ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-12-19

බලය තාවකාලිකයි !.




අමාත්‍ය මර්වින් සිල්වා විවාදාත්මක දේශපාලන චරිතයක්. නිතරම අපට අහන්න ලැබෙන්නේ අමාත්‍යතුමාගේ දඩබ්බර පටලැවිලි ගැන ප්‍රවෟත්ති. අමාත්‍යවරු සිවිල් පුරවැසියෝ වගේ ඉන්න කාලවල දේශපාලන පෙරහුරු පවත්වන කාලවල බොහෝම සාධු චරිත. ඒත් බලය ලැබුනාම මර්වින් සිල්වා අමාත්‍යවරයාත් එකයි. සිල් රෙදි පොරවාගෙන ඉන්න අනෙක් අයත් ඒ හා සමානයි.
මර්වින් සිල්වා අමාත්‍යතුමා නම් උඩ බිම බලන්නේ නැතිව ප්‍රතිචාර දැක්වීම කරනවා. අනෙක් අය හීන් නූලේ වැඩේ දෙනවා.උඩගුකම ,මවා ගත්ත ආඩම්බරය නැත්නම් අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්ද ? ප්‍රභුවරයෙක් නේ !. නිර්ප්‍රභුන්ට ජාතිය දාගෙන හිටියේ නැත්නම් අගයක් නැහැනේ. කරදරත් වැඩියි..පංතියේ වෙනස පැහැදිලි වෙන්නෙත් නැහැ.
මේ ටීකාව කියවගෙන ආවේ මර්වින් සිල්වා අමාත්‍යතුමාට කිසිදු මන්ත්‍රීකමක්‌වත් නොමැතිව මන්ත්‍රි කෙනෙක් වෙන්න පෙරුම්පුරා ගෙන සිටිය කාලයේ සිදු වූ සිද්ධියක්‌ ගැන කියන්න. මේ කතාව ඉරිදා දේශපාලන වල්පල් ලියන තීරු ලිපියකින් ඇහිද ගත්තේ අර පලාත් සභා අමාත්‍යවරයෙක් ගුරුතුමියක් දණ ගස්සවපු කාලේ .

මේ සිද්ධිය වුන කාලයේ පැවතියේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්. ඒ ආණ්ඩුවේ හිටපු බලවත් ඇමැතිවරු කවුරුවත් එක්‌ක වැඩිය කතාබහට එන්නෙ නෑ. හරි ආඩම්බරයි. පොළවෙ පස්‌ පෑගෙන්න නැති මට්‌ටමෙන් තමයි හිටියෙ.
නිර්ප්‍රභු ජනතාවට මේ මිනිස්සු එපා වෙන්නත් කරුණු කාරන ඇති වෙන්න එපාය.
ඔය කාලයේ දවසක්‌ මර්වින් අමාත්‍යතුමාට අවස්‌ථාවක්‌ ලැබෙනව පිටරට යන්න. ගුවන් යානයට නැගලා තමන්ට හිමිවෙච්ච ආසනයේ වාඩිවෙලා වටපිට බලනකොට යාබද ආසනයේ හිටියේ එකල ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්. මර්වින් අමාත්‍යතුමා ඔහු සමඟ කතා බහ කරන්නට උත්සාහ කලත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

මර්වින් අමාත්‍යතුමා අර ඇමැතිත් එක්‌ක කිහිප පාරක්‌ම කතා කරන්න උත්සාහ ගත්තා. වැඩිය හිතවත්කමක්‌ ගොඩනැගිල නෑ. පැයක්‌ විතර ගෙවිල ගියා. අන්තිමේ ගුවන් යානය ඉගිල්ලෙන්න පටන් ගත්තා. මර්වින් අමාත්‍යතුමා යානාවේ ගුවන් සේවිකාවකට කතා කරල අහලා තියෙනවා “දැන් අපි ඉන්නෙ ලංකාවෙ ගුවන් සීමාවෙද? නැද්ද? “ කියලා.
එහෙම නම් ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ජාත්‍යන්තර ගුවන් සීමාවට ගියාට පස්‌සෙ මට මතක් කරන්න කියල මර්වින් අමාත්‍යතුමා ඇයට කියලා.

ටික වෙලාවකට පස්සේ ආපසු පැමිණි ගුවන් සේවිකාව මර්වින් අමාත්‍යතුමා දැනුවත් කරනවා අපි දැන් “ජාත්‍යන්තර ගුවන් ප්‍රදේශයේ “ කියලා. මර්වින් අමාත්‍යතුමා අර ඇමැතිතුමා ලගට ගිහින් ගරුසරුවක්‌ නැතිව කියනවා "මචං දැන් අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. ලංකාවට තමයි උඹ ඇමැති. මම නිකම්ම නිකම් මර්වින්. එතකොට මාත් එක්‌ක කතා නොකර සිටියට කමක්‌ නෑ. හැබැයි දැන් අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙන් පිටවෙලා. උඹට දැන් ගරු කරන්න කෙනෙක්‌ මෙහේ නෑ. මටත් නැහැ. ඒක නිසා අපි දෙන්නම එක බෝට්‌ටුවේ. ඔන්න ඔහේ සීතලේ යන්නත් එක්‌ක ගහමු මචං හොඳ අඩියක්‌." කියලා.
අන්තිමේ එයාටත් සිද්ධවුණා මර්වින් අමාත්‍යතුමත් එක්‌ක හිතවත් වෙලා කතා කරන්න.
දැන් කාලේ අපිට මර්වින් අමත්‍යතුමා හමුවෙලා ඒ වගේ ආරාධනාවක් කලොත් වෙන්නේ මොකක්ද කියලා අපිම හිතා ගමු ! .

බලය කියන දේ තාවකාලිකයි . බලය තියෙනකොට මිනිස්‌සු ඔළුව උදුම්මගන්න හොඳ නෑ. බලයත් එක්ක මිනිස්සු නිහතමානි වෙලා ජීවත් වෙන වනම් ලෝකය සුන්දර තැනක් වේවි. ලෝකය අසුන්දර වෙලා තියෙන්නේ එහෙම නැති නිසයි.
notes of imaginary

2013-12-14

මූදු පතුල යට ඉඳලා




මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///
මුදුපත්ල යට ඉදලා

සෝමලතා සුබසිංහ - මුදුපුත්තු
 

notes of imaginary

2013-12-02

ඔබේ ඇස් පරීක්ෂා කරගන්න






ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නයක්.
අපිට ඇස් පෙනීම ඉබේම අඩුවුනොත් හිතන්නේ කණ්නාඩියක් ( උපැස් යුවලක් ) ගන්න. ඒ වගේ වෙලාව නගරයේ ඇති ඇස් කණ්නාඩි වෙළද සැලකට ගිහින් ඇස් පරීක්‍ෂා කරගෙන කන්නාඩියක් ගන්නවා. ඒත් ඔබ දන්නේ නැහැ එම කන්නාඩි ඔබට වික්කේ සුදුසු කම් සපුරා නිසි පුහුණුවක් ලත් ඇසි පරීක්‍ෂකයෙක්ද කියලා. සමහරවිට ඔහු දන්නවා ඇත්තේ අකුරු පුවරුව කියවලා පෙනීම පරීක්‍ෂා කිරීම විතරක් වෙන්න ඇති. ඔබ කරගන්නේ අනතුරුදායක වැඩක් !.
ඔබ ඇස් කණ්නාඩියක් ගන්නේ නම් අඩුම තරමින් රජයේ පිලිගත් අක්‍ෂිතාක්‍ෂණවේදියෙක් තෝරගතයුතුමයි. මෙම අක්‍ෂිතාක්‍ෂණවේදින් ඇස් පිළිබදව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් දෑවුරුදු විධිමත් පුහුණුවකට පසු රෝහල්වල සේවයට අනුයුක්ත කරසිටිනවා.
අනෙක් වෛද්‍යවෟත්තිකයන් මෙන් මේ අයත් පෞද්ගලික වෛද්‍ය ව්ත්තියේ යෙදෙමින් අක්‍ෂි වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වා ගෙන යනවා.

ඇස්වල ආබාධයක් ඇති වුණොත් ඇහැට අනතුරක් සිදු වුණොත් නැතිනම් ඉබේම පෙනීම අඩු වුණොත් නම් මුලින්ම කල යුත්තේ අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමයි. ඔහුගේ /ඇගේ උපදෙස් පැතීම වැදගත්.
වයස අවුරුදු හතළිහ පැන්නාම පෙනීමේ ඇසේ ඇතිවන වෙනස්කම් නිසා බොහෝ දෙනෙක් “හතළිස් ඇඳිරිය” ඇවිත් කියලා ඇස් පරීක්ෂා කරවා ගන්නවා. ඒත් වයස අවුරුදු හතළිහට කලින් වුණත් ඇස්වල නිරෝගී බව ගැන ඔබ උනන්දු වෙන්නට ඕනෑ.

ලෝක ජනගහනයෙන් මිලියන තිස් නවයක්ම අන්ධ භාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මොවුන් අතරින් වැඩි දෙනෙක් තුන්වෙනි ලෝකයේ රටවල ජනතාව , එලෙස අන්ධ භාවයට පත්වන්නට හේතු වී ඇත්තේ ඇසේ සුද, දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි ආබාධ, ග්ලූකෝමාව, දෘෂ්ටි ආබාධ සහ ළමා වියේ අන්ධ භාවයයි.අන්ධ භාවයට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්ම තිබෙනවා. මෙම හේතු කල් තියා හඳුනා ගතහොත් අන්ධ භාවයෙන් වැළකෙන්නට හැකි වීම සුබවාදී ලක්ෂණයක්.

Ø ඇසේ සුද,
Ø හතළිස් ඇඳිරිය,
Ø ග්ලූකෝමාව,
Ø දියවැඩියාව
Ø මවුපියන් ඇස් රෝගවලින් පෙළෙන විට ඇතිවිය හැකි ජානමය බලපෑම
Ø ඇසට අනතුරු සිදුවීම
Ø වෙනස් ඇස් රෝග,
Ø ඇසට රසායනික ද්‍රව්‍යයක් ඇතුළුවීම,
Ø වපරය,
Ø ලේ නෑයින් අතර විවාහය
Ø මන්ද දෘෂ්ටිකතාව හෙවත් අර්ධ අන්ධ භාවයත්

හතළිස් ඇඳිරිය සහ හැට ඇඳිරිය.

ඇසේ සුද ඇතිවෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු හැට පමණ වූ විට. හැට ඇඳිරිය කියලත් ඇතැමුන් එය හඳුන්වනවා. ඇසේ සුද මේරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩු වෙමින් සදාකාලිකව අන්ධ භාවයට පත් වීම මෙම රෝගයේ ස්වභාවයයි. සරල සැත්කමක් මඟින් ඇසේ සුද ඉවත් කොට කාචයක් ඇසට බද්ධ කිරීමෙන් සාමාන්‍ය පෙනීම ලබා ගන්නට පුළුවන්.
අවුරුදු හතළිහ පැන්නාම හැදෙන්නේ හතළිස් ඇඳිරිය. පොත් පත් කියවීමේ අපහසුතාව, ඉඳිකටුවට නූල දැමීම වැනි සියුම් කාර්යයන් කිරීමේ අපහසුතාව ඇති වෙන විට ඇස් පරීක්ෂා කරගන්න.
හතළිස් ඇඳිරියට ඇස් පරීක්ෂා කරන විට ඔබේ දෑසේ සුද මතුවී ඇත්නම් එයට ද කල් වේලා ඇතිව පිළියම් කරගන්නට ඔබට හැකි වේවි. හතළිස් ඇඳිරියට කන්නාඩි ගන්නට වෛද්‍යවරයා ඔබට උපදෙස් දුන් විට ඉක්මනින්ම අදාළ නිර්දේශ මත කන්නාඩි ලබා ගැනීම වැදගත්. ඒ වගේම මේ කන්නාඩිය ඔබ ලියන කියවන වේලාවට වෛද්‍ය උපදෙස් අනුව පැලඳීමත් වැදගත්.
අවුරුද්දකට වරක් නැත්නම් අවුරුදු දෙකකට වරක්වත් ඇස් පරීක්ෂා කරවා ගෙන කන්නාඩිය වෙනස් කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමත් වැදගත්.

ග්ලූකෝමාව ඇස් අන්ධ වීමට බලපාන ප්‍රබල හේතුවක්.

ඇසේ පීඩනය වැඩි වී අක්ෂි ස්නායුවේ ඇති ස්නායු තන්තු විනාශයට පත් වීමෙන් ග්ලුකෝමාව ඇති වෙනවා. ක්‍රමයෙන් ඇසේ දෘෂ්ටි පරාසය අඩු වී යමින් ඔබ නොදැනුවත්වම දෑස් නොපෙනී යාම මෙහි ඇති භයානක තත්ත්වයයි. කිසියම් වස්තුවක් දෙස ඔබ නෙත් යොමු කරන විට ඇසේ දෙපස පෙනීම අඩු වී යාම මෙහි රෝග ලක්ෂණයයි. ඇසේ දෙපස පෙනීම අඩු වීම එකවර ඔබට නොදැනීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි.

දියවැඩියාව

දියවැඩියාව ඔබේ සිරුරේ සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බව ඔබ දන්නවා. දියවැඩියාව පාලනය නොකළහොත් ඉබේම ඇස් අන්ධ භාවයට පත් වෙන්නට පුළුවන්. ඩයබිටික් රෙටොනොපති යනුවෙන් හඳුන්වන්නේ මෙම රෝග තත්ත්වයයි.
දියවැඩියාව ග්ලූකෝමාව සමඟත් සෘජු සම්බන්ධයක් තිබෙනවා.
ලෝකයේ වැඩිහිටි ජනතාවගේ අන්ධ භාවයට හේතු වන ප්‍රධාන හේතුව ග්ලෝකෝමාව. ඩයබිටික් රෙමොනපති රෝගය පාලනය නොකිරීම නිසා ඇසේ දෘෂ්ටි විතානයේ සියුම් නහර පිපිරීමෙන් ඇස තුළ රුධිර පැල්ලම් ඇතිවීමෙන් හා ඇස ඉදිමීමෙන් ඇස් අන්ධ භාවයට පත් වීමයි.
එ‍යින් වැළකීමට ඇති හොඳම ක්‍රමය දියවැඩියා රෝගීන් අනිවාර්යයෙන්ම වසරකට වරක් ඇස් පරීක්ෂා කරගැනීමයි.

මවුපියන් ඇස් රෝගවලින් පෙළෙනවා නම්

මවුපියන් ග්ලුකෝමා, ඩයබිටික් රෙමිනොපති වැනි රෝගවලින් පෙළෙනවා නම් සහ මවුපියන් , ලේ ඥාතීන් නම් ජානමය බලපෑමෙන් දරුවන්ටත් අක්ෂි ආබාධ ඇති වෙන්නට පුළුවන්.
එවැනි අවදානමක් ඇති මවුපියන් කුඩා කාලයේ පටන්ම දරුවන් ගේ ඇස් පිළිබඳ විමසිලිමත් වෙන්නට ඕනෑ. ඇස් ආබාධයක් ඇත්දැයි නිතර පරීක්ෂා කර බැලීම වැදගත්. ආබාධ ඇති දරුවන් උපැස් පලඳිනවා නම් ඒවා නිසි කලට නැවත පරීක්ෂා කර කන්නාඩි මාරු කළ යුතුයි.

ඇහේ වපරය

ඇහේ වපරයට ‘පිං වපරය’ කිව්වේ ඒ කාලේ. දැන් කාලෙ ජනතාව ‘වපරය’ අන්ධ භාවයට හෝ දෘෂ්‍යාබාධවලට හේතු වන බව දන්නවා. උපන් අලුතම බිලිදාගේ දෑසේ වපරයක් හෝ වෙනසක් දුටුවොත් වහාම අක්ෂි වෛද්‍යවරයකු හමු වන්න.

අල්ප දෘෂ්ටිකතාව

අල්ප දෘෂ්ටිකතාව හෙවත් පෙනීම අඩු බව තවත් අක්‍ෂි ආබාධයක්. ඇහේ සුද හෝ හතළිස් ඇඳිරිය නැතත් ඇස්වල පෙනීමේ වෙනස්කම් වේ නම් ඒවා අර්ධ අන්ධ භාවයේ ලකුණු වෙන්නට පුළුවන්.
සුව කළ නොහැකි අක්ෂි රෝගයක් නිසා ඔබ ඉතාම අඩු ඇස් පෙනීමකින් යුක්ත නම් විශේෂ උපකරණ මඟින් ඔබගේ ඇස් පෙනීම වැඩි දියුණු කරගන්නට පුළුවන්.

ඔබගේ ඇස් පෙනීම ගැන සරල පරීක්ෂණයක් ඔබටම කරගන්නට පුළුවන්.
Ø ඔබ උපැස් පැලඳ සිටියත්, යහළුවන් හා හිතවතුන්ගේ මුහුණු හඳුනා ගැනීමට නොහැකි නම්,
Ø කියවීම, ආහාර පිසීම, මැසීම වැනි ළඟ පෙනුම අවශ්‍ය වෙන ක්‍රියාකාරකම් කළ නොහැකිනම්,
Ø ඔබගේ ඇඳුම්වල වර්ණ ගැළපීම හා වර්ණ තෝරා ගැනීම කළ නොහැකි නම්,
Ø ආලෝකය මදක් අඩු අවස්ථාවලදී සාමාන්‍ය ක්‍රියාකාරකම් කළ නොහැකි නම්,
Ø මාර්ග සංඥා, බස් පුවරු හෝ ව්‍යාපාරික ආයතනවල නම් සඳහන් පුවරු කියවීමට නොහැකිනම්
ඔබ අර්ධ අන්ධ භාවයෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්.

ඇස් කණ්නාඩි සහ කාච වෙළද පල නම් මිත්‍යා විශ්වාශයන් මත ගොඩ නැගී මුදලාලිලාගේ සාක්කු පුරවන ව්‍යාපාරයක්. ඔබ දැවන්ත වායුසමීකරණය කරන ලද ගෙඩනැගිල්ලකට ගෙඩවැදී රුපියල් දසදහසක් ගෙවා මිලදී ගන්නා ඇස් කණ්නාඩිය පුංචි ඇස්කන්නාඩි වෙළද සැලකින් රුපියල් තුන්දහසකට පමන ගන්න පුළුවන් වේවී.

මෙහිදී වැදගත් වෙන්නේ ඇස් නිසි ලෙස පරීක්‍ෂා කර නියමිත වට්ටෝරුව ලබාගෙන ඒ අනුව කාච සකස් කරගැණිමට උනන්දු වීමයි.

notes of imaginary

2013-11-26

සුබ රාත්‍රියක් !.



පුංචි දරුවන් ගේ සිංදුවක් උනත් මේ රුප පෙල 
වැඩිහි‍ටි අපට අපේ  අම්මලා දක්වපු සෙනෙහස සිහිපත් වෙනවා.
ඕනෑම පරම්පරාවක අම්මලාගේ සෙනෙහස වෙනස් වෙන්නේ නැහැ 
පරම්පරාවෙන් පරම්පරාවට එකවගේ  පැවතෙනවා.




notes of imaginary

2013-11-16

කැමති මූණක් දා ගන්න.


CHOGM  2013 ඉවරයි!.
විවේචන නම් බොහොමයි.ආණ්ඩුව ජයටම ගත්ත මගුල් ගෙයක්.මගුල් ගෙට ලැබෙන තෑගි බෝග වලින් හෝටලේ බිල ගෙවා ගන්න හිතාගෙන මගුලක් කාපු අපේ ගමේ ගොඩේ මායියෙකුට වෙච්ච ඇබැද්දියක් වගේ හෙයිම්මාරුවක් වෙයිද කියලා සමහරු අදහස් පල කරනවා.
කාටත් ගැලපෙන්න මේ මුණු ටික මාරු කර කර දාගෙන බලන්න !.























notes of imaginary

2013-11-07

ඉරි තැළුන වලා - අමරසිරි පීරිස්





ඉරි තැළුන වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවතිවී .................
වට පිටේ සිරුවට - විදුලි ඇස් සිනාසේ වි
නොරැවටී යන්න යමු - කහ ඉරෙන් එතරවීලා
කහ ඉරෙන් එතරවිලා...........
ඉරි තැළුන වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි - ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවිතීවි.............
රිය පෙලේ තුරුළුවු - රජ වරුන් අතවනාවි
මෙ බලන් යන්න යමු -කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා..............

ඉරි තැළුන වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවතිවී .................

ඉරි තැළුන වලා - උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවතිවී .................

යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ

යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ

ඉරි තැළුන වලා.............







notes of imaginary

2013-11-04

බල්ලොත් එක්ක බෑ





දේශපාලනය පාදඩීකරණයට පත්වුනේ JRමහත්තයාගේ ධාර්මිෂ්ඨ සමාජයක් කරා අපේ රට රැගෙන ගිය ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන්.හැම එකාම මණ්ත්‍රී කෙනෙක් කරන්න හදාපු එතුමා මේ වගේ අවලම් තත්වයක් බලාපොරොත්තු නොවෙන්න ඇති.
රටේ ඉන්න ප්‍රාදේශිය සභා , පලාත් සභා , පාර්ලිමේන්තු මංත්‍රී වරුන්ගේ සංඛ්‍යාව බලන්න මැතිවරණ කොමසාරිස්තුමාගේ වෙබ් අඩවියට යන්න ඕණි අඩුතරමින් මණ්ත්‍රී වරු පන්දාහක් වත් ඉක්මවලා ඇති.

මේ මිනිස්සු ජණතාව අතරින් නැගිටලා එන්නේ මැතිවරණ වලදී සල්ලි විසිකරලා. මහජන සේවය කරලා ඒ අතරින් නෙමෙයි. තමන් ලබන එක් මනාපයක් සදහා අඩුම තරමින් රුපියල් සියයක් වත් ‍වියදම් කරලා. මැතිවරණයකදී මනාප ලක්ෂයක් ගත්ත එකා ඒ වෙනුවෙන් ලක්‍ෂ සීයයක් වියදම් කරලා තියෙනවා අඩුම තරමින්.

මැතිවරණයක් අවසානයේ ශේෂ පත්‍රය හදන මෙවැණි ජයග්‍රාහී දේශපාළුවෝ එදා ඉදන් බලන්නේ ඊලග ඡණ්දේට සල්ලි හොයන්න ගසාකන ව්‍යාපෘති හදාගන්න. පලාත් සභාව වෙනකම් unlimited බදු රහිත වාහණ බලපත්‍රයෙන් මූලික වියදම පියවගන්න ඇත්තෝත් මේ අතර හමුවෙනවා.අළුත් ව්‍යාපාර පටන් ගන්න ඇත්තෝත් ඉන්නවා. සමහරු ගෙවල් හදන්න අත්තිවාරම් දාන්න විතරයි වියදම් කරන්නේ. පුදේශයේ ඉන්න හාඩ්වෙයාර් කාරයෝ තැබෑරුම් කාරයෝ වැලි , ගල් ,දැව බලපත්‍රලාභී නොලාභී ව්‍යාපාරික‍යෝ ඉතිරි වැඩ ටික නිම කරලා දෙනවා.

සල්ලි ඇත්නම් මේ මිනිස්සුන්ට ඡණ්දදායකයෝ හොයාගන්න පුළුවන් කියලා දන්නවා. මහජන සේවය කරලා ඡණ්ද වැඩිකරගන්න ඕන නැහැනේ. දැන් පාර්ලිමේණ්තුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවක්. පලාත් සබාවේ බලය පිහිටුවා ගෙන තියෙන්නේ විවිධවු දේශපාලන මත දරාපු උදවිය ගෙන්.

ගමේ ඉන්න පුංචි හරමාණිස්ට විතරක් ඇයි දේශපාලන පක්‍ෂයක් ? .




මේ ආරළු බුරළු ටිකට ආවේ ප්‍රදේශිය සභාවල ඉන්න ස්ත්‍රී දූෂකයෝ, අපයෝජකයෝ මීණිමරුවෝ ,වංචණිකයෝ ගැන හෙළිදරව් වෙන සීග්‍රතාවය ගැන හිතලා. අළුත්ම news එක එන්නේ දත් දොස්තර කෙනෙක්ගෙන් සහ මල්ලව පොර ශුරයෙක් ගෙන් !.මගේ පුස්තකාලයේ තියෙන පහුගිය දවස් වල record එක කියවලා බලන්න.
2011 දෙසැම්බර් 25
සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති.තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතියට බරපතළ තුවාල සිදු කිරීම. 2012 ජුනි 12
දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිලක්‍ෂ 70 ක අල්ලස්‌ සිද්ධියකට අත්අඩංගුවට ගැනේ.2012 අගෝස්‌තු 05
පොලිස්‌ රාජකාරියට බාධා කළ දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්2012 නොවැම්බර් 18
ආණ්‌ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පනහකට ආසන්න පිරිසකට එල්ලවී ඇති දූෂණ චෝදනා ගැන ජනාධිපති විමර්ශන ඒකකය පරීක්‍ෂණ අරඹයි. (2012.11.18) “දිවයින” මුල් පුවත. 2013 ජනවාරි 13
ප්‍රෘදේශීය දේශපාලනඥයන් රැසක්‌ ඔවුන්ගේ නම්වලින් පදනම් පිහිටුවාගෙන සමාජ සත්කාරයන් මුවාවෙන් කෝටි ගණන් වංචා කරයි. (“දිවයින” මුල් පුවත)2013 පෙබරවාරි 13
ගංජා වැවූ, හොර හරක්‌ පැටවූ, වැලි ගොඩ දැමූ ප්‍රාදේශීය දේශපාලනඥයන් පොලිසියටත් බලපෑම් කරති. (“දිවයින” මුල් පුවත)2013 පෙබරවාරි 13
ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු මීරිගමදී පුද්ගලයකු පැහැරගෙන ගොස්‌, ජනාකීර්ණ ස්‌ථානයකදී අමානුෂික ලෙස පහරදී පිස්‌තෝලයක්‌ එල්ල කර තර්ජනය කිරීම හා මීරිගම පොලිසියේ ස්‌ථානාධිපතිට තර්ජනය කිරීම හා පොලිස්‌ රාජකාරියට බලපෑම් කිරීම.2013 මාර්තු 08
එජාප පළාත් සභා මන්ත්‍රීවරයකු කෑගල්ල අවන්හලකදී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහරදීම.2013 මාර්තු 29
මහරගම නගර සභාවේ සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයකුඅවුරුදු 12 ක දැරියකට අතවර කිරීම. 2013 අප්‍රේල් 16
ගම්පහ නගරාධිපතිවරයා පොලිස්‌ නිලධාරීන්ට බැණ පහරදී තර්ජනය කිරීම.2013 අප්‍රේල් 24
බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා උප සභාපතිවරයා හෙල්මට්‌ නොපැළඳ යතුරුපැදියේ ගමන් කළ විට පොලිස්‌ නිලධාරීන් එය ප්‍රශ්න කර ඇත. උප සභාපතිවරයා ඊට එරෙහිව පොලිසිය සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.2013 ජුනි 04
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පනාමුරේ පොලිසියට අනුයුක්‌තව රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දෙයි.2013 ජුනි 05
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු කිරීමේ චෝදනාවටට මරණීය දණ්‌ඩනය නියම වේ.2013 ජුනි 13
විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතර ගැටුමක්‌. 2013 ජුනි 14

වයඹ පළාත් සභාවේ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුතුමියට බැණ මරණ තර්ජනය කර ඇය දණ ගස්‌වයි.2013 ජුනි 17
සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීරීවරයකුගේ පුතුන් දෙදෙනෙකු මිද්දෙණියේදී ජුනි 13 වැනිදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළ අත්අඩංගුවට ගැනේ.2013 ජුලි 03
කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තබ්බෝව වැව අසලදී වාරි මාර්ග ක්‍ෂේත්‍ර නිලධාරියකුට පහර දේ. 04 වැනිදා සභාපතිවරයා අත්අඩංගුවට පත් විය.2013 ජුලි 09
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ අල්ලස්‌ ලෙස ලබාගත්තේ යෑයි අත්අඩංගුවට.2013 ජුලි 09 දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා දැරණියගල නූරියවත්ත වතු අධිකාරිවරයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට’

අපේ පැත්තේ කියලා වෙනසක් නැහැ. සගයෙක් පිහියෙන් ඇනලා අපේ සභාපතිතුමාත් පසුගිය දවස් වල රෝහල් ගතවෙලා හිටියා.
එතුමා හොද මනුස්සයෙක්.
 
ඒත් මට පිහියෙන් අනින්න හිතදෙන කෙනෙක් නැත්තේ ඇයි කියලා මීදුම හිතුනවා !.


notes of imaginary

2013-10-28

වැස්ස ලගයි .



ඔන්න ඹක්තෝම්බර් මාසේ   නම් ඉවරයි. මේ ලබන්නේ නොවැම්බර් මාසේ .

කාලගුණ දෙපාර්තමේන්තුව කොයි බයිලාවක් ගැහුවත් අපේ කිරිමොහොට්ටාල මාම නම් අහස දිහා බලාගෙන කියන්නේ දැන්නම් නැගණහිරෙන් වැස්ස ඔන්න මෙන්න කියලා .
මොහොට්ටාල මාමගේ අනාවැකිය හරියට හරි යනවා .මොහොට්ටාල මාමාගේ පරම්පරික දැණුම දැන් කාලේ නවීන උපකරන යොදා ගන නිර්වචනය වෙන්නේ වෙනත් විධියකට. මාමා පොහොන . තල වැස්ස , පෙරහැර වැස්ස කියලා හදුන්වන වැහි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අතුරු මෝසම් , බෙංගාල බොක්‌කේ හටගන්නා වාසුලි සහ අවපාත ,කැළඹීම් වෙනවා.

ප්‍රධාන මෝසම් දෙක තුළත් ඒ මෝසම් එළැඹීමට පෙර කඩා පහත්වන අතුරු මෝසම් කාල දෙක තුළත්, බෙංගාල බොක්‌කේ නිතර දෙවේලේ හටගන්නා වාසුලි සහ අවපාත නිසාත්, හඳුනා ගත නොහැකි සහ හඳුනා ගැනීමෙන් කිසිදු වැඩක්‌ නැති කාරණා බොහොමයක්‌ නිසාත් සමහර විට අවුරුද්දේ දවස්‌ තුන්සිය හැටපහ පුරාම අපේ රටේ කොහේට කොහේට හරි වහිනවා. අනෙක් රටවල් වලට වඩා අපේ රටේ වෙනස ඒකයි. රටේ කොතනක හරි තුන්සිය හැටපස් දවසේම උපවාසයක් ,සත්‍යග්‍රහනයක් තියෙනවා වගෙයි අපේ රටේ වැස්සත්.

අයනීකරණය වූ වළාකුළු එකිනෙක ගැටීමේදී හටගන්නා වෝල්ට්‌ ලක්‍ෂ ගණනක්‌ බලසම්පන්න විදුලි දහරා භූමිගත වීමේ ක්‍රියාවලිය අකුණක්‌ කියලා ඉතාම සරල ලෙස නිර්වචනය කරනවා. අපේ රටේ දශක ගණණාවක් තුල සිදුවෙමින් පවතින පාරිසරික වෙනස් වීම් නිසා අකුණු අවදානම තව තවත් වැඩිවෙලා.

කාලගුණ විද්‍යාඥයන්ගේ අත්දැකීම්වලට අනුව ලංකාවේ අකුණු සහිත වැසි වැඩිම කාලය වන්නේ අප්‍රේල් මාසය යි. මොට්ටාල මාමා කියන්නේ “බක් මහටයි හෙන අකුණු ගහන්නේ බොලව්” කියලා. මේ තත්වය මැයි දක්වාම පවතිනවා. ඊළඟට ඔක්‌තෝබර් සහ නොවැම්බර් මාසය . මේ අකුණු බලපෑම් නැගණහිරට මධ්‍යම කදුකරයට අඩුයි කියලා හිතෙනවා. දෙසැම්බර් මාසේ මහ වැහි කාලයේ හෙන අකුණු පාත්වෙනවා වැඩියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් හෙළිවන පරිදි මෙයට අමතරව හැම මාසයකම අකුණු හටගන්නවා දිවයිනේ යම් යම් පුදේශවල ( මෙහෙම කියන්නේ කාලගුනේ ) .

මොහොට්ටාල මාමා ප්‍රගතිශිලියෙක්. මාමා ඔනෑ එකටයි එපා එකටයි බනින්නේ ජේ.ආර්. මහත්තයාට . අකුණු අනතුරු වැඩි වෙන්න හේතුවත් ජේ.ආර් මහත්තයා . 1977 න් පස්සේ මේ රටේ අකුණු අනතුරු වැඩි වු බව මොහොට්ටාල මාමාගේ තර්කයක්.ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා දැන් කාලේ වගේ බටහිරට ගැති බලවේග සමඟ එකතු වෙලා අකුණු හටගැනීමේ ව්‍යාපාරයක්‌ සංවිධානය කලා කියලනම් මාමා කියන්නේ නැහැ. විවෘත ආර්ථිකයත් එක්ක රටට ගොඩ බැස්ස ගෘහ විදුලි උපකරණ නිසා විදුලි අකුණු අනතුරු වැඩිවුනා කියලා මාමා කියනවා.

ඉස්සර නම් අකුණු සහිත වැසි පවතින අවස්ථා වල උස ස්ථාන වල , වැස්සට ගස් යට ,කුඹුරුවල ඉන්න එපා කියලා උපදෙස් දෙනවා. දැන් ඒවටත් තව සංශෝධන එකතු කරගන්න කාලේ ඇවිත්. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් කාලගුනේට ඕන විදියට වෙනස් වෙනවා වගේ.

1980 න් පසු අපේ රටට රූපවාහිනිය ආවනේ. මේකටත් ඉතින් ජේ.ආර් මහත්තයා වැරදි කාරයෙක් වෙනවා. රූපවාහිනිය රටට ගෙනාපු නිසා. හෙණ එකක්‌ නොව හෙණ හතක්‌ ගැහුවත් ටෙලිනාට්‍ය , ස්ටාර්ලාගේ වැඩකිඩ බැලීම නම් කොහොමවත් අපේ ඇත්තන්ට අත්හරින්න බැහැ. ඉතින් අපි ජීවිතේ අණතුරේ කියලා ගුගුරමින් වහින මහ වැස්සේ පවා ටෙලිනාට්‍ය ස්ටාර්ලාගේ වැඩ බලනවා. ගෙදර වහලයේ තිබෙන රූපවාහිනි ඇන්ටෙනාව දිගේ බහින අකුණු රූපවාහිනිය ද පුපුරුවා එය නරඹන දෙතුන් දෙනකු මරා තවත් හත්අට දෙනකු අබ්බගාතයන් බවට පත් කරයි කියලා නිකමටවත් හිතන්නේ නෑ .

මොහොට්ටාල මාමාට නිතර දෙවේලේ ගෙදර නැන්දම්මා පුපුරවන අකුණු වලට හුරුවෙලා “මම නම් කම්මලේ බල්ලා වගෙයි බොලව්” කියලා කියන ගමන්ම මෙහෙමත් කියනවා .
වහින වෙලාවට නම් අපේ පොඩී එකී බනිද්දී වයර් කෑලී ඔක්කොම රූප පෙට්ටියෙන් ගලවා දානවා ඕන් මං .

අකුණුවලින් සිදුවන අනතුරු සහ ජීවිත ඉරණම ගෙදර තිබෙන විදුලි උපකරණ සමඟ බද්ධව තියෙනවා .වහින වෙලාවට අපි සැලකිලිමත් වුවහොත් මේ අනතුරු වලක්වා ගන්න පුළුවන්. ඔය ඔක්කොම ගෘහ විදුලි උපකරන වල විදුලිය විසංධි කරලා දානවා නම් !.

notes of imaginary

2013-10-27

මීදුම හැට පහයි.



මීදුමටත් අද විශේෂ දවසක්.
1948 පෙබරවාරි මාසේ 04 වෙනිදා මේ අපේ රටට නිදහස ලැබෙනවා.
ටොප් හැට් දාපු වවුල් පස්සක උලක් වගේ කබා කුරුත්තු ඇදපු මහත්තුරුන්ගේ දේශපාලනය මේ බිමේ පැලවෙනවා.
මේ අසිරිය බල බලා ඔක්තෝම්බර් මාසේ 27 දා මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ පසල් දනව්වක මීදුම මෙලෝ එලිය දකිනවා. මේ පින්වත් කුමරාට උපදින කොටම වර්ග අඩි දෙසීයයක විතර ගොම මැටි ගාපු ගෙබිමකුයි හිසට පිදුරු වහලකුයි හිමිවෙනවා.

මේ අසිරිය සිදුවී අවුරුදු හැටපහක්වු බව සිහි කරන්න අද කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කලා ! . කියලා මීදුම කියන කොට අහගෙන ඉන්නා අය කියනවා උඹට පුළුවන්ද එච්චර වැඩක් කියලා !.

මට බෑ තමයි.
ඒත් අපි ජීවත් වෙන්නේ ඒ වගේ සිහින ලෝකෙක කියලා කවුරුවත් හිතනවයැ.
1948 පහුවෙලා අවුරුදු අටකට පස්සේ 1956 දී මහ පෙරලියක් වෙනවා. මේ පෙරලිය සමරන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කාලා. එකාල වන විට මටත් අවුරුදු අටයි. ඊටත් අවුරුදු දෙකකට පස්සේ මම අපේ තාත්තගේ අතේ එල්ලිලා මහ පෙරලිය කලා කියන වීරයාගේ දේහය බලන්න රෝස්මීඩ් ප්ලේස් එකට වැල නොකැඩී ඇදිලා තිබුන මිනිස් ගගට එකතු වෙනවා.
කාලය ගෙවීලා යනවා. 1973 අප්රේල් 13 වෙනිදාවක අපෙන් වෙන්වී ගිය ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වෙනුවෙන් කදුළු වගුරපු ජනතාව මට සිහිපත් වෙනවා. එතකොට අවුරුදු විසි පහක් වුන ඡන්ද දායකයෙක්. 1993 මැයි පළවෙනිදාවක මහ මග පිපුරන බෝම්බයකින් මිය ගිය ආර් . ප්‍රේමදාස ජනාධිපති තුමා වෙනුවෙන් රතිඥ්ඥා පත්තු කරනවා. අවුරුදු හතලිස් පහක පරාසයක් තුල කාලය වෙනස් වෙලා සමාජ විඥාණය මේ විදියට ගිණි ගන්නවා.

මීදුම මේවා අහමින් දකිමින් පාසල් යනවා. අම්මට තාත්තට සහෝදර සහෝදරයින්ට අසල්වාසීන්ට විශේසිත අයට ආදරය කරනවා. 
අන්තිමට ශේෂ පත්‍රයක් නොදැක ගිණුම් වසා දමනවා.
රස්සාවල් හොයනවා. රස්සා වෙන්නත් රස්සාවල් කරනවා- අතහරිනවා අයෙත් හොයාගන්නවා .විවාහ වෙනවා . දරුමල්ලන් මුණුපුරන් දකිනවා.
අත්හැරීම දුකක් ශෝකයක් ඇති කරගන්නේ නැතිව උපේක්‍ෂාවෙන්ම අත්හරිනවා.
ඒ නිසාම ජීවිතය සැනසිලි දායක තැනක් ලෙස දකිනවා.

පහුගිය වසර කිහිපයක් තිස්සේ පනහේ දශකය පහුකරගෙන ඉදිරියට යන්න තතතන සගයින් එකායි ! දෙකායි !! කිය කියා ඇද වැටෙනවා දකිනවා. අහනවා. ඒ සහෘදයින් වෙනුවෙන් ඇතිවුන ශෝක සුසුම් විදගෙන තවමත් මීදුම නොදැවී ඉදිරියට ඇදෙනවා .
මේ මැදියම දොලොස් පැයේ ඉදන් මෙහෙම ගෙවුන ජීවිතයට අවුරුදු හැටපහක් පහු වෙනවා .
මේ දකින්නේ හීනයක්ද ? .

මීදුම තවමත් අද දවස විශේෂිත දවසක් ලෙස හිතමින් ඉන්නවා.


notes of imaginary

2013-10-22

බේබද්දන්ගේ උසාවිය.




ජීවිතේ මතක් වෙන්නේ අසරනව මරණ මංචකයට යන කොට. කොයි කවුරු වටවෙලා හිටියත් මේ ගමනත් අපට එක්වෙලා යන්න බැහැ. ඒක ප්‍රාර්ථණාවක් විතරයි. මේ ගමනත් අපිට තනි තනිව යන්න වෙනවා කියලා ජීවිතයත් එක්ක හරඹ කරන කොට කවුරුත් හිතන්නේ නෑ.
යාළුවෝ තුන්දෙනෙක් හිටියා . මේ තුන්දෙනා මගේ අසල්වාසීන්. මෙයාලගේ ජීවිත වලට හරඹයක් තිබුනේ නෑ. ඒ වගේම මේ තුන්දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ඒ ගොල්ලන්ට වත් තිබුනෙත් නෑ.
එක්කෙනෙක් සමන් කියමු. අනිත් එක්කෙනාට සුමනේ කියමු . ඊලග කෙනා සමරේ කියමු. මේ තුන්දෙනාගෙම නියම නම් මේවා නෙමෙයි. මේ තුන්දෙනා පිලිවෙලින් පසුගිය මාස තුන හතර කාලයේ තමන්ගේ අවසන් සුසුම වා තලයට එක් කරලා මේ ලෝකය අතහැර ගියා.




සමන් සහ සුමනේ යමක් කමක් තිබුන සල්ලිකාර පවුල් දෙකක උපන් පුත්‍රයෝ දෙන්නෙක්. මේ පවුල් දෙකටම පොදු ගුණාකාරය වුනේ අම්මලා තාත්තලා එකතු කරගත්ත ඉඩකඩම් යාන වාහන අම්මා තාත්තා වියෝවීමෙන් අනතුරුව සහෝදර සහෝදරියෝ අතර බෙදා ගැණිම. පසු කාලෙක පවුලේ සාමාජිකයෝ තම තමනගේ කොටස් වෙන් කර ගෙන සමහර ඒවා විකුනලා මුදල් බවට පත් කරගෙන විසිරිලා ගියා.

සමරේ මේ මොනවටවත් නැහැ. උපන්නෙත් දුප්පතෙක්ව අසරනව. මිය ගියෙත් ඊටත් වඩා අන්ත අසරනව.
මේ තුන්දෙනාගේ මිත්‍රත්‍වය එක එකාට අමුනපු දම්වැලක් වගෙයි. තුන්දෙනාම නැගණහිරෙන් හිර නගින කොට අතට ගන්න මත්පැන් බෝතලය බිම තිබ්බේ බස්නාහිරෙන් හිරු අස්ථානව ජීවිතය තාවකාලිකව නිදිගත් විටදී. 
සමහර දාක සමන් සුමනෙගේ නවාතැනේ. තවත් දවසක සුමනේ සමන්ගේ නවාතැනේ. සමරේට නිවසට යන පුරුද්දක් තිබුනා . ඒ දරුවන් දෙන්නෙක් සමග බිරිදක් හිටි නිසා වෙන්න ඇති. නිවසට යන්න සිතුවිලි තිබුනත් නිවසට යන ගමන කෙලවර වෙන්නේ පාරේ හෝ අගුපිලක. 
එහෙමත් දවසක තමයි ගෙදරට යවෙන්නේ.
සමරේගේ බිරිද දරුවන් දෙදෙනාත් එක්ක ජීවත්වෙන්න තියෙන ඔනෑකමටත් දවස රැකෙන්නත් කූලී වැඩකලා.

සමරේ පාන්දර අවදිවුනාම කාගේ හරි වත්තකට පැනලා රම්පේ කරපිංච පුවක් වල්ලක් ගැට පොලොස් ටිකක් කඩා ගෙන උරේ තියන පෝර මල්ලට පුරවා ගෙන කාට හරි විකුනලා bed tea එක බොන්න බාර් එකට නැත්නම් තැබෑරුමට යනවා. ( මතට තිත නිසා අවිධිමත් නිෂ්පාදන අපේ පැත්තේ නැහැ) මුණ කට හෝදා ගන්නේත් නැතිව කොණ්ඩේ පීරන්නේත් නැතිව බුලත් කෙල පෙරා ගෙන මළපෙරේතයෙක් වගේ පාන්දරම ප්‍රාතීභූත වන්නේ මේ මළ කෝලම . 
බාර් එකේ කොල්ලා සමරේ පාන්දර දැක්කම මුමුනනවා.
බාර් එකේ කොල්ලට සමරේ දකින එකත් අප්‍රියාවක්. 
මේ සමරේගේ උදේ වරුව.

හවස් වරුව පටන් ගන්නේ හතරට විතර. මොන මොනවා හරි කරලා හවස් වරුවෙත් රුපියල් පන්සීයක් විතර හොයා ගන්නවා. (සමහරුන්ගෙන් ආධාර ඉල්ල ගන්නවා) බාර් එකට එන සමරේ කාලක් වීදුරුවට වක් කරගෙන වෙවුලන අත්දෙකෙන් දගලන කටට වක්කරගන්න වාරු නැති නිසා ස්ට්‍රෝ එකකින් වීදුරුව මේසේ උඩ තියා ගෙන එක දිගේ ඇද ගන්නවා . තව කාලක ‍කුප්පියක් පෝර උරේට දාගෙන යාළුවන්ගේ තිප්පලට යනවා.
එයාගේ එදා දවස එදාට ඉවරයි.

උදේ දහය වෙන කොට සුමනේ බාර් එකේ. දත් ගලවන්න පුළුවන් අයත් එක්ක සමහරදාට. සමහරදාට සුමනේගේ දත් ගැලවෙනවා.අවුරුදු ගානක් තිස්සේ මාපිය උරුමය කොටස් කරලා ටිකින් ටික බිලා ඉවර කරලා අන්තිමට අම්මාට අයිති ගොඩනැගිල්ලකින් ලැබෙන කුලිය ඉවර වෙනකම් මාසේම බොනවා. 
පුදුමය මේ උන්නැහේලාට කන්න ඔනි නැහැ. ඉර ගල වැටෙන කොට තවත් බාගයක් ඔතා ගෙන ත්‍රී විලර් එකකින් තමන්ගේ පරම්පරාවේ ලොකු කම ගමට බෙදමින් පල්ලම් බහිනවා නවාතැනට.
ඒ තමයි සුමනෙගේ දවසක කෙළවර !.

මේක සුමනේ සම්බන්‍ධ අතුරු කතාවක්.
මීට අවුරුදු තුන හතරකට ඉස්සෙල්ලා මෙයත් එක්ක බීලා නිදාගත්ත කෙනෙක් උදේ පාන්දර බෙල්ල හිරවෙලා මැරිලා . වෙච්ච දෙයක් දන්නේ නෑ. සුමනේ කියන විදියට රෑ ඌරෙක් නවාතැන් පලට කඩා වැදිලා. ඌරා මරලා දාලා . 
උදේ තමයි දන්නේ එයාත් එක්ක එක තැන නිදාගත්ත සහෘදයායි මරලා තියෙන්නේ 
ඌරා නෙමෙයි කියලා. !.

අන්තිමට කියන්නේ ඉතිරිවුනේ සමන්ගේ වංශකතාව.

සමන්ගේ තාත්තා මීට දශක හය කටත් පෙර බේරුවල පැත්තෙන් අපේ ගමට සේන්දුවුන ව්‍යාපාරික චරිතයක්. එතුමාත් දෙවනි පරම්පරාවට වියපැහැදම් කරන්න හරි හම්කරලා ස්වර්ගස්ත වුනා . මීට අවුරුදු දහයක් පහලොවකට ඉස්සර. ඉන් පස්සේ දූ දරුවෝ දේපල බෙදා ගෙන විසිර ගියා. සමන් තනිකඩයා. සමන්ගේ කොටස පරාන භුක්කිය තියාගෙන සහෝදරියකට හිමිකම් පැවරුවා.
ගොඩනැගිලි තුනක් හිමිකාරයෙක් වුන සමන් එක් ගොඩනැගිල්ලක් පදිංචියට තියාගෙන අනෙක් දෙක කුලියට දීලා ලැබෙන ආදායම කාලා බීලා විනෝදයෙන් කාලය ගෙවලා දැම්මා. මෙයත් උදේ පාන්දර ඉදන්ම රැකියාවට වගේ කලේ පෙර ආත්මයේ ගත්ත ණය ස්කාගාර සමාගම් වලටත් රජයටත් පොලිය සමග ගෙවීම.

හැන්දෑව ලබන වත් එක්ක මේ තුන්දෙනා එකතු වුනා තමු තමුන් ගෙනාපුව බෙදා ගෙන ආයෙත් බොන්න පටන් අරගන්නවා තමුනුත් නොදන්නා විදියට කොහේ හරි වැටිලා නිදා ගන්නවා.


සමරේ පසුගිය සතියේ මියගියා. මිය යනකොට වයස අවුරුදු හතලිස් පහක් වෙන්න ඇති. මිය යන්න හේතුව පිලිකාවක්.
සුමනේට එරෙහිව මීණිමරුම් චෝදනාවක් මහාධිකරණයේ විභාගවෙමින් තිබියදී මින් මාස කිහිපයකට උඩදී අධික බීමත් කමින් නිවසක අගුපිලක ස්වභාවික මරණයක් හිමිකර ගෙන තිබුනා. 
ඔහු මිය යන විට අවුරුදු පනහක් විතර වෙන්න ඇති.
සමන් අවුරුදු හැට අටක් පමණ ජීවිතය ගෙවා දින ගණණක් රෝගීව නිරාහාරව තමන්ගේ නවාතැනේ ඇදක ම මියගියා. 
පළමුව මිය ගියේ ඔහු නිසා සමරේත් සුමනේත් අවසන් දින දක්වාම ඔහුට තනිරැක තිබුනා.

ඇත්තටම අපිට මේ චරිත කතා වලින් ඉගන ගන්න තියෙන්නේ මොනවද ?.
ඔයාලට නිගමනය කරන්න ඉඩ තියලා අදට මීදුම නතරවෙනවා.







notes of imaginary