අතීතයෙ සිටම කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමට පහසු
වනසේ කාලරාමුවක් තිබු බවත් ,එකල යල කන්නය පිට දඩ හස ලෙසත් මහ කන්නය අකල
හස ලෙස සහ මැද කන්නය මද හස ලෙසත් හදුන්වා ඇති බව තෝනිගල සෙල් ලිපියේ
සදහන් වනවා
කෘෂිකාර්මික කටයුතු
පහසුවටත් නියමිත කාලරාමුවකට පවත්වා ගෙන යාම සදහා මෙලෙස වර්ෂය කාර්තු තුනකට
බෙදා ගෙන තියෙනවා.මෙසේ බෙදීමේදි සැලකිල්ලට ගෙන ඇත්තේ කාලගුනයයි.
කටයුතු අරම්භ කිරීමටත් - අස්වනු නෙලා ගන්නා කාලයටත් අතර
කාලය කන්නයක් ලෙස නම් වෙනවා.
යල
කන්නය
පලමුවන
අන්තර් මෝසම>> මාර්තු සිට අප්රේල් දක්වා දිවයිනේ සියළුම ප්‍ර දේශවලට වැසි ලැබේ.
නිරිත
දිග මෝසම >>>> මැයි සිට සැප්තැම්බර් දක්වා තෙත් කලාපයට වැසි
ලැබේ. (සිරිපාදේ අවාරය)
පෙර
මහ >>>>>>>>>>>> යල කන්නයටත් මහ කන්නයටත් අතර කන්නය. මෙම කන්නයේ මාස තුනක වයසකින් අස්වැන්න ගත හැකි බීජ වගා කරන ලදී
මහ
කන්නය
දෙවෙනි
අන්තර මෝසම >>> ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා දිවයින පුරා වැසි ඇතිවේ. ( සංවහන වැහි)
ඊසාන
දිග මෝසම >>>>>
දෙසැම්බර් සිට
පෙබරවාරි දක්වා වියලි කලාපයට වැහි ඇතිවේ.
ගොවීන්
අනුගමනය කරන වගා සැලසුම ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාරී .වෙනවා.
මේ වසර
ප්‍රමානවත් වැසි නොලැබීම නිසා ගොවීන් අගෝස්තු මාසය ආරම්භ වන විටම ජල අර්බූදයකට
මුහුන පාන්නට සිදුවී ඇති බව නිරීක්‍ෂණයයි.
අප්රේල්
15 – 20 විට ගොයම් කපා අස්වැන්න නෙලා ගත්තා යයි උපකල්පනය කරමු.
මැයි
මස අවසන් වන විට බීජ වපුරා හෝ සිටවා අවසන් කල යයිද සිතමු.
ජුනි
ජුලි අවසන් වන විට ගොයමට දින 60 – 75 ක් අතර කාලයකි. අද අගෝස්තු08 අට වෙනිදාය. උඩ
වලව ගොවීන් ජලය ඉල්ලන්නේ තවත් සති දෙකකටය. අප්රේල් 10 ට අස්වනු නෙලා ගත්තා නම් මේවගා
සැලැස්මේ සති යක් - දින 10 ක වෙනසක් ඇතිකර ගන්න පුළුවන් ඒත් සිංහල අළුත් අවුරුද්දත්
සමග සති තුන හතරකින් තමයි ගොවි බිම් ගැන සොයා බලන්නේ.
සමනල
වැව පෝෂිත වන ප්‍ර දේශයට වැසි ලැබෙන්නේ පලමුවන අන්තර් මෝසම වන මාර්තු සිට අප්රේල්
දක්වා කාලයේත් දෙවෙනි අන්තර මෝසම වන ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා කාලයෙත් වන අතර මැයි සහ ජුනි මාසවල සුළු ප්‍රමානයක
වැසිත් ලැබෙනවා . මෙම වැහි ගංගාවලට ජලය එකතු වීමට තරම් ප්‍රමානවත් නැහැ
සමනල
වැව ප්‍රධාන ඉලක්කය.වුනේ විදුලි බලය උත්පාදනය කිරීමයි. සමනල වැව ආරම්භ කරන අවදියේ
ඇති කරගත් සක්‍යතා වාර්තාවල මේ බව සදහන් වෙනවා.මෝසම් දෙකකින් සමනල වැවට ජලය
ලැබෙනවා.පලමුවන අන්තර් මෝසමත් දෙවන අන්තර් මෝසමත් විශේෂයි.
2012
වර්ෂයේත් මේ ප්‍රෙද්ශයට නියගය බල පෑවා මෝසම් වැසි ලැබුනත් හරියට සක්‍රීය වුනේ
නැහැ. අඩු ජල පලදාවක් ලැබුන නිසා සමනල වැව සිදී ගියා. මේ වසරේදී ලැබුනේ එවන් අත්දැකීමක්.
අපට
ස්වභාව ධර්මයට පිටුපාන්න බැහැ. එහෙත් වර්තමානයේ අභියෝග කරන්න පුළුවන්.කාලගුණ
දෙපාර්තමේන්තුවට මේ තත්වය කලින් අවබෝධ කර ගන්න හැකියාව තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට
, ගොවි ජන දෙපාර්තමේන්තුවට සැලසුම් හදා ගෙන පහල මට්ටමකට ගේන්න පුළුවන් .ඒ ආයතන
අකාර්යක‍්ෂමයි. ගොවීන්ට ව්‍යාප්ත සැලැස්මක් නැහැ. ඔවුන් අයාලයේ යනවා.
බලයට
කෑදරවු දේශපාලන- ඥයින් වතුර බොරවු පසු
මාළු බානවා. දැන් ජලයට කරන තර්ජන වර්ජන අතුහැරලා විදුලිය නෑ කියලා පොළු මුගුරු ඔසවා
ගනීවි.
0 comments:
Post a Comment