පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, August 24, 2023

කෙකින්නී



සුදට සුදේ සළු ඇඳගෙන
නුවර පහන් කණු පාමුළ
අතරමං වෙලා සිටිනා
ළපටි කෙකින්නී .
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ ඉහළින් කොකුන් ගියා
ඉහිරුණු කිරි කඳුළු වලට
ලංසු තියන්නී .
එරන් රුවට තෝඩු නැතත්
ගෙල වට මුතු මාල නැතත්
කඩුල්ල පැන බරක් අරං
ඒවි කෙකින්නී .
වහළේ දුම් රොටු අතරින්
බතක් මාළුවක් සුවඳට
වැල් ඇඳ උඩ ගිලන් හිමිට
අනල කවන්නී .
පණ පිටින් සිරුර දන් දී
පාරමී සොයා පියඹා
විසිරුණු සළු පොට සකසා
ඒවි හිඟන්නී .
රෝ.සි.


notes of imaginary

No comments: