අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Tuesday, July 12, 2011

7/12/2011 09:15:00 pm

හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්
තුන් මහලින් සැදි 
සරසවි පායේ 
මල් කැටයම් සෙවනේ 
සිරි පොද වැස්සේ 
නැගුනු සතුටු රල 
මිරිගු සයුර විනි අතීතයේ 
හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්

පාළු නිසන්සල  
කදු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ 
අත්තටු සිදගත් විහග විලාසෙන් 
අපේ පැතුම්
 ඉකි බිදුනු ඇසේ 
අපේ පැතුම්
 ඉකි බිදුනු ඇසේ 


හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්

0 ප්‍රතිචාර: