රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-10-03

අඹන්වෙල නිළමේගේ හිටිවන කවි



"ඔහෝයියා!ඔහෝයියා!!අවුල්නාද සපිරිවර්දනේ
දින දින සපිරි වර්දනේ
කළුත්,සපුත්,සවුන්දිරිස්-
ලමිත්,කුමිත්,සුමිත්තරිත්
කිරිත්,ගිරිත්,පවුත්තරිත්-
ඇවිත් කලරොසේ
පසුත්,පෙරත්,දෙයත් වරත්-
රකිත්,සිටිත්,අණිත්,බනිත්
ගලුත්,මුළුත්,ගසත් වසත්,-
මහත් බැණ රොසේ
ඇඹුල්දෙණියෙ කිරාගෙ අඹු-
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බිබිල් නැගුනි ඉස හැමතැන
ඇඹුල් දෙහි ලෙසේ
නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියඟු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩා පැනපි
කිඹුල් මොටෙකු සේ
නල්ලුරැවේ සෙල්ලගෙ අඹු
එතනම සිට ගුගුල් නොවිඳ
ඉන්නක් ගෙන බැල්ලි කියා
ගසනා කල අල්ලගෙන සිඹා
ඉල්ලකකා ආඬින් මෙන
කොල්ල සේම ගොසින් දියඟු
බැල්ල සේම පැනපිය ගොස්
වල්ල කැළයටා
නිත්ත නොහැර ඉන්නා බඹ
බක්ක කියන හකුරගෙ දුව
අක්කෙ නුඹත් යන්නෙද දැන්
නක්ක නෙළුමටා
කෙක්ක ඇරන් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට
ටොක්ක නොකා පැන ගති
ලිප් බොක්ක ඇතුළටා
වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කතාවෙන් බැණගෙන
වත්ත මැදෙහි තිබුන කිතුලෙ
පිත්ත අරගෙනා
පැත්ත පිටට දුන්න කලට
පොත්ත ගිලී හඬක් නගා
අත්තන කැළයට පැන ගති
චිත්ත බිය ගෙනා

notes of imaginary