රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-03-11

මාර්තු දහ වෙනිදා


ගේ සටහන් විවාදාත්මක සටහන් බවට පත්වෙලා කියලා හිතුනා. එක් කෙළඹියාන කෙනෙකුට මල පැනලා “ නාකි හම්පඩයින් පෙලට වෙඩි තියා මරා දමන්න “ තරම්  කේන්තියක් ඇවිල්ලා.

මගේ සටහන් අතර පසුගිය දිනක අපේ රටේ දේශපාලනයත් සමග කලින් කලට මගේ තිබුන බැදීම ගැන ලියවෙලා තිබුනා. එක තැනක පල්නොවුන මතිමතාන්තර දැරු මම දේශපාලන පක්‍ෂයක යාවජීව සාමාජිකයෙක් නොවන බව පැහැදිලි කරන්න උත්සහා කලා. සමහර කාලවල මගේ ක්‍රියාකාරකම් සමච්ලයට ලක් කල අයෙක් “ මම කළු බළල් හමුදාවේ සාමාජිකයෙක්“ ලෙස අර්ථ ගන්වලා තිබුනා.මගේ මානව හිතවාදය ඔහු හදුනාගත්තේ එහෙමයි.

පාර්ලිමේන්තුවේ කතාකරන සම්පත් චාමර දිසානායක රාජ්‍ය ඇමතිතුමා ජවිපෙ හිටපු මංත්‍රීවරු විශ්‍රාම වැටුප් ගන්නවා කියලා අදහසක් පලකරලා තිබුනා.මේ ක්‍රමය පටන් ගත්තේ ජේ.ආර්.ජයවර්ධණ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව.එතුමාට මංත්‍රීවරුන් පිලිබදව සත්භාවයක් ඇතිවෙන්න ඇති. සමහර මංත්‍රීවරුන් හිටියා පාර්ලිමේන්තුවෙන් ඉවතට ගියාට පසු නිසි  ආදායමක් නැතිව යැපෙන්න මාර්ගයක් නැතිව අතරමං වෙලා. ඔවුන් සත්භාවයෙන්ම මහජන සේවකයෝ.අයථා ලෙස හරි හම්භ නොකරපු අය. මේ අතර ඉන්න පරම්පරා ගණණාවකට හරි හම්භ කරගත්ත කම්බා හොරුන්ටත් එකම හැන්දෙන් මහජන මුදල් බෙදෙන එකේ වැරුද්දක් තියෙනවා.

1977 වෙනකම් දේශපාලනයෙන් හරි හම්බ කරගත් දේශමාමක පිරිස් හිටියේ නැහැ. ඔවුන් තම වත්කම් දේශපාලනයට දියකර හැරිය පිරිස්. ජවිපෙයට තම සාමාජිකයන් විනයක් මත පවත්වා ගෙන යන දේශපාලන ව්‍යාපාරයක් ලෙසයි පැවසෙන්නේ. සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීතුමා තමන් වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුප පක්‍ෂ කාර්යාලයට යොමු කරන බව. කියනවා.

මට හිතෙනවා විශ්‍රාම වැටුප් ගෙවිය යුතු අය තෝරා බේරා ගෙන විශ්‍රාම වැටුප් ගෙව්වාට කමක් නැහැ. කියලා. ඒත් අපේ ආර්ථිකයට මේ පිලිවෙත ඔරොත්තු දෙන්නක් නෙමෙයි වයස අවුරුදු පනස් පහක් වෙනකම් අවුරුදු විස්සක් තිහක් රටට කඹුරලා සොච්චම් විශ්‍රාම වැටුපක් ගන්න රජයේ සේවකයා හා සමාන කරන්න පුළුවන්ද ? මේ විශ්‍රාම වැටුප් ලාභීන් .

notes of imaginary