අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Friday, August 09, 2019
මමත් - ඔහුත්.

8/09/2019 04:57:00 am
2

ම තකය අවදිවන්න කිසියම් උත්තේජකයක් අවශ්‍යවේ .   අපි වෙන්ව ගොස් බොහෝ කලකට පසු  සහෘද මුහුණක්  මුහුණු පොතේ මතුවී ඇති බව දිනක දුටුවෙමු . ...

Read more »
Tuesday, July 23, 2019
නී නාෂමා පෝ.........

7/23/2019 08:34:00 pm

සි රිමා - ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය. ...

Read more »
Sunday, July 07, 2019
කැකිල්ලේ කතා.

7/07/2019 10:56:00 am
1

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම සම්බන්‍ධව පරීක්‍ෂණ ගලා යමින් පවතී. දවසින් දවස එක් එක් නවමු පුවත් අසන්නට ලැබේ. කැකිල්ලේ නඩුතීන්දු ගැන අපි...

Read more »
Sunday, June 16, 2019
අණ්ඩර දෙමල.

6/16/2019 07:54:00 pm

දෙන්නාම පිට රටය. ඒ මෙරට කරන්න මගුලක් නැති නිසා වෙන්න ඇත.හොද වෙලාවට මේ සතියේ විශේෂ යමක් සිදුවුනේ නැත. උනා නම් මේ වාහේලා  එක්වරම කියන...

Read more »
Friday, June 07, 2019
අතීසාරයට අමුඩ ගැසීම.

6/07/2019 09:53:00 pm
1

මෙ ගා ටෙලියේ   ඊයේ පෙන්වනු ලැබු කොටස නරඹා අවසානයේ මට සිතුනේ මෝඩයා කට අරිනතුරු ප්‍රඥාවන්තයෙකු බවය. අද ටෙලියේ පෙන්වනු ලැබුවේ එහි තව...

Read more »
Thursday, June 06, 2019
දැන් පෙන්නනවා.

6/06/2019 05:30:00 am
4

දේ ශපාලන ප්‍රවෘත්ති දිනෙන් දින පෙල ගැසෙන්නේ එක්තරා විකාරී ස්වරූපයකටය. ජනතා අවධානය පාස්කු ඉරිදා ඛෙදවාචකය පාදක කර ගෙන ඇති වන එක් එක් ප්...

Read more »
Saturday, April 20, 2019
බෙලිහුල්ඔය නිවාඩුව ගැන සිතන්න.

4/20/2019 09:33:00 pm

නිවාඩුවක් ගත කරන්න බෙලිහුල්ඔය තෝරා ගන්නේ ස්වභාව ධර්මය දායාද කල පරිසරය දේශගුනය හේතුවක් කරගන්නා නිසා කියලා මම හිතනවා. මේ නවාතැනේ සිට ඊට වඩා...

Read more »
Sunday, April 14, 2019
Monday, April 08, 2019
බෙලිහුල්ඔය - සටහනක් .

4/08/2019 03:24:00 am
29

හාගල කන්ද මුදුනේ සිට  බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළු...

Read more »