ඌව පලාත් සභාවේ මැතිවරණය අවසන් විය.
මීදුම, ඌවේ බස්නාහිර මායිමේම සබරගමුවේ ස්ථානගතව සිටින්නෙකි. වැට මායිමෙන් එහා පැවත්වුන මැතිවරණය පොදු පෙරමුනේ සංවිධානය පැත්තෙන් දෙවෙනි වූයේ මානුෂික මෙහෙයුමට පමනක් යැයි මීදුමට සිතිනි.බලය ලබා ගැනීමට තිබෙන උනන්දුව සහ ඒ සදහා ඇතිකර තිබූ සංවිධානය රට ගොඩනගන්නත් ඇත්නම් අපි මෙවන විට ජීවත් වන්නේ සුරපුරක බව සිතිවිල්ලක් ඇතිවිනි.
ගෘහ ආර්ථිකය මෙතරම් පීඩනයකට පත්ව ඇති කලක එය පවතින රජයේ දුර්වලතාවයක් යයි නොසිතන්නට ජනතාව පෙලබී ඇත්ද?. යන ප`ප්‍රශ්නය ඌව පලාත් සභාවේ මැතිවරණ ප්‍ර තිපල ප්‍රශ්න කර ඇත්දැයි මීදුම සිතයි.පස්සර,බදුල්ල,බණ්ඩාරවෙල සහ හපුතලේ ද්‍ර විඩ වතු ජනතාව බහුල මැතිවරණ කොට්ඨාශයන්ය.ඔවුන් තම අහාර වේලට පවා බලවත් ජීවන අරගලයක් කරමින් සිටී.මෙම ජනතාවගෙන් බහුතර එක්සත් ජාතික පක්ෂටයට චන්දය ලැබෙති. එම වතු කම්කරුවන් පවා මෙතරම් ආර්ථික පීඩනයක් හමුවේ රජයට පක්ෂපාතීත්වය දක්වා චන්ද පාවිච්චි කර ඇත. වැලිමඩ මැතිවරණ කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂයේ පැරණි බල කදචුරකි .පර්සි සමරවීරයන් නියෝජනය කල වැලිමඩ අද ඥාති රවි සමරවීර සහ ලලිත් සමරවීර යන සහෝදරයෝ ආධිපත්‍යය දරති. මේ මැතිවරණ කොට්ඨාශයන් තුලද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අසමාන්‍ය ලෙසින් බිද වැටී තිබීම බලාපොරොත්තු නොවුවකි.
කැරලිකාර පිලේ ලක්ෂමන් සෙනවිරත්න නියෝජනය කරන මයියංගනය මැතිවරණ කොට්ඨාශයේ ජනතාව වී ගොවියෝ වෙති. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව පවසා ඇත්ද නැත්නම් ලක්ෂ මන් සෙනවිරත්නට ඹහුගේ තීන්දුව නිවරදියැයි දක්වා ඇත්ද ?. යන්න තීරණය කල යුතු බව ඉගි කරයි.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන් නිවරදිවිය යුතු අවස්ථා ගනනාවක් පසුකරමින් දේශපාලන කුණු බක්කියට යන ගමනේ එක්සත් ජාතික පක්ෂවයත් ඇද ගෙන යාම නම් ඉවසුම් නොදෙන්නකි.
මිදුම ට චන්ද බලය හිමිවුදා සිට එක් දේශපාලන පක්ෂයක් නොතිබිනි.එහෙත් එක් මතයක් එදා සිට තිබිනි.ඒ මහින්දයන් කියන පලමුව දෙවෙනුව සහ තෙවෙනුව රට යන්නයි. මීදුමට හිමිවු පලමු චන්දයෙන් සිරිමාවෝ අගමැතිණිය කර දෙවනි චන්දයේදී ධාමිෂ්ඨර් රජ කරවිනි.ලාම්පු කලගෙඩි සෙල්ලමේදි ඔහුට විරුද්ධවූ මීදුම එදා සිට අනෙක් ධනවාදී කදවුරේ සිට ගෙන චන්ද්රිකාත් වරෙක සීනුවත් අතර දෝලනය වෙමින් මහින්දගේ දේශානුරාගයට මෝහනවු දේශපාලනයක වර්තමානය වනවිට අතරමංව සිටී .
ලාංකීය දේශපාලනය තුල ප්‍රබල වික්ෂයක් තිබිය යුතු බව මීදුම අදහස් කරයි. ඒ අවශ්යතාවය ඉෂ්ඨ කිරීමේ වගකීම අද පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂටයි.හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයට එය හිමිවිය හැකිය. සීනුව ඒ අරමුණ ඉටුකරයි යන්න සිතාගෙන සිටියත් එය හිතළුවක් බවට පත් කිරීමට ඔවුන් විසින්ම වර්තමානයේදී පසුබිම සකසා අවසන් කර ගෙන ඇත.
ප්්‍රබල විපක්ෂයක් තබා ගැණිමට රනිල්ට නම් එදා සිටම ඕනෑ කමක් තිබුනේ නැත. ඔහුට අවශ්යතාවය වන්නේ මොන කුපාඩිකමකින් හෝ තම පෞද්ගලික බලය ලබා ගැණිමේ අරමුණ නම් එතන පලමුව දෙවෙනුව සහ තෙවෙනුව රට යන්න තිබිය නොහැක. ඒ බව තමන්ගේ අග්‍රාමාත්‍ය පදවි කාලයේදී රටට දක්වනු ලැබීය. ඒ බව හදුනාගත් ජනතාවක් නම් ඔහු කිසිදා බලයට පත් නොකරනු ඇත. එසේනම් ඔහු රටට එක්සත් ජාතික පක්ෂ ය ඉතිරි කර නම්බුකාර පුරවැසියෙකු ලෙස ඉන් පිටමංවිය යුතු කාලය පැමින ඇත.
මහින්දයන්ගේ මැතුරුම දේශාණුරාගයයි. මීදුම පමනක් නොව රටම මෝහනයට පත්ව ඇත්තේ ඒ වශී මන්ත්‍රයටයි.මේ මන්ත්‍ර යට යටින් ගලා යන අපද්‍රව්‍යය ප්‍රවාහය හෙලිදරව් වීමට කලින් මැඩ පවත්වා රටට වඩාත් හිතකර මගකට ඔහු පැමිනේද යන්න අප බලා සිටුනු ලැබේ.
පලාත් සභා මැතිවරණවලදී දිනෙන් දින බුලත් කොළ ප්‍ර මානය වැඩිවූයේ ප්‍රාදේශීය අපේක්ෂකයන්ගේ වත් වේදිකාවල බෙරිහන් දුන් මැති ඇමතිවරුන්ගේ පිනටවත් හපන් කමටවත් නොව මහින්දයන්ගේ මන්ත්‍රයට බව නාස්තිකාර හැත්ත තේරුම් ගත යුතුවේ. මහින්දයන් කල යුත්තේ රටේ පැවත්ම උදෙසා මේ අපද්‍රව්‍ය ප්‍රවාහය නිසි පරිදි කලමනාකරණය කිරීමයි.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
2 comments:
රනිල් කොහේ යන්නද අකිලල ඉන්කම් දවස්ක් වයඹ වේදිකාවක මර්වින් අයියා කීවා ඒ දෙන්නා වයඹ පලාතේ ගල් කොරියක් දාලලු ඇත්ත නැත්ත එ දෙන්නා තමා දන්නේ ලැබුනොත් විස්ත දෙන්නම්කො
එතකොට වව්නියාවේ පාඩම?
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.