අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Thursday, November 21, 2024
ධර්‍මචක්‍රය

11/21/2024 08:00:00 am

ප් ‍ රතිවේධ ධර් ‍ මචක් ‍ රය දේශනා ධර් ‍ මචක් ‍ රය යි ධර් ‍ මචක් ‍ ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක් ‍ රායුධ නම් ආයුධ ...

Read more »
Wednesday, November 20, 2024
පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කාටද?

11/20/2024 08:30:00 am

මේ අපි කාටත් තියෙන ප් ‍ රශ්නයක්. මේකට පිළිතුරු දෙන්න පුළුවන් පියයුරු පිළිකාවක් හැදෙන්න ප් ‍ රවණතාවයක් තියෙනවා ද නැද්ද කියලා විතරයි. යම් යම් ...

Read more »
Tuesday, November 19, 2024
මම මගේ නෙවෙයිද ?.

11/19/2024 08:00:00 am
1

වැස්ස වහිනවා. පරිසරයත් සීතලයි. මට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සීතල දැනෙනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම දුර්වල වෙලාද . මේ අනම් මනම්...

Read more »