Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Wednesday, September 20, 2023

වැහි දළු හා ගිනිදළු !!




මහ විසාලෙට දුරට ඇදි ඇදි
ගියත් අහසක් දුක දරාගෙන
වළාකුළු ගැබ්බර උණේ නම්
අපේ කඳුළුත් එයා අරගෙන

සිලි කවරෙකට අඩුවැඩිය ටික
පුරෝගන්නට විඳපු දුක ගැන
නාට්ටාමියෙකුමයි දන්නේ
අල්ල කරගැට වලින් හැඩවුණ.

සේදවත්තේ සේද රෙදි කොයි
දිරපු ටකරන් වහළ හිල්වුණ
මඩකඩිති බොර පාට විසිවෙයි
දෝරෙ ගලනා කොළඹ වැස්සට

“සයිඩ්” ඉල්ලං බර කරෙන් ගෙන
මැනිං මාර්කට් එකේ දිවුවට
“කෑල්ලක්” බා ගත්තෙ නැත්තං
ජේසු පිහිටයි පැටවු දෙන්නට .

කඩා වැටෙනා අහස් කළුවට
තෙමුනොතින් බඩු කාගෙ පිහිටද
ආය කටුවෙන් බාට ජෝඩුව
රඳවගන්නට ඇහැක් වේවිද

අර්ථ සාධක ,බටා ඉල්ලා
නාට්ටාමිල ඇඬුවෙ කවදද
අපේ හිත්වල කැකෑරෙන දුක
පැටවු ගැහුවත් උන් දකීවිද .


ඉරුණු කඩමළු ගවුම අස්සෙන්
ඇහැල මල් පාටින් දිස්නෙ දෙන
කාන්ති ගෙ කුස ආයෙ පාරක්
නෙරා එනවා බලා ඉද්දිම

දවස තිස්සෙම ගෙදර නැති මං
රාත්තිරියේ ගොර අදිනකොට
බමරු කැරකෙනවාද මන්දා
රෝද තුන මඩපාරෙ තදටම.

රෝ.සි.

Siripala Kahawatte
"අතීත යොබ්බනෝ පෝසෝ ආනෙති තිම්බරුත්තනිං....."ඒ කර්කශක ජීවිත තුළත්
ආදරය තියෙනවා.හැමදාම සැකයත් ඒ ආදරය ළඟම ඉන්නවා.ඔයා ඒ ජීවිත දිහා අධ්යාත්මිකව සංවේදීව බලලා තියෙනවා.අරුත ඉස්මතුවෙන හොඳ පදගැලපුමක්.
අගෙයි රෝසි.

notes of imaginary

Tuesday, September 19, 2023

නාඩගම්කාරයෝ.



බ්‍රෙස්ලට් චුවිංගම් සිහිනයේ සිට වොක්ස්වගන් කාර් නිෂ්පාදනය දක්වා ඇදගෙන ආ ජනතාවට දැන් තව තවත් සිහින පෙන්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා සැරසෙන බවක් පෙනෙයි. අළුත්ම සිහිනය විශ්විද්‍යාල සිහිනයකි.

අපි ආර්ථික අගාධයකට වැටී සිටිමු. රාජ්‍ය සේවකයා වියදමට සරිලන වැටුපක් නැතිව අසරණවී සිටියි. ඔවුන්ගේ ජීවන වියදම වැඩිවීමට අනුරූපව  වැටුප්  වැඩිවුනේ නැත. කෘෂිකාර්මිකයාගේ නිෂ්පාදන වියදම ඉහල ගිය තරමට නිෂ්පාදන ආදායම නංවා ගැණීමට මැදිහත් වීමක් නැත.ඔවුන් ගේ නිෂ්පාදන වියදම අඩුකරගැණීමට අධාරයක් නැත

මෑතක මුහුණ දුන් බිත්තර කුකුල් මස් නිෂ්පාදනය, මත්ෂ්‍ය නිෂ්පාදනය රජයේ මැදිහත් වීමක් ඇත්නම් පාලනය කර ගත හැකියාවක් ඇත. මේ රටේ පශු සම්පත් සංවර්ධණ අමාත්‍යංශයක් මෙන්ම ධීවර අමාත්‍යාංශයක් ද ඇත. ඔවුන් නැත්තේ දැක්මක්ය.එළවළු වගා කරන්නෝ අස්වැන්න අළවි කරගතනොහැකිව විසිකර දමන අතර පාරිභෝගිකයෝ එළවළු සදහා ගිණි ගණන් ගෙවන්නේය. කෘෂිකර්ම දෙපාර්මේන්තුවක් සහ වෙළද දෙපාර්මේන්තුවක් මේ රට තුල තිබියදී ය.

රජයට කිසිවක පාලනයක් නැත.මැදිහත් වීමක් නැත. නැත්නම් මේවා සදහා ප්‍රතිපත්ති ඇතිකිරීමට මොළය කළදක්වත් නැත

මැතිවරණයක් සමීප වන විට සිහින වෙන්දේසියේ යෙදෙන්නට නම් හැකිය.










notes of imaginary

Sunday, September 17, 2023

මෛත්‍රි My THREE '







notes of imaginary

Saturday, September 16, 2023

බඩ ගින්නේ දකින සිහින.



 

අපි ඉන්නේ හාමතේය. බොහෝ සම්පත් දස අතේ විසිර තියෙන බවත් ඇත්තය. ඒත් මේවා එකලස් කර සුන්දර නිර්මාණ බවට පත් කිරීමට මෙ කාලය ද ?

බෙලිහුල්ඔය සංචාරක ප්‍ර දේශයක් කිරීමට සුදුසුය.නමුත් අපිට මේ වකවාණු‍වේ ඒ ගමන යනවාට  වඩා සමනල වැව ජල කාණ්දුව වසා ගෙන මෙ.වෝ. 120 ක් දක්වා විදුලිය නිෂ්පාදනය කර ගත්තොත් එය අපුරුය.

 තානායම පමනක් තිබු බෙලිහුල්ඔය  අවට අද සංචාරක නවාතැන් බොහෝ ඇත. තව තවත් නවාතැන් පල වල් ඉ දිවෙමින්ද පවතී. මෙවාට ව්‍යාපාරික අවස්ථා නොමැතිව පාඩු ලබන තත්වයට පත්ව ඇත. නිසි අධ්‍යයනයක් නොමැතිව ව්‍යාපාර ක්‍ෂෙත්‍රයට පිවිසෙන ආයෝජකයෝ තම ආයෝජන පිලිබදව හිතන්නට පටන් ගන්නා විට  කෝච්චිය ගොස් අතරමංවු තත්වයට පත්ව ඇත. දුවන්නන් වාලේ දුවන මොවුන් සියල්ලෝම අසරණය.

 බෙලිහුල්ඔය හරහා විදේශීය සංචාරකයින් ගමන් ගන්නා ගමන් මාර්ගයක් නොමැත. කොළඹින් පිටත් වන සංචාරක කන්ඩායම් බොහෝ විට තෝරාගන්නා ගමන් මාර්ගය කොළඹ-පැල්මඩුල්ල-උඩවලව-කතරගම- වැල්ලවාය -ඇල්ල වැල්ලවාය -බණ්ඩාර.වෙල-නුවරඑළිය - මහනුවර - අනුරාධපුර දෙසට හෝ කොළඹට.යාමයි.

 ‍මේ මාර්ගයට උඩවලවේ සිට රජවක පිවිසුම සම්බන්‍ධ කරගැණිමේ වෑයමක් පසුගිය කාලයේ තිබුනේය. එසේ වුවානම් දේශීය සංචාරකයින් බෙලිහුල්ඔයට ආකර්ෂණය කර ගැනීමට මාවතක් විවර වෙන්නේය.බෙලිහුල්ඔයත් - උඩවලවත්  (ඇඹිලිපිටිය) අතර දුර ප්‍රමාණය පැය දෙකකට පමන වන විට දේශගුණික ( උෂ්නත්වය 10 C ක පමන වෙනසක් ඇත)  වෙනස නිසා බෙලිහුල්ඔය සුවදායක නවාතැනක් බවට පත්වන්නේය.

බෙලිහුල්ඔයට සංචාරකයන් යොමු කර ගැණීමට තවත් මගක් ඇත. එය හොර්ටන් තැන්නට පිවිසුම්  දොරටුවක් ලෙස යොදා ගැනිමය.  හෝර්ටන්තැන්නේ දකුණු මායිම බෙලිහුල්ඔය නොන්පෙරියල් වත්ත හරහා වැටී ඇත. දැනටමත් බේකර්ස් බෙන්ඩ් නැරඹීමට යන සංචාරක කණ්ඩායම් නාගරක් කොටසේ ඇති හෝර්ටන්තැන්නේ දකුණු මායිම අසලට යන්නේය.මෙතනට බෙලිහුල්ඔය බදුල්ල පාරේ සිට ඇත්තේ දුර කිමි 28 කි. බදුල්ල පාරේ ගමන් ගන්නා අයට මේ මග භාවිතා කලහොත් කිමි 70 ක් පමණ අඩු දුරකින් හෝර්ටන්තැන්නට ලගා විය හැක.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරීමට අවශ්‍ය වන්නේ  බෙලිහුල්ඔය නොන්පෙරියල් මාර්ගය විධිමත්ව ප්‍රතිසංස්කරණය කිරීමත් , නාගරක් කොටසේ හෝර්ටන්තැන්නට පිවිසුම් දොරටුවක් විවෘත කිරීම පමනක්ය.

 බෙලිහුල්ඔය සංචාරක ආකර්ෂණය ගන්නා පරිසර පද්ධතියකට උරුම කම් කීවත් දින දෙක තුනක කාලයත් ගත කරන්නට අවශ්‍ය පරිසර පද්ධතියක් නැත. ඇති කරගත යුත්තේ එවැනි යටිතල පහසුකම් වුවත් පලාත් සභාවට හෝ ප්‍රා දේශීය සභාවට එවැනි විඥ්ඥානයක් පසුගිය කාලයේ තිබුනේ නැත. ඔවුන් කල ආයෝජනත් ගගට ඉණි කපා අත සෝදමින් මඩිය තර කරගත් ආයෝජණයන්ය..






notes of imaginary

Friday, September 15, 2023

බා බා බා කිකිළී



රෑන කිතුල් නිල් වරළී පුළුන් රොදක පැහැ ඉසිලී

අඩසඳවන් පටු නළලී පුරහඳටම අතවැනිලී

පිරුණු රෝස මල් කොපුලී වත මත මැලවී පැතලී

නීල උපුල් නෙත් සඟලී හී සර අද නැත විදිලී

නාදළු පැරයූ දෙතොලී මෝරා වියැලී හැකිලී
දසන් එදා කොඳ කැකුළී හිනැහේ මුවගේ නොදිලී
පෙර දින සක් සේම දිලී ගෙලවට වතළවු සරැළී
බිළිඳු ළමා දෙතොලෙ වෙලී තිසර පැටවු ඇත ඉගිලී

රියසක අගලෙහිම ගිලී සැඟවගියා පුළුලුකුලී
දඟයුග දිසි තැඹිලි මලී පෙනුනේ දඬු සේ වියැලී
කාලය ගිය හැටි පෙරලී අද නෑ පෙර දුටු කැකුළී
එකම යමක් වේ නොසැලී නුඹට බැඳුණු පෙම කොමළී
-- පී. ජී. ආරියපාල




notes of imaginary

Thursday, September 14, 2023

සත්කුළු පව් විලාශයෙන් නුඹ සිටියා අම්මේ .




අත පා මුදු පය පා මුදු නැත දිලුණේ
සිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේ
වත බබළන මඳහස මයි මට වටනේ
අත හැරියේ හුස්මද අපවද මවුනේ .
නෑරා අතින් අත ගම් දොර ළඟ හිටියා
දීලා සෙවන සළුවෙන් වට කොට සිටියා
පාලා ළතෙත් ගුණ කඳුළැලි පිස සිටියා
මෝරා තලමලක් සේ සෙනෙහෙන් සිටියා .
විලේ නෙළුම් පිපුණේ හිරු රැස් හින්දා
මලේ බමරු රොන් ගත්තේ මධු හින්දා
සිලේ පහන් රැකුණේ දුන් තෙල් හින්දා
අපේ ඔටුණු පැළඳුවෙ අපි නුඹ හින්දා .
සුවඳ බොජුන් නැතුවත් නුඹගේ කුසට
නිබඳ දරු සෙනේ දැනුණ යි හද ගැබට
ළමැද කිරි පොවා සා පැටවුන් හයට
සුවඳ සමන් වැලකි ය නුඹ අප හැමට.
නුඹ අප නැවත කිසිදින නෙත නො ගැටෙන්නේ
කළ පව් සමා අයදින්නම් පා වඳිනේ
දළ රළ පෙළ මැදින් එතෙරට යා ගන්නේ
බව ගිම් නිවා සසරට තිත තියපන්නේ .!
(යවහන් දොස් නො සලකා ලියැවුණි .)
රෝ.සි.



notes of imaginary

Saturday, September 09, 2023

සබද අපි කදු නොවෙමු.

1989  මැතිවරණ සමයේ ශ්‍රීලනිපයේ අපේක්‍ෂකයෙකු එක්ක ජයට ප්‍රචාරණ කටයුතු කරගෙන හිටියා. අපට මහා පරිමානයෙන් මුදල් ආයෝජනය කරන්න තරම් හයියක් තිබුනේ නැහැ. ඒත් නිරිමාණත්මක හැකියාවන් තිබුණු සම්පත් කිහිපයක් අප ලග ගැවසුනා.

මට මතකයි  පුංචි පත්තරයක ස්වරූපයෙන් පිටු දෙකක පුංචි පත්තරයක් අපේ සගයෙක් අතින් නිර්මාණය වුනා. බැලු බැල්මට එකල පැවති භීෂණ සමයට ගැලපෙන ජවිපෙ පත්‍රිකාවක් වගෙයි. මේ පුංචි පත්තරේට පුදුම ඉල්ලුමක් තිබුනේ. මට මතක හැටියට පිටපත් 25000 කට වඩා විසිර ගියා.

 අපි මේ දවස් වල සිල්ක් ස්ක්‍රීන් ක්‍රමයට පෝස්ටර් නිර්මානය කරන පුංචි මුද්‍රනාලයක්  පටන් ගත්තා අවම සම්පත් අපට තිබුනේ. තොගයට ඩිමයි පේපර්ස් කොළඹින් ගෙනාවා. තීන්ත ලග පාත තිබුන හාඩ්වෙයාර් වලින් අරගෙන වැඩේ කරගෙන යන කොට  මේ කොටස විතරක් මුද්‍රනයවෙලා තිබුන ඩිමයි පේපර් එකක් හමුවුනා. දකින දකින එක කියවන මට එකපාරටම හිතට වැදුනා පද පෙල. මම හිතුවේ නැහැ ගීතයක් කියලා.

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

 

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මිහිර දෙන වැස්ස වෙමු

දැවෙන කැලයට වහින

 

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

 

මගේ  අතින්  පද පෙල දේශපාලනය වුනා. ඒ සමග ප්‍රචාරයකුත් ලැබුනා. ගීතයේ  ස්වභාවයට   මගේ අපේක්‍ෂකයාගේ චරිත ස්වභාවයට පද පෙලත් ගැලපුන නිසා පෝස්ටරයට  යම් ප්‍රසිද්ධියක් ලැබුනා. ජවිපෙත් මේ මැතිවරණ දවස් වල හිටපු පිබිදීමත් එක්ක අනියම් ආරක‍්ෂාවකුත්  අපේක‍්ෂකයා කෙරෙහි ඇති වුනා.

 

මැතිවරණය අවසන් වුනා. මා නියෝජනය කල අපේක්‍ෂකයා පාර්ලිමේන්තු ගියා.

 මම පදපෙල ගැන හොයන්න පටන් ගත්තා එතකොට තමයි  ගුණදාස කපුගේ ගායකයානෝ ගීතය ගායනා කරන බව දැනගත්තේ. පද පෙලේ අයිතිකාරයා දර්ශණ මේදිස් මහතා කියලා තවත් අවධානයෙන් ඉන්න කොට දැනගත්තා ඔහු දිවයින පත්‍ර යේ - කව්මුතු තීරයට ලියු මේ පදපෙලින් ගුණදාස කපුගේ “සබද කදු නොවෙමු“  උපත ලැබුවේ කියලා.

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය කඳුරු වෙමු

එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මුරුගසන් වැස්ස වෙමු

දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු

දෙරණ අතුගා දමන

මන්ද මාරුතය වෙමු

දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු

රජුන් උඩ පැන තලන

බුරුත-කොස්-නැදුන් වෙමු

උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු

පැරණි ගෙට සෙවිලි වන

සබඳ අපි ගඩොලු වෙමු

අලුත් ගෙපැලක් බඳින

.සබද අපි කදු නොවෙමු. ජීවත් වන පද පෙලක් .පන තියෙන පද පෙලක්  ඊයේත් අදටත් ‍  ‍හෙටටත් “උනුන් පරයා නැගෙන මිනිසුන් ගේ “ හදවතට කතා කල හැකි ගීතවත් පද පෙලක්. යම් තරමකට උපේක්‍ෂා සහගතව හිතන්න පොලඹවන  පද පෙලක්.



notes of imaginary

අයියෝ සිරිසේන.



දේශපාලකයන් හිතන්නේ තමන් වදාරන දේවල් එලෙසින්ම  හිස් මුදුනින් පිලි ගන්නා පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවය.
එසේ සිතන්නාවු සමාජයක් මෙරට සිටින්නට ඇත.
එකල අවංක දේශපාලකයෝ මෙරට සිටියේය.රාජ්‍ය නායකයන් බවට පත්වු ඩී.එස් ,ඩඩ්ලි  සර් ජෝන් ද  ,බණ්ඩාරනායක දෙපලද ඒ ගණයට තැබිය හැකිය. ජේ . ආර් ගේ දේශපාලනය කුමක් වුවත් ඔහු දේශපාලනයෙන් ධනය රැස් කලේ නැත. ඉන් පසු යුගය ගැන කුමන කතාද ? .
සිරිසේනයන් ගැන  සටහන් කරන්න ඇත්තේ කුමන  කතාවක්ද ? 
ඔහු සිතන්නේ ලාංකීය ජනතාව  සිංහල සිනමා පට බලන පිරිසක් ලෙසය. ඔහුට වියත් දේශපාලනයක් ඇත්තේම නැත. ඔහු රැදවිය යුත්තේ මාර්ග අංක 134 බස් රථයක නංවා එම ගමනාන්තයේය.
notes of imaginary

Friday, September 08, 2023

"මා...දැන් මහළු...වියේ"...!


W.M ඒකනායක යන්ගේ සිතිවිල්ලකි.
ගස්යට කොස්ඇටත් අහිමිව සිටි කාලේ
ඇස්සට සිඟාකන්නට සිදුවුනු තාලේ
බත්කට අතට ගත්තත් සිහිවුනු "ලීලේ"
ඇත්තට උඹට මං අමතකවද රාලේ...?
ඉස්නම් බඳින්නට එන්නැයි පෙරමහට
"රත්නම්" අතේ කියලා එව්වා නුඹට
තුස්නිම්බූත වුනුහැටි පුදුමයි එයට
වත්තම් කරන් එන්නට කියනවද මට...?
ඇස්යට තියන් හැදු දුව උඹගේ පුතුට
දුන්නට පසුව තව දැක්කේ නෑ ඇහැට
හත්අට වරක් පණිවුඩ යැව්වා ඇයට
වත්තට එන පාර කියපන් ලේලියට...
ගත්තම උදැල්ලක් ඉස්සර පසු නොබලා
වත්තම සුද්ද කෙරුවේ තනියෙන් බැහැලා
අත්තමට වත් අද එන්නේ නැත නුඹලා
ඇත්තම තමයි මං හොඳටම මහළු වෙලා...😢
උස්මිටිකම් තකා කටයුතු නොකළ නිසා
තිස්සෙම මා වටා සිටි මැස්සනේ වසා
විස්මිත නොවෙමි ආ කලදී නරක දසා
වස්තුව එපා..! වස්තරයක් දරමි කසා...😢
එකානංයකා~
08/09/2020.


notes of imaginary

Thursday, September 07, 2023

බෙල්ලේ පහල මොලය තියෙන අය.



මෙල්බර්න් වල ජීවත්වන සහෝදරයෙක් මුණු පොතේ බිත්තියේ  මේ පෝස්ට් එක අලවලා තිබුනා.

බෙල්ලෙන් පහල මොලය තියෙන අය තාමත් NPP එකට විරුද්ධයි කියලා 

එයා පාච්චල් කරනවා. මම නිරීක‍්ෂණය කරපු කාරනයක් තමයි සියළු සහෝදරවරු තම දේශපාලන අදහසට ප්‍රතිවිරුද්ධ අය පහත් කර සැලකිල්ල. අපහාස කිරීම. මට හිතෙන්නේ එය පක්‍ෂ ප්‍රගතියට බාධාවක් කියලා.

ඒ බව කියා දෙන්න ගිහිල්ලා ඇතිවුන කතා බහක් මම මෙහි පල කරනවා. සමහරවිට මගෙත් බෙල්ලෙන් පහල ඔළුව තියෙනවා කියලා නිගමනය වේවි.

තවත් දවසක මගේ අසල්වාසියෙක් මට අවවාද කලා. 

මෙවන්ම දේශපාලන සංවාදයකදී. එතුමා උපාධිධාරී ගුරුවරයෙක්. එතුමා කරුණු කාරනා කිහිපයක් මට කියාදීලා බුද්ධිමත්ව හිතන්න කියලා NPP එකේ ආර්ථික න්‍යාය මට එවලා තිබුනා. එය හොද ප්‍රවනතාවයක්.මගේ යම් අනවබෝධයන් දුරලා ගන්න එය  හොද මගක් වුනා. ඒත් මට හිතුනා මම ගැන එතුමා හිතුවේ  එතුමා තරම් මාබුද්ධිමතෙක් නෙවෙයි කියලා.

පලාත් පාලන ඡන්දෙට නාමයෝජනා දීලා පක්‍ෂ ප්‍රචාරක කටයුතු සදහා පැමිණි නියෝජිතයෝ පිරිසක් අපේ නිවසට ආවා. ඉන් වැඩි දෙනෙක්ගේ සමාජ අධ්‍යයනය ගුරුවරියකවු මගේ බිරිය සමග වාදයක පැටලිලා.  මට හිතුනේ මෙවන් බුද්ධිමත් කණ්ඩායමකට සවන් දෙන්න උපදෙස් දෙන්න කියා දුන්නේ නැත්තේ ඇයි කියලා. වර්තමාන දේශපාලන බහුභූතයොත් කරන්නේ ජනතාවට කන් නොදීම. තමන් ලග තියෙන දේ  බෙදා දීලා එයින්පල නෙලා ගන්නත් දක්‍ෂ වෙන්න ඕනි.

මම මුණු පොතෙන්  අප අතර වු සංවාදය පල කරන්නම්.

 

Melbourne වල ඉන්න අනෙක් අය ඔහොම කියන්නේ නැ මල්ලී. ඔය වගේ අපවාද කරන කොට බෙල්ලේ පාළුවට ඔළුව තියෙන අය තව තවත් විරසක වෙනවා. බහුතරයක් ඉන්නේ බෙල්ලේ පාළුවට ඹළුව තියෙන අය.

ඔහු

මෙල්බර්න් ඉන්න ගොඩක් අය NPP ආන්ඩුවකින් ලංකාව හරි මගකට ගනියි කියල විශ්වාස කරනවා. දැක්ක නේද අනුර ආව දවසෙ එකතුවුන සෙනග?

දැක්කා. තොරතුරුත් ඇහුවා.

මට   තොරතුරු කියන්නේ මල්ලිගේ කෝනයෙන් නම් බෙල්ලේ පහල මොලය තියෙන අය.

මම අදහස් කලේ NPP එක තවමත් බහුතරයක් වු ඡන්ද දායක ජනතාවට අපහාසවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම සම්බන්වයි. එසේ කිරීමෙන් විශ්වාශය දිනා ගන්න බැහැ. *******************

මල්ලී ඉන්නේ Melbourne වල. ලෝකයේ දියුණු රටවල පවා ආර්ථිකය සෙලවිලා තියෙන මොහොතක්.අපේ කතාවක් තියෙනවා නේද කූරපහියට හෙන ගහපුවම හුණු කිල්ලෝටේ ට මොන කතාද ? කියලා . අපේ රටත් අත්විදින්නේ ඒ වගේ වින්නැහියක්.

මෙවැනි ආර්ථික අර්බුදයකට 1970 -1977 කාලෙදිත් අත්වින්දා. ඒ කාලය රෝහණ විජේවීර තම කැරල්ල අත්හදා බැළුවා. අදත් සිදුවන්නේ එයයි. වාසනාවකටද කොහේද මල්ලිගේ විද්වතුන් රනිල්ට UNDERGROUNDS ස්වරූපයේ සහයෝගයක් දෙනවා.

ඒකට රනිල් ප්‍රතිඋපකාර කරනවා. ඊලගට එන්නේ ජනාධිපතිවරණය. බෙල්ලට උඩින් මොලය තියෙන අය 12% - 15% පගුවක් දැනටමත් වෙන් කරගෙන තියෙන්නේ . දැනට ඉතිරි 60% කට පමණ පංගුකාරයෝ ගොඩයි. රනිල්වත් එක්ක.ඔය කන්ඩායම් වලින් රනිල්ට එකතුවෙන කන්ඩායම් වැඩියි. සුළුජාතිකයන්ගේ ඡන්ද 75% ක් විතර රනිල්ට ලැබෙනවා. එවිට මොකක්ද ප්‍රතිපලය ?.රනිල් දිනනවා. මේ මම හිතන විදිය. මල්ලිලා අනියමින් රනිල්ට සහයෝගය දක්වනවා.

මල්ලි බෙල්ලෙන් උඩ තියෙන කොටස REFRESH කර ගන්න.

ඔහු.

ලෝකෙම මුහුනදුන් දරුනු වසංගතයක් නිසා අපේරට කිල්ලෝටයක් වෙලා අසල්වැසි රටවල්වලින්පවා හිගමන් යදිමින් ඉන්න තත්ත්වයට පත්වෙලාතියෙන්නෙ ඇයි කියල හිතල බැලුවොත් එකම හේතුව කිසිම විනයක්, කලමනාකරනයක්, සමාජ සාධාරනත්වයක් නැති අන්තනෝමතික තග් පාලනය කියල තේරුම්යනව. මැතිවරනයකින් රනිල්ල දිනුවත් රාජපක්ෂල දිනුවත් සජිත්ල හෝ සිරිසේන්ල දිනුවත් කිසිම වෙනසක් වෙන්න්නෙ නෑ

මම

වෙනසක් වෙන්නේ නැහැ. ඇත්ත.

එය නොවෙයි මම ලියුවේ වර්තමාන දේශපාලන හැසීරීමයි. අපේ කැමැත්තට වඩා රටේ දේශපාලනය ඇමරිකාව ඉන්දියාව හරහා මෙහෙවනවා. චීනය ,එක පිලක. අරගලයේ මුල් තිබුනේ අමරිකානු තනාපති කාර්යාලයේ.දැන් සිදුවෙන ආර්ථික වෙනස් කම් අධ්‍යයනය කලත් අනාගත පාලනය ගැන හිතා ගත්ත හැකියි.

කිසි ලෙසකත් අස්ථාවරව ආයෝජනයන් සිදුවෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පසුබිමි සකස් වෙනවා. අපිට හිතට එකගව මේවාට දායක වෙන්න බැහැ.

 

ඔහු.

 රටක් උනත් පුද්ගලයෙක් උනත් ගෙවාගන්න බැරි ප්රමානයකයට ලෝකෙට නයවුනාම කියන කියනදේ කරන්න වෙනවා. අපේ අසල්වැසි රටවල් එක එකාගෙ පදේට මෙහෙම නටනවද?


notes of imaginary