පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, June 29, 2022

මුක්කු හොයන රාජ්‍ය සේවය .




රටේ පාලනයක් නැතිවා වගෙයි. ඔහේ පාවෙනවා. නුල කැඩුන සරුංගලයක්  ගානට.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ හරි අප්‍රබංශයි. වංකගිරියේ ගියා වගේ ඒවා ඒවයේ තියෙන්නේ. මේ ඊයේ පෙරේදා ඉන්ධන නැති නිසා දරුවන්ට නිවාඩු දෙන්න කියල නිකුත් කල චක්‍රලේඛය මහා හෑල්ලක් කියලා පාසල් වහන්නත් එපාළු. පාසල් අරින්නත් එපාළු කියලා වගෙයි මට තේරුනේ.

ඛනිජ තෙල් ඇමතිත් ඒ වගේ  ඒවා මයි ප්‍රකාශ කරන්නේ. දැන් තෙල් නැහැ. ටෝකන් දෙනවා.
එකම කතාවයි තියෙන්නේ ඒක කියලා දාන්න ජනාධිපතියි ,අගමැතියි කම්මැලි පාටයි. “ රටේ විනිමය ආදායම නැහැ .ඒ නිසා ඩොලර් නැහැ.” කියලා කියන්න බයයි. නොකියා කියනවා නැව් එනවා, හරවලා යනවා. තව පරක්කුයි ඔන්න ඔය වගේ කතා.ජනතාව නොමග යවනවා.

විපක්‍ෂය ඊට දෙවෙනි නැහැ. මට දුන්නොත් මාස තුනෙන් ගොඩ දානවා කියලා එක් කෙනෙක් කියන කොට අනෙක් එක්කෙනා අවුරුදු පහකින් සුඛිත මුදිත කරනවා කියලා කියනවා. අන්දරේ හීනටි හාලේ බතුයි කුකුල් මසුයි කාලා ගල උස්සලා කරෙන් තියන්න මම ගෙනිහින් දාන්නම් කියලා කිව්වා වගෙයි.

මේ වෙලාවේ කවුරුත් එකතු වෙලා තම තමන්ගේ හැකියාවන් වලින් රට ගොඩ දාන්න එපාය. ඒත් එහෙම නැහැ. පාර්ලිමේන්තුවෙන් එලියට බැහැලා ජනතාව අවුස්සලා ගෙදර යනවා.
ජනතාවත් නිවී සැනසිල්ලේ හිතන්නේ නැතිව විවිධ දුක්‍ඛ දෝමනස්සයන්ගෙන් ආතතියට පත්වෙනවා.

225+1 කරන්නේ ව්‍යාපාරයක්. ලාබයි ලාබයි කිය කෑ මොර දෙමින් තමන්ගේ ව්‍යාපාරය සරු කරගෙන තමුන්ට ලාබ ගන්න හදනවා මිසක් පාරිභෝගිකයාට ලාබයක් කරන්න අරමුනක් එයාලට නැහැ.

මේ වනවිට දේශපාලනයට එහායින් රාජ්‍ය සේවය ඉහල නිලධාරි වැජඹෙනවා කියලයි මීදුම හිතන්නේ. දේශපාලනයේ හැල හැප්පීම් නිසා මේ ගොල්ල තීන්දු තීරන ගන්නේ නැහැ.මේ නිසා රටම අස්ථාවර වෙලා කියලයි මීදුම දකින්නේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හොදම උදාහරනය. පාසල් වහන්න කියලා ගහපු චක්‍රලේඛය අප්‍රබංශයක් වෙලා තියෙන්නේ මේ අස්ථාවරයේ පිලිබිඹුවක්. 
මෙයාල ඔක්කොම වැඩ කරන්න ඕනි ජනතාවට. ඒත් වෙන වෙන න්‍යය පත්‍රවල ඉන්න මේ අය වැඩ කරන්නේ දේශපාළුවන්ට.

අවිනිශ්චිතතාවය නිසා ගෝඨා යයිද ?අනුර එයිද ? ස ජිත් එයිද?  රනිල් දිගටම ඉදිද ? ඔය වගේ ප්‍රශ්නවල ඉදන් තම තනතුරු වලට මුක්කු හොයනවා මිසක් මේ දවස් වල වෙන වැඩක් නැහැ.    




notes of imaginary

3 comments:

Anonymous said...

මේ නිශ්චිත මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන හැසිරීම පිළිබඳව ලයනල්ගේ කියවීම කෙසේද?

miduma said...

ඔවුන් විවේචන ඉවසන්නේ නැහැ. විවේචන කරන අයට කරුණු පැහැදිලි කිරීම වෙනුවට අසංවර ලෙස බිම දමාගෙනම පහර දීමයි කරන්නේ.එසේ සිදුවියයුතු නැහැ. අනාගතයේ යම් දිනක පාලකයින් බවට පත්වෙන්නේ මේ තරුන තරුනයින්.
ඔවුන් ඔවුන්ගේ ප්‍රධාන ධාරවෙන් ඉවත් වී හෝ වෙනත් මාර්ග වලින් එතනට ලගා වේවි. පාඨලී ,විමල් ,ගම්මන්පිල වැනි අය අතින් කෙරෙන්නේ එවැනි ගමනක්. තවත් මෙවැනි දේශපාලන චරිත තියෙනවා.
එක් එක්කෙනාගේ දේශපාලන කියවීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ජවිපෙ හෝ පෙරටුගාමීන්ට තම මතය තහවුරු කිරීමට සංවර ප්‍රචාරනයක් තිබිය යුතුයි. බලහත්කාරය වැඩිහිටි සමාජය පිලිකෙව් කරනවා. වැඩිහිටි සමාජය ඔවුන්ගෙන් ඈත්වීම සිදුවන්නේ ඒ නිසයි.
වර්තමාන ආර්ථික අර්බූදය හමුවේ ඔවුන් හැසිරෙන බලහත්කාරී ස්වරුපය යහපත් නැහැ කියලයි මම හිතන්නේ. සමාජයට උදව් කරමින් සමාජ අර්බූදයෙන් සමාජය ගලවා ගැනීමේ මෙහෙයුමක ඔවුන් ඉන්නවා නම් මීට වඩා ජනප්‍රිය වේවි.

Anonymous said...

ඔබ මතුකරන අදහස් සමග මා එකග වෙනවාජේවීපී සහ පෙරටුගාමී කාඩර්වරුන් සහ ඔවුනට සහය දක්වන තරුණ ප්‍රජාව හැසිරෙන ප්‍රචණ්ඩ, බලහත්කාරී මානසිකත්වය ඉතාම නරකය. ඔබ වැනි දැන උගත් අය මෙලෙස කතා කරනවා දැකීමත් සතුටක්.

ෆේස්බුක් ඔස්සේ සහ බ්ලොග් අඩවිය ඔස්සේ ඔබගේ අදහස් දිගටම ලියන්න. රටට කරන සේවයක් එය. ඔබ වැනි අයගේ මතවාද ඉතා වටිනවා මේ මොහොතේ.

කිසිම විටක වෛරී සහගත වන්නට එපා. ඔබව ප්‍රකෝප කාරී කරන්නට උතසහ දරන අරගල කරුවන් සමගද පැටලීමෙන් ඔබට වෙන්නේ නිදහසේ හිතන්නට ඇති කාලය නිකරුනේ වැය වීම. එය අවැඩක් ඔබ‍ට.

දිගටම ලියන්න.