අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, July 08, 2022
කාලය ගලා යන හැටි.

7/08/2022 01:50:00 pm
6

  කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා. යහපතට වගේම අයහපතට.  අපේ දැනුම සහ අවබෝධයේ තරම   කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ...

Read more »
Wednesday, July 06, 2022
සුන්දර විරෝධයක්.

7/06/2022 07:50:00 pm
2

  භාෂාව සුන්දර ලෙසත් ආන්දෝලාත්මක ලෙසත් හසුරුවන ලද අවමංගල නිවේදන දෙකක්   පිළීබදව මට යම්තම් මතකයක් රැදී තිබිණි.   එක් නිවේදනයක් වුයේ ජවිපෙය ...

Read more »
Monday, July 04, 2022
හිගා  කෑම - ඉන්ධන.

7/04/2022 10:31:00 pm

  යකඩ මල්ලට හෙන ගසා ඇත. දැන් පුළුන් හොයා පලක් නැත.ආහාර , ඖෂධ නැත. මිනිසුන් කෙසේ හෝ ජීවත් වෙති. අපේ බඩ පලා කෑවේ මොනවාදැයි බලන්නේ නැත. එහෙත් බ...

Read more »
Friday, July 01, 2022
හාමතේ  අනතුරේ.

7/01/2022 09:28:00 pm

මවක් දරුවන්  දෙදෙනාත් සමග චන්ද්‍රිකා වැවට පනී. දියණිය මිය ගිහින්. වාහනේ පෙරලිලා සිසුන් රෝහලේ කෑම සොයා ගිය පියා සිහිසුන්ව වැටිලා මේ ප්‍...

Read more »
Wednesday, June 29, 2022
මුක්කු හොයන රාජ්‍ය සේවය .

6/29/2022 04:04:00 am
3

රටේ පාලනයක් නැතිවා වගෙයි. ඔහේ පාවෙනවා. නුල කැඩුන සරුංගලයක්  ගානට. අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ හරි අප්‍රබංශයි. වංකගිරියේ ගියා වගේ ඒවා ඒවයේ...

Read more »
Monday, June 27, 2022
ජනාධිපති දෝෂාභියෝගය.

6/27/2022 06:31:00 am
4

මෙයත් දෝෂාභියෝගයක් ද ?. ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ.  ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභි...

Read more »
Sunday, June 26, 2022
#gotagohome  .

6/26/2022 02:36:00 pm
1

  ජනාධිපති වරයාට ගෙදර යන්න කියති.වර්තමානය වන විට ජනාධිපතිවරයා ගෙදර ගියොත් ඔවුන්ගේ පැලන්තියට රැකවරණය සැලසෙන සේ  # gotagohome  අරගලයට විකල...

Read more »
Saturday, June 25, 2022
මීදුම දකින ආර්ථිකය

6/25/2022 07:41:00 pm
3

ජනතාව  යන්නේ  කොයි අතටද  ?. තේරුම් ගත නොහැකි අප්‍රබංසයක්ව තිබේ. රාජපක්ෂ වරුන්ට ඇත්තේ  බරපතල  චෝදනාවකි. ඒහි සත්‍යතාවයක් තිබේ .ඒහෙත් රටක් ආර...

Read more »
Friday, June 24, 2022
ඔබ හට ලෝකය ඉදිකර දී මිස.....

6/24/2022 11:33:00 am

දැතේ කරගැට සිඹ සනසන්නට ලා ගොයමේ දළු පවන්සලයි දහඩිය මුතු කැට මල් වරුසාවේ කරල් බරින් පීදී වැතිරෙයි . අඩ සද මෝරන මැදියම් අහසින් බිළිද...

Read more »
Monday, June 20, 2022