එහෙත් 88 -89 කැරළි සමය වඩාත් ප්‍රචණ්ඩකාරී
විය.දෙපාර්ශවයම අකාරුණිකව කටයුතු කලේය. රජයක් තම ජනතාව හිතුවක්කාරයයි සැලකෙන්නේ
නම් වදයට වේදනාවට පත් කර මරා දමන්න සැළසුම් කරයි නම් එය ම්ලේච්ඡ කටයුත්තක් ලෙස
හැදින්වීම හැර වෙන හැදින්වීමක් නැත.
ප්‍රේමදාස රජය හිතා මතා ඒ කටයුත්ත සිදුකලේය. මහ
මගදී ඔහුත් වෙනත් ආකාරයකට හෝ වන්දි ගෙවීය.
ජනතා විමුක්ති
පෙරමුනේ අවදිවීමත් - ප්‍රභාකරන්ගේ අවදිවීමත් එක සමාන කර දැක්විය නොහැක.
88- 89 සමයේ
කිසිදු විචාරයක් නොමැතිව තරුණයින් අත්
අඩංගුවට ගත්තේය. වද හිංසා පැමිණවීය ම්ලේච්ඡ අන්දමින් මරණයට පත් කලේය.
මේ කතාව
හිංසනයට පත්වු මීදුමගේ සහෝදර මිත්‍රයකුගේ කතාවයි. දේශපාලනය කොයිතරම් අමිහිරිද යන්න
පසක් කර ගන්න ඔහු දින තුනකදී පලකල
වියමන් තුනක් මූණු පොතෙන් උපුටා ගෙන සම්පුර්න කතාවක් ලෙස මම පලකලෙමි.
ඔහු මට සමාවනු
ඇත.
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
මේ වගේ සිදුවීම් හුඟ දෙනෙකුට අත්විඳින්න නොලැබෙන නිසාත්
නොකියා නොලියා හිටියොත් මාත් එක්කම ඒවා වැළලිලා යන
නිසාත් ...ඔන්න අහගන්නකෝ
එතකොට මම බදුල්ලෙ උඩවෙල ම.ම. විදුහලේ ගුරුවරයෙක්.හිටියෙ
විනීතගම. මූණ පුරා රැවුල වවාගෙන,කොණ්ඩෙත් වවාගෙන ටිකක් අමුතුයි තමා.කොහොම වුනත්
එක්තරා දවසක හවස දූට පාටපෙට්ටියක් ගේන්න දෙකේ කනුවට යන්න පාරෙ ඉන්නකොට ආමි එකෙන්
අල්ලන් ගියා.
(මේටිකත්
මාරයි.ලියන්න යනදේට බාධාවක්නෙ.ඒහින්ද කතාවට යන්නම්)
මම ගෙනිහින් දැම්මෙ old dhuuthiyan club එකේ
stage
එකේ
යට අඩි3
1/2 ක්
විතර උස කලුවර කාමරයක.එක දොරයි ඒකත් වහලා මුරදාල.අපි 30
ක්
විතර ඒක අස්සෙ .12×15
විතර
කාමරයක්.ඉන්න අය අඩු වැඩි වෙනවා.ගිය අය ආයෙ කවදාවත් ආවෙත් නෑ.
කන්න දෙන්නයි වැසිකිළි එක්ක යන්නයි දෙසැරයක් දොර
අරිනවා.ඒවා පෝලිමේ සන්නද්ධ රැකවරන ඇතුව
මාස දෙකක් විතර යන්න ඇති.ගෙදර අය දන්නෙ නෑ මම ජීවතුන්
අතරද කියලා වත්.
එක දවසක් උදේ 11 ට විතර දොර ඇරුන කව්ද
සිරිපාල.
වරෙන් එළියට.
ගලවපන් කමිසෙ. කතාකළා ඇතුලෙම කෙනෙකුට
බැඳපන් මුගේ ඇස්දෙක.
ගලෝපිය තොගේ කමිසෙත්
බැඳිපිය මුගේ අත්දෙක පිපස්සට කරලා.
අල්ලා ගත්තවැලමිටට උඩින්
වරෙන්
ඕං ඉතින් මම යනවා.කණා වගේ.කකුල් ඇගිලි හැම එකේම ඇනෙනවා
ඌයි වත් කියන්නයැ.අව්ව වැටෙනව හෙවන එනවා ඇඟට දැනෙනවා කටහඬවල් ඇහෙනවා .
විනාඩි 6,7කින් හෙවන තැනකට
ගෙනාවා.ඇදගෙන ගියා ටිකක් අස්සකට වගේ.
ඉඳගන් ඔතන
කකුලෙන් එහා මෙහා කරල බැලුවා.දෙපැත්තෙ මොනවහරි
බඩුවගේ.පොඩි හිස් මැදක්.
ඉඳගන්
ඉඳගන්න බෑ බිම.අත් බැඳලා පේන්නෙත් නෑනෙ .
එහෙමම පාත් උනා. පෙරේතය පොලොවෙ ගැහුව වගේ පස්සබිම ඇනිල
උඩුබැල්ලෙන් පෙරලුනා.කෙළින් වෙන්න බෑ.කව්ද අතින් ඇදල කෙළින් කළා.
ටික වේලාවකින් කීප දෙනෙකුගේ බර සපත්තු හඬ.නැවතුනා.
කෝ අරූ.
මගේ ඉස්සරහට යකඩ කෑළි ගොඩක් බරට වැටුනා.
කියපන් ඇත්ත.උඹ ගැන සේරම අපි දන්නවා.
තෝ නේද මලංගම හයිටෙන්ෂන් කණුව කැපුවෙ.
නෑ
මම දන්නෙවත් නෑ එහෙම එකක්.
තෝ දන්නෙ නෑ.එහෙම තමයි තොපි කියන්නෙ.
තෝ නායකයෙක්.
තව ගොඩක් දේවල් ඇහුවා.ඒ එකක්වත් මං දැනනගෙන හිටියෙ නෑ.
මුගෙන් මෙහෙම අහල දැනගන්න බෑ.
එල්ලපන් මූ.
දිගු නිහැඬියාවක්.පිටත බොහෝ හඬවල්.ජීප්,බයික්,සපත්තු,කුණුහරුප,ඇමතීම්,නියෝග අරවා මේවා ....
දැන් මාව එල්ලනු ඇත.කකුළේ මහපටැගිලි දෙක එකට ගැටගසා ඇඟිලි දෙකෙන් ඔලුව පහලට
සිටින සේ උඩ එල්ලා පහර දෙන බවත්,ගෝනියකින්
මුහුණ වටට ඔතා යටින් ගිණිකබලක් තබා එයට මිරිස් දමන බව ඒ වදයට ලක් වූ තරුණයෙක් කී අයුරු මට මතක් වේ. මා එයට මුහුණ දීමට හිත හදා ගත යුතුය. බංකුවක මුනින්
නිදිකරවා අත්දෙක යටින් ගැට ගසා දෙතුන් දෙනෙකු ඇඟ දිගට වාඩි වී සිලිබෑගයකට පෙට්රල් දමා
එය බෙල්ල ළඟින්
සිරකර අල්ලා සිටින බවත් සමහරු එවිට දඟලන වේගෙට ඇග දිගට ඉන්න උනුත් විසිවෙන බවටත්
කී කතාවක් හා ඒආදී නොයෙක් වද ගැන මගේ හිතේ එක වැලට මතු විය.
මේ කව්ද?....අර ගුරුතුමා නේද.කව්ද මෙහේට ගෙනාවෙ.
නිවුනු කට හඬක්.මම පිළිමයක් වී ඇත.
ඔහු මගේ ඇස් බැඳ තිබූ රෙද්ද පහතට කළේය.අත්දෙකද ලිහුවේය.. තරුණ භටයෙක්.මගේ
අම්මත් ගුරුවරියක් ඔහු කීවේය.අතතිබූ ගිණි අවිය
ඇඳ ඉහළ කෙලවරේ තැබීය.මා සිටියේ කූඩාරමකය. එය ගබඩාවකි.ඔහු නරසිංහය.ගම මාතලේ බව
කීවේය.මට බොන්න වතුර කෝප්පයක්ද ඔහු දුන්නේය.
මං ඉන්න වෙලාවට ඔහොම ඉන්න.මං නැත්නම් අත් දෙක බැන්ද විදිහට පලවාගෙන පස්සට
කරගෙන ඇස්දෙකත් වහගෙන ඉන්න. ඔහු උපදේශයක් දුන්නේය.
කෝ ඉස්කෝලෙ මහත්තයා.දවල්ට කෑවෙ නෑ නේද.ඉන්ඩ මං කෑම එකක් ගේන්නම්. ඒ
සිල්වාය.කුස්සිය භාරව සිටි නිළදරයයි.කුමන හේතුවක්ද නොදනිමි ඔහුද මට ලෙන්ගතු ව
සිටියේය.
ටික වේලාවකින් ලොකූ බත් පිඟානක්ද ගෙන ඔහු පැමිණියේය.ඔහු මගේ අත් ඇස් බැඳ
තිබූ රෙදි අහකටම දැම්මේය
ඇයි මූ ලිහුවෙ.බොම්බඩි මහීපාල.ගබඩාවෙ ලොක්කා.
ඒව බැඳගෙන කන්න පුලුවනෑ.උදේටත් මේ මනුස්සයට කෑම නෑ.සිල්වා උත්තර දුන්නේය.
කන්න ගත්තද කෙසේවත් කෑ නොහැක.ගිලෙන්නේද නැත. මම පිගාන ආපසු දුනිමි.ඇයි කන්න
බැරිද...මේ මස් කෑලි ටිකවත් කන්න.මම ඉතා අමාරුවෙන් ඒටික ගිල දැම්මෙමි.නරසිහ මහතා
යළි ආවේය.
සිල්වා මගේ අත් ඇස් බැඳීමට සූදානම් විය.
ඔහොම තිබුනාවෙ.මං ඉන්නවා. නරසිංන්හ කීවේය..
පැයකට පමණ පසු අත් බැඳ ගන්න.මම එළියට යනවා. ඔහු ගියේය.මම අතරින් පේන ලෙස
ඇස් බැඳ ගතිමි.අත් පටලවා ගතිමි.තල්ලු වී ගොස් ගොඩගසා ඇති කාකිගෝනි ගොඩට පිට හේත්තු කර ගතිමි.
මේ ගබඩාවට නිතර භටයෝ ආහ.මූ
මොකද මෙතන.මූ කව්ද, ඇයි මූ,මම නොසෙල්වී
හිඳිමි.
මා සිටි කූඩාරමට ආසන්නයේ නිලධාරී නිවාසයකි.ඇමතුම් වලින් එය පැහැදිලි විය.
වැලිමඩ ප්රදේශයෙන් තරුණයින් පිරිසක් අල්ලා ගෙනවිත්
ප්රශ්ණකරන පහරදෙන කෑගහන හඬ මට ඇසේ.
ටික වේලාවකින් භටයින් දෙදෙනෙකු දෙපසින් අල්ලා ගත් තරුණයෙක් මා සිටි කූඩාරමට
ඇදගෙන ආවේය.ඔහුගේ ඇඟේ තිබුනේසස්පෙන්ඩරය පමණි
ඔහුට ඉතා බරපතල ලෙස පහර දී තිබුනි.කන්නාඩියක් මුහුණට අල්ලා බලපිය තොගෙ මූණෙ
හැටි .කිව්වෙ නැත්නම් මූණ පට්ට ගහනව තොගේ.වේගවත් පහරක් ඔහුගේ මුහුණට එල්ල කරමින්
නිළධාරියා ගෙරවීය.ඔහුගේ මුහුණේ තැනින් තැන හම ගැලවී ගොස් ය
කියපිය
මං දන්....නෙ ...න්.... නෑ...සර්.ඔහු
ඉතා වේදනාවෙන් බැගෑපත් හඬින් කෙඳිරි ගෑවේය.තවත් පාරවල් තොගයක් ඇඟපුරා පතිත විය.පහර
දෙද්දී ඔහු මහා හයියෙන් කෑගෑවේය. කෑගහද්දී උදලු මිටක් වැනි ලීයක් ඔහුගේ කටේ
එබුවේය.එවිට ඔහුගේ හඬ දියේ ගිලුනු එකෙකුගේ මෙන් විය.
මගේ ගැලවුම්කරු යළි ආවේය.කීමටත් පෙර ඇස්වැස්ම උඩට කර ගතිමි.මට දැන් ඔහු
හොඳින් පෙනේ.ඔහු අවුරුදු 28ක තරමේ තරුණයෙකි..කොණ්ඩයපොකුටුය අවුල්වී
මුහුණටද බේරී ඇත.කඩවසම් ය. වැදගත් පෙනුමක් ඇත.
මූ බලා ගන්නවා.සිවිල් ඇඳුමෙන් සිටි අයෙකුට පවරා අර දෙදෙනා අනෙක් තරුණන්
සිටි දෙසට ගියේය.
ටික වේලාවකින් ඒ පැත්තෙන් ලොකු ජයග්රාහී
හිනාවල් ගොඩක් ඇසුනි.
අඳුර ගලමින් තිබුනි.ඒයි ලයිට් එක දාපන්.
නරසිංහ මුරට සිටි අයට කීය.
බෑ බං CO ගෙ කාමරේ ස්වීච් තියෙන්නෙ. නරසිංන්හ නැගිට
ගියේය.යළි අර සිනාහඬ වඩා උත්කර්ශවත්ව ඇසුනි.මුරට සිටිඅයද එළියට ගියේ සිනාව කුමක්
දැයි බලන්නට විය හැක.
විදුලියකටත් වඩා වේගයෙන් සෙවනැල්ලක් මා සිටි ඇඳ ලඟට පැන යළි ආපසු පැන්නේය. හෙළිකොප්ටරයක්
මගේ ඔලුව උඩින් යන්නා වැනි ගිගුම් හඬකින් කන් දෙක පුපුරා ගියේය.මම මැරුනා සේ බිම දිගාවීමි.
වෙනදා වෙලාවට දොර ඇරුනේ නැත.පැය දාහතරක් පහලොවක් සියල්ල දරා ගත යුතුය.ශරීර කෘත්යය,තිබහ,බඩගිණි,සියල්ලේ තීරකයා ඔවුන් ය.ඒවා එහෙම ඉවසා සිටියේද යන්න අද මටත් ප්රශ්ණකි.
දොර ඇරුනි.වරෙව් දහයක්
දරා ගැනීම අපහසුම දහ දෙනා පළමුව. එය අපේ තීරණයකි.මූණ සේදීම වැසිකිළියාම, නෑම, මේ කාලය තුළ කරගත යුතුය.කාලය විනාඩි10ට අඩුයි.
මට අද වෙනදාට වැඩිවෙනස් උවමනාවක් ඇත.ඊයේ සිටියේ කොහිද ඒ සිදුවීම් වූයේ
කොතැනද මොනවද එහි සලකුණු,....
තෝ ඕක ඇතුළෙ ලව් කරනවද වර එළියට.
සියල්ල අතරමග නවතා එළියට ආවෙමි.මුහුණ සෝද්ස්න අතරේ අවට පිරික්සා බැලීමි.
කාකි රෙදි ටෙන්ට් එක.ස්තිර කාමර පෙළක්..ඒ අතර අඩි දහයක පමණ ඉඩක්.
උදේ ආහාරයෙන් පසු යලිත් කූඩුවේ දොරගුලු වැටුනි.වොට්ස් දහයක පමණ බල්බයට කළ හැක්කේ
යාන්තම් මුහුණක් හඳුණාගත හැකි එළියක් දීම පමණි.තිබෙන කුඩා ඉඩෙහි දිගස්වීම
හැර වෙන කළ හැක්කක් නැත.
පැයක් ගතවෙන්නට ඇත.හදිසියේ දොර ඇරුනි .
මෙසේ ඇරෙන්නේ ගෙනත් දමන්නට හෝ ගෙන යන්නටයි
කොයිකද ඊයෙ අරන් ගිය එකා.මට නැගිට්ටුනි.
වර ඉතින්
බැඳිපිය මුගෙ අත්දෙක. වරෙන්
මම ඔහුගේ අණ අනුව යමි.කාමර පේළියේ ඉස්තෝප්පුව.නිළධාරීන් කීපදෙනෙක් ඇඳිපුටුවල
ඈඳිගෙන.
දණ ගහපන් සොල්දාදු උන්නැහේගෙ හඬ.
බලු කුක්කෙක් ගානට දණ ගසා ගෙන.
ඊයෙ තමුසෙද ටෙන්ට් එකේ හිටියෙ
ඔව්
මොනවද එතන වුනේ
මම දැක්කෙ නෑ.මගේ ඇස් බැඳලා තිබුනේ
මොකුත්ම දැක්කෙ නැද්ද
නෑ සර්
ඇහුනෙ මොනවද
එකප්රටම හෙලිකොප්ටර් එකක් ඔලුව උඩින් යනව වගේ ඇහුන. ඊටපස්සෙ කිසි සද්දයක් නෑ.කෑගහනව ඇහුනා.පස්සෙ
කට්ටිය එහෙට මෙහෙට දුවනව ඇහුනා.
එච්චරද
ඔව් සර්
හැබැයි උඹ ඔයිට වඩා එක වචනයක් හරි කියලා තිබ්බොත්
ඒ උඹේ අවසානෙ.කවුරු ඇහුවත් එච්චරයි හොඳද...
ඔව් සර්.
හ්ම්...අරන් යනව මෙයා.
අප්පේ..... දැක්ක ටික කිව්වනම් එදා මම ආපහු නොඑවන බව පසු කලෙක මට
හමුදාභටයෙක්ම කීවේය.
එදින රාත්රියේ සිදුවූ සියල්ල දැන ගත හැකි
විය.අතිරේකව පැමිණ සිටි හමුදා භටයින් පනහකට පමණ ආහාර පිසින්නට අර දමිළ තරුණයින්
ගෙනගොස් තිබුනි.ඔවුන් සියල්ල අහුලාගෙන විත් තිබුනි..
ප්රශ්ණ කර ඇත්තේ වැලිමඩින් අල්ලා ගෙන ආ
තරුණයින් තිදෙනෙකු ගෙනි.මාදුටුවේ ඉන් එක් අයෙකි.එක් අයෙකු වදදීමේදී තොරතුරු හෙළිකර
ඇත.ඔවුන් සිනාසී ඇත්තේ ඒ වේලාවලයි.මුරට සිටි අය ඒ සිනාහඬ බලන්නටය එළියට බැස
ඇත්තේ.නරසිංහ මහතා ලයිට් එකදාන්න එලියට ගියේ වෙපන් එක ඇඳ අසල හිබියදීය.මේ ක්ෂණයේ
ඔහු ක්රියාත්මක විය.ඒ තුවක්කුවගෙන ඔහු හතර වටේ කීපදෙනෙකුම මරා දමා අවියද දමා කටුකම්බි පොටවල් නවයකට උඩින් පැන පැනගොස්
ඇත.ඔහු වැලිමඩ සන්නද්ධ අංශයේ නායකයා බවට හඳුනාගෙන ඇත.ඔහු ලැඟටම ගොස් පාවාදුන්
තරුණයස්ගේ ඔලුව කුඩුවීයනනම වෙඩිතබා ඇත.ඉහළ නිළදාරීන් ඇතුලු හය දෙනෙක් ඔහු අතින්
මැරුම් කා ඇත.පළමු වරට ක්ෂණික විහිදුම් බලකායේ දෙදෙනෙකු එකවර මැරුම් කා ඇත්තේ
මෙහිදීය.
එදින රාත්රියේ ඇඳිරි නීතිය දමා බදුල්ල පීරා සෙව්වත්
ඔහු සොයා ගත නොහැකි වී ඇත.
එදින දහවල මට සුවිශේසී දහවලක් විය.
මාස දෙක හමාරකට පසු මට දරු තිදෙනා හා බිරිඳ දකින්නට කතා කරන්නට අවස්ථාව ලැබුනි.ගෙදර පිසූ බත් කටක රහ බලන්නට ලැබුනි.
“ඊයෙ මැරුණෙ නැත්නම් ඉස්කෝලෙ මහත්තයා
ආයෙ මැරෙන්නෙ නෑ.මට ටෙන්ට් එකේ ඉඳලා කාමරේට යන ටිකවත් ෂුවර් එකක් තිබුනෙ නෑ.“
කඳවුර භාර පර්සි මහතා ලතාට කියා තිබුනි.
මම මෙහි මාස පහක්,පොලීසියේ මාසයක් ප්ලැටූන් එකේ(මස්කඩේ) දින
දෙකක් මාස හයක් වධකාගාරගතව සිටියෙමි.
ගතවන හැම දවසම මරුවා සමග වාසේ විය.
4 comments:
+++++++++++++🙏👌
දිරි ගැන්මට ස්තුතියි.
කරුමෙද උරුමේද කියන්න නොදනිමි, භීෂණ යුගයක හැටි එහෙමයි
තරුණ හාදයන් පාරේ මරලා තිබ්බේ හරියට සතුන් වගෙයි
උගතුන්- හපනුන්- එඩිතර කොල්ලන් බිල්ලට ගත් ඒ සාපෙ නිසයි
සාපෙළ වත් නැති එවුන්ට රට ගියෙ; අගාධෙටම ගියෙ ඒ හින්දයි!
මේ රටේ කරුමයයි. දේශපාලනය කිරීම සුදුස්සන්ට අවස්ථාව නැතිවන විදියටයි නිර්මාණය කර තිබෙන්නේ. මැතිවරණ ක්‍රමය සරලව තිබේ නම් අද පාර්ලිමේන්තුවේ සිටින ඔ්ය 225 ඔතන සිටිය හැකිද ? නැහැනේ.තද කරගෙන තියෙන පීඩනය පිපිරෙන්නේ භයානක විදියට. 88-89 ලෙයින් යකඩෙන්මර්ධණය කලා මිස ඔළුවෙන් මර්ධණය කලේ නැහැ. එකට තිබුනේ ම්ලේච්ච ඔළුවක්.
Post a Comment