ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2011-09-13

ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක්.



දුම්රිය ගැන බොහෝ දේ කියවන්න ඇත. දැන් කාලේට දුම්රිය  යන පදය යෙදීමද සුදුසු නැත.

1956 අප්රේල් මාසයේ 23දින ගමන් ඇරඹි උඩරට මැණිකේ ,රුහුණු කුමාරී, තවමත් සුපුරුදු ගමානාන්තයට නියමිත වෙලාවට නැතිවුනත් ගමන් කරන්නීය. යාල් දේවී යද තවත් ටික කලකින් ඇගේ ගමනාන්තය කරා ලගා වනු ඇත.

මෙන්න ගමන් ඇරඹුදා  ගමනට ලබා දුන් ප්‍රසිද්ධිය.

2011-09-07

හොදටම වැඩිවෙලා


මේ ගොල්ලන්ට කැලේදී හම්බුවෙනවා පලතුරු වර්ගයක්. රසයි. කාපුවහම මත් වෙනවා. බොහෝම ආසාවෙන් කනවා. බලන්න ඊට පස්සේ වෙනදේ.
වියට්නාම් විස්කි ගෙනාවට - බොන්න ඉස්සෙල්ලා මේ වීඩියෝව බලන්න.
බෝතල් පිටින් බීලා වැඩි උනාම අපෙයි මේ ගොල්ලන්ගෙයි වෙනසක් නෑ නේද ?.
මීදුම නම් දැකලා තියෙනවා මේ වගේ හැසිරෙන ගෙදර යන්න බැරිව පාරේ නිදා ගන්න මහත්තුරු. වැසිකිලියට ගියා කියලා හිතා ගෙන කලිසම දිගේ ගංගාවල් මුදා හරින මහත්තුරු.
මොන කරුමයක් විදවන්නද මේ විදියට  මේ අය බොන්නේ කියලා තේරෙන්නේ නෑ

2011-09-05

වියට්නාමෙන් ඉස්තරම්ම විස්කි.





තුර නම් හැමදාමත් බොන මීදුමට හුගක් කාලෙකින් බොන්න හමුවුනේ නෑ. යාළුවෝ නම් කියන්නේ මීදුම ඇල්වතුරත් නිමලා බොනවා කියලා. ඇල් වතුරත් නොපෙවෙන  කාලෙක මේවා මොන කතාද ?. එහෙම කියන කොට ඉන්ධන වලත් ඇල්වතුර කියලා - ඉන්ධන  නැතිව ඇල්වතුරෙන් දුවන වාහන ත් අපේ රටේ හදන්න හදනවා. මේ දවස්වල .ඉන්ධන කියලා විකුනන්නෙත් ඇල්වතුර නේ ?.
කතාවෙන් කතාවෙන් වියට්නාමේ විස්කි බොන්න ගිය මීදුම දැක්ක දේවල් ගැන කියන්න අමතක වුනා ඔන්න බලමුකෝ මේ විස්කි වල හැටි. ටිකක් බීලම ඉමුකෝ. “දඩිස් බිඩිස්” එන්න ඉස්සෙල්ලා.









පොඩ්ඩක් ඉවසගෙන ඉන්න අනිත් බෝතල් ටිකත් අරන් එනකම්.

2011-08-23

ආචාර්ය අමරදේවයන්ගේ - නොතිර සසර සාගරේ.

2011-08-22

ආදරණිය දිල් වෙතට.


 අතීතයෙන් මතක අහුලන දිල් .



සති ගනනාවක් ගෙවී ගියා මීදුම වියමන් කල දෙයක් නැහැ . පසුගිය දවස් කිහිපයේම උපුටා දැක්වීම් විතරයි සිද්ද වුනේ. ලියන්නත් හිතට ගලා එන්න ඕනි. කොයිතරම් උත්සහාකලත් ලියවෙන්නේ නැහැ. මෙහෙම ඉන්න අතරේ www.attitudeisaltitude.com  උපුටා දක්වලා  මීදුමට මිරිවැඩි සගලක් ඉල්ලා නොහඩමි කියන වීඩියෝ පටය එක්කලේ . මේ වීඩියෝ පටයට  අතීතයෙන් මතක අහුලන දිල් ප්‍රතිචාර දක්වලා තිබුනේ මෙන්න මේ විදියට.
 ......................................................2005 වසරේදී මම මුහුණ දුන්න දරුණු රිය අනතුර නිසා මගෙ කොන්දෙන් පහල කොටස පණ නැති උනා. ඒ අවස්ථාවේදී මම උන්න මානසීක තත්වය පැහැදිලි කරන්න ඇත්තටම මට වචන නෑ. මගේ ජීවිතයේ හුඟාක් දේවල් උදුර ගත්ත ඒ රිය අනතුරෙන් පස්සෙ මට කවදාවත්ම ඇවිදින්න බැරි වග ලංකාවෙ උන්න හොඳම දොස්තරවරු කියද්දී මම තව තවත් මනසින් වැටුනා. ඒ අනතුර නිසාවට මට මගෙ ආදරය නැති උනා.

ඒ අනතුරෙන් පස්සෙ මම කියවන්න පුරුදු උනා. ඉස්සරවෙලාම මට ශක්තිය ගෙනාපු පොත උනේ " සැබෑ මිනිසෙකුගේ කතාවක් " නවකතාව. ඒක සැබෑ කතාවක් උනත් ඒ චරිත මම දැකලා තිබ්බෙ මනසින් විතරයි. ඒ අතර තුර ඔබ මේ පල කල වීඩියෝවේ ඉන්නා පුද්ගලයාගේ වීඩියෝ පටයක් ලැබුනා. ...... මට මොනාද හිතුනේ.... මේ පුද්ගලයා මට සැබෑම ශක්තියක් ගෙනත් දුන්නා. අදටත් ඒ වීඩියෝ පටය මා ලඟ තියෙනවා.අදටත් මේ පුද්ගලයා දකින වාරයක් පාසාම මම අඬනවා. ඒ වෙන දෙයක් නිසා නොවේ..... මේ පුද්ගලයා මගේ ජීවිතයට කල ප්‍රාතිහාර්ය නිසා.... ඔහුගේ වචන මාව ශක්තිමත් කල නිසා...............
””
ඉතින් දිල් එක්ක කතා නොකර කොහොමද කියලා හිතුනා. දවස් ගානක් මීදුම එහේ මෙහේ යන අතර වැඩකරන අතර තුර නිදහසේ සිතුවිලි අතර අතරමං වෙන කොට සිහියට ආවේ දිල්ව. දිල් වෙනුවෙන් අඩන්න හිතක් පහල වුනේම නැහැ. මා කවදාවත් මුණ නොනැගුසුනු දියණියක වුනත් . දවස් ගනනාවක් තිස්සේ ඈ මගේ සිතට විවේකයක් නුදුන් නිසා .  ඇගේ   අතීතයෙන් මතක අහුලන  අඩවිය සොයා ගියා . http://atheethayen.blogspot.com/ , http://atheethayen.blogspot.com/search/label/%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A  මේ දින කිහිපයේම ඇව කි‍යවුවා.
ඈ සටහන් කර තිබුනා ඈගෙන් ඈත් වුන ආදරය ගැන. මිනිසුන්ගේ චපලකම් ගැන. මට හිතුනා මගෙන් ඈත් වුන ආදරයක් ගැන විග්‍රහයක් කරන්න. මේ විග්‍රහය සිදුවෙන්න සිද්ධින් සිදුවෙලා අවුරුදු තිහ හතලිහකට පස්සේ.  දකින්නෙත් වර්තමානයෙ ඉදලා. එදා විදවපු විදවිල්ල ගැන අද හිතන්නේ මම එදා මේ වගේ මෝඩ විදියට හිතුවේ ඇයි ?. කියලා.
හරියට කන්දක් නැගලා කදු පාමුල දෙස බලන කොට පෙනෙන සුන්දරත්වය කන්ද නගින කොට ඇතිවුන අපහසුකම් සියල්ල මකා හරිනවා වගේ මම ඒ අතීත දුෂ්කරතා අද දකින්නේ සුන්දර අත්දැකීම් විදියට. ඒකට හේතු වුනේ කදු මුදුනේ තිබු සිසිලස  මගේ ජීවිතේ නැවුම් කල නිසා වෙන්න ඇති.ඒත් දිල් මම වගේ නෙමෙයි. සිතින් කොහොම වෙතත් ගතින් අසමාන්‍යත්වයට පත් වෙලා. දිල්ට මට වගේ හිතන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. ඒත් ගිය හකුර ගැන හිතන්නේ මොකටද ?. අපි හිතන්න ඕනි තියෙන හකුර රැක ගන්න විතරයි. ගැහැණු පිරිමි කියලා නැහැ කොයි මනුෂ්‍ය ආත්මයක් ලබපු කොයි මනුෂ්‍යයත් ලොකු ආර්ථිකයක , සමාන අයට ඉහලින් අසමාන විදියට ජීවත් වෙන්න කැමතියි. ආදරය ප්‍රේමය හොයා ගෙන යන්නෙත් ආදරය ප්‍රේමය සුරක්‍ෂිත කරගන්නෙත් අයිති කරගන්නෙත් දගලන්නෙත් මුලිකව අසමානව ජීවත්වෙන්න.
මම පාසල් කාලයේ ඉදන් බැදි ආදරයක් හිමිව සිට  ඈ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයත් පංති සාමාර්ථයක් ලැබීම නිසා අසමාන බවක් නිර්මාණය වීමෙන් බිද වැටුන ආදරයක් හිමිවූ අයෙක්. මේ බිදවැටීම  තුල ඇතිවු අවකාශයට පැමිණි තවත් සැබෑ ආදරයක් එදා සිට මා සුවපත් කල නිසා වෙන්  මට රික්තයක අව පීඩනය දැනුනේ නෑ. දිල්ට එහෙම වෙන්න නැතිව ඇති තාමත්. පුංචි බාප්පා නංගී දිල් ලග. නතරවු අධ්‍යාපනය එතැන් සිට ඉදිරියට අරගෙන යන්න දැන් පරිසරය ලැබිලා ඇති. වර්තමානයේ ආර්ථිකයක් ගොඩ නගා ගන්න කාර්යාලයක කුරුටු ගාන්න ඕනීම නැහැ. සල්ලි ලගට ගෙන්න ගන්න මුලික දැනීම දිල් ලග තියෙනවා.
මම පුංචි උදාහරණයක් ලියලා අද සටහන අවසන් කරනවා. මට හමුවෙනවා ආදයම් බදු උපදේශකවරයෙක්. ඔහු ගණකාධිකරණය අවිධිමත් ලෙස අධ්‍යාපනය ලැබුවෙක්. පෞද්ගලික ආයාතනයක රැකියාව කරමින් සිටියදී ඔහු රැකියාවෙන් නෙරපනවා. හදිසි අවස්ථාවකට මුහුණ දුන් මේ තෙදරු පියා   පොලොවේ ගසා අතහැරියා වගේ වෙනවා. ඔහු ඒ ගැන හිත හිතා හිටියේ නැහැ. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ ගිනුම් කටයුතු ලගට ගිහින් කර දීලා පුංචි ගානක් හොයා ගන්න උත්සහා කලා . එය සාර්ථක වුනා. ආදයම් බදු , සේවක අර්ථ සාධක ´සේවා නියුක්ත අරමුදල්  කම්කරු ආරවුල් වැනි ව්‍යාපාරිකයන්ගේ කටයුතු සදහා උපදේශක වරයෙක් සහ නියෝජිතයෙක් ලෙස අදාල ආයතන සම්බන්‍ධකම් තර කරගත්තා. අද ඔහු පිලිගත් වෘත්තිකයෙක්. දහයකට අධික පිරිසක් සමග කාර්යාලයක් පවත්වා ගෙන යන අපට නැතිවම බැරි පුද්ගලයෙක්.

ඕනෑම කෙනෙකුට එක් දොරක් වැහෙන කොට තවත් දොරක් ඇරෙනවා. 
දිල් ඔබටත් එය පොදුයි.

2011-08-15

මිරිවැඩි සගලක් ඉල්ලා නොහඩමි

2011-08-12

තිරිසන්නු !.


ටයි කෝට් ඇද ගත්ත මහත්තුරුත් ගල් යුගයෙනුත් එහාට යනවා.
දියුණු සමාජයක මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. මේවා අනුගමනය කරන සූපවේදීන් ලංකාවෙත් ඇතිවෙලා අමුතු අමුතු කෑම හදන්න උත්සහා ගනියි.
මිල වැඩි වුනාම මෝස්තරේට ගන්න මිලියනස්ලා අපේ රටේත් ඔන තරම් ඉන්න වනේ.
ඔබට හිතුනදේ පලකරන්න. 
කියවන්න හොද වියමනක් නිර්මාණයවේවි.

2011-08-08

සැදැ අදුර තුල - ආචාර්ය අමරදේව

2011-08-03

ලමා තැනී නුබ.

සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී




මාතර දිස්ත්‍රික්කයේ ‍කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ  පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්තරය ඒක් පසකින්ද තවත් පෙසකින් රක්වාන කදු වැටිය ද, ඒමෙන්ම මොරවක් කොරළයේ කදුකර ප්‍රදේශ රැසකින්ද වට වු ගැටබරුව රජමහා විහාරය මනස්කාන්ත කදු ගැටයක  නිර්මාණය වු  පරිසරය විචිත්‍රවත් කල අපූරු නිර්මාණයකි.
මේ වීඩියෝවට ඇතුලත් වන්නේ ගැටබරුව රජමහා විහාරයට පියමන් කරන සැදැහැවතුන්ගේ නෙත් ගැටෙන දර්ශණ  පෙලකි.






දෙණියාය 
ගැටබරුව දේවාලයේ 
සිට 
ඈත පෙනෙන දර්ශණ
 මෙම ගීතයට ඇතුලත්ය.

2011-08-02

ඔබ එන්න ඇවිත් යන්න එන්න


ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා
සන්සුන් ගමනේ-  රෑ සිරි බෝමා 
ආදරේ නොකියා -  ඉන්නේ කෝමා

මගේ රන්කදට -  මං ආදරේයි.
මගේ රන්කදට -  මං ආදරේයි.

ඔබ නොදැක - බැරුවා 
ඔබ නැතිව -  බැරුවා
ඔබ නොදැක - බැරුවා 
ඔබ නැතිව -  බැරුවා


මග  - සොය සොයා 
මුව සර සරසා  - සත්තකයි මං ඔබ එතැයි සිතුවා 

ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න

මම පෙරුම් පිරුවා - ඔබ එතැයි සිතුවා 
මම පෙරුම් පිරුවා -  ඔබ එතැයි සිතුවා 

මග බල බලා නෙකු දව දවා 
රත්තරන් මග බලා සිටියා 
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න

එන්න  - ඔබ ඇවිත් යන්න එන්න

එන්න  - ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න

2011-07-28

දගයෝ ටිකක්.



දගකාරයෝ 



මීයා සහ කේජු




අංශක 360 යි.

2011-07-25

රැජින මමයි -අපේ රාජ්ජේ



ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන  කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බසී" ගීතයත් සමග



2011-07-23

ලෙස්ටර්ගේ සංදේශය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්


ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් 


ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග

මීදුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ මීදුමගේ නිවහනට ආසන්න පරිසරයේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය රූපගත කරනු ලැබීය. ලෙස්ටර් සහ විලීයම් බ්ලෙක් ඇතුළු පිරිසක් සුදුසු පරිසර පසුබිමක් සොයා ගිය චාරිකාවකදී බෙලිහුල්ඔය තානායමේ නවාතැන් ගනු ලැබු අතර තානායම අසලම පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා විසින් බෙලිහුල්ඔය අවට පරිසරය පෙන්වා ඒ පිලිබදව සිත්ගත් පිරිස සංදේශය රූගත කිරීමට බෙලිහුල්ඔය තෝරාගත් බව මීදුම අසා ඇත.
එකල රුපියල් 15000/= වැය කොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු ලවා ඉදිකල ප්‍රදේශයේ නිවාස ඉදිකරීම් සදහා යොදා ගත් කබොක් විශේෂයක්වු ගලින්  (කුඩුගල් ලෙස හදුන්වයි. ) සුවිසල් ඉදිකිරීමක්වු පෘතුගීසී බලකොටුව ඉදිකර තිබිණි. එම බිමේ දර්ශණ පසුතල සදහා බලකොටුවට පිවිසීමට මාර්ග පද්ධතියක් සහ ඉදිරිපස වෙළදපලක් වැනි තාවකාලික ඉදිකිරීම්ද තිබුනා මීදුමට මතකය. ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානය මෙම  සිනමා පටයයි. සුනිල් ශාන්ත ගේ මධුර ගී තනු සදහා  ආර්. මුත්තුසාමි පසුබිම් සංගීතයෙන් ද දායක වූ සංදේශයේ 'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' වැනි ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු ය. මේ ගීත අදත් කණට මිහිරිය.
තිරනාටකය කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්‍යක්ෂවරියක වූවා ය. ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූයේ ය. සංදේශය රූපගත කෙරුණේ බෙලිහුල්ඔය තානායමට මඳක් ඔබ්බෙන් පිහිටි එළිමහන් බිමක ය. මාස 14ක් තිස්සේ ශිල්පීන් 123කගේ සහභාගිත්වයෙන් දළ සේයා පට අඩි 120,000ක් භාවිතා කළ සංදේශයට එදා කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම රු. ලක්ෂ පහක් ආයෝජනය කළේ ය

සංදේශය ලංකාවේ මුලින් ම වාරණය වූ චිත්‍රපට අතරට ද එක් වේ. එය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලද්දේ සාමාන්‍ය මිනිසුන් එහි භික්ෂු චරිත නිරූපණය කළ නිසා බව කියැවේ. පසුව මෙම වාරණය ඉවත් වුණේ මාපලගම විපුලසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් බව ද වාර්තා වේ. සංදේශය මුල් වරට තිරගත කර 1960 වසරේදීය.එවකට වයස අවුරුදු දොලහක දහතුනක  කුඩා පාසල් සිසුවකු වු මීදුම ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය නමු වු දැවන්ත නිර්මාණය බැලීමට සැතපුම් 36 ක් ගෙවා රත්නපුර නගරයේ පිහිටා තිබු “ලක්‍ෂිමී “ සිනමා ශාලාවට ගියා ය. එකල දිනපතා පත්‍රවල බදාදා පලවු චිත්‍රපටි විචාර  නොවරදාවාම කියවන මීදුම සංදේශය ඔසවා තැබු උස බිෂ්පාසන පරිසරයේ ජීවත්වු මීදුමටද ආඩම්බරයක් විය. එහෙත්  සංදේශය  විඳින්නට තරම් මීදුම ඒ වන විට  මුහුකුරා ගොස් නො තිබිණි. පසුකලක මේ චිත්‍රපටිය නැවත බැලීමේ දැඩි උවමනාවක් මීදුමට ඇති වුනත් තවමත් එයට අවස්ථාව නම් උදා වුනේ නැත..
පුංචි අපිට මේ චිත්‍රපටියට රංගන දායකත්වය දැරූ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, වින්සන්ට් වාස් ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක්  නිතර දෙවේලේ මග තොටේදී හමුවිය. එකල බැහර පාසලක උගත් මීදුමට මිතුරන් හා ‍දෛනිකව බෙදා ගන්න සංදේශය පිළිබද බොහෝ මාතෘකා ඇතිවී තිබින. සංදේශයේ ප්‍රධාන චරිතයවු ආනන්ද ජයරත්න පරයා  ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වීමට ඉවහල් වූ මුල් කාලීන චිත්‍රපටයක්ද විය.


පෘතුගීසි කාරයා
පසුතලය - බලකොටුව තුල


 පසුතලය - බෙලිහුල්ඔය ඉදිකර තිබු  බලකොටුව ඉදිරිපිට වෙළද නගරය.
වර්තමාන" පර්ල් ටුවරිස්ට් ඉන් ' සංචාරක හෝටලයට යාබද ඉඩම


 කටේ කිරි සුවද යන්නට පවා බැරිවුනා.
පසුතලය - වර්තමාන සබරගමුව විශ්ව විද්‍යාලය හරහා දිවෙන කුඹල්ගම මාර්තය


වර්තමාන 156 කි.මි අසල බිම් භාගය

ඒ කන්දත් අපේ තමයි. මේ කන්දත් අපේ තමයි.

කදු යායම අපේ තමයි- අපේ රාජ්ජේ.

2011-07-18

නියගය සමග සවන් දෙන්න.





මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්.

සමනල වැව පුරවන්න ගලා බසින්නේ
 වළවේ ගගයි බෙලිහුල්ඔයයි.
මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා
මේ ගංගා දෙකම හිදිලා.
සැප්තැම්බර් දක්වා මේ තත්වය මේ කලාපයට බලපානවා.
වැස්ස ගැන හිතන්නවත් වෙන්නේ සැප්තැම්බර් මාසේ.
ඉතින් රටේ අනෙක් ජලාශවලටත්
මේකම වුනොත්
අපිට හොරෙන් හොරෙන් කපන විදුලිය
ප්‍රකාශයට පත් කරලා
කපන්නම  සිද්ධවෙයි.

2011-07-15

හා හා පරිස්සමෙන් !.

2011-07-12

හන්තානේ කදු මුදුන සිසාරා - පණ්ඩිත් අමරදේව


හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්
තුන් මහලින් සැදි 
සරසවි පායේ 
මල් කැටයම් සෙවනේ 
සිරි පොද වැස්සේ 
නැගුනු සතුටු රල 
මිරිගු සයුර විනි අතීතයේ 
හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්

පාළු නිසන්සල  
කදු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ 
අත්තටු සිදගත් විහග විලාසෙන් 
අපේ පැතුම්
 ඉකි බිදුනු ඇසේ 
අපේ පැතුම්
 ඉකි බිදුනු ඇසේ 


හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්