ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2013-12-14

මූදු පතුල යට ඉඳලා




මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///
මුදුපත්ල යට ඉදලා

සෝමලතා සුබසිංහ - මුදුපුත්තු
 

notes of imaginary

1 ප්‍රතිචාර:

Shehan Senadheera said...

මේ ගීතය තියෙන ඒ වේදිකා නාට්‍යය නම් මම බලල නැ. එත් මේ ගීතය නම් කීප වතාවක් අහල තියෙනවා. හරිම ලස්සන ගීතයක්. ආපහු පාරක් අතීතයට ගිය වගේ දැනුනා.