පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, June 26, 2022

#gotagohome .



 


ජනාධිපති වරයාට ගෙදර යන්න කියති.වර්තමානය වන විට ජනාධිපතිවරයා ගෙදර ගියොත් ඔවුන්ගේ පැලන්තියට රැකවරණය සැලසෙන සේ  #gotagohome  අරගලයට විකල්ප බලවේගය සූදානමක් ඇති කරගෙන තිබේ. රනිල් අගමැතිය. ධම්මික පෙරේරා කැබිනට් මණ්ඩලයට පැමිණ තිබේ. ඔහුට අගමැතිවී රනිල්ට ජනාධිපතිවරයාද විය හැක. පොහොට්ටුවට හිමි බහුතරයක් පාර්ලිමේන්තුවේ සිටි. තම පැවත්ම උදෙසා තව කී දෙනෙක් මේ බලවේගයට එක්වේදැයි නිශ්චය නැත.

තමන් ගේ අනාගත පැවැත්ම උදෙසා ටෙලිපෝනයත්,මාලිමාවත් රජයට එරෙහිව විශාල අරගලයක් මුදා හරිමින් සිටී.එම අරගලයන්හී අරමුණ අනාගතයේ බලය අත්කරගැනීමේ තේමාව කර ගත්තකි.

අප සුවිශාල අර්බුදයක ගිලී සිටින්නෙමු.

වටුවන් රෑන මෙන් එකාවන්ව දැල ඔසවාගෙන යනවා වෙනුවට තම පෞද්ගලික අභිමාර්ථයන් උදෙසා බෙදී මොර දෙමින් රටම විනාශයට රැගෙන යමින් සිටි. බලය නැතිව රටට සේවය කළ නොහැකිද ?. මොවුන් ජනතාවට ආදරේ ද ?. මීදුම සිතයි.

 ජේ.ආර් ජයවර්ධනයානෝ 1978 ව්‍යවස්ථාව බිහිකරන විට දේශපාලන අස්ථාවර තත්වය තුල පාලනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය වැඩ කඩොළු ඇති කර ගත්තේය. පාර්ලිමේන්තුව තුල දේශපාලන පක්‍ෂ ස්ථාවරව  තබා ගැණීමට අතුරු මැතිවරණ නැති කලේය. පක්‍ෂ මාරු කිරීම නිසා ඇති විය හැකි අස්ථාවරය නැති කර ගැණීමට පක්‍ෂ මාරු කලහොත් මන්ත්‍රී ධුරය අහිමි වන ප්‍රතිපාදන ඇති කලේය. පාලනයට සම්බන්‍ධ වන විට පක්‍ෂ මාරු වීමට ඉඩ ලබා දුන්නේය.

ජනාධිපති වරයාට ඉවත් වන ලෙස බල කරමින් සිටින පිරිස් ව්‍යවස්ථාව පිලිබදව සැලකිල්ලට ගෙන ඇත්දැයි මීදුම නොදනී. ව්‍යවස්ථාව අක්‍රීය කර හෝ අක්‍රීය වී ව්‍යවස්ථාවට පිටතින් පාලනයක් බිහිවුවහොත් සිදුවන්නේ කුමන තත්වයක්දැයි සිතීමට මීදුම බිය වෙයි. මෙම ආර්ථික අර්බූදය නොතිබුනේ නම් එවැනි සුරක්‍ෂිතභාවයක් හිමි නොවනු ඇතැයි මීදුම සිතයි.

 ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ.  ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කර එය සම්මත කල යුතුවේ.

 එය ලෙහෙසි පහසු මාවතක ගමන් ගන්නා ක්‍රියා පිලිවෙතක් ලෙස හදුන්වා දිය නොහැකිය. මිලග වියමන යොමු වන්නේ ඒ අපහසු මග හදුන්වා දීමටයි.


notes of imaginary

1 comment:

Anonymous said...

පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි


ලංකාව දැනට කරගත යුතුව තියෙන්නෙ මේ ටික:

1. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනැ.
2. IMF එක්ක වැඩසටහනකට යන්න ඕනැ
3.. රාජ්‍ය මූල්‍ය විනය ඇතිකරගන්න ඕනැ. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කරන්න ඕනැ.
4. ආර්ථික ක්‍රියාකාරකම් බාධාවකින් තොරව ඉදිරියට යන්න ඕනැ.
5. අපනයන ආදායම්, ප්‍රේෂණ, සංචාරක ආදායම වැඩි කරගන්න ඕනැ.
(ඔය ටික සඳහා රටේ කලබලවලින්, ත්‍රස්තවාදයෙන් තොර පරිසරයක් තියෙන්න ඕනැ)
6. හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරගෙන, රට සාමාන්‍ය තත්වයට පත්වුණාට පස්සෙ මැතිවරණ පවත්වන්න ඕනැ.
7. එතකල් දැනට තියෙන ආණ්ඩුවට කරගෙන යන දේ කරන්න දෙන්න. ඒවා නොකර ගොඩ යන්නත් බැහැ. ඒවා කරලා ජනප්‍රිය වෙන්නත් බැහැ.
8. තියෙන ආණ්ඩුව හොඳ මදි නම් වඩා හොඳ එකක් හදගන්න පාර්ලිමේන්තුව හරහා උත්සාහ කරන්න. ඒකට කවුරුහරි නායකත්වය අරගෙන සහයෝගය සංවිධානය කරගන්න.
9. පාරට බැස්සයි කියල මේ මොකවත් වෙන්නෙ නැහැ. පාරට බැස්සට ආණ්ඩු පෙරළන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් බල හුවමාරුවක් වෙන්න ඕනැ. එහෙම හුවමාරුවක් වුණත් දැනට තියෙන පාර්ලිමේන්තුවෙන් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සජිත් ජනාධිපති කරන්න තරම්වත් වෙනසක් කරගන්න බැහැ.
10. ඒ නිසා බොරුවට ශක්තිය අපතේ යවන්න එපා. හැකි ඉක්මනින් ඡන්දයක් තියන්න සහාය දෙන්න.
මේක පිළිගන්නෙ නැතිනම් කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවි⁣පෙ, 43 හරහා ජවිපෙ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන⁣ දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න.