ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2014-02-18

ආකාශ වස්තුවක් කඩා වැටේ.








notes of imaginary

2014-02-17

නාමයෝජනා...........





notes of imaginary

2014-02-16

රිදවන්න ලෑස්තිවෙන්න. - විපක්‍ෂ නායකතුමා.




notes of imaginary

2014-02-15

මොන ජොලිද ?.





notes of imaginary

2014-02-14

Love from your Valentine




වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මාදයක් වැළදිලා තිබුනත් අවුරුදු හතරපහක් වෙන කොට ඒ පිස්සුව යන්තරමකින් සුවපත් වෙලා තියෙනවා.

ඇත්තෙන්ම වැලෙන්ටයින් දිනය වෙලෙන්දන් විසින් නිර්මාණය කර ගත් වෙළදාමක්. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනක්. වැලන්ටයින් උණ ලෝක පරිමාණ බිස්නස් එකක්. 
1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය ඊස්තර් හොලන්ඩ්  කියන යුවතිය ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළට එක් කලා. එදා සිට ව්‍යාප්ත වුන  වැලන්ටයින් කාඩ් ලෝකය පුරා බිලියන ගනනක් හුවමාරු වන්න පටන් ගත්තා. 

අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන් වෙනස් වෙලා නිසා අන්තර්ජාලය. ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු වෙන වැලන්ටයින් පණිවිඩ අසීමිතයි.
වැලන්ටයින් දිනය කියලා ගිරවු වගේ කියන සමහර උදවිය මොකක්ද මේ වැලන්ටයින් කියලා අහපුවම දෙන උත්තර හරියට ආදරවන්තයන්ගේ ප්‍රශ්න උත්තර වගෙයි. මේ වැලන්ටයින්, කෙනෙකුට රෝමියෝ. තවත් කෙනෙකුට ටයිටැනික් නැවේ ගිය කෙනෙක්.  
වැලන්ටයින් දිනය ජාත්‍යන්තරව පෙබරවාරි 14 වෙනිදා ලෙස ප්‍රචලිත වුවත් වැලන්ටයින් දිනය බ්‍රසීලය  සලකන්නේ ජුණි 12 වෙනිදා ලෙසටයි.
ආදරයේ හා විවාහයේ දෙවඟන ලෙස පුරාණ රෝම දේව කථාවල සදහන් වන්නේ ජූනා දෙවගන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ජූනා දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.
මේ උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. හරියට ලොතරැයියක් අදිනවා වගේ. තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ තරුණයන් උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. 
දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ රාජ්‍ය පාලන කාලයේ එක්තරා ඝාතනයක් නිසා මේ සිරිත  වෙනස් වුනා. 
දෙවැනි ක්ලෝඩියස් මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්.  ක්ලෝඩියස්ට බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න.අවශ්‍යතාවයක් තිබුනා. ක්ලෝඩියස්ට තිබුන තදියමට  තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මේකට හේතුව ලෙස ක්ලෝඩියස් හදුනා ගත්තේ  තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා සිටින  නිසා ඔවුන් හමුදාවට බැඳෙන්න කැමති නැහැ කියලයි.  ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම් කියලා ! .
එහෙත් වැලන්ටයින් පූජකතුමා නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. එතුමා මේ මානව හිමිකම උල්ංඝණයට එරෙහිව 
පෙම්වතුන්ට අනුශාසනා කරමින් ඔවුන් විවාහ දිවියට  ඇතුලත් කිරීමට එතුමා කටයුතු කලා. ඒත් එතුමාගේ  මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. දැන් වගේ රාජ්‍ය විරෝධ කටයුතු වල නිරත වෙනවා කියලා වැලන්ටයින් පූජකතුමාට  හිරේ වැටෙන්න සිද්ධ වුනා. 
එතුමාගේ   ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. එහෙම හිරේ විලංගුවේ වැටුනහමත් වීරයෙක් වෙන්න කෙටි මගක් පෑදෙන නිසා වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි.
මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ දෙදෙනා අතර භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.
ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න  උත්සහාකලා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න බැරිවුනා. ඉන්පසුව ක්ලෝඩියස් ශාරීරිකව හිංසනයට පත්කරලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා. එයත් අසාර්ථකවුනා. 
අන්තිමේදී වැලන්ටයින් පූජකතුමාගේ හිස ගසා මරා දමන්න ක්ලෝඩියස් අණ කළා. ඒ නියෝගය අනුව වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා. ඝාතනය කෙරුණා
පෙබරවාරි 14 වැලන්ටයින් පූජකතුමාගේ දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. 

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. මරණයෙන් පසු එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා.
එතුමා බන්ධනාගතකර සිටි අවදියේ මුණ ගැසුන බන්ධනාගාර පාලකයාගේ දියණියට  තමා ඝාතනය කිරීමට පෙර ලියු ලිපිය අවසන් කලේ  ”Love from your Valentine”  කියායි. තවමත් ලෝකවාසී තරුන තරුණියන් එතුමාට ආදරේ කරනවා.
මටත් අද විශේෂ දවසක්. පෙබරවාරි 14 දා මගේ පියබද 62 වෙන උපන් දිනය සමරනවා !. මාත් විවාහයට වසර දෙකකට පමණ පෙර සිට ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙක් බවට පත්වුනා.




notes of imaginary

2014-02-13

වාමාංශික පෙරමුණේ නාමයෝජනා






 
වාමාංශික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත පිළිබඳව
කරුණු දැක්වීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා 15දා ගම්පහ පොලිසියේ පෙනී සිටින්නට නියමිත ය. 



 



notes of imaginary

2014-02-12

එරියස් එකක් !.



 මේ පැත්තේ ඡණ්දයක් නැහැ. තිබුනන් රණිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාවට මගේ ඡණ්දෙත් දෙනවා. එතුමාගේ අවාසනාව මම සබරගමුවේ. අපිට ඡණ්දයක් එන කාලේට මට මතක තිබුනොත්  එතුමාගේ වාසනාව.


notes of imaginary

2014-02-11

නොරොච්චෝලෙට යළි පණ දෙති .


 



නොරොච්චෝලෙට යළි පණ දෙති -දිවයින

ශිරාන් රණසිංහ

විසිපස්‌ වතාවටත් වැඩි වාර ගණනක්‌ අක්‍රීය වූ නොරොච්චෝල බලාගාරය චීන ඉංජිනේරුවන් විසින් මේ වන විට සක්‍රීය කර ඇති අතර එම බලාගාරය පරීක්‍ෂණ මට්‌ටමින් ධාවනය කර ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරු පැවසූහ.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට්‌ 300 ක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌කර තිබූ අතර 2011 මාර්තු මස 22 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් එය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කෙරිණි.

මෙම ගල්අඟුරු බලාගාරය අදියර තුනක්‌ යටතේ ඉදිකරනු ලබන අතර පළමු අදියර යටතේ මෙගොවොට්‌ 300 ක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක්‌ වැය කෙරිණි.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය විසිපස්‌ වතාවකට වැඩි වාර ගණනක්‌ අක්‍රිය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම බලාගාරය ඉදිකළ සී. එම්. ඊ. සී. නමැති චීන සමාගමේ ඉංජිනේරුවන් මෙරටට ගෙන්වා බලාගාරය යළි සක්‍රීය කර ඇත.

කෙසේ වෙතත් දැනට පරීක්‍ෂණ මට්‌ටමින් ක්‍රියාත්මක ගල්අඟුරු බලාගාරය ඉදිරි දින කිහිපයේදී ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට ඉංජිනේරුවන් සැලසුම් කර තිබේ. මේ වන විට බලාගාරයේ දෙවන අදියර යටතේ මෙගොවොට්‌ 300 ක්‌ ජාතික පද්ධතියට එක්‌කිරීමට නියමිතව ඇති අතර පරීක්‍ෂණ මට්‌ටමින් බලාගාරය ක්‍රියාත්මක කර තිබියදී වේග වෑල්වයක හටගත් දොaෂයක්‌ නිසා මේ වන විට එය ගලවා අලුත්වැඩියා කරන බව ද ඉංජිනේරුවරයෙක්‌ "දිවයින" ට කියා සිටියේය.

නොරොච්චෝල බලාගාරයේ දෙවන අදියර ඉදිරි සති කිහිපයේදී ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීමට නියමිත අතර තුන්වන අදියර නිම වූ පසු මෙම බලාගාරයෙන් මෙගොවොට්‌ 900 ක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීමට නියමිතය. මෙම බලාගාරය ඉදිකිරීම සඳහා යන සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.35 කි.

  

notes of imaginary

2014-02-10

කියමු බලන්න !.



 පලාත් සභා මැතිවරන පටන් ගත්තා නේ.


notes of imaginary

2014-02-09

Face Book






  නුතන අධ්‍යාපන රටාව ශිෂ්‍ය පරපුරට ගැලපෙන අන්දමට වෙනස් විය යුතුයැයි මතවාදයක් සාකච්ඡා වෙමිනි පවතින්නකි. මේ සාකචඡා ඉබි ගමනින් යන කවදාමවත් ක්‍රියාත්මක නොවන කමත් කතාය. කමතේ ගොයම් පෑගෙන තෙක් හරක් බාන කෙතේ වාරයක් කැරකී කරකී සිටිතත් අවසානයේ ලැබෙන්නේ කරලෙන් ගිලිහුන වී ටික පමනකි.
ගුරුවරුන්ද විදුහල්පතිවරන්ද නූතන සිසු පරපුරට ගැලපෙන අන්දමට ඉගැන්වීම ද පරිපාලනයද වෙනස් කර ගත යුතුයැයි මට සිතුනේ පසුගිය සතියේ කුරුණෑගල  විද්‍යාලයකින් ඇසු ප්‍රවෘත්තියක් නිසා වෙනි.
මේ කතා පුවත සැකෙවින් මෙසේයි.
10 වැනි පන්තියේ ශිෂ්‍යාවක  Face Book වෙබ් අඩවියේ තම පෙම්වතා හෝ සහෝදර තරුනයෙකු සමග සිටින පින්තූරයක්‌ පළ විය. මේ පින්තූරය දැරිය විසින් කල් තබාම ඉවත් කරගෙන තිබූ නමුත් නිසි පරදි ඉවත් නොකල නිසා අන්තර්ජාලයෙන් නැවත නැවතත් මතු විය. තම පාසලේ සිසුවියක්‌ පෙම්වතා සමඟ අන්තර්ජාලයෙන් මතුවීම විදුහල්පති වරයා කලබලයට පත්වු හේතුවක් විය.  ඇය කැදවු  විදුහල්පතිතුමා ඇයට අවවාද කර වැඩිදුර පරීක්‍ෂණ සඳහා පියා සමග එන ලෙස සිසුවියට දන්වා ඇත. ගෙදර ගිය සිසුවිය සාරියකින් ගෙල වැලලාගෙන මිය ගියා ය.

සමාජ වෙබ් අඩවි බොහෝ ගනනක් තිබේ. ඉන් අප අතර වඩාත් ජනප්‍රිය Face Book අඩවියයි. වැඩියෙන්ම යොවුන්වියට අයත් පිරිසක් සහ ඉතා සුළු වැඩිහිටියන් පිරිසක්  මෙම අවකාශය ප්‍රයෝජනයට ගනී. කවුරුන් කෙලෙස අදහස් පල කලත් නිසි අන්දමින් ප්‍රයෝජනයට ගන්නේ නම් මෙම වෙබ් අවකාශයන් පලදායි ලෙස යොදා ගත හැකිවේ. මේ ලියුම්කරුද ‍  Face Book පරිහරණය කරන්නෙකි. විදේශ  ගත පවුලේ සමාජිකයන් හා සම්බන්‍ධකම් පවත්වා ගෙන යාමට ඇරඹු මගේ Face Book අඩවිය විවිධ වයස් කන්ඩායම් සමග අදහස් තොරතුරු හුවමාරු කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස ලියුම්කරු යොදා ගනී.
මෙම සිසුවියගේ සිය දිවි නසා ගැණිම පිලිබදව නොයෙක් අර්ථ කථන ඇතිවිය හැක. Face Book වැනි සමාජ වෙබ් අඩවි  වෙත මෙහි වරද පටවා එවැනි වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ තහනම් කල යුතුයැයි තර්ක කරන පිරිසක්ද වේ. ගැටළු සහ ප්‍රශ්න වර්තමාන සමාජය විසින් මින් දශක හතරකට පහකට පෙර දුටු ආකාරයෙන් දැක ඒවාට විසදුම් සෙවීමේ ක්‍රම වේදයන් අනුගමනය කිරීමට යාමෙන් මෙවැනි ඛේදවාචකයන් ඇතිවන බව ලියුම්කරුගේ විශ්වාසය වී ඇත. දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පති වරයා මේ ගතානුගත අදහස් වලින් මිදී කටයුතු කලේ නම් මේ දරුවා සියදිවිනසා ගනීද ?.



මෙතන්ටත් ගිහින් බලන්න.

notes of imaginary