ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-02-21

නොසැලෙන පර්වතයක් වන්න





කටින් වචනයක්වත් නොකියා, අපහාස කරන කෙනාව 'Mental' කරන මනෝවිද්‍යාත්මක ට්‍රික්ස්.

අපේ ජීවිතය හරියට වාහනයක් පදවාගෙන යනවා වගේ ගමනක්. මේ ගමන යද්දී ලස්සන මල් වතු වගේම, මඩ වලවල් සහ කටුක පාරවල් ඕනෑ තරම් හමු වෙනවා. අන්න ඒ වගේ තමයි අපිට මුණගැහෙන මිනිස්සුත්. සමහරු හරිම පිියකරුයි, හැබැයි තවත් සමහරුන්ගේ වචන හරියට මඩ වතුර පිරුණු බාල්දියක් අපේ ඇඟට හළනවා වගේ දැනෙන අවස්ථා තියෙනවා. කෙනෙක් අපිට අගෞරව කරද්දී, අපහාස කරද්දී අපේ ඇඟේ ලේ රත් වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ වෙලාවට අපිත් පෙරළා පහර දුන්නොත්, අපිත් වැටෙන්නේ අර මඩ වලටමයි.

නමුත් ඔබ දන්නවාද? සැබෑ බුද්ධිමතා කියන්නේ කඩුවක් අරන් යුද්ධ කරන කෙනාට නෙවෙයි; තමන් දෙසට එන විෂ සහිත ඊතල මල් මිටක් බවට පත් කරගන්න පුළුවන් කෙනාටයි. මනෝවිද්‍යාවේ ඇති සියුම් උපාය මාර්ග භාවිතා කරලා, අගෞරව කරන පුද්ගලයාව හිටි තැනම ලොප් කරලා දාන හැටි අපි බලමු.


මනස නමැති රිමෝට් කන්ට්‍රෝලය අනුන්ට නොදීම


කවුරුහරි අපිට බැන්නම අපිත් ඒ මොහොතේම කෑගහලා උත්තර දුන්නොත්, ඒකෙන් අදහස් වෙන්නේ අපේ සතුට හෝ දුක තීරණය කරන "රිමෝට් කන්ට්‍රෝලය" අපි එයාගේ අතට දීලා කියන එකයි. එයාට ඕන වෙලාවට ඔයාව තරහ ගස්සන්න එයාට පුළුවන් වෙනවා. මේක නවත්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔබේ ප්‍රතිචාරය පමා කිරීම. මොළයේ ඇති වන ක්ෂණික කේන්තිය හරියට ගිනිකූරක් ගැහුවා වගේ. ඒ ගින්න නිවෙන්න හරියටම තත්පර කිහිපයක් යනවා. අන්න ඒ තත්පර කිහිපය ඔබ හුස්ම ගන්න පාවිච්චි කළොත්, ඔබේ මොළයේ ඇති තාර්කික කොටස (Logic) නැවත පණ ගැන්වෙනවා. මේ නිහඬ බව කොච්චර බලගතුද කියනවා නම්, අර බැනපු පුද්ගලයාට හිතාගන්න බැරි වෙනවා "ඇයි මෙයාට තරහ ගියේ නැත්තේ?" කියලා. ඒක එයාගේ සැලසුම අවුල් කරනවා.


කුණු පාර්සලය ආපසු හරවා යැවීම’


නිකමට හිතන්න, තැපැල්කාරයෙක් ඔබේ ගෙදරට කුණු ගොඩක් පිරුණු පාර්සලයක් ගේනවා. ඔබ ඒක බාරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒ කුණු ටික තියෙන්නේ අර ගෙනාපු කෙනා ළඟමයි. අපහාස කියන්නෙත් ඒ වගේ දෙයක්. කෙනෙක් ඔබට පහත් විදිහට කතා කරනවා නම්, එය පෞද්ගලිකව භාරගන්න එපා. මනෝවිද්‍යාවට අනුව, මිනිස්සු අනුන්ට බනින්නේ ඔවුන් තුළ ඇති පීඩනය, අතෘප්තිය හෝ ඉරිසියාව පිට කරන්නයි. ඒ කියන්නේ ඔවුන් ඇත්තටම බනින්නේ ඔබට නෙවෙයි, ඔවුන් ඔවුන්ගේම කැඩුණු ප්‍රතිරූපය ඔබ තුළින් දකිනවා. ඔවුන් ගැන අනුකම්පා කරන්න. "මේ මනුස්සයා මොන තරම් මානසික අවුලකද ඇත්තේ?" කියලා හිතද්දී ඔබට තරහක් එනවා වෙනුවට සිනහවක් පහළ වේවි.


කැඩපතක් ඉදිරියට දැමීමේ උපාය.


කෙනෙක් අර්ථයක් නැති මෝඩ විහිළුවක් හෝ අපහාසයක් කළාම, එය නොතේරුණා වගේ ඉන්න එක හරිම රසවත් අත්දැකීමක්. "සමාවෙන්න, මට ඔයා කියපු දේ පැහැදිලි නෑ, ඇයි ඔයා එහෙම කිව්වේ?" කියලා බොහොම බැරෑරුම්ව අහන්න. මෙතනදී වෙන්නේ පුදුම වැඩක්. අර පුද්ගලයාට සිද්ධ වෙනවා එයාගේ අපහාසය විස්තර කරන්න. අපහාසයක් විග්‍රහ කරන්න ගියහම එහි ඇති "විහිළු" ස්වභාවය නැති වෙලා යනවා විතරක් නෙවෙයි, එයා වටේ ඉන්න අය ඉස්සරහා නිරුවත් වෙනවා. හරියට එයාම එයාගේ මෝඩකම ලෝකෙට ප්‍රදර්ශනය කළා වගේ වැඩක් එතන වෙන්නේ.


ගින්දර නිවන සිසිලස

කෙනෙක් ගින්දර වගේ ඇවිලීගෙන එද්දී, අපිත් පෙට්‍රල් අරගෙන ගියොත් වෙන්නේ මහා විනාශයක්. ඒ වෙනුවට වතුර ටිකක් වෙන්න උත්සාහ කරන්න. කෙනෙක් කෑගහද්දී "ඔයාට අද හරි මහන්සි පාටයි, අපි පස්සේ කතා කරමුද?" කියලා බොහොම කාරුණිකව කියද්දී, සතුරා නිරායුධ වෙනවා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ අපේක්ෂාවන් කඩ කිරීමක් කියලා. එයා බලාපොරොත්තු වුණේ රණ්ඩුවක්, හැබැයි ඔබ දුන්නේ කරුණාව. ඒක දරාගන්න බැරිව එයා පසුබහිනවා. ඒ වගේම ඔබව බිඳ දමන්න එන වචන හිනාවකින් භාරගන්න පුළුවන් නම්, ඔබව පරාජය කරන්න කාටවත් බැහැ. ඔබේ දුර්වලකමක් අල්ලලා විහිළු කළාම, ඔබත් එයාලට එකතු වෙලා ඒ ගැන හිනා වුණාම, එයාලගේ ආයුධය මොට වෙනවා.


නොසැලෙන පර්වතයක් වන්න


අවසාන වශයෙන්, ඔබේ සීමාවන් (Boundaries) ගැන අමතක කරන්න එපා. පාරේ යන බල්ලෙක් බිරුවට අපි ඌට බුරන්න යන්නේ නැහැ වගේම, හැම දේටම උත්තර දෙන්න යන්න එපා. අවශ්‍ය තැනදී ස්ථිරව ඇස් දෙස බලාගෙන "මට ඔය විදියට කතා කරනවට මම කැමති නෑ" කියලා කෙලින් කියන්න. ඔබේ නිහඬ බව, ඔබේ බැල්ම සහ ඔබේ නොසැලෙන පෞරුෂය ඉදිරියේ ඕනෑම නින්දා කරන්නෙක් වාමන රූපයක් බවට පත් වෙනවා.

මතක තියාගන්න, සිංහයෙක් කවදාවත් බැටළුවන්ගේ අදහස් නිසා තමන්ගේ නින්ද නැති කරගන්නේ නැහැ. ඔබේ වටිනාකම තීරණය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඔබමයි.

#EmotionalIntelligence #PsychologyHacks #MentalStrength #SelfRespect #ConflictResolution #Mindfulness #PersonalDevelopment #SocialPsychology #LifeSkills #InnerPeace







විශ්වකර්ම.


A day in the life

2026-02-20

බෝලුං නැත්තං ඔතෑනි වෙලා







බෝලුං නැත්තං ඔතෑනි වෙලා වෙලා බාල වෙයිද..?

සිංහරාජ අඩවිය අසල ගම්වල උදවිය අතීතයේ කැලේ හේන් (ගොයිපොල) කොටාගෙන එහි අවුරුද්දේ යම් කාලයක් ගත කරන අතරතුර භාවිත ජන වහර ගොවි බාසාව නම් විය.

සතුනට අමුතුම නම්.

සතුන් සිවුපාවුන් බහුල සිංහරාජ අඩවියේ සතුන් හැඳින්වීමටද වෙනස් නාම පද ගොයි බාසාවේ බහුල වීම අරුමයක් නොවේ. මෙම සතුන්ගේ විශේෂ හැඩ හුරුකම් අනුව ඔවුන් අරඹයා භාවිතා කළ නම්වල තර්කානුකූල බවක් හඳුනාගත හැකි වුවත් සමහර සතුන් සම්බන්ධයෙන් එය අමාරුය. කබල්ලෑවට 'පොතු ඇඹයා' කීමත්, නයාට 'පුප්පන ඇඹයා' කීමත්, පොළගාට 'පුල්ලි ඇඔයා' කීමත්, තේරුම් ගත හැකි වුවත් වල් මීයා 'පොට්ටනි ඇඹයා' වූයේ ඇයිද යන්න වටහා ගැනීම තරමක් අමාරුය. මාලුවාට 'දිය පිට පීනන්නා' කීමද වටහා ගත හැකිය. 'මහ ඇඹයා' කීවේ ගෙදර ප්‍රධාන පිරිමියාට යයි කෙනෙකුට අනුමාන කළ හැකි වුවත් ඇත්තටම එනමින් හැඳින්වූයේ අලියාය. 'පර්වත ඇඹයා' කියාද අලියා හැඳින්වුණි.

අලි යන පාර 'මහා ඇඹයා යන මන්දාව' විය. 'හෙට්ටියා' හෙවත් 'හෙට්ටිරාල' නමින් හැඳින්වුනේ කොටියාය. නැතහොත් දිවියාය. 'කළු ගෙඩියා' හෙවත් ඌරා ගොයිපලවලට මහා හිරිහැරයක් වන්නට ඇත. ගෝනා හා ගවයා යන සතුන් දෙදෙනාටම 'අම්බරුවා' නම භාවිතා විය. වඳුරා හා රිලවාට 'ගස් උඩ ඇඹයා' යන්නද ඉත්තෑවාට 'කූරු ඇඹයා' යන්නද කියනු ලැබීය. සිංහරාජය අවට කරදරකාරීම සතෙකු වනුයේ 'සෙවෙල් ඇඹයා' හෙවත් කූඩැල්ලාය. 'ලියන්නා" හෙවත් 'ලියන ඇඹයා' යනුවෙන් මියා හැඳින්වුණේ උගේ කාර්යය ගැන සිතා වන්නට ඇත කුරුල්ලන් හැඳින්වුණ පොදු නාමය වූයේ 'පියහටු බරියා' යන්නයි.

ගමට අමුතු නමක්.

සිංහරාජ අඩවිය අවට ඇති ගම් හෝ කුඩා ගම් ගණනාවකි. වැද්දාගල, කුඩව, පෙතිය කන්ද, පිටකැලේ, මීයනපලාව, හා පොතුපිටිය ඒ අතර වේ. එසේ වුවත් ඒවා හැඳින්වීමට ගොයිපලවලදී භාවිතා කලේ වෙනස් නම්ය. කුඩව ගමට කීවේ 'වැඩබෝගම' කියාය. කුඩව අසල පිහිටි 'පෙතියකන්ද' නම් කුඩා ගම 'වැඩබෝකන්ද' යනුවෙන් හැඳින්විණ. ඒ අතර මියන පලාව නමැති කුඩා ප්‍රදේශය 'රැකෙන පලාව' නමින් හැඳින්වුණේ 'මියන' යන්න 'මැරෙන' යන අරුත දෙන නිසා 'රැකෙන' යන්නෙන් එහි දෝෂ ඉවත් වෙතැයි සිතා වෙන්නට ඇතැයි අනුමාන කළ හැක. පොතුපිටිය නමැති ගමට 'උඩඇරපොත' යයි කියූ අතර ප්‍රදේශයේ ප්‍රධාන ගමක් ලෙස සැලකිය හැකි වැද්දාගල 'ගම්මානෙ' නමින් හඳුන්වන ලදී.

ආගම.

ගොයි ඇඹයන් තුළද යම් ආගමික විශ්වාස ගමේදී පැලපදිංචි වී තිබෙන්නට ඇත. එසේ වුවත් ගොයිපලේදී ඊට වෙනස් වචන ආදේශ කෙරුණි. දෙවියන් හා යකුන් දෙගොල්ලම ඔවුන්ගේ විශ්වාස තුළ වැඩ වාසය කළත් ඒ දෙගොල්ලම හැඳින්වුණේ එකම නාමයකිනි. එනම් බෝලුං කියාය. දෙයියන්ට වී ටිකක් වෙන් කිරීම තම ගොයිපළේ කටයුතු අතුරු ආන්තරාවකින් තොරව හොඳින් කිරීමට අත්‍යවශ්‍ය විය. එසේ කිරීමට කීවේ 'බෝලුංට බැත බෝයක් බානවා' කියාය. යකුන්ගෙන් උපද්‍රව පැමිණි විට තොවිල් කිරීම සිරිතකි. නමුත් ගොයි භාෂාවෙන් තොවිලයට කීවේ 'බෝලුම' කියාය 'බෝලුම' කරන කට්ටඩි උන්නැහේව හැඳින්වුනේ 'බෝලුං ඇඹයා' කියාය.බෝලුමේදී 'බෝලුං ඇඹයා' 'බෝලුං' එලවා දැමීමට ගැහුවේ දුම්මල වුනත් එයට ගොවිපලේදි කීවේ 'සුදුවා බෝය' කියාය.

ජීවිත අත්දැකීම්.

ඔවුන්ගේ ජීවිතයේ බොහෝ සිදුවීම් පිළිබඳ කතා කිරීමේදී ඒ සඳහාද ආදේශක පද නිර්මාණය කළ යුතු විය. ගැහැණු දරුවෙකු වැඩිවිය පැමිණීම 'අරටියාව' නම් විය. එවැන්නක් සිදුවූ විට 'අරටියා වෙලා' යයි කතා වෙති. වැඩපළ කරන අතරතුර තුවාල වුවහොත් 'රතුකිරි ගලනවා' යයි කීහ. ලේ සඳහා 'රතු කිරි' යන යෙදුම කෙතරම් අපූරුද? ලෙඩක් දුකක් ඇති වුනහොත් 'ඔතෑනි වෙලා' කියා 'වෙද ඇඹයකු' හෝ සෙවීම කළ යුතුය. ඔතෑනි වූවකු ඇතැම්විට මරණයට පත් වන්නටත් පුළුවන. නමුත් මැරුණා යයි කීම 'නපුරු පාදේ සද්ද කරන්න ඉස්සර' නිසා (නුසුදුසු වචන නොකිව යුතු නිසා) 'බාල උනා' යයි කීහ.

බුද්ධාගම් කාරයන් වුවත් ගොයිපලේ කතා බහේදී 'ගොයි ඇඹයන්'ගෙන් බුද්ධාගමට අදාළ වෙනස් වචන නිර්මාණය නොවීම විමසා බැලිය යුතු කරුණකි. නමින් බුද්ධාගමේ වුවත් ඔවුන්ගේ ආධ්‍යාත්මික ලෝකය තුළ රජ කළේ බෝලුං පමණද?

මෙහිදී අප සඳහන් කළේ සිංහරාජ අඩවිය අසල කුකුළු කෝරළයට අයත් කඳු ආශ්‍රිත ගම්වල මිනිසුන් කලකට පෙර සිංහරාජ වනාන්තරය තුළට ගොස් හේන් කොටා ගෙන අවුරුද්දේ සෑහෙන කාලයක් හේන්වල හෙවත් ගොයිපළවල ගත කරද්දී භාවිතා කළ 'ගොයි භාසාව' ගැනයි. ගමේදී භාවිතා කළ භාෂාව හේන්වලදී භාවිතා කිරීම නරක ප්‍රතිවිපාක ඇති කරනු ඇත යන බිය නිසා මෙම උප භාෂාව පාවිච්චි කෙරිණ.

බ්‍රිතාන්‍ය පාලන යුගයේ යටත් විජිත රජය විසින් ඇතිකළ මුඩුබිම් පනත නිසා ඉඩම් අහිමි වූ ගොවීන් ආඩුවේ දේශීය මුලාදෑනියකු වන කෝරලේ මහතාගෙන් ලබාගත් බලපත්‍ර සහිතව වනාන්තර තුළට ගොස් වාණිජ බෝග වගාවකරන ක්‍රමය ඇරඹීමේ ක්‍රියාවලිය මෙම ප්‍රදේශයේ ගත් ඓතිහාසික ස්වරූපය මෙය විය හැක. එසේ වුවත් එය තහවුරු කරගැනීම සඳහා වැඩිදුර අධ්‍යයන මත රඳා පවතී.

මීට හේතුව අවුරුදු හතලිස් ගණනකට පෙර කුඩව ගමේ ආදී ගැමියන් ඉතා ආශිර්වාදයෙන් තම පැරණි ජීවන රටාවක් ගැන කරන අතීත සැමරුම් තුළින් හෙළි කරගත් මෙම සංස්කෘතික දායාදය ඔවුන් කිසිවෙක් ජීවතුන් අතර නැති තත්වයක සදහටම මැකීයාම වැලකීමට. මෙසේ ජනගත කළෙමි.


2025.12.19
නීතීඥ රංජිත් විජේනායක ©
අනිද්දා

ඡායාරූපය අන්තර්ජාලයෙන්.
A day in the life

2026-02-19

මග වැරදිලා නුඹේ










                          

දල්වා සඳපහන එල්ලා අහස් ගැබේ                                

බැළුවා වළාකුලු  අතරින්  නබෝ ගැබේ                              

කිව්වා තරු නෙතක්, "මග වැරදිලා  නුඹේ".                    

ඇසුවා පෙරනිමිති කපුගේ දුටුව ඉබේ.    💐 

                 

කඩදාසියක ලියැවෙන  කවියක යාවී                               

පාළුව තනිය  ඉකිබිඳිමින්  වැලපේවී            

මතකය වළ දමා සිත සන්සුන් වේවී                     

නිබ්බුත පද කියන්නට  නුඹ දැන් ඒවී. 

💐                    

අඳුරු ලලා කළුවර කුරගාන විට                            

පඳුරු ලලා සෙවණැලි වටකරන විට                          

සිදුරු වෙලා හද බිතු ලේ ගලන විට                            

සොඳුරු සෙනෙහසක සිහිලස දැනුණි මට.💐

               

දල්වා මිණි පහන් නෙතුමත සෙනේ තියා                  

කිව්වා පුරු-පුරුව වලිගය කොඩිය නියා             

දැවටෙන කලට කකුලේ හිසවැදෙන නියා                   

සුවයකි සැනසුම කි මිළ කළ නොහැකි දයා.💐

                

රෝසි.....................














A day in the life

2026-02-18

ජීවිතය - මුදල් පසුම්බියක.



අපි දැන් වයසයි.

නිවසෙත් පිටතදිත් රගපාන්නේ බකමූණාගේ චරිතය.

හයිය හත්තිය තියෙන උදවිය ඔලොක්කුවට අහන්නේ “ දැන් ගොක් කොළ පේනවා නේද ? කියලා.

දවසක් දුම්රියේ ටිකට් පරීක්‍ෂක මහත්තෙකුට පරණ වෙලා හම්පඩ ගැහිච්ච මුදල් පසුම්බියක් දුම්රිය මැදිරියක බිම තියලා හම්බු වෙනවා.කාගෙද මේ පසුම්බිය ? කියන ප්‍රශනෙත් එක්ක අයිතිකරු සොයා ගන්න පසුම්බිය විවෘත කරනවා.

නමක් ගමක් නැහැ. හදිසියක් වුනොත් දැනුම් දෙන්න ලිපිනයක් වත් නැහැ !.

එහි තිබුනේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් සහ මුදල් නෝට්ටු කිහිපයක් විතරයි.

ඔහු මැදිරියෙන් මැදිරියට පසුම්බිය ඔසවා ගෙන යන ගමන් අහනවා“ කාගෙද මේ පසුම්බිය ?“කියලා.

එක් සීයා කෙනෙක් “ අනේ ඒක මගේ කරුනාකරල මට දෙන්න - ඔබතුමාට පිංසිද්ධ වෙයි “ කියලා ආයාචනය කරනවා.

ටිකට් පරීක්‍ෂක කියනවා - “ ඒක සීයාගේ නම් ඔප්පු කරන්න හෝඩුවාවක් එහෙම තියෙනවා නම් කියන්න 

මේකේ නමක් ගමක් ලිපිනයක් පින්තූරක් නැහැනේ “ කියලා.

සීයා හිනාවෙනවා. දත් නැති ලොඹු කට.

වියපත් අහිංසක මුහුනේ පෙනුම 

හිනාවෙමින් කියනවා“ බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙනවා “ කියලා.

“ඒක සාක්‍ෂියක් වෙන්නේ කොහොම ද ?

ඕනෑම කෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙන්න පුළුවන්.

ඒ වගේ පින්තූරයක් මුදල් පසුම්බියක දාගෙන ඉන්නත් පුළුවන් නේ “ 

කියලා ටිකට් පරීක්‍ෂක වරයා අනුමානය පලකරනවා.

ඇයි ? ..ඔබේ පින්තූරයක් නැත්තේ 

සීයාට ලොකු කතාන්දරයක් කියන්න සිද්ධ වුනා.

ඔබතුමා මගේ කතාව අහන්න ලෑස්ති ද ? සීයා ඇහුවා.

ටිකට් පරීක්‍ෂක වරයා කාර්ය බහුලවුනත් සීයාට අවනත වුනා.

සීයා ගැඹුරු හුස්මක් ඉහලට ගෙන මුදා හැරියා.

මගේ පින්තූරෙට මොකදවුනේ කියලා …මමවත් දන්නේ නෑ.

මට ඔය පසුම්බිය දුන්නේ මගේ තාත්තා. 

මම පාසල් යන කාලේ. ඒ කාලේ මට තාත්තා වියදමට පුංචි මුදලක් දුන්නා.ඒ මුදල් දාගන්න ඔය පසුම්බිය පාවිච්චි කලා.

මම මගේ අම්මගෙයි තාත්තගෙයි පින්තූරයක් පසුම්බියේ දාගෙන හිටියා !.

මම යෞවනයෙක් වුනා. මම හරි කඩවසම්.මම මගේ පෙනුමට ආඩම්බර වුනා. 

මගේ දෙමව්පියන්ගේ පින්තූරය වෙනුවට මගේ පින්තූරයක් දා ගත්තා.

කාලය ගෙවී ගියා.

ප්‍රෙමවන්තියන් ආදරවන්තියන් හමුවුනා….කලින් කලට පසුම්බියේ පින්තූර මාරුවුනා.

විවාහ වුනා. ලස්සන මගේ බිරිදගේ පින්තූරයක් පසුම්බියේ පදිංචි වුනා.

මටත් බිරිදටත් දරුවෙක් ලැබුනා.

ජීවිතයට තවත් අළුත් පිටුවක් එකතු වුනා.

දරු සෙනෙහස විසින් බිරිදගේ සේයාරුව පසුම්බියෙන් සමුගැන්වූවා බිරිදත් ඒ ගැන සතුටු වුනා.පසුම්බියට සිගිත්තියගේ පින්තූරයක එකතු වුනා.


ටිකට් පරීක්‍ෂකට කාලය ගෙවී යනවා දැනුනේ නැහැ. ඊලගට මොනවද වෙන්නේ කියලා කුතුහලයෙන් සීයා ගේ මූණ දිහා බලා ඉන්නවා.

වියකුන රැලි වැටුන මුහුනේ ඇස් මලානික වෙලා පුංචි කදුළු බිංදු දෙකෙපොල දීගේ ගලා ගෙනයනවා. ටිකට් පරීක්‍ෂකත් හැගීම් බර වෙලා. එහුගේ ඇස් කෙවෙනි නටනවා.

සීයා යලිත් හඩ අවදිකරනවා.

“ මගේ අම්මයි තාත්තයි වසර ගනනාවකට පෙර මගෙන් සමුගත්තා

මගෛ් බිරිදත් පසුගිය වසරේ මාව තනි කලා.

මගේ දරුවා දැන් ඇගේ පවුලත් සමග කාර්ය බහුලයි.

මම හැමදාමත් මගේ හදවතට සමීපව තියාගෙන හිටපු හැමදෙනාම දැන් මට ලගාවෙන්න බැරි දුරක ඉන්නේ !.


ඉතින් මම බුදුහාමුදුරුවන්ගේ පින්තූරේ මගේ මුදල් පසුම්බියට දැම්මා .උන් වහන්සේ කවදාවත් මම දාලා යන්නේ නැහැ.

මට මීට කලින් මේ හැගීම තේරුම් ගන්න බැරිවුනා.

මම දැඩිලෙස මගේ පවුලට තරම්ව බුදුන්වහන්සේට ආදරය කලා නම් ඇළුම් කරා නම් මට මේ තරම් තනිකමක් දැනෙන එකක් නැහැ.

සීයා සුසුමක් හෙළුවා.

ටිකට් පරීක්‍ෂකවරයා නිහඩවම මුදල් පසුම්බිය සීයාට දුන්නා.


දුම්රිය ඊළඟ ස්ථානයේ නතර වූවා.  

ටිකට් පරීක්‍ෂක  වේදිකාවේ පොත් සාප්පුව වෙත ගොස්   “ඔබ ලග බුදුන්වහන්සේගේ  පින්තූර තියෙනවද අසා.

මුදල් පසුම්බියට දැමීමට තරම්  කුඩා එකක් තේරුවා.














A day in the life

2026-02-17

මොකද වෙන්නේ ?.



පුංචි එකා කතා කියනවා.

සීයා අහගෙන ඉන්නවා. 

නැත්නම් අහගෙන ඉන්න ඕන.

සමාජයම කාර්ය බහුලයි. තව කෙනෙක් ගැන හිතන්න කාලයක් නැහැ.

හිතන්න ඉඩක් තියෙන්නේ තමන් ගැනම විතරයි.

අපි පුංචි කාලේ එහෙම නැහැ.පරිභොජන රටාව සරලයි.

අද වගේ සන්නිවේදනය දියුණු නැහැ.

තාක්‍ෂණය දියුණු නැහැ.

ගෙදර වංගෙඩිය , මෝල් ගහ , මිරිස් ගල 

අවශ්‍ය කර්මාන්ත ඉටු කරලා දෙන ගමන් ශාරීරික ස්වතා වැඩ සටහන්ද ක්‍රියාත්මක කරනවා.

ලෙඩ රෝග හෘදයාබාද  අධික රුධිර පීඩනය , වගේ රෝග නැහැ.

අද පාරේ දුවනවා. ජිම් එකට යන්න ඕනි , යෝගා ඕනි.

සමාජයේම සිතුම් පැතුම් වෙනස්.

පාරේ ලොකු ගලක් තිබුනා කියලා හිතමු.

ඒක වටේ යනවා.

යන්න බැරි තරම් අවහිරයක් නම් අරන් දානකම් බලා ගෙන ඉන්නවා.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් එනකම්……

තනියෙන් බැරිනම් පිරිසක් එකතු වෙලා තාවකාලිකව වත් අවහිරය ඉවත් කරන්න හිතන්නේ නැහැ.

පුංචි එකාගේ කතාව අතරේ හිතුන දේවල්.

අවධානය නැතිව ගිහින් පුංචි එකා යුද්ධ ප්‍රකාශ කරනවා.

ඔන්න සීයේ ඉස්සර කාලේ රජ කෙනෙක් හිටියා.

මේ රජ්ජුරුවෝ හරි ඥානවන්තයි.

දවසක හිතුවා රජ්ජුරුවන්ගේ අඩුපාඩුවක් ඇදක් කුදක්ම හොයන තම රට වැසියන් තම රටට තියෙන ආදරය , රට ගැන තියෙන හැගීම පරීක්ෂා කරන්න.

රජ්ජුරුවෝ තම හේවා ඇණියෙන් පිරිසක් එක්කර ගෙන ගිහින් යන එන පාර මැදට ගලක් පෙරළුවා.

මේ ගල හතර පස් දෙනෙක් එකතු වුනොත් පාර අයිනට පෙරලා ගන්න පුළුවන් තරමේ ගලක්.

ඊට පස්සේ පිරිස ආපහු ඇරලා රජ්ජුරුවෝ අසල වන ලැහැබේ හැංගිලා බලා හිටියා.

මොකද වෙන්නේ කියලා ?.......

ඔන්න සීයේ……

හොද සල්ලිකාර වෙලෙන්දෝ කිහිප දෙනෙක් තම පිරිවර සමග ආවා.

පාර මැද ගලක් !.

අයින් කරන්න හිතුවේ නැහැ.

රජතුමාටයි රජතුමාගේ භාණ්ඩාගාරයටයි සේවක පිරිසටයි ආඩපාලි කියමින් ගල මග හරිමින් ගියා.

ඔන්න ඊට පස්සේ රාජපුරුෂයන් කිහිප දෙනෙක් ආවා.

රජ්ජුරුවෝ හිතුවා මේ ගොල්ලවත් ගල පෙරලා පාරේ අවහිරය ඉවත් කරලා යයි.කියලා.

ඒ ගොල්ලන් කථා බස් කරන දේවල් වලට ඇහුම් කන් දුන්නා.

එයාලගේ අදහස වුනේ එය තමන්ගේ විෂයය පථයට  අයත් රාජකාරියක් නොවන බවයි. 

රජතුමා තවත් බලා හිටියා.

එළවළු කදක් කර තියාගත් ගොවියෙක් එනවා.

කද හින්දත් උදේ ඉදන් ගොවිපලේ වැඩකරමින් හිටිය නිසාත් ගොවියා හිටියේ හරිම මහන්සියෙන්.

ගොවියා කද පසෙකින් තිබ්බා.

“ සීයා නිදි ද ?. මුණුපුරා අහනවා.

“නෑ මම අහගෙන ඉන්නවා“ . 

කතාව අතරේ අපේ සමාජයට ගලපන්න උත්සහාකරමින් හිටපු මම ආයෙත් ෙමුණුපුරාගේ අවධානයට පත්වුනා.

ඔන්න සීයේ ගොවියා බොහෝම මහන්සියෙන් යන්න එන්න ප්‍රමානවත් වන පරිද්දෙන් ගල පාර අයිනට පෙරළුවා.

පෙරලලා බලන කොට ගල යට පොදියක් තියෙනවා.

දිග ඇරලා බලපු ගොවියා ගේ ඉහේ මලක් පිපුනා වගෙයි.

පොදියේ රණ මසුරන් පිරිලා !!.

ඒත් එක්ක තිබුන තල් පතේ 

“ගල ඉවත් කිරීමට රජතුමාගෙන් තෑග්ගක් “

සටහන් කරලා තිබුනා .

ඔන්න සීයේ කථාව………..පුංචි එකා මා නිදහස් කලා.




A day in the life

2026-02-16

සීතලයි මරණය.



සීතල මරණය.

මම එහෙම හදුන්වන්න කැමතියි.

මරනාසන්න මොහොත බෞද්ධ උපදේශණ දේශනාවල බොහෝම සාකච්ඡා වෙන මතෘකාවක්.

අපි මරණයට බිය ගන්නවා.

සසරින් එක් අවස්ථාවක නික්ම යාම බිය විය යුතු හේතුවක් නෙවෙයි කියලා.

කැප්පෙට්ටිපොල නිළමේ වධයට පත්කරන අවස්ථාවේ 

“ අයියන්ඩිය මම මරණයට බිය නොවන්න “ කියු පුංචි පුතා මට මතක් වෙනවා.


අන්තර්ජාලයේ පලවු  ලිපියක මෙහෙම පලවෙලා තිබුනා.

අවසන් අවස්ථාව බලාපොරොත්තුව සිටි රසියානු ලේඛකයින් කිහිප දෙනෙක්ගේ සමුගැන්ම සටහන් වෙන්නේ මේ විදියට.

 

​ව්ලැදිමීර් නබොකොව් කෘමී විද්‍යාව පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර සමනලුන් එකතු කරන්නෙක්. 

පියාගේ අවසන් මොහොතේ පුතා ලග ඉන්නවා.  

පියාගේ දෑස් හදිසියේම කඳුලින් පිරී යනවා ඔහු දකිනවා.

"ඔහු අහනවා ඇයි තාත්තේ අඬන්නෙ කියල. 

එවිට ඔහු  "සමනලයෙකු දැනටමත් පියාඹනවා..." කියලා පවසනවා.

​2. "මම මියයනවා! මම ගොඩ කාලෙකින් ෂැම්පේන් බිව්වෙ!"

ලේඛකයෙකු මෙන්ම වෛද්‍යවරයෙකු ද වූ අන්තොන් චෙකොව් මිය යන්නේ ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී. 

ජර්මනියේ බේඩන්වීලර් නගරයේදී.

පැරණි ජර්මානු සම්ප්‍රදායකට අනුව, රෝගියෙකුට මාරාන්තික රෝගයක් ඇති බව හඳුනා ගන්නා වෛද්‍යවරයා ඔවුන්ට ෂැම්පේන් සංග්‍රහයක් පිරිනමනවා.

චෙකොව්ගේ  බිරිඳ වූ නිළි ඔල්ගා ක්නිපර්-චෙකෝවා (Olga Knipper-Chekhova) පසුව එම සිදුවීම මෙසේ සිහිපත් කළා.

“ඔහු රාත්‍රියේ අලුයම කාලයේදී අවදි වූ අතර, තම ජීවිතයේ පළමු වතාවට වෛද්‍යවරයකු කැඳවන ලෙස ඔහු විසින්ම ඉල්ලා සිටියා.”

ජර්මානු ජාතික වෛද්‍යවරයා පැමිණි විට, ඔහු අසාමාන්‍ය ලෙස කෙලින් වාඩි වී, (ඔහු ඉතා අල්ප වශයෙන් දැන සිටි) ජර්මානු භාෂාවෙන් ඉතා ශබ්ද නඟා සහ පැහැදිලිව 'Ich sterbe' ('මම මිය යනවා') යැයි පැවසුවා”

​සම්ප්‍රදාණුකුලව වෛද්‍යවරයා විසින් ෂැම්පේන් බෝතලයක් ගෙන එන ලෙස පැවසුවා,

චෙකොව් වයින් පිරුණු වීදුරුවක් අතට ගෙන, එය පරීක්ෂා කර බලා, මා දෙස බලා සිනාසෙමින්, ''මම ෂැම්පේන් බොන්නෙ ගොඩ කාලෙකින්"' යැයි පැවසුවා.

ඔහු එය පානය කර අවසන් කොට, ඉතා නිහඬව තම වම් ඇලයට හැරී වැතිරුණේය.

වැඩි වේ  නොගෙන  ඔහු සදහටම නිහඬ වුනා.

දේශපාලන අදහස් ද මිනිසුසු ඉක්මනින් මරා දමනවා. 

​සංකේතවාදී කවියෙකු වූ ඇලෙක්සැන්ඩර් බ්ලොක් 1921 වසන්තයේදී දැඩි ලෙස රෝගාතුර විය. 

සිවිල් යුද්ධය සමයේ ඇති වූ සාගින්න, ස්නායු දුර්වලතාවය සහ රුසියානු බුද්ධිමතුන් ඔහුගේ "The Twelve" නම් විප්ලවවාදී කාව්‍යය පිළිගැනීමට අපොහොසත් වීම මෙම රෝගයට හේතු විය.

මැක්සිම් ගෝර්කි ඇතුළු මිතුරන් ඔහුට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දීමට උත්සාහ කළද, බෝල්ෂෙවික් පක්ෂය එය තහනම් කළේය.

ඔහු ගේ අවසන් වදන් වුයේ ​ "මෝඩ ඊරියක් තම පැටවා කන්නාක් මෙන් රුසියාව මාව කා දැම්මා"

මේ කතාව රසියාවට විතරක් නෙමෙයි.

අපේ රටේද මෝඩ ඌරන් තම දරුවන් කා දමමින් ඉන්නවා.

​"මරණය සිදුවිය යුතු නිවැරදි වේලාව ගැන මම නිතරම සිතමි. 

දෙවියනේ, මායාකොව්ස්කි කෙතරම් නිවැරදිද! 

මම මියයන්නට ප්‍රමාද වැඩිය. මරණය නියමිත වේලාවට සිදුවිය යුතුය."

​සෝවියට් ලේඛක මිහායිල් සොෂ්චෙන්කෝ, 1920-30 දශකවල අතිශය ජනප්‍රිය වූ කෙටිකතාකරුවෙකි.

පාලකයින්ගේ පීඩනයටත්, සමකාලීන ලේඛකයින්ගේ පාවාදීමටත් ලක්වූ ඔහු ලේඛක සංගමයෙන් නෙරපා හරින ලදී. 

සෝවියට් ජීවිතයේ අධ්‍යාත්මික පැතිකඩ හඳුනාගත් නිසා අද ඔහු "රුසියානු කෆ්කා" ලෙස හැඳින්වේ.

​මිහායිල් සල්ටිකොව්-ෂෙඩ්‍රින් ඔහු නිර්භීතය

හාස්‍යය සහ උපහාසය ඔහුගේ මාධය විය. එවැනි නිර්මාන ලේඛන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීය. 

ඔහු තම මරණය පිළිගත්තේ "ඒ ඔබද, මෝඩයා?" යන ප්‍රශ්නය අසමිනි.

"මම ඔබට ආදරය කළෙමි, 

මගේ සිතුවිල්ලකින්වත් මම කිසිදා ඔබව රැවටුවේ නැත."

​ලේඛක ෆියෝඩර් දොස්තයෙව්ස්කි තම බිරිඳ ඇනාට පැවසූ අවසාන වදන්ය. 

ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාම ඔවුහු එකිනෙකාගෙන් වෙන්ව සිටියේ දින කිහිපයක් පමණි. 

ඇනා ඔහුගේ බිරිඳ පමණක් නොව, සහායිකාවක ලෙස ද කටයුතු කළාය.


"රුසියාව තේරුම් ගැනීමට මනස පමණක් ප්‍රමාණවත් නොවේ. ඇය කෙරෙහි විශ්වාසය තැබිය යුතුය" යන්න  ෆියෝඩර් ටියුචෙව් ගේ සුප්‍රකට අදහසකි.

"තමන්ගේ සිතුවිලි ප්‍රකාශ කිරීමට නිවැරදි වචනය සොයා ගැනීමට නොහැකි වීම මොනතරම් වධයක්ද!"

​ ෆියෝඩර් ටියුචෙව් කවියාගේ අවසන් වදන්ය.

රුසියාවේ සුවිශේෂත්වය පිළිබඳ ඔහුගේ කවි අදටත් රුසියානු පෙළපොත්වල ප්‍රකට පාඩම් වේ.


​"මම මේ මෝඩයාට වෙඩි තබන්නේ නැහැ!"

​මිහායිල් ලර්මොන්ටොව් සහ නිකොලායි මාර්ටිනොව් අතර පැවති ද්වන්ධ සටනකදී, ලර්මොන්ටොව් වෙඩි තැබීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ "මම මේ මෝඩයාට වෙඩි තබන්නේ නැහැ!" යනුවෙනි.

එයින් කෝපයට පත් මාර්ටිනොව් වෙඩි තැබූ අතර, ලර්මොන්ටොව් එම ස්ථානයේදීම මියගියේය.

මෝඩයා වෙඩි තැබීය. බුද්ධිමතා මියගියේය.

​වයස අවුරුදු 83 දී, ලියෝ ටෝල්ස්ටෝයි සිය නිවසින් පලා ගොස් දුම්රියපළක සිටියදී නියුමෝනියාව වැළඳී රෝගාතුර විය. මියයන මොහොතේ සිහි විකල්ව සිටියදී පවා ඔහු පැවසුවේ "මම සත්‍යයට ආදරය කරමි" යනුවෙනි.

​ඉණිමඟක රූපය නිකොලායි ගොගොල්ගේ නිර්මාණවල නිතර දක්නට ලැබුණු  සංකේතයකි. 

ආත්මයන් ස්වර්ගයට රැගෙන යන ඉණිමඟක් ගැන කුඩා කල තම මිත්තණිය පැවසූ කතාවක් ඔහු විශ්වාස කළේය.

"ඉණිමඟ, ඉක්මනින් මට ඉණිමඟ ගෙන එන්න!" යන්නයි.