Saturday, June 25, 2022

මීදුම දකින ආර්ථිකය




ජනතාව  යන්නේ  කොයි අතටද  ?. තේරුම් ගත නොහැකි අප්‍රබංසයක්ව තිබේ.

රාජපක්ෂ වරුන්ට ඇත්තේ  බරපතල  චෝදනාවකි. ඒහි සත්‍යතාවයක් තිබේ .ඒහෙත් රටක් ආර්ථික අගාධයකට තල්ලු කිරීමට තරම් සොරාකෑ බවක් පැවසීම තාර්කික කරුනක් නොවේ. “මීදුම” බයියෙකු රාජපක‍්ෂවාදියෙකු ලෙස අවමන් විදීමට මේ නිගමනය   හොදටම ප්‍රමානවත්ය.

 

මේ  ආර්ථික අවපාතය පිලිබදව පලමු රතු ඒලිය දක්වන්නේ  ආචාර්ය ඒන්.ඒම්.පෙර්රා මුදල් අමාත්‍යවරයාව සිටි සිරිමාවේ  බණ්ඩාරනායක රජය සමයේ  යයි මීදුමට හිතයි.

ඒවකට රටතුල සීමා ඇති කරමින් සහල් ,සීනි ,මිරිස් සහ රෙදි පිලි වැනි වෙනත් දේශීයව  නිෂ්පාදන කල හැකි අහාර ද්‍රව්‍ය ආනයනය නතර කිරීමට හා සීමිත ආනයනට නීතී පනවමින් ඒම ද්‍රව්‍ය සලාක ක්‍රමයට බෙදා හැරීමට කටයුතු කල බව අපට මතකය.

ඒයත් පෝලිම් යුගයක් විය.

ඒම තහංචිත් සමග රට පුරා වගා කටයුතු පුළුල් කල අතර රාජ්‍ය යාන්ත්‍රණය විසින් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ද ඇති කල බව මීදුමට සිහිපත් වන්නකි..

ඒකලද  මෙකල මෙන් මාධ්‍ය දෙපිලක සිටිමින් රජය විවේචන කල අතර “දවස’ වැනි පුවත් පත් මඤ්ඤොක්කා ආහාරයට ගැනීම නිසා , මඤ්ඤොක්කා විසව ජනතාව මිය යන පුවත් නිතර පල කල බව මීදුමට මතකය. ඒ නිසාම දවස මාධ්‍ය ආයාතනය වසා දැමීමට රජය කටයුතු කල බව සිහිපත් වන්නේය.

මෙම අවධියේ සීනී නිෂ්පාදනය සදහා පුළුල් ලෙස  උක් වගා කිරීමේ ව්‍යාපාරයක් ඇරඹි අතර හල්දුම්මුල්ල , කොස්ලන්ද , වැල්ලවාය ආශ්‍රිතවද විශාල බිම් ප්‍රමානයක උක් වගා කලේය. එකල සීනි වලට ආදේශකයක් ලෙස උක් හකුරු නිෂ්පාදනය විය.

 

ආහාර හිගය තේමා කරමින් 1977 මැතිවරණය පැවතුවුන අතර ඇට අටක් සහන මිලට දෙන ප්‍රතිඥාව සමගින් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමන්ගේ “ධාරමිෂ්ඨ සමාජය”බිහිවිය. ආර්ථිකය සම්පූර්ණයෙන්ම වාගේ විවෘත විය. දේශිය කර්මාන්ත වැසී ගියේය. ඉදිකට්ටේ සියළු බඩු භාණ්ඩ ආනයනය කිරීම සිදුවිය. ආනයනය සහ අපනයනය අතර පරතෙරයක් ඇති වීම ඇරඹීය.

 

ඒ අතර නිෂ්පාදන ආර්ථිකය වියකෙමින් සේවා ආර්ථිකයක පිහිට පැතීම ඇරඹීය.

1971 කැරුල්ල , 1989 ජවිපෙ පිබිදීම , උතුරේ යුද්ධයත් අපේ ආර්ථිකය පසු බෑමට හේතු සාධක විය. ජේ. ආර්ගේත් ප්‍රේමදාස යුග වලින් පසුව ඇතිවු වර්ජන ද අපේ ආර්ථිකය අඩපන කිරීමට හේතු සාධක විය.

ණය ආධාර මත සිදු කල මහවැලි ව්‍යාපාර වැනි ව්‍යාපාරයන් ආයෝජනයන් වු අතර නිසි කළමනාකරණයකින් ඇගයීමකින් තොරව ඉදිකල අධිවේගී මාර්ග හම්බන්තොට වරාය හම්බන්තොට නවීකරණය , නෙළුම් කුළුන වැනි ව්‍යාපෘති අපේ ණය බර වැඩි කලේය.

 

රට වෙළද ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමින් වැසියන් නඩත්තු කරමින් ණය ගැණිමත් ,ණය ගෙවීමත් කරමින් ආදයමකින් තොරව ස්ථාවර වියදම් සදහා ආයෝජනය කරමින් ණය මතින් වැසියන් ජීවත් කිරීමට ගත් උත්සහායේ අවසාන ප්‍රතිපලය වෙතට දැන් අප පා තබා ඇත.

 

මෙයට අඩු වැඩි වශයෙන් වගකිව යුත්තෝ පසු කාලයේ රට කරවු සියළු දේශපාලනඥයෝය. දේශපාලනඥයන් විසින් නිසි කළමනාකරණයකින් නිසි දිශානතියකට ජනතාව යොමු කලේ නම් මේ ව්‍යාසනය සිදු වන්නේ නැත.

අද වුවත් ජනතාවට අවබෝධයක් ලබා දීමට කටයුතු කරන්නේ නැතිව බලාපොරොත්තු ඇති කරමින් සිටිනවා මිස වෙනත් දෙයක් කරන්නේ නැත.

 

ආහාර අර්බූදය දරා ගත නොහැක.

 


notes of imaginary

3 comments:

Anonymous said...

ඔබ සටහන් කරන අදහස් ඉතාම වැදගත්. මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ස්භාවය ගැන යථාර්ථය මෙම ලිපියෙන් නිරුපනය වනවා. එනමුත් බොහෝ දෙනෙක් සගවන්නේ මෙයයි. සගවන සත්‍යය මෙයයි. මෙම ලිපිය නිසා ඔබට ඉදිරියේදී තර්ජන ඇතිවීමට පවා පුළුවන්, මන්ද ඔවුන් සත්‍ය එලිකරනවාට අකමැති නිසා. මෙහි තවත් ඉදිරි ලිපි මාලාවක් සටහන් වන්නේ නම් මා ඔබට කරුතක්ඥත වෙනවා.

Anonymous said...

මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල් වූවෙක්. සෑහෙන පිරිසකගෙ කතාබහට ලක්වුනු මැච් එකට කහපාට ඇඳීමේ කැම්පේන් එකට මං කැමති ඒක සතුටේ නිෂ්පාදනයක් නිසයි.

ලංකාවෙ පොදු මානසිකත්වය අසතුටට බරයි. දුකම උත්කර්ෂයට නංවනසුලුයි. ජනප්‍රිය බුද්දාගම හරහා ආපු මේ නොසතුටෙහි ලැගීම වාමාංශික පක්ෂ විසින් කරට ගත්ත දේශපාලනයයි. ඒක නිසා සතුටේ නිෂ්පාදනයක් සිද්ද වෙන ඕනම තැනකට වම විරුද්ද වෙනවා. ලංකාවෙ වම ආගම වගේම සෙක්ස් සහ මත්ද්‍රව්‍යවලටත් විරුද්දයි. මොකද ඒවා සතුටේ නිෂ්පාදන නිසා.

මේ කැම්පේන් එක දිලිත්ගෙ එකක් කියල කියනවා. ඒක වෙන්න පුළුවන්. දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්. ඒ කැම්පේන් එක කොයිතරම් සාර්තක වුනාද කිව්වොත් ඒක සාර්තක කරන්න වැඩියෙන්ම මැදිහත් වුනේ ඒකට විරුද්ද පාර්ශ්වමයි. කොටින්ම තාම ඒකට බනිනවා. ඒ කියන්නෙ කාලා ඉන්න බැරි තරමට සාර්තකයි. දිලිත් කීපවතාවක්ම මාත් පිලිගන්න කතාවක් මේ අර්බුදය ගැන කියමින් හිටියා. ඒ තමයි පොසිටිව් මානසිකත්වයක් හදන්න ඕන කියන එක. සතුට නිර්මාණය කරන්න ඕන කියන එක. ආර්තික විද්‍යාව ගැන දන්න ඕන කෙනෙක් මේ කාරණය පිලිගන්නවා. අර්බුදයකින් ගොඩඑන්න නම් වැදගත්ම දේ වෙන්නෙ සමාජ අපේක්ෂාව ධනාත්මක දිශාවකට හරවන එක. අන්තිමට ආර්තිකය තීරණය කරන්නෙ සමාජයේ මානසිකත්වය විසින්. වැටෙනවා කියල විශ්වාස කරනවා නම් වැටෙනවා. නැගිටිනවා කියල විශ්වාස කරනවා නම් නැගිටිනවා. කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්. මේ වගේ කැම්පේන් තව තැන්තැන්වල වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

මේ කැම්පේන් එකේ වඩාත් සාර්තක කාරණයක් වුනේ ඒක අන්තර්ජාතික සබඳතාවයක්, විවෘතභාවයක් සහිතව ක්‍රියාත්මක වුන එක. ඒක නිකං අපේ ජාතිය උඩදානවා වගේ කොටුවුනු දුප්පත් කැම්පේන් එකක් නෙමෙයි. අපිට සපෝර්ට් එකක් දීම වෙනුවෙන් වෙනත් ජාතියකට සුබපතන පොහොසත් කැම්පේන් එකක්.

ඕනම සමාජයක පවතිනවා එනර්ජි එක්සස් නැත්තං ශක්ති අතිරික්තය කියල කාරණයක්. මේ ගැන ජෝර්ජ් බටායි විස්තර කරනවා. මේ අතිරික්තය ආර්තිකය කියල අපි හඳුන්වන සීමාවට වඩා විශාල වපසරියක ක්‍රියාත්මක වෙන එකක්. ආර්තිකය නැවතුනා කියල අතිරික්තය නවතින්නෙ නෑ. බටායි කියන්නෙ මේ ශක්තිය යම් ආකාරයකින් නාස්ති වීම අනිවාර්යයක් කියල. මේක වැය කරන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන එක තමයි නැවත නිෂ්පාදනයට යොමු කරන එක. ඒ කියන්නෙ තව තව නිෂ්පාදන සමාජයට ගේන එක. මේක තමයි පාරිභෝජනවාදය කියන්නෙ. අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න. අනිත් විදිහ තාර්කිකව ඵලදායී නොවන ආකාරයකින් මේක වැය කිරීම. පිරමිඩ හදන්නෙ, දාගැබ් බඳින්නෙ මෙන්න මේ වැයකිරීමට. ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා. සමාජයට විශ්වාසය ඇති කරවනවා. පරම්පරා ගානක් ඒ ශක්ති ඝනීභුත කිරීම පවතිනවා.

Anonymous said...

මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ. පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය. ෆේස්බුක් එකේ මේ විදිහට පෝස්ට් දමමින්, එකිනෙකාට බැනගනිමින් අපි වැය කරන්නෙ ඒ අතිරික්තය.

මේ අතරෙ ක්‍රිකට් මැච් එකක් කියන්නෙ මේ අතිරික්තය සතුට ඉපිදවීම වෙනුවෙන් පාවිච්චි කරන තැනක්. කහ කැම්පේන් එකක් කියන්නෙ ඒ සතුට සාමූහිකව බුක්ති විඳීම වෙනුවෙන් නිර්මාණය වුනු සංකල්පයක්. මේ අදහස දෙරනෙන් මතුවුනා වෙන්න පුළුවන්. ඒත් අරගලකාමීන් කිව්වෙ මොකක්ද පක්ෂයක් එදාට එලියට ඇවිත් මේ කහපාටෙහි සතුට බිලිබාගන්නවා කියලා මාන්දමික කතාවක්. නැවත ඒ සතුටට කුහකත්වය ආරෝපණය කිරීමක්. එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු කහපාටින් සතුට බෙදාගත්තා. ඒ සතුට කොයිතරම් ප්‍රබලද කිව්වොත් තාමත් නොසතුටේ පිරිස නලියනවා.

මේ ගැන නිර්මාල් හරි කවුරු හරි අදහසක් මතු කරලා තිබුන ඩයස්පෝරා‍ව ගොඩක් සල්ලි එවනවා ඒ අයටත් ස්තුති කරමුද කියල. මේක මේ ක්‍රියාවලිය ගැන නොදැනුවත්කම විසින් නගන ප්‍රශ්නයක්. ඩයස්පෝරාව තමන්ගේ නෑයන්ට සල්ලි එව්වට මේ දේ සිද්ද වෙන්නෙ නෑ. හැබැයි ඩයස්පෝරාව හෝ වෙනයම් කෙනෙක් ක්‍රීඩා උත්සවයක්, සැනකෙලියක් පවත්වනවා නම් එතකොට මේ දේ සිද්ද වෙනවා. මේ සාමූහික සතුට නිෂ්පාදනය නැත්නම් අතිරික්තය වැයවීම සිද්ද වෙන්නෙ එතකොටයි.

මේකෙන් ඩොලර් එන්නෙ නැතිය, මේකෙන් අරක වෙන්නෙ නැතිය කියන ප්‍රලාප සියල්ලත් ආපහු තාර්කික ආර්තික කාරණාවලම හිරවුනු පටු දුක්ඛිත කතන්දර. මේකෙ අරමුණ සතුට. ඩොලර්වලින් ගන්න බැරි තරම් සතුට. මේ වෙලාවෙ අඳුරු හැගීමක වෙලිලා ඉන්න මිනිස් සමූහයකට ඒක රිදී රේඛාවක් වගේ වෙනවා. මහා පරිමාණයෙන් හැම තැනම සිද්ද වෙනවා නම් ඒක ආර්තිකයට ෂොක් තෙරපි එකක් විදිහට වැඩකරනවා. මිනිස්සු එලියට බහින්න, වියදම් කරන්න, සතුටු වෙන්න පෙළඹෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. ඒකයි කඩා වැටෙන ආර්තිකයකට තියෙන හොඳම විසඳුම.

දිලිත් මේ වැඩේ කළා නම්, දිලිත්ට ස්තුතියි.

 

මීදුම Published @ 2014 by Ipietoon