අධ්‍යෘපන ඇමතිගේ පරිපාලනය නම් කැද හැළියකි. සියල්ල කෙලවර වන්නේ ජනාධිපතිතුමා මැදිහත් වීමෙනි. එසේනම් ඇයිදෝ ඇමතියෙක්. අධ්‍යාපන විෂයය උදෙසා පාර්ලිමේන්තුවේ සහ පලාත් සභාවේත් ඇමතිවරු කී පොලක් සිටීද ?.
එක් අයෙක්ගේ තීරණ වලට වඩා කිහිප දෙනෙක් සාකච්චා කර යහපත් තීරණයන් වලට එලබීම තුල ඉතා යහපත්වු ක්‍රියා දාමයනට යා හැකි බව අපි නිකමට උපකල්පනයක යෙදෙමු. එම උපකල්පනයේ එල්බී නම් ඇමති වරු කන්ඩායමක නායකයා කැබිනට් ඇමතිවරයා වන්නේ නම් එය ඉතා හොදය. නමුත් මෙවැනි කන්ඩායමක එකමුතුවක් ලෙස වර්තමාන ඇමති ගොල්ලගේ ක්‍රීයාකාරකම් මීදුම දකින්නේ නැත. අධ්‍යාපන විෂයය ගැන සාකච්ඡා කිරීම මුලික අරමුණ වුවත් ඉන් පිට පැන සාකච්ඡා වන්නේ මේ සියල්ල ජාලගත ක්‍රී යා බැවින්ය.වර්තමානයේ කැබිනට් ඇමතිවරුන් හා අනෙක් පුංචි පුංචි ඇමතිවරු අතර එවැනි සම්බන්ධේයක් ඇතැයි විද්‍යා මාන නොවන බව ඉතාමත් පැහැදිලිය.මේ ඒකාධිපති ස්වරූපය සෑම කැබිනට් ඇමතිවරුන් තුලම ඇති බව වැඩ අවුල් කරගන නාගන්නා අයුරින් අපට සිතා ගත හැක.
පසුගිය දා පලාත් විභාග අවුලක් ගැන මාධ්‍ය සාකචඡා කලේය. මේ විභාග අවුල නිර්මානය කර ගත්තෝ විභාග ජාවාරමක් කරගැනීම හැර ගුණාත්මක බව ගැන නොසිතා කටයුතු කල ඇත්තෝමය. දැන් ජනාධිපති නියමයෙන් වාර විභාග පැවත්වීම ආපසු විදුහල්පති වරුන් ලගටම පැමිණ ඇත.
අපේ කාලයේ විෂයය උගන්වන ගුරුතුමා ප්‍රශ්න පත්‍රයක් හදා දීමෙන් එතුමා වාර විභාගය පවත්වා අපව ඇගයීමක් කලේය.වර්තමානයේත් එය සුදුසුද ?.ජාතික මට්ටමෙන් විෂයය නිර්දේශයක් ඇත. ජාතික මට්ටමෙන් එකම පාඨ ග්‍රන්ත මාලාවක් පරිහරණයට පත්ව ඇත.ජාතික මට්ටමෙන් ඉගැන්වීමේ වේගයක් තීරණය වී ඇත.අසවල් දවස වන විට අසවල් කොටස දක්වා විෂය නිර්දේශයට අනුව අදාල විෂයය ඉගැන්වී තිබිය යුතුය. ජාතික තලයේ විභාග පැවත්වෙන විට අදාල විෂය නිර්දේශය සම්පූර්න කර තිබුනේ නැත්නම් දරුවා අතරමගය.
එවන් රටාවකට සකස් වී ඇති ඉගැන්වීම වාර අවසානයේ ඇගයීම සදහා කලාප මට්ටමේ පොදු වාර විභාගයක් පැවත්වීම විෂයය උගන්වන ගුරුවරයාද ඇගයීමට මිනුම් දන්ඩක් කර ගත හැක.කලක් මුද්‍රණ ආයාතනයන් හවුල් කර ගත් ගුරුවරුන් ප්‍රශ්න පත්‍ර සකස් කර පාසල් වල විදුහල්පතිවරු හරහා වාර විභාග සදහා ප්‍රශ්න පත්‍ර අලවි කල යුගයක් විය. ඉන් පසුව පලාත් මට්ටමෙන් ප්‍රශ්න පත්‍ර සකස් කර වාර විභාග පැවත්වූවා මීදුමට මතකය. පසුගිය අවුරුද්දේ සිට කලාප කාර්යාලය මේ කටයුත්තට අත ගැසුවා විය හැක.
විදුහල්පතිවරයාට වාර විභාග පැවත්වීම පැවරීමෙන් සිදුවන්නේ යලිත් ජනාධිපතිවරයා සහ මීදුම පාසල් ගිය කාලයට අධ්‍යාපන ප්‍රමිතිය රැගෙන යාමය.නැත්නම් කොහේ හෝ මුද්‍රණාලයක සකස් කරන ප්‍රශ්න පත්‍රවලට දරුවන්ට උත්තර සැපයීමට සිදුවීමය.වර්තමානයේ ජාතික මට්ටමෙන් භාවිතා වන්නේ එකම පෙල පොත් කණ්ඩායමකි. ජනාධිපතිවරයාද මීදුමද පාසල් ගිය කාලයේ විවිධ කතෘවරුන්ගේ පෙල පොත් විවිධ පාසල් වල භාවිතා විය.පය බරවායට පිටි කර බෙහෙත් බදිනවා යයි කියමනක් අපේ බස් වහරේ තිබේ. මෙවැනි තීරණද ඒ ඝණයට අයිතිය.
අපි කල යුත්තේ කුමක්ද ?.මෙවර ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී ක්‍රියාකාරකම් තුල සිදුවු අඩු පාඩු හදුනා ගෙන නැවත ඒවා නොසිදුවන්නට ක්‍රියාකාරකම් යාවත්කාලීන කිරීමය. එසේ නොකර ආපස්සට යාම සිදු වන්නේනම් අධ්‍යාපනය ඉදිරියට නොයනු ඇත.
අධ්‍යාපන පරිපාලනය නිසි යාන්ත්‍රණයකට පත් කලහොත් මේ සියල්ල කල හැකි බව අධ්‍යාපන ඇමතිවරයාට නොසිතෙන් නේ අපේ කරුමයටය. එතුමාට ඒ සදහා සම්පත්ද තිබේ. පහලම අධ්‍යාපන පරිපාලන ඒකකය වන කලාප කාර්යාල., අධ්‍යාපන සංවර්ධණ, විෂයයභාර, සැලසුම් යන කී නොකී අධ්‍යක්‍ෂවරු ,සහ එක් එක් විෂයය සදහා ගුරු උපදේශක වරුන්ගෙන් සන්නද්ධ බල ඇණියක් ඇමති තුමාට තිබේ. එහෙත් මේ සම්පත් යොදා ගෙන නිවරදිව වාර විභායක් පැවත්වීමට නොහැකි නම් ඇමති තුමාගෙනුත් ඔල මොට්ටල නිලධාරීන් ගෙනුත් පලක් නැත.
විභාගයෙන් සමත්ව අධ්‍යාපන පරිපාලනයට ආ නවකයෝද මහ ඇමති වරු පරිපාලනය අඩු ලුහුඩු කම් සපුරාලීමට වැඩ බලන පදනමින් පත් කල ජෙයාෂ්ඨ ගුරුවරුද රැසක් අධ්‍යාපන පරිපාලනය තුල කලාප කාර්යාල වල සිටී. කිහිප පොලක් මීදුමටද සමහර අවස්ථාවල මුණ ගැසේ . මේ අතර සමහරු අධ්‍යක්‍ෂකකම ආභරණයක් කර ගත් ඔල මොට්ටල මෝඩයෝ වෙති. විභාග සමත්ව පැමිණියෝ අනෙක් අයගේ ජ්‍යොෂ්ඨත්වයද මායිම් නොකරති. මීදුම දිනෙක මේ නොසැලිකීම අගය කලේ “සීසර් නැත්නම් නෝමල්ද නෙවෙයි බලන්නේ - තමුන් කරන වැඩේ හරියට කරනවද වැරදියට කරනවද කියලයි අපි බලන්නෙ” යයි සදහන් කරමින් බව මතකය. විභාගයක් පවත්වා නිළධාරීන් බදවා ගත්තාට මොළ පරිපාලනයට එනවා යයි මතයක් ඇමති තුමාට තිබේ. එහෙත් විභාගවලට වඩා වෘත්තීය පලපුරුද්ද ඵලදායී බව මීදුම සිතයි.
අධ්‍යාපන පරිපාලනයේ සිටින මේ මිනිසුන්ට පලමුව “මේ මගේ රට” යන්න අවබෝධ කලයුතු වේ. අපි එදාවේල සොයාගන්නේ රටේ බදු ගෙවන ජනතාවගෙන් යැයි කියා දිය යුතුවේ. මෙවන් රට ගැන තමන්ගේ දූ දරුවන් ගැන නොසිතන සියල්ල දත් යන උද්දච්ඡ මානසිකත්වයෙන් යුතු පිරිස් හට පලමුව එමදැනුම බෙදා දිය යුතුවේ.දැනුම යනු උපාධි සහතිකය පමනක් නොවේ. තම වගකීම පිළිබද අවබෝධයද රට ගැන හැගීමද ලබා නැත්නම් ඒ සහතිකවලට වටිනාකමක් නැත. මගේ දේශපාලන පක්ෂ ය මගේ ආගම වැනි මමත්ව කල්පනා මේ මෝඩ මොළවල තැන්පත්ව තිබේ. ඒවා වලින් මේ නිලධාරි මොළ පිරිසිදු කල යුතුවේ.
මේ වාර විභාග ප්‍රශ්නපත්‍ර අවුලට හේතු කාරක වූවෝ යම් සංවිධානත්මක අරමුණක කටයුතු කල බව මීදුම උපකල්පනය කරයි.මීදුම ඇසුරු කරන රාජපක්‍ෂ නොවන මාධ්‍ය මිතුරෙකු වාර විභාග පැවත්වූ වකවානුවේ හමුවන සෑම ගුරුවරයාගෙන්ම විමසනු ලැබුයේ “කොහොමද අද ප්‍රශ්න පත්‍රය “ යන්නයි. ඔහුගෙන් “මම මොකද මේ වලිප්පුව ” යන්න විමසුවෙමි. “මේ දවස්වල ඌවේ චන්දේ” යන්න ඔහුගේ පිළිතුරයි.වෙනත් වාර වලද සුළු සුළු අඩුපාඩු වාර විභාග ප්‍රශ්න පත්‍ර වල තිබුනත් ඒවා ජාතික මට්ටමේ අවුලක් ලෙස සාකච්ඡා නොවිනි.හේතුව වුයේ එකල මාධ්‍යයට උතුරේ සහ නැගණහිර යුද්ධයක් තිබිණි. දැන් ඒ තුවාලය නොමැති නිසා “අල්පෙනිත්තක් වැටුනත් රටටම ඇසෙන සේ ” හෙඩ් ලයින් වැටේ.
මේවා හැම අර්බූදයක්ම පස්සට දාන, ජනාධිපතිවරයා ලගට යනකම්ම බලා සිටින කැබිනට් ඇමතිවරයෙකුට නිදහසට කාරනා නම් නොවේ.කෝකටත් තෛලයවු ජනාධිපති තුමාත් උතුරේ ගැටළුවට කණ්ඩායමක් ලෙස කටයුතු කල ගෝඨාභය ඇතුළු ත්‍රිවිධ හමුදාවත්, හැම දේටම විසදුම් සොයන බැසිල් රාජපක්‍ෂත් හීන් සීරුවේ වැඩ කරන චමල් රාජපක්‍ෂත් හැරෙන්නට ඉන්නේ ලක්ෂ 35හේ බ’ර්ත්ඩේ පාර්ටි කාරයෝ නම් අපිට දෙවියෝ හැර වෙන කාගේ පිහිටක්ද ?.
0 comments:
Post a Comment