තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2023-06-20
කිරිකෝඩු
2023-06-17
යුරියා
මුණු පොතේ මිතුරාණන් කෙනෙක් වු
කමල් පී අලහකෝන් සොහොයුරානන් මහත්වු සත්කාරයයක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට
පෙරය .රටටම ආදර්ශයක්වු පුරන් වුකෙත් යායක් නැවත අස්වැද්දීම ඔහුගේ ව්‍යායාමය විය.
දැන් එතුමානන් සිරියාවෙන් පිරි කෙත් යායක පින්තූර පල කරන්නේය. බොහෝ දිනවල පල කරන ව්‍යාපෘති ප්‍රගතිය තවත් අයට ආදර්ශයට මනාය.
මේ අතරවාරයේ පලකර තිබු ප්‍රගති වාර්තාවක මගේ සිත් ගත් බැවින් උපුටා සංරක්‍ෂණය කර ගතිමි .එය මෙසේය.
“................ඊයේ "කෘපනිස තුමා" ගොවිපොළට ආයේ ය.
(කෘෂිකර්ම පර්යේෂන සහකාර නිළධාරී)
"මහත්තයා ගොවි පොළේ ගොවි මහත්තුරුන්ට
වුවමනා යූරියා දෙන්ට
ලැයිස්තුවක් වුවමනයි"
ඔහු කීය.
"අපිට යූරියා එපා!" මම කීමි.
කෘපනිසගේ ඇස් උඩ ගියේය.ය
"අපි වවන්නේ ස්වභාවික ක්රමයට.
ස්වභාව ධර්මය අපිට යූරියා දෙන තරම ඇති."
"යූරියා යනු නයිට්රජන් අම්ලය අඩංගු කෘතිම පොහොරකි.
නයිට්රජන් වලින් තොරව පොළව මත ජීවයක් පැවතිය
නොහැක.
ප්රෝටීන සහ ඇමයිනෝඅමිල වලින් සියයට 18 ක් පමණ නයිට්රජන් ය.
මේ අත්‍යාවශ්‍යය රසායනික මූලද්‍රව්‍යය ප්‍රධාන කොට
පෘථිව් ගෝලයේ විසිරි පවතීන්නේ වායු ගෝලය තුළ ය.
ඒ සියයට 78 ක් වායු ගෝලය තුළත්,.
සියයට 0.4 ක් පොලොව තුළත්
අවශේෂය ජෛව ගෝලය තුළත් ය.
වායු ගෝලයෙන් නයිට්රජන් උකහා ගත හැකි ශාක සහ
බැක්ටීරියාවන් කිහිප දෙනෙකුට පමණය.
අනෙකුත්,ජීවින් එය ලබා ගනුයේ පසෙනි.
වායු ගෝලය තුළ නයිට්රජන්
නිපදවෙන්නේ අකුණු කෙටීම් මඟිනි.
නැතහොත් හෙන සමඟිනි.
අප නොදුටුවත් අපට නෑසුනත් වායු ගෝලය තුළ
අකුණු කෙටීම් දිනකට තුන් දහසක් පමණ සිදුවේ.
මේවා මඟින් වායුගෝලීය සංයුතිය වෙනස් වේ.
වාතය විද්යුත්,ආරෝපනයකට
ලක් කෙරේ.
එමඟින් රසායනික සංයෝග ගණනාවක් උපදී.
නයිට්රජන් ඔක්සයිඩ් එකකි.
එය වැසි ජලය සමඟ මිශ්ර වී,පොළවට පතිත වේ.
වර්ෂයකට වර්ග කිලෝ මීටරයකට මෙසේ නයිට්රජන් ටොන් 1.5 ක්
පතිත වන බව කියති.
ඒ නයිට්රජන් ප්රමාණය
හොඳටෝම ඇත.
ආණ්ඩුව නොහොත් බහු,ජාතික සමාගම් දෙන නයිට්රජන් අපට වුවමනා නැත.
අතීතයේ අපේ ගොවීහු මෙම රහස දැන සිටියහ.
ඔවුන් කල් යල් බලා ගොවිතැන් කළේ එනිසා ය.
බක් මහ අකුණු අපට නයිට්රජන් දෙන ප්‍රධාන
ආකාරයයි.
"හෙණ ගහපන් ගණන් බලාපන්" කීවේ
එහෙයිනි.
හෙණ ගහන තරම බලා ගොවිතැනේ යෙදීමයි.
කෘතිම නයිට්රජන් පොළවට ලබා දීම ඇරඹුනේ 1956 දී ය.
එම වසරේ මහ පොළවට කෘතිම නයිට්රජන් ටොන්
මිලියන 3.5 ක් ද,
1974 වසරේ ටොන් මිලියන 40ක්ද,
එකතු කරන ලදී.
දැන් පුමාණය ඒ අනුව සිතාගත හැක.
මෙලෙස කෘතිමව පොළවට එකතු කිරීම මඟින් සිදුවන හානි
ඉන් ලබන වාසි වලට වඩා වැඩි ය.
පසෙහි වසන ජීවින් හට මෙන්ම මනුෂ්යයනටද එය
අහිතකර ය.
එනිසා අපි යූරියා නොඉල්ලමු.
හෙණ ඉල්ලමු.
ඒ,එමඟින් අපට නයිට්රජන් දෙන නිසා ය.
කෘතිම නයිටුජන් යොදා මහ පොළව විනාශ කළ එවුන්ට
ඒ"හෙණ "ම වදී වා කියා පතමු.
2023-06-16
අයියනායක. - විමලරත්න කුමාරගම
2023-05-17
රස භාව හිඳිලද ...?? (Human Robots )
සත්‍යජිත් රායි කල්කටාවේ ඉඳන්
පාතර් පංචාලි හැදුවම ....
සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ
තුන් මං හංදිය හැදුව.
ලියනාර්ඩෝ ඩා වින්චි ,මෝනාලිසා
ඇන්දම ....
ජෝර්ජ් කීට් ගෝතමී විහාරෙ
අපූර්ව ලෙස සිතුවම් ඇන්දා .
ප්‍රංශයේ ඉඳල ,වික්ටර් හියුගෝ Les
Miserables
ලිවුවම ,ඊරියගොල්ල මහත්තය ,
මනුතාපය කියල ..ඒක පරිවර්තනය කළා .
ටෝල්ස්ටෝයි ඇනා කැරනිනා අරං ආවම
මඩොල් දූවට වික්‍රමසිංහ මහත්තය අපිව
අඬගහගෙන ගියා.
සීගිරි ගිහිං කුරුටු ගී ලියල ,පහළට
බැස්සෙ
ඒ කාලෙ ගමේ ගොඩේ වැඩ කරපු ,අපේ
සිංහලයො .
“නිල් කට්රොල් මලෙකැ ඇවුණු
වැට් කොල් මල සෙය් ...”
උපමාවක් ලස්සණට තෝරාගන්න ,එයාලට
පුළුවන්කම තිබුණා .
අද කාලෙ, රුවන් බන්දුජීවල ..රසවත් කවි ලියනව
අපිට වින්දනයක් ලබා දෙන්න.
මේ බලන්න....
“ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද
වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම .”
මොනතරම් රසවත් ද?
ඉර බැහැගෙන වළාකුළු රන්වන් පාට වෙනකොට
කුත්තාකාර හැඩේට කොක්කු රෑනක් අහසෙ
පියාඹගෙන යනව මං හරි ආසාවෙන් බලා ඉන්නෙ .
ඒත් ...
ලෝකෙ අපූරු චිත්‍ර මොනතරම් බිහි උණත් ,
චිත්‍රපටි මොනතරම් කලාත්මක උණත් ,
මන මෝහනය කරන රස ගීත ලියැවුණත් ....
සොබාදහම අපිව විශ්මයට පත් කළත් ...
.........................................................................
“ඉහළටෝම” ඉගෙනගෙන ..
ලොකු රස්සාවක් කරන සමහරු ..
යමක් රස විඳින්න දන්නෙ නැත්නම් ...
ඒකට වත් වෙලාවක් නැත්නම්...
හරියට “රොබෝල” වගෙ ..
වැඩ ..වැඩ ..වැඩ..නම් ,
“අනේ ..පව්”
! කියල
හිතෙන්නෙ නැද්ද??
සටහන - රෝ.සි.














