ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-01-07

යක්ෂ ගෝත්‍රිකයන් විසු රිටිගල



රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් කාලයේ යක්ෂ ගෝත්රික ජනතාවක් විසූ ප්රදේශයක් බව සමහරු පවසනවා. දැන් අනුරාධපුරයට යන වන්දනාකරුවන් අතරින් සමහරු රිටිගලට පැමිණ එහි සුන්දරත්වය දැක ගැනීමටත් පෙළඹෙන බව පේනවා. ඒ වගේම විදේශීය සංචාරකයන් ද රිටිගලට පැමිණෙනවා. මේ නිසා ඔවුන්ට අවශ්ය ආහාරපාන සහ නවාතැන් සපයන හෝටල් කිහිපයක් ද මේ අවට දැකගත හැකියි.
රිටිගලට යන්නේ කොහොමද?
ළඟාවීම හරිම ලේසියි. හබරණ සිට මරදන්කඩවල හරහා දිවෙන අනුරාධපුර මාර්ගයේ කි. මී. 15 දුරින් පිහිටි ගලපිටගල හන්දියෙන් හැරී අතුරු මගක ගමන් කළ යුතුයි. කොළඹ සිට රිටිගල දක්වා දුර කි. මී. 201ක් පමණ වෙනවා. මරදන්කඩවල සිටම ක්ෂිතිජයේ දී රිටිගල කඳුවැටිය අලංකාර දර්ශනයක් මවා පාන අයුරු ඔබට දැකගැනීමට පුළුවන්. මේ අවට වෙනත් කඳු නැති නිසා එය කැපී පෙනෙන දර්ශනයක්. ගලපිටගල ගම්මානයෙන් හැරී මඳ දුරක් යන විට වනය මැදින් වැටී ඇති කොන්ක්රීට් දැමූ මාර්ගයකට ඔබ පිවිසෙනවා. මේ මාර්ගයේ අලි ගමන් කරන නිසා උදේ පාන්දරම යාමෙන් වැළකී සිටිය යුතුයි. කොන්ක්රීට් මාර්ගය යළිත් ගුරු පාරකට හැරෙනවා. එහි සිට මාවත ඇදී යන්නේ ඝන වන වැස්මක් හරහා රිටිගල රක්ෂිතය මැදින්. මේ මාර්ගය හොඳින් නඩත්තු කර ඇති නිසා මෝටර් රථයකටත් පහසුවෙන් යාමට පුළුවන්. කඳු පාමුල රථවාහන නැවැත්වීමට ස්ථානයක් සකසා තිබෙනවා. ගලපිටගල සිට කඳු පාමුලට දුර කි. මී. 8ක්. අවශ්ය නම් මෙහි පිහිටි පුරාවිද්යා කාර්යාලයෙන් ඔබට තොරතුරු ලබාගැනීමටත් පුළුවන්.


ජනප්රවාද
රිටිගලට රාවණ සම්බන්ධ වන්නේ මෙහෙමයි. රාවණ තමන්ට කළ මදිපුංචිකමට ප්රතිචාරයක්‌ ලෙස ඉන්දියාවේ රාම රජුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් ලංකා පුරයේ සුරක්ෂිතව රඳවා තැබූ අතර ඇය සොයා පැමිණි රාම රජුගේ සහෝදර ලක්ෂ්මන් කුමරු හා යුද්ධයක් හට ගන්නවා. යුද්ධයේ දී ලක්ෂමණ තුවාල වෙනවා. ඒ සමඟ පැමිණ සිටි හනුමන්තා රෝගයට අවශ්ය ඖෂධ සොයා ඉන්දියාවේ හිමාලයට ගියත් ඔහුට ඔසුවේ නම අමතක වෙනවා. ඊට පසු ඔසු පැළෑටි පිහිටි ප්රදේශයම ගලවා ගෙන අරන් එනවා. ඒ කඳු කොටසින් කොටසක්‌ කැඩී වැටී රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මාණය වී ඇති බව ‌ ජනප්රවාදයකින් පැවසෙනවා.


මහාවංශයේ සඳහන් ඉතිහාසය
සංරක්ෂණය කළ බන්දා පොකුණේ ඉවුරු බැම්මක් – කුසුම්සිරි විජයවර්ධන
මේ කඳුවැටිය ආශ්රිත ආරාම සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මහාවංශයේ රිටිගල අට්ඨගිරි හෙවත් අරිට්ඨ පබ්බත නමින් සඳහන් වෙනවා. සූරතිස්ස රජු( ක්රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා තිබෙනවා. ක්රි. පූ. පළමු සියවසේ සෙල්ලිපියක අරිට විහාරයට අබදළක නම් වැව පූජා කිරීම ගැන කියැවෙනවා. ලජ්ජතිස්ස රජු( ක්රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්රතිසංස්කරණය තනවා තිබෙනවා. පළමුවන සේන ( ක්රි. ව. 831-851) රජුත් මේ විහාරයට අනුග්රහය දැක්වූ රජකෙනෙක්. පළමුවන පරාක්රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්රිතව බලකොටු තනා සේනා සංවිධානය කළ බවත් සඳහන්.


මෑත ඉතිහාසය
ඉංග්රීසි පාලන සමයේ 1872 දී ජේම්ස් මැන්ටල් නම් මිනින්දෝරුවා මෙහි මාස තුනක් නැවතී සිට මැනුම් කටයුතු කර තිබෙනවා. 1890 දී අනුරාධපුර දිසාපති ආර්. ඩබ්. අයිවර්ස් කඳු මුදුන ආසන්න තැනිතලා කොටසක නිවහනක් තනවා ගෙන මෙහි සිසිල් දේශගුණයේ පහස ලබාගෙන තිබෙනවා. හෙන්රි ට්රයිමන් 1887 දී රිටිගල ශාක ගැන අධ්යයනය කරනවා. පුරාවිද්යා කොමසාරිස් එච්. සී. පී. බෙල් රිටිගල පුරාවස්තු ගැන අධ්යයනය කරන්නේ 1883 දී. මෙහි ලෙන්වල පිහිටි සෙල්ලිපි පිටපත් කළ ඔහු කන්දේ පැතිරී තිබෙන නටබුන් ගොඩනැගිලි සොයා වනාන්තරය පීරා තිබෙනවා. ඊට පසු ඒ තොරතුරු සියල්ල 1883 පුරාවිද්යා පාලන වර්තාවට ඇතුළත් කර තිබෙනවා.
රිටිගල මෙතරම් සුවිශේෂී ඇයි?
නුවර කලාවියේ උසම කඳුවැටිය වූ මෙහි උස අඩි 2514ක් (මීටර් 765). අප රටේ මධ්ය කඳුකරයත් දකුණු ඉන්දියාවේ කඳුත් අතර පිහිටි උසින් වැඩිම කන්ද රිටිගල නිසා එය භූ විද්යාත්මකව විශේෂයි. ඒ වගේම වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුක්ත වනාන්තරයක් මෙහි තිබෙන්නේ. ඒ නිසා වියළි කාලයේ පවා බොහෝ විට රිටිගල මීදුමින් බරව වළා අතර සැඟව තිබෙන අන්දම ද දැකගත හැකියි.

මේ නිසාම රිටිගල වනාන්තරය 1931 තරම් ඈත කාලයකදී දැඩි රක්ෂිතයක් බවට පත් කර තිබෙනවා. දැඩි රක්ෂිතයේ විශාලත්වය හෙක්ටයාර් 1528ක්. එයට අමතරව කඳු පාමුල නටබුන් ආරාම සංකීර්ණය ඇතුළත් අක්කර 690ක් පුරාවිද්යා රක්ෂිතයක් ලෙස ප්රකාශ කර තිබෙනවා.
රිටිගල කඳුවැටිය තවත් කඳු කිහිපයකින්ම යුක්තයි. ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උණ කන්ද, ආඬියා කන්ද, පළතුරු කන්ද, අමරාපති කන්ද, උල්පත් කන්ද යන කඳු හතක්‌ එයට අයත්.
කටාරම් කොටන ලද ගල් ලෙන් 74 ක්‌ද බ්රාහ්මීය අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්යාත්මක අගයක්‌ ඇති විවිධ ගොඩනැගිලි 140 ක පමණ නටබුන්ද විශාල පොකුණක් සහ ශෛලමය පෙත්මගක් ද අදටත් රිටිගල දී දැක බලා ගැනීමට පුළුවන්. විශාල ගස්වැල් සෙවණේ පිහිටි මේ නටබුන් අප සිත් අතීතයට රැගෙන යනවා.

වනගත නටබුන්
පුරාවිද්යා කාර්යාලය අසලින් කන්ද තරණය කළ විට මුලින්ම හමුවන්නේ විශාල පොකුණක්. එය බන්දා පොකුණ නමින් හඳුන්වන්නේ ගල්පුවරු යොදාගෙන බැඳ ඇති නිසායි. මෙම පොකුණ මෑතක දී කැණීම් කර කොටසක් සංරක්ෂණය කර තිබෙනවා. කන්දේ සිට එන ජල මාර්ගවලින් එදා එයට ජලය ලැබී තිබනවා. අදත් එම දොළ පාරේ ජලය ගලා යනු ඔබට දැකගත හැකියි. එහි සිට ඉදිරියට ගමන් කර පිටගැට තරණය කර ගල් පාලමකින් එගොඩවීමෙන් පසු පිවිසෙන්නේ සම්පූර්ණයෙන් කළු ගල් අතුරා සකස් කළ වනය හරහා දිවෙන පෙත්මගකටය. එම පෙත්මග කිලෝ මීටරයකට ආසන්න දුරක් ගමන් කරනවා.
මඳ දුරක් පියමං කිරීමෙන් පසු නටබුන් ස්ථානයකට ළගාවිය හැකියි. එහි පිහිටි ජන්තාඝර ගොඩනැගිල්ල භික්ෂුන්ට ඔසු සහ උණුපැන් ස්නානයට සකසා තිබූ ගොඩනැගිල්ලක්.බෙහෙත් ඇඹරුම්ගල්, ගල් භාජන ආදිය එහි දැකගත හැකියි. ගොඩනැගිල්ල වටේට ගල් ප්රාකාරයක් පිහිටා තිබෙනවා. ගොඩනැගිල්ල මැද නාන පොකුණක් ආකාරයෙන් යුත් ගල් බේසමක් සකස් කර තිබෙනවා. මෙයට පෙර අප ගිය අරන්කැලේ දීත් ජන්තාඝරයක් හමුවුණා. මේ අසල එදා භික්ෂුන් වහන්සේ බවුන් වැඩූ පධානඝර නම් ද්විත්ව වේදිකා ගොඩනැගිලි කිහිපයක් ද පැතිර තිබනවා. ඒවාට එදා උළු සෙවිලි කර තිබූ බව අවටින් හමුවන උළුකැටවලින් පේනවා.
මෙහි සිට යළිත් පෙත්මග ඔස්සේ පියමං කිරීම ඉතා අපූරු අත්දැකීමක්. වන සියොතුන්ගේ හා ගස්වැල් එකට ඇතිල්ලෙන හඬ අසමින් ඔබට ගමන් කළ හැකියි. අවට සංරක්ෂණය නොකළ පධානඝර රැසක් වනයට යටව ඇති අයුරු පේනවා. මඳ දුරක් ගිය විට හමුවන තැනිතලා බිමෙහි ත්රිත්ව වේදිකා ගොඩනැගිල්ලක් (පධානඝරයක්) පිහිටා තිබෙනවා. මේ අසලම භාවනා කිරීමට තැනූ සක්මන් මළුවක්ද තිබෙනවා.

මේ අසලින් පුරාවිද්යා නටබුන් බිම අවසාන වෙනවා. ඊට පසු ආරම්භ වන්නේ දැඩි රක්ෂිත වනයයි. එයට ඇතුළු වීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසර ලබාගත යුතුයි.
රිටිගල ජෛව විවිධත්වය
වර්ෂ 1935 දී මෙහි ශාක පිළිබඳ අධ්යයනයක් කළ පී. ඩී. ආර්. ජයයූරිය ඕකිඩ් විශේෂ 27ක් සොයාගත්තා. වර්තමානය වනවිට මෙම කඳුවැටියෙන් හමුවී ඇති ශාක විශේෂ සංඛ්යාව 418ක්. ඉන් මල් පිපෙන ශාක විශේෂ සංඛ්යාව 338ක්. විශේෂත්වය නම් මේ අතරින් විශේෂ 113ක් තෙත් කලාපයේ දක්නට ලැබෙන ඒවා වීමයි. 2008 දී කළ අධ්යයනයකදී පක්ෂි විශේෂ 97ක් මෙහි සරන බව හෙළි වුණා. අලියා, වලසා, ගෝනා, කොටියා ඇතුළු ක්ෂීරපායී විශේෂ රැසක් ම මෙහි වාසය කරනවා.
කඳුවැටියේ පහළම කොටසේ (බිම් අඩවිය) වියළි මිශ්ර සදාහරිත වනාන්තරමය ලක්ෂණ පැතිර තිබෙනවා. මෙම ප්රදේශයේ මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි වියළි කලාපයේ දක්නට ලැබෙන ශාක වර්ග දැකගත හැකියි.
කඳුවැටිය මධ්ය කලාපයේ දකින්නට ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්ෂණයි. මෙම ප්රදේශයේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක සුලභයි.
කඳු මුදුනේ දකින්නට ලැබෙන්නේ උප කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි වැවෙනවා.
රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ කිහිපයක් ද හමුවී තිබෙනවා. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, රිටිගල මී යන ශාක ඒ අතර වෙනවා.
මීට අමතරව දුලබ ඖෂධීය ශාක වන ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුට වැනි ශාක මෙහි සුලබයි.


මූලාශ්ර-
අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද – එල්ලාවල මේධානන්ද හිමි
රිටිගල- මුදිත අලහකෝන්
මැකීයන වන පෙත් – ඩග්ලස් බී. රණසිංහ
පරිසරය රැකගන්නත් අමතක කරන්න එපා
📷 All credits goes to representative owners ❤


notes of imaginary

2024-01-05

තාක්ෂණ ශිල්පි පරම්පරාව.


 


නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට පුළුවන. .ඔවුන්ට ගොවිගම කුලයටත් වඩා වටිනාකමක් එවකට තිබිනි.

යුධ ආයුධ අත්‍යවශ්‍ය වකවානු වල ඒවා තැනීම සඳහා යපස් ගෙන ඒම සහ කුලී කටයුතු ලබා දියයුතු ය යන්න රජුගේ නියෝග ලෙස ගොවිගම කුලය වෙත නිකුත් කර ඇත. ආදි යුගයේ ලෝකුරු ශිල්පය යක්ෂ ගෝත්‍රික යන් සතුවිය. යකඩ , යකාගෙ වැඩක්, යකෝ, යකඩෝ, යකා නගිනව, වැනි කටහුරු වචන වලින්ම ඒ බව ඔප්පු කලහැක. යක්ෂ ගෝත්‍රිකයන් ගේ ආවුද පනපෙවීමේ පාරම්පරික ඥානය නවන්දනා කුල ශක්තිමත් තරුණයන් විසින් සොරාගත් බවට ජනශ්‍රැතියේ පැවසේ. එසේම ගොවිගම ආදී සියළු කුලවල අය මොවුන්ගෙන් තාක්ෂණික කටයුතු ඉටු කරගත්තේ ගෞරවනීය ලෙස පඩුරු පාක්කුඩම් දීමෙන් බවටද ජනශ්‍රැතිය සාක්ෂි දරයි. එපමණක් නොව කම්මල් කටයුතු වලදී මයින හම ඇඳීම යකඩ තැලීමට හවුල් නොවන්නේ නම් රදලයෙකුට වුවද සේවාව ලබාදීම ප්‍රතික්ෂේප කලේ ශිල්පීය පෞඩත්වය දරන්නන් නිසාමය. මොවුන්ගේ සම්බවයනාග ගෝත්‍රයේ බව ඉපැරණි ආවුධ තාක්ෂණය ට සුරුවිරුකම් පෑ අයවළුන්ගේ වාසභූමි ය වූ කොත්මලා ප්‍රදේශය බවට අදද සාක්ෂි ඇත . දොලොස් බාගේ ප්‍රදේශයේ ඇති කිණිහිරය නැමැති යෝධ පර්වතය ඒ පුරාවෘත්තයේ එක් සළකුණකි.
අලි අල්ලන් සිටි කොත්මලා ප්‍රදේශයේ නාග ගෝත්‍රික ගම්මානයක දුටුගැමුණු කුමරා සැඟවී සිටියේ යුද්ධය සඳහා ආවුද තනවා ගැනීමට විය හැක. නුවර යුගයේ දී

දළදා මාලිගාව ආදී ප්‍රසාදයන් නිර්මාණය කල දේවේන්ද්‍ර මූලාචාරින් යනු එම කුලයේ ප්‍රභලයෙකි. මෑත කාලීනව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිර්මාතෘ විමලසුරේද්‍රයන් ද එම කුලයට සම්බන්ධ බව මා අසා ඇත. හැත්තෑව දසකය ට පෙර එම කුලයේ අයවලුන් ගේ නම අවසන් කලේ "හාමි" යන ගෞරවාර්ත පදයෙනි.ලුවිස් හාමි, සුබේ හාමි, දිනෙස්හාමි,අපට අපට පෙර පරම්පරාවේ වැඩිහිටියෝය. ඔවුන්ගේ භාර්යාවන් හැඳින්වූ පොදු නම වූයේ "නාච්චිලේ" නැමති පදයයි. ද්‍රවිඩ ඌරුවක් ඇති එම නාමය සමහර විටෙක නුවර යුගයේ වඩුග පරම්පරාවේ ස්ත්‍රීන් සරණපාවා ගත්තා නිසා වන්නට පුළුවන.
ලෝහ තැනීම, ලෝහ භාන්ඩ තැනීම, ආවුද සහ ආයුධ නිර්මානය හා දොරගුළු තැනීම, කරත්ත රෝද පට්ටං ගැසීම ,ලාඩං ගැසීම,
මෙන්ම රිදී රත්තරන් ආභරණ නිර්මාණයද ඔවුන්ගේ සුවිශේෂී තාක්ෂණික කටයුතු වේ.
මෙතරම් උසස් නිර්මාණ ශිල්පීන් වුවත් කුලයෙන් පහත් ලෙස සලකන්නට ලක්වූයේ යුරෝපීය ආක්‍රමණයෙන් පසුවය.එයට හේතු වූයේ සිහලුන් කවදාවත් නුදුටු ගිනි අවි ආක්‍රමණිකයාටම එල්ල කරන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නවන්දනා කුලයට පින්සිද්ද වෙන්ටය. සතුරාගෙන් උදුරා ගත් ආයුධයේ තාක්ෂණය අසුරු සැනින් වටහා ගත් ඔවුන්ගේ හැකියාව මත බයිනෙත්තු ,රයිපල්, පිස්තෝල, කාලතුවක්කු පවා නිර්මාණය වූයේ ඔවුන්ගේ විස්කමෙනි.
ලෝකුරු කර්මාන්තයේ ඕනෑම නවෝත්පාදන යක් වටහා ගැනීම හා ප්‍රතිනිර්මාණය කිරීමට මේ කන්ඩායම පෑ දක්ෂතාවය නිසාම එයට බියපත්වූ යූරෝපියානු අධිරාජ්‍යයවාදීනහු නවන්දනා කුලය නීච කුලයක් ලෙස හංවඩු ගැසීමට පියවර ගත්තේය. එයට අවනත වූ කුලීන යටත් වැසියන් ඉංග්‍රීසි සමය අවසාන වනවිට නවන්දනා කුලය කොන් කොට හමාරවී තිබිණි .

යටත්විජිතවාදී චින්තනය නිසාම
"වානෙට මඩ බොර
රිදියට පුස්කර " ලෙස ප්‍රකට ආවුද පනපෙවීමේ ශිල්පීය කලාව ප්‍රගුණ කල අයෙකු ඔවුන් අතර හෝ දැනට නොමැති බවනම් කණගාටු වෙන් වුවද පැවසිය යුතුය.
.යකඩ තැලීම
උපුටා ගැනීම
@ Wikipedia












කිරි හැලයා
කවුද?
කතා ‍කළේ
කන්දේ ගුරා 
මක්කටද ආවේ? 
යකඩ තලන්න 
මක්කද ගෙණාවේ?

මුරුංගා 
කෝටුං බෝටුං අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ  
වත්තෙන් පහළට කොංඩුං පෝ

දුම්බර මහගෙට - ඇවිලු පන්දම, කවුද නිවන්නේ?
‍කිරි හැලයා 
කවුද කතා කළේ?
කන්දේ ගුරා 
මක්කටද ආවේ
යකඩ තළන්න
මක්කද ගෙනාවේ?
වම්බටු 
වම්බටු කොම්බටු අපට මොටෝ 
දෑ අපි ඒවා කන්නේ නෑ 
වත්තෙන් පහළට කොංඩුං පෝ 

දුම්බර මහගෙට - ඇවිලු පන්දම්, කවුද නිවන්නේ?
කිරි හ‍ැලයා:- 
කවුද කතා කළේ?
කන්දේ ගුරා 
මක්කටද ආවේ?
යකඩ තළන්න 
මක්කද ගෙනාවේ?
හාල් කූර මල්ලයි - ලුණු කූර මල්ලයි 
හරි හරි දුල්ලා මාගේ දුල්ලා - මම් කන කෑමත් උන් දෑ දනිතෙයි - මම් බොන බීමත් උන් දෑ දනිතෙයි 
කුනාගෙ යකඩත්, මම් ම තලඤ්ඤයි ,
මම් ම තලඤ්ඤයි
මල්ලියා සරි මං නයි දෙත් සරි - කම්මල් වත්තට ගෙන්නූ පන්දම් - දීරෝ දිරෝ,

කවුදැයි කවුදැයි කතා කරන්නේ?
කන්දේ දුරයා කතා කරන්නේ 
මන්දැයි ආවේ?
යකඩ තලන්නට 
මොනව ද ගෙණාවේ? 
මෑකරල්මිටියක් ගෙණාවේ
කෝටුං බෝටුං අපි කන්නේ නෑ අපෙ කම්මලෙ නොගණිති එව්වා 
වත්තෙන් පහලට කොංඩු පෝං....

Budunion Rdd
notes of imaginary

Why do I read ?



 





 



 


“Why do I read?
I just can't help myself.
I read to learn and to grow, to laugh
and to be motivated.
I read to understand things I've never
been exposed to.
I read when I'm crabby, when I've just
said monumentally dumb things to the
people I love.
I read for strength to help me when I
feel broken, discouraged, and afraid.
I read when I'm angry at the whole
world.
I read when everything is going right.
I read to find hope.
I read because I'm made up not just of
skin and bones, of sights, feelings,
and a deep need for chocolate, but I'm
also made up of words.
Words describe my thoughts and what's
hidden in my heart.
Words are alive--when I've found a
story that I love, I read it again and
again, like playing a favorite song
over and over.
Reading isn't passive--I enter the
story with the characters, breathe
their air, feel their frustrations,
scream at them to stop when they're
about to do something stupid, cry with
them, laugh with them.
Reading for me, is spending time with a
friend.
A book is a friend.
You can never have too many.”

“ඇයි මම කියවන්නේ?
මට උදව් කරන්න බැහැ.
මම කියවන්නේ ඉගෙනීමට සහ වර්ධනය වීමට, සිනාසීමට
සහ අභිප්රේරණය කිරීමට.
මම කවදාවත් නැති දේවල් තේරුම් ගන්න කියෙව්වා
වියනිරාවරණය වේ.
මම කකුළුවෙකු වූ විට, මම කියවන විට මම කියවමි
ට ස්මාරක ලෙස ගොළු දේවල් කීවේය
මම ආදරය කරන මිනිස්සු.
මට උදව් කිරීමට ශක්තිය සඳහා මම කියෙව්වා
බිඳුණු, අධෛර්යමත් සහ බියක් දැනේ.
මුලු හිතම තරහා උනාම කියවනවා
ලෝක.
හැමදේම හරියනකොට මම කියවනවා.
මම බලාපොරොත්තු සොයා ගැනීමට කියෙව්වා.
මම කියවන්නේ මම සෑදී ඇති නිසා පමණක් නොවේ
සම සහ අස්ථි, දර්ශන, හැඟීම්,
සහ චොකලට් සඳහා ගැඹුරු අවශ්යතාවක්, නමුත් මම
වචන වලින් ද සෑදී ඇත.
වචන මගේ සිතුවිලි සහ දේ විස්තර කරයි
මගේ හදවතේ සැඟවී ඇත.
වචන ජීවමානයි - මම සොයා ගත් විට
මම ආදරය කරන කතාව, මම එය නැවත කියෙව්වා
නැවතත්, කැමතිම ගීතයක් වාදනය කරන්නාක් මෙන්
නැවත නැවතත්.
කියවීම නිෂ්ක්‍රීය නොවේ - මම එයට ඇතුල් වෙමි
චරිත සමඟ කතාව, හුස්ම ගන්න
ඔවුන්ගේ වාතය, ඔවුන්ගේ කලකිරීම් දැනේ,
ඔවුන් සිටින විට නවත්වන්නැයි කෑගසන්න
මෝඩ දෙයක් කරන්න හදන්නේ, අඬන්න
ඔවුන්, ඔවුන් සමඟ සිනාසෙන්න.
මට කියවීම, ඒ සමඟ කාලය ගත කිරීමයි
මිතුරා.
පොතක් යනු මිතුරෙකි.
ඔබට කිසි විටෙකත් ඕනෑවට වඩා තිබිය නොහැක. ”

By Gary Paulsen,

Shelf Life: Stories by the Book
Books: ( https://amzn.to/3QJDAE5
#ad #literaturelover #readingtime







notes of imaginary

2024-01-04

මැණිකෙ දැන් ඔය මදෑ



 

මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව
තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව
රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව
ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....
 
අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව
දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව
අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව
ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....
 
දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා
බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා
තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා
සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....
 
ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ
කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ
කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ
යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....

 

- රුවන් ජයරත්න -

Harsha Sulovhana

ටීචර්ලව බදින්න පෙර.




ටීචර් කෙනෙක්වද බැඳ ගන්නට ඉන්නේ
දැනටත් බැඳලාද එහෙනම් අහ ගන්නේ
1.30 ට පාසල අවසන් වන්නේ
ඒකයි ගොඩක් අය ටීචර්ලව බැන්ඳේ....
සීයක් දෙසීයක් ඇත පොත් බලන්නට
දින, සති වාර සටහන් ඇත ලියන්නට
හෙට පාඩමට සූදානම් වී යන්න
බරටම ගෙදර වැඩ පැවරී ඇත ඇයට....
Office යන මහතුනේ මෙය දැන ගන්න
ඔබටත් දෙනවාද GM ගෙදර වැඩ
ආවත් ඔබට කලියෙන් ඈ නිවස වෙත
පොත් අතරමයි ඈ ඔබ එනතුරුම ගෙට....
වාර විභාගය දවසට යුද්ධෙ වැනී
Paper ගොඩක් මැද ඇය හිර වෙලා ඇතී
ඒ වගෙ දිනෙක රෑ කෑමත් නැති වේවී
පානුයි පරිප්පුයි ඔබටත් රස වේවී....
දහස් ගණන් ජීවිත වල එළිය වෙවී
සිනහ සිසී වෙහෙසෙන ආදර මව්නී
හෙට ලෝකයට ජීවය දෙන හැඩකාරී
ආඩම්බරෙන් කියපන් ඒ නුඹෙ භාරී...
චුට්ටක් සැරයි කට පොඩ්ඩක් සද්දෙ වැඩියි
ඉවසාගෙන ඉන්න ගුරුවරු එහෙම තමයි
ඔය හැමදේම එක්ක ආදරෙ නුඹට වැඩියි
සෙනෙහෙන් ඉන්න ඇය හැමදා නුඹට ලැදියි...



-------විද්‍ය පීඨ අපේ එකමුතුව
notes of imaginary



2024-01-03

ඇය,මගේ බිරිඳ යි......


ලලිත කොමළ බස හසුරා ශිල්ප දෙවන්නී
වතළ කුලුණු ගුණ සිප් හල තුළ වපුරන්නී
උදුල විපුල ළහිරු කිරණ සේ බැබැළෙන්නී
සිසිල පවන ලෙසින් මහද සනසාලන්නී.
පාන් කලුව එක්ක ඇවිත් ගෙට ගොඩවෙන්නී
යාන්තමට කන්ද උඩින් සඳ හිනැහෙන්නී
හීන් සිනාවට ගෙපැලේ කලුව මකන්නී
මාන්සියට ඔසරි පොටෙන් පවන් සලන්නී.
වෑ කන්දට ගොඩවී වැව් දියට බසින්නී
රෑට බතට දෙල් මාලුව රසට උයන්නී
කුල සිරිතට මා කනතුරු ළඟ දැවටෙන්නී
හමාරකොට වැඩ ඔක්කොම පිරිත් කියන්නී.
රනේ රුවට නිදි යහනට සඳ ගෙන එන්නී
මලේ සුවඳ සේපාලික හුස්ම පොවන්නී
සිතේ පිරුණු ලෙන්ගතු කම මවෙත පුදන්නී
මෙතේ බුදුන් හමුවෙන තුරු අත්වැල දෙන්නී.

රෝ.සි.
2024.01.02.

notes of imaginary

අනේ අපොයි .


 


තමන්ගේ අනියම් පෙම වෙච්චි වල්ලි අම්මාව යාළු කරගන්න බැරිව දහ අතේ කල්පනා කර කර උන්නු කතරගම දෙයියන්ට තමන්ගෙ පවුල් ජීවිතේ රැකගන්න භාර වෙලා,
ඒකට උපක්රමයක් දීලා තාමත් හන්දියක් ගානේ හොඬවැලක් එක්ක අසරණවෙලා ඉන්න ගණදෙවියො නුවණට අධිපති කියලා හිතාගෙන ඒක පෙන්වලා දරුවන්ට අකුරු කියවලා,
දරුවො ලැබෙන්න කියලා සෙල්ලකතරගම ගිහින් තොටිල්ල පද්දලා,
ෆෙන්ෂුයි පිළිමයක් ගෙනත් තට්ටෙයි බඩයි අතගෑවාම සල්ලි හම්බෙයි කියලා බලන් ඉඳලා,
සායි බාබා කටින් බිත්තර දාද්දි ඒ මනුස්සයගෙ පින්තුරේ ගෙනත් ගෙදර එල්ලගෙන,
පුල්යාර රූපයේ නලලෙ හිලක් හදලා, කැටේ බඩේ තියලා, පිටේ දොරක් දාලා ඒකට පඬුරු දාලා කිරි වලින් නාවලා,
සිරිධම්ම හිමි බුදු වුණා කිව්වාම සාධු කියලා,
බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ කිව්වම ඒකටත් සාදු කියලා,
බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ කිව්වම ඒකටත් සාදු කියලා,
බුදුරජාණන් වහන්සේ ප්රතික්ශේප කරපු ජෝතීශ්ය නැකතට හැම වැඩක්ම පටන් අරන් නහුතෙටම කෙලවගෙන,
බුදුරජාණන් වහන්සේ හැමදේම අත් හැරිය බෝධීන් වහන්සේ ලඟට ගිහින් මේ ලෝකෙ තියෙන හැම සැප සම්පතක්ම ඉල්ලලා,
කොහේ හරි ඉන්න නැකැත් කාරයෙක් අපලයක් තියෙනව කිව්වම යටසායක් හරි ජංගියක් හරි කපල හදපු කොඩි බෝධීන් වහන්සේගේ අතු වල එල්ලලා,
කේන්දරේ කොටු වලට හිර වෙලා තරු අස්සෙ තමන්ගෙ අනාගතේ හොයලා,
කේන්දර කාරයෙක් ගැලපෙන්නෙ නෑ කියල කිව්ව පලියට අවුරුදු ගානක අවංක ආදරය කිසිම හිරිකිතයක් නැතිව අතෑරලා දාලා,
කාලිංඝමාගගෙන් ආපු සිංහල අලුත් අවුරුද්දක් කියල එකකින් හැමෝම එකට වැඩ අල්ලලා, කෑම කාලා,අනිත් උන්ටත් කවලා,
පොඩි හරි නරකක් ජීවිතේට වේගෙන එන කොටම දේවාල අස්සෙ රිංගලා පොල් ගෙඩි ඔලුව වටේ කරකවගෙන,
වස්දොස් යන්න කියලා දකින දකින අලියගෙ බඩ යටින් රිංගලා,
😂
ගංජා වලට මොලේ කරවෙලා කියවන සන්නස්ගලගේ කථා වැඳගෙන අහන් ඉඳලා,
බ්රදර් චාල්ස්ගෙන් බණ අහලා,
පබාලව, අනර්කලීලව පාර්ලිමේන්තු යවලා,
තාත්තා අම්මා මැරණාම පෙරේත ගොට්ටෙ අරක්කු කාලක් තියලා,
අම්මගෙ පර්ස් එකෙන් හොරකම් කරපු 99 කාඩ් එකකින් Internet ඇවිල්ලා,
හොරු, මිනීමරුවො කියල දැන දැනත් 74 අවුරුද්දක් උන්ටම චන්දෙ දීලා දැන් නහුතෙටම කෙලවගෙන ඉන්න ගමන් ලංකාවෙ ඉතිහාසයටත් බැනලා,
අපෙන් අහනවා තුන් ලොවක් නිවනෙන් සැනසූ භාග්යවතුන් වහන්සේට ජීවමාන සඥාව උපදවලා පූජාවක් කළාම ටූත් පික් තිබ්බෙ ඇයි කියලා
😂
පව්කාරයො
මතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..
ඒ ගැන තර්ක කරන්නෙ.
මේ වගේ පූජාවන් කරන කෙනා දන්නව දන් දෙන එකේ වටිනාකම.
ඒ කෙනා දුප්පත් මිනිස්සුන්ට දන් දෙන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ..
ඔය බනින ගොඩක් මිනිස්සු කිසිම මනුස්සයෙක්ට අබ ඇටේක තරම්වත් දෙයක් දීපු මිනිස්සු නෙවෙයි..
ගොඩක් අයට දුප්පත් අසරණ මිනිස්සු මතක් වෙන්නෙ මේ වගේ පූජාවන් දැක්කමයි, ස්වමීන්වහන්සේලාට ලැබෙන දානය, පිරිකර දැක්කමයි..
අන්තිමට සංයුක්ත නිකායේ ගාමිනී සංයුක්තයේ තියෙන ගාථාව ලියන්නම්.
"බමුණ, මම කල්ප අනූ එකක් ආපස්සට හැරී බලමි. මේ අනූඑක් කල්පය තුල දන්දීම නිසා දුප්පත්ව උපත් ලැබූ කිසිවෙකු මම බුදුඇසින් නොදකිමි"
notes of imaginary

2024-01-02

මාරි කියුරි

















ලොව භයානකම පොත 📚
ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්රධානම පොතක් තමා නොබෙල් ත්යාගය ලාභී මාරි කියුරිගේ note book එක...
එයාගෙ පොත් විතරක්ම නෙමෙයි භාවිතා කළ ඇදුම්,පැළදුම් ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කලේ Radiation එකත් එක්ක..නැත්තන් විකිරණශීලී ද්රව්ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පරීක්ෂණ කරද්දි ඇය දැනන් හිටියේ නැහැ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන සිටියා.
මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.
Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියොත් මැරුනෙ පිළිකා වලින්.
නොබෙල් ත්යාග තුනක්,
පිළිකාවට ගොදුරු වූ ජීවිත දෙකක්,
මවක් සහ දියණියක්!
මාරි කියුරි සිය වැඩිමහල් දියණිය අයිරීන් සමග, 1925!
නොබෙල් ත්යාගය මත සිය අණසකය පැතිර වූ පවුලක් වෙති. ඔවුන් තරමට ඒ දිනූවෝ වෙන නොවෙති.
මාරී සිය සැමියා පියරේ සමගින් 1903 හි දී භෞතික විද්යාව සදහා නොබෙල් ත්යාග දිනාගනිමින් ඒ ගෝලීය ගෞරවය පළමුකොට කියුරි නම අද්දර පළන්දා තිබුණි. ඉන්පසු මාරී නැවතත් 1911 හි දී රසායන විද්යාව සදහා වූ නොබෙල් ත්යාගය දිනාගති. ඒ අනුව නොබෙල් ත්යාගය දිනූ ප්රථම කාන්තාව වී සිටි මාරි, එය දෙවරක් දිනූ එකම කාන්තාව බවට පත්විය. එයින් නොනැවත අද ද වනතුරු එකිනෙකට වෙනස් වූ විද්යා ක්ෂෙත්රයන් දෙකක් උදෙසා නොබෙල් ත්යාගය දිනූ එකම පුද්ගලයා බවට පත්ව ඇය අදටත් සුවිසෙස් ව ඇත. අහම්බෙන් සහ විටෙක සිතැගිව, අහිතකර වූත් මරණීය වූත්, විකිරණ මත දිගින් දිගටම සිය දහස් වාරයක් නිරාවරණය වීමෙන් හටගත් නිෂ්කල්ප්ය නීරක්තියෙන් (රුධිරගත පිළිකාවකි, Aplastic Anaemia) පීඩා විද හැටහයවන වියේ දී ඇය අභාවප්රාප්ත විය. අදටත් ඇය අතින් අල්වා කැරකැවූ දොරගුළු මත, ඇය ලියූ සටහන් පොත් තුළ, මුළුතැන්ගෙයි ආම්පන්න තුළ පමණක් නොව ඇයගේ මළසිරුරින් පවා ඒ මරණීය විකිරණ වෑස්සෙන බැවින් එය අදටත් පැරිසියෙහි, උත්තම පැරීසියානුවන් පමණක් සදාකල්හී නිදනා පැන්තියොන් හී සුසානාගාරයෙහි අගලක ඝණකම් ඊයම් කලේබරයෙක බහා නිදන් කර ඇත. ඉන් ඇතුළුව, ඈ අත රැදි සියල්ලෙන් මීළග සියවස් පහළොව පුරාවට, අවම වශයෙන් වර්ෂ 3400 ලබන තුරු, විකිරණ මුදාහැරෙනු ඇත.
ඇගේ දේහය තැන්පත් කල පෙට්ටිය සාදා ඇත්තේ අඟල් හතරහමාරක් ඝනකම ඊයම් වලින්.(තව අවුරුදු 2500-3000ක් වත් යනකන් ඇටකටු වලින් විකිරණ නිකුත් වෙනව කියල කියන්නෙ.)
මාරි ගේ ආදරබර සැමියා වූත්, ලෝ දිනූ ගෞරවයේ සගයා වූත්, පියරේ කියුරි වැසිබර දිනෙක මනෝ ලෝකයෙක සරමින් පැරිසී වීදියක් හරහා පියමනිමින් සිටියදී, අශ්ව කරත්තයක ගැටී එහි රෝදයටම යට වී හිස්කබල සුණුවිසුණු ව ජන්මාන්තර ගත විය. ඒ නොවන්නට ඔහුද විකිරණය උරුම කරදුන් පිළිකාවටම ගොදුරුව මිය යන්නට සිය දෛවය ලියවා හුන්නෙකෙකි. ඔහුද පැන්තියෝන් හී ගෞරවය ලබමින් මාරී අසලින්, ඊට පහළින් නිදන් විය. පියරේ සහ මාරි දිනාගත් නොබෙල් ත්යාග සංඛ්යාව තුනකි. කියුරීන නොබෙල් පිපාසය ඉන් සන්සිදුනේ නැත.
ඔවුන්ගේ වැඩිමහළු දියණිය වූ අයිරීන් දෙමාල්ලන් අඩිපාරෙහිම යමින් රසායන විද්යාව සදහා වූ නොබෙල් ත්යාගය සිය සැමියා වූ ෆ්රෙඩරික් ජොලියට් සමගින් වර්ෂ 1935 හි දී සිය කෘතීම විකිරණශීලිතාව සම්බන්ධව වූ සොයාගැනීම් උදෙසා දිනාගති. ඇයද ඉන් උදාකරදුන් ලියුකේමියාමය පිළිකාවකින් පීඩා විද 58 වසක් ආයු වළදා 1956 හිදී මියගිය අතර ඊට දෙවසරකට පසු ෆ්රෙඩරික් උග්ර යකෘත්ප්රදාහයකින් පෙළී මරණය තෙක් රුධිරය වමනය කොට බොහෝ දුක් විද නෙතු පියාගති.
මාරිගේ දෙවන දියණිය ඊව් විද්යාවෙන් ඈත් වී සාහිත්යයට නැඹූරු විය. නොබෙල් ත්යාග නොලැබූ ඈ ආයුෂය දිනාගති. වසර 102ක් ආයූ වැළදූ ඇය නිව් යෝර්ක් හී සාමකාමී නිවහනෙක ජීවිතයෙන් නිවීගිය විඩාබර සයනයක දී අවසන් සුසුම් හෙළන්නට ඇත. නමුදු කියුරි පවුලෙහි නොබෙල්මය සිහිවටන ඉන් අවසන් නොකරමින් ඊව් ගේ ප්රියාදර සැමියා හෙන්රි රිචර්ඩ්සන් වර්ෂ 1965 හි දී නොබෙල් සාම ත්යාගය දිනාගති.
ඒ අනුව කියුරි පවුලේ මුල් සාමජිකයින් හයෙන් පස් දෙනෙකු නොබෙල් ත්යාගලාභීහූ වෙති. ඔවුන් ලද මුළු නොබෙල් ත්යාග ගණන හයෙකි.
එක්සත් ජාතීන් පිළිගත් රාජ්ය අතරින් 116 ක් එකදු නොබෙල් ත්යාගයක් හෝ දිනා නැත. අසල්වැසි ඉන්දියාව නොබෙල් දොළොසක් දිනා ඇත. පකිස්ථානය හා බංග්ලාදේශය ද දෙකක් දිනා ඇති බැව් ඔබ දැනගත යුතුය. ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව පමණක් නොව අසර්බයිජානය ද එකක් හෝ දිනා ඇත. ඒත් අප?
Copyright credit - Unknown
මෙහි මුල් හිමිකාරිත්වය නොදනී.
Source - Roar


notes of imaginary

2024-01-01

ගුරු මහත්ම මහත්මීන් වෙතටයි.


බ්ලුබෙරි..
ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් හදන සමාගමක්.
ඒ අය හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම හරිම ප්‍රසිද්ධයි.
ඒ අයිස්ක්‍රීම් ඉතා මිල අධික උනත් ඒ රටේ හැම පලාතකම ජීවත් උන මිනිස්සු ඒ අයිස්ක්‍රීම් වල රස බලන්න පුරුදු වෙලා හිටියේ.
හේතුව තමයි ගුණාත්මක භාවය සහ රසය අතින් ඒ අයිස්ක්‍රීම් ගොඩක් ඉහල මට්ටමක තිබුණ එක.
දවසක් ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහතාට ඇරයුමක් ලැබෙනවා ඒ පලාතේ පාසැලක තිබුණ උත්සවයක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිල්ලා පාසැලේ දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වන්න.
ඔහු ඒක සතුටින් භාරගෙන එදාට ඒ උත්සවයට සහභාගි වෙලා දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වනවා.
ඒ කතාව ඔහුගේ ජීවිත අත්දැකීම් හා ව්‍යාපාර මූලධර්ම මත පදනම් වූ ඉතාමත් ආදර්ශමත් හා සාරවත් කතාවක්.
හැබැයි ඔහු ඔහුගේ දේශනය අවසන් කරේ ටිකක් වෙනස් විදියකට.
ඔහු මෙහෙම කිව්වා.
"මම මේ රටේ තියන අධ්‍යාපන ක්‍රමයටනං කොහෙත්ම කැමති නෑ"
"විශේෂයෙන්ම ආණ්ඩුවේ පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේ පටන් ඔවුන්ට පාසල් තුල දැණුම ලබාදෙන පිලිවෙල දක්වා වෙන ක්‍රියාදාමයම සම්පූර්ණයෙන්ම වැරදියි.. "
"ඒ ක්‍රමවේදය දැනුම මූලික සමාජයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ"
"රජයේ පාසල් වල තියෙන අනෙක් ලොකුම ගැටලුව තමයි ගුරුවරු"
"මේ ගුරුවරු වෙනස් වෙන්න කැමතිම නෑ. හිතන්නෙම පරණ විදියට "
" එයාල හිතන්නෙ එයාලගෙ කාලෙ තමයි හොදම කාලෙ කියලා. "
" ඒ වගේම මේ ගුරුවරු හරිම සාම්ප්‍රදායිකයි"
" වේවැලක් නැතුව තාම මේ ගුරුවරුන්ට උගන්වන්න බෑ"
මේ කතාව අහගෙන හිටපු ගුරුවරුන්ගේ හිත් හරියට රිදුනා.
ඒත් හැමෝම බිම බලාගෙන හිටිය මිසක් කව්රුවත් කතා කලේ නෑ.
ඒත් මේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයගේ දේශනය අවසන් වෙනකොටම එක ගුරුවරියක් විතරක් අත ඉස්සුවා.
ඇය පාසලේ හිටපු ඉංග්‍රීසි ගුරුවරිය.
ඇය ව්‍යාපාරිකයගෙන් මෙහෙම අහනවා,
"සමාවන්න මහත්මයා.."
"මට පුළුවනිද ඔබ තුමාගෙන් එක ප්‍රශ්ණයක් අහන්න?"
ඔහු තරමක් පුදුමයට පත් උනත් ඇයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කැමති උනා.
ගුරුවරිය මෙහෙම ඇහුව,
" සර්.. ඔබතුමා ඇමරිකාවෙ තියන ප්‍රසිද්ධම හා විශාලතම අයිස්ක්‍රීම් නිශ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා"
"ඔව් ඔබතුමිය නිවැරදියි"
" ඇමරිකාවේ හොදම අයිස්ක්‍රීම් හදන්නෙ අපි"
ඔහු ඉතා ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.
ගුරුවරිය මෙහෙම කියනවා,
"එක කොච්චර හොඳද"
"ඒ අයිස්ක්‍රීම් කොච්චර රසද.. ඒවා සුදු හිම වගේ හරිම මෘදුයි"
ගුරුවරිය ව්‍යාපාරිකයගෙන් තවත් ප්‍රශ්ණයක් අහනවා,
" ඔබතුමා මොහොතකට හිතන්න ඔබ මේ දැන් ඇවිල්ල තියෙන්නේ ඔබගේ ඔය රසම රස අයිස්ක්‍රීම් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මිලදී ගන්න යන තැනකට කියලා"
" හිතන්න… මෙතන තියනව කියලා ඒ අයිස්ක්‍රීම් වලට දාන්න ගන්න ඕන බ්ලූබෙරි ලොරියක්.."
"ඒත් සර්…"
"ඒ බ්ලූබෙරි ලොරියේ තියන බොහොමයක් බ්ලූබෙරි නරක් වෙලා.. "
" දැන් ඔබතුමා මොකද කරන්නෙ..? "
ව්‍යාපාරිකය ටිකක් කල්පනා කරල කලබල නැතිව ඇත්තම කිව්වා.
" නරක් වෙච්ච බ්ලූබෙරි අපි කවදාවත් බාරගන්නේ නෑ.. "
" ඒව දාල අයිස්ක්‍රීම් හදලා අපේ නිෂ්පාදන වලට තියන හොද නම කැත කරගන්න අපිට ඕන නෑ"
" අපි ඒ බ්ලූබෙරි ලොරියම ප්‍රතික්ෂේප කරනවා "
ගුරුතුමිය හිනාවෙලා මෙහෙම කියනවා,
" හැබැයි සර්… අපිට එහෙම කරන්න බෑ "
"අපිට හම්බවෙන සමහර බ්ලූබෙරි ලොකු පවුල් වල… සමහර බ්ලූබෙරි හරිම දුප්පත් පවුල් වල.. "
" සමහර බ්ලූබෙරි හොර මත්පැන් පෙරන පවුල් වල.. "
" සමහර වෙලාවට අපිට ඒ බ්ලූබෙරි එන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පවුල් වලින්."
"සමහර වෙලාවට.. අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරන පවුල් වලින් "
" සර් දන්නවද… "
" සමහර බ්ලූබෙරි අපිට එනකොටම පුංචි කාලෙම අතවරවලට ලක්වෙලා හිත් හොදටම නරක් වෙලා.. හරියට අර ඔබතුමාට හම්බ උන ලොරියේ තිබුණ නරක් වෙච්ච බ්ලූබෙරි වගේ.. "
" හැබැයි සර්…අපිට ඒ කිසි එකක් භාරනොගෙන ආපහු යවන්න බෑ.. "
" අපි ඒ හැම බ්ලූබෙරි ගෙඩියක්ම භාරගන්නවා.. "
" භාරගන්නව විතරක් නෙවෙයි.."
" අපි ඒ බ්ලූබෙරි වලින් අයිස්ක්‍රීම් හදනවා.. "
" ඔබලා හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම බෙදාහරිනවා.. "
" ඒක නොදන්න කෙනෙක් නෑ.. ඒක ඇත්ත.. "
" ඒත් සර්.. අපි අපිට හම්බවෙන ඒ බ්ලූබෙරි දාල හදන අයිස්ක්‍රීම් ඇමරිකාවේ විතරක් නෙවෙයි.. ලෝකේ ගොඩක් තැන් රසවත් කරන්න බෙදාහරිනවා… "
මෙච්වර වෙලා නිශ්ශබ්දව තිබුණ ශාලාව විනාඩි කිහිපයක් යනකල් අත්පොලසන් හඩින් ගිගුම් දෙන්න ගත්තා.
තමුන්ට වැරදුනු බව විධායක නිලධාරී මහතා තේරුම් ගත්තා.


notes of imaginary

සක් දෙවිඳුගේ කවිපොතින්


එදත් එහෙමයි අදත් මෙහෙමයි
නරයො ඔක්කොම ගන්නෙ තීරණ
නඩුත් හාමුදුරුවන්ගෙ කිව්වට
බඩුත් ඒ ගිණුමටම දැම්මට

අල්ලගත් සැකකරුට එරෙහිව
සාක්කිත් උන් මෙහෙයවාගෙන
දංගෙඩියටම යවයි ඔහු හිස
එරෙහි වූවොත් යමෙක් මේ ගැන

එන්නෙ වටකර අවි දරාගෙන
සියලු තතු තම ඇසින් දුටු ලෙස
නිවැරදිම විනිසක් ලබාදුන්
විනිසකරුටත් දී විවේචන

නිදොස් වී සැකකරුව නිදහස්
වුවොත් උන් කෝපවෙයි එසැනින
විචාරව බුද්ධියෙන් විමසා
බැලී නම් එදවසත් මිනිසා

රිංගන්න සිදුවෙයිද මාහට
මීයෙකුගෙ වේශයක් අරගෙන
මට තරම් නැති අර අපිරිසිදු
චිඤ්චාවගේ රෙද්ද අස්සට

පී. ජී. ආරියපාල

notes of imaginary