අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Saturday, July 09, 2011

7/09/2011 05:08:00 pm
2

සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.

කදුළු බිදු ගලා සදේ - තුරුලතා පුරා 
සියොලගම සැලී මගේ 
නොහිම් සීතලේ 
ඔබේ නෙත යදී    ම් ම්
 මහද වියරුවෙන් 
සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.


කියඹු වැල් ලිහී ඔබේ 
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ 
සිතුම් සසලවයි
නිවා ලන්න මා 
ඔබේ සිසිලසින්

සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.

2 ප්‍රතිචාර:

Ravi said...

කවදාවත්ම එපා නොවන ගීතයක්, ඔබට ස්තූතියි.

දුකා said...

මේක හරිම අපූරු සිංදුවක් . ..