අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2009-09-14
මාධ්‍යය නිදහස...........Anonymous වෙතටයි.

9/14/2009 10:45:00 pm
6

මිදුම කිසිවිටකත් අපහාසව කිසිවෙක් අමතන්නේ නැත.අදහස් එක් එක් අයට විශේෂිතවු මනසින් යුත් පදනමකින් පලවෙයි. තිස්සනායගම් සිද්ධියේ ලංකා ඉරිදා සංග්‍ර...

Read more »
2009-09-10
මාධ්‍යය නිදහස නැත්තේ ජන සමාජයටයි.

9/10/2009 09:41:00 pm
8

තිස්සනායගම් නඩු තීන්දුව සහ ලංකා සති අන්ත පුවත්පතේ මාධ්‍යවේදීන්ගේ සිද්ධිය නිසා මාධ්‍ය නිදහස ගැන කතිකාවක් මේ දිනවල නිර්මානය ව ඇත. මාධ්‍යකරුවන්...

Read more »
2009-09-06
සුන්දරව නොවු මරණයද සුන්දරයි.

9/06/2009 09:53:00 pm
1

මිතුරන් ඇති කරගන්න නම් පලමුව තමන් හොද මිතුරෙකු විය යුතු යැයි කියමනක් ඇති බව මම අසා ඇත්තෙමි.  මේ කියමන සිහිවී එක් සිද්ධිමය වටිනාකමක් අසල මම න...

Read more »
2009-09-02
අනර්කාලි සහ කාලි

9/02/2009 10:12:00 pm
6

බාල සිනමාවේ චරිත දේශපාලනයට පිවිසෙන්නේද දේශපාලනයද බාල නිසා යයි මීදුමට සිතිනි. සබරගමුවේදී නන්තාරව සිටි එජාපය රන්ජන් රාමනායක නිසා පිබිදුනා ...

Read more »
2009-08-25
අතීත ආවර්ජනයක් .

8/25/2009 09:26:00 pm
3

මට මගේ ජීවිතයේ අතීතයට යන්නට අහම්බයක් පසුගියදා නිර්මාණය විය. උතුරු මැද පලාතට වසරක් දෙකක් පෙරුම්පුරා ගිය ගමනකදී මට මගේ වැඩිමහල් ඥාතී සහෝදරයා හ...

Read more »
2009-08-19
2009 දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට  මීදුම ලියු  උත්තර.

8/19/2009 09:36:00 pm

අධ්‍යෘපන ඇමතිගේ පරිපාලනය නම් කැද හැළියකි. සියල්ල කෙලවර වන්නේ ජනාධිපතිතුමා මැදිහත් වීමෙනි. එසේනම් ඇයිදෝ ඇමතියෙක්. අධ්‍යාපන විෂයය උදෙසා පාර්ලි...

Read more »
2009-08-09
ඌව වෙල්ලස්සේ  පාඩම.

8/09/2009 06:40:00 pm
2

ඌව පලාත් සභාවේ මැතිවරණය අවසන් විය. මීදුම, ඌවේ බස්නාහිර මායිමේම සබරගමුවේ ස්ථානගතව සිටින්නෙකි. වැට මායිමෙන් එහා පැවත්වුන මැතිවරණය පොදු පෙරමුන...

Read more »
2009-08-05
ජංගම දුරකතන වාරනය කැකිල්ලේ තීන්දුවක්ද ?.

8/05/2009 06:03:00 pm

පසුගිය සතිය ‍ජංගම දුරකතන වලට සහ චිත්‍රපටිවලට අසුබ වූ සතියක්. ‍ජංගම දුරකතනය සිසුවියක් අකැප අන්දමින් භාවිතයට ගිහින් සිය දිවි නසා ගෙන. ජනාධිපති...

Read more »
2009-08-03
ඔබේ ලග්නයට කොහොමද ?.

8/03/2009 09:04:00 pm
5

සමහරු පුවත් පත් දිග හැර ගත්ත ගමන්ම ලග්න පලාපල හොයා ගෙන තමන්ට වෙන් ‍චුන ලග්නය බලනවා.දිනපතා පුවත් පත් වල එදාට බල පාන අනාවැකි පලවෙනවා. සතිපතා ප...

Read more »
2009-07-30
නැගණහිර සරනාගත කදවුරක සිට.

7/30/2009 09:58:00 pm

වෙඩි හඩට අකුරු ඇදවෙයි කිව්වේ අපි පෙර සන්දියේ අකුරු කෙරුවත් වෙඩි හඩක් නැති තෙමංසල මන්ඩියේ

Read more »