ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-08-05

දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම






දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම භාව්තා කරනව.ඒ හදුනා ගැනීමේ පහසුවටයි.. බලන්න මේ පහත තියෙන සංකේත නාම සමහර ඒව ඔබ දැක තිබුනත් ඔබට ඒව මතකයි ද කියල..

1) FC - First Class - පලමු පන්තියෙ මැදිරි
2) SC - Second Class - දෙවන පන්තියේ මැදිරි
3) TC - Third Class - තෙවන පන්තියෙ මැදිරි
4) E - Economy Class - සැකසුරුවම් මැදිරි. මේකත් 3rd class ම තමයි
5) AFC , FCR - A/C First Class / First Class Reserved
6) SCR - Second Class Reserved - දෙවන පන්තියේ වෙන්කල මැදිරි
7)TCR - Third Class Reserved - තුන්වන පන්තියේ වෙන්කල මැදිරි
8)FCB - First Class Berth - පලමු පන්තිටේ නිදන මැදිරි
9) SCS - Second Class Sleepert - දෙවන පන්තියේ නිදන මැදිරි
10) TCS - Third Class Sleepert - තුන්වන පන්තියේ නිදන මැදිරි
11) OFV - Obeservation Saloon - තිරිංග සහිත නැරඹුම් මැදිරිය
12) EXR - Exporail Carriage Luxary - සුඛෝපභෝගී එක්ස්පෝ රේල් මැදිරි
13) NF/NS - Night First/Second Class Convertible Berths - පලමු පන්තියේ වෙනස් කල හැකි/ හැරවිය හැකි ආසන සහිත නිදන මැදිරි
14) RS - Restaurant Car - ‍බෝජන රථය
15) TCBU - Third Class Buffet - තුන්වන පන්තියේ බෝජන රතය
16) TV - Third Class With Break Van - තුන්වන පන්තියේ තිරිංග සහිත මැදිරිය ( මෙහිදී මැදිරියෙන් අඩක් මගීන්ට ද අනෙක් කොටසේ නියාමක මැදිරිය සහ ගමන් බඩු ගබඩා කල හැක
17) SV - Second Class With Break Van - දෙවනි පන්තියේ තිරිංග සහිත මැදිරිය
18)PBV - Parcel Break Van - පර්සල් පැටවිය හැකි තිරිංග සහිත මැදිරි
19) POV - Post Office Van - තැපල් මැදිරිය
20) BCGS - Boggie Covered Goods Wagon - රෝද 8 ගැල් රථ
21) CGS - Covered Goods Wagon - රෝද 4 කුඩා ගැල් රථ
22) KV - Kitchen Van - මුලුතැන්ගෙය සහිත මැදිරි
23) WWL - Way and Works Low side
24) ARS - A/C Reservation Saloon - වායුසමීකරණය සහිත වෙන්කලහැකි මැදිරි
25) BCW - Boggie Crocadile Wagon
26) BHO - Boggie Hopper Open
27) BMT - Boggie Motor Gasoline Tank
28) BOT - Boggie Oil Tank
29) CV - Carriage Van
30) DT - Diesel Tank 2 wheel
31) EV - Explosives Van ( පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ගැල් )
32) GBW - Goods Break Wagon
33) GV - Generator Van
34) HB - Horse Box
35) SBC - Suburban Boggie Coach
36) SBD - Suburban Boggie Dummy
37) EPV - Electronic Power Van
38) VV - Vegetable Van
39) KT - Kerosene Tanker
40) CW - Cattle Wagon



සමහර නම් අහල තිබ්බට සමහර ඒව දැක්කෙත් අදනෙ. මීට අමතර තව සංකේත නාම ඇත්නම් කොමෙන්ට් කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතනව.ලයික් පාරක් දාල තවකෙනෙක්ට බලන්න ශෙයාර් පාරක් දාන්න. කොමෙන්ට් එකකුත් දාන්න. ඉස්සරහට මේ වගේ තව පෝස්ට් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනව



Ceylon Government Railway Magazine


A day in the life

2024-08-04

ජීවිතේ සතුටින් ජීවත් වෙන්න.


ඇත්තටම ජීවිතේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද 
සතුට කියලා කියන්නේ සැනසීමෙන් ජීවත් වීම.
සතුට කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ අවදානමකට හෙළලා මොහොතක සැපය විඳින එකනම් නෙමෙයි..
උදාහරණයක් විදිහට කවුරු හරි හිතනවා නම් ම.ත් ද්‍ර.ව්‍ය.ක් පාවිච්චි කරලා සතුටින් ඉන්න පුළුවන් කියලා එයා දන්නේ නෑ ඇත්තටම සතුට කියලා කියන්නේ මොකක්ද කියලා..
තමන්ගේ මානසික සුවය මානසික සැනසීම ඔයාට සතුට අරන් එනවා...
ඉතින් ජීවිතේ සතුටෙන් පිරෙන්න නම් මං පුංචි කාරණා ටිකක් කියාදෙන්නම්...
ඊට පෙර අවබෝධ කරගන්න ඔයාට මේ ලෝකේ හැමෝම සතුටු කරන්න බැහැ. ඒත් මුලින්ම ඔයා ඔයාව සතුටින් තිබ්බොත්, ඉබේම ඔයාගේ වටා ඉන්න හැමෝටමත් සතුට බෝ වෙනවා කියලා අමතක කරන්න එපා..
ඉතිං සතුටෙන් ඉන්න පුංචි කාරණා ටිකක් මේ...
 ලොකු ලොකු බලාපොරොත්තු සැබෑ වෙනකම් බලා නොසිට මේ වෙලාවෙ තියෙන පුංචි පුංචි දෙයින් පවා සතුටු වෙන්න. එහෙම සතුටු වෙන ගමන් තමන් සතු හීන සැබෑ කරගන්න උත්සාහ කරන්න.
 ඕපදූප කතා කරන එක අවම කරගන්න. පුළුවන් තරම් අනිත් අයගේ කුණු හොයන කතාවලට මැදිහත් නොවී ඉන්න.
 තමන් අකමැති දේවල් වලට අනිත් අයගේ හිත රිදෙයි කියලා එකඟ වීමෙන් වලකින්න. ඒ කියන්නේ නෑ , බෑ , මං අකමැතියි කියන තැන් වලට හා ,පුළුවන්, මං කැමතියි කියන එක නවත්වන්න.
 ටොක්සික් සබඳතා වලින් ඈත් වෙලා ඉන්න. ටොක්සික් කියල කියන්නෙ විෂ. ඉතිං විෂ සහිත සබඳතා වලින් ඈත් වෙන්න ඒ සබඳතාව කොයි විදියක එකක් වුණත්.
  •  අනිත් අය මොනවා හිතයිද කියලා හිතන එක නවත්වන්න. තැනට සුදුසු විදියට ඔයාට පහසු පරිදි ජීවත් වෙන්න.
  •  හයියෙන් හිනා වෙන්න, නටන්න, ජීවිතයේ හැම මොහොතකම තමන්ට ලැබිලා තියෙන දේ ගැන හිතලා තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්න.
  •  ඔයා ඔයාව අඩුවෙන් තක්සේරු කරන එක නවත්වා ගන්න. මේ ලෝකයේ හැම මනුස්සයෙක්ටම විශේෂයක් තියෙනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම එයාලගේ විදියට පරිපූර්ණයි...
  •  ඔයා ඔයාව සංසන්දනය කරන්න එපා. අපි හිතමු ඔයා හැම මොහොතකම ඔයාගේ රූපය ඔයා කරන රැකියාව අනිත් අයත් එක්ක සංසන්දනය කරනවා කියලා. එතකොට ඔයාට හැමතිස්සේම දැනෙන්නේ ඍණාත්මක හැඟීමක් නැත්නම් අනිත් අයව පරාජය කරලා තමන් විතරක් වැජඹෙනවා කියලා ආත්මාර්ථකාමී හැඟීමක්.. ඉතින් මේ හැඟීම් දෙකම ඔයාට අහිතකරයි. එනිසා තමන්ව සංසන්දනය කරන එක නවත්වන්න.
  •  ' මටත් තිබ්බනම්.. මටත් හිටියනම්..' කියලා හිතනවා කියනවා වෙනුවට දැනට තියෙන දේවල් සහ දැනට ඉන්න අය ගැන තෘප්තිමත් සහ සතුටු වෙන්න.
  •  නිල් චිත්‍රපටි බැලීමෙන් වලකින්න. මේක වැරදි ඇබ්බැහියක්. කවුරු හරි කියනවා නම් මෙතනින් සතුටෙන් ඉන්න පුළුවන් කියලා, ඒක සම්පූර්ණයෙන්ම රැවටීමක් පමණයි.
  •  මේ මොහොතේ ජීවත් වෙන්න !
  •  ව්‍යායාම කරන්න. ජිම් එකට යාමට අවකාශයක් නැත්නම් සින්දුවක් දාගෙන හොඳට නටන්න.
  •  වැරදි හිතේ තියාගෙන ඉන්නවා වෙනුවට සමාව දීලා අත්හැරීමේ පුරුද්ද තව තවත් ප්‍රගුණ කරන්න.
  •  අතීතයේ මතක අවුස්සන දේවල් ආයෙත් ආයෙත් බලන්න යන්න එපා.
  •  ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.
  •  පිරිසිදුව ඉන්න.
  •  යම්කිසි ස්ථානයක ඔයාට සතුටක් දැනෙන්නෙ නෑ වගේ දැනෙනවා නම්, එතනින් ඉවත් වෙන්න.
  • උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා මේ වෙලාවෙ ඉන්න නිවස මොනව කරත් කිසිම කලඑළියක් නෑ කියලා. ඔයාට හිතෙනවනම් ඒ නිවස තුළ ඔයා සාමකාමී හැඟීමක නෑ කියල. අලුත් තැනකට යන්න පුලුවන් නම්.
  • තවත් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ටොක්සික් රැකියා ස්ථානයක ඉන්නවා. ඉතින් පුළුවන් තරම් උත්සහ කරන්න අලුත් තැනකට යන්නට.
  •  මිනිස්සුන්ගෙන් සියයට සීයක් යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න එපා . ඔයා වගේම අනිත් අයත් හොඳයි කියලා හිතන එක නවත්වන්න.
  •  ඔයාගේ කාලය අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයාට උරුම වේලාවට නියමිත දේ ඔයාට ලැබෙනවා කියලා විතරක් විශ්වාස කරන්න.
  •  නිතරම උත්සාහය පවත්වාගන්න ධනාත්මක මනසක් එක්ක. උත්සාහය කිරීමේදී විවිධ ක්‍රම අනුගමනය කරන්න.
  • උදාහරණයක් විදිහට ඔයා විභාගයකින් දිනන්න පාඩම් කරනවනම්, ඒ පාඩම් කිරීම අතරතුර ඩාක් චොක්ලට් කෑල්ලක් කන්න, ටිකක් එළියට ගිහිල්ලා ඇවිදල එන්න.
  •  ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් සතුටෙන් ඉන්න ඔයාගේ ජීවිතේ පාට පාටින් පාට කරන්න..
ඉතින් ජීවිතේ කියලා කියන්නේ දුක විතරක්ම නෙමෙයි.. චුට්ටක් හිතුවොත් ඔයාටත් පුළුවන් ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම සතුට හොයාගන්න..

 Liyanage chathu.

- Gumiho's Diary -
Credit goes to respective owner




A day in the life

ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma




ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භාවිතා කරයි.

පතරාජ , පතරංග ආදී සිංහල නම් වලින්ද ඉංග්රීසියෙන් Indian Cherrry ලෙසට හඳුන්වනු ලබන ලෝලු 10m ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ඉලිප්සාකර පත්ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ලෝලු Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
ලෝලු මල් සහ දළු රසවත් ව්යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ඉදුණු ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක් වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්වරූපයක් ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල් , කොළ , ගෙඩි , සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්යාංජනයක් හා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්යවරු මෙම ගස ඖෂධයක් ලෙස ප්රයෝජනයට ගනු ලබති. මධ්යම තායිලන්ත ප්රාන්තයක් වන ප්රානෙක්හොන්සි අයුත්තායා හි ප්රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්යාංජනය බෙහෙවින්ම ප්රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් තහවුරු ව ඇත.





ලෝලු වටිනා ශාක රසායනික වර්ග රාශියක් අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක් වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්රොටීන) කිහිපයක්ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක් වන ක්රෝමියම් අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්රතිපෝෂක අඩංගු වන බැවින් ප්රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක් ලෙස ගැනීම සුදුසුය.

ප්රභල ප්රතිජීවකයක් හා වේදනා නාශකයකි ලෝලු ශාකය. ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම , එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්ෂුද්ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක් සහ අල්සර් සහ කොලික් පේන් (Ulcers and Colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ , පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්රතිකාරයක් බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්යාඥයින් ප්රකාශ කරයි.තරුණ බව රැක දෙයි. ලිංගික ශක්තිය වැඩි කරයි. ලෝලු පත්ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්රබල ස්වාභාවික ප්රතිඔක්සිකාරක සතුව ඇති නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක් පවත්වා ගැනීමටත් වියපත්භාවය හා සම්බන්ධ ඔස්ටියෝ , ආතරයිටිස් , ඇල්සයිමර්ස් , හෘදයාබාධ , දියවැඩියාව , පෙනීමේ ආබාධ , පිළිකා රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්රවල මෙම හැකියාව සාපේක්ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක් ද තිබෙන බව තහවුරුව තිබේ.





රත්පිත්, ඇදුම, ප්රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි.

අම්ල පිත්තයට -
ගැස්ට්රයිටීස්‌ රෝගයට ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා වනේ දමා කොටා එහි යුෂ ලීටරයක් පමණ උදේ හවස අඬු කෝප්පයක් බැගින් පානය කිරීමයි.
හොරි දද කුෂ්ඨ වලට
සිරුරේ ඇති කල් ගිය ඔඩු දුවන ලද තුවාල , දද කුෂ්ට සුව කරන්නට හා ලේ වල විෂ නසන්නටත් සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත් දියවැඩියා රෝගයටත් ලෝලු පොතු , කොළ , මල් , ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය.
මොළය රැක දෙයි...
දිර්ඝ කාලයක් තිස්සේ මොළයට සැපයෙන ඔක්සිජන් සහ පෝෂක කොටස් අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්රිකාවක සඳහන්ය.
අහිතකර කොලෙස්ටරෝල් සදහා
අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්රෝටීන් (අහිතකර කොටලෙස්ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමිය (Hyperlipidemia) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු පොලිනොලික සංඝටක , ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක් ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත.
දරුණු අක්මා රෝගවලින් බේරෙන්නට...
ඇල්කොහොල් භාවිතය අක්මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්රව්යයන් නිසාවෙන් අක්මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් වන සිලිමරීන් ඖෂධයට සමාන අක්මාව රැක ගැනීමේ ලක්ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත.
ලෝලු ගෙඩි සහ පත්ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්රිම හෝර්මෝනමය උපත් පාලන ක්රම වල දී මෙන් නොව, ලෝලු පත්ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්රිකාවෙ සඳහන් ය. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්ත්රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්ත්රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි.
* ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්රතිකාරයකි.
* රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත.
* මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි.
* ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්රතිකාරයකි.
* ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි.
දියවැඩියා රෝගයට , කැස්ස , හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක් ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්ර කර සම මත දිනකට දෙවතාවක් ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්රතිකාරයකි.
ලෝලු ව්‍යංජනය
ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්යාංජනයකි. අලකොළ ව්යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය ....
පූජ්‍ය අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි ( පිළිකුත්තුව ඓතිහාසික රජමහා විහාරය ) විසින් සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකින් හා අන්තර්ජාලයෙන් හා ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරින් සකසන ලදි ...
මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු .

පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි.

Sarana Himi
A day in the life

2024-08-03

මදැයි ඔයින් බේරුනා








ජනාධිපතිවරණය උනුුසුම් වෙමින් තිබේ. කකුළුවෝ එකා දෙන්නා උණු තෙල් තාච්චියට බසිමින් සිටී. පිච්චී විනාශ වන බව දැන දැනම මොවුන් පනින්නේ මැතිවරණ කොමිසම විසින් වියදම් කරන ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්නට මිස වෙන මොන මගුලකටදැයි මම සිතමි.
මමත් මෝඩ වැඩ කරන බව තේරුම් ගියේ විශ්ලේෂකයින්ට පහසු වෙන්න කියා 2019 ජනාධිපතිවරණ ප්‍රතිපල මෙටාවේ පලකරන්න යාමෙනි.
මගේ පෝස්ට් එකේ

සමස්ත ඡන්ද ප්‍රතිපලය.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- ඡන්ද 6,924,255 (52.25%)
සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- ඡන්ද 5,564,239 (41,99%)
අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- ඡන්ද 418,553 (3.16)
තිබුනේ එපමනකි.

ලැබුන ප්‍රතිචාර නම් අපුරුය.
කියවන්නන්ගේ මනස විකාර වී ඇත්දැයි මට සිතිනි.
මේ ඒක් මෙටාවෙක් මා සමග කළ සංවාදයයි.. ඔහු මගේ පෝස්ට් ඒකේ ගියවර ජාතික බලවේගය ගත් ඡන්ද ප්‍රතිශතය පලවී තිබිම ගැන උරණ වී තිබිනි. මම ඒ්ටිකට අහගත් අවලාද බලන්න.
N
ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින්
මම
මාර නිගමනයක් නේ ...
N
ඔබතුමා මේ පෝස්ට් එකෙන් දෙන්න හදන නිගමනය වර්තමාන දේශපාලන තත්වයේ අවබෝධයෙන් ඉන්න කෙනෙකුට අමු මෝඩ නිගමනයක්
මම
මේ පෝස්ට් එකේ තියෙන්නේ ගියවර ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලය . ඒක මේ පාරට අදාල නැහැ .නමුත් ගෝඨාභය ගත් ඡන්ද යන තැන් ගැන හිතන්න මුලාශ්‍රයක් ඒ දත්ත තුල තියෙනවා
මම
"ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින් " මෙවැනි නිගමනයන්ට එන්න ඔබ ප්‍රමාණිකයෙක් කියලා ඔබම පසුව පල කරලා තිබුනා .මම කනගාටු වනවා නිසරු මතවාදයක් පල කලාට. ( ඔහු ඉහල අධ්‍යපනයක් ලත් ව්‍යාපාරිකයෙකු බවත පලකර තිබිනි. 
N
සජිත්ට මේ පාර ඔය ඡන්ද ටිකවත් ගන්න බෑ.
ඥාති පුතාට ලබන පාර විපක්ෂයටවත් පාර්ලිමේන්තු යන්න දරන උත්සාහය හොඳයි. 
මම
ඒ වෙන ගමනක් .මෙටාවේ අදහස් මතිමතාන්තර පලකරන්න මට බාදාවක් නැහැ .මගේ සිතැගියි මම ලියන්නේ .
N
ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබේ අදහස් හා ඔබේ ඡන්දය මත මගේ දරුවාගේ අනාගතය තීරණය වෙන හින්දා ඔබේ අදහස් හා ඔබේ දේශපාලන චින්තනය පැහැදිලිවම වැරදියි කියලා මගේ අදහස පල කරනවා.ඔබ ප්රභූ දේශපාලන පවුලක ඉහළම කෙනෙක් නිසා ඔබත් එක්ක විතරක් මේක තර්ක කරලා වැඩක් නෑ. ඔබේ මතය ඔබේ අදහස දරන ගොඩක් දේශපාලන නූගත් මිනිස්සු ගොඩක් ඕගොල්ලන්ගේ අදහස වටේ එකතුවෙලා ඒවට චන්දෙ දීලා කාලයක් මේ රට පාලනය කළා. ගෝඨාභය එනකොට එයාට සජිත්ට එනකොට එයාට විදිහට මේ රට ගොඩක් කල් ඔයගොල්ලෝ පාලනය කරානෙ අපි හැමදාම කියන්නේ ඔය ක්රමය වැරදි මහජන පාලනයකට මේ රට යන්න ඕන ඔයගොල්ලෝ වගේ තව පවුල් කීපයක් (සීයක් වගේ) ලංකාව පුරා එකතු වෙලා මේ රට මෙච්චර කල් පාලනය කරේ, ඒක වැරදියි. ගමේ පොඩි මිනිහට පාලනයට එන්න අවස්ථාවක් හැදෙන්න ඕන, ඒ අවස්ථාව මෙච්චර කල් තිබුනේ ඉතාම සුළුවෙන්, ජාතික ජන බලවේගය අපි වගේ පුංචි මිනිස්සුන්ටත් ඒගොල්ලන්ගේ පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා ඒක නිසා අපි ඒකට කැමති. දේශපාලන පවුලක ඉපදුනා නම් මමත් ඔය මතය දරන්න ඉඩ තිබුණා. මොකද භුක්ති විඳින්න හම්බවෙන දේශපාලනික අත්දැකීම් මත දේශපාලන තීරණ ඒ වගේ වෙනවා, හැබැයි රටේ බහුතරයක් මිනිස්සු ඔබතුමාලා වගේ ප්රභූ දේශපාලන පවුල්වල අය නෙමෙයි අන්න ඒකයි මම ඔබතුමාගේ සජබලට හිතවත් පෝස්ට් වලට කමෙන්ට් කරන්න හැබැයි මම දන්නවා තමන්ගේ දේශපාලන පවුලේ අනාගතය වෙනුවෙන් කැපවෙන ඔබත් එක්ක තර්ක කරලා ඔබ වෙනස් කරන්න මට බෑ. හැබැයි ඔබ ජයග්රහණය කරන්න හදන දේශපාලන මතය වැරදි ඒක වෙනුවෙන් තව දේශපාලනය නොදන්න දේශපාලන නූගත් මිනිස්සු එකතු වුණොත් රටට ලොකු හානියක්.

මම

දැනුම්වත් කලාට ස්තුතියි .

 සටහන

 අපි 71 දැක ඇත්තෙමු .88 -89 දැක ඇත්තෙමු . යකඩෙන් ලෙයින් කදුුලින් නිමවු ඒ අතීතය යලිත් බිහි නොවනු ඇතැයි විශ්වාස කරමු. ඒ නටබුන් තුලින් මතුවන දෝංකාරයක් ඇත්නම් එයට බියවමු. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ විට කලාමැදිරියාටත් අප බියවමු.

බිමෙහි දේශපාලන හැසීරීම මගේ හැසිරීම නොවේ. අවුරුදු 76 ක පැවැත්ම එක් එක් අය තේරුම් ගෙන ඇති ආකාරය වෙනස් බැවින් ප්‍රතිචාර ද වෙනස් වේ. රටට යහපත් කළමනාකාරිත්වයක් තිබිය යුුතුවේ. උඩ සිට පහල මට්ටම දක්වාම විධිමත් පාලනයක් ඇතිවිය යුතුවේ. මේ බව හදුනා ගෙන ඇත්තෙක් රටට නායකත්වය දෙන විට රට සමෘද්ධිමත් වේ. නිතර වැරැද්ද නිවරදි කරනු පිණිස කෑ මොර දෙන පිරිස් වෙත බලය හුවමාරු වීමෙන් සංහිදියාවක් සහ සහයෝගීතාවයක් උපදින බව මගේ හැගීමයි.

 


A day in the life

2024-08-02

විරුවාරදය හා පුනරුදාව





















උදන් ප්‍රනාන්දු

 ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත් පසු විසි දෙකකින් ද ජනපතිවරණය පිළිබඳ ව යම් යම් බාධා පැමිණෙතැයි බොහෝ දෙනා සැක සංකා පළ කළ හ.

විරුද්ධ පාක්ෂික දනා, ලේනා ගසට ආවිට ඒ පිටුපස ද, දඬු ලේනා පැමිණි විට ඌ පිටුපස ද පන්න පන්නා සිටියහ. කෙටි දුර ධාවන පුහුණුකරුවෙකු සේ විරුද්ධ පාක්ෂික ධාවකයන්ට මඳකදු වෙහෙස නිවන්නට ඉඩ නොදී කපටි නරියා විසි දෙක මස් කට්ට ඈතට ඈතට විසි කළේ ය. හති හලමින් ඒ පිටුපසද විරුද්ධ පාක්ෂික ධාවක රෑන දිවී ය. මෙසේ ඒ අතට මේ අතට විරුද්ධ පාක්ෂිකයන් හතිලණ තුරු දුවන්නට සලස්වා, අවසානයේ ජනපතිවරණයේ දින වකවානු ඒ පිළිබඳව වගකීම දරන කොමිසමේ ලොක්කා ප්‍රකාශ කළේ ය.

එය දැනගෙන හෝ එසේ නොවී, ඊට අහවලා ඉදිරිපත් වන බවට හැඟවෙන පෝස්ටර කොළඹ පුරා ඇළ වී තිබිණ. මැතිවරණ ලොක්කා අදාළ ප්‍රකාශය කළ ගැටස් කොලේ මුද්‍රණය වී එහි තීන්ත වේලෙන්නත් කලින් අහවලා කුකුලත් අතේ අරන් ඇප මුදල් තැන්පත් කරන්නට ගියේ ය. මේ මුළු පරිච්ඡේදයේම තිබුණේ ක්‍රියාන්විතයක හැඩ රුව ය.

ඊට ටිකක් වෙනස් ක්‍රියාන්විතයකුත් සිකුරාදා දවල් වෙනකොට ම පටන් ගනු දක්නට ලැබිණ. ඒ බුකිය පුරා පුනරුදේ කියා පෝස්ටු ඇලවීම. ඇත්තටම මේ කෙරුවාව අදාළ පක්ෂයේ පරණ පුරුද්දකි. ඊට ඔවුන්ටලොකු දක්ෂතාවයක් තිබුණේ දන්න කියන කාලෙක සිටන් ය. මා කුඩාවෙකු කාලේ පාසැල් බසයේ ඉස්කෝලේට පානදුර ඉඳන් කොළඹට යන විට පාරේ දෙපැත්තෙ ගසා ඇති පෝස්ටර බැලීම මගේ විනෝදාංශයක්විය. අද බොහෝ දුරට කයිවාරුව තම පක්ෂයේ විශේෂ ප්‍රාගුණ්‍ය ලෙස සංවර්ධනය කරගෙන තිබුණත්, ඒ කාලේ ඔවුන්ගේ අද්විතීය කුසලතාවය තිබුණේ පෝස්ටර් ඇඳීම සහ ඇලවීම ලෙස ය.
හැත්තෑව දශකයේ අග හා අසූව දශකයේ මුල කාලයේ ජීවත් වූ අයට මතක ඇති, රත්මලානේ ගාලු පාරේ, වීදුරු ෆැක්ටරිය හා ජිල්-මයුරා හන්දිය ගාව තිබුණු ඉතාමත් උස හා දිග තාප්ප සම්පූර්ණයෙන්ම වැසෙන සේ ගැහෙන අතිවිශාල පෝස්ටරය. ඇත්තෙන්ම එය පූර්ව බිල්-බෝඩ් යුගය වූවත්, එම පෝස්ටර්වල දිග පළල හා ගුණරුව ගැන මතක් කිරීමේ දී සිහිවන්නේ අද කාලේ තිබෙන විශාල වියදමක් දරා හැදෙන බිල් බෝඩයකට වඩා එම යෝධ පෝස්ටර් ආකර්ෂණීය ඒවා වූ බව යි. අද කයියෙන් රට හදනවා වගේ එදා ඔවුන් උත්සාහ කළේ රට පුරා තාප්ප වැසෙන්නට පෝස්ටර අලවා රට වෙනස් කිරීම යි. සන්නිවේදන මාධ්‍යයක භාවිතාවක් ලෙස මෙම පෝස්ටර් කලාව දේශපාලන ව්‍යාපාරයක කේන්ද්‍රීය සංඝටකයක් ලෙස යොදා ගැනීම අප අගය කළ යුතු දෙයකි.

 පුනරුදේ පුනරුදේ යන්න පුනරුච්චාරණය කරමින් බුකිය පුරා ගැසුණු පෝස්ටු ද මා සළකන්නේ දශක කිහිපයකට පෙර තමන් විසින් භාවිතා වූ පෝස්ටර් කලාව තාක්ෂණයේ දියුණුවත් සමඟ යාවත්කාලීන කරගෙන ඩිජිටල් අවකාශයේ පාප්ප බාල්දි හා බුරුසු රැගෙන රාත්‍රී පමණක් නොව පැය විසි හතර පුරා ම එදා සිටි පෝස්ටර අඳින හා අළවන හමුදාව වෙනුවට පෝස්ටු උඩුගත කරන යතුරු පුවරු රණකාමීන් පිරිසක් ස්වේච්ඡා හෝ කුලී පදනම මත බඳවා ගැනීම යි.

මීට දශක කිහිපයකට පෙර, අඳින ලද පෝස්ටර් බන්ඩල, පාප්ප හා බුරුසු ඉතාමත් සැලසුම් සහගත ව සෑම පළාතක් ම ආවරණය වන පරිදි එක රැයින් බෙදා හැර, ඉන් අනතුරුව එළඹෙන උදයේ ඒවා තාප්පවල උණු උණු පාප්ප සමග අපගේ දෙනෙතට හසුවන පරිදි කරන සුවිසල් ක්‍රියාන්විතය මෙන් ම ය මේ කාලයේ ඩිජිටල් අවකාශයේ පෝස්ටු උඩුගත වන්නේ. උඩ සිට පහළට යන මිලිටරි අණ-දම හෙවත් චේන් ඔෆ් කමාන්ඩය මෙහි භාවිත වන කළමනාකරණ ක්‍රමය යි. මධ්‍යගත යාන්ත්‍රණයකින් පෝස්ටුවේ අන්තර්ගතය හා මෝස්තරය තීරණය වේ. ඩිජිටල් අවකාශයේ එය බෙදා හැරීම එදා මෙන් අපහසු දෙයක් නොවේ. කළ යුත්තේ යතුරු පුවරුවේ ඒක යතුරකට දබරැඟිල්ලේ කොනෙන් හෙමින් තට්ටුවක් දැමීම පමණි. ඉන්පසු යට කී යතුරු පුවරු සොල්දාදුවන් වගේ වගක් නොමැති ව උඩින් පාත් වූ පෝස්ටුව උඩුගත කරගෙන කරගෙන යන්නට පටන් ගනී.

මේ අනගි මෙහෙයුමට ඉරිසියා කරන පිරිසක් ද සිටින බව පේන්නට ගත්තේ යට කී පෝස්ටු උඩුගත වෙමින් පවතින අවස්ථාවේ ම ය. ඊරිසියාකාරයන් කියන්නේ පුනරුදේ ශත වර්ෂ ගණනාවකට ඉස්සර තිබුණු දෙයක් කියා ය. දා හතරේ සිට දා හත් වැනි සත වර්ෂය යන කාලවකවානුවේ ඉතාලිය සහ තවත් රටවල් කිහිපයක ඇති වූ යම් පරිවර්තන ක්‍රියාවලියකට පුනරුදය කියා යම් නිශ්චිත තේරුමක් ඇතිව කියන බවට අපට ඒ කතාබහෙන් ඇහෙන්නට ගත්තේ ය. ඒ ඉරිසියාකාරයන් කියන්නේ, අප ව දැන් ආයෙමත් සත වර්ෂ ගණනාවක් ආපස්සට ගෙන යන්නට හදන ක්‍රමයක් බවයි මාලිමීය පුනරුදේ.

ඇත්තෙන් ම එය වැරදි කතාවකි. මෙතැන දී අදාළ පක්ෂය පුනරුදේ වචනය කුලියට හෝ බද්දට ගත්තේ ඒ නිශ්චිත ඉතිහාසයීය තේරුමෙන් නොවේ. ඔවුන් ඉන් අදහස් කළේ මතුපිට හෙවත් සුපෆිශල මට්ටම පමණක් ස්පර්ශ වන වාච්‍ය අර්ථය යි.

අවුරුදු දහයක පහළොවක පමණ මතක ශක්තියක් ඇති අයෙකුට ලංකාවේ දේශපාලන ව්‍යාපාර තුළ පුනරුදේ අලුත් දෙයක් නොවන බව පසක් විය යුතු ය. පුනරුද ව්‍යාපාරය කියා රට පුරා දේශපාලන කතාවක් පටන් ගත්තේ එකල රාවය සතිපතා පුවත්පතේ කතෘ ව සිටි හෝ උපදේශ කර්තෘ ව සිටි වික්ටර් අයිවන් මහතා ය. මගේ මතකය විදියට, ඒ කාලයේ මේ තරම් සමාජ මාධ්‍ය ඇබ්බැහියක් තිබුණේ නැත. අයිවන් මහතා ඇතුළු කණ්ඩායම ලංකාවේ විවිධ ප්‍රදේශවලට යමින්, ඒ ප්‍රදේශවල සිටින දේශපාලන ක්‍රියාකාරිකයන් සමග රැස්වීම් හා සංවාද පැවැත් වූවා මතක ය. ඒ සාකච්ඡා පදනම් කරගෙන සමහර අවස්ථාවල රාවය පත්තරයේ දීර්ඝ ලිපිද පළ විය. වික්ටර් අයිවන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී සාමාජිකයෙක් වූ අතර ඔහු ඇතුළු එකල පිරිස සටන් කලේ යතුරු පූවරු තළමින් නොවේ.

 යම් යම් විවේචන තිබුනත්, තමාගේ ජීවිතයේ මුල් කාලය කැප කළ පක්ෂයේ අනුප්‍රාප්තික පරපුරට පුනරුද ව්‍යාපාර සංකල්පය හා සන්නාමය සමහර වෙලාවට අයිවන් මහතා පුංචි තෑග්ගක් ලෙස දුන්නා ද කියා මා දන්නේ නැත. එසේ නැත්නම් තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුරෝගාමිකයෙකුගෙන් කොපි කිරීම වරදක් නොවේ කියා වත්මන් පරපුර සිතුවා ද විය හැක.

මීට වසර කිහිපයකට පෙර, නිශ්චිත ව කියතොත්, 2019 දී ද මෙවැනි පෝස්ටු රැල්ලක් නිර්මාණය වූයේ 'වැඩ කරන විරුවා' නමිනි. රටවැසියන් පමණක් නොව නොරටුන් ද හරි හරියට මේ රැල්ලේ පීනා යනු දක්නට ලැබිණ. කලක මෙරට සිටි පසු ව නොරටුන් වූ ඩයස්මීවරු ඔද තෙද වඩවා චාටර් පදනම මත ගුවන් යානා කුලියට ගෙන සාඩීන් සේ පැට වී මව්බිමට පෙරළා පැමිණියෝ ඡන්දය දමා විරුවා දිනවන්නට ය.

විරුවා උඩින් ම දිනූ අතර, වැඩි කලක් නොගොස් ඔහු වැඩ කරනවා වෙනුවට වැඩ අනා ගති. ලයිට්, වතුර පැට්‍රෝල්, පැට්‍රොල් නැතුව ජනතාව පෝලිම්වල දින ගණන් අව්වට වැස්සට තෙමින් සිටින විට 'විරුවාරදය' නමින් මෙතෙක් සොයා නොගත් රෝගයක් ජාතියටම වැළඳිණ. මේ වන විට,චාටර් ගුවන් යානාවලින් ආ අය ආ ගිය අතක් නැති වූ අතර රටේ ඉතුරු වූ අය නම් යහමින් චාටර් වූ හ.

විරුවාරාදයේ රෝග ලක්ෂණවලට බොහෝ සේ සමාන නව රෝගයක් අනාගතයේ යම් දිනෙක හට ගනී යයි සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ දිනවල දැඩි විමසල්ලෙන් සිටී.

තාවකාලිකව ඒ රෝගී තත්ත්වයට ඔවුන් දී ඇති නම 'පුනරුදාව' ය. විරුවාරදය සමාජ ඇනටොමියේ හිස්කබල ආශ්‍රිත කලාපයේ හටගන්නා අතර, අපේක්ෂිත පුනරුදාව රෝගී තත්ත්වය හිස්කබලෙන් කශේරුකාව හරහා පහළට ගමන් කොට පශ්චාත් භාගය හා ඊට තදාසන්න ප්‍රදේශයන් හී ස්ථානගත වීමට ඉඩකඩ ඇතැයි සමාජ වෛද්‍ය මතයක්මේ වන විට පුරෝකතනය වී ඇත.




A day in the life

2024-08-01

කිතුනුකමේ ගැඹුර



ඒ කාලයේ සෑම පල්ලියකම තිබූ ඉතා ගම්භීර හා පියතුමකු පමණක් අසුන් ගන්නා ආසනයකි කොමිසන් පුටුව. දැන් දැන් මේ ශුද්ධ වූ ආසනය බොහෝ දේවස්ථානවල පෙනෙන්නට නොමැති තරම්ය.

එහෙත් එය සමහර දේවස්ථානයන්හි විරාජමානව තිබෙනා අන්දම දුටුවිට අතීතය මෙනෙහිවීම නිතැතින්ම සිදුවේ. පියතුමා කොමිසන් පුටුවේ වාඩිගෙන කොමිසම අසනා විට, එළියේ සිට තමා කළ පාපක්‍රියා ප්‍රකාශ කරනා කිසිවකු හට වේවැල් දැල තුළින් පියතුමාව හරිහැටි නොපෙනේ. එහෙත් උන්වහන්සේගේ හඬ නිසල වුවද හොඳින් ශ්‍රවණයවේ.

මේ ක්‍රියාව අතිරහසිගත හා පෞද්ගලික වූ ක්‍රියාවකි. කොමිසන් පුටුව කොමිසන් ඇසීම සඳහා තැන්පත් කරන්නේ ද පල්ලියේ අයිනකය. ඒ හෙයින් පියතුමාගේ හා කොමිසම කරන්නාගේ හඬ කිසිවකු හට නෑසේ. එය ඒ තරමටම පෞද්ගලික දේව ක්‍රියාවකි.

කිතුනුකමේ ගැඹුර විදහා දැක්වීමට මේ වැනි ගාම්භීර භාණ්ඩ ද සභාව විසින් හඳුන්වා දී ඇත්තේ දේව තේජස ද විදහා දැක්වීමටය. මේ වන් පූජා භාණ්ඩ රැසක් ඕනෑම දෙව් මැඳුරක දේව සේවයට උපයෝගී කර ගනී. එය ආදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ද වේ.

කතෝලික සභාව තුළ මේ භාණ්ඩ ආශීර්වාදාත්මක භාණ්ඩය.

මේ පූජා භාණ්ඩ විශේෂයෙන්ම පරිහරණය කරනු ලබන්නේ පියතුමා ඇතුළු පූජා උදව් දරුවන් විසිනි.

ආසිරි පැන් ඉස බැතිමතුන් ආසිරි ගන්වන පැන් භාජනය, පියතුමා පමණක් පාවිච්චි කරනු ලබයි. ඒ අතර සීනුව, ආරක්ෂිත සත්ප්‍රසාද තැටිය, කුරුස සිරියස්, ඉටි පහන් කණු පූජා උදව් දරුවනගේ දෑතේ රැඳෙනා දේය.

දිව්‍ය පූජාව ඔප්පු කිරීම පිණිස පූජාසනය මත වැඩ රඳවන කාලිස් පාත්‍රය හා මිදි යුෂ කුසලානය පියතුමා විසින් දෙවිඳුනට ඔසවනා භාණ්ඩ අතර වේ.

දේව ස්තූතිය පිරිනමා දෙවිඳුන් හා ශුද්ධවරයන් නමදින ඉටි පහන ද දෙව්මැඳුරක ඕනෑම මොහොතක බැතිමතුනගේ පරිහරණයට තැබිය යුතුම තවත් පූජා භාණ්ඩයකි. ඕනෑම අයෙක් මෙම ඉටි පහන් තබා ඇති පෙට්ටියට මුදල් දමා ඉටි පහන් රැගෙන දෙව්මැඳුරේ යම් ආරක්ෂිත ස්ථානයක ඒවා දල්වා යැදීම පිණිස පහසුකම බැතිමතුනට සලසා දී ඇත. කතෝලික විශ්වාසයේ ගැඹුර දැල්වෙන ඉටි පහනේ දැල්ල තුළින් ද මනාව දැකිය හැකිය.

කතෝලික සභාව ගොඩනැඟෙන්නේ විශ්වාසය පෙරදැරිකොටගෙනය. එනම් ජේසු කල්වාරි ගමනින් පසුව තුන්වන දින උත්ථානවූ දිනයේ පටන්ය. කතෝලික සභාවේ ආරම්භය ජේසුගේ උත්ථානයය. කිතුනුවන්ගේ විශ්වාසය වසර දෙදහස් ගණනක් ගියද තවම නොනැසී පවතින්නේ මේ විශ්වාසය හේතුකොටගෙනය.

සීනු හඬ, ඉටිපහන් ආලෝකය, ගීතිකාව, යාඥාව, කතෝලික භාවයේ මහිමයය.

මේ අසිරිමත් කොටස් නොමැතිව කිතුනු කමක්ද නැත. එදා දෙව් මවුන් වන්දනාමාන සිදු කළේ හිස් පලඳනාවකින් හිස වසාගෙනය. එය ද කාන්තා පාර්ශ්වය විසින් පැලඳිය යුතු පූජා භාණ්ඩයක් බඳුය.

එහෙත් වත්මන් කාන්තා පරපුර මේ චාරිත්‍රයෙන් බැහැරව සිටිනා අන්දම දැකිය හැක. එහෙත් වැඩිහිටි කතුන් දෙව් මව් පිළිවෙත අනුගමනය කරනා අයුරු දෙව්මැඳුර තුළදී දකින්නට ලැබීම ද සතුටකි.

මේ වන් කුමක්හෝ පූජා භාණ්ඩයක් දිව්‍ය පූජාවට සහභාගි වන පිරිමි පාර්ශ්වයට ද යෝජනා කර පූජා වත්පිළිවෙතේ ගරු ගාම්භීර භාවය ඔප් නංවා ගැනීම සඳහා සභාව කටයුතු කළහොත් එයත් වටිනා පිළිවෙතක් වේ යැයි ලියුම්කරු සිතයි.

ලයනල් පී. පෙරේරා

දිවයින - ජුලි 31.


A day in the life

2024-07-31

ඉතා හොඳ දේ දරුවන්ටයි







ඉතා හොඳ දේ දරුවන්ටයි
දරුවන්ට පොල්වතුර බොන්න දෙන්න.
ඔවුන්ගේ ආහාරයට දිනපතා කොස් ඇට දෙකතුනක් උයා එකතු කරන්න
උණුකර නිවාගත් වතුර පානයට දෙන්න.
දහඩිය දැමීමට තරම් ක්‍රීඩා කිරීමට දෙන්න
සමවයස් කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට හැකිතරම් ඉඩ දෙන්න.
අන්‍යයන්ට උදව් කරන්න, අන්‍යයන් වෙනුවෙන් තමන්ට වැඩිපුර ඇති දේ පරිත්‍යාග කරන්න පුරුදු කරන්න.
සත්තුන්ට ආදරය කරන්න උගන්වන්න
දවසට එක ගහක නමක්, මලක්, ඵලයක් හඳුන්වා දෙන්න.
කතාන්තරයක් කියා දෙන්න
ගරුත්වය දීමට සහ ලැබීමට උගන්වන්න.
ආගමික හික්මීම කියා දෙන්න.
සංස්කෘතික ජීවියෙක් කරවන්න.
ඉතිහාසය, මව්බස සහ සාහිත්‍යයට ඇළුම් කරවන්න
.
සංගීතයට යොමු කරවන්න.
පිටි සහිත කෘතීම ආහාරයෙන් ඈත් කරවන්න.
සීමාසහිතව ඇඳුම් පැලඳුම්, පොතපත් උපකරන සෙල්ලම් බඩු ලබා දෙන්න.
ඇඳුම් පරණ වුවත් සෝදා පිරිසිදු කොට හිරවෙනතුරු හෝ ඉරෙන තුරු අන්දවන්න.
වැඩිමල් අය අයින් කරන ඇඳුම් සපත්තු බාලයන්ට අන්දවන්න.
සමගිය, බෙදාහදා ගැනීම උගන්වන්න.
රාත්‍රී අහස දරුවන් සමඟ දකිමින් සුන්දරත්වය විඳින්න.
පරිසරය විඳින චාරිකාවල යන්නපොදු ප්‍රවාහන ‍‍සේවයේ, නිදහස් සෞඛයේ සේවාවන් ඉඳහිට දරුවන් සමග ලැබගන්න.
වෙළඳ ‍‍පොළට,තැපැල් කන්තෝරුවට දරුවන් ගෙන යන්න.
මඟුල් වලට සේම මරණ ගෙවල්, බණ, දාන, ගෙවල් වලත් අසනීපව සිටින ඥාති හිතමිතුරු ගෙවල්වලත් ගෙනයන්න
රූපවාහිනී, පරිගණක හැකිතරම් ඈත් කරන්න.සාමාන්‍ය පෙළ වන තෙක් ජංගම දුරකථන නොදෙන්න.
තමන්ගේ ඇඳ හදාගන්න, සපත්තු සෝදාගන්න පවරන්න
බාල සහෝදරයන්ට උදව් කිරීම පවරන්න
මුදල් පරිහරණය සීමා කරන්න.
දකින දකින ඉල්ලන ඉල්ලන දේ ලබා නොදෙන්න.
ඉල්ලන දේ නොව, අවශ්‍ය දේ නොව, අත්‍යාවශ්‍ය දේ පමණක් ලබාදෙන්න.
අනාගත පරපුරට සම්පත් ඉතුරු කළයුතු බව කියා දෙන්න.
අපගේ උරුමයක් දෑසින් දකින්න රැගෙන යන්න. ඒ ගැන කියා දෙන්න.
හැකිතරම් ස්වාධීනව ඔහුගේ එදිනෙදා කටයුතු කරගැනීමට පුරුදු කරන්න
‍හොඳින් නරක් වෙන්කර ගැනීමට ඔහුට හැකිවන් තෙක් ඔහුට මග පෙන්වන්න
ඔබගේ වටිනාම සම්පතට වටිනාකමක් ලැබෙන සේ ජීවිතය කියා දෙන්න
උපුටා ගැනීමකි
A day in the life

2024-07-30

කුසලතාවයන් ඉගෙන ගනිමු










වයස අවුරුදු 40 වීමට පෙර මෙම කුසලතාවයන් ඉගෙන ගැනීමට දිනකට මිනිත්තු පැය එකාමාරක් වෙන් කරන්න.
1) හැසිරවීම ඉගෙන ගන්න
ඔබ වටා සිටින අය ආත්ම කේන්ද්‍රිව වේ. ඔබ වටාිමු ඇති,හැසිරවීමේ අවස්ථා හඳුනාගෙන නිවැරදිව ක්‍රියාකිරිම ප්‍රගුණ කරන්න. මෙය ඔබේ ජීවිතය වෙනස් කිරීමට හේතුවනු ඇත.
2) සටන් කරන ආකාරය ඉගෙන ගන්න
ඔබ ඔබව ආරක්ෂා කර ගත යුතු කාලයක් පැමිණේ. ඔබව ආරක්ෂා කර ගැනීමට අසමත් වීම දුර්වලතාවයක් ලෙස සලකනු ඇත
මෙය කරන්න.
- දිනපතා පැය එකාමාරක් මේ සඳහා වෙන් කරන්න
- ⁠පුහුණුකරුවකුගේ උදව්වෙන් කුමන හෝ නව කුසලතාවක් ඉගෙනගන්න.
- අවම වශයෙන් දින 180 ක් වත් මේ සදහා කැපවන්න. මෙයින් එම කුසලතාවයට අදාල ඔබ සියලු මූලික කරුණු ඉගෙන ගනු ඇත.
3) විවිධ අවස්ථාවන් හසුරුවන ආකාරය ඉගෙන ගන්න.
මිනිසුන් ඔබේ ජීවිතයේ පිළිබඳව කුඩා ප්‍රමාණයක් දැන සිටින දේ ප්‍රමාණවත් වේ. ‍යම්කිසි අද්භූත ජීවිතයක් ගත කිරීම ආකර්ශනීය වේ. ඔබ බෙදා ගත යුතු දේ , ඔබ එය බෙදාගත යුතු වන්නේ කා සමඟද?, ඔබ එය සිදුකළ යුත්තේ කෙදිනකද? වැනි දේ පිළිබඳව අවබෝධයෙන් පසුවන්න.
4) ස්වයං විවේචනය ඉගෙන ගන්න
ඔබ වටා සිටින පුද්ගලයින් තේරුම් ගැනීමට ඇති එකම ක්‍රමය නම් පළමුව ඔබ ඔබ පිළිබඳව දැනගැනීමයි. ඔබ සමඟ අවංක වන්න සහ,
- ඔබේ නොගැලපීම් සඳහා ඔබම අමතන්න
- ඔබේ අරමුණට එරෙහිව ඇති පුරුදු අත්හරින්න.
- ඔබට විමට අවශ්‍ය පුද්ගලයා සකසාගන්න. මෙය කරන්න ඔබේ ජීවිතය දහ ගුණයකින් වඩා හොඳ වනු ඇත.
5) සෑම දෙයක්ම සැක කිරීමට සහ ප්‍රශ්න කිරීමට ඉගෙන ගන්න.
ප්‍රසිද්ධ අය කියන දේවල්,පොදුවේ පිලිගන්න දේවල්, විශේෂඥයින් සහ සාක්ෂි වැනි දේ විශ්වාස කිරීම නවත්වන්න.මිනිසුන් බලය ලබාගැනිම සඳහා ඔවුන්ගේ විශ්වාසයන් තහවුරු කිරීමට උත්සාහ කරයි. මේ විදිහට කරන්න උත්සාහ කරන්න.
- එහි ඇති දේ ඉගෙන ගන්න.
- විනිශ්චයකින් තොරව නිරීක්ෂණය කරන්න.
- දැන් ඔබට වැදගත්වන දේ පිළිබඳව අවබෝධයක් ලබාගන්න.
6) කථා කළ යුතු ආකාරය ඉගෙනගැනිම
ඔබ වටා සිටින බොහෝ අය කතා කරන්නේ හුදෙක් ඔවුන් වෙනුවෙන් පමණි. ඔබ සැමවිටම ඔබ පවසන දේ අනුව ඔවුන් ඔබ විනිශ්චය කරනු ඇත.කථා කළ යුතු අයුරු,කථා කළ යුත්තේ කාහටද,කථා කළ යුත්තේ කෙදිනකද? වැනි දේ සමඟ අවබෝධයෙන් කටයුතු කරන්න.මෙමගින් තර්ක විතර්කවලට භාවිත වන ඔබගේ ශක්තියෙන් 99% ක් ඉතුරු කර ගත හැකිවේ.
7) ජය සහ පරාජයන් හසු විය යුතු ආකාරය ඉගෙන ගන්න.
මීට පෙර ඔබට උගන්වා ඇත්තේ ජයග්‍රහණ භුක්ති විඳීමට සහ පරාජයන්ට බිය වීමටය. සමහර ජයග්‍රහණ තුළ වෙස් වළාගත් ඛේදවාචකයන් ඇතිබව,දිනුම සහ පරාජය යන ද්විත්වය තුළින්ම අත්දැකීම් ලබා ගත හැකි බව සහ සියලු පරාජයන් තුළ විශාල ජයග්‍රහණයන් ඇති බව අවබෝධ කරගන්න.
සමාව දෙන අයුරු ඉගෙන ගැනිම
ඔබ, ඔබවම මිනිසුන් සමඟ සංසන්දනය කරනු ඇත. අනෙකාව ඔබට සංසන්දනය කිරිමෙන් ඔබ ඔවුන්ට කැමති වනු ඇත, නැතිනම් ඔබ ඔවුන්ට වෛර කරනු ඇත නැතිනම් ඔබ ඔවුන් සමග සටන් කරනු ඇත. මිනිස්සුන්ට ඔවුන්ට ඔහුන්ට කැමැති දේ සිදු කිරීමට අවස්ථාව ඇති බැවිනි ඔබට සෑම අවස්ථාවකදීම යම් අයෙකුට වෛර කිරීම නැවැත්විය හැක.

 Thaaru Paranavithana





A day in the life

2024-07-29

කල්ලඩි පාලම යට සින්දු කියන මාළු.












 


"කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලුවෝ" මේ සින්දුව ඇහුන ගමන් මතක් වෙන දේවල් 02ක් තියෙනවා. එක්කෙනෙක් නැසී ගිය ගායක කපුගේ ශූරීන්, අනිත් දේ තමයි මේ සින්දුව නිසාම ලංකාවේ ගොඩක් ජනප්‍රිය උන කල්ලඩි පාලම අසල ඉන්නවායැයි විශ්වාස කරන "සින්දු කියන මාලුවෝ" නම් මේ අමුතු මාලු විශේෂය. 

කවුද මේ මාලුවෝ? ඇත්තටම කල්ලඩි පාලම ලඟ එහෙම සින්දු කියන මාලුන් ඉන්නවද? උන් කොහොමද සින්දු කියන්නෙ? සින්දුවෙ කියන විදියට දැන් ඒ මාලු නැද්ද? අද කතාව ඒ ගැන.
කල්ලඩි පාලම ඉදිවන්නේ 1924 වසරේදීයි. නමුත් කල්ලඩි පාලම අසල මේ සින්දු කියන මාලුන් පිළිබඳ කතාව ශතවර්ෂ ගානක සිට පැවතෙන්නක්. විශේෂයයෙන්ම පුරහඳ පායා ඇති නිසල රාත්‍රීන් වල මෙම මාලුන්ගේ ශබ්දය ඉතා හොඳින් ඇසිය හැකි බවයි ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ. මඩකලපුවේ ධීවරයින් මේ නාදය හොඳින් ඇසීමට ඔරුවේ හබල ජලය තුලට ගිල්වා, හබලේ මිට පිහිටි කෙළවරට කන තබා බලනවා නිරීක්ෂණය කරන්න පුලුවන්. සමහරුන්ට අනුව මේ ශබ්ධය කල්ලඩි පාලම අසලින් පමණක් මතුවන අතර සමහරුන් පවසන්නේ මේ හඬ කලපුවේ සෑම තැනකින්ම ඇසෙන බවයි. ඇත්තටම කල්ලඩි පාලම අසල කලපුවේ ජලය අතුලෙන් ශබ්දයක් එන බව බොහෝ අවස්තාවල නිරීක්ෂණයට ලක් කරපු කාරණාවක්. මේ ශබ්දය හොඳින් අහන්න පුලුවන් වන්නේ ශබ්දය ඉතා අඩුවෙන් ඇති රාත්‍රී කාල වල ජලය මතුපිටට කන තබා ශ්‍රවණය කිරීමෙනුයි. නමුත් ගත වුනු තිස් අවුරුදු යුධ කාලය තුල බොහෝදෙනාට මේ මාලුන් පිළිබඳ කාරණාව අමතකව ගොස් තිබුනා.

යටත් විජිත සමයේ ක‍තෝලික පූජකයින්, මිෂනාරීවරුන් මේ ශබ්දය ඇසීමට කල්ලඩි පාලම උඩට ආ බවට වාර්තා ඇති අතර ස්වාමි විපුලානන්ද වැනි මහාචාර්යවරු, බ්‍රිතාන්‍ය දේශපාලකයින් උන එමර්සන් ටෙනෙන්ට් (Emerson Tennent) වැන්නන් පවා මේ සින්දු කියන මාලුන්ගේ ගායනා ඇසීමට කල්ලඩි පාලම අසලට ආ බවට සඳහන් වෙනවා. වර්ෂ 1954 දී පමණ ඇමරිකානු පූජකතුමන් දෙදෙනෙකු උන ලෑන්ග් (Lang) සහ මෝරාන් (Moran) විසින් හයිඩ්‍රොපෝනයක් ආධාරයෙන් මෙම ශබ්දය පටිගත කරුනු අතර මේ ශබ්දයේ සංගීත ස්වර නාද රටාවද පිටපත් කෙරුණා. පසුව එය 1960 වසරේ දී රේඩියෝ සිලෝන් හරහා විකාශනය උනා. යුද්ධයෙන් පසු කලපුවේ ජලයෙන් නැගෙන මෙම අත්භූත ශබ්දය ගැන පරීක්ෂණ කටයුතු නැවත 2012 වසරේ දී ආරම්භ උනා.
පාලම අසලින් මතුවන මෙම නාදය පිළිබඳ සත්‍යය හෙළිදරවු කර ගැනීම සඳහා 1953 වසරේ දී පමණ එවකට ප්‍රකට කිමිදුම් කරුවෙකු වන රොඩ්නි ජෝන්ක්ලෝස් (Rodney jonklaas) මඩකලපුව කලපුවේ කිමිදෙනවා. නමුත් ඔහුට සාමාන්‍යය කලපුවකින් හමුවන සතුන් හැරුනකොට වෙනත් අසාමාන්‍යය සතෙකු කලපු පතුලෙන් හමුවන්නේ නෑ. වර්තමානයේ පවා කලපුවේ ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් එවැනි අත්භූත, විශේෂ මාලුවෙකු තම දැලට හසු වූවාකියා වාර්තා කර නැහැ. 

එහෙමනම් පාලම අසල ජලයෙන් මතුවන අමුතු ශබ්ධය නැගෙන්නේ කොහොමද? ඒ පි‍ටුපස ඇති අභිරහස මොකක්ද?
මඩකලපු කලපුවේ පතුලේ සිටින කවචයක් (ක‍ටුවක්) තුල සිටින ජීවී කොට්ඨාශයක් මේ ශබ්දය නිකුත් කරන බවට මුලින්ම මතයක් ගොඩ නැඟී තිබුනා. ඉන්පසු කලපුව ආශ්‍රිතව ජීවත් වන ගෙම්බන් විශේෂයක් මේ හඬ නිකුත් කරනවායැයි අදහසක්ද ගොඩනැගුනා. නමුත් ගෙම්බන්ට වතුර යට දී ශබ්දය නිකුත් කල නොහැකි නිසා ඒ අදහස යටපත් උනා. මුහුදේ ශබ්ද/ නාද මතු කල හැකි මාලුන් වාසය කරනවා. උදාහරණ විදියට ඉන්දියන් සාගරයේ ජීවත් වෙන ඩැම්සල් මාලුන් (Damsel fish), ක්ලවුන් මාලුන් (Clown fish), ගිරා මාලුන් (Parrot fish) වැනී සතුන්ට මේ විදියට ශබ්ධ නිකුත් කල හැකියි. රොඩ්නි ජෝන්ක්ලෝස් කලපු පතුලේ කිමිදුන අවස්තාවේ මේ ආකාරයේ ශබ්ධ මතු කල හැකි මාලුන් විශේෂ රාශියක් සොයා ගැනුණා. නමුත් ඔවුන් සාමාන්‍ය මුහුදේ, කලපු වල ජීවත් වන මාලු විශේෂ පමණයි. විශේෂ මාලුවෙකු ඒ අතර සිටියේ නෑ. එහිදී නිගමනයක් වන්නේ මේ ශබ්දය කිසියම් එක් මාලු විශේෂයකින් නිකුත්වන්නක් නොව මාලු විශේෂ කිහිපයකින් නිකුත් වන ශබ්ද වල එකතුවක් වශයෙන් ගත හැකි බවයි.

ඒත් ඒ නාදය මඩකලපුව කලපුවෙන් පමණක් මතු වන්නේ ඇයි? 

එවැනි අසිරිමත් මාලු විශේෂයක් සිටිනවා නම් වර්ග සැතපුම් 40ක් පමණ විශාල කලපුවේ ඔවුන්ව සොයා ගැනීමත් අභියෝගයක් වන බවට කිසිම සැකයක් නෑ. කෙසේ නමුත් මඩකලපුව නගරයට "සින්දු කියන මාලුන්ගේ නගරය" ලෙස අන්වර්ථ නාමය ලැබීමටත් කල්ලඩි පාලමට සාමාන්‍ය පාලමකට එහා ගිය ජනප්‍රියත්වයක් ලැබී ගීත සාහිත්‍ය තුල පවා සඳහන් වන්නට හේතු කාරණාවක් වූ "සින්දු කියන මාලුන්" නම් මේ අපූර්ව පුරාවෘත්තය, තවත් චිරාත් කාලයක් මිනිසුන්ගේ මනස තුල හොල්මන් කරනා සොඳුරු අභිරහසක් වන බව නම් සහතිකයි.


ඉසුරු වික්‍රමගේ - Green Roamer
උපුටා පළකිරීමකි......






A day in the life

2024-07-28

අනුගත වීම කියන්නෙ මනෝ විද්‍යාත්මක කාරාණාවක්





"මොන්ඩාල් "ව මතකද?

මේක ඕපදුපයක් උනාට අපේ ජීවිත වලට හොඳ පාඩමක් කියල දෙන ඕපයක් නිසා ලියන්න හිතුණා .
හිඟන්නියෙක් වෙලා ඉඳල දක්ෂකම සහ සමාජ මාධ්‍ය නිසා ලෝක ප්‍රසිද්ධවෙලා අනුගත වීමේ දුර්වලතාවය මහන්තත්වකමක් විදිහට එළියට දාපු නිසා ආයෙත් පාරටම වැටුණු මොන්ඩාල් ව මතකද ?
මොන්ඩාල් ඉපදෙන්නෙ 1960 දී ,
අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කකා දරුවොත් හදලා තනිවෙලා පාරට වැටෙන රනූ මොන්ඩාල් කියන දුගී ගැහැණිය අන්තිමට බෙන්ගාල් වල රනාගට් දුම්රිය වේදිකාවේ හිඟන්නියක් වෙලා තමයි නැවතුනේ .
කුණු පිරුණු සාරි කබලක් ඇඳගෙන , ඇවිස්සුනු කෙස් වැටියක් සහිත මේ සිඟන්නිය උපන්දා සිට මේ දක්වාම ඇය ව අත් නොහැර ලඟින් හිටියේ ඇගේ සුමිහිරි කටහඬ විතරයි.
හේතුවක් ,ඇතුවත් , නැතුවත් දුකට සතුටට , බඩගින්නට මේ හැමදේකටම ඔහේ සිංදු මුමුණන රනූ ,අවුරුදූ දෙකකට විතර කලින් දවසක හවසක දුම්රිය මැදිරියේ රේඩියෝවක වාදනය උන මොහමඩ් රාෆි ගේ ගීතයක් රේඩියෝවේ සද්දෙටත් වඩා හයියෙන් ගායනා කරමින් මැදිරියේ බිමක ඉඳගෙන හිටියා .
නිතරම ඒ හරියේ ඉන්න අයට මේ ගායනය විශේෂ දෙයක් නොවුනට , එතනින් යමින් සිටි චක්‍රබෝර්ති කියන තරුණයට මේ සුමිහිරි කටහඬක් හිමි යාචිකාව ගැන මොකක්දෝ අමුතු දෙයක් දැනුනා .ඔහු ඇයගේ ගායනය වීඩියෝ කරලා එවලේම ෆේස් බූක් දැම්මා.
විනාඩි ගානකින් ඉන්දියාවේ විතරක් නෙමෙයි ආසියාවේ අස්සක් මුල්ලක් නෑර මිනිස්සු
රනූ මොන්ඩාල් ගේ මේ වීඩියෝව බැලුවා.
ඒකෙන් පස්සේ ,
පාරේ නිදාගෙන හිටපු මොන්ඩාල් අන්තිමට නැවතුනේ හිමේෂ් රෙශ්මියා කියන දැවැන්ත නිර්මාණකරුවා ළඟ .
එක රැයකින් රනූ මොන්ඩාල් නම් වූ හිඟන්නිය , රනූ මොන්ඩාල් නම් වූ තාරකාව බවට පත් වුනා ,
සල්මන් ඛාන් ගෙන් ලක්ෂ ගානක ගෙයක් හම්බුනා , ජනප්‍රිය වුනා , ධනවත් වුනා ,ප්‍රසිද්ධ උනා .කොහොම කොහොම හරි ඇගේ දෛවය උඩු යටිකුරු උනා .
ඔන්න දැන් ඉතින් රනූ මොන්ඩාල් සුප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් උනා .
ඔහොම වැජඹී ඉන්නකොට
මාස දෙක තුනකට පස්සේ දවසක මොන්ඩාල් එයාගේ ආරක්ෂකයෝ එක්ක "සුපර් මාකට්" එකකට යනවා ,
එතනදී අහම්බෙන් මොන්ඩාල් ව දැකපු කාන්තාවක් එයාගේ පුංචි දුවත් එක්ක හරිම ආසාවෙන් "සෙල්ෆියක්" ගහන්න මොන්ඩාල් ලඟට එනවා , පිටිපස්සෙන් ආපු ඇය ඉස්සරහ හැරිලා හිටපු මොන්ඩාල්ගේ අතට හිමීට තට්ටුවක් දාලා ෆෝන් එකත් අරන් "සෙල්ෆියක්" ගහන්න පුලුවන්ද අහනවා..
මොනවා වෙන්න ඇති කියලද හිතෙන්නේ,
( හැබැයි හීනෙකින් වත් හිතපු දෙයක් නම් නෙමෙයි වෙන්නේ .)
මොකද මේ මාව අල්ලන්නේ?? මේ.. මේ.. මාව අල්ලන්න එන්න එපා , මම දැන් celebrity කෙනෙක් ,
කියලා තරහෙන් පුපුර පුපුර මොන්ඩාල් කියන කොට අර කාන්තාවට කට උත්තරත් නැති වෙනවා ,ඒ විතරක් නෙමෙයි ඒ පොඩි ළමයත් බය වෙනවා .
මොන්ඩාල් ගෙ ජීවිතේ වෙනස් කරපු වීඩියෝව වගේම මේ වීඩියෝ වත් ලෝකෙම දකිනවා ,
හැමදේම උඩු යටිකුරු වෙනවා .
"ඔලුව ඉදිමිච්ච මෝඩ ගෑණියෙක් ,හිඟන්නන්ට රත්තරන් හම්බුනහම ඔහොම තමයි කිය කිය මුළු ඉන්දියාවම ඇයට බනින්න ගන්නවා "
මොන්ඩාල්ව තරුවක් කරපු මාධ්‍යට පවා මේ සිද්ධිය නිසා ඇය ගැන කළකිරෙනවා , ඒ වගේම බොහෝ තැන්වලින් මොන්ඩාල් ව ප්‍රතික්ෂේප වෙන්න පටන් ගන්නවා .
කතාව ඇහුවම මොන්ඩාල් ට මොංගල් ද කියල හිතුනට, මේක, " *අනුගත වීම* "කියන න්‍යාය මත පදනම් වෙච්ච, අපි කාටත් සිද්ධ වෙන්න පුළුවන් පොදුම පොදු තියරියක් .
.........................................
සිංහල වෙලා ඉපදිලා සිංහලෙන් ම ඉගෙනගෙන ඉංග්‍රීසි වචන දෙක තුනක් ඉගන ගත්තට පස්සේ , සිංහලෙන් කතා කරන අයට ඔරව ඔරවා'' බලෙන් පොෂ් '' වෙන්න හදන කට්ටිය ,
සතේ අතේ නැතුව ඉඳලා පනම් දෙකක් අතට ආවට පස්සේ අඟහරු ලෝකෙන් බැස්සා වගේ හැසිරෙන කට්ටිය ,
විනාඩි පහක ටීවී ඇඩ් එකක සෙනග අස්සෙන් යන්තම් මූණ පෙනුනහම නළු ඔස්තාර් ලා වගේ හැසිරෙන කට්ටිය ,
ජීවිතේට ඉස්කෝලෙක පන්ති නායකයෙක්වත් වෙලා නැති කෙනෙක්ට සමිතියක කාරක සභික තනතුරක් ලැබුනහම තියන පවර් එක දැක්කම,
අපිට හිතෙන්නේ ,
අම්මෝ මුගේ ඔලුව ඉදිමිච්ච හැටි , යකෝ මැස්සෙක් ගිය උඩ ,මූට ගිය කලක් , කියල නේද ?
හැබැයි ඔතන වෙන්නෙ වෙන දෙයක් ,
මුකුත්ම නැතුව ඉඳලා මොනවහරි ලැබිච්ච මිනිස්සු ඒ තත්වෙට අනුගත වෙන්න සහ ඒ ලැබිච්ච පවර් එක ලෝකෙට පෙන්නන්න
මාරම ලොකු උත්සාහයක් ගන්නවා
තමන් මෙච්චර කල් ජීවත් වෙච්ච ලෝකෙයි මේ සර්වපිත්තල ලෝකෙයි අතර තියන "ලයිෆ්ස්ටයිල් ගැප්'' එක එයාට තදින්ම දැනෙන්න පටන් ගන්නවා .
ඉතින් අමාරුවෙන් මහන්සියෙන් තමනුත් මේ සමාජෙට අනුව අනුගත වෙන්න ඕනේ නේද කියල හිතාගෙන එහෙම අනුගත වෙන්න හෙන ගේමක් දෙනවා .
ඉතින් ගැලපෙන දේ නොගැලපෙන දේ හරි දේ වැරදි දේ මොකක්ද කියල අවබෝධයක් නැහැ ,මේන්ටේන් වෙන්න ඕනේ කියල හිතාගෙන දකින දකින හැමදේම කරන්න පටන් ගන්නවා .
හිටපු තැනයි ඉන්න තැනයි අතර ගැප් එක වැඩිවෙන්න වැඩිවෙන්න තත්වය තව තවත් භයානක වෙනවා.
(උගත්කම සහ බුද්ධිමත් කමත් යම් තාක් දුරට බලපානවා)
උදාහරණයක් විදිහට ,
ජීවිතේට බ්‍රෑන්ඩඩ් බෑග් එකක් පාවිච්චි නොකරපු කෙනෙක් ලුවී විටෝන් බෑග් එකක් ගත්තම , එයා තේ බොන්නත් යන්නෙ හිල්ටන් එකට , මොකද බෑග් එකට අනුගත වෙන්න ඕනේ නිසා .
ඒකම තමයි මොන්ඩාල් ටත් උනේ ,
ජීවිතේට ප්‍රසිද්ධ පුද්ගලයෙක් නළුවෙක් ගායකයෙක් ඇහැට නොදැකපු , දන්නා කාලෙක මේසෙක ඉඳගෙන හොඳ කෑම වේලක් නොකාපු ,ග්‍රැනයිට් පොළවක පය නොගහපු මොන්ඩාල් ට එක පාරටම ලැබිච්ච සල්ලි වස්තුව ජනප්‍රියත්වය කියන දේවල් වලට මූණ දෙන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා ,
ඉස්සර හිඟා කන කාලේ කාගෙහරි අතින් අල්ලලා සල්ලි ඉල්ලුවහම බැනුම් අහපු විදිහ විතරයි එයාට මතක ,
ඉතිං ජනප්‍රිය කෙනෙක්ගේ චරිතෙට ආරූඩ වෙලා ඒක හරියටම ප්ලේ කරන්න පුරුදු වෙන්න එයා ට්‍රයි කළා , ඉන්දියාවේ දේවත්වයෙන් සලකන අමිතාබ් භච්චන් උනත් ඕන තරම් මිනිස්සු එක්ක සෙල්ෆි ගන්න බව එයා දැකලා තිබ්බේ නැහැ ,
මොන්ඩාල් ට බැන්නට එයාගේ උත්සාහය සාදාරණයි . කූඩෑල්ලන්ට මෙට්ටේ සෙට් වෙන්න ටිකක් කල් යනවා , සල්ලි නැති අයට සල්ලි ලැබුනත් , බලය නැති අයට බලය ලැබුනත් වෙන්නේ එච්චරම තමයි .
හෙට උදේ වෙනකොට මට ලෝකෙ වටිනාම මැණික හම්බෙලා අම්බානිලගේ ලිස්ට් එකට වැටුනොත්, මේ ඉන්න තත්වෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මුකේෂ් අම්බානිලා වගේ හැසිරෙන්න ට්‍රයි කරන්න ඕනෙ කියලා මටත් හිතෙන්න පුළුවන්.
රනූ මොන්ඩාල් ගෙ ඔලුව ඉදිමිලා කියලා බැන්නට, ඔයාට මට අපි කාටත්, අද අපි ළඟ නැති හිතා ගන්නත් බැරි වටිනා දෙයක්, තනතුරක් හෙට ලැබුනොත් ඒකට අනුගත වෙන්න ටිකක් කල් යනවා .
ඒ සංක්‍රාන්ති කාලේ වටේ ඉන්න ඒ දේවල් දැකපු විඳපු මිනිස්සුන්ට අපිව විහිළුවක් විදිහට පේන්න පටන් ගන්නවා තමයි
ඉතින් , ඒකට කරන්න දෙයක් නැහැ .
අපි ඕකට ඔලුව ඉදිමිලා , ලොකු කම ඉහට ගහලා කියලා කිව්වට ඇත්තටම වෙන්නෙ තනතුරට අනුගත වීමට උත්සාහ කරන එක මිසක් වෙන දෙයක් නෙමයි .
බුකියේ උඩ පහල යනකොටත් එක පාරට ජනප්‍රිය වෙලා ප්‍රසිද්ධ වෙලා එක එක අලුත් දේවල් වලට අනුගත වෙන්න ලොකු ට්‍රයි එකක් දෙන ජීවියෝ ඕනතරම් ඔයාලට හම්බෙනවා ඇති ,
යකෝ මුගේ ලොකුකම , පිස්සුද මුට,මැස්සෙක් ගිය උඩ ,ඔලුව ඉදිමිලා , අරවා මෙව්වා කියලා ඒ අහිංසකයින්ට කෝචෝක් කරන්න යන්න එපා , ඒක හරි සාමාන්‍යයි ,
ටික කාලෙකින් ඔය තත්වය යථාතත්වෙට පත්වෙනවා,එහෙම නැත්තම් ඔවුන් විසින්ම ඔවුන්ව විනාස කරගන්නවා .
අනුගත වීම කියන්නෙ මනෝ විද්‍යාත්මක කාරාණාවක්


අනිශා ජයකොඩි
Anisha Jayakody




A day in the life