අනාගත ජනාධිපතිවරයා මහින්ද ද ?
නැත්නම් සරත් ද?.
මීදුම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ඡන්ද පදනම දෙස බලා ගෙන පල කරන මේ අනාවැකි මුළු රටේ ම ඡන්ද දායකයින්ට පොදු නො වෙන්න පුළුවන්.
මේ මැතිවරණ කොට්ඨාශයේ ජනතාව 87% ක් පමණ සිංහල බෞද්ධ. 3% ක් පමණවු මුස්ලිම් ජනගහනය නාගරික පරිසරයේ ජීවත් වනවා. වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනගහනය 8 % ක් පමණ වනවා. ඉතිරි ජනතාව විවිධ ජන කණ්ඩායම්.
බහුතර සිංහල ජන කණ්ඩායම ගේ ජීවන වෘත්තිය වන්නේ වී ගොවිතැන, මීට අමතරව කුඩා ප්‍රමානයන්ගෙන් තේ වගාව, එළවළු සහ කෙසෙල් වැනි වගාවල නිරත ගොවීන් විශාල ප්‍රමානයක් සිටිනවා ඉතාමත් සුළු සංඛ්‍යාවක් රජයේ සහ පෞද්ගලික රැකියාවල නිරත වනවා.
මුස්ලිම් ජනගහනය ව්‍යාපාරික කටයුතු වල හෝ රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුක්ත වනවා. වතු ආශ්‍රිත ජනතාව තේ වතුවල කම්කරුවෝ. මේ පිරිස අතර සීමිත පිරිසක් පමණක් එළවළු ගොවියෝ.
ජීවන වියදම ඉහල යාම දෛනික ආදායම් ලබන ජන කණ්ඩායම් වලට තද බල පීඩනයක් වුවත් බහුතර වී ගොවිතැන් සහ කුඩා වගා කරුවන් ඒ තරමට සැලකිල්ල කට ගත් බවක් පළවන්නේ නෑ. පොහොර සහනාධාරය සහ තම නිෂ්පාදන වල වැඩි වු වෙළද අගය මේ පීඩනය මකා ඇති බවක් පෙනෙනවා. නාගරික නොවන ජනගහනය එදිනෙදා ආහාර අවශ්‍යතාවයන් නිවසෙන් ,ගෙ වත්තෙන් සපයා ගැණීමත් ජීවන වියදම ඉහල යාම තුලනය කරන්න හේතු වන්න ඇති. සමෘද්ධිලාභී අඩු ආදායම් ලබන පවුල් පවා, ඉඩම් හිමියෝ නො වුනත් බොහෝ පවුල් අද ගොවියන් ලෙසින් හෝ ප්‍රමානවත් පරිදි වී ගොවිතැනේ යෙදෙන්නන්.
පොහොර සහනාධාරය සහ සමෘද්ධිලාභීන් ට ලැබෙන ආධාර මුදල පාසල් දරුවන්ගේ අවශ්‍යතා ඉටු වීම ආදිය ගැන සලකන ජනතා කොටස් රජය ගැන කරන විවේචන එතරම් තැකීමට ගන්නා බවක් පෙනෙන්නට නැහැ.
1977 මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාශය එජාපයට හිමි වුනා. ඉන් පසුවත් 1956 සිටමත් වාමාංශික නැඹුරුවක් දැරු මැතිවරණ කොට්ඨාශයක්. පසුගිය ආසන්නතම මැතිවරණයේ දී 60% කට ආසන්න ප්‍රතිපලයක් පොදු ජන එක්සත් පෙරමුණ ලබා ගන්න සමත් වුනා. එහි පසුබෑමක් මෙම මැතිවරණයේ දී දක්න ට නැහැ. එජාපයේ මැතිවරණ සංවිධාන කටයුතු තවමත් ඇරම්භ වී නැති තරම්. ආසන මට්ටමේ නායකයින් පවා බොහෝම උදා සීන බවකින් ඉන්නේ. ඔවුන්ට සෘජු නායකත්වයක් නොමැති කම බලවත් ගැවළුවක් බවයි එජාප ආසන සංවිධායක වරයාගේ අදහස.

පොදු ජන එක්සත් පෙරමුණ බිම් මට්ටමේ සංවිධාන කටයුතු වල කාලයක සිට රැදී සිටියත් එජාපය අවුරුදු ගණනාවකින් බිම් මට්ටමේ සංවිධාන කටයුතු සක්‍රීය තලයක පවත්වාගෙන ගොස් නැහැ. එබැවින් සම්ප්‍රදායික පාක්‍ෂිකයන් පවා සිටින්නේ අතරමං ස්වරූපයෙන්. සමහර පාක්ෂිකයන් ජවිපෙයට වාසිදායක අන්දමින් තම ඡන්දය පාවිච්චි කිරීමට අකමැත්තක් දක්වනවා. වතුකරයේ දුවිඩ ජනතාවට අලියා නැති වීම බලවත් පාඩුවක් .මේ වාසිය ලබාගන්නේ පොදු ජන එක්සත් පෙරමුණ..
යුද්ධය මේ ජනතාවට තීරණාත්මක සාධකයක් නෙමෙයි. යුද්ධය නිසා පීඩාවට පත්වුනේ හමුදාවට බැදුන දරුවන් අහිමි විමෙන් සහ ආබාධිත වීමෙන් පමනයි. දැන් ඒ තත්වයත් නිමා වෙලා. බොහෝ පවුල්වල දරුවන් රජයේ රැකියාවලට පාට භේදයකින් තොර ව පසුගිය අවුරුදු හතරේ යොමු වුනා. පොදු ජන එක්සත් පෙරමුණ ට සම්බන්ධව පවුල්වල දරුවන් ද යම් යම් විශේෂිත රැකියා අවස්ථා ලබා ගෙන තියෙනවා. එයින් ඇතිවූ විරසක බව පොදු විභාග පවත්වා ලබා දුන් රැකියා අවස්ථා අනෙක් පාක්ෂිකයනට ද ලැබීම නිසා තුලනය වී ඇති බවයි ඔවුන් සමග කතා බහේදී හිතෙන්නේ.
රජයේ දූෂණය ගැන කරන විවේචන ඒ තරම් ප්‍රතිපල දායක ලෙස සමාජ තලය පිළිගන්නා බවක් දක්නට ලැබෙන්නේ නෑ. ඒවා සාමාන්‍ය සිද්ධි ලෙස උපේක්ෂාවෙන් සිතන ස්වරූපයක් තමයි දක්නට ලැබෙන්නේ. “කොයි කා කලත් කරන්නේ ඕකම නේ.......“ යන්න බොහෝ දෙනා ගේ අදහසයි.
බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ දී පොදු ජන එක්සත් පෙරමුණ ගිය වරට වඩා ඉදිරියෙන් සිටින බවක් තමා පෙන්නුම් කරන්නේ. ප්‍රකාෂ කරන චන්ද ප්‍රමානයෙන් 65% ක් පමණ මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙයි කියලායි මීදුම උපකල්පනය කරන්නේ.රට වටේ අනෙක් මැතිවරණ කොට්ඨාස මේ වගේද කියලා මීදුම දන්නේ නෑ.
මීදුම කාටවත් කඩේ යන්න හිතන්නේ නෑ. මැතිවරණ කොට්ඨාශව පිළිබදව පොදු තත්වයයි පල කලේ.