ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය. මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2024-04-26

මිනිස්සු කියනවා.



















එක්තරා ධීවර ගම්මානයක අවංක හිත හොඳ ගැහැණියක් ජීවත් වුණා.ඇයගේ සැමියා බේබද්දෙක්.ඇයගේ ගමෙන් ආපු අයගේ ඥාති සහෝදරයෙක් ටික දවසක් මේ ගෙදර නැවතිලා හිටියා.ඥාති සහෝදරයා ඉන්න දවස් ටිකේ මේ කාන්තාව වෙනදට වඩා පිළිවෙලට රසට හොඳට කෑම ටික හැදුවා.ඉතිං ඇයගේ බේබදු සැමියා අතහරි කැමැත්තෙන් ඒ කෑම කෑවා.එයාලගේ ළමයි දෙන්නත් ඒ කෑම කෑවේ හරි මේ සතුටින්.
ටික දවසකට පස්සේ ඥාති සහෝදරයා යන්න ගියා.කාන්තාව ආපහු පුරුදු විදිහට අර පිරිමැස්මෙන් කෑම හදන්න පටන් ගත්තා.

එක දවසක් හොඳටම බීලා ආපු සැමියා උයල තියෙන කෑම ගැන තෘප්තිමත් නොවී ඇයට බනින්න පටන් ගත්තා."අරූ ඉන්න දවස්වල නම් උඹ රසට ඉව්වා.ඔව් ඉතිං බඳින්න ඉස්සර කාලේ ඉඳන් ඌ උඹේ පෙම්වතා කියල මම දන්නවා. ඌ ඉන්නකම් දිව්‍යලෝක රහට ඉව්වා.අපරාදේ උඹ ඌත්එක්කම ගියේ නැත්තේ. මම දන්නවා ඕක මේ ගේ ඇතුලේ ඉන්න දවස්වල උඹ නටපු නාඩගම්"
ඇයගේ සැමියා එහෙම කියලා කෑ ගැහුවා.අහල පහල ගෙවල්වල මිනිස්සු මේ කතාව අහගෙන හිටියා. බේබදු සැමියාට නම් පහුවදා උදේ වෙති ඔය කිව්ව කිසි දෙයක් මතක තිබුණෙ නෑ.හැබැයි අහල පහල ගෙවල් වල අය හිටියේ හොඳ සිහියෙන් හින්දා ඒගොල්ලන්ට මේක අමතක වුණේ නෑ.අහවල් ගෑනිගෙ මිනිහා මෙහෙම කතාවක් කිව්වයි කියලා කතාව ගම්මානෙ ප්‍රසිද්ධ වුණා.සමහර අය ඇවිල්ල කාන්තාව එක්ක ඒ කතාව කිව්වා.

"ඔයාගේ ඥාති සහෝදරයා ගෙදර ඉන්න කාලේ එයත් එක්ක සම්බන්ධයක් තිබිලා මිනිහගේ අතටම අහු උනා කියලා ගමේ අය කතා වෙනවා"කාන්තාවට හරිම කණගාටුවක් ඇතිවුණා.ටිකෙන් ටික එයාට ගෙදරින් එළියට යන්න බෑ කියලා හිතෙන්න පටන් ගත්තා.
"අරයත් මේ කතාව දන්නව ඇති. මෙයත් මේ කතාව දන්නව ඇති. මිනිස්සු මාත් එක්ක හොඳට කතා කරලා මම එතනින් ගියාට පස්සේ ඒ ගැන කතා වෙනවා ඇති.කිසිම වරදක් නොකළ මං ගැන මිනිස්සු ඒ ඒ වගේ වැරදි අදහසක ඉන්න එක මම කරපු මොන පවක් හින්දා සිද්ධ උන දෙයක්ද දන්නේ නෑ"

ඔය වගේ හිත හිත දවස් ගෙවනකොට කාන්තාවට කෑම රුචියක් නැති වෙලා ගියා.එයා කෙට්ටු වුණා.සතියකට දවසක් දෙකක් මාළු පොළට ගියත් වෙනද වගේ එයාට කෑ ගහලා මාළු ටික විකුණගන්න බැරි වුණා. එයා හැම වෙලාවෙම හිටියේ එයත් එක්ක කතා කරන හැමෝම අර කතාව දන්නව ඇති කියලා සැකෙන්. ඔහොම යනකොට කාන්තාවට ගෙදර වැඩත් අත පසු වෙන්න පටන් ගත්තා.

මේ කාන්තාවගේ ක්‍රියාශීලී ගතිය අඩුවෙලා ගිහින් එයා මන්දගාමී උනාම ගෙදර වැඩ පළත් දරුවන්ගේ වැඩපළත් අතපසු වුණා. ඊට සමගාමීව හුඟක් දක්ෂ ශිෂ්‍යයෙක් උනා මේ කාන්තාවගේ ලොකු පුතාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වුණා. ලොකු ළමයා හරි වෙලාවට අධ්‍යාපන ශාලාවට යන්නේ නෑ.ගෙදර වැඩ කරගෙන යන්නේ නෑ. ශිෂ්‍යත් ඕලාරික වෙලා වගේ හිටියා.
අධ්‍යාපනශාලාවේ ගුරුවරයා බොහොම බුද්ධිමත් කෙනෙක්.දක්ෂ කෙනෙක්.ඒ වගේම මේ ධීවර ගම්මානයේ මිනිස්සු වැඩිපුරම සලකපු මිනිහෙක් හිටියනම් ඒ තමයි මේ ගුරුවරයා. මේ ගුරුවරයා හරහා තමයි ධීවර ගම්මානය ළමයි ඉගෙන ගත්තේ.ඒ වගේම ගමට අලුත් ව්‍යාපාරික අවස්ථා ආවෙත් මේ ගුරුවරයා හරහා.ඉතින් ගුරුවරයත් එක්ක හොඳින් ඉන්න තමයි කාටත් ඕන වුණේ.
ගුරුවරයා මේ ශිෂ්‍යයාගෙන් ඔහුගේ ඕලාරික මට හේතුව අහපුවහම එයා අර කතාව ගුරුවරයාත් එක්ක කිව්වා.ඒ කියන්නේ එක දවසක් එයාගේ තාත්තා බීමතින් ඇවිල්ලා එයාගේ අම්මට වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තිබ්බයි කියලා කිව්ව කතාවක් මුළු ගමේම පැතිරිලා ගිහිල්ලා මිනිස්සු දැන් ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.මිනිස්සු ඒ ගැන කතා වෙන එක ගැන හිතලම අම්මා මානසික අව පීඩනයට ලක්වෙලා කියන එක.

"ගුරුවරයා ටිකක් කල්පනා කරලා ශිෂ්‍යයාට කිව්වා හොඳයි පුතා උඹ හෙට ඉස්කෝලෙ එන්න එපා උඹ අම්මත් එක්ක මාළු පොළට පලයං.මම එතෙන්ට එනවා උඹගෙ අම්මව හම්බවෙන්න,මම ඔය ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්" කියලා.
ඇත්තටම ශිෂ්‍යයා පහුවදා අම්මත් එක්ක මාළු පොළට ගියා.ටික වෙලාවක් යනකොට සෙනඟ පිරිලා තියෙන වෙලාවක් බලලා ගුරුවරයාත් මාළු පොළට ගියා.ගුරුවරයා වටපිටාව හොඳට බලමින් අර කාන්තාව ඉන්න තැන හොයාගෙන ගියා.ඒ අතරේ මහලු පොළේ හිටපු හුඟක් දෙනෙක් ගුරුවරයාට නොමිලේ මාළු තෑගි දෙන්න ඉදිරිපත් වුණා.ඒත් ගුරුවරයා ඒ එක තෑගක්වත් බාරගත්තේ නෑ. ගුරුවරයා ගිහිල්ලා කාන්තාව ළඟ නැවතුණා.

"මට මේ එළු මස් එකෙන් රාත්තල් පහක් දෙන්න" තලපත් මාළු පෙන්නපු ගුරුවරයා කිව්වා. ගුරුවරයාට වැරදීමක් වෙලා කියලා හිතපු කාන්තාව "හොඳයි ගුරුතුමනි මේ අලුත්ම තලපත් මාළු කියලා කිව්වා.
"තලපත් නෑ නෑ මට ඕන ඒ එලු මස් වලින් රත්තල් පහක්""අනේ ගුරුතුමනි මේ එළු මස් නෙමෙයි මේ තලපත් මාලු""තලපත් මාළු.උඹට පිස්සු හැදී ගැනෙනවද මම දන්නෙ නැද්ද එළු මස් මොනවද තලපත් මාළු මොනවද කියලා මේ එලුමස්"කාන්තාව පුදුම වෙලා බලාගෙන හිටියා ගුරුවරයට පිස්සු හැදිලාවත්ද?

"ගුරුතුමනි මේ මාලු පොළ මේකේ කොහෙද එළු මස් ඇත්තටම මේ තලපත් මාළු""මොන පිස්සුද මේ එළු මස්"
ගුරුවරයයි කාන්තාවයි වාද කරන්න පටන් ගත්තා. තවමත් යටහත් පහත් වුණත් කාන්තාව ස්ථිරව කියනවා මේ එළු මස් නෙමෙයි තලපත් මාළු කියලා. ටිකක් වෙලා මේ දිහා බලාගෙන හිටපු කාන්තාවගේ ලොකු පුතා අම්මට කිව්වා "අම්මේ ඉතිං ඕක තලපත් වුනත් එළුමස් උනත් මොකද .ගුරුවරයා සල්ලි දීලානේ අරගෙන යන්නේ ඕක දෙන්නකෝ" කියලා.

ඒත් කාන්තාව ඒකට කැමති වුණේ නෑ.ටික වෙලාවක් යනකොට ළඟ හිටපු මාළු වෙළෙන්දෝ ඔක්කොම මේ වටේට එකතු වුණා.ගුරුවරයා ස්ථීරවම කියනවා මේ එළු මස් කියලා.කාන්තාව ස්ථිරවම කියනවා මේ තලපත් මාළු කියලා.ටික වෙලාවක් යනකොට වටේට හිටපු ඔක්කොමත් කියන්න පටන් ගත්තා මේ එළු මස් තමයි කියලා.මේ වගේ වාදයක් විවාදයක් යන වෙලාවක ගන්නවනම් ගන්න ඕන වැඩිපුර වාසිදායක පැත්තනෙ.
ගුරුවරයා තරහ කරගෙන බෑ.
"ඔව් ඔව්.මේ.එලු මස්.උඹට මොනවා වෙලාද උඹ එළු මස් අඳුරන්නේ නැද්ද?මේ ගුරුවරයාට ඔන්න ඔය එළුමස් ටික දීලා දාපන්"
"උඹලට පිස්සුද මේ මාළු පොළ.මේ තලපත් මාළු.මම උපන්දා ඉඳන් අඳුරනවා මේ තලපත් මාළු කියලා.හැබෑටම උඹලා ඔක්කෝටම පිස්සු හැදිලද?"
දැන් මුළු මාළු වෙළඳපොළම කියනවා ඒ එළු මස් කියලා.හැබැයි මේ කාන්තාව විතරක් තවමත් කියනවා මේ තලපත් මාළු කියලා.ගුරුවරයා ටික වෙලාවක් නිහඬව හිටියා.

" උඹ ටිකක් හිතපං..මේ තියෙන්නේ එළු මස් නෙමෙයි තලපත් මාළු කියලා මෙතන ඉන්න ඔක්කොම හොඳටම දන්නවා. හැබැයි තමන්ගේ වාසිය වෙනුවෙන් මාව අමනාප කරගන්න උන් එකෙක්වත් කැමති නෑ.මම අමනාප වුනොත් උන්ට ලැබෙන වාසි හුඟක් නැතුව යනවා.ඉතිං මේ තලපත් මාළු නෙවෙයි එළුමස් කියලා මම කියපු බොරුව ඇත්ත කියලා ඔප්පු කරන්න මුන් මාත් එක්ක එකතුවෙලා උඹට විරුද්ධව කෑගහනවා.

මේ ජාතියේ මිනිස්සු උඹ ගැන කියන කතා ගැනද උඹ කනගාටු වෙන්නේ? මුන් උන්ගෙ වාසියට ඕන බොරුවක් ඇත්ත කරන ජාතියේ මිනිස්සු.උඹ කැමතිනම් තවත් කාලයක් මුං ඔබ ගැන කියන බොරුවලට දුක් වෙවී හිටපන්"
ඊට පස්සේ කාන්තාව අර බොරු කතාව ගැන මිනිස්සු මොනවා කතා වෙනවද කියලා හිතන්න ගියේ නෑ. මිනිස්සු කියන්නේ උන්ගේ වාසියට ඕන බොරුවක් ඇත්ත කරලා කතා කියන ජාතියක්. ඒක හින්දා ඒගොල්ලෝ ඔයා ගැන කියන බොරු කතා ගැන වද වෙන්න යන්න ඕන නෑ.

සුජාතා මැණිකේ ඉහළගෙදර

2024-04-25

ගල හා වටිනාකම



එක්තරා පියෙකුට ඕනෑ උනා තමන් ගේ පුතාට ජීවිතේ වටිනාකම කියලා දෙන්න. ඔහු මේ තරුණයා ගේ අතට පොඩි ගල්කැටයක් දුන්නා. දීලා කිව්වා, " ඔයා මේ ගල අරගෙන පොළට ගිහින් ඔයාට හම්බ වෙන අයට පෙන්නන්න. කවුරුහරි මිලදී ගන්න ඇහුවොත්, අතේ ඇඟිලි දෙකක් පෙන්නන්න. ගානක් කියන්න එපා. ඒ වගේ ම කාටවත් ම මේක විකුණන්න එපා." කියලා.
තරුණයා මේ ගල අරගෙන පිටත් වුණා. ඔහුට පොළේ දී කාන්තාවක් හම්බ වුණා. මේ කාන්තාව මේ ගල් කැටය දැකලා කිව්වා,
" මේක මගේ ගෙදර මාළු ටැංකියට දාන්න පුළුවන්. මේක කීයද ?" තරුණයා අතේ ඇගිලි දෙකක් ඔසවලා පෙන්නුවා.
" රුපියල් දෙසීයයි ද ? මට මේක දෙන්න" කාන්තාව කිව්වා. නමුත් තරුණයා තමා ගේ පියා ගේ උපදෙස් මතක් කරගෙන ආපහු හැරිලා ගෙදර ආවා.
ඔහු පියාට කිව්වා සිදුවුණු සිදුවීම.
"දැන් මේ ගල අරගෙන කෞතුකාගාරයට යන්න. එතනදිත් මිලදී ගන්න කෙනෙක් ඇහුවොත්, කිසිවක් නොකියා අතේ ඇඟිලි දෙකක් පමණක් ඔසවන්න. නමුත් මතක තියාගන්න මේ ගල විකුණන්න එපා." පියා නැවත කිව්වා.
තරුණයා මේ ගල අරගෙන කෞතුකාගාරයට ගියා. ඔහු කෞතුකාගාරය බාරව සිටින තැනැත්තාට මෙම ගල පෙන්නුවහම, ඔහු කිව්වා ඔහු මේ ගල මිලදී ගන්න සූදානම් කියලා.
"කීයටද ගල විකුනන්නෙ?" ඔහු ඇසූවා.
තරුණයා නැවතත් අතේ ඇඟිලි දෙකක් ඔසවා පෙන්නුවා.
"රුපියල් විසිදාහක් ද ? මම ගල මිලදී ගන්නවා" කෞතුකාගාර පාලකයා කිව්වා.
තරුණයා ගෙදර ගිහිල්ලා තාත්තට මේ සිදුවීමත් පැවසුවා.
"හරි දැන් අන්තිම වතාවට මේ ගල අරගෙන නගරයේ ඉන්න මැණික් ව්යාපාරිකයා ළඟට යන්න. ඔහුටත් පෙර වගේ ම ඇඟිලි දෙකක් ඔසවා පෙන්නන්න. නමුත් විකුණන්න එපා. ආයේ අරන් එන්න"
තරුණයා මැණික් ව්යාපාරිකයා ළඟට ගියා.
මේක දැකපු මැණික් ව්යාපාරිකයා පුදුම වුණා.
"ඔබට කොහෙන්ද මේ ගල හම්බ උනේ? මේක ඉතාම දුර්ලභ ගණයේ මැණිකක්. මම මේක ලබා ගත යුතුයි. කරුණාකර ඔබ ගේ මිල කියන්න." මැණික් ව්යාපාරිකයාට පිළිතුරු විදිහට තරුණයා නැවතත් ඇඟිලි දෙකක් ඔසවා පෙන්නුවා.
"ලක්ෂ දෙසීයක්. ඔව් එය ඉතාම සාධාරණ මිලක්. මම ඔබට ලක්ෂ දෙසීයක් දෙන්නම්. මේ ගල මට දෙන්න."
තරුණයාට කිසිවක් කියා ගන්න බැරි වුණා. ඔහු ඉතාම පුදුමයට පත්වුණා. ඔහු නැගිට ගෙදර දිව්වා.
ඔහු කිසිවක් කීමට පෙර ම තාත්තා ඔහුගෙන් ඇහුවා, "දැන් ඔයාට තේරෙනවද ජීවිතේ වටිනාකම?" කියලා.
"මට මුකුත්ම හිතාගන්න බැහැ. එකම ගල් කැටේට එක එක තැන්වල, එක එක පුද්ගලයන්ගෙන් වෙනස් ම වටිනාකමක්." තරුණයා පුදුමයෙන් කිව්වා.
"ඔයා මගෙන් ඇහුවෙ ජීවිතේ වටිනාකම මොකක්ද කියලා. ඔයාට ඒක වචනයෙන් විස්තර කරනවට වඩා අත්දැකීමෙන් ම තේරුම් ගන්න දෙන්න මට හිතුනා.
ජිවිතේ ගොඩක් වෙලාවට අපි අපේ වටිනාකම හරියට ම දන්නේ නැහැ.
ඒක හරියට ඔයා ගේ අතේ තිබිච්ච මැණික් ගලේ වටිනාකම ඔයා දැනගෙන හිටියේ නෑ වගේ.
අපි අපේ වටිනාකම මනින්න හදන්නේ අපේ වටපිටාව ඉන්නේ මිනිස්සු අපිට දෙන අගය මත.
නමුත් හොඳින් මතක තියාගන්න මිනිස්සු තමන් දකින දේට වටිනාකම දෙන්නේ තමන් ගේ දැනුම, ආකල්ප, අත්දැකීම් සහ තමන් ගේ අවශ්යතාවය මත.
# ඔයාට මුලින්ම හම්බවෙච්ච කාන්තාවට මේ ගල ඕනෑ වුණේ ඇගේ මාළු ටැංකියට දාගන්න. එයාට මැණික් පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඒක නිසා එයා මේකට ඉතාම අඩු අගයක් නියම කළා.
# කෞතුකාගාරයේ පාලකයාට මේ ගල ගැන යම් අදහසක් තිබුණා. නමුත් ඔහුත් මැණික් පිළිබඳව හොඳට ම දන්න කෙනෙක් නෙමෙයි. ඔහු හිතුවේ මේක කෞතුක වටිනාකමක් තියෙන දෙයක් කියලා. කෞතුක වටිනාකමක් තියෙන දේකට දෙන්න පුළුවන් අගය ඔහු මෙයට දුන්නා.
# අවසානයේ ගල අරගෙන ගියේ මැණික් ගැන හරියට ම දන්න පුද්ගලයා ගාවට. ඔහුට මැණික් පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. ඔහු ලෝකයේ විවිධ තැන්වලින් හම්බ වෙච්ච මැණික් පිළිබඳ අධ්යයනය කරලා මැණික් වල වටිනාකම් පිළිබඳව හොඳින් දන්න කෙනෙක්. ඔහු මේ මැණික් ගල දැකපු ගමන් ම අඳුනගත්තා. ඒ වගේ ම ඔබට ලබා දිය යුතු වටිනාකම ඔහු හරි අවබෝධයෙන් යුතුව ම තක්සේරු කළා.
ඔයා ගේ ජීවිතෙත් ඒ වගේ. වටපිටාවෙ මිනිස්සු ඔයාට දෙන වටිනාකම අනුව ඔයා ඔයාව තක්සේරු කරන්න පෙළඹෙනවා.
ඔයා ඔයා ගේ වටිනාකම නොදන්න කෙනෙක් ඔයාට දෙන වටිනාකම ගැන හිතලා, ඔයා ගේ වටිනාකම තීරණය කළොත්, ඔයා හැමදාම හිතයි ඔයාගේ වටිනාකම රුපියල් දෙසීයයි කියලා.
ඔයා ඉපදුනු තැන, ඉපදුනු විදිහ, දුප්පත් පොහොසත් බව, රූපය, උගත්කම මේ හැමදේම කොහොම වුණත්, ඔයාට වටිනාකමක් අනිවාර්යෙන් ම තියෙනවා. මොකද ඔයා තුළ යම් දෙයක් තියනවා. ඒක ඔයාට ම අනන්ය වෙච්ච දෙයක්. ඔයා ගේ ඇතුළෙ තියන ඒ වටිනාකම දකින්න පුළුවන් මිනිසුන් ඔයා ගේ වටේ තියාගන්න. හැම කෙනෙක් ම එහෙම ඔයා ගේ වටිනාකම දකින්නේ නැහැ.
ඔයා ඔයාව විකුණන්න ඕනෑ ඔයාට ගැළපෙන වෙළෙඳ පොළේ " පියා කිව්වා.
ජීවිතේ දේවල් තෝරා ගනිද්දී ඔයාට හරිම වටිනාකම ලැබෙන්නේ කොතනින්ද කියලා බලන්න. (රැකියාවක් තෝරා ගනිද්දී වුණත් ඔයා ගේ තියෙන හැකියාවට, දක්ෂතාවයට වටිනාකම ලැබෙන රැකියාවක් තෝරා ගන්න.) සමහර අවස්ථාවල දී ඔයාට එක සැරේ ම හරියනම තැන හොයා ගන්න බැරි වෙයි. එහෙම වුණොත්, එකපාරට ම ලැබෙන ඕනෑ තැනක ඔයාව තියන්න යන්න එපා. ඔයාට සුදුසු, ගැලපෙන තැන ලැබෙනකල්, සුදුසු, ගැළපෙන පුද්ගලයන් ඔයාට හමුවෙනකල් පොඩ්ඩක් ඉවසලා ඉන්න.
ඒ වගේ ම මතක තියාගන්න ඔයාගෙනුත් සමාජයට වෙන්න ඕනෑ දෙයක් තියෙනවා. ඔයාට හම්බවෙන අය, ඔයා ගේ යාළුවෝ, නෑදෑයො, අසල්වැසියෝ මේ හැම කෙනෙක්ගෙම වටිනාකමක් තියෙනවා. ඔයාට පුළුවන් වෙන්න ඕනෑ ඒ මිනිසුන් ගේ නියම වටිනාකම දකින්න. එයාලව අවතක්සේරු නොකරන්න. ඒ වගේ ම එයාලට එයාල ගේ වටිනාකම තේරුම් ගන්න උදව් කරන්න.
( උපුටා ගැනීමකි )
*

A day in the life

2024-04-24

වටිනාකම සහ ගෞරවය






ගැහැණු ළමයෙක් අයි පෑඩයක් (iPad) මිලදී ගන්නවා. දිනක් ඇගේ පියා එය දැක ඇගෙන් මෙසේ විමසනවා. ''ඔයා ඕක අරගෙන මුලින්ම කරපු දේ මොකද්ද?''මම ඒකෙ ස්ක්‍රීන් එකට ආරක්‍ෂිත ස්ටිකරයක් සහ පසු ආවරණයක් අරගෙන දැම්මා'' ඇය පිළිතුරු දුන්නා.''කවුරුහරි ඔයාට කිවුවද ඒ දේ කරන්න කියල?''- ''නැහැ''
''ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ඔය අයි පෑඩ් එක හදපු අයටත් කරන නිග්‍රහයක් කියල?''- ''නෑ තාත්තේ! එයාල පවා කියනවා මේකට කවර් එකක් දාල පාවිච්චි කරන්න කියල''''එතකොට ඔයා ඕකට කවර් එකක් දැම්මේ ඒක ලාබ නිසාද නැත්නම් ඒක කැතට පේන නිසාද?''- ''ඇත්තටම මන් ඒකට කවර් එකක් දැම්මේ ඒකට හානියක් හරි ඒකෙ වටිනාකම අඩුවෙයි කියල හරි මට දැනුන නිසා.''
''ඉතින් ඔයා ඒකට කවර් එකක් දැම්මට පස්සේ අයි පෑඩ් එකේ ලස්සන අඩු උනේ නැද්ද?''- ''මන් නම් හිතන්නේ දැන් ඒක තිබුනට වඩා හොඳයි වගේම මගේ අයි පෑඩ් එකට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.''පියා ඇය දෙස ආදරණිය ලෙස බලා මෙහෙම කියනවා,
''මන් ඔයාගෙන් ඇහුවොත් අයි පෑඩ් එකකට වඩා වටින ඔයාගේ ඇඟත් ඒ විදිහට කවර් වෙන්න වහගන්න පුලුවන්ද කියල, ඔයා ලෑස්තිද ඒකට එකඟ වෙන්න???''ඇය එකවරම නිරුත්තරව ගියා......~ ආදරණිය ගැහැණු ලමුනි, නිතරම මතක තබාගන්න, ඔබේ ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය වන ඒ අශෝභන ඇඳුම් සෑම විටම ඔබේ වටිනාකම සහ ගෞරවය අඩු කරන බව.!!!
ගෑනු ළමයෙක්ට හිතට අවන්කව මේ පෝස්ට් එක ශෙයාර් කරන්න පුලුව්න් උනානම් කොච්චර දෙයක්ද..ඒත් මම දන්නවා ගොඩක් අයට බැරිවෙයි..
ඉතින් මම දන්නවා මට මුළු සමාජයක් හදන්න බෑ කියලා නමුත් මම තව ටික දවසකින් ලංකාවෙන් යනවා.ඒ යද්දි එක්කෙනෙක් හරි මේ දේවල් වලින් හැදිලා ඉදියෝත් ඒ ඇති
තෑන්ක්ස්..බුදුසරණයි


Gayan Madushan
A day in the life

2024-04-23

බක් පෝය .


බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි.
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වර්ෂයේ බක් මස අව පසළොස්වක් පොහෝ දින ලක්දිව සිටි චූලෝදර හා මහෝදර යන නාග ගෝත්‍රික රජුන් දෙදෙනා අතර මිණිපළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය ආරවුලක් සංසිඳුවීමට සෘද්ධියෙන් ලක්දිවට වැඩම කළ සේක.
මෙම නාරජවරුන් ලක්දිව සිටි නාග ගෝත්‍රික රජවරුන් වශයෙන් අනුමාන කෙරෙයි. මහෝදර නාග රාජයා මුහුදේ පන්සිය යොදුනක් විශාල වූ නාග භවනෙහි ආධිපත්‍යය දැරීය. මහෝදර නා රජුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයෙහි විසූ නා රජකුට විවාහ කර දී තිබුණි. මෙම පිරිස ගොඩ විසූ නාගයන් ලෙස හැඳීන්වෙයි. එම නැඟනියගේ පුත්‍රයා චූලෝදර නම් විය. මෙම ගොඩබිම සහ මුහුදේ විසූ නාග කොට්ඨාස දෙක ම අතිශය බලවත් දෙපිරිසක් වූ බව මූලාශ්‍රවල කියැවේ.
මහෝදරගේ පියා වූ නාග රාජයා කළුරිය කරද්දී තමා සතු වූ මැණික් පුටුව හෙවත් මිණිපළඟ දියණියට ලබා දී තිබූ අතර එහි අයිතිය තමා වෙත ලබා ගැනීමට මහෝදර නා රජු චූලෝදර නම් වූ තම බෑණනුවන් සමග යුද්ධයට එළඹියේ ය.
ඇතිවීමට යන උවදුර දුටු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දොරකඩ කිරිපලු රුකට අරක් ගෙන සිටි සමිද්ධි සුමන දිව්‍ය රාජයා සමඟ ලක්දිවට වැඩම කළ සේක.
පෙර භවයේ ලක්දිව නාගදීපයේ ඉපදී එකල කිරිපලු රුකක් මුල වැඩ හිඳ දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කිරීමට කොළ කඩා දුන් පිනෙන් දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකෙහි දෙවියකු වී ඉපදුණු බව මහාවංසයේ කියැවේ. සමිද්ධි සුමන දෙවිඳුන් තම වාසභවනය වූ කිරිපලු රුක උදුරා ඡත්‍රයක් වශයෙන් බුදුහිමියන්ට සෙවණ පිණිස ඔසවාගෙන පැමිණියේ ය.
බුදුරජාණන් වහන්සේ බක් මස අවපසළොස්වක හෙවත් අමාවක පොහෝ දින උදෑසන ලක්දිවට වැඩම කරවා අහසෙහි හිඳ ඝන අන්ධකාරයක් සහ ඉන් පසු ආලෝකයක් මවා නාගයන් දමනය කළහ. දැමුණු නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. එම පිරිසට යුද්ධයේ ආදීනව පෙන්වා දී සසර ආදීනව, අන්‍යයන්ගේ දොස් දැකීමේ ආදීනව විස්තර කර සමඟිබවේ අනුසස් සහ වෛරයෙහි ආදීනව දැක්වෙන කාකෝලුක, ඵන්දන, ලටුකික, වට්ටක යන ජාතක කථාවන්ගෙන් දහම් දෙසූහ.
දම් අසා ප්‍රසාදයට පත් නාග රජවරු තමන් යුද්ධයට එළඹීමේ නිමිත්ත වූ මිණි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ.
අහසින් පොළොවට වැඩ මිණිපළඟෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත නාගයෝ දානය පූජා කළහ. මෙහිදී අසූ කෝටියක් නාග පිරිස් තෙරුවන් සරණ ගිය අතර, මහෝදර නාරජුගේ මාමා වූ කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු තම වාසභවනට වැඩමවන ලෙස බුදුරදුන්ට ආරාධනා කළේ ය.
සමිද්ධි සුමන දෙවි රජුගේ වාසභවනය වූ බුදුරදුන්ට සෙවණ සැලසූ කිරිපලු රුක සහ නා රජවරුන් පිදූ මිණිපළඟ පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කිරීමට නාගයන් වෙත ම පවරා බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරට වැඩම කළහ. මෙම මිණිපළඟ නිධන් කොට නාගදීප චෛත්‍යය බඳවා තිබේ.
බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හැරුණු විට තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් බක් පොහෝ දිනය හා සබැඳෙයි. බුදුවීම සඳහා අභිනිෂ්ක්‍රමණය කිරීමට සිදුහත් කුමරුගේ සිත නැඹුරු වූයේ සතර පෙර නිමිති දැකීමෙනි. සතර පෙරනිමිති අතුරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලකු දුටුවේ බක් පොහෝ දිනයක ය. ඉන් පසු මසකට එක බැගින් අනෙක් පෙර නිමිති තුන දැකීමෙන් පසු ඇසළ පොහෝ දින අභිනිෂ්ක්‍රමණය සිදු වූ බව පිළිගැනීමයි. ඒ අනුව අභිනිෂ්ක්‍රමණය පිණිස සිදුහත් කුමරුගේ සිත මුලින් ම නැඹුරු වූයේ බක් පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.
අනෙක් සිදුවීම නම් බුද්ධත්වයෙන් පසු මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ආරම්භ කළ කිඹුල්වතට වැඩමවීමේ ගමන් මගෙහි අර්ධයක් සම්පූර්ණ කරන ලද්දේ බක් පොහෝ දිනයක දී ය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරය දක්වා යාමට මැදින් පෝ දා ආරම්භ කළ සැට යොදුන් මඟෙහි යොදුන් තිහක් සම්පූර්ණ කරන ලද්දේ බක් පුර පසළොස්වක දිනය දී වීම ද විශේෂ සිදුවීමකි.
මෙලෙසින් ඉතා වැදගත් ශාසනික කරුණු කිහිපයක් අනුස්මරණය කරනු ලබන බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බොදු දනන්ගේ හිතසුව පිණිස ධර්මාවබෝධයට හේතුවන දිනයක් බවට පත් කර ගැනීමට සියල්ලෝ ම කටයුතු කරත්වා.



A day in the life

2024-04-22

කැවුම් කන්න යෝධයා



සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව .
සත්යහි සටහන බුද්ධියේ විමසුමට
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි කීවේ සිංහල ප්‍රතිරෝධි බටහිර ආක්‍රමිණිකයන්‍ය. 
නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැත ආක්‍රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන ගියේය.ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේ. දරුණු සටනකදි ඇතිවන ආහාර හිගයට කැවුම් මල්ල බොහෝ ප්‍රයොජනවත් විය . 
දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය.

දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්‍යමය හැකියාවක් ඇත. සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිත විය . නමුදු එය මෝඩකමට නොවේ.කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්‍ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවේ . පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වේ. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා සේම තවත් ඉතාම ප්‍රයොජනවත් කරුනක් විය .එය නම් රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි ඇතිවන අධික නම්‍යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාම කඳු තරණට බොහෝ පහසු විය .

මේ කිසිවක සත්‍යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බව කීවේය .අද මෙන් විද්‍ය්ව භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන් ය. ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාට ඔවුන් සූදානම්ව සිටියේ ය. අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ .අද අපගේ එකම ප්‍රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර විය . කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට ඔවුන්ගේ දිනපතා ආහාර විය . පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේය .

වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්‍ය වර්ෂාක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියේ ය. එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්‍ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීමද, වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලහ.

දිවුල් ගසේ පලදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්‍රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමන දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව දැන සිටියේ ය, එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියගය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියෙය.

කිරලෙකු රාත්‍රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරනි හෙලයා දැන ගත්තේය.

කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවනයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැත.එසේම මී ගසට එන් වවුලන්ගෙ වසුරු කදිම පොහොරක් විය.අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් විය.එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙය.එසේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නේය. එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්‍රමද ඔවුන් සතු විය .මේසා විශාල දැනුම් සම්බභාරයක් වියකි ගිලිහි යාමට නොදී රැකගෙන මතු පරපුරට දයාද කිරීම ඔබ අප සැමගේ යුතුකම නොවන්නේද..?

- copied from සාර බුමි

A day in the life

2024-04-21

පුදුම නිදහසක්...................




පුදුම නිදහසක්...................
"පාපිස්ස ඇදයි, "
වැඩ ඇරිල ගෙට ගොඩවෙනකොටම මූන කළු කරගෙන එයා කිව්ව. ඊ ලඟ දවසෙ මං ගේ හොඳටම පිරිසිදු කරල පාපිස්සත් හරි කෙලින් තියල බලාගෙන හිටියා.
"මෙතන තිබුණු සෙරෙප්පු දෙක කොහෙද?"
පහුවදා වැඩ ඇරිල එනකොටම එහෙම කෑගහපු
එයාගෙ කෑ ගැහිල්ලට මගෙ අතේ තිබුණු කෝප්පෙ තේ ටිකත් විසිරුණා.
"ෂූ රැක් එකේ"
"මොන මගුලකට එතනින් තිබ්බද?"
ඊ ලඟ දවසෙ මං සෙරෙප්පු දෙක තියෙන තැනින් අඟලක් වත් හෙලෙව්වෙ නෑ.
"කවුද මේ මගෙ ටවල් එකේ ගෑවෙන්ඩම රෙදි වැනුවෙ, මේක මෙතන දාන්ඩ එපා"
ඒ ඊට පහුවදා....
"තේ එකට සීනි වැඩී අප්පා, මට එපා...
ඒ තව දවසක්...
"මේ හොද්ද කිසි රහක් නෑ..."
ඇත්තටම මං ගෙදර තියාගෙන ඉන්නෙ අපිලිවෙලටද?
මගෙ තේ රහ ඇත්තෙම නැද්ද?
කෑම කටේ තියන්ඩම බැරිද?????
මං දහ අතේ කල්පනා කළා.
මං ඇත්තටම ෆේල් ද?................
"ඔයා ගේ ලස්සනට තියාගෙන ඉන්නවා."
"හරිම Clean අනේ........
"කෑම හරි රහයි"
ඒත් ගෙදරට ආව ගිය අමුත්තො මට එහෙමයි කිව්වෙ.
කාලෙකට පස්සෙ මං tea Shop එකක් දැම්මා.
අපෙන් තේ බීල ගිය හැමෝම එතනින් යද්දි ආයෙ ආයෙ shop එකට ගොඩවෙලා තේ එකක් බීල යන්න පුරුදු වුනා.
සමහරු ගොඩක් tea shop පහු කරගෙන ඇවිත් මගේ tea shop එකෙන් තේ බිව්වා.
එයාල අවංකවම තේ එක රසයි කිව්වා.
කෑම හරි රසයි කියල ඇත්තටම කිව්වා.
පිරිසිදු හින්ද මෙතෙන්ටම එන්නෙ කියල තවත් අය කිව්වා.
හැමදාම ගේට්ටුව ලඟින්ම ගෝරනාඩු කරගෙන ගෙට ගොඩවෙන්න හේතුව එයාගෙ ප්‍රශ්නයක් මිසක් මගෙ අවුලක් නෙවෙයි කියල මං තේරුම් ගත්තා................
අඬා වැලපි වැලපි සම්බන්ධතා අමාරුවෙන් නඩත්තු කරන්න තවත් අවශ්‍ය නෑ කියල මගෙ හිත මට කිව්වා.
මං පුළුවන් උපරිමය සතුටින් කලා.
අනික් අය ඒකෙන් සතුටු වෙනවද දුක් වෙනවද කියන දේ හොයන්න මං මහන්සි වෙන එක නැවැත්තුවා......
සතුට තියෙන්නෙ අපි කරන හැම හොඳ දෙයක්ම හරියට අවංකව කරන එකේ මිසක්
අපි කරන දේවල් වලින් අනික් අය සතුටු වෙනවද නැද්ද කියන දේ ඇතුලෙ නෙවෙයි කියල මං තෙරුම් ගත්තට පස්සෙ
මට දැනුනෙ පුදුම නිදහසක්.........
..........


A day in the life

2024-04-20

සීනී සහ දියවැඩියාව.





සීනි ආහාර රසවත් කිරීමට සහ බේක් කරන ලද ආහාර සඳහා විශිෂ්ට වයනයක් ලබා දෙනවා පමණක් නොව, එය ජෙලි, සෝස් සහ ඇඳුම් පැළඳුම් ආරක්ෂා කර ගැනීමටද උපකාරී වේ. සීනි භාවිතය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම අපහසු වුවද, එය අධික ලෙස පරිභෝජනය කිරීම ඔබේ සෞඛ්යයට අහිතකර විය හැකිය.

සීනි භාවිතයෙන් වැළකී සිටීමට සිරුර උපකාර කළද, සිරුරේ බර පාලනය කිරීම සඳහා රසකාරක අවදානම් විය හැකිය.

සීනි එකතු කළ ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් ඔබට දියවැඩියාව වැළඳීමේ වැඩි ඉඩක් ඇති බව සත්‍යයකි. සීනි පරිභෝජනය ඔබේ දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි කළ හැකිය.

දියවැඩියාව ඇති වන්නේ ඔබේ ශරීරයට රුධිරයේ සීනි මට්ටම ඵලදායී ලෙස නියාමනය කිරීමට නොහැකි වූ විටය. ඔබේ අග්‍යා‍යාශය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීම නැවැත්වූ විට, ඔබේ සෛල ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වන විට හෝ දෙකම සිදු වූ විට දියවැඩියාව ඇති විය හැක.
ඉන්සියුලින් යනු ඔබේ රුධිරයේ සිට ඔබේ සෛල තුළට සීනි ගෙන යන හෝමෝනයකි. ඔබේ ශරීරය ප්‍රමාණවත් ලෙස ඉන්සියුලින් නිපදවන්නේ නැත්නම් හෝ ඔබ ඉන්සියුලින් ප්‍ර‍රතිරෝධී බවට පත් වුවහොත්, ඔබට රුධිරයේ සීනි මට්ටම නිදන්ගතව වර්ධනය විය හැක.
දිගු කලක් තිස්සේ පවතින අධික රුධිර සීනි මට්ටම හෘද රෝග, ස්නායු ආබාධ සහ වකුගඩු හානි පිළිබඳ විශ්වාසනීය මූලාශ්‍රය වැඩි කළ හැක, එබැවින් ඒවා පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය‍ය වේ.

දියවැඩියාවේ මූලික වර්ග දෙකක් තිබේ:

වර්ගය 1: මෙම ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගය ඇතිවන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේ අග්‍යාන්‍ය‍යාශයට පහර දී ඉන්සියුලින් නිපදවීමේ හැකියාව විනාශ කරන විටය.

වර්ගය 2: අග්න්‍යාශය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීම නැවැත්වූ විට, ඔබේ ශරීරයේ සෛල එය නිපදවන ඉන්සියුලින් හෝ දෙකටම තවදුරටත් ප්‍රතිචාර නොදක්වයි.

පළමු වර්ගයේ දියවැඩියාව සාපේක්ෂව දුර්ලභ වන අතර, ලොව පුරා 5-10% පළමු වර්ගයේ දියවැඩියා රෝගීන් වේ.

දෙවන වර්ගයේ දියවැඩියාව - දියවැඩියා රෝගීන්ගෙන් 90% කට වඩා වැඩි ප්‍රමානයක් දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්වේ. එය මූලික වශයෙන් ආහාර සහ ජීවන රටා සාධක මගින් ඇතිවන්නකි..

සීනි ඔබේ දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි කරයිද?

පර්යේෂණයට අනුව, සීනි සහිත පැණිරස බීම නිතිපතා පරිභෝජනය කිරීම විශ්වාසදායක මූලාශ්‍රයකින් ඔබේ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි.

රටවල් 175 ක දත්ත වලට අනුව සීනි පරිභෝජනය දියවැඩියාව අවදානම සමඟ විශ්වාසනීය මූලාශ්‍රය සැලකිය යුතු ලෙස සම්බන්ධ වී ඇත. අධික සීනි පරිභෝජනය අවදානම වැඩි කරන අතර අඩු සීනි පරිභෝජනය එය අඩු කරයි.

සීනි දියවැඩියාවට හේතු වන බව මෙම අධ්‍යයනයන් සනාථ නොකළද, බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන්නේ සීනි සෘජුව හා වක්‍රව දියවැඩියා අවදානම වැඩි කරන බවයි.

ෆෲක්ටෝස් ඔබේ අක්මාව මත ඇති කරන බලපෑම නිසා එය සෘජුවම දියවැඩියා අවදානම වැඩි කළ හැක.

සීනි විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් බර වැඩිවීමට සහ ශරීරයේ මේදය වැඩි කිරීමට දායක වීමෙන් දියවැඩියා අවදානම වක්‍රව ඉහළ නැංවිය හැකිය - මේ දෙකම දියවැඩියාව වර්ධනය සඳහා වෙනම අවදානම් සාධක වේ.




අධික සීනි පරිභෝජනයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා, ඇමරිකානුවන් සඳහා වන 2020-2025 ආහාර මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ ඔබේ මුළු දෛනික කැලරි ප්‍රමාණයෙන් 10%කට වඩා විශ්වාසදායක ප්‍රභවයක් එකතු කළ සීනිවලින් ලබා නොගන්නා ලෙසයි.

ස්වාභාවික සීනි එකම බලපෑමක් ඇති නොකරයි

එකතු කරන ලද සීනි විශාල ප්‍රමාණයක් අනුභව කිරීම දියවැඩියාවට සම්බන්ධ වී ඇති අතර, එය ස්වාභාවික සීනි සඳහා විශ්වාසදායක ප්‍රභවයක් නොවේ.

ස්වාභාවික සීනි පලතුරු සහ එළවළු වල දක්නට ලැබෙන අතර ඒවා නිෂ්පාදනයේදී හෝ සැකසීමේදී එකතු කර නොමැත. ඒවා තන්තු, ජලය සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සමඟ සංයෝජනය වී ඇති නිසා, ඒවා වඩාත් සෙමින් ජීර්ණය වන අතර ඔබේ රුධිරයේ සීනි වැඩිවීමට ඇති ඉඩකඩ අඩුය.

පලතුරු සහ එළවළු බොහෝ සැකසූ ආහාර වලට වඩා බරින් අඩු සීනි අඩංගු වේ, එබැවින් ඔබේ පරිභෝජනය පාලනය කිරීම පහසුය.

පළතුරු යුෂ

100% පළතුරු යුෂ පානය කිරීම දියවැඩියා අවදානම වැඩි කරයිද යන්න පිළිබඳව පර්යේෂණ මිශ්‍ර වේ.

ස්වභාවික යුෂවල සීනි වැඩි සහ තන්තු අඩු වූ විට පවා එය ඔබේ රුධිරයේ සීනි වැඩි කළ හැක. කෙසේ වෙතත්, මේදය, තන්තු සහ ප්‍රෝටීන් ප්‍රභවයන් සමඟ එය ඒකාබද්ධ කිරීමෙන් රුධිරයේ සීනි වැඩිවීම වළක්වා ගත හැකිය.

ඇමරිකානු දියවැඩියා සංගමය නිර්දේශ කරන්නේ පළතුරු යුෂ වෙනුවට ජලය හෝ කැලරි රහිත පාන වර්ග ලබා දීමයි.

ස්වභාවික රසකාරක

මී පැණි සහ මේපල් සිරප් වැනි සමහර ස්වභාවික රසකාරක මේස සීනි තරම් දැඩි ලෙස සැකසූ නමුත් ඒවා තවමත් සාපේක්ෂ වශයෙන් පිරිසිදු සීනි ප්‍රභවයන් වන අතර තන්තු නොමැති තරම්ය.

"ස්වාභාවික" ලෙස අලෙවි කරන තවත් බොහෝ රසකාරක ද එකතු කළ සීනි ලෙස සැලකිය යුතුය. මේවාට අග්ගිස් සිරප්, පොල් සීනි සහ උක් සීනි ඇතුළත් වේ.

කෘතිම රසකාරක දියවැඩියා අවදානම වැඩි කරයිද?

කෘතිම රසකාරක යනු ශක්තිය සඳහා පරිවෘත්තීය කළ නොහැකි පැණි රසැති ද්‍රව්‍ය වේ. ඔවුන් කැලරි නොමැතිව පැණිරස ලබා දෙයි.

කෘතිම රසකාරක මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නොගියද, ඒවා තවමත් ඉන්සියුලින් ප්‍ර‍රතිරෝධයට සහ දෙවන වර්ගයේ දියවැඩියාවට සම්බන්ධ වී ඇත. කෙසේ වෙතත්, මෙය සිදු වන්නේ මන්දැයි විශේෂඥයින් සම්පූර්ණයෙන්ම වටහාගෙන නොමැත.

එක් මතයක් නම්, කෘතිමව පැණි රස කළ නිෂ්පාදන මිහිරි රසැති ආහාර සඳහා කැමැත්ත නිසා වැඩිපුර සීනි සහිත ආහාර අනුභව කරන බවයි. තවත් අදහසක් නම්, ඔබේ මොළය මිහිරි රසය ශුන්‍ය කැලරි සමඟ සම්බන්ධ කරන බැවින් කෘතිම රසකාරක මගින් සීනි වලින් පරිභෝජනය කරන කැලරි සඳහා ප්‍රමාණවත් ලෙස වන්දි ගෙවීමට ඔබේ ශරීරයට ඇති හැකියාව කඩාකප්පල් කරන බවයි.

කෙසේ වෙතත්, දියවැඩියා රෝගීන් සඳහා, ආහාර සෝඩා තවමත් සම්පූර්ණ සීනි සෝඩා වලට වඩා හොඳ විකල්පයක් බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.





A day in the life

2024-04-19

දරමිටි පෝය



නිකිණි පෝයට දරමිටි පෝය කියන්නෙ ඇයි
දන්නවද?ඇසළ හා නිකිණි මාසවල කැලෑවෙ
සතුන්ට බොන්න වතුරවත් නැති වෙනව.
නියගය නිසා සත්තු වතුර හොයා ගෙන කැලෙන් එලියට විත් ගොවීන්ගෙ භෝග විනාශ කරනව .සිද්ධස්ථාන වනසනව.
ජය සිරි බෝධියෙ දලු පවා ආහාරයට ගත්තලු. හාමුදුරුවරුයි,දායකයෙයි මෙයට පිළියමක් ලෙසින් සිරි මහ බෝධිය වටා ගිනි මැල ගැහුව.
සත්තු ඒම වැළකුණා. 
ඒත් දිගින් දිගටම ගිනිමැල ගහන්න දර තිබුනෙ නැහැනෙ.
ඔන්න එතකොට සැදැහැවතුන් වන්දනාවෙ එන්නෙ දරමිටිත් අර ගෙන.
තෙල්මල්,හදුන්කූරු එක්ක දරත් අර ගෙන එන කොට එය දරමිටි පෙරහැර වුනා. 
එදා ඉඳල
නිකිණි පෝයට දරමිටි පෝය කියලත් කියනව..

ඉතිං,
දරමිටි ඇද්දා...රෑ නිදි වැරුවා..
ගිනි මැල ගහගෙන රැක සිටියා...
එහෙව් අපට අද එන්න තහංචිද..
ජයසිරිමා බෝ හාමුදුරුවනේ...
රන් වැට පාමුල සාදු කියනකොට
අහිතක් නොහිතා ඉන්ට.හොදයි
ඉස්සර වාගෙම දාදිය මුහුවුනු
වැලි මළුවේ හිද සාදු කියනකොට
ලෙන්ගතුකම් නොහිතන්ඩ .හොඳයි..
බුදු හාමුදුරුවො දුටුවා වාගේයි
දුක ඉවසා වැඩ ඉන්ට හොඳයි

අපේ බාර පිළිගන්න..හොඳයි


උපුටා ගැනීමකී ස්තූතියී
A day in the life

2024-04-18

'භ්‍රමණය' වීම

පෘථිවිය තම අක්ශය වටා කැරකැවීමට අපි කියනවා 'භ්රමණය' වීම කියලා. පෘථිවිය විතරක් නෙමෙයි අනෙකුත් ග්රහලෝක, තාරකාවන් සහ කළු කුහරත් භ්රමණය වීමකට ලක් වෙනවා. එතකොට ඇයි මෙහෙම ග්රහලෝක භ්රමණය වෙන්නේ? මේ භ්රමණය ආරම්භ වුනේ කොහොමද? කොහොමද භ්රමණය නවතින්නේ නැතුව දිගටම සිද්ධ වෙන්නේ කියලා අපි මේ ලිපියෙන් දැනගමු.
තාරකාවන් සහ ග්රහලෝක වලට උපත ලබා දෙන්නේ නෙබියුලාවන් (Nebula) විසින්, නෙබියුලාවක් කියන්නේ අභ්යවකාශයේ විශාල ප්රදේශයක් පුරාවට විහිදි පවතින වායූන්, දුහුවිලි සහ පදාර්ථ වලින් සමන්විත ප්රදේශයක්. විශ්වයේ තියෙන සුලභතම මූලද්රව්යය වන හයිඩ්රජන්, හීලීයම් වායුන් සහ කාබන් සහ ඔක්සිජන් වැනි මූලද්රව්යයන්ගෙන් නෙබියුලාවක් සමන්විතයි. මේ නෙබියුලාවන් තුළ නිර්මාණය වෙමින් පවතින තාරකාවන් සහ ගුරුත්වය යටතේ එකිනෙක ගැටෙන පදාර්ථ කොටස් නිසා අතිශයින් ඉහළ උෂ්ණත්ව ඇති වෙනවා. මේ විශාල උෂ්ණත්වය නිසාවෙන් ලැබෙන ශක්තිය නිසා සහ කුඩා ප්රමාණයන් වල ගුරුත්වාකර්ශණ බලයන් හේතුවෙන් දුහුවිලි, වායුන් සහ පදාර්ථයන් ඔබ-මොඹ ගමන් කරන්න පෙළබෙනවා. එහාට මෙහාට චලනය වෙන මේ කුඩා පදාර්ථ කොටස් එකිනෙකට විවිධ කෝණයන් වලින් ඝට්ටනය වීම් වලට ලක් වෙනවා. මේ නිසාවෙන් ඒ ඒ පදාර්ථ අංශු කැරකැවීමකට එහෙමත් නැත්නම් භ්රමණය වෙන්න පටන් ගන්නවා. සමස්ථයක් විදිහට ගත්තාම මේ කුඩා පදාර්ථයන්ගේ චලනය සහ භ්රමණය හේතුවෙන් සමස්ථ නෙබියුලාවම සමහර අවස්ථාවන් වලදී තමන්ගේ අක්ශය වටා කැරකැවීමට පටන් ගන්නවා.
ඉතින් මේ විදිහට භ්රමණය වන කුඩා දුහුවිලි, වායූන් සහ පදාර්ථයන් හට භ්රමණය වීම නිසා කෝණික ගම්යතාවයක් සහ අවස්ථිතියක් හිමිවෙනවා. ඒ වගේම ඒවා දිගටම මෙහෙම තියෙන්නේ නැහැ. මේවා ගුරුත්වය යටතේ එකිනෙකට ඇඳ වැටීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ශණ බලයන් නිසාවෙන් මේ කුඩා අංශූන් එකට ඇලීමකට ලක්වෙමින් එකට එකතුවීමකට ලක්වෙනවා. හැබැයි මේ විදිහට එකට එකතු වෙමින් ප්රමාණයෙන් විශාල වන කොටස් වලට, එකතු වීමට පෙර කෝණික ගම්යතාවයක් තිබුණු නිසා තමන්ගේ ස්ථායිතාවය පවත්වාගැනීමට නම් අනිවාර්යයෙන්ම භ්රමණය වීමකට ලක් වෙන්න සිඳු වෙනවා. (කෝණික ගම්යතාවය කියන්නේ භ්රමණය වන වස්තුවක ස්කන්ධය, භ්රමණ වේගය සහ අරය මත රඳා පවතින භෞතික රාශියක්.)
ගුරුත්වාකර්ශණ බලයන් නිසාවෙන් මේ විදිහට ක්රම ක්රමයෙන් එකට එකතු වෙන පදාර්ථ, තමන්ට ආසන්නයේ තියෙන පදාර්ථයන්ද ගුරුත්වය යොදාගෙන තමා වෙතට ඇඳ ගන්නවා. ග්රහලෝකයන් නිර්මාණය වීමට බොහෝවිට දායක වෙන්නේ දුහුවිලි සහ අනෙකුත් පදාර්ථයන් වුනත් තාරකාවන් නිර්මාණය කරලීමට ප්රධාන වශයෙන් දායක වනුයේ හයිඩ්රජන් සහ හීලීයම් වායූන්ය. දිගින් දිගටම සිඳුවන මේ ක්රියාවලිය අවසානයේදී නිර්මාණය වන තාරකාවන් සහ ග්රහලෝකයන් ගුරුත්වය යටතේ වස්තුවකට පැවතිය හැකි ස්ථායීම හැඩය වන ගෝලාකාර හැඩයක් බවට පත්වෙනවා. ඉතින් මෙවැනි ක්රියාවලියකින් නිර්මාණය වුනු පෘථිවිය පැතලියි යැයි සිතීම කොපමණ අණුවන ක්රියාවක්ද?
කලින් විස්තර කරා වගේ මේ ග්රහලෝක සහ තාරකාවන් නිර්මාණය කරලීමට දායක වුනු කුඩා පදාර්ථ කොටස් තමන්ගේ කෝණික ගම්යතාවය සහ අවස්ථිතිය ආරක්ශා කරගන්න දිගටම භ්රමණය වෙමින් පවතිනවා. අභ්යවකාශය විසින් මේ විදිහට තමන්ගේ අක්ශය වටා භ්රමණය වන ග්රහලෝකයන් සහ තාරකාවන් වෙතට ප්රතිරෝධී බලයක් ඇති කරන්නේ නැති නිසා මේවට පුළුවන් යම් කිසි ආකරයක අභ්යන්තර හෝ බාහිර බාධාවක් ඇති නොවන තාක් දිගටම භ්රමණය වෙමින් පවතින්න.
අපේ පෘථිවිය සහ සුර්යයා ඇතුළු සමස්ථ සෞරග්රහ මණ්ඩලයම නිර්මාණය වුනේ අඳින් වසර බිලියන 4.6 කට පමණ කලින් මේ වගේ නෙබියුලාවකින්. ඒ නෙබියුලාවෙන් නිර්මාණය වුනු අපගේ සුර්යයා විසින් ඇති කරන ගුරුත්වාකර්ශණ බලය සහ අධික ස්කන්ධය නිසා ඇතිවෙන Space fabric එකෙහි වක්රතාවය නිසාවෙන් ග්රහලෝක සුර්යයා කේන්ද්රකරගත් අක්ශයක් වටා පරිභ්රමණය වීමට පටන් ගත්තා. සුර්යයා විසින් ඇති කරන ගුරුත්වාකර්ශණ බලයට සමානුපාතික වන ලෙස ග්රහලෝක ඒ ඒ පථයන්ගේ පිහිටුම් ඇති කරගත්තා. ඒ වගේම අපේ සෞරග්රහ මණ්ඩලයේම කෝණික ගම්යතාවය ආරක්ශා කරගන්න සුර්යයා සමඟ 2D එහෙමත් නැත්නම් පැතලි තලයක සියළුම ග්රහලෝක පරිභ්රමණය වෙන්න පටන් ගත්තා.
අපේ සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝකයන්ගේ උත්තර ධ්රැවයට ඉහළ සිට බැලුවහොත් සිකුරු ග්රහලෝව හැර අනෙකුත් ග්රහලෝකයන් සියල්ලම භ්රමණය වෙන්නේ වමාවර්තවයි.
අපේ සෞරග්රහ මණ්ඩලයේ නිර්මාණය වුනු කාලයේ පටන් විවිධ ඝට්ටනයක් වලට ලක්වෙන්නට මේ ග්රහලෝකයන් වලට සිඳු වෙලා තියෙනවා. අපි තාම හරියටම දන්නේ නැහැ ඇයි සිකුරු ග්රහලෝකය දක්ෂිණාවර්තව භ්රමණය වෙන්නේ කියලා. හැබැයි එහෙම වෙන්න බලපෑවා කියලා හිතන හේතූන් කිහිපයක් තියෙනවා. එවගෙන් එකක් තමයි අනෙකුත් ග්රහලෝකයන් මෙන් වමාවර්තව භ්රමණය වෙමින් පැවති සිකුරු ග්රහලෝකය ඉතා අතීතයේදී විශාල උල්කාපාතයක් සමඟ සිඳු කරගත්තු ඝට්ටනයක් නිසාවෙන් දක්ෂිණාවර්තව භ්රමණය වෙන්න පටන් ගත්තා කියලා. හැබැයි ඒ තර්කය ටිකක් විතර බිඳ වැටුනේ සිකුරු ග්රහයාගේ භ්රමණය ප්රතිවිරුද්ධ කරන්න තරම් විශාලත්වයක් දරන උල්කාපාතයන් සිකුරු ග්රහයා සමඟ ඝට්ටනය වුවහොත් එම ග්රහලෝකය නිතැතින්ම විනාශ වී යා හැකි නිසාවෙනි. මේ සඳහා ඉදිරිපත් වී ඇති තවත් තර්කයන් වනුයේ සිකුරු ග්රහලෝව අභ්යන්තරයේ සිඳුවුනු භූගෝලීය වෙනස්වීම් නිසා ග්රහලෝවෙහි උතුරු දකුණ මාරුවීමකට ලක් වීම හෝ සිකුරු ග්රහලෝව තවත් ග්රහලෝවක් සමඟ ඝට්ටනය වී එම ග්රහලෝක දෙකම එකට එකතු වී නිර්මාණය වුනු නව සිකුරු ග්රහලෝකයේ සඵල කෝණික ගම්යතාවය හේතුවෙන් දක්ශිණ දිශාවට භ්රමණය වීමට පටන් ගැනීමයි. නමුත් මින් නිවැරදි වනුයේ කුමක්ද යන්න අපට තවමත් අභිරහසකි.
පෘථිවියේ 23.5° ක පමණ සහ අඟහරුගේ 25.2° ආනත වීමට හේතුවුනා යැයි සලකන්නේ ඉතා අතීතයේදී ඒ ග්රහලෝකයන් අභ්යවකාශ වස්තූන් සමඟ සිඳු කරගත්තු ඝට්ටනයන්ය. යුරේනස් ග්රහලෝව 98° ක පමණ විශ්මයජනක ආනත වීමක් පෙන්වනවා. මෙතරම් විශාල අඟයක ආනත වීමක් නිසා යුරේනස් ග්රහලෝව තිරස් තලයක භ්රමණය වෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඒක නිසා බලන ධ්රැවය අනුව ඒ ග්රහලෝකයේ භ්රමණය වමාවර්ත හෝ දක්ශිණාවර්ත වෙන්න පුළුවන්.
අපේ පෘථිවිය එක් භ්රමණයක් සම්පූර්ණ කරන්න පැය 23, විනාඩි 56ක පමණ කාලයක් ගත කරනවා. සමකය ආසන්නයේ පෘථිවියේ කෝණික ප්රවේගය, එනම් භ්රමණය වීමේ වේගය 1670 km/h ක පමණ අඟයක් ගත්තත්, සමකයේ සිට උත්තර හෝ දක්ශිණ ධ්රැවයන් වෙතට ගමන් කරද්දී මේ අඟය ක්රම ක්රමයෙන් වෙනස් වීමකට ලක්වෙනවා. කාලයත් එක්ක සිඳුවන විවිධ හේතූන් නිසා පෘථිවියේ භ්රමණ වේගය අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2004 වර්ෂයේ ඉන්දියන් සාගරයේ ඇතිවුනු රුඳුරු සුනාමිය හේතුවෙන් පෘථිවියේ අවස්ථිතියේ සිඳුවුනු වෙනස් වීම නිසා පෘථිවි භ්රමණ වේගය නොසැලකිය හැකි තරම් ප්රමාණයකින් වැඩි වුනා. ඒ වගේම චීනයේ Yangtze ගංඟාව හරහා ඉදි කරලා තියෙන Three Gorges වේල්ල නිසාවෙන්ද පෘථිවියේ භ්රමණ වේගය නොසැලකිය හැකි තරම් ප්රමාණයකින් අඩු වුනා. මේවා ඉතාමත් කුඩා ප්රමාණයේ වෙනස් වීම් විතරයි. ඒ වගේම පෘථිවියේ භූ තැටි වල විචලනය, ගෝ.ලීය උ.ෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් සමකාසන්න සාගරයන් වලට එක්රැස් වන ජලය හේතූවෙන්, විශාල ප්රමාණයේ උල්කා ඝට්ටනයන් වලින් පෘථිවියේ භ්රමණ වේගය වෙනස් වෙන්න පුළුවන්.
එතකොට ඇයි පෘථිවිය මෙච්චර වේගයෙන් කැරකැවෙනවා නම් අපිට ඒක දැනෙන්නේ නැත්තේ? මේකට සරල උත්තරයක් දෙන්නම්. හිතන්නකෝ ඔයා 100km/h ක වේගයෙන් අධිවේගී මාර්ගයක ගමන් කරනවා කියලා. එතකොට ඔයාගේ ඇඟට වේගය නිසා බලපෑමක් වෙන්නේ වාහනය වේගය වැඩි කරද්දී සහ අඩු කරද්දී නේද? එකම වේගෙන් යද්දි මුකුත් දැනෙන්නේ නැහැ නේද? මෙන්න මේ වගේ දෙයක් තමයි පෘථිවියෙත් වෙන්නේ. අපිට පෘථිවියේ භ්රමණය දැනෙන්නේ නැත්තේ පෘථිවියේ භ්රමණ වේගය වෙනස් වෙන්නේ නැති නිසා.
• හොඳටම සරල කරලා කිව්වොත් පෘථිවිය (සහ අනෙකුත් ග්රහලෝක) භ්රමණය වෙන්නේ, පෘථිවිය හදන්න දායක වුනු පුංචි පුංචි පදාර්ථ භ්රමණය වුනු නිසයි. ඒ පදාර්ථ වල කෝණික ගම්යතාවය දිගටම ආරක්ශා කරගන්න නම් ඒවා ගොඩක් එකතු වෙලා හැදුනු සංයුක්ත වස්තූවත් භ්රමණය වෙන්න ඕනේ.
අන්තිමට ටිකක් විශේෂ දෙයක් කියන්න ඕනේ. ගුරුත්වාකර්ශණ බලය කියන්නේ තාරකාවන්, ග්රහලෝක සහ ජීවයේ නිර්මාපිතයා කිව්වොත් නිවැරදියි. නමුත් තාරකාවන්ගේ විනාශකයා වෙන්නේත් ගුරුත්වාකර්ශණ බලයමයි.
Padaartha - පදාර්ථ

A day in the life

2024-04-17

නිමා නොවූ ප්‍රේමය


 


තුරු ලියගොමු දළු මල් පිරිවරා වසන්තයට සැරසෙන අයුරු කෙතෙක් නම් පියකරුද ? කොහාගේ කුහු හඬ නිරන්තර යෙන් මගෙ හිතට කියන්නේ අලුත් අවුරුද්දේ ඔබ ගමට එන වග නොවේද ? ඉඳහිට නිවසකින් නැගෙන රතිඤ්ඤා හඬ මගෙ සිතුවිලි දැහැන බිඳ දැමුවද , ඔබ පිළිබඳවම සිතුවිලි සයුරක කිමිද සිටීමට සැලකිය යුතු තරමේ බාධාවක් එයින් ඇති නොවේ.
දකින හැම දසුනකම , සවනත වැකෙන සෑම හඬකම ඔබ පිළිබඳ සිහිවටන වල නටඹුන් පමණක්ම ශේෂ කොට ඇත. මීට දොළොස් වසරකට පෙර උදාවූ සිංහල අළුත් අවුරුද්ද එකල මට මෙන්ම ඔබටද කොතෙක් නම් වැදගත් වීද ? සත්තකින්ම ඒ අප පෙමින් බැඳුණු දා නිසාවෙනි . අද මා හැරපියා ඉවත ගොස් සිටින ඔබට මේ කිසිවක් පිළිබඳ මතකය බිඳක් හෝ ඉතිරිව ඇද්ද ?
වේදනාව කොතෙක් හද පෙලුවද ඒ වගක් පිටතට නොඅඟවා සිටින්නට මාස දොළහක් තිස්සේ මා දරනා උත්සාහය නව අවුරුදු උදාවත් සමග සුනුවිසුනු වී යයි . සැබවින්ම ඒ ඔබ ගමට පැමිණීම නිසාවෙනි . දිවි හිමියෙන් අමතක නොකරන බවට දිවුරා පෙම් කළ ඔබ, අතීතයේ සෙවනැල්ලසේ මා අසලම රැඳී හුන් ඔබ, ඔබේ මව්පියන්ගේ සිත් සනසාලනුවස් මා හැරපියා උසස් වැදගත් යුවතියක හා විවාහ වූ ඔබ , දරුපැටවුන් හා නෑගම් පැමිණෙන සිංහල අවුරුදු සමය , ඔබේ දෙමාපියන් , සොයුරු සොයුරියන් ඔබව පිළිගන්නට සතුටින් සැදී පැහැදී සිටින අළුත් අවුරුද්ද මගෙ හද දවාලන තරම තේරුම් ගන්නට තරම් ශක්තියක් අද ඔබ සතුව ඇද්ද ?
පෙර දා ගමේ අවුරුදු උළෙලක් විනි නම් ඔබ මා අසලය. පංච දමන, කැට ගසන , හිස තෙල් ගල්වන තැනක් වේ නම් එතනද ඔබ මා ළඟය . නෑදෑයන් , වැඩි හිටියන් කොතෙක් රුදුරු වී සිටියද ඉන්ද්‍රඛීලයක් ලේ නොසෙල්වී ඔබ මා ළඟම රැඳී උන් හැටි අද මා කෙසේනම් අමතක කරන්නද ? සියල්ල උඩු යටිකුරුවී , ඔබව මට අහිමි වන්නට ගතවූයේ කෙතෙක් නම් කෙටි කාලයක්ද ?
දොළොස් වසරකට ඉහතදී , බක් මහක අද වැනි දිනෙක ඇරඹි පෙම් පුරාවත සිව්වසරක් ඇවෑමෙන් නිමාවී , මට අහිමි වී ගිය ඔබ, අද සත් වසරක් වියැති දියණියකගේ පියෙකි . දියණියගේ සුරත රැගෙන , බිරිඳ කැටුව , බසයෙන් බැස , දෙවැට දිගේ පා ගමනින් මහගෙදරට යන ඔබ දෙස මගේ පැලේ පිලමත හිඳ මා බලා සිටිමි. වේදනාව හද තුල වාන් දමනු දැනේ.
ඔබ නිසාම තුරුණුවිය ඉක්ම ගොස් මා අද මැදිවියට එළඹ සිටිමි . එහෙත් ඔබට පෙම් කළ හදවත යලිදු තවෙකෙකුට පුදන්නට තරම් මා අසමත් වීමි. නැගීසිටින්නට දෙපා වාරු නැත. මා පිල මතම සිට හිස් අහස දෙස බලා සිටිමි . ඔය කුරුළු කැදැල්ලේ කිචි බිචිය ඇසෙන නෑසෙන දුරින් මගේ පැල්පත පිහිටීම සැබැවින්ම දෛවයේ සරදමක් නොවිය හැකිද ? මා සතු ආත්මශක්තිය පවා අද මා හැර ගොසිණි . හදවතක් නැත්තියකසේ ඉබාගාතේ ඇවිදයන්නට මට සිතේ . සැබැවින්ම මගේ ආත්මශක්තියද , හදවත ද මට අහිමි වුනේ ඔබ මා හැරගිය දවසේමය. එහෙත් මවිසින් ඔබට පිදූ ප්‍රේමය නිමාවිනිද ? සත්තකින්ම නැත. මම එදත් , අදත් , මතුවටත් ඔබට පෙම් කරමි .
කොහාගේ කුහු හඬත් සමග අවදිවන වේදනාකාරී සිතුවිලි මා හද ටිකෙන් ටික දවා , යලි තුනීවී ගොස් , දොළොස් මසක් ඇවෑමෙන් උදාවන නව අවුරුදු සමයකදී යළිදු මගෙ සිත දවනු ඇත. එහෙත් පෙම්වත, සසර සරනා තුරාවට කඳුළු අතරින් වුවද මම නුඹට නිරන්තර යහපතම ප්‍රාර්ථනා කරමි.

කාන්ති ඉපලවත්ත

A day in the life