ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2023-08-24

කෙකින්නී



සුදට සුදේ සළු ඇඳගෙන
නුවර පහන් කණු පාමුළ
අතරමං වෙලා සිටිනා
ළපටි කෙකින්නී .
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ ඉහළින් කොකුන් ගියා
ඉහිරුණු කිරි කඳුළු වලට
ලංසු තියන්නී .
එරන් රුවට තෝඩු නැතත්
ගෙල වට මුතු මාල නැතත්
කඩුල්ල පැන බරක් අරං
ඒවි කෙකින්නී .
වහළේ දුම් රොටු අතරින්
බතක් මාළුවක් සුවඳට
වැල් ඇඳ උඩ ගිලන් හිමිට
අනල කවන්නී .
පණ පිටින් සිරුර දන් දී
පාරමී සොයා පියඹා
විසිරුණු සළු පොට සකසා
ඒවි හිඟන්නී .
රෝ.සි.


notes of imaginary

0 ප්‍රතිචාර: