Monday, June 27, 2022

ජනාධිපති දෝෂාභියෝගය.



මෙයත් දෝෂාභියෝගයක් ද ?.


ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ.  ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කර එය සම්මත කල යුතුවේ. එම දුෂ්කර කටයුත්ත පහත දැක්වෙන ක්‍රියා මාර්ගයෙන් සම්පූර්න කරගත යුතුවේ.

 ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කිරීමට පහත සදහන් චෝදනාවලින් එකක් හෝ කිහිපයක් පැවතිය යුතුය.

1.     මානසික හෝ ශාරීරික ආබාධයකින් පෙලීම

2.     චරිත දූෂණය

3.     අල්ලස් හෝ දූෂණ

4.     රාජ්‍ය ද්‍රෝහිත්වය

5.     චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම

 ***ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු විසින් කථානායකවරයාට ඉදිරිපත් කල යුතුය.  මෙම පෙත්සම  උක්ත චෝදනා වලින් එකක් හෝ කිහිපයක් සහිත විය යුතුය.  . එම පෙත්සම ශ්‍රේෂඨාධිකරනයෙන් පරීක්‍ෂා කර බලා වාර්තාවක් ලබා දෙන මෙන්ද  ඉල්ලා සිටිය යුතුය.

එවැනි චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.

 ***පාර්ලිමේන්තුවේ ½ ක් සම්මත කල යෝජනාවක් කතානායකවරයාට බාරදිය හැකිවුවත් එය බාර තැනීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීමේ අභිමතය කතානායකවරයා සතුය.

2/3 ක් සම්මත කල යෝජනාවක් කථානායක වරයාට ප්‍රතික්‍ෂෙප කල නොහැකි අතර එය පාර්ලිමේනතුව තුල නැවත සම්මත කිරීමට හා සාකච්ඡා කිරීමට න්‍යය පත්‍රයට ඇතුලත් කලයුතුය.

 ****ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත්වු සැනින්  කථානායකවරයා විසන් ජනාධිපතිවරයාට ඒ බව දැනුම් දිය යුතුය. එවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඔහුට අහිමි වන්නේය.

 *****කථානායක වරයා චෝදනා පත්‍රය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොපැමිණි පාරලිමේන්තු මන්ත්‍රීවරුනද ඇතුළුව 2/3 විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

 *****එසේ සම්මත කරන ලද චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ඉදිරිපත් කළ යුතුවන්නේය. ශ්‍රේෂ්ඨාධිකරනයවිසින් පරීක්‍ෂණයක් පවත්වා ස්වකීය තීරණය හා ඊට අදාල හේතු දැක්විය යුතු අතර මෙම පරීක්‍ෂණයේදී තම නිර්දෝෂිත්‍වය දැක්වීමට නීතිඥයෙකු මගින් කරුනු දැක්වීමට චුදිත ජනාධිපතිවරයාට හැකියාව ඇත.

 *****ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනා වලට ඔහු වැරදි කරු බව ශ්‍රේෂ්ඨාධිකරනය දන්වා ඇත්නම් එම වාර්තාව නොපැමිණි පාරලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව 2/3 විශේෂ බහුතරයකින් සම්මතවු විට ජනාධිපතිවරයාට තම තනතුර අහිමි වන්නේය.

 *****ජනාධීපති ධුරය පුරප්පාඩු වු පසුවැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ අගමැතිවරයාය.එම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබේ.

අගමැතිවරයා නොමැති නම් කතානායක වරයාද, ඔහුත් නොමැති නම් අග්‍රවිනිශ්චයකාරවරයාට ද වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කල හැක.

 

 

notes of imaginary

4 comments:

Anonymous said...

ජවිපෙ රට බේරාගැනීමේ මහා බුද්ධිය දැක්වෙන ප්‍රකාශ කීපයක් මට මතක් වෙනවා. ඒ කීපයට අමතරව ඔබට මතක්වෙන ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.
''අයිඑම්එෆ් යන්න ඕන නෑ followed by ගියාට වැඩක් නෑ''
''කියුබාවෙ මිනිස්සු පෝලිමේ ඉන්නවා සතුටෙන්'
'ඔය නායකත්වයක් නැති අරගලවලට අපි එන්නෙ නෑ'
'ගෝල්ෆේස් එකේ ඉන්නෙ හුළං වදින්න ආපු කට්ටිය'
''හොරකම් කරපු සල්ලි අරන් රට ගොඩගන්නවා' (එහෙම සල්ලි ගන්න අවුරුදු 20කට එහා යනබව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියනවා)
"පිටරට ඉන්න අයගෙන් ඩොලර් 500ගානෙ එකතු කරලා ආර්තිකය ගොඩගන්නවා"
'වවන්න කලින් පෙරලන්න' followed by සමූහ ගොවිපොල
'ධම්මික පෙරේරා කියන්නෙ හොඳට ඉදුනු අඹයක්. අනිත්වා කුණු අඹ'

Anonymous said...

මිනිස්සු දුප්පත්කමට හුරුවෙන ‍එක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි දුප්පත්කම පෝසත්කමක් විදිහට විඳින්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. හරියට අපි කාලෙකට පස්සෙ ගමක ගිහින් වැවේ නාලා වැව්මාළු ටිකක් එකක් කැකුළු බතක් කනවා වගේ. කැලේ ගිහින් කූඩාරම් ගහගෙන ඉන්නවා වගේ.

මං මේ කියන්න යන කතාව බහුතරයකට අදාල වෙන කතාවක් නෙමෙයි. 1%ක් විතර පිරිසකට අදාල වෙන්න පුළුවන් කතාවක්. ඒක හින්ද අනිත් 99% අර සීයට එකේ අයිතියට ඉඩදෙනවා තමයි හොඳ.

මං දැන් සති කීපයක ඉඳන් වාහනේට තෙල් ගහන්න උනන්දු වෙන්නෙ නෑ. පෝලිම් ජීවිතේ කොහෙත්ම විඳින්නෙ නෑ කියල මං හිතාගත්ත. ඒ වගේම බස් එකේ යන එකත් කරන්න කැමති වැඩක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න මගේ ඔලුවෙ දාගන්න මං අකමැති හින්ද. ගොඩක් වෙලාවට ෆේස්බුක් කමෙන්ට් කියවන්නෙ නැත්තෙත් ඒකයි. මං කැමතියි පර්සනල් ස්පේස් එකට. එහෙනං කොහොමද ගමනක් බිමනක් යන්නෙ?

බයිසිකලයක් ගන්න හිතුවත් බයිසිකල්වලට ඇවිත් තියෙන අසාමාන්‍ය ඉල්ලුම එක්ක ඒ ගන්න අදහස අතෑරියා. මං තීරණය කළා පයින්ම මගේ ගමන් බිමන් යන්න. මේක 08-05 රස්සාව කරන, දුරබැහැර ජීවත්වෙන අයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

නුගේගොඩ ඉඳන් තිඹිරිගස්යායෙ ඔෆිස් එකට උදේට පයින් යනවා. හවස අව්ව බැහැලා ගියාට පස්සෙ ආපහු ඇවිදගෙන ගෙදර එනවා. කොළඹ පාරවල් ඇවිදින්න ලස්සනයි. වාහනේටම හුරුවෙලා හිටපු නිසා මේ ඇවිදීමේ සෞන්දර්ය ගොඩක් කල් මට මිස් වෙලා තිබුන එකක්.
ඉස්සර සත්‍යජිත් මාඉටිපෙයි මමයි කොළඹ ඉඳන් මහරගමට කයියක් ගහගෙන පයින් එනවා. මං මහරගමින් නැවතුනාම සත්‍යා මත්තෙගොඩටම පයින් යනවා. වෙනස තියෙන්නෙ ඒ පයින් යාම අනිවාර්යයක් නෙමෙයි තෝරාගැනීමක්. එහෙම වුනාම පයින් යන එක ආතල්.

නදීෂ් තමයි මේකෙ තියරිය හරියටම කිව්වෙ.

'අයියෙ, මට මේ සල්ලි නැති හින්ද, බස් නැති හින්ද පයින් යනවා කියල හිතුවොත් මළපැනලා, දාඩිය දාලා චොර වෙලා තමයි යන්න වෙන්නෙ. හිතන්න ඕන මං මගේ ආතල් එකට පයින් යනවා කියල'

මං කොහොමත් පයින් යන්න ආසයි. වාහනේක හිරවෙලා ඉඳලා පයින් යන්න ගත්තට පස්සෙ ඒකෙ සොමිය තවත් වැඩියි. කොළඹ ළග හින්ද ඕන වැඩකට පැයකට කලින් එලියට බැස්සම ඇති. මද්දහන කාලෙ අතාරින්න ඕන. හෙඩ්ෆෝන් ගහගෙන කැමති සිංදුවක් දාගත්තම මුලු පරිසරයම වෙනම එකක් වෙනවා. බස්වල යද්දි වගේ අනුන්ගෙ කතන්දරයි, සිංදුයි, රන්ඩුයි නැති හින්ද නිදහස උපරිමයි. ඇත්තටම වෙනදට වඩා දවසෙ හරි කොලිටියක් මානසිකව දැනෙන්න ගත්ත.

‍ලංකාවෙ බෝනොවන රෝග ඒ කියන්නෙ දියවැඩියාව, රුධිර පීඩනය, ස්ථුලතාවය වගේ ඒවා සෑහෙන ප්‍රමාණයකින් ඉහල යනවා කියලයි ගනං බලලා තිබුනෙ. පයින් ගියත් නැතත්, මේ අමාරු කාලෙ පහුකරද්දි කාට වුනත් සෑහෙන තරමක නිරෝගී ගතියක් නම් ලැබෙයි. තෙල් අඩුවෙලා, ඇඟවල් බැහැලා, හැඩවෙලා එද්දි බලන්න පුළුවන් 😃

Anonymous said...

"උඹ කීයක් බදු ගෙවනවද?"

මට ඒකට උත්තර නෑ. අප්පච්චි දෙන එකක් කාලා කැම්පස් එකේ සිගරට් බිබි ඉන්න එකෙක් මන් එතකොට. එච්චරයි.

ඌ මගෙ මාමගෙ පුතා. පොඩිම එකා. ලොකු අයියා උපාධිධාරී ලොක්කෙක්. නැන්දගේ පෙන්ශන් එකෙන් බාගයක් ගන්නෙ ඌ. ලොකු අක්කා බණ්ඩාරවෙලට බැන්දෙ. ඒකිට පොලිසියෙ ලොක්කොත් සැලියුට් ගහනවා. එච්චරකට ලොකු ජොබ් එකක් ඒක.උපාධිදාරිනියක් ඒකිත්. නැන්දගෙ පෙන්ශන් එකේ ඉතුරු බාගෙ ගන්නෙ ඒකි.මූ කරෙ ඒලෙවල් විතරයි. පස්සෙ ඌ උගෙ වැඩක් පටන් ගත්තා. ඒ ඌ දන්න දේ.

ඌ මගෙන් මෙහෙම අහන්නෙ උට අමුද්‍රව්‍ය සපයන එකෙක් හම්බ වෙන්ඩ කම්ම්මැලිකමට මාවත් උගෙ වාහනේ දාගෙන යන ගමන් රටේ ප්‍රශ්ණ ගැන අපි අතරෙ වෙච්ච සංවාදයක මැද හරියෙදි.එතකොටත් මම කැම්පස් පොර ටෝක් ටික සේරම දීලා.

පජාතයි.මට උගෙ ප්‍රශ්ණෙට උත්තර නෑ. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඌ හම්බකරන 100ට 15ක් බදු ගෙවනවා. හම්බකරන්ඩ මහන්සි වෙනවා. උගෙ යටතෙ ඒ වෙනකොට හත් දෙනෙක් වැඩ කරනවා.උට වාහන දෙකක් තියෙනවා.තට්ටු තුනකට ගෙයක් ඌ හදලා.හෙඩ් බාස් ඌ. ඒ ගේ පට්ට.ඌ කොම්පැණිය ලොකු කරන්ඩ කියලා තට්ටු හතරක බිල්ඩින් එකක් හදන්ඩ කණු දාන්ඩ පටන් අරන්.හෙඩ් බාස් ඌ.

මම උදේට එකයි හවසට එකයි සිගරට් එකක් බිබී කැම්පස් එකට යනවා එනව.එක්කො අප්පච්චිගෙ සල්ලි වලින්.නැත්තන් යාලුවෙක්ගෙ සල්ලි වලින්.එහෙම නැත්තන් බැච් එකේ කෙල්ලෙගෙන් ඉල්ලගත්ත සල්ලි වලින්.

" මට 850ක් ඕනෙනම් මම දාහක් හම්බකරන්ඩ ඕනෙ"

"බදු වැඩි කරොත් උබට බඩේ පාර නේද? අන්න එදාට උඹට දැනෙයි මේ තියෙන ප්‍රශ්ණෙ.බදු 30% ක් කරොත් උඹ කොහොමද හම්බකරන දාහෙන් 850 හොයාගන්නෙ"
මම ලෑස්ති නෑ ඒලෙවල් කරපු එකෙක් ඉස්සරහා මගෙ කැම්පස් පොරත්වෙ බාල්දු කරන්ඩ.

"එහෙම වුණොත් මන් දෙදාහක් හොයනවා.මට තව පැයක් කලින් ඇහැරෙන්ඩ වෙයි.දවසට දෙපාරක් කටුනායකට යන මේ ගමන හතරපාරක් යන්ඩ වෙයි.මම යනවා.මට 850ට 1400ක් හෙව්වැහැකි එදාට"

"උඹට පිස්සු.නවත්තපන් සිගරට් එකක් බොමු"
"ලයිටරයක් තියෙයිද?"

උඩ සාක්කුවෙන් මන් ගත්තෙ ගෝල්ඩ්ලීෆ් දෙකක්.අප්පච්චි මෙහෙ එන්ඩ දුන්න සල්ලි වලින් ගත්තෙ.ඒ දෙක ආයේ දාගෙන උගෙ ඩන්හිල් පෙට්ටියෙන් එකක් මට ගන්ඩ වුණා.ඌ ගෝල්ඩ්ලීෆ් බොන්නෙ නෑ.අපි වෙසක් කූඩු හදන්ඩ කැම්පස් එකට ගිහින් සල්ලි නැතුව දවසක් බීඩිත් බිව්වා.ඔව්වා මුට කියලා මගෙ පොරත්වෙට හානි කරගන්ඩ මට ඕනෙ නෑ.

"ඩන්හිල් එකේ කූල් එක මට සෙට් නෑ බන්,අවුලක් නෑ බොමු"
අපි ගෙදර එද්දි එකොලහට විතර ඇති.මන් මහන්සියට නිදාගත්තා. උට තව වැඩ තිබ්බා.පහුවදා ඌ මට කලින් ඇහැරලත් තිබ්බා.

------------------------------------------------------------------------------
අවුරුදු පහකට පස්සෙ මම උට මගෙ කසාදෙට එන්ඩ කිව්වා.ඌ අවා. ඒක ලොකු වාහනයක්.උගෙ යටතෙ දැන් අසූගාණක් වැඩ. මගෙත් එක්ක හතරක් වගේ වැඩ.

ඌ මට එදා උගන්නපු පාඩම නොවෙන්ඩ ඒ හතරත් මට නෑ. මුට්ට කරගහන එකෙක් එක්ක කතාකර කර,ශෝටක් ගහගෙන,පීපල්ස් පාක් එකේ ඉඳන් කොටුවෙ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට බඩු උර දෙකක් කරගහන් එන්ඩ ගටක් ඌ මට දුන්නා.ඒක නොවෙන්ඩ උට කියලා කසාද බඳින්ඩ මට හම්බෙන්නෙ නෑ.

ඌ එදා මට විශ් කරලා ගියා.මට කතකරන්ඩ උනෙත් නෑ හරියට.පහුවදා ඌ මට කෝල් කරා.

"උඹ බදු කීයක් ගෙවනවද?"

"මම තුන්දාහක් හම්බකරන්ඩ හිතුවෙ බන්"

"ජය වේවා"

"ජය වේවා"

කෝල් එක ඉවරයි.

----------------------------------------------------------------------
උබේ එකාට ඉස්කුරුප්පු නියන,හයේ යතුර ආතල්නම් උට එක එක වර්ගෙන් ඉස්කුරුප්පු නියන් ගෙනත් දියන්.එක එක අංක තියෙන යතුරු ගෙනත් දියන්.ගලවලා බලන්ඩ කියපන්.
"මොන්ටිසෝරියෙදිම දොස්තර නලාව බෙල්ලට දාලා රවට්ටන්ඩ එපා."

උබේ එකාට ගිටාර් එක ආතල්නම් උට චූටි ගිටාර් එකක් ගෙනත් දියන්.සිස්සත්වෙට පන්ති හොයනගමන් ගිටාර් එක අත්ගාන්ඩ වෙලාවක් ඉතුරු කරපන්.

"ගිටාර් ගහන ඉන්ජිනේරුවොත් ඉන්නවා."

උබේ එකාට මේසන් හැන්ද ආතල්නම් F 10 ක් ආවට පස්සෙ දෙවනි පාර ඕලෙවල් කරපිය කියනවට වඩා මේසන් හැන්ද හරියට අල්ලගන්ඩ උදව්කරන තැනකට යවපන්.මේසන් හැන්දට සිමෙන්ති ගන්න එක වෙනම කලාවක්.ඒක හැමෝටම කරන්ඩ බෑ.

"ලඹේ තිබ්බට කෙලින් වෙන්නෙ හරි අඩුවෙන්."

මේක නරක නෑ.හැබැයි මේක ලස්සනම හොඳම එක කියලා ඒ පුංචි එකා රවට්ටන්ඩ එපා.මේකෙ ඉන්ඩ උදව් කරපන්.බැරිම වුණොත් දාලා යන්ඩ විදියක් හදපන්.මොකද මේක ලස්සනම හොඳම එක කියලා අපි රැවටුනා වෙන්ඩත් පුළුවන්.

miduma said...

මම මූනු පොතේ හක්කලන් ගැහුවට මේ වගේ සංවාද වලට ඇහුම් කන් දෙන්න ලැබුනේ නැහැ. ලොකු ලොකු බුද්ධිමත් පොරවල් ද්වේෂය ,වෛරය වපුරනවා. තර්ජනය කරනවා දකින මට මගේ අදහස් පලකරන්න බයෙන් හිටියේ. මම බොහෝම දවස්වල පුංචි පලකිරීම් කරලා මගේ නිදහස් අදහස් ගලා යන්න තියෙන අවකාශයට ඉඩ හරින්න කියලා ආයාචනා කලා. එුත් සාර්ථක වුනේ නැහැ. " සීයා සීයගේ වැඩක් බලා ගෙන ඉන්න " කියලා දවසක් නන්නාදුනන මුණු පොතේ මුනුපුරෙක් අවවාද කලා ඒක තමයි අඩු ලන්සුවකින් ලැබුන අවවාදය. සංවාද ඇතිවිය යුතුයි. ඒ තුලින් මානසිකසංවර්ධනයමෙන්ම රටේ සංවර්ධනයත් බිහිවෙයි.

 

මීදුම Published @ 2014 by Ipietoon