අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-11-06
ලන්ඩන් ගිය ඇමතිවරු.

11/06/2025 10:00:00 pm
4

මේක නම් මාර වැඩක්.  NPP එකේ ලංඩන් රැස්වීමට ගියාද? නැද්ද? කියලා ගොඩක් දෙනා කතා කරලම අහනවා. ඉවරයක් නෑ.  මම ගියේ නෑ. ඒ ආණ්ඩුවට ඇති විරෝධයක් නිස...

Read more »
2025-11-05
අමුඩ කතා.

11/05/2025 08:00:00 pm

අමුඩය දේශපාලනිකවු ඇදුමකි. පසුගිය කාලයේ නාමල් කරුනාරත්නයන් පිරිවරා ගෙනආ වී ගොවීන් , උක් ගොවීන් වට්ටක්කා ගොවීන් නා නා විධ වගා කරුවන් ඇන්දේ අමු...

Read more »
2025-11-04
ඉල් පුර පසලොස්වක පෝය.

11/04/2025 10:00:00 pm

මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, පසු වස්‌ විසූ භික්‍ෂූන් ...

Read more »
2025-11-03
අපත්  නොදනිමු අප යන මාවත.

11/03/2025 10:00:00 pm

දේශපාලනය අනතුරුදායක විෂයයක් බවට පත්වෙමින් තිබෙන්නකි.. විරුද්ධමතදාරීන් අමු අමුුවේ ප්‍රසිද්ධියේ මරාදමනු ලැබේ. චෝදනා ඉදිරිපත් කරන පාර්ශව නඩුත් ...

Read more »
2025-11-01
මරාදැමූ තේ වගාවේ පියා.

11/01/2025 10:00:00 pm

. මම ජේම්ස් ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ දුප්පත් පව්ලක අපිට කුඩා ගොවිපලක් තිබ්බා ඒකෙන් යන්තම් ජීවිතේ ගැටගහගෙන යන්න පුලුවන් උනා මගේ පියා හොද ගොව...

Read more »
2025-10-31
ගෝඨාභය

10/31/2025 10:00:00 pm
4

ගෝඨාභය සැබෑ නායකයෙක් ද?..... නායකත්වය ගැන මම අහලා තියෙන හොඳම කියමන තමයි “You're not really a leader until you've lost.” “ඔබ පරදින තු...

Read more »
2025-10-30
උරහිස ඉදිරිපස කටුවකින් අනිනවා  ද ?.

10/30/2025 10:00:00 pm

උරහිස ඉදිරිපස කටුවකින් අනිනවා වැනි වේදනාවක් ඔබ අත්විද තිබේද? එම වේදනාව හිරිවැටීම සමග අතදිගේ ගමන් කරනවාද? බොහොවිට උරහිස් වේදනාව සමග අපට අසන්න...

Read more »
2025-10-29
පරසතු මල්

10/29/2025 10:00:00 pm

'බටහිර අහසේ රතු සිත්තම්           මැකුණාවේ දෙනිපෙත හඬන හිරියා මල්           පිපුණාවේ මා ආදරය දුටු බව නොම                හැඟුනාවේ මා න...

Read more »
2025-10-28
මනසින් පරාජය නොවන්න.

10/28/2025 10:00:00 pm

එක්තරා දාර්ශනිකයෙකුට..රජු විසින් පළමු මට්ටමේ තනතුරක් ලබා දීම ගැන පුද්ගලයෙක් කනස්සලු වූ වේ ය. එම තනතුර ඔහුට වඩා තමන්ට සුදුසු බව සිතුවේ ය........

Read more »