බක් පෝය අදයි.
-
අද බක් පෝය දිනයයි.
සිංහල හිණ්දු අලුත් අවුරුද්ද මුව විට මෙවර පෝය දිනය එළඹ තිබේ.
බක් පෝය ශාසන ඉතිහාසයේ වැදගත් වන කාරනා කිහිපයකි.
බුදුරජානන් වහන්සේගේ දෙවන...
2 days ago
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
ජීවිතය……..
අලුතින් කියවමු.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලා...
මොනම දේශපාලකයෙක් වත් ජනතා සුබ සිද්ධිය පෙරට ගෙන තම සුබ සිද්ධිය පමා කල බවක් මීදුමට තේරෙන වයසේ සිට අත් දැකීමක් නොලද දෙයකි. ඒ නිසා එසේ සීතීම සාධාරණයයි කියවන ඔබටද සිතෙනු ඇත.
අඩුම තරමේ කරට කර අභියෝග කල හැකි විපක්‍ෂයක් රටට තිබිම යහපත් ලක්‍ෂණයකි . ආණ්ඩු පක්‍ෂයේ සිටින විට මැති ඇමති හෙංචයියලා තමන්ට හදා වඩා ගන්නා හැටි ඉරිසියාවට හෝ රටට කියන්න තරම් විපක්‍ෂය සත්ගුණවත්, ශක්තිමත් කන්ඩායමක් වී සිටීම ඒ නිසා වැදගත්වේ.
ඇන කොටා ගෙන තර්ක විතර්ක කරමින් සිට වටු වැද්දාගේ දැලට අහුවුන වටුවන්ගේ තැනට පත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය සමගියෙන් සාමදානයන් එක්ව වැඩ කර දැල උස්සා ගෙන පියාඹන්නට උත්සහා ගන්නේ නැත.තවත් කාලයක් මෙලෙස සිටීමෙන් එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයට එක්වී මහාවංශයේ තවත් එක් පිටුවක් වනු ඇත.
පලාත් සභා මංත්‍රී මෛත්‍රි ගුණරත්න මහතා දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පැමිනිල්ල පක්‍ෂයේ වර්තමාන අර්බුදයයේ පසුබිම් ස්වරූපය පිලිබදව යම් කිසි අවබෝධයක් ලබා ගත හැකි අවස්ථාවක් ලෙස දකින මීදුම එම පැමිණිල්ල උපුටා දක්වන සී.ඒ. ප්‍රේමචන්ද්‍ර යන් විසින් සැ ජුලි 11 දිවයින ට සැපයු විශේෂාංග ලිපියේ කොටස් කිහිපයක් මෙසේ පහතින් උපුටා දක්වයි.