කිමිදුම්කරුවන් දෙදෙනෙකු වෙන ගාල්ලේ බද්දේගම ආරියශීල වික්‍රමනායක හා රුවන් වික්‍රමනායකය.
මෙය ජීවිතය හා මරණය අතර සටනක් බව ඔවුන් දැන සිටියහ.
මීට පෙර එතරම් ගැඹුරක් කිමිදී ද නැත.
ජලය ගැඹුරට යාමේදී අඩි 33ක් ගැඹුරට යද්දී රාත්තල් 14කින් පීඩනය වැඩිවේ..
නිකමට හිතන්න අඩි 5, 6 තියෙන පිහිණුම් තටාකයක යටම තැන දැනෙන පීඩනය..
අඩි 400 ක් යට .... හිතාගන්නවත් පුළුවන් ද ?
ඉතාම නිරෝගී කෙනෙකුට ඇර ඒ වගේ පීඩනයක් ගැන හිතන්නවත් බෑ.
එතරම් ගැඹුරකදී මොළයට අධික පීඩනයක් ඇතිවීම නිසා මානසික ව්‍යාකූල තත්ත්වයන්ද ඇතිවිය හැක.
පතුලේ සිටිය හැක්කේ උපරිම විනාඩි හතකි.එනම් විනාඩි හත තුල නිමකළ යුතුවේ.
විනාඩි හත නිමවූ පසු පැය එකහමාරක දී මතුපිටට පැමිණිය යුතුය. ඊට අඩු කාලයකින් පැමිණිය නොහැක.එසේ කලින් පැමිණියහොත් නයිට්‍රජන් වායුව වැඩිවී ශරීරයෙන් රුධිරය ගලන තත්ත්වයක්ද ඇතිවිය හැක.
කිමිදුම්කරුවන් දිය යට යද්දී ලණුවක් රැගෙන යයි.ලණුවේ අනෙක් කොන භාරදෙන්නේ ඉතාම විශ්වාසදායි කෙනෙක්ටය..ආරියශීල මේ සඳහා තෝරාගත්තේ තම මළණුවන්ය.මොකද ජීවිතය සමහර විට මේ ලණුවේ කොන අල්ලගෙන සිටින කෙනා මත තීරණය වීමට ඉඩ කඩ තිබෙන නිසා..
තමා දිය යට ප්‍රකෘති තත්ත්වයේ සිටින බවට සංඥා ලබාදෙන්නේ මේ ලණුව මඟිනි.
ආරියශීල රුවන්ට මෙසේ කීවේය..
" මල්ලී මම පතුළට ගියාම වෙනම සංඥාවක් දෙන්නම්. දෙපාරක් ලණුව ගස්සලා සංඥාවක් දුන්නොත් මාව උඩට ඇදලා ගන්න.
ලණුවෙන් සංඥා දෙන එක නතර වුනොත් ඔයා මාව හොයාගෙන පතුළට එන්න එපා. එහෙම වුනොත් මට වෙන අන්තරාවම ඔයාටත් වෙයි.එහෙම සංඥා නතර වුනොත් ඔයාමාව අමතක කරලා ආපහු යන්න."
මේ ටික කියද්දී සහෝදරයෙකුට දැනෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
ඉතින් ඔන්න ආරියශීල කිමිදෙන්න පටන් ගත්තා.. මලයත් ගියා.. මලය අඩි 300 සීමාවේ නතර වුනා.ලණුව අරගෙන ආරියශීල යටටම ගියා.
ලණුවෙන් සංඥා ලැබෙන නිසා "අයියණ්ඩි නිරුපද්‍රිතයි " යන්න මලයාගේ ඔළුවේ තිබුනා.
ආරියශීල යටට ගිහින් බැලුවේ ගහක් සිරවී ඇතිද යන්නයි.නමුත් අඩි 400 ක් යට අන්ධකාරය නිසා කිසිවක් පැහැදිලි නැත.
පීඩනයද දරාගත නොහැක. ඒ දිනවල කිමිදුම් ඇඳුම්ද බර වැඩි නිසා අපහසුතා රැසකි.
තවද ලණුවද ඉතා තදින් ගැට ගසා තිබුනි.
පීඩනය අධිකව දැනී ඔළුව පිපිරෙයි යන හැඟීමද ආරියශීලට ලැබී ඇත.
එම අපහසුතා මැද පළමුවර කිසිවක් කරගත නොහැකිවිය.
මෙලෙස තුන්වරක් ආරියශීල ට කිමිදෙන්නට සිදුව ඇත.
දෙවන වර යනවිට සැලස්මකට අනුව කටයුතු කරන ලදි.එනම් කොක්කක් ඇති යකඩ වයර් එකක් දොර විවෘත කිරීම සඳහා සුදුසු බව තේරුම් ගන්නා ලදාි.
එහෙත් පතුලේදී යකඩ වයර් එක අල්ලා ගැනීමට නොහැකි විය.
එලෙස දෙවතාවක්ම ආපසු පැමිණි ආරියශීල ට සුද්දන්ගෙන් පැසසුමක් නම් ලැබුනේ නැත.
" නුඹ 400 පතුළට ගිහින් නෑ. මඟට ගිහින් ඇවිල්ලා තියෙන්නේ "
එවන් අප්‍රසාදයන් මැද තෙවන වරද උත්සාහ කරන ලදි.එවර කම්බි වයර් එක පහළට දැමීමට සුද්දන් වෙනුවට අපේම අය යොදා ගෙන තිබුනේ.
ඒ පාර හරියට කරලා දොර ඇරලා ආවම සුද්දෝ " ගියේ නෑ මඟටයි ගියේ " කියලා කරපු චෝදනා පුස්සක් බවට පත්වුනා.
කීයෙන් කී දෙනාද මේ වගේ අපේ ගමේ ඉපදිලා වීරකම් කරපු චරිත ගැන දන්නේ...
මේ තොරතුරුත් කාලයේ යටවෙලා..
අගය කිරීම කෙසේ වෙතත් මෙවන් සිද්ධීන් වූ බවට වත් දැන සිටීම වටී.
අඩි 400 ක් යට කිසිදා නොගියපු ගැඹුරක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මේ අයිය මලෝ දෙදෙනාට අපගේ උපහාරය පුදකරමු .... !

(ලංකාදීප පුවත්පතට සංජීවිකා සමරතුංග සැපයූ සටහනක් ඇසුරිණි )
ස්තූතියි මුල් හිමිකරුට
උපුටා ගැනීමකි

day in the life

2025-06-05

නෙක්ස්ට් ඇඟළුම් කම්හල වැසූ සැබෑ හේතුව

කටුනායක නෙක්ස්ට් ඇඟළුම් කම්හල හිටි අඩියේ වසා දමනු ලැබීය. මෙරට කම්හල තිබුණත් එක්සත් රාජධානියේ මෙහෙයුම් කාර්යාලය පවතින මේ කම්හල වසා දැමීමට හේතු වූ කරුණු රැසක් ඇතැයි දැනගන්නට ලැබිණි. ඒ අතර වඩාත් හේතු වූයේ කොවිඩ් වසංගතය බව පැවැසේ.

2025-06-04

මරණ දඩුවම .





ගිලටීනය මගින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
එක්කෙනෙක් දැඩි ආගම් භක්තිකයෙක් , 
අනිත් දෙදෙනා නීතිඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක්......විය.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන මොහොතේ, 
ආගම්ක භක්තිකයා ඉදිරියට පැමිණ ඔහුගේ හිස ගිලටීනය යට තැබීය.

" ඔබට කියන්නට කැමති අවසාන වචන තිබේද?"යැයි..වධකයා ඇසීය.
., "දෙවියනේ... දෙවියන් වහන්සේ ... ඔහු මාව බේරා ගනීවි" යනුවෙන් ඔහු පැවසීය..
එවිට වධකයා ගිලටීනය පහත් කළේ ය.... ගිලටීනය පහළට වැටුන නමුත් එය ආගමි භක්තිකයාගෙ.. හිසට ළඟා ව නතර විය .. ජනතාව මවිතයට පත් වී,
"ආගමික භක්තිකයා
නිදහස් කරන්න, ඔහු දෙවියන් වහන්සේගේ වචනය කතා කර ඇත" යනුවෙන් පැවසූහ.
ආගමික විශාරදයා බේරුණි.

ගිලටීනයට යාමේ වාරය නීතිඥයාගේ විය.

,"ඔබට අවසාන වචනයක් තියෙනව ද?" වධකයා ඔහුගෙනුත් ඇසීය... ඔහු පිළිතුරු පිළිතුරු දෙනවා "මම ආගමික භක්තිකයා මෙන් දෙවියන් වහන්සේව නොදනිමි,
නමුත් යුක්තිය ගැන මම වැඩි යමක් දනිමි.
යුක්තිය... යුක්තිය... මාව බේරා ගන්නේ එයයි.
" ගිලටීනය නීතිඥවරයාගේ හිස මතට අතහැරිය විට පෙර මෙන්ම ඔහුගේ හිසට ළඟා වූ විට එය නතර විය.
මිනිසුන් මවිතයට පත් වී මෙසේ පැවසූහ:
"නීතිඥයා නිදහස් කරන්න, මන්ද යුක්තිය කතා කර ඇත, නීතිඥයා ආරක්ෂිතයි."

අවසාන අවස්ථාව පැමිණියේ., භෞතික විද්‍යාඥයාගේ වාරය ය..

පෙර පරිදිම වධකයා ඔහුගෙන් අහනවා "ඔබට අවසාන වචනයක් තිබේද? යනුවෙන්.."
"මම ආගමික භක්තිකයකු මෙන් දෙවියන් වහන්සේව නොදනිමි, නීතිඥයෙකු මෙන් මම යුක්තිය ද නොදනිමි, නමුත් ගිලටීනය හිසට ලඟා වීම වළක්වන ගැටයක් ගිලටීන කඹයේ ඇති බව නම් දනිමි." යැයි කීවේ ය..
වධකයා එවිට ගිලටීනය දෙස බැලීය.. ඔහුට ගිලටීනය පහළට වැටීම වළක්වන ගැටයක් හමු විය.
ඔවුන් ගැටය සකස් කර භෞතික විද්‍යාඥයාගේ හිස මතට ගිලටීනය පහත් කලේය...ඔහුගේ හිස ගසා වැටිණි.....

වැඩි උගත් කමත් ඔබට මෝඩයකු විය යුතු අවස්තාවෙත් හිතට මාන්නයක් ගෙන දෙයි...
එම මාන්නයම ..ඔබට දුර නොපෙනේ..
සමහර විට ඔබ සත්‍යය දැන සිටියත් ඔබේ කට වසාගෙන සිටීම වඩා හොඳය.
සමහර අවස්ථාවලදී මෝඩ වීමම බුද්ධිමත් කමකි...

නිලූකා දමයන්ති - මුණු පොතට. 

A day in the life

2025-06-03

මහාමාන්‍ය ඩී.එස් සේනානායක.






මෙරට පළමු අගමැති ඩී.එස්.සේනානායක උගතෙකු නොවි ය.අධ්‍යාපනය ලබා තිබුණේ හය ශ්‍රේණියට පමණක් යැයි කියති.
නමුත් හේ "කුශාග්‍ර බුද්ධිමතෙකු විය.
නිදසුන් කතාවකි මේ..
එවක කොළඹ උසස්ම පාඨශාලාව ,
"රාජකීය විද්‍යාලය"වි ය.
එහි විදුහල්පති හට විශේෂ වැටුපක් ගෙවනු ලැබිණ..
⁣මීට එරෙහි වූ කොළඹ වෙනත් පැසැල් විදුහල්පතිවරුන් එක්ව
"සම සේවයට සම වැටුප්"යනුවෙන් අරගලයක්,ඇරඹූ හ.
සංදේශයක් තනාඅධ්‍යාපන ඇමතිවරයාට දුන් හ.
ඇමතිවරයා "බෝලේ පාස් කළේ "අගමැති ට ය.
ඩී.එස්.මෙම සියළු විදුහල්පතිවරුනට වරියන් ඇතුළු
පවුලේ සියළු දෙනාට
⁣"තේ පැන් සංග්‍රහයක් සඳහා
අරලියගහ මන්දිරයට ආරාධනා කළේ ය.
සියළුම දෙනා පාහේ ඊට සහභාගි වූ හ.
ඉතා සුහදව එය පැවැත්වූ ඩි,ඇස් එය අවසානයේ
"මේ අයගෙන් කවුද කැමති ?
තමන්ගේ දරුවන් රාජකීය විද්‍යාලයට ඇතුලත් කරගන්ට?" ඇසී ය.
සියයට අනූවක් දෙනා එකහෙලාම කැමැත්ත පළ කළ හ.
"දැන්,තේරෙනවා නේද?
රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමාට
විශේෂ වැටුපක් ගෙවන්නෙ ඇයි?කියලා.
"තම තමන්ගෙ ඉස්කෝලත් රාජකීය පැසැලේ මට්ටමට ගේන්ඩ.
එතකොට මම සම වැටුප් දෙන්නම් " කීවේ ය.
අරගලය එතෙකින්,හමාර විය.

මේ කතාව මුණු පොතට ලිව්වේ - කමල් පී අලහකෝන්
A day in the life

2025-06-02

පේරාදෙණිය තානායම - කැප්ටන් ඩෝසන්ගේ නවාතැන.


එදා මහනුවර මහමාර්ග පද්දතියට විශාල සේවයක් කල කැප්ටන් ඩෝසන්ගේ නවාතැනවූ ෆ්ලෝරන්ස් විලා අද නවීකරණයවූ පේරාදෙණිය තානායම.....
කොළඹ - මහනුවර පාර ඉදිකිරීමේදී කපිතාන් ඩෝසන් නැවතී සිටි ස්ථාන තුනක් අදටද ඉතිරිව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ අඹේපුස්ස තානායමයි. දෙවැන්න ගලිගමුව අඹන්පිටියේ ඩෝසන් බංගලාවයි. තෙවැන්න පේරාදෙණිය තානායමයි. 
අද වන විටත් මේවා මතු පරපුර වෙනුවෙන් සුරැකීව පවතී.
කොළඹ - මහනුවර පාර ඉදිකෙරුණේ කොටස් දෙකකටය. පළමු කොටස පෑලියගොඩ සිට අඹේපුස්ස දක්වා විය. දෙවැනි කොටස අඹේපුස්සේ සිට ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල හරහා බලන කඳුමැදින් පේරාදෙණියටය. මේ කොටස් දෙක ඉදිකිරීමේදී මාර්ගය සැලසුම් කළ ප්‍රධානියා ලෙස කපිතාන් ඩෝසන් ස්ථාන කිහිපයක තාවකාලිකව නවාතැන් ගත්තේය. අඹේපුස්ස තානායම ඔහුගේ නිවස්නය ලෙස පාවිච්චි වීමෙන් අනතුරුව රජයේ සංචාරක නිවාසයක් බවට පත්විය. 
අඹන්පිටියේ බංගලාවේ නැවතී පාර තැනීමේ කටයුතු මෙහෙයවමින් සිටි ඩෝසන් පිළිබඳව වැඩි විස්තර දන්නා කෙනෙක් අද ඒ ප්‍රදේශයේ සොයාගන්නට නැත. එහෙත් ජනප්‍රවාද අනුව කියවෙන්නේ ඔහු එහි නැවතී මිදුලේ ඉදිකළ දුරදක්නයක් මගින් පාරකැපීමේ කටයුතු නිරීක්ෂණය කළ බවය. තාවකාලික නිවාසයක් ලෙස සැකසුවද එය බොහෝ කාලයක් නොකැඩී පැවතුණි. අසල කන්දක සිට ගලා ආ ජල පහරකට පීලි සවිකර මෙම නිවාසයේ පාවිච්චිය සඳහා යොද‌ා ගෙන ඇත.
පසුගිය කාලය වන විට ගරාවැටෙමින් පැවැති බංගලාව දැයට කිරුළ වැඩසටහන යටතේ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් මේ වන විට පිළිසකර කර ඇත. 
මාවනැල්ලෙන් පසු බලන කඳුවැටිය දිගේ පාර කැපුවේ බිහිසුණු ප්‍රපාතවලින් පිරි කඳු බෑවුම් අතරිනි. එතෙක් මහා ඝන වනාන්තරයක්ව තිබූ එහි මහා මාර්ගයක් කැපීම යනු ලෙහෙසි දෙයක් නොවේ. එකපැත්තකින් ඉංගිරිසි වැවිලිකරුවන්ගේ වගා කටයුතු සඳහා කඳු බෑවුම් එළි පෙහෙළිකර තිබූ අතර අනෙක් පසින් මහා මාර්ගය සඳහා කඳුබෑවුම් එළි පෙහෙළි කළ යුතු විය. මේ නිසා බලන කඳු බෑවුමේ වන වියන වේගයෙන් ශේෂවීගෙන ගියේය. එතෙක් නිල් පැහැති වන ගොමුවෙන් පිරී තිබූ කඳුයාය ඒ වන විට තිබුණේ ගුරු පැහැයෙනි. 
බලනේදී ඩෝසන්ට අසීරු තීරණයක් ගන්නට සිදුවිය. එය මහපාර කැපීමේදී ඔහුට එතෙක් නොපැමිණි අභියෝගයකි. අවසන් රාජධානිය සමයේ බලන කඳුයාය හරහා ජනයා ඔබමොබ ගිය අඩිපාර තව තවත් විශාල කරමින් පාර කපාගෙන ආ ඩෝසන්ට ඊළඟට සිදු වූ බරපතළ අභියෝගය වූයේ මහා ගල්කුලකින් පාර හරස්වීමය. දැවැන්ත කඳු ශිඛර අතරින් අසීරු කුඩා මාවතක් පාද‌ාගෙන ආ ඩෝසන්ට මෙය මහත් අභියෝගයක් වූයේ ගල්කුළ මගහැර පාර ඉදිරියට සැකසීමේ වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති නිසාය. ඔහු තම ශිල්පීය ඥානය එහිදීත් යොදා ගන්නට තීරණය කළේය. එනම් මහා ගල්කුළ විද පාර ඉදිරියට ගෙන යාමයි. 


පාර හරස්කරමින් වැතිරි තිබූ මහා ගල් පර්වතය ගල් වෙඩි යොදා ඉවත් කිරීම ලෙහෙසි කර්තව්‍යයක් නොවීය. බිහිසුණු ප්‍රපාතයකට ආසන්නයේ ඇති පර්වතය ඉවත් කළ නොහැකි බව වටහා ගත් කපිතාන් ඩෝසන් එතෙක් ලංකා පොළොවේ නොකළ ඉංජිනේරුමය කර්මාන්තයක් කරමින් දැවැන්ත ගල් පර්වතය ගල්වෙඩි යොදා සිදුරු කර ඒ මැදින් මහා මාර්ගය ඉදිකළේය. කඩුගන්නාවේ ‘ගල විදපු තැන’ යනුවෙන් මෙම ස්ථානය රට පුරා ප්‍රකට විය.
 

ඒ වන විට කැන්ඩි ලෙස ඉංගිරිසියෙන් කටවහරට ගැළපෙන සේ හද‌ාගෙන තිබූ සිංහලයන්ගේ කන්දේනුවර දක්වා යන මාවත කඩුගන්නාවෙන් පසු පිළිමතලාව ​ෙප්රාදෙණිය හරහා වැටී තිබුණේ තැනිතලා භූමියක් දිගේය. ඩෝසන් සහ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පේරාදෙණියේදී ඉතා දර්ශනීය ඉසව්වක් මැදින් එම මාවත ‘මහනුවර’ දක්වා යොමු කළෝය. මහවැලි ගඟෙන් එහා පැත්තේ තිබූ එම දර්ශනීය ඉසව්ව වැටී තිබුණේ රජ්ජුරුවන්ගේ රාජකීය මල්වත්ත අසලිනි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ලෙස පසුව වඩාත් විශාල වී ස්ථාපිත වූයේ එම මල්වත්තය. 
කපිතාන් ඩෝසන් මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීම සඳහා රාජකීය මල්වත්ත ඉදිරිපිට මහවැලි ගඟ​ පෙනෙන මානයේ තැනක තම තාවකාලික නිවාසය ඉදිකරගෙන එහි සිට මාවත ඉදිකිරීමේ ඉතිරි කොටස මෙහෙයවූයේය. අද පේරාදෙණිය තානායම ලෙස පවතින්නේ එද‌ා කපිතාන් ඩෝසන් පාර හැදීම මෙහෙයවීම සඳහා නවාතැන් ගත් තාවකාලික නිවාසයයි. 

සැන්දෑ කාලයට සිහින් මිහිදුම් කැරලි පාව එන පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ, රජුගේ මල්වත්ත අසල තාවකාලික නිවාසයක් ඉදි කර එහි නවාතැන් ගත් මේ ඉංගිරිසි ජාතිකයා සොබාව සෞන්දර්යයට බෙහෙවින් ආදරය කළ බව කියැවේ. ඒ බව පේරාදෙණිය තානායමේ පිහිටීම බැලූ විට වටහා ගත හැකිය. 

පාර කපා අවසානවීමෙන් පසු මෙම තාවකාලික නිවාසය බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සංචාරක නිවාසයක් ලෙස භාවිතා විය. පොදු ජනතාවගේ තානායමක් බවට එය පත්කෙරුණේ එයිනුත් පසුවය. තානායමේ ඉදිරිපස කාමරය ඩෝසන්ගේ කාමරය ලෙස අද දක්වාම භාවිත වෙයි. 
ඉහත ඡායාරෑප 1900දී පමන ලබාගත් එවාය,
තොරතුරැ සම්පාදනය අන්තර්ජාලය ඇසුරින්
Lasantha Sampath Dissanayaka ......
" Everything from Ceylon To Sri Lanka"


වර්තමානයේ පේරාදෙණිය තානායම.

 මුණු පොත- තිලක දයාසිරි කුමාර. 

A day in the life

2025-05-31

මාලනීය ආවර්ජනයක.



 දැන් අවුරුදු හැත්තෑවත් පැනලා ?
ඔව්.