
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා ඈ ගේ නිලුපු...
මව් පිය දහඩියෙන් අතට ආ ගිරා - මොනර කොළ අනුකම්පාවක් නැතිව - ටික්කා උදුරද්දී රටේ නැති කුණු හරුප - ශිල්ප කොට බෙදා දෙයි තක්ෂලාවේ ගුරු තුමෝ...
මීදුම සදු මහ දශාව පිලිබදව පලකරන ලද ලිපියෙන් පසු අද පලකරනු ලබන්නේ කුජ මහදශා කාලයේදී ඇතිවිය හැකි පලාපල පිළිබදයි. රවි සදු මහදශා අනුපිලිවෙලින් ...
සෝමාවතී අභය භුමියේ වැවක් සෝමාවති අශයභුමියේ අලි අඩි සටහන් (වංගෙඩි ඇවිදලා.) සෝමාවතී අභයභුමියේ වැවක්
රස රස ආහාර දොරට වඩින්නේ දානේ ගෙවල් වලදී සහ මගුල් ගෙවල් වලදීය. ඒත් මගුල් ගෙවල් හෝටල් වලට කොන්ත්‍රාත් දෙන මේ කාලයේ රසවත් ආහාර කෙසේ වෙතත් බ...
වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද විහගුන් පෙම් ගී ගැවුවට - ගී කියන්නේ උන් විතර...
අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරනේ. දිවියෙන් යුද කල ඔබදුටු මොහොතේ මගේ හද ගැබ තුල පිරුනයි ආලේ නැතිමුත් රජ සැප හිමගිරි අරනේ ...
කඩ මන්ඩියේදොළ අයිනේ නුඔව පෙනී නැවතී බලනවා මෙහොතක් කොහොම හරි කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරිව වැ...
සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින් එම අතුරු දසා පලාපල මෙම වියමනට...