ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2008-10-08

මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන්



මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන් ජාතියට අහිමි කරනු ලැබීනි.
එතුමන් යුද බිමේ නිරූප්‍රදිතව තම ජාතික මෙහෙවර යුතුකමක් ලෙස සලකමින් මව් බිම අපේය යන උත්තරීතර හැගීමෙන් අනාගත දූ දරුවන්ට ඒකීය ශ්‍රී ලංකාවක් පුද කිරිමේ අරමුනින් දිවි පරදුවට තබා සටන් මෙහෙයවීය.
විශ්‍රාම ගැණිමෙන් පසු යුද වීරයෙකු ලෙස ජීවත් වීමට ඉඩ නොහල ජරා දේශපාලනය එතුමා තම සතුරන්ට බිලි ගැණීමට නිරාවරනය කලේය. දැන් වැරැද්දේ දබර ඇගිල්ල හතර වටේ දික්කරමින් තමන් දෙසට ඉතිරි ඇගිලි දික්වී නැතැයි සිතා ගනිමින් පස් පඩංගුවේ බැණ අඩ ගසමින් සිටිති.

මෙම බෝම්බ සිද්ධිය වාර්තා වූ දිනම අප සහෘද බ්ලොග් ලියන්නෙක් අනාවැකි පල කරමින් හතර වටේ බැණ අඩ ගහන උදවිය ගැනත් සදහන් කරමින් තම සංවේගය සටහන් කර තිබිනි.

ඇත්තෙන්ම ජානක පෙරේරා විරුවානන් පලාත් සභා දේශපාලනයට යොදා ගැණීමට තරම් බාල ප්‍රභූවරයෙක් නොවේ.ජරාවෙන් පිරුන භාජනයකට පයින් ගසා බිද දමන විට සිදුවන්නේ තමන්ටද එම ජරාව ඇගපතේ නාවා ගන්නය. එසේ නම් ඒ සදහා සුදුස්සෙක් එතනට යෙදිය යුතුය.එජාප නායකත්වදය උතුරු මැද සහ සබරගමුව ජයග්‍රහණය කරමින් දිග ගමනක් යන්නට පෙරුම් පුරමින් යෙදු බළල් අතක් වූ ජානක පෙරේරා විරුවානන් මරා ගත්තේ රජයද?.

07 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහයන් ජානක පෙරේරා විරුවානන් අගය කර ප්‍රකාශයක් කරමින් රජය ආරක්‍ෂාව ලබානොදීම, එතුමාගේ පෞද්ගලික ආරක්‍ෂක විධි අඩපන කිරීම, නිසා මෙම අවාසානාවන්ත සිදුවීම ට අවස්ථාව ඇති කල බවට වෝදනා කලා.එතුමන් වර්තමාන ආරක්‍ෂක ලේකම් වරයා අනියමින් හෑල්ලුවටත් දෝෂ දර්ශනයට ලක් කරමින් තිබුනා.ත්‍රස්තවාදයට එරෙහි සටනට නියම සුදුස්සා ජානක පෙරේරා විරුවානන් බවත් ඔහුට ඒ සදහා අවස්තාව ලබා නොදුන් බවත් පල කර සිටියා.ඔහු ආරක්‍ෂක ලේකම් වරයා ලෙස පත් නොකරගත් බවත් සදහන් කලා.

මහින්දයන් රනිල් වික්‍රමසිංහයන් නම් කරන පුද්ගලයෙකු අතිශය විස්වාසිවන්ත විය යුතු තනතුරකට පත්කරාවියැයි සිතන අයෙක් සිටියා නම් ඔහු යෝජිතයා පමනක් විය යුතුයි.
එජාප මහ ලේකම් තුමා නොනවත්වා කියවා ගෙන කියවා ගෙන යන අග මුල නැති තර්ක විතර්ක දකිමින් රජයට චෝදනා කරනවා. ආරක්ෂාතව සම්බන්ධයෙන් මේ සියල්ලටම ගැලපෙන උපදේශයක් අතිගරු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා අපට ඉතිරි කර ගොස් තිබෙනවා රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති තනතුරට පත්ව සිටියා නම් තමුන්නාන්සේලාගේ ආරක්ෂාවව තමුන්නාන්සේලා සලකා ගන්න ඕනී ඒක මට කොරන්න බෑ කියලා, එතුමත් අපට කියාවි.
මේ විකාර වලින් විශිෂ්ඨ ගනයේ වරිතයක් තව තවත් හෑල්ලුවට ලක් කරනවා විතරයි කෙරෙන්නේ.
කල යුත්තේ කුමක්ද? යන්න තෝරා බේරා ගන්න ජරා දේශපාලනයට පේන්නේ නෑ.
මැතිවරනයකින් පසු වැඩි ජනමතයකින් රාජ්‍ය නායකයෙකු පත් වූ විට ඔහු පිස්සු නටන්නේ නැතිව රට කරයි නම් , ඒ කටයුත්තට සහයෝගය නොදී වල කපනවා නම් ඒ වලේ වැවෙන්නේ රට බව මේ උත්තමයෝ කවදා තේරුම් ගනිද?. රාජ්‍ය නායකයෙකු තමන් අතින් සිදුවන වැරද්දක් පෙන්නා දුන් විට වැරද්ද නිවරදි කර ගැනිමට තරම් නිහතමානි වන්නේනම් නිවරදිවන්නේ රට බව කවදා තේරුම් ගනිද?.

මම මේ සටහන අවයන් කරන්නේ රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රකාශයේ අවසාන කොටසින්.
සැමදා උදැසන හිරු නැගෙනවිටදීත් , හිරු බැස යනවිටදීත් ජෙනරාල් ජානක පෙරේරා රණ විරුවානන් අපට සිහිවේවි. එතුමන්ට ආරක්‍ෂාව ලබා නොදීමේ තීරණයට සම්බන්ධවු හැම දෙනාටම හිරු නැගෙනවිටදීත්, හිරු බැස යනවිටදීත් තම තමන්ගේ හෘද සාක්ෂිකයේ චෝදනාවට හසු වී සදා කල් චේදනා විදිවි.
මේ ඡෙදයේ ජෙනරාල් ජානක පෙරේරා රණ විරුවානන් යන්නත් එතුමන්ට යන්නත් ඉවත් කර එතැන්වලට අපේ මවු බිම සහ මවු බිමට යන වචන දෙක ආදේශ කර රනිල් වික්‍රමසිංහයන්ට යලි කියවන ලෙස යෝජනා කරමි.එවිට එතුමන්ටත් සිදුවන්නේ තමන්ගේ හෘද සාක්‍ෂියේ චෝදනාවට හසු වී සදා කල් චේදනා විදින්නටය.

රටත් වැදු මවත් එක්වන්ය. රට රැකුම මවු රැක්කා වැනිය. ඒකිය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තම දේශපාලන පක්‍ෂයේ මත වාදයනට ඔබ්බෙන් පෙනී සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන්හට නිවන් සුව අත්වේවා !.

2008-10-07

ඌවෙන් කතා දෙකක්.



පසු ගිය දිනක රූපවාහිණී නාලිකාවක ලමා වැඩ සටහනකට සහභාගී වු ඌව පලාතේ පාර්ලිමේන්තු ඇමතිනියක වෙත ඉදිරිපත්වූ දැණුම මිණුම පුංචි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට නොහැකිවිය. රාත්‍රී කාලයේ අහාර සොයා යන පක්ෂිෙයෙක්, මීටරයට සෙන්ටි මීටර් ගණන නොදන්නා ඈ මංත්‍රීනියක ඇමතිනියක වීමට පෙර ගුරුවරියකලු. ගුරුවරියක නොවි සිට ඈ දේශපාලන වෘත්තියට පිවිසීම අපේ පිනට සිදුවුවකි.
මොණරාගල , බිබිල , පසුකර යන විට හමුවන පදියතලාව ග්‍රාමීය නගරයකි. පදියතලාවට අවට ගොවි ගම් වලින් දෛනික අවශ්‍යතා සදහා ගම් වැසියෝ පැමිනෙති . දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යචාර්යතුමෙකු වෙත දිනක ප්‍රතිකාර සදහා පැමිනි තරුන මවක් සහ ඇගේ තවමත් පාසල් නොයන වයසේ දරුවන් දෙදෙනාටත් මව තිදෙනාටම බෙහෙත් ලබා ගන්නා ලදී.
වෛද්‍යචාර්යතුමා පිලිවෙලින් මි.ලි.750,375,200 බෝතල් වලට බෙහෙත් පුරවා මව වෙත දෙමින් , මම මාරුවෙනවට ඔන්න වයසේ හැටියට බෝතල් වලට බෙහෙත් දැම්මා කියමින් බෙහෙත් පාවිච්චි කරන අන්දම විස්තර කලාය. මේ සියල්ල අසා ගෙන සිටි වයස අවුරුදු තුනක පමන බාලම දරුවා අම්මාගෙන් ප්‍රශ්නයක් අසනු වෛද්‍යචාර්යතුමා අසාගෙනය.
‘’ අම්මේ තාත්තා ආවානම් බෙහෙත් දාලා දෙන්න උනොත් වෙද මහත්තයා බෙහෙත් දාන්නේ මොකේද ? . තාත්තාට බෙහෙත් දෙන්න ලොකූ බූලියක් ඕනෑ විය යුතුයැයි දරුවා උපකල්පනය කලා විය හැක.
පුදුමයක මහත මේ දරුවාත් ඇමතිනියත් එකම ප්‍රදේශයේවීමය.

2008-10-05

දෙවිවරුත් සටන්බිමේ


අපේ කාලේ ගුරු අභ්‍යාස විද්‍යාල හරහා පැමිණි ගුරුතුමන්ලාද රුපියල් සියයේ වැටුපට ගුරු සේවයට එක්ව රුපියල් අනූ නවයයි ශත අනූවක් අතට ගත් ගුරුතුමන්ලාද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නොයෙක් තනතුරු දරා අධ්‍යාපනයට විශාල මෙහෙවරක්කර විශ්‍රාම ගොස් හමාරය.
ඉන්පසු විශ්ව විද්‍යාල විද්‍යා පීඨ යුගය පටන් ගත් අතර ඉන් පැමිණි පළමු , දෙවන කාණ්ඩායම් දැන් විශ්‍රාම යමින් සිටී.මේ ගුරුතුමන්ලාගේ යුගය අතර මගදී ගුරුසේවය අවසන්ව ගුරු වෘත්තිය ආරම්භවෙයි. එහි ආරම්භය සටහන් වන්නේ 25,000 ක් ජනසවිලාභීත්ව ය සුදුසු කමක්වු මහත්ම මහත්මීන්ද තවත් අතුරු මාර්ග ඔස්සේ මංත්‍රී චිට් එකෙන්ද එක්වෙන මහත්ම මහත්මීන්ගෙනි. මේ ගුරු කන්ඩායමට එක්වන උපාධිධාරීන් සහ විද්‍යා පීඨ ගුරුවරුන්ද වෘත්තිකයන් බවට පත්වෙති. වෘත්තිකයෝ සේවය අත හැර වැටුපට සහ මුදලට වැඩ කරන්නට පටන් ගනී.
අවාසනාවන්ත ගුරු ගෝල සම්බන්ධතා සහිත ගුරුවරයාට නොසලකන යුගයක් නිර්මාණය වෙමින් ගන්ධබ්බ අවස්ථාවේ සිටින්නාවු ගුරුවරුන් මා පියන් දරුවන්ට දෝෂාරෝපනය කරන යුගයකට දැන් අප අවතීර්ණ වෙමින් සිටිමු.අනෙක් අය මෙම සංසිද්ධින් සාමාන්‍ය දෙයක් ලෙස සලකති.
පනහේ හැටේ දශකවල ගුරුවරයා දෙවිවරයෙකි. ගමේ ඉස්කෝලේට දුර බැහරින් පත්ව එන මේ ප්‍රභූවරයා ගමේම ඉහලින් වැජඹෙන පුද සත්කාර ලබන්නෙකි. වර්තමානයේ මෙන් අධ්‍යාපන මනෝ විද්‍යාව,ඉගැන්වීමේ ක්‍රම පොතෙන් නොව ප්‍රයෝගිකව දත් මෙතුමන්ලා වරද දුටු තැනම නිසි පිළියම කර නිවරදි කිරීමට දක්ෂායෝ වූහ.ගුරු ඇබැසි විදුහලේදී විවිධ විෂයයන් සදහා පන්නරය ලබා ඇති මෙතුමන්ලා ඕනෑම විෂය නිර්දේශක් පංතියේ පොත පෙරලන්නේ නැතිව ඉගැන්වීය. පාසල්වත්තද දැකුම්කළු තැනක් බවට පත්කර එළවළු පළතුරු මල් ආදියෙන් සුන්දර තැනක් බවට පත් කරමින් පල ප්‍රයෝජන දරුවන් අතරද බෙදා දෙමින් “අපි වවමු රට හදමු” වන් වර්තමාන දිරි ගැන්වීම් ආයාසයකින් තොරව දරුවන් ගේ මනස තුල පැල පදියම් කරවීමට සමත්විය.අද පාසල් වත්තද දරුවන්ගේ මනස මෙන් පාළු කාන්තාරයක් බවට ලත් වී ඇත.
වැඩි වන ජනගහණය , පීඩාකාරී ආර්ථිකය ,ජරා දේශපාලනය ආදී වර්තමාන සමාජ සාධක විසින් අතීතය උඩු යටිකුරු කර දෙවිවරයෙක්වූ ගුරුවරයා අද වැටුපට පවා ණය ගැති යෙකු බවට පත්කර ඇත. ඔහු වර්තමානය වන විට පෙලපාලි යන්නටත් සිසු දරුවන්ගේ අනාගතය ඇපයට තබා ගෙන වර්ජනය කර අයිතිවාසිකම් දිනා ගන්නට තරම් සාහසික වී සිටිති. අධයාපන පින් බිම මේ තත්වයට පත්කිරීමට එක් පසකින් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ තලයේ නිළධාරීන් සහ රිචර්ඩ් පතිරණ ඇමතිවරයාගෙන් පසුව වරින් වර පත්වූ අකාර්යක්‍ෂමතම අධ්‍යාපන ඇමතිවරු සියල්ල වග කිවයුතුය.
මේ දේශපාලන හෝරාව ලියවි ඇත්තේ මහින්ද රාජපක්ෂයන් නමිනි. එතුමාගේ පාලන රටාව නීතී ගරුක ස්වභාවයක් දක්වන බැවින්දෝ අවසානයට ගත යුතු ආයුධය මුලින්ම ගන්නටත් මුලින්ම ගත යුතු ආයුධ බැහැර කරන්නටත් වෘත්තිය සමිති ක්‍රියා කරන බවක්ද පෙනේ.
නිවසක ‍රෝගියෙක් නැත්නම් සුවිශේස අවස්ථාවක් ඇතිවිටෙක අනෙක් ඕනෑ එපාකම් වලට වඩා ඒ සදහා ප්‍රමුඛතාවය දෙන සිරිතක් තිබේ. රටද අසාධ්‍යව සිට ප්‍රතිකර්ම කරන බැවින් ඒ සදහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු සිදුවේ. ජනතාවද ඉතාමත් ඉවසිල්ලෙන් බලාසිටී.
මේ අල්ල පනල්ලේ ගුරුන්ද යුද්ධ ප්‍රකාශ කිරීම බලවත් වරදක් ලෙස අපි දකිමු.එහෙත් රථ පෙරහැරකින් ඩීසල් පෙට්‍රල් නාස්තිකරගෙන එකා යා යුතු තැනට විසිපහක් තිහක් කැදවා ගෙන යන දේශපාළුවන් මුලින්ම නාස්තිය පිටු දැකිය යුතුය. එහෙත් නාස්තිය ගණනකටවත් නොගන්නා දේශපාළුවන් හට මේ කිසිවක් නොදැනෙන විට සියළු පීඩාවන්ට ගොදුරුවී අපහසුතාවයන්ගෙන් පීඩීත කොටසකින් බලාපොරොත්තු විය හැකි සංහිදියාවක් නැත.

2008-09-28

සක්විති සුවය


සක්විති රණසිංහ නම්වූ චෞරයා විශාල මූල්‍ය වංචාවක් කර රටින්ද බැහැරට ගොස් ඇත. මේ සා විශාල මුදලක් දේශීය නීතී රීති යටතේ බැහැර නොකළ හැකි බැවින් නැති නාස්ති නොකළ ඉතිරියක් මෙරට‍ අප්‍රකාශිතව තිබිය යුතුය.
සක්විත්තා ඇතුළු කප්පිත්තෝ සති අන්ත ප්‍රවෟත්ති පත්‍රවල මාගල් ප්‍රමාණයේ දැන්වීම් පල කරනවිට අවධානය යොමු නොකර ශ්‍රි ලංකා මහ බැංකුව නිදි වැද්දාද ? . වැඩි පොලී අනුපාත ගෙවමින් තැන්පතු අර්ථය දෙන වෙනත් වචන යොදමින් මුදල් තැන්පත් කරවා ගැණීමට පල කරන දැන්වීමක් කෙරෙහි අවධානය යොමු කරවා ගැණීමට මහජන පැමිණිලි නොතිබුනායි කීම නිදහසට කරුණක් නම් නොවේ.මෙවැනි මහ පරිමාණ ජාවාරම් කරුවෝ මෙන්ම ආභාෂය ලත් තවත් ජාවාරම් කරුවෝ ප්‍රාදේශීය වශයෙන්ද සිටිති.
සමහරු සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ණය දෙන සමූපාකාර ලෙස ලියා පදිංචිවී නීත්‍යානූකූල සළු පොරවා ගනී. නිසි ඇගයීමක් නොමැතිව මේවා ලියා පදිංවි කරගන්නා බැවින් ජනතාව මුලාවේ.උදාහරණයක් ලෙස 2007 වසරේ මෙවැනි මූල්‍ය වංචාවක් බණ්ඩාරවෙල ගුරුවරයෙකු විසින් ආශ්‍රීත නගර කිහිපයක පවත්වාගෙන ගොස් හෙලිදරව් විනි.තවමත් මෙවැනි ආයතන ඉතාමත් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලැබේ.
ව්‍යාපාර නාම ලියා පදිංචි කිරීමේ පනත යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වයාපාරයක් ලෙස ලියා පදිංචිවි මූල්‍ය පහසුකම් සපයන ආයතනද තිබේ. මේවා එක් දින පොළි අයකරගන්නා පදනම මත මුදල් පොලියට දෙති. ඔවුන්ද ආයෝජන තැන්පතු වශයෙන් ලබා ගනී. සමහරවිට ව්‍යාපාර නාම ලේඛන ලියාපදිංචි කිරීමේදි ව්‍යාපාර ස්වභාවය යටතේ දක්වා ඇත්තේ ‘‘මූල්‍ය උපදේශණ සැපයීම සහ ආධාර කිරීම’’ වැනි පාඨයක් විය හැක. මේවාද බැංකු ස්වරූපයෙන් කටයුතු කරයි.
1948 ට ඔබින නීති 2008 නොගැලපෙන බැවින් නීති පද්ධතියද වෙනස් විය යුතු අතර අපද පනින්නට පෙර සිතා බැලිය යුතුය.

2008-09-27

පෞද්ගලික විශ්ව විද්‍යාල


උසස් පෙලින් සමත්වන 14% ක් විශ්ව විද්යාුල ප්‍රවේශයට තේරෙයි. දළ ජාතික ආදායමෙන්0.5% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරයි. විශ්ව විද්යා‍ල 15 ක් මෙරට ක්‍රියාත්මකවේ. විශ්ව විද්යා‍ල ශිෂ්‍යයෙකු වෙනුවෙන් එක් එක් උපාධියක් වෙනුවෙන් රජය මහජන බදු මුදලින් වැය කරන මුදල පහත වගුව පෙන්වයි.
නීතීඋපාධිය රුපි.02,02,558 .00
ව්‍යාපාර අධ්‍යයනඋපාධිය රුපි.02,88,361 00
කලා /සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර උපාධිය රුපි.04,07,676 00
ගෟහ නිර්මාන උපාධිය රුපි.04,35,382 00
තොරතුරු තාක්‍ෂණ උපාධිය රුපි.05,01,649 00
ජන සන්නිවේදනය සෞන්දර්ය උපාධිය රුපි.05,31,926 00
මිණුම් විද්‍යා උපාධිය රුපි.06,35,043 00
ඉංජිනේරු උපාධිය රුපි.06,58,532 00
විද්‍යා උපාධිය රුපි.06,66,229 00
සත්ව පාලනය ධිවර සහ පෝෂණයවේදී උපාධිය රුපි.09,95,956 00
කෟෂි කර්ම උපාධිය රුපි.11,34,950 00
වෛද්‍ය උපාධිය රුපි.13,26,550 00
පශු වෛද්‍ය උපාධිය රුපි.16,93,242 00
දන්ත වෛද්‍ය උපාධිය රුපි.21,42,110 00
මූලාශ්‍රය 2008.09.21.දින ලංකාදීපය. 
අධ්‍යාපනයත් රටේ සංවර්ධණයේම කොටසකි. එහෙයින් මෙම ආයෝජනය පිළිබද විවාදයක් ඇතිවිය යුතු නැත. උසස් පෙලින් සමත්වන 86% ක්වු සිසුන් හට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් නැතිවුවත් ඔවුන්ද උපාධිය සදහා සූදානම් වීමට සුදුසු කම් ලැබූවෝ වෙති. මොවුන් ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් බාහිරව අධ්‍යාපනය ලබමින් උපාධිය ලබා ගනිති. එහෙත් බාහිර උපාධි විභාග පවත්වන විශ්ව විදයාල වලින් පවා විධිමත් පහසුකම් මේ දරුවන්ට නොලැබෙති. 
තවත් සුළු ප්‍රමානයක් දරුවෝ යම් යම් ඩිප්ලෝමා පාඨමාලා සදහා යොමුවුවත් ක්‍රමවත් අධ්‍යාපනයක් ඒවායින් නොලබති. උසස් අධ්‍යාපනය සදහා දරුවන් යොමු කිරීමේ නිසි වැඩ පිළිවෙලක් ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්ති තුල නැති බව මින් පැහැදිලිවේ. 
විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා නොතේරෙන මිළ මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් විදේශීය අධ්‍යාපනය කරා යොමුවන අතර අනෙක් දරුවන් අතරමං වෙති. මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා ගැණීමේ පහසුකම් රජයට සලස්වනු නොහැකිවන්නේ ඒ සදහා ප්‍රතිපාදනයන් වෙන් කිරීමේ නෙහැකියාවයි. එසේනම් නිසි ප්‍රමිතියක් සහිතව පවත්වාගෙන යන පෞද්ගලික විශ්ව විද්යානල බිහි කිරීමේ වරදක් ඇතැයි තර්ක කිරිම 14% ක්වු උසස් අධ්‍යාපනය වරප්‍රසාදය 86%ක්වු අනෙක් දරුවනුත් ලබා ගැනිමෙන් 14% කට ඇතිවන යම් සමාජ තත්වයක් අහිමිවීම පිලිබද උපදින මානසික කුහක කමකි.
පෞද්ගලික විශ්ව විද්යාකල ඇති කිරීමට එරෙහිව වීදි බහින්නේ දෙමව්පියෝ නොවෙති. විශ්ව විද්යාල ශිෂ්‍යයෝමය. ඹවුන් එරෙහිවන්නේ තම සහෝදරයින්ට බව තේරුම් නොගනී. උද්ඝෝශනයක්, පිකටින් එකක් වර්ජනයක් නොමැති නම් පැවත්මක් නැති දේශපාලන ව්‍යාපාරිකයන්ගේ බඩ වඩා ගන්නට මේ දරුවෝ බිල්ලට ගනී. ඉන් පසු අපි නිදහස් අධ්‍යාපනය රැක ගත්තායයි බිරුසන් දෙයි. විශ්ව විද්‍යාලයට පිවිසිමේ තරගයෙන් ජය නොගන්නා දරුවන්ගේ අධ්‍යාපනය විනාස කරන මේ නරුමයෝ උදම් අනමින් සිටිති.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෝ බිලි ගන්නා මේ දේශපාලන ව්‍යාපාරිකයන් දරැවන්ගේ අනාගත අභිවෟද්ධිය වෙනුවෙන් ඔවුන් මෙහෙයවත්ද ?.පාඨමාලා කාලයෙන් අඩක්ම උද්ඝෝශන, පිකටින් ,වර්ජන යන්ය. හරියට ඒවාත් පාඨමාලා නිර්දේශවලට ඇතුලත් වන කරුණු තරමට සිසුන්ට වැදගත්ය. මේ දරුවන් ඉහත වගුවේ ඇති පරිදි මුදල් තමන් වෙනුවෙන් වියදම් කරන්නේ තමන්ගේ දෙමව්පියන් දියලුනු කැටේට පවා උපයන මුදලින් ගෙවන බදු මුදලින් බව තේරුම් නොගනී. දරුවන්ගේ අධ්‍යාපනය විනාශකරන දේශපාලන වයාපාරිකයන් හට වැදගත් වන්නේ තමන්ගේ බඩ මිස රටේ දරුවන්ගෙ බඩ නොවන බව පැහැදිලිය.

2008-09-25

අනතුරුදායකයි - ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.



SMS එවන. පොඩ්ඩ බැරිවෙනකොට ටෙලිෆෝනය හරහා පැය ගාණක් එල්ලී එල්ලී ඉන්න කාලයක මට හුරු පුරුදු අකුරු වලින් ලියුමක් ඇවිල්ලා. තෑපෑලෙන් එන්නේ ටෙලිෆෝන් බිල් , බැංකු වාර්තා, ෆිනෑන්ස් සමාගම්වල අනතුරු හැගවීම් වගේ දේවල් අතර මේ ලියුමත් ඒ නොසැලකිල්ලට පත්වෙලා. මම කියවන්න පටන්ගත්තේ නිවී සැනසිල්ලේ හවස් යාමේ. ලියුම පුරාම තියෙන්නේ දුක් ගැනවිල්ලක් මගේ මිත්‍රයාගේ කැණිමඩලට හෙණ ගහලා. 
පිළිතුරක් දෙන්න ගියත් බිල ගැන මතක් වෙලා මමත් ලියුමක්ම ලියන්න හිතුවා.
ආදරය සුන්දරයි.මිත්‍රයාගේ ආදරයට දෙමව්පියෝ හරස්වෙලා. රැවුලේ ගාගන්නේ නැතිව මිත්‍රයාට කිරි කන්න ඕනි. එයාගේ ලිපියේ අදෝනාව ඒකයි.සම්ප්‍රදායික කොටස අත හැරලා මගේ ලිපියට පිලිතුර මෙතැන් ඉදලා කියවන්න.

..............මට පටන්ගන්න වෙන්නේ ඔබේ වැරැද්ද ගැන කියාගෙන. අවුරුදු පහ හයක් කියන්නේ ලොකු කාලයක්. පහුගිය කාලය ටිකින් ටික අම්මට තාත්තට තොරතුරු කාන්දුවෙන්න අරින්න තිබුනා. ඔයා කලේ සියල්ල වසංගන්නා එක. අන්තිමට ඉලක්කේ බලලා ‍බෝම්බේ ගහපුවම ඔය ටික වෙනවා. ඔයාට පැනලා යන්න බැහැ .දැන් අර ළමයාට උනත් වෙන විකල්පයක් නැහැ දෙන්න කසාද බදිනවා හැර. ඒ ළමයා ඥාණාන්විතයි . යම්තරමක තොරතුරු තමන්ගේ දෙමව්පියන්ට කියලා තිබුන නිසා.
ඒත් ඔයාට මේ අවුල ලිහාගෙන මිසක් ව්‍යාපෟතිය පටන් ගන්න බැහැ.
කොයි දෙමව්පියෝත් සමප්‍රදායිකයි . ආදර සම්බන්ධයක් ගැන අහපු ගමන් කළබල වෙනවා. යුද්ධ ප්‍රකාශ කරනවා හොද නරක හොයලා බලන්නෙ නෑ.දරුවන්ගේ විවාහයේදී පූර්න මැදිහත්වීම ඔවුන් අත්පත් කරගන්නවා . ඒකට අයිතියකුත් තියෙනවා. කවලා පොවලා , හදලා වඩලා , අධ්‍යාහපනය ලබලා දීලා ආර්ථිකයත් සුරක්‍ෂිත කරලා දුන්නම ඔය කටයුත්තේදි පූර්න අයිතියත් ඔවුන්ට තියෙනවා කියලා හිතන්න වෙනවා. ඹවුන්ට තියෙන්නේ සම්ප්‍රාදායික නිර්ණායක ටිකක්. කේන්දරය,ආගම, කුළය, වත්පොහොසත් කම සමග බැදුන දැවැද්ද, වගේ දේවල් . මගුල් කපුවෝ ඥාති හිතෛෂීන් මේවට තව තවත් පෝර දමනවා.

කේන්දරය,ආගම, කුළය, දැවැද්ද, යල් පැනගිය නිර්නායක. දෙන්නට සරිලන ආර්ථිකයක් තියෙනවා නම් දැවැද්ද මොනවටද? . අවුරුදු පහ හයක් දැන අදුනාගෙන තියෙන ඔය දෙන්නට කේන්දරය මොනවටද?. මම හිතන්නේ එහෙමයි. වැඩිහිටියෝ බලාපොරොත්තුවන නිර්නායක අතර ඔය දෙන්නා සපුරා ගෙන නැත්තේ කේන්දරය නොබැලීම විතරක් නම් තියෙන්නේ විරුද්ධ වෙන්න ඕනවට විරුද්ධවීමක්.

දෙමව්පියෝ තරහ කරගන්න එක හොද මදි. දැන් ප්‍රශ්නය ගිණියම් වෙලා තියෙන වෙලාව. ඔබට තියෙන්නේ සාර්ථකව පසුබසින්න. මම අහල තියෙනවා දෙවන ලෝක යුද්ධයේදී ඉංග්‍රිසින් යුද්ධය උච්චම අවස්ථාවලදී පසුබැහලා උපක්‍රමිකව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කලා කියලා.කැත්තට පොල්ල වගේ නැතිව හෙමින් සීරුවේ අදහස් ගෙන එන්න. පහසුවෙන්ම අදහස් දක්වන්න පුළුවන් කෙනාට සමීප වන්න. මම දකින්නේ ඔයාලගේ ගෙදර නම් සුදුසු ම කෙනා අම්මා කියලා. කාලය ගන්නා එක ප්‍රශ්නය විසදා ගන්න තියෙන හොදම විසදුමයි.පලමුව තමුන් කීකරුවන්න. එවිට අන් අය තමුන්ට කීකරුවනවා නිතැතින්ම.

ඉක්මන් නොවී සාමදාණයෙන් කටයුතු කරන්න. අර ළමයාත් දැන උගත් සමාජ අත්දැකීම් ඇති කෙනෙක්.දෙන්නාටම තියෙන්නේ එකම අරමුණක්.ඔබේ අදහස නිශ්ඵල වෙන්නේ නැහැ ඒක සහතිකයි........................ .

2008-09-17

කදුළක් .


දවස පටන් ගත්තේ නෙතට කදුළක් ඇති කළ දුරකතන ආරංචියකින්. උදේ හතට පමන තේ එකක් බොමින් සිටියදීම ක්ලාන්තගතියයි කියු ‘දැත්තා ‘රෝහලට වත් ගෙන යාමට ඉඩ නොතබා ඊ ලග මොහොතේ මියගොස් . ආරංචිය මට කිවේ ලෑල්ලා විසිනි.
මම වායු අවපාතයකට වැටනු යානාවක් මෙන් අසුනකට කඩා වැටිණි.
අපිට පාසල් සමයේ ගජ මිතුරු කන්ඩායම් සිටියෝය. පාසලත් මගේ නිවසත් අතර දුර කි.මි 140 ක් පමනවු බැවින් මම නේවාසිකයෙක්විමි. නාගරිකයන් අතර මම ගමයෙකුවුවද සියළු කන්ඩායම් අතර අන්තර් සම්බන්ධසතා පවත්වා ගෙන යාමට සුප්‍රසිද්ධ නමක් - හිමිව තිබු මගේ ගම මට උපකාරීවිය. මගේ ගමට පෙම් බැන්දෝ මටද පෙම් කළහ. පසුගිය දශක තුන හතර තුළ අප සියළු දෙනාටම පොදුවූ ජීවිතයේ අභියෝග අතර ඇතිවූ හැලහැප්පලි මැද දුරින්ම සිටි ගමයා ටිකින් ටික අමතකවිය. ජිවන මාර්ගය සදහාද රැකියාවක් කළයුතුයැයි චින්තනයක් නොතිබූ ගමයා ගත් මග සරළ නොවීය.මිත්‍රයෝ නගරයේද ලෝකයේ විවිධ රටවල විසිර යද්දී ගමයා ගමේම පැල විය.
එක් එක් අයට වෙන් වෙන්ව අන්වර්ථ නම් පට බැදී තිබූ අතර දැත්තා ගේ දත් ‍කිහිපයක් ඉදිරියට නෙරා තිබූ බැවින් ඔහු දැත්තා නම් විය.නාගරිකයෙකු නොවු මම ගමයා විය.
දැත්තා ගුවන් හමුදාවේ සේවයට බැදී කාර්මිකයෙකු ලෙසත් පසුකාලයක සිවිල් ගුවන් සේවාවලත් සේවය කර අරාබි කරයේ ගුවන් සේවාවක රැකියාවක් ලැබ විදේශ ගතවී ඇත.දශක දෙකකට පමන කාලය ඉකුත්වූ එක් දිනක පෙර පුරුදු නමින් අමතන්නෙක් කෑ ගසමින් ගමයාගේ නිවස ඉදිරිපිට ගමයා සොයමින් සිටියේය. ආ ගිය කතා මැද දැත්තා විවාහ වූයේ ලගදී බවත් විදේශ රැකියාවෙන් උපයා ගත් මුදල් අවසන්වූ බවත් පැවසුවේ ‘මචං මම ඔළුව සෞදියේ තියලා ආවනේ ‘ යන සැහැල්ලුවෙනි. ඉන් ටික කලකට පසු දැත්තා නැවත විදේශ ගතවිය.
ඒ හමුවීමත් නැවත ලංකාවට පැමිනිමත් අතර ඔහුගේ ඉතුරුම් සහ බිරිදගේද සහයෙන් නගරයේ තමන්ගේම තෙමහල් ගොඩනැගිල්ලකුත් සාර්ථක ව්‍යාපාරකත් හිමි කරුවෙක් බවට පත්ව සිටියේය. ඔහු ලංකාවට පැමිනිමත් සමග දවසක මට දුරකතනයෙන් කතාකර කීවේ ‘මචං ගෑණී ඔළුව සෞදියන් ගෙන්නා ගත්තා.’ යනුවෙනි.
කාලය ගෙවී යද්දි දැත්තා නගරයේ සිටි ආදීන් හා නිතර නිතර මිත්‍ර සමාගම් පිලියම් කර ගනිද්දී දුරකතනයෙන් ගමයා මුණගස්වා දීම විනෝදාස්වාදයක් කරගත්තේය. කාලයත් සමග පසුගිය දශක තුන හතර දුරස්ව සිටි ගමයා ට ආදීන්ද, ආදීන්ට ගමයාද දැත්තා විසින් සමිප කරවීය. වසරකට වරක්වත් මේ ගෙම්බෝ ලාහකට එකතු කරන්න දැත්තාට බලවත් උවමනාවක් විය. ඔහු එයද මහත් ආයාසයෙන් ඉටු කලේ පාඩු ලබා ගනිමින් කාලය වියදම් කරමිනි.අවන්හලක හෝ ඉඩකඩ ඇති නිවසක අල්ලාප සල්ලාපයෙන් ආහාර පානයෙන් පැරණි පංති කාමරය මැවීමෙන් දැත්තා අපට අපූරු දවසක් නිර්මාණය කර සතුටු විය.
එහෙව් දැත්තා අපට අහිමි විය.

2008-09-15

බේසමේ කිඹුල්ලු.




1971 තරුණයන්ගේ අවධිවීම ගැන ඇත්තේ මට මතකයක් විතරයි.1989 ජවිපෙ සක්‍රීයවිම නිහඩ රටවැසියෙක් ලෙස මට වේදනාවක් වුනා. වරෙක එජාපයට හිතවත් ඤාතීන්ට හිතවතුන්ට අනතුරු සිදුවුනා.මරණයට පත්කලා. තවත් වරෙක ජවිපෙ යයි කියා ඤාතීන් හිතවතුන් ආරක්ෂික අංශ භාරයට පත්වුනා. අතුරුදහන් වුනා.
මට මේ කාලය තුළ සිදුවුන සමහර විනාශකාරී සිදුවීම් සහ පසුව එම විනාශයන් යලිත් ප්‍රතිශංස්කරණය වු අයුරුත් ගලපනවිට මැවෙන්නේ වෙනස් චිත්‍රයක්.මෙම වකවානුවේ විවෟත ආර්ථීක ප්‍රතිපත්තිය තුළ බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය වුනා. නැත්නම් පෞද්ගලික අංශයට විකුනා දැම්මා.මෙම කාල වකවානුව වන විට වැවිලි අංශය,ගමනාගමනය (ලංගම), රාජ්‍ය ගොවිජන සේවාවන් කෟෂි රසායන.පොහොර බෙදා හැරීම වැනි අංශ පෞද්ගලිකකරණය කිරීම කෙරෙහි ජනතාව දැඩි ප්‍රතිරෝධයක් දැක්වුවා. පැවතුන රජයට මෙම අංශ ඇතුළු තවත් අංශ කිහිපයක් විකුණා දමන්නට අවශ්‍ය වූවත් එය කළ නොහැකිව සිටියා.
ජවිපෙ භීෂණ සමයේ වැවිළි අංශය අඩපන කරන ලෙස තේ රබර් කර්මාන්ත ශාලා ගිණිතබා විනාශ කලා.ලංගම බස් ඩිපෝ පිටින්ම ගිණිතබා විනාශ කලා. ග්‍රාමීයව ස්ථානගතවු ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිණිතබා විනාශ කලා. තවත් රාජ්‍ය දේපළ, ආයාතන විනාශ කරමින් ආර්ථිකය අඩපන කලා.
මේ සියළු විනාශයන් බැරවුයේ ජවිපෙ ගිණුමට.
ඉන් පසු රජය මෙම අංශ කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමට නොහැකිබව දක්වමින් පෞද්ගලිකකරණය කලා. කළ හැකි දෙයක් නැති ජනතාව නිහඩව බලා සිටියා. සද්ද කරන අයට උරුමයක් මේ දවස්වල නිර්මාණය කර තිබුනා.අපි පෝර කෟෂී රසායන පෞද්ගලික වෙලෙන්දන් ගෙන් අධීක මීළට ගන්නත් කෟෂී උපදේශණය වෙළද නියෝජිත ගිරවුන්ගෙන් ගන්නත්, කොල්ලන්ගේ රැවුම් ගෙරවුම් මැද අධීක ගාස්තු දරමින් පෞද්ගලික බස්වල තෙරපි තෙරපි කොට කොටා යන්නත් පුරුදුවුනා. තේ රබර් කර්මාන්තය පෞද්ගලික අංශය හිමි කර ගත්තා. මේ උදාහරණ ටිකක් පමනයි.අනෙක් විනාශයන් හා පුනරුත්ථාපනයන් ගලපා බලන්න. අවසාන ජයග්‍රහණය අත්කරගෙන ඇත්තේ විවෟත ආර්ථීකය කියන ප්‍රතිපත්තිය බව වැටහේවි.
ජවිපෙ කාගේ කොන්ත්‍රාතුවක් කලාද? නැත්නම් රජය බොර දියේ මාළු බෑවාද? යන්න අපිට හිතා බලන්න ඉතිරි වෙනවා.
දේශ හිතෛෂි මනසකින් යුත් ජවිපෙය ද්වේශ සහගතව කටයුතු කලා යැයි හිතා ගන්නත් බැහැ.
උතුරේ යුද්ධයත් මම දකින්නේ මේ වගේම කොන්ත්‍රාතුවක් සමග බැදුන විකෟතියක් ලෙසයි.
ලංකාවේ සිතියමේ මුහුදු තීරයෙන් 3/2 ක්ම අයිතිය ප්‍රභාකරන් මහත්තයාටය. ( මේ යක්ෂ යාට කාලෙන් කාලෙට අපේ බූරුවෝ එක එක විධියට ආමන්ත්‍රණය කරනවා. මහත්මා ගති ඇත්තෝ මහත්වරුන් වුනාට ‘මහත්තයා’ ට ඒ වගේ තේරුමක් නෑ.)
ස්වභාවික වරාය, ඛනිජ සම්පත් මත්‍ය සම්පත් මේ තීරුවේ තියෙනවා. නෝර්වේ වගෙ රටවල් මේවට කෙළ හලන්නේ නෑ කියලා විශ්වාස කරන්න බැහැ.
ඉන්දියාව අපේ අසල් වැසියා. JR මහත්තයා ගේ කාලේ අමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් ඔහුට තිබුනේ. ත්‍රිකුණාමළයේ තෙල් ටැංකි ටික අමරිකානු සමාගමකට බදු දෙන රාවයක් එකල තිබුනා. පිලිපීනයේ තිබුන අමරිකානු යුද කදවුරු හකුලාගෙන යන කතාවකුත් ඹවුන් ලංකාව දෙස බලාගෙන ඉන්නා බවත් අහන්න ලැබුනා. මේවට ඉන්දියාව කැමැති නොවු නිසා ප්‍රාභෘකරන් බිහිවුනා. ඉන්දියාව කවලා පොවල හදලා වඩලා අපිට ප්‍රතිවිරෝධයක් නිර්මාණය කලා. අන්තිමේ පරිප්පු දීලා JR මහත්තයා මෙල්ල කරගත්තා. ප්‍රාභෘකරන් ඉතිරි කලා. විකෟතිය ඇරඹෙන්නේ එතැන් සිට. රජිව් ගාන්ධි මියයන්නෙ තම සුරතලා අතින්.
ඉන්දියාවෙන් ගිලිහෙන ප්‍රාභෘකරන් මිළදී ගන්නේ නෝර්වීජීයානුවන්. ප්‍රාභෘකරන් විතරක් නෙමෙයි චන්ද්‍රිකා රනිල්ලත් මිළදී ගන්නවා. මංගල ලා වගේ අයත් නොයෙක් රාජ්‍ය නොවන සංවිධානත් කවලා පොවලා හදා වඩා ගන්නවා. මේ ඹක්කොම යොදාගෙන උතුර සහ නැගණහිර වෙන් කරගන්න ව්‍යාපෟතියක් ඇති කරනවා. ප්‍රාභෘකරන්ට කිසිදා ගහන්න අපේ හමුදාවට බැහැ කියන මානසිකත්වකයක් මහින්දාගමනය තෙක් රටට මේ අය අනියමින් ඒත්තු ගන්වමින් හිටියා . ගහන්න පුළුවන්වු කොබ්බෑකඩුව වගේ අය විනාශ කලේ රටට ප්‍රශ්නාර්ථයක් ඇති කරමින්.
කවුරුත් සිහිපත් නොකරන ඩී.බී.විජේතුංග ජනාධිපති තුමාට විතරයි මේ අතරින් අවංකවූ චින්තනයක් තිබුනේ. නමුත් ඔහු ක්‍රියාශීලී පාලකයෙක් නෙමෙයි. වර්ථමානය සහ අතීතයේ සිදුවිම් ගලපන විට හැම සිදුවීමක් තුලම වෙනත් අතුරු බලවේගයන් ක්‍රියාත්මක වන බවයි මම හිතන්නේ.
මේ මට හිතෙන හැටි මිසක් විශාරද මතයක් නෙමෙයි.

2008-09-07

සුන්දර ‍ ගින්දර


යොවුන් විය චමත්කාරයි. 
ජීවිතයේ අඩිතාලම සකස් කර ගත යුතු මේ කාලය නිසි පරිද්දෙන් කළමනාකරගන්නා අය අනාගත ජීවිතය ජයගන්නවා.අනෙක් අය පසු කාලයේ පසු තැවෙනවා.බොහෝ දෙනා තමන් යන මග නිවරදි කියන ස්ථාවරයේ ඉදගෙනයි බොහෝ කටයුතු කරන්නේ. තමතමන්ගේ චර්යා රටා සකස් කරගෙන තියෙන්නේ. පිටතින් ඉදගෙන බලන අයට නොයෙක් විවේචන තියනවා කියලා හිතන්නෙ නෑ. නැත්නම් ඒවා ගැන නොසලකා හරිනවා.

ආදරය විවිධාකාරයි. 
මව්පියන් දරුවන්ට දරුවෝ මව්පියන්ට ආදියෙන් පටන්ගෙන සතුන්ට පවා අපි ආදරය කරනවා . සමහරු බීමත් කම වගේම නොසන්ඩාල කමටත් ආදරේ කරනවා .
යොවුන් ආදරය ජනප්‍රිය ලෙස සාකච්ඡා කල පලමු නවකතාව ගොළු හදවත කියලයි මම හිතන්නේ. ගොළු හදවතේ පලවු හැත්තෑවේ දසකයේ තිබු විනීත සංවර බව යොවුන් ආදරයේ වර්තමානයේ නැහැ. පසුකාලීනව අසම්මත ආදර කතා වියත් ලේඛකයන් අතින්ද ලියවී එම ආදර්ශයන් සමාජයටත් කාන්දු වුනා. වර්තමානය වනවිට විද්යූවත් මාධ්යව වල පෙන්වන ටෙලි නාට්යනවල සාකචඡා වන යොවුන් ආදරය දු දරුවන්ට යහපත් ආදර්ශයක් ලබා දෙන්නේ නැහැ.

කාලයෙන් කාලයට යොවුන් වියඇවතුම් පැවතුම් දකින්නට ලැබෙන්නේ එක එක ආකාරයට. සමහර ප්රේ මවන්තියන් ප්රේෙමවන්තයන් දිනපතා ප්රදවෟත්ති පත්රල සති, වාර සගරාවල පලවන වෛද්ය ගැටළු තීරවලින් අහන ගැටළු කියවන කොට මේ අයගේ හැසිරීම් රටා ගැන අදහසක් ඇතිකරගන්න පුළුවනි.පසුගිය අවුරුදු කිහිපයක වරින් වර මම දිසා අධිකරණයක නඩු විභාගයක් සදහා පෙනී සිටින්නට සිදුවුනා . මම මෙම කාලය තුළ නිරීක්ෂරණය කළ එක් දෙයක්වූයේ දික්කසාද අයදුම් කළ පිරිසෙන් වැඩි දෙනෙක් තරුණ ජෝඩුවීමයි. විවාහයෙන් අවුරුදු දෙක තුනකින් වෙන්විමට සුදානම්වන මේ අයගෙන් වැඩි දෙනෙක් දෙමව්පිය මැදිහත්වීමකින් තොරව විවාහවුවන්.මේ අය විවාහයකට පත්වීමත් සමග ඇතිවන තමතමන් ගේ වගකිම් අවබෝධ නොකරගැනීම නිසා මේ තත්වයට පත්ව තිබෙන බවයි මගේ අදහස.

අපොසප සා.පෙල හැලෙන කොටසක් පලමුවෙන් ටියුෂන් පංතිවලටත් අපොසප උ.පෙල හැලෙන කොටස දෙවෙනුව ටියුෂන් පංතිවලට නිදහස්වනවා. පාසලේ නොතිබු අසීමිත නිදහසක් මේ දරුවන්ට ලැබෙනවා. මේ දරුවන් කීදෙනෙක් පංති යන බව අගවා වෙනත් ගමන් බිමන් යනවාද?. කොළඹ ගමනාන්තයවූ නගාරාන්තර බස් ‍රිය නිරික්ෂ ණය කලොත් කොළඹට ගොස් ආපසු අනෙක් බස්රථයක එන දරුවන් අපට දක්නට ලැබේවි.බොහෝ නගරවල ඉතාමත් අඩු ගාස්තු යටතේ නවාතැන් ගත හැකි නවාතැන් බිහිවි තිබෙනවා. දිවා කාලයේ මේවායේ නවාතැන් ගෙන පංති අවසන්වන වෙලාවට නිවසට යන දරුවන් සිටිනවා.නගරයේ මෙන් උද්යානන නැති ග්රානමීය නගරවල පාළු ස්ථානවල මෙවැනි ලාබාල ජෝඩු බහුලයි. උසස් අධ්යාිපනයට යොමූවු නිවසින් බැහැරව නවාතැන් ගෙන සිටින දරුවන් මීටත් වඩා නිදහස්ව කටයුතු කරනවා.

යොවුන් විය ආදරය විවාහයෙන් කෙළවර යුතුයැයි මම විස්වාස කරන්නේ නෑ.අපි එම ඉමට පැමිනෙන්න සපුරා ගතයුතු තවත් කෙතරම් දේ තියෙනවද ?. ස්වාධීන ආර්ථිකයක් නොමැතිව කිසිවක් කරන්න බැහැ. ආර්ථිකය අවසාන දත්තය කර ගෙන ආපස්සට හිතනවානම්. අපිට අපි අනාගතයට බරක් කැළලක් නොවන හැටියට යොවුන් විය ආදරය සුන්දර ලෙස ආවර්ජණය කල හැකිවන පරිද්දෙන් හැසිරෙන්න සීමා ඇතිකරගන්න හැකිවේවි.

2008-09-04

පලාත් සභා ඡන්දය ඉවරයි.


මේ දවස්වල එක එක්කෙනා නොයෙක් මත ප්‍රකාශ කරනවා. හරියට අන්ධයෙක් අලියෙකුගේ හැඩරුව කිවුවා වගේ.
මගේ වපසරිය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය.අපිට තියෙන්නේ වැවිලි ආර්ථිකයක් වී වගාව ලාභ ලබන වගාවක් වන්නේ කොලොන්න සහ බලන්ගොඩ මැතිවරණ කොට්ඨාස වලින් කොටසකදි පමනයි. අනෙක් ප්‍රදේශවලදී බතට සරිලන වගාවක්.
බලන්ගොඩ,පැල්මඩුල්ල, රක්වාන,රත්නපුර,නිවිතිගල, ඇහළියගොඩ, සහ කළවාන කුඩා තේ වගාවන් නිසා ආදායම් ලබනවා. පැල්මඩුල්ල රත්නපුර,නිවිතිගල ඇහළියගොඩ,සහ කළවාන මිට අමතරව රබර් සහ මැණික් කර්මාන්තයත් රක්වාන සහ කොලොන්න මැතිවරණ කොට්ඨාස පහත රට එළවළු වගාවත් කෙසෙල් වගාවත් ආදායම් මාර්ගයි. වගා ඉඩම් හිමියන් නොවන ජනතාව මේ ආශ්‍රිතව ඇතිවන දෛනික රැකියා රික්තයේ කුළි කරුවන් ලෙස ආදායම් ලබනවා.
සිංහල බෞද්ධ බහුතරයකුත් තේ සහ රබර් වතු ආශ්‍රිතව කොලොන්න හැර අනෙක් මැතිවරණ කොට්ඨාසවල ද්‍රවිඩ ජනතාව සුළුතරයකුත් ඡන්දදායකයෝවනවා.
බඩුමිළ ඉහළ යන විට සමාගම් වතුවල සේවකයෝ හැර අනෙක් විවිධ ශ්‍රමික ශ්‍රේණින්ගේ වැටුපද ඉහළ යනවා. සැමගේම ආදායම වියදම යම් තරමිකින් තුළනයවනවා. මේ නිසා බොහෝ ජනතාවගේ ආර්ථික මැසිවිලි අහන්න ලැබෙන්නෙ නැහැ. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවානියුක්තියන්ද වැවිලි ක්‍ෂෙත්‍රයේ යම් තරමකින් අතිරේක ආදායම් ලබන්නෝ.වතුකරයේද එළවළු වගාව වැනි අතිරේක ආදායම් ලබන පිරිස් සිටිනවා . මෙයින් 100% සමෟද්ධිමත් බව සදහන් කරනවා නොවෙයි. දැඩි ආර්ථික පීඩනයකට පත්වු ජනතාවක් රත්නපුර දිස්ත්රි‍ක්කය තුළ ජීවත් නොවනබව පැහැදිලිවනවා
මේ ජනතාවගේ විඥාණය දැඩි කම්පණයකින් මිස උඩුගංබලා රැගෙන යා නොහැකි බවයි මගේ අදහස. ඡන්ද කාලය තුලම ජනතාව තුළ පැවතියේ නිහැඩියාවක්. කුළප්පුව පැවතුනේ අපේක්ෂේකයින්ටත් ඔවුන්ගේ කුඩා ප්‍රචාරක කන්ඩායම්වලට පමනයි. මේ නිහැඩියාව අවසාන දවසවන විට අපේක්ෂිකයින්ට තේරුම් ගැනිමට නොහැකිව නන්තාරව සිටි බව දක්නට ලැබුනා.
ප්‍රධාන පක්ෂ දෙකෙන් රජය පමනක් තම ඡන්ද ප්‍රමානය වැඩි කරගැනිමේ සහ සුරකීමේ වැඩ පිළිවෙලක සිටියා.ඔවුන් අනුගමනය කළ සමෟද්ධි , කෟෂිකර්ම සංවර්ධණ සහකාරවරුන් සහ ග්‍රාමසේවා නිලධාරීන් යොදවා ගනිමින් ග්‍රාමීය මට්ටමේ රැස්වීම් සංවිධාණය කර ජනතාව අමතමින් රජයට ඡන්දයදීමේ වැදගත්කම පෙන්වා දීමේ උප්‍රකමික වැඩ සටහන පාවෙමින් තිබු ජණවිඥාණය ආපසු කැදවා ගත්තා.එක්සත් ජාතික පත්‍ෂයට එවැනි වැඩසටහනක් තිබුනේම නැහැ.පොදුවේ සියළුම අපේක්ෂණකයෙක්ම තම මනාප ගොඩ වැඩිකර ගැනීමේ පරමාර්ථයෙන් මිස තම පක්ෂ ජයග්‍රහණය කිරීමේ අදහසක සිටියේ නැහැ.ජවිපෙ අපේක්‍ෂකයනට සන්ධානගතව සිටියදි ශ්‍රීලනිප චන්ද බැංකුවෙන් මනාප ලැබුනා. මෙවර ලැබුනේ ඔවුන්ගේ පක්ෂ්යේම චන්ද පමනයි. ජවිපෙ බෙදීම නිසා ඔවුන්ගේ චන්ද බොහෝම විට කාටවත් ලැබුනේ නැහැ.
ඡන්දදායකයා තම මැතිවරණ බලප්‍රදේශයෙන් පිටත අපේක්ෂනකයනට ඡන්දයදීමට ප්‍රතිරෝධයක් දැක්වුවා. එයින් මිදි මනාප ගත් අපේක්ෂණකයෙක් වෙත් නම් ඔහු අසීමිතව මුදල් වියදම් කර තිබුනා. දිනකට වාහන 50 ක් පමන යොදමින් 200 කට පමන ආහාර පාන සපයමින් මැතිවරණ ව්‍යපාරයේ රත්නපුර දිස්ත්‍රික්කය පුරාම මැතිවරන කොට්ඨාස අටේම ප්‍රචාරක කටයුතුවල(ව්‍යාපාරයක මිස සමාජ සේවයක් සදහා මෙතරම් මුදල් යොදවන අයව හදුන්වන්නේ කෙලෙසද මම නොදනිමි.) යෙදුණ අපේක්ෂිකයෙක් වෙත්නම් ඔහුට අසමාන මනාප ප්‍රමානයක් ලැබුනා.
පලාත් සභාවක මන්ත්‍රිවරයෙකුට ඇමතිවරයෙකුට ලැබෙන දීමනා සහ පහසුකම් සලකා බලන කොට මේ වියදම තම ජීවිතකාලෙදීවත් පියවාගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි දියළුනු කැටේට පවා බදු ගෙවනවා . අවසානේ ඒකත් හොරකම් නොකරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද ?
ඡන්දදායකයාගේ අදහස ප්‍රකාශවුනේ ඉතාමත් නිහඩව. නිහඩවම ඒ අදහස ආපසු කැදවන්නත් ඔහුට කාගෙවත් මග පෙන්වීමක් අවශය නැහැ කිසලා මට හිතෙනවා.