තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2023-08-08
ඒකා නං යකා ලියු කවි.
2023-08-04
ගතවු සතිය.
අපේ රටේ විපක්‍ෂය
හැම දේටම විපක්‍ෂයි.කටුක විවේචන ඉදිරිපත් කරනවා. පොලොවේ පැලකරගන්න බැරි දේවල් ගැන
කතා කරනවා. යහපත් දේ යහපත් ලෙසත් අයහපත් දේ අයපත් දේ අයපහත් ලෙස දකින්නත් යහපත්
ලෙස කටයතු කරන්න මග පෙන්වන්නත් කැමති නැහැ.
ආණ්ඩු පක්‍ෂයත්
ඊට දෙවෙනි නැහැ. ඔවුන් සියල්ල දත් පණ්ඩිතයන් ලෙසයි කටයුතු කරන්නේ විකල්ප මත පිලිකෙව්
කරනවා.ඇහුම්කන් දෙන්නේ නැහැ. මර්ධණයෙන් තර්ජනයෙන් පාලනය කර ගන්න උත්සහා කරනව මිසක්
නිවරදි වෙන්න කැමති නැහැ.
මමත් බෞද්ධයෙක්. වන්දනාව දෙවනුවත් ධර්මාවබෝදය කරගනු පිණිස උත්සහා දරන බෞද්ධයෙක්. කෙටියෙන්ම බුදුන් සහ දහම් සරණ යන තෙරුවනක් නැති බෞද්ධයෙක්.
මෙලෙස මුලින්ම සටහන්
කරන්න අදහස් කලේ බෞද්ධාගම විවේචණය වන අදහසක් පල කිරීම පාපකර්මයක් නිසා.
විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා විහාරස්ථාණයට සපයන ලද විදුලිය වෙනුවෙන් ඉදිරිපත් වු ලක්‍ෂ හතලිස් එක් හාරසියයක මුදලක විදුලි බිල් පතට මුදල් නොගෙවීම නිසා විදුලිය විසංධි කරලා. ඊයේ මිහින්තලාව අදුරේ. පන්දම් එළියෙන් මිහින්තලාව නගින විදේශික කණ්ඩායමක් ප්‍රවෘත්ති අතර දැක්කා . විගණනය නොවන විහාරස්ථානයේ ආදායම කොතෙක් ද කියා අපි දන්නේ නැහැ. මෙම විදුලි බිල ඉන් සොච්චමක් වෙන්නත් ඇති.
එක් එක් ප්‍රචාරාත්මක
දේශපාලන - ඥයින්ට මේ ප්‍රවෘත්තිය රස මසවුලක්. ඔවුන්ගේ විග්‍රහ තුල ජාතිහිතෛෂී
භාවයත් බෞද්ධාගමට හිතැති බවත් සමග ඔවුන්ගේ අභිලාෂය දොරේ ගලනවා.
හොරුන් කල දේ
නැවත නැවතත් කල යුතු නැහැ. හොරකම් කරන්න ඉඩ දිය යුතුත් නැහැ.නාස්තිය දුෂණය
පිටුදැකිය යුතුයි. එමෙන්ම පාලනය විය යුතුයි. රනිල්ගේ පාලනය තුල මේ කටයුත්ත පාලනයට
පත්ව ඇත්දැයි තාමත් පැහැදිලි නැහැ.ඔහුගේ කාර්ය මණ්ඩල මුහුණු දැක්කම මේ ගැන අවබෝධයකට පැමිණිය හැකියි. සමහර සිද්ධීන් පාලනය කරන අයුරු සාධරන අපක්‍ෂපාති ස්වරුපයක් නැහැ.
උඩවළවේ
ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු වලට ජලය නැහැ. ගොවිතැන් පාළුවෙනවා. ගොවීන්ගේ ආර්ථිකය
අවදානමේ. ඔවුන් සත්‍යග්‍රහ කරනවා. ගොවි සමිති නායකයින් නිරීක‍්ෂණ චාරිකා වල යෙදෙන
ගමන් ගොවීන්ගේ දුෂ්කරතාවය විකුණනවා. ආණ්ඩුව එක එක බහු බූත අතහරිනවා. විපක්‍ෂ
නායකයින් දෙවියන්ට කියලා ආණ්ඩුවට ශාප කරනවා.
සමනල වැව ජලාශයෙන් උඩවළව ජලාශයට ජලය නිකුත් කලොත් මේ ගැටළුව විසදන්න පුළුවන් ගොවීන් කියනවා. විදුලි බලධාරීන් කියන්නේ එසේ ජලය නිකුත් කලොත් දින නවයකින් - දකුණට පැය දෙකක් විදුලිය කපන්න සිදුවෙන බවයි.
සමනල වැව ජලාශයට ජලය සපයන ජල පෝශක ප්‍රෙද්ශයට පසුගිය ජනවාරි සිට ප්‍රමානවත් වැසි ලැබුනේ නැහැ. අප්රේල් වැස්සත් වෙනදාට වඩා අඩක්වත් තිබුනේ නැහැ. 2012 අවුරුද්දේ මේ වගේ කාලගුණයක් මේ ප්‍රෙද්ශයට තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි මෙවගේ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. සෑම වර්ෂයකම මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණයක් මේ ප්‍ර දේශයට පවතිනවා. වැසි බලාපොරොත් වන්න බැහැ. ඒ පසුගිය මාස කිහිපයේ තත්වය. සැප්තැම්බර - දෙසැම්බර් කාලයෙත් මාර්තු -මැයි අතර කාලයෙත් නිසි පරිදි වැස්සොත් සමනල වැව උතුරනවා. සමනල වැව නිර්මාණය කරලා තියෙන්නේ මෝසම් දෙකෙන්ම ජලය වැවට ලැබෙන භුමි ප්‍රෙද්ශයක.
මේ පල කලේ සමනල වැව ලග ඉන්න මීදුමට තියෙන අත්දැකීම්.
අපේ රටේ ගොවි
ජන, කෘෂිකර්ම දෙපාර්තමේන්තු තියෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුවක් තියෙනවා.කෘෂිකර්ම
නිෂ්පාදන පරීක්‍ෂණ කියලා නිළදාරි පිරිසක් ඉන්නවා. ගොවිජන කොමසාරිස්ලා
ඉන්නවා.ගොවිජන ප්‍රාෙද්ශීය නිලධාරීන් කියලා කොටසක් ඉන්නවා. මේ හැම එකකටම රාජ්‍ය ඇමතිලා
ඇමතිලා ඉන්නවා
ඒත් ගොවිතැන්
ආරම්භ කළ යුතු කාලයක් - අස්වනු නෙලා ගත යුතු කාලයත් පිළිබදව පුරෝකථනය කර සැලසුම්
කරන්න මොළයක් ( යාන්ත්‍රණයක් ) නැහැ.මු ළ සිට යන්යෙ නැතිව අග ඉදන් මුලට එන්න හදනවා.
වේදිකාවේ
බේගල් අතහරින නරි රැළක් විතරක් ශිල්ප දක්වනවා.
2023-08-03
වස් ආරාධනාව සමඟ බැඳි සිරිත් විරිත්
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශනාකර ඔවුන්ට ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදෙන ලදී. පසුදින එනම් “අවපෑලවියදා” බුදුරජාණන් වහන්සේ එම පස්‌වග භික්‍ෂූන් සමගින් පෙර බුදුසිරිත අනුගමනය කරමින් එම ඉසිපතන මිගදායේම වස්‌විසීම ආරම්භ කරන ලදී. මෙය උන්වහන්සේගේ ප්‍රථම “වස්‌සුපගමනය” හෙවත් බස් සමාදන්වීමයි. එතැන් සිට පන්සාලිස් වර්ෂය තිස්‌සේම ඇසළ පුර පසළොස්‌වක පොහොය දින හෝ අවපෑලවිස? වස් සමාදන් වූහ. එපමණක් නොව එය අනෙකුත් භික්‍ෂුන් වහන්සේලාටද අනුගමනය කරන ලෙස දැන වදාළහ. ප්‍රථම වස්‌විසීම බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම සිදුකළ අතර පසුව සමහර උදවියගේ ආරාධනා මත සිදුකර ඇති බවද පෙනේ. මෙම ක්‍රමය වර්තමාන කාලය දක්‌වාම පැවතගෙන එන ආගමික චාරිත්‍රයක් බවට පත්ව ඇත.
ඇසළ මාසයෙන් ආරම්භ වන අධික වර්ෂා කාලය තුළ ගම්නියම් ගම්වල සංචාරය කිරීම නතර කර ඒ. ඒ. ආරාම තුළ හෝ විහාරස්‌ථානවල රැඳී සිටින ලෙසත්, එම තෙමස තුළ චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව් පසයෙන් නොඅඩුව ඇප උපස්‌ථාන කරන බවට උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වෙත ගෞරවයෙන් ආරාධනා කිරීම වස් ආරාධනාවයි.
සෑම වර්ෂයකම ඇසළ පර පසළොස්‌වක පොහොය දින සිට ඉල්මස පුර පසළොස්‌වක පොහොය දින දක්‌වා උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වස් සමාදන්වනු ලබන වස්‌සාන සමයයි. මෙහිදී පෙරවස් විසීම හා පසුවස්‌විසීම යනුවෙන් ක්‍රම දෙකක්‌ද වේ. ඇසළ පුර පසළොස්‌වක පොහොය දින වස් සමාදන්වීම “පෙරවස්” සමාදන්වීමයි. යම්කිසි පාලනය කළ නොහැකි හේතුවක් මත එදින “පෙරවස්” විසීමට නොහැකි වූ උපසම්පදා භික්‍ෂුන් වහන්සේ “නිකිණි” පොහොය දින වස් සමාදන්වීම පසුවස් සමාදන්වීමයි. මෙය බුද්ධ නියමයකි. ඒ අනුව “පෙරවස්” සමාදන් වූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක් ගතකර වප් පුර පසළොස්‌වක පොහොයදින මහා පවාරනයෙන් වස් හමාර කරනු ලැබේ. පසුවස් විසූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක් වස් මාසිකව සිට “ඉල්” පොහොය දින වස් පවාරණය සිදුකරයි. මේ අනුව පොදුවේ ගත්කල “වස්‌සමය” සාර මාසයක් ලෙස ගැනේ.
මෙම කාල පරාසය තුළදී බුද්ධ නියමය පරිදි උපසම්පදාලත් භික්‍ෂුන් වහන්සේ කවුරුන් විසින් හෝ ආරාධනා කළත් නොකළත් වස් ගිවිසිය යුතුය. එසේ නොකළහොත් එය වරදක් වන්නේය. එකල බුදුරජාණන් වහන්සේට අනේපිඩු මහ සිටුතුමා විශාඛා මහ උපාසිකාව මෙන්ම රජදරුවන්ද වේරඤ්ඤා බ්‍රාහ්මණයා වැනි අයලුන් විසින්ද වස් ආරාධනා කර ඇතිව පැහැදිලිය. එහෙත් ප්‍රථම වස් විසීමත් හත්වෙනි වස “තව්තිසා දෙව්ලොව” වස් විසීමත් බුදුරජාණන් වහන්සේ ස්‌ව කැමැත්තෙන්ම කරන ලද බව පෙනේ.
භික්‍ෂූන් වහන්සේ වෙත වස් ආරාධනා කිරීමේදී අනුගමනය කළයුතු චාරිත්‍ර ක්‍රමයක්‌ද ඇත. බුලත්කොළ (දැහැත්) කිහිපයක් ගෙන එය ගොටුවක ආකාරයෙන් සකස්‌කර සුදු ලේන්සුවකින් වසා ඒ ඒ භික්‍ෂුන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබේ. මෙසේ පිළිගැන්වීමේදී එම පිරිසේ අයෙකු විසින් එසේ පිළිගැන්වූයේ කවර කරුණක් නිසාද යන කාරණය හඬනගා ප්‍රකාශ කළ යුතුයි. පින්වත් ස්‌වාමීන් වහන්ස මෙතැන් සිට ඉදිරිතුන් මාසය මුළුල්ලේ මේ විහාරස්‌ථානයේ රැඳී සිටින ලෙස ආරාධනා කරමි. එම කාලය තුළ දායකයන් වන අපි ඔබ වහන්සේලාට අඩුවක් නොකර සිව්පසයෙන් උපස්‌ථාන කරමි. එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක්‌වා. මීට සමාන ආකාරයෙන් එම ඉල්ලීම කළයුතුය. “දැහැත්ගොටු පූහ්ව” යනු මෙයයි.
මේ සමගම සිවුරක් පූජා කිරීමද කරනු ලැබේ. ඒ සඳහා තුන් සිවුරෙන් කවර සිවුරක් වූවද යොදාගත හැකිය. එහි කිසිදු වරදක් නැත. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කවර සිවුරක් ගෙන වස්‌වසන සියලුම භික්‍ෂුන් වහන්සේ වෙත මෙසේ පූජා කිරීම වැසිසළු පූජාව” නමින් හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ විශාඛා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක් මත අනුදැන වදාල ක්‍රමයකි. එක් වැසි සමයක භික්‍ෂුන් වහන්සේ පිරිසක් ධාරානිපාත වර්ෂාව මැද තෙතබරිත වූ සිවුරුවලින් යුක්‌තව විහාරයට වඩිනු දුටු විශාඛාවට ඇතිවූයේ මහත් වේදනාවකි. ඒ අනුව බුදුන් වහන්සේ වෙත ගොස් නමස්‌කර කර ඉමියා මහං භන්තේ, සංසස්‌ස යාවජීවං වස්‌සික සාටිකං දාතං” යනුවෙන් ජීවිතාන්තය දක්‌වා භික්‍ෂුන් වහන්සේවෙත වැසිසළු පූජා කිරීමට මම කැමැත්තෙමියි ප්‍රකාශ කළාය. අද දක්‌වාම මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.
දැනට වසර තිහ හතළිහකට පමණ පෙර මෙම දැහැත්ගොටු හා වැසිසළු පූජාකිරීම ඉතාමත් වැදගත් පුණ්‍යෝත්සවයක් ලෙස ඒ ඒ විහාරස්‌ථාන වෙත එම ගම්වල, නගරවල සැදැහැවත් දායක දායිකාවන් සිය ගණනින් ඒකරාශීවී ඉතා උසස් අයුරින් සිදුකළහ. එහෙත් අද මේ කටයුත්ත සඳහා සහභාගි වන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. එය ඉතා කනගාටුදායක සිද්ධියකි.
ලංකාව ඇතුළු පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින රටවල භික්‍ෂුන් වහන්සේට වස් ආරාධනා කිරීමේදී දැහැත් ගොටුවක් පූජාකරන අතර සමහර රටවල මල් පොකුරක් හෝ මල් වට්‌ටියක් පූජාකර වස් ආරාධනා කරන බව අසා ඇත. ඉන්දියාවේද සමහර වැදගත් ආගමික කටයුතුවලදී මල්වලට ලැබෙන ගෞරවය ලංකාවේදී ලැබෙනුයේ බුලත්වලටය. මේ නිසා අපේ රටේ වැදගත් ආගමික හෝ සංස්‌කෘතික කටයුතු වලදී බුලත් පිරිනමා ආරාධනා කරති. එමනිසා භික්‍ෂුන් වහන්සේට වස් ආරාධනා කිරීමේදී බුලත් හෙවත් දැහැත් භාවිත කරන අතර, පෙරකී පරිදි මල් වට්‌ටිය හෝ මල් පොකුර සංකේතවත් කරමින් එම දැහැත් ගොටුවට මල් කිහිපයක් දැමීමේ සම්ප්‍රදායක් පවතී.
චෛත්‍යයක් ඉදිකිරීමේදී මුල්ගල් තැබීමේ අවස්‌ථාව හා සමාන වැදගත්කමක් භික්‍ෂුන් වහන්සේට වස්‌විසීම සඳහා වස් ආරාධනා කිරීමේ අවස්‌ථාවට හිමිවේ. මෙය මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් පිංකමකි. තෙමස ඉක්‌මවීමෙන් පසු “කඨින චීවර” පූජාකිරීමේ පිංකම චෛත්‍යයක් ඉදිකළ පසු කොත පැළඳවීම හා සමාන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේට දොළොස්‌වෙනි මස ගතකිරීම සඳහා ආරාධනා කරනු ලැබුවේ වේරඤ්ඤා බ්‍රාහ්මණයා විසිනි. ඒ අනුව භික්‍ෂුන් වහන්සේ 500 ක පිරිසක් සමඟ වේරඤ්ඤා ගමට වැඩම කළහ. එහෙත් ආරාධනා කළ බ්‍රාහ්මණයාට මෙය අමතක වී එම තුන්මාසය තිස්‌සේ ඉතා දුෂ්කර පැවැත්මක් ඇතිව ගතකිරීමට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයන් වර්තමානයේද දක්‌නට ලැබේ. සමහර දායක පිරිස් මෙම වස් තෙමස තුළ තමාට හිමි සලාක දානය පිරිනැමීමට අමතක කරන අවස්‌ථා අප අත්දැක තිබේ. ඒ නිසා වේරඤ්ඤා බ්‍රාහ්මණයා අනුගමනය නොකර නිතර විහාරස්‌ථානය ගැන හා වස් සමාදන්වී ඇති භික්‍ෂුන් වහන්සේ කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතුය. මෙම කාලය “පුණ්‍ය කාලය” ලෙස සලකා කටයුතු කරමු.
වස් ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත්:
වස් ආරාධනය
භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් ය.
මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේ. එය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක්, හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ.
එක භික්‍ෂූන් වහන්සේ නමකට නම්, එක ගොටුවක් ප්‍රමාණවත් ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්, එවැනි දැහැත් ගොටු හතරක් අවශ්‍ය ය. එයින් පසුව භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු ය. මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි.
එයින් පසුව භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.
ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි යනුවෙනි. (උපෙමි, එළඹෙති)
වස් දානය
වස් තෙමස තුළ භික්‍ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට දායකයෝ බාර ගනිති. ඒ අනුව හීල් දානය, දවල් දානය, සවස ගිලන් පස දානය සපයමින් ඔවුහු උන්වහන්සේට සංග්‍රහ කරති. මෙම වස් කාලය තුළ සවස් කාලයේ දී දායකයෝ විහාරස්ථානයට පැමිණ මල්පහන් පූජා කරති. ධර්ම සාකච්ඡා කරති. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරති. සතර පොහොය දිනවල විශේෂ ධර්ම දේශනා පවත්වති.
කඨිනය
කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි. එබැවින් බුදුරජාණන් වහන්සේ,
“පඨවි රිව නජාතු කම්පනේ නචලති. මේරු රිවානි වායුනාං වජිර මිව නභිිජ්ජතෙ ඝනං තම්ද මතො කඨිනන්ති චුච්චති”. යනුවෙන් කඨිනානිශංස වදාළහ.
මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව වායුවෙන් සෙලවීමට නොහැකි සේ වජිර (දියමන්ති) පව්ව බිඳ දැමීමට නොහැකි සේ තද වූ බැවින් කඨිනය යැයි කියනු ලැබේ යනු, මෙහි සාමාන්‍ය තේරුමයි.
කඨිනය සිවුරක් නිමිති කරගෙන ඇති ප්‍රඥප්තියකි. සිවුරක්, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ රස ඔජා යන දෙයින් යුක්ත ය. මේ වස්තුවෙන් කළ නොහැකි ආකාරයට බැඳි ඇති හෙයින් එය කඨින නම් වෙයි.
කඨින වස්ත්‍රය
මෙය ‘කඨින දුස්සං’ නමින් හැඳින්වෙයි. ඇතැම්හු දුස්සං යන්න චීවර යනුවෙන් ද හඳුන්වති. පෙර දවස චීවරයක් සකස් කර ගැනීමට සොහොනක, කසල ගොඩක් හෝ ඇති අන් අයිතියක් නැති වස්ත්‍රයක් ලබාගෙන ඇත. එය පිරිසුදු කර පඬු පොවා සිවුරක් කොට ගත්හ. පසු කාලය වන විට සුදු වස්ත්‍රයක් මිලදී ගැනීම සිදුවිය. වර්තමානයේ මේ සඳහා කහ පැහැති වස්ත්‍ර තෝරා ගැනෙයි. අතීතයේ කපු නෙළා, නූල් සකසා එදිනම වස්ත්‍රයක් සකස්කර කපා, මසා, කඨිනය සඳහා අවශ්‍ය සිවුර පිළියෙළ කර ගැනිණි.
කඨිනය බාරගත් අයගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පෙරහරකින් වඩමවා ගෙන යනු ලැබේ. එය අනියම් කාලයේ දී හිස තබාගෙන, ඉමහත් ගෞරවයෙන්, “ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” යනුවෙන් ප්‍රකාශ කරමින් සංඝයා වහන්සේට පූජා කිරීම සිදුවෙයි.
කඨින වස්ත්‍රය එළනු ලබන්නේ ගිහියකු විසිනි. සිවුර සකස් කිරීම සඳහා නියම කරන ලද රාමුවක් ඇත. ඒ අනුව එම වස්ත්‍රය කපා මසා සිවුර පිළියෙළ කැරෙයි. සිවුර මැසීමට කපන කැබෙල්ලක්, සුගත් වියත් හතරකි. චීවරය මීටර් දහයකි. සමහර විට අට හමාරකි. භික්‍ෂූන් වහන්සේගේ උස අනුව චීවරය පිළියෙළ කර ගැනීම සිදුවෙයි.
සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය
වේවා
(උපුටාගත් ලිපියකි )
2023-08-02
දේශපාලන ආවර්ජනයක් 1.
JR අඇදිරි නීතිය
දාගෙන රජිව් සමග ගිවිසුමකට එළඹවුනා. මේ ගිවිසුම අනුව 13 ව්‍යවස්ථාව උපත ලැබුවා.
සුදු අලියෙක් වු පරිපාලනයක් ලෙස කාලයක් පලාත් සභා ක්‍රියාත්මක වුනා. මේ කාලයේ තේරීපත්වු සහ බලය ලබා ගන්න බලාපොරොත්තුව සිටින දේශපාලනඥයින්ට පලාත් සභාව කප්රුකක්වුනා . මේ ආයතනය සක්‍රීය කර ගන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන්ට. ජනතාවට එවැනි අවශ්‍යතාවනේ නැහැ. පලාත් ,දිස්ත්‍රික් ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන නිලධාරීන් හරහා පලාත් සභාවෙන් විය යුතු කාර්ය වෙනවා.
වෙනස කතා සාප්පුවක් නැති එක විතරයි.
දකුනේදී කුල
වාදයට සැලකීම එතරම් ඉහල සාධකයක් නොවුවත් උතුරේදී කුලවාදය කතාබහට ලක්වන මාතෘකාවක්.
ප්‍රභාකරන් සහ ඔහුගේ අරගලය කියවීමේදී පීඩිත කුලවල ජනතා අවධිවීමක් ප්‍රබල ලෙස
සාකච්ඡා වන්නක්.
නැවතත් ඉහල යයි සැලකෙන කුලවලට උතුරේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවය ප්‍රභාකරන්ගෙන් මිදීගිය රික්තය තුල ඇති කරගන්න අවශ්‍ය බිම සකස්ව තියෙනවා. දකුනේ සිටිය ජාතිකවාදීන්ගෙන් මේ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි බව තේරුම් ගත් මොවුන් විසින් කුමන්ත්‍රණකාරීව ගෝඨාභය පාලනයෙන් ඉවත් කලා. එයට යොදා ගත්තේ ගෝඨා බලයට ගෙනා කොටස්මයි.
ඔවුන් විස යයි සිතුදේ විසෙන්ම නසා දැම්මා.
අරගල භුමියේ
සිටියේ රටේ ජීවයයි.ඔවුන් හැදු හැට නව ලක්‍ෂය
ඔවුන් විසින්ම විනාශ කලා.අරගල භූමියේ සිටි තරුන ජීවය ගෝඨා ගිය පසු සිදුවන්නේ
කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබු බවක් පලවුනේ නැහැ. නමුත් අරගලයේ මොළය කාලයක සිට
පියවරෙන් පියවර තමන්ට අවශ්‍ය නායකත්වය ජනාධිපති පුටුව ලගට ගෙනවිත් තිබුනා. රනිල්
ජනාධිපති වුනා. ගෝල්පේස් අරගලය වාෂ්ප වෙන්න ගියේ දින කිහිපයයි.
අද ගෝඨාගේ පාලනය බැහැරවීම ගැන කම්පා වෙනවා.
රනිල්ට ජනවරමක් නැහැ. ඔහුට ඇත්තේ 69 ලක්‍ෂය විසින් ගෝඨාට දුන් ජනවරමයි. එය
පෞද්ගලික බුදලයක් නොවෙයි. ඔහු පවත්වාගෙන යායුත්තේත් නඩත්තු කල යුත්තේත් එම
ජනවරමයි.
එම ජනවරම බලාපොරොත්තු වන්නේ වෙන අනම් මනම් කිරීම නොව ගෝඨා අසමත්වු ආර්ථික කළමනාකරනය යථාවත් කිරීමයි.එය පැත්තක තබා රණිල් බලයට පත්කිරීමට කුමන්ත්‍රණය කල පිරිසගේ අභිමාර්ථ ඉටු කිරීම නෙවෙයි.
69 ලක්‍ෂය නියෝජනය කල ගෝඨාභය හට නිසි ලෙස ආර්ථිකය කළමනාකරනය කරගන්න බැරිවුනා. ඔහුට සේවය කල කේවට්ට ආර්ථික උපදේශකයන් නිසි මගපෙන්වීමක් කලේ නැහැ. ගෝඨාගේ පාලනය කාලය .තුල විදේශීය ණය ගත්තේ නැහැ. නැත්නම් ණය ගන්න බැරිවුනා. ඒ තරම් ණය උගුලේ රට හිරවෙලා තිබුනා. අපි ණය උනේ හොරා කෑම නිසයි කියන සංකල්පයට මීදුම එකග නැහැ. හොරා කෑමත් එක් සාධකයක් වුනත් එයම හේතුව නෙමෙයි.
මෙවන් ආර්ථික අර්බුදයකට සිරිමාවෝ මැතිණියගේ 1970 රජය මුහුණ පෑවා. එවකට මුදල් ඇමති ආචාර්ය එන් . එම් පෙරේරා. ඔවුන්ගේ ප්‍රයත්නය වුනේ දේශීය නිෂ්පාදන මත රැදීමට උත්සහා දැරීමයි.
ආහාර හිගයක් ඇතිවුනා. රෙදිපිලි නැතිවුනා. ඖෂධ හිගවුනා එවකට පැවති රජය දේශීය නිෂ්පාදනයට අතහිත දුන්නා. ඒකට මුහුන දුන්න ජනතාව රජයත් සමග අරගලයකට යොමු වුනේ නැහැ. ගොවියෝ වගා කලා. රතුළුණු , මිරිස් සීනි වෙනුවට අතුරු නිෂ්පාදන රට තුල බහුල වුනා.සිමෙන්ති,යකඩ කඩදාසි, පොහොර ,රෙදිපිලි . උපාලි පියට් වැනි වාහන අපේ රටේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. උසස් ප්‍රමිතියෙන් තොරවුනත් බලාපොරොත්තු තැබිය හැකි උසස් තත්වයක් එම නිෂ්පාදන තුල තිබුනා. උතුරේ ගොවීන්ගේ අතමිට සරුවුනා. ඔවුන් සිරිමාවෝ රජයට දැක්වුයේ කැමැත්තක්.
1977 න් පසු JR ගේ ආර්ථික රටාව දේශීය නිෂ්පාදන අඩපන කරමින් වෙළද ආර්ථිකයට රට යොමු කලා. අපේ රට තුල විවිධ ප්‍ර දේශ විවිධ නිෂ්පාදන රටාවකටයි පැවතියේ. ධීවර ජනතාව වෙරළබඩ ජීවත්වු අතර ගොවි ජනතාව රට අභ්‍යන්තරයේ ජීවත් වුවා. මොවුන්ගේ අභිලාශයන් ජීවත්වු ප්‍ර දේශයන් අනුව වෙනස් වුනා .ඔවුන් සංවර්ධණය කලයුත්තේ ඒ අනුව උවත් අද වන විට උඩින් ගෙනවිත් අතහරින ලද සංවර්ධණයක් තමයි කරන්න උත්සහා දරා තියෙන්නේ. එය ව්‍යාප්ත කර ගන්න බැරිව අතරමං වෙලා. අසාර්ථක වෙලා.
ගෝඨාට බොහෝ විරෝධතා ආවා .ඔහුගේ වැඩ පිලිවෙලවල් වලට ජනතා සහෝගය ලැබුනේ නැහැ. මේ 1970 නෙමෙයි ;2022 කාලයට අනුරුපව කාරිය හැඩ ගස්සවා ගත යුතුයැයි හිතුවේ නැහැ.
2023-07-28
වෙනස
2023-07-25
ආචාර්ය ඊ.ඩබ්ලිව් . අදිකාරම් මැතිතුමා.
2023-07-21
මේක මරු රටක්.
මන්ත්‍රියෙක්,
රාජ්‍ය ඇමතියෙක් , ඇමතියෙක් කියන චරිතවලට වටිනා කමක් තියෙන්න ඕනි.
ඒත් සමහරු වැඩ
කරන්නේ - වළං කඩේට පැන්න ගොන්නු වගේ. දන්නවනේ ගොනා කරන දේ.
පසුගිය දාක
පොස්පේට් එකට ගිය ඇමති නාගත්ත නා ගැනිල්ල හවසට වයින් ස්ටෝර්ස් එකක් ලගට ගියාම
නාගන්න හුදී ජනතාව ලගවත් නැහැ.
මේ මනුස්යා “
කචල් මේකර්“ කෙනෙක්ගේ චරිතය රගපෑවානේ
මරුවට.
මට පුදුම අපේ
පාර්ලිමේන්තුව ගැන. ව්‍යවස්ථාදායකය කියන වචනයෙන්ම කියන්නේ නීති අන පනත් දෙන තැන
කියලා. දෙන්න හදන්න එපාය. හදන එකට හුදීජනතාවගෙන් නියෝජිතයෝ පත් කරලා යවලා තියෙනවා. මේ වැඩේට විවිධ වෘත්තිකයො පත්
කරල ඉන්නවා කියලයි කියන්නේ. ඔය නීතිඥයෝ, විවිධ විෂයයන් හදාරපු ආචාර්ය මහාචාර්ය වරු
ව්‍යාපාරිකයෝ ............ව්‍යාපාරිකයෝ කිව්වම විවිධ ක්‍ෂෙත්‍රවල ව්‍යාපාරිකයේ
ඉන්නවා. හොරට මත්පැන් පෙරන , මත්ද්‍රව්‍ය බෙදාහරින , කුලියට මිණීමරන ඒ ගොල්ලත්
දැන් කාලේ හදුන්වන්නේ ව්‍යාපාරිකයෝ කියලනේ.
ඉතින් මේ
ගොල්ලා තමයි අණ පනත් හදලා වාද විවාද කරලා ඡන්දේ දීලා වැඩි ඡන්දෙන් සම්මත කරලා
ගැසට් කරලා නීතිගත කරන්නේ. මේ නිෂ්පාදනය කරන
පැක්ටරියට කියන්නේ පාර්ලිමේන්තුව කියලා.
මේ
පැක්ටරියෙන් ක්‍ෂෙත්‍රචාරකාවකට ගිය රාජ්‍ය ඇමතියෙක් ගේ කතා වස්තුවක් තමයි මේ
වීඩියෝ එකේ තියෙන්නේ ගිහින් බලන්නකෝ.
https://youtu.be/UDxf6ybOuUQ
වළං කඩේට ගිය
ගොනා මොකද කරන්නේ කියලා.
2023-07-17
( අ) සමබර මාධ්‍ය.
දකුනේදී මාලිමාවක්
වුයේ නම් අලි, පොහෝට්ටු ටෙලිපෝනයෙන් පහර කෑමටත් ,
අලියෙක් වුවොත් මාලිමාවෙන්
, ටෙලිපෝනයෙන් පහරකෑමටත්,
පොහොට්ටුවක් වුනොත් මාලිමාවෙන්
සහ ටෙලිපෝනයේ ප්‍රහාරයටත් ,
ටෙලිපෝනයක් වුනොත් මාලිමාවේත්
පොහොට්ටුවේත් අලින්ගෙන් පහරකෑමටත්
කාටවත් නැති එකාට හතර
වටින්ම ප්‍රාහාර එල්ලවීමත් මේ දවසේ දේශපාලන ක්‍රියාකාරකම වී තිබේ.
ඔය කාගෙවත් එළියෙන් බැබලෙන්න
අදහස් නොකරන එකාට හැමෝම පෙනෙන්නේ එකම මල්ලේ ගොරකා ලෙසයි.
උතුරේදී ද ජනතාවත් මේ
අර්බූදයට මුහුණ දෙති. අර මම මුලින් කී ලකුණු පමනක් වෙනස් වී ඇත.
හැම එකාම බලයට මහත්
පොරයක යෙදී සිටිති.
මිත්‍යාව වපුරන්නේය.
බිය ඇති කරන්නේය.ගොඩ වැඩි කරගන්න ඕනෑම අළුගුත්තේරු වැඩක් කතාවක් කීමට පසුබට වන්නේ
නැත.
මේ දිනවල ඇමතියා
තනතුරෙන් යන තුරු රෝහල් වල රෝගීන්
මියයන්නේය. ඇමතියා ගිය පසු මේ අර්බුදය නිමවන්නේ ද?. ඖෂධ යනු හොද ජාවාරමකි.
කුඩු මත්ද්‍රව්‍ය වලට වඩා නීත්‍යානුකූල අලවියක් ඇති ඖෂධ පහලම මට්ටමේ වෛද්‍යවරයාගේ
සිට ඇමතියා දක්වා කොමිස් ආදායම් ලබන ව්‍යාපාරයකි.
විදේශීය ඖෂධ
නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් මෙහෙවන මාෆියාවකි.
සේනක බිබිලේ මැතිතුමන් ජීවිතයෙන් වන්දි ගෙවන ලද්දේ මේ විදේශීය ඖෂධ නිෂ්පාදකයන් සහ
ආනයනකරුවන්ට අලාබදායිවු ඖෂධ ප්‍රතිපත්තියක් බිහිකළ බැවිනි.
ඇමතියාගේ පටන් සියළු
දෙනා ජාවරම් කරුවෝය. සියළු ආනායනකරුවන් සමසේ ජාවාරමට සහභාගීවී නම් රෝගීන් රෝහල්වල
හදිසියේ මිය යන්නේ නැත.
සියල්ලෝම බෙදා ගෙන
කන්නේය.
රෝගියා අසරනව මිය
යන්නේය. මෙවන් ප්‍රසිද්ධියක් නොලැබෙන්නේය.
මෙයත් එවැනි මාධ්‍ය අසාධාරණයක් පිළිබදවු ප්‍රවෘත්තියකි
අසාධාරණය සිදුවුයේ විපක්‍ෂනායකවරයාටයි. අපට නොවේ.
දළදා පෙරහැර පවත්වන
කාලවකවානුවේ වැය වන විදුලියට විදුලි බල
මණ්ඩලය විසින් දියවඩන නිළමේට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර එහි වටිනාකම තැන්පත් කරන
ලෙස ඉල්ලා ඇත.
විපක්‍ෂ නායකයාට අනුව
මෙය ජඩ නින්දිත ක්‍රියාවකි. බෞද්ධ ජනතාවට කරන ලද නිග්‍රහයකි
විදුලි බල මණ්ඩලය
පවසන්නේ හැම වර්ෂයේම මෙසේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවයි.
දියවඩන නිළමේ පවසන්නේ බිල්පත අනුව පෙරහැර අවසන්වු පසු සෑම වර්ෂයකම විදුලි බල
මණ්ඩලයට මුල් ගෙවා ඇති බවයි.මෙවර ඇස්තමේන්තුවක් එවමින් විදුලි බල මණ්ඩලය මුලින් මුදල්
තැන්පත් කරන මෙන් ඉල්ලා ඇති බැවින් පෙරහැරට පෙර මුදල් ගෙවන බවයි.
දළදා මාලිගාව
පොහොසත්ය. විදුලි බල මණ්ඩලය දුප්පත්වි ඇත.
එකම ප්‍රවෘත්ති
විකාශණයේ මේ ප්‍රවෘත්ති තුනම විකාශණය වු විට විපක්‍ෂනායක තුමාගේ ප්‍රකාශයේ හුලං
බැස ගොසිනි.
විචාරශීලි ජනතාව
දේශපාලන කතාබහ තක්සේරු කරමින් සිටී. අතීතය අමතක නොකර වර්ථමානය ගලපයි.එහෙයින් බලයට
බලා සිටින කොයි කවුරුවත් කෙටි මං නොසොයා යායුතුවේ.













.jpg)






