තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2026-02-15
වෙල් එලිය .
2026-02-14
කුරුන්දි විහාරය .
කුරුන්දි විහාරය විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාව අතර ප්‍රචලිත වන්නේ කුරුන්දි අට්ඨකතාව විරචිත පින්බිම කුරුන්දිය වීමය.බුද්ධඝෝෂ ආචාර්යයන්වහන්සේ විරචිත සමන්තපාසාදිකා විනයාර්ථකතාවෙහි පමණක් කුරුන්දි යන නාමය 102 වතාවක් සදහන්ව ඇත.
ඛල්ලාටනාග මහ රජතුමාගෙන් අනතුරුව මෙම විහාරය පළමු අග්ගබෝධි රජු සහ පළමු විජයබාහු මහරජවරු විසින් පෝෂණය කර ඇති බව මහාවංසය දක්වයි.
මෙම කුරුන්දි විහාරයේ ඛල්ලාටනාග රජ දවස කුරුන්දචුල්ලක නම් පිරිවෙණක් තිබී ඇති අතර එහෙයින් මෙම කුරුන්දි විහාරයේදී කුරුන්දි අට්ඨකතාව විරචිත බව ඓතිහාසික සාක්ෂි සාධක අනුව ඉතාම පැහැදිලිය.ඒ බව සී.ඩව්ලිව් නිකලස් මහතාගේ වාර්තා අනුවද සනාථ වේ.
මෙම උතුම් පින්බිම රැකගැනීම සිංහල බෞද්ධයන් සතු පරම යුතුකමක් සේම සාසනික වගවීමක්ද වේ.එහෙයින් කුරුන්දි රජමහා විහාරාධිපති අතිපූජනීය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමින්වහන්සේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම විහාරය සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම ඉතාම අගනේය.
සියලු බෞද්ධයෝ කුරුන්දි විහාරය වන්දනා කරගැනීම පිණිස යෑමට උනන්දු විය යුතුමය.
තෙරුවන් සරණයි !
විශේෂ තොරතුරු - කුරුන්දි විහාර වංසය ග්‍රන්ථයෙනි.
2026-02-13
හිතේ කලබල ගතිය නැති කරගන්න .
මේ නොසන්සුන් මනස සන්සුන් කරගන්න බුදුරජාණන් වහන්සේ ඉතාම සරල, නමුත් ප්‍රායෝගික පියවර කිහිපයක් පෙන්වා දී තිබෙනවා. ඉන් පළමු වැන්න තමයි, "සෑම සිතුවිලක් පස්සෙම දුවන එක නැවැත්වීම." නිකමට හිතන්න, අහසේ පාවෙන වලාකුළු දිහා. සිතුවිලි කියන්නෙත් හරියට ඒ වගේ දෙයක්. වලාකුළු එනවා, යනවා. අපි කවදාවත් වලාකුළු එක්ක රණ්ඩු වෙන්න යන්නේ නෑනේ. ඒ වගේමයි අපේ සිතුවිලිත්. සිතට එන හැම සිතුවිලක්ම අල්ලගන්නවත්, ඒ එක්ක ගැටෙන්නවත් අවශ්‍ය නැහැ. කළ යුතු එකම දේ තමයි, සිතුවිල්ලක් ආවම "ආ.. මට දැන් මෙහෙම හිතුණා නේද" කියලා ඒ දිහා නිකන් බලාගෙන ඉන්න එක (Just Notice). ඔබ දකින දකින දේ පස්සේ දුවන එක නැවැත්තුවම, ඉබේටම හිතේ වේගය අඩුවෙන්න පටන් ගන්නවා.
දෙවැනි පියවර තමයි, වර්තමාන මොහොතට නැවත පැමිණීම. මේ සඳහා තියෙන හොඳම මෙවලම තමයි අපේ "හුස්ම". හිත දුවන්න ගත්තම, හෙමින් ආපහු ඔබේ අවධානය ඔබේ හුස්ම රැල්ල වෙත ගේන්න. ලොකු වෙලාවක් භාවනා කරන්න ඕනේ නෑ, එක හුස්ම වාරයක් ගැන විතරක් හිතන්න. හුස්ම ගන්නකොට, "මම හුස්ම ගන්නවා", පිට කරනකොට "මම හුස්ම පිට කරනවා" කියලා දැනෙන්න හරින්න. හිත හුස්ම මත රැඳෙනකොට, අතීතය ගැන පසුතැවීම් වගේම අනාගතය ගැන බියත් නැති වෙලා, හිත වර්තමාන මොහොතට (Present Moment) එනවා. අවධානය බලෙන් රඳවා ගන්න උත්සාහ කරන්න එපා; එය මෘදු ලෙස, ස්වභාවිකව සිදුවීමට ඉඩ දෙන්න.
තුන්වැනි සහ වැදගත්ම කාරණය තමයි, "පාලනය කිරීමට ඇති ආශාව අතහැරීම." අපි ගොඩක් වෙලාවට පීඩනයට පත්වෙන්නේ හැමදේම අපිට ඕනේ විදිහට සිද්ධ වෙන්න ඕනේ කියලා හිතන නිසයි. ජීවිතේ හැම දෙයක්ම පාලනය කරන්න හදන එකෙන් වෙන්නේ ලොකු ආතතියක් ඇති වෙන එක විතරයි. බුදු දහමේ උගන්වන ගැඹුරුම සත්‍යයක් තමයි, "ඇලීම නැති තැන සැනසීම ඇරඹෙනවා" (Peace begins when clinging ends) කියන එක. දේවල් වෙනස් කරන්න බැරි වුණාම ඒ ගැන කලබල නොවී, ඒ ස්වභාවය අවබෝධ කරගෙන අතහැරලා දාන්න පුරුදු වුණාම හිතට දැනෙන සැහැල්ලුව වචනයෙන් කියන්න බැරි තරම්.
ඉතින්, ඔබේ හිතත් කලබලයි වගේ දැනෙන වෙලාවට මේ පුංචි පියවර අනුගමනය කරලා බලන්න. සිතුවිලි දිහා ඈත ඉඳන් බලන්න, හුස්මට හිත යොමු කරන්න, පාලනය කිරීමේ ආශාව අතහරින්න. සාමය තියෙන්නේ පිටත ලෝකයේ නෙවෙයි, ඔබේ හිත ඇතුලෙමයි.
#Mindfulness #Buddhism #InnerPeace #Meditation #MentalHealth #CalmMind #Wisdom #Spirituality #StressRelief #SelfCare
2026-02-12
අලුත්නුවර දේවාලය - තනතුරු සහ නිළවරණය.
පසු ගිය දිනවල ලංකාවේ ප්‍රසිද්ධ දේවාල කිහිපයක බස්නායක නිළමේ වරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ තෝරා ගැණීම සදහා නිලවරණ පැවත්වින.
මෙම නිළවරණ සදහා ඡණ්දය හිමි වන්නේ ප්‍රදේශයේ දේවාල වල බස්නායක නිළමේ වරුන් , විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ දිස්ත්‍රික් ලේකම් වරු ප්‍රාදේශීය ලේකම් වරුන්ටය.
දිස්ත්‍රික් ලේකම් වරු ප්‍රාදේශීය ලේකම් වරු රජය නියෝජණය කරන පාර්ශවය ලෙස හැදින්විය හැකිය.
“බස්නායක නිළමේ (නිලධාරී)” යනු කලින් කලට තේරී පත්වන නිතර කාර්ය මණ්ඩලයට නොගැණෙන තනතුරක් වන අතර එය රජු හෝ රජය නියෝජනය කරයි. දේවාලයේ සියලු කාර්යයන් අධීක්ෂණයත් මෙහෙයවීමත් ඒ සියල්ලේම ප්‍රධානත්වය ගැනීමත් අවශ්‍ය පහසුකම් සැලසීමත් දේවාලයේ කාර්යයන් නිසි පරිදි පවත්වා ගැනීමත් මෙම නිලයට අයත් ප්‍රධාන යුතුකම් ලෙස සැලකේ.
නිළවරණයකදී රජය නියෝජනය කරන පාර්ශවය රජය නියෝජනය කරයිද ? . යන්න මෙම දේවාල නිලවරණයේදී මට ඇතිවුන එක් ප්‍රශ්ණයක් විය.නිලවරනයන්හීදී කැමත්ත ප්‍රකාශවීම පඩුරු පාක්කුඩම් වලට යට වු බව මගේ නිරීක්ෂණයයි. එහෙයින් විහාර දේවාල පනතේ නිළවරන පිළිබද අන පනත් කාලීනව සංශෝධන විය යුත්තකි.
අනෙක් දේවාල සහ දදා මාළිගාවේද උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පරිපාලන කටයුතුද පුරානයේ සිට ඉතා විධිමත්ව සකස් වී ඇත. දේවාලයේ ආවත්තාව හා පෙරහැර උත්සව කිරීමට අත්තනායක නිලධාරී ප්‍රධානව රාජකාරී 99ක් ස්ථාපිතව ඇති අතර එය පරම්පරා උරුමයක් ලෙස පවත්වාගෙන එයි. එය පිටස්තරයෙකුට හිමිකර දීමට බලයක් කිසිවෙකුට නැත. එපමණක් නොව එක් පරම්පරාවකට අයත් “රාජකාරියක්” වෙනත් පරම්පරාවක අයෙකුට කිසිසේත් කර නොහැක.
කිසියම් රාජකාරියක් නිසි පරිදි ඉටු නොදේ නම් එය එම පරම්පරාවේ හෝ ඊට සමීප පරම්පරාවක වෙනත් කෙනෙකුට පැවරිය හැකි බලයක් ඔහු සතු වේ. සෑම රාජකාරියකටම අදාළව “පංගුව” ලෙස හඳුන්වන රාජකාරී පංගුවක් ඇති බැවින් දේවාලයේ කටයුතු අඩුපාඩුවක් නොවන ලෙස පවත්වාගෙන යාමට කටයුතු සැලසා ඇත.
නිල පංගුවේ ඇත්තන් අශුද්ධව ඇත්නම් එම රාජකාරිය වෙනත් කෙනෙකු යෙදවීම අත්තනායක මොහොට්ටාල නිගමනයෙන් සිදු වේ. අත්තනායක මොහොට්ටාල යනු නිතර කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලයයි. බස්නායක නිලධාරී නිගමන වලට එන්නේ මෙම අත්තනායක මොහොට්ටාලගේ නිර්දේශයන් අනුවයි.
අලුත්නුවර දේවාලයේ නව බස්නායකවරයාගේ අවධානයට පහත සදහන් වන කරුණු කාලීනව අවධානයට ලක්විය යුතුයැයි මම සිතමි. කාලයක් තිස්සේ බස්නායක නිළමේවරුන් අනුගමනය කර ඇත්තේ දේවාලය සතු මැණික් ඉඩම් වලින් යම් කිසි ආදායමක් ලබා ගැනීමට පමනකි.
01. දේවාලය සතු මැණික් සම්පත් නිසි ක්‍රමවේදයකට යටත් කොට විනිවිදභාවයකින් යුතුව ආදායම් ලබා ගැනීම
02. දේවාලය සතු ගොඩ මඩ ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් සිදු කොට එමඟින් ලැබෙන ආදායම් විධිමත් කිරීම
03. දැනටමත් මුඩු ඉඩම් ලෙස ඇති ඉඩම් හඳුනාගෙන කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවීම මගින් දේවාලය සඳහා ස්ථාවර ආදායම් මාර්ග ඇති කිරීම
04. දේවාලය සතු ඉඩම් හරහා ගලා යන ජල ප්‍රභව හඳුනාගෙන ජල විදුලි බලාගාර ඇති කිරීම
05. බැතිමතුන්ගෙන් ලැබෙන ප්‍රදානයන් විනිවිදභාවයෙන් යුතුව පරිහරණය හා සියලු ලැබීම් බස්නායක නිලධාරීතුමාගේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීම
06. දේවාලය ආශ්‍රිතව දිවි ගෙවන ප්‍රජාව දායක කර ගනිමින් ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරමින් ඔවුන්ගේ මෙන්ම දේවාලයේද ආදායම් ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති දිරිගැන්වීම හා ඇරඹීම.
07. බලන්ගොඩ , බෙලිහුල්ඔය සංචාරකයින් පැමිනෙන ප්‍රදේශයක් බැවින් මෙම දේවාලය පිළිබඳව ප්‍රචාරණය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් බැතිමතුන්ගේ සහ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීම
A day in the life
2026-02-11
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයට - පුනරුදයක් .
රත්නපුර සමන් දේවාලය හැරුණු විට දිස්ත්‍රික්කයේ ප්‍රධානතම දේවාලය උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය වන අතර එකම කතරගම දේවාලය ද උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයයි .
පෙර වියමනක දේවාලයේ ඉතිහාසික ජනකතාව පලකලෙමි. දේවාලයේ වර්තමාන භුමිකාව සම්ප්‍රදායෙන් වෙනස් විය යුතුයැයි මගේ අදහසයි. පැරණි සම්ප්‍රදායන් එලෙසම පවත්වා ගෙන යමින් කාලීනව ප්‍රෙයා්ජනවත් ලෙස සම්පත් යොදවන්නේ නේ නම් යන්න මගේ සිතිවිලි අතර නිතර සැරි සරයි.
දේවාලයට පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ගොඩනැගිලි, පවුරු, වෘක්ෂයන් මෙන්ම අක්කර දහස් ගණනක නින්දගමක් පවතින අතර රාජකාරි පංගු හිමියන් අති විශාල සංඛ්‍යාවක් මෙම නින්දගම ආශ්‍රිතව ජීවිතය ගෙවති. එසේම පාරම්පරික රාජකාරී ශිල්පීහුද මෙම නින්දගම් පරිහරණය කරමින් සිටිති.
දැනට ප්‍රධාන දේවාල ගොඩනැගිලි සංකීර්ණය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය කර ඇත. දේවාල සංකීර්ණය වටා ඇති තුන් මහල් පවුරද එසේමය. දේවාලයේ උඩ මළුවේ පිහිටි බෝධි වෘක්ෂය හා ගණ දෙවි කෝවිල අසල කොස් රුක්පයද ඉතිහාසික වටිනාකමකින් යුක්තය.
දැනට දේවාලය සතු මෙවැනි සම්පත් ඉදිරි පරම්පරාවට දායාද කිරීමට සැලසුම් කළ යුතු වේ.
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය සතු අක්කර දහස් ගණනක් පුරා විහිදී ඇති සම්පත් මනා කළමනාකරණයකට ලක් කළ යුතු බව නිරීක්ෂණය වේ. විශේෂයෙන් ගොඩ මඩ ඉඩම්වලින් ලැබෙන ආදායම් විධිමත් කළ යුතුය. එසේම දේවාලය සතු මුඩු ඉඩම් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීමට සැලසුම් කිරීම කාලීන අවශ්‍යතාවයකි.
දැනට මෙම දේවාලය සතු ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගය වන්නේ දේවාලය සතු ඉඩම්වලින් ලැබෙන මැණික් ආදායමයි. නමුත් මැණික් ආදායම් ලැබීම් පිළිබඳව ගැටලුකාරී අත්දැකීම් පවතින බවක් පෙනේ.
එබැවින් මැණික් ආදායම් උත්පාදනය විධිමත් වැඩපිළිවෙළකට යටත් කළ යුතුය.
අනෙක් අතට දේවාලය ආශ්‍රිත අස්පර්ශනීය සම්පත් ඉදිරි පරම්පරාවන් වෙත සංප්‍රේෂණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් යෙදිය යුතු බව මම දකිමි. විශේෂයෙන් දේවාලය සතු චාරිත්‍ර, වාරිත්‍ර, පුද සිරිත් හා පිළිවෙත් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු අතර, අහිමිව ගොස් ඇති එවැනි දෑ නැවත ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු වේ.
එසේම දේවාලය සමඟ බැඳී ඇති සාහිත්‍යය, නාටුම් සහ සම්ප්‍රදායන් තරයේ හඳුනාගෙන සංරක්ෂණයට වැඩපිළිවෙළක් සකස් කිරීමටද කාලය පැමිණ ඇත.
මෙම දේවාලය ආශ්‍රිත මානව සම්පතද නවීන අවශ්‍යතාට සරිලන ලෙස කළමනාකරණය කරමින් දේවාලය සමඟ සමීප සබඳතා තර කර ගැනීම තුළින් තිරසාර පැවැත්ම සහතික කිරීමට උත්සාහ කළ යුතුය.
දැනට මෙම ප්‍රජාව විශේෂයෙන් නව පරම්පරාව ශීඝ්‍රයෙන් දේවාලයේ රාජකාරී හැර යාම දැකිය හැක.
මා දන්නා කාලයේ සිට පත්වු බස්නායක නිළමේ වරුන්ගේ පාලන කාලය තුල දේවාල ඉඩම් මැණික් කර්මාන්තය සදහා භාවිතා කලා හැර වෙනත් සංවර්ධණ කටයුතු සදහා යොමු නොවු බව පැහැදිලිය .
දේවාල නින්දගම පරිහරණ පිරිස සහභාගී කරගෙන ඉඩම් සංවර්ධණය කර දේවාල පංගුවේ ආදායම වැඩි කරගත හැක. මෙම පිරිස බහුල වශයෙන් කුඩා තේවතු පවත්වා ගෙන යන අය සහ වී ගොවිතැන් කරන අයවළුන්ය.ඔවුන්ට මග පෙන්වන සංවිධානත්මක් ව්‍යුහයක් ඇති කිරීමට දේවාල නායකත්වයට හැකි යැයි මගේ සිතිවිල්ලක්ය.
දේවාලය අවට පදිංචි ගම්වාසීන් දේවාලයට සම්බන්ධකරගැනීමට ප්‍රජා සංවර්ධණ සැලැස්මක් ඇතිවිය යුතුයැයි මට සිතු තවත් දෙයකි.
පුස්තකාලයක් , ශාරීරික ස්වතා ,රැකියා පුහුණු ආයතනයක් , ( භාෂා සංවර්ධණය ) වැනි තරුණ කොටස ආකර්ෂණය කර ගත හැකි වැඩපිලිවෙලවල් ඇතිකිරීමට දේවාලය සතුව භෞතික සම්පත් අනූනය.
දේවාලය සතු නිසසංල වන පෙත ආගමික සංවර්ධණය සදහා යොදා ගත හැකි සෞන්දර්යාත්මක බවින් ඉහලය.
භාවනා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධණය කලහොත් විදේශීය සංචාරකයන්ගේ අවධානය යොමු වනු ඇත.
සංචාරක කලාපයක් ලෙස අවධානයට ලක්වන බලන්ගොඩ ට මෙවැනි සම්පත් සංවර්ධන වීම වැදගත් බව මගේ හැගීම විය.
විෂයය අදාල සම්පත්ධාරීන් සම්බන්ධකරගෙන විධමත් සැලස්මකින් උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය සංවර්ධණය කිරීමට නව බස්නායක නිළමේ වරයාගේ අවධානය යොමු වේවායි මගේ ප්‍රාරථණයයි.
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයත් ජාතික සම්පතකි.
2026-02-10
උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය . - ඉතිහාසයෙන් .
රත්නපුර දිස්ත්‍රික්කයේ ෙඑතිහාසික වැදගත් කමකින් යුතු ප්‍රසිද්ධ දේවාල හතරකි. ඉන් එක් දේවාලයක් ඉඹුල්පේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ “උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය “ යි. 1998 අගෝස්තු 15 වෙනි දි පලකල , ප්‍රසිද්ධ කල ගැසට් පත්‍රෙය් මෙම දේවාලය “ පුරා වස්තුවක් “ ලෙසට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
දේවාලය සතු සම්පත් යොදා ගත හැක් අන්දම ගැන මගේ හිතේ ඇතිවු සිතිවිලි ලිපි පෙලක් ලෙස විටින් විට මීදුම වෙත පලකිරීමට අදහස් කරමි.
ඔබට ලද විට කියවන්න ද ආරධනා කරමි.
මට සිහිපත් වන චරිතයකි. විශ්‍රාමික උපාධිදාරි ගුරුතුමෙකුවු ගුණසිංහ මහතා . ඔහු විසින් උග්ගල් අළුත්නුවර දේවාලය පිළිබදව බොහෝ කරුණු එක් රැස් කල https://sugv.wordpress.com/ අඩවිය පවත්වා ගෙන යයි.
mppgguna@gmail. එහි පලකර ඇති දේවාල නිල රාජකාරි , පෙරහැර කරන අන්දම ,ඇදුම් පැලදුම් වැනි තොරතුරු දැනුම්වත් කිරීම් , දේවාල සංස්කෘතිය අධ්‍යයනය කරන්නෙකුට ප්‍රයෝජනවත් වේ.
දේවාලය ඉදිවීම පිලිබදවත් අවට ගම් පිලිබදවත් ඇති පුරාවෘත්තයකින් මේ ලිපි පෙල ආරම්භ කිරීම මගේ අදහසයි.
පසුව විපරම් කරන විට අසල අන්දර ගස උඩ බැලූ විට එම ඊය එහි තිබෙනු දැක ඇත.
දියෙහි දැක ඇත්තේ ප්‍රතිබිම්බයයි.
එය කතරගම දෙවියන්ගේ දේවාභරණයක් බව ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව එම දේවාභරණය මහත් හරසරින් වඩමවාගෙන ගැට්ටපාන වෙල්යායේ විශාල වෘක්ෂයක් ඇසුරු කරමින් ඇති ගල්ගෙයක වඩමවා තබා ආවතේව කරන්නට විය.
(අපට අළුත්නුවර දේවාල බිමට තදාසන්න ගැට්ටපාන ප්‍රදේශයේ අදාල ස්ථානය සේ හඳුන්වන ගල්ගෙය අදත් දැකගත හැක. මැදගම සන්නස ද මේ ගැට නෙටුල ගහ යට ගල්ගෙය ලෙස දක්වා ඇත.)
එකල මෙම ප්‍රදේශය ඝන වනාන්තරයකින් වැසී තිබී ඇත.
මැදගම සන්නසට අනුව ගැට්ටපාන වන්නියල මෙහි ගම්නායකයා ලෙස කටයුතු කර ඇත. ඔහුගෙන් දේවාභරණය හා දේව හාස්කම් ගැන අසා දැනගත් සුරිය මහරජු ඒ වෙනුවෙන් මැදගම වනාන්තරයේ සුදුසු තැනක් තෝරා දේවාලයක් කරවා ඇති බව සඳහන් වේ.
වර්තමාන කපු පරපුරේ කපු මහතුන් පවසන පරිදි ආවතේව කරමින් සිටි බ්‍රාහ්මණයෙකු දේවාලයේ සිටියදී රාත්‍රි සිහිනයෙන් පෙනී සිටි දෙවියන් “කව්සියා” බඳින්නට කියා ඇත. ඔහු පසුදින රාජකාරී කාර්ය මණ්ඩලය කැඳවා එවකට පිළිසකර නොකල දේවාලයේ ගවපට්ටියට අයත් කව්සියා නමැති ගොන් නාම්බා ගෙනවිත් බඳින ලෙස නියම කර ඇත.
නමුත් මේ බ්‍රාහ්මණයාට එදින සිට කෙසේවත් නිදාගැනීමට නොහැකි වී ඇත. මේ අරුම පුදුම සිහිනයෙන් තේරුම කුමක් දැයි එදින දිගටම කල්පනා කරමින් සිටි බ්‍රාහ්මණයාට එක් දිනක් පහන් වන යාමේ සිහිනයේ තේරුම “කවි සියයක් බැඳීම” බව කල්පනා විය.
ඒ අනුව කවි සියයක් කරවීමට කටයුතු යෙදුණි.
මේ එහි එක් කවියකි .
ලළුත් ලකෙන් තුන්සිය වරුසට හිමි දුරුතු මසෙ පුර සඳ කාලේ
ගලුත් කපා කටු කනුමුල් උදුරා සීමා පවුරකි මැද මාළේ
දිලුත් එයන් කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරයදෝ ඒ කාලේ
දිලුත් එදික්පති සුරිය නරපති කෙරෙවු මැදගම දේවාලේ
ශක වර්ෂයෙන් ක්‍රි.ව. 1382 දී දේවාලයේ ආරම්භය සිදුවූ බව මේ කවියෙන් පැහැදිලි වේ. අද දක්නට ඇති දේවාලය මෙයින් වසර 200කට පසු “යාපා මහ රජු” විසින් අලුතින් ඉදිකරන ලද දේවාලය බවට තොරතුරු සනාථ කරයි..
මෙකී යාපා මහරජු මේ ප්‍රදේශයට අධිපතිව මැද මහනුවර හෙවත් “මැදගම් නුවර” වාසය කර ඇත. යාපා මහරජු හා 1 රාජසිංහ රජු අතර සටන් කිහිපයක්ම ඇතිවී තිබෙන බව ජනප්‍රවාදයේ සදහන් වේ . යාපා රජු දෙවරක්ම යුද්ධයේදී පරාජයට පත් වී තෙවන වර යුද්ධයට ගොස් ඇත්තේ මෙම මැදගම වනයේ සුරිය මහරජු විසින් ඉදිකළ දේවාලයට රන් පනම් දෙසකින් යුත් පඩුරු පොදියක් දේවාලය කිට්ටුව ඇති කොස් පැළදේ ( කොස් ) බැද භාරයක් වීමෙන් අනතුරුවය. .
ඒ ලෙස සඳහන් වන කොස් පැළය දේවාල වීදිය ආසන්නයේ වර්තමානයේද විශාල වෘක්ෂයක්ව විරාජමානව බුහුමන් ලබමින් හිඳී. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරුන විට රාජකාරී නම් කර ඇති ලංකාවේ එකම වෘක්ෂය වන්නේ මෙම කොස් රූප්පයයි.
මේ බව තහවුරු කිරීම සඳහා දේවාලය සතු 1870 අංක 4 දරණ වැඩ ලේඛනය සාක්ෂි දරයි.
එසේම උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය ආශ්‍රිත ජනප්‍රවාද, ප්‍රදේශයේ ගම් නාමකරණයට හේතු වු බව විමසා බැලීමේදී පෙනී යයි.
යාපා රජු හා රාජසිංහ රජු අතර සටන ඕපනායක මාළියද්ද වෙල්යායේ සිට හුණුවල වෙල්යාය දක්වා සිදුවූ බව පවසා ඇත. හුණුවල වෙල්යායේදී මේ දෙදෙනා අතර සමාදානයක් වූ අතර ඒ ආසන්න ඇලෙන් නැගෙනහිර කොටස යාපා රජු සතු බවටත්, බටහිර කොටස 1 රාජසිංහ රජු සතු බවටත් ගිවිසුම් ගෙන ඇත. එය සිහිවීම පිණිස රජවරුන් සිය පේරැස්මුදු ගලවා එම ඇලට දැමු බවත් එතැන් පටන් මේ ඇල “පේරැස් ඇල” නමින් හඳුන්වනු ලැබූ බවත් පවසනු ලැබේ. වර්තමානයේද මෙම ඇල පේරැස් ඇල නමින් ව්‍යවහාර වේ.
සටන එසේ නිමා වීම දෙරජවරුන්ම ලද ජයග්‍රහණයක් විය. යාපා රජු මහත්සේ ජයපානෝත්සව පවත්වමින් සැණකෙළිවල යෙදෙමින් ආපසු පැමිණි අතර මැදගම දේවාලයට වූ භාරය අමතකව තිබුණි. මේ නිසා යාපා රජුගේ උගුරේ ලෙඩක් වැළඳුණු අතර කතා බස් කිරීමට නොහැකි වූ බව පවසා ඇත. ඊට හේතුව විමසා බැලූ රජුට උපදේශකවරු භාරය සිහිපත් කරවීය.
එවකට “වෑ එළි තැන්නේ මාළිගාවේ” වාසය කළ රජු වහාම “මේ ගමත් දෙවියන්ට පුද කරමි” යි පවසමින් මයුරවාහන කොඩියක් සිටුවූ විගසින්ම රෝගය ගුණවිය. ස්වරය ගුණවූ ස්ථානය “සොරගුණෙන්” නමින් පසුකාලයේදී හඳුන්වන්නට වූ බව ජනප්‍රවාදයේ ඇත.
ඌවත් සබරගමුවත් මායිමේ පිහිටි සොරගුණේ ද දේවාලයක් ඇත. එකල පිහිටි මාර්ග පද්ධතිය අනුව මෙම දේවාල දෙක අතර දුර සැතපුම් විස්සක් - විසිපහක් වන්න ඇත.
එසේම සොරගුණෙන් සිට ආපසු මැදගම වනාන්තරයේ ඇති දේවාලය බලා ගමන් ගත් යාපා රජුගේ ශරීරයේ ගෙඩියක් වැළඳී ඇති බව පවසයි . පීලිපොත නමින් හඳුන්වන ගමට එන විට පීලකින් මෙන් ගෙඩියේ සැරව ගලා යන්නට වූ බවත්, වරකාවෙලදී වරකා ගෙඩියක් මෙන් දිස්වූ බවත්, කිංචිගුණේ ප්‍රදේශයට එන විට ගෙඩිය ස්වල්පයක් ගුණ වූ ( කිංචි - පොඩ්ඩක්) බවත් පැවසේ.
රෝගයේ ස්වභාවය අනුව ප්‍රදේශවලට නම් පටබැඳුණු බව පෙනේ. වර්තමානයේ සමනල වැව ව්‍යාපාරයට මෙම ගමන් මාර්ගයත් ගම් ප්‍රෙද්ශත් ජලයෙන් යටවී ඇත.
දේවාලය කරවීම පිළිබඳ පුරාවෘත්තය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය තැනීම පිණිස පැමිණි යාපා රජු එදින රාත්‍රි එක් ගොඩැල්ලක් මත පිහිටි මහා නුග වෘක්ෂයක් ගිනිගෙන අළුව යනු සිහිනයෙන් දැක ඇත. පසුව අවදි වී බැලූ විට සැබෑවටම මහා නුග වෘක්ෂය ගිනිගෙන අළුව ඇති ආකාරය දුටු රජු මේ දෙවියන් පෙන්වූ ලකුණ ලෙස හඳුනා දේවාලය එම අළුගොඩ මත ඉදිකළා යැයි කියැවේ.
දේවාලය ඉදි කිරීමට “දෙවුන්දර වඩුවන්” ලවා සැලසුම් කළ බව මැදගම සන්නස සදහන් කරයි. ගොඩැල්ල වට කරමින් මළු තුනක් වන පරිදි බැමි බැඳවා ඒ මත දේවාලය ඉදිකර ඇති ආකාරය ඉතා මනරම්ව දිස්වේ. වරිච්චි යොදා තැනූ උඩ මාළිගයද එහි වහලයේ ලී කැටයම්ද, වහලයට යෙදු නුවර යුගයේ කැටයම් සහිත යට ලී හා බාල්කද තවමත් ඉතා ශක්තිමත්ව බර දරාගෙන සිටී.
දේවාලයේ මහා උළුවස්ස අළුත්වැඩියාට ලක් වූවත් තවමත් පුරාණික බව රකිමින් තේජස් විහිදුවමින් ඇත.
යාපා මහ රජු කළ විහාරගෙය මෙන්ම දාගැබත්, බෝධි වෘක්ෂයත් අදටත් විරාජමානව පවතී. දේවාලයට යාබදව ඉදි කර ඇති විහාරගෙය ටැම්පිට විහාරයකට කදිම නිදසුනක් ලෙස ආනන්ද කුමාරස්වාමි මහතා අනාවරණය කර ඇත. එම අනාවරණය නිවැරදි බව කියාපෑමට ගල්ටැමි තවමත් ඉතිරිව ඇත.
මෙම විහාරගෙය, දාගැබ හා බෝධීන් වහන්සේ පිහිටා ඇති අයුරු ඉතාමත් සුවිශේෂීය. මේ අනුව බෝධීන් වහන්සේගේ එක් අත්තක් විහාර ගෙයත්, අනෙක් අත්ත දාගැබත් වසා ගනිමින් ඇත්තේ මෙම දේවාලයට සුවිශේෂී බවත් එක් කරමින්ය. තුම්පත් බෝධිය යනුවෙන් හඳුන්වන මෙම ලක්ෂණය බෝධි පූජාවක් කිරීම සඳහා සුදුසුම බෝගසක් ලෙස සැලකේ.
බෝධි පූජාවකින් වඩාත් පල ලැබීමට නම් තුම්පත් බෝධියට බෝධි පූජාවක් පැවැත්විය යුතු බවටද මතයක් ඇත.
ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරුණු විට ඒ සඳහා ඇති එකම බෝධීන් වහන්සේ මෙම දේවාලයේ ඇති මෙම බෝධීන් වහන්සේ පමණක් බවද මතයකි.
උග්ගල් අළුත්නුවර දේවාලයේ බස්නායක තනතුර හිස්ව නව නිලකාලයක් සදහා බස්නායක නිළමේ වරයෙකු පත් කරගැණිමට නිලවරණයක් පැවත්විනි.
නව බස්නායක නිළමේ වරයාගේ පාලනය යටතේ මෙවර වාර්ෂික පෙරහැර මංගල්‍යයද උත්කර්ෂව පැවත්විනි.
බොහෝ දෙනාගේ මතය වුයේ මෙවර පෙරහැර මංගල්‍ය විචිත්‍රවු බවයි.
පෙරහැර ආරම්භවීමට සති දෙක තුනක් තිබියදී පත්ව වැඩබාරගත් එතුමා කෙටි කාලය තුල කල වික්‍රමය ප්‍රෙද්ශවාසීන්ගේ පැසසුමට ලක්විනි.
පෙරහැර බලන මට හිතුනේ දේවාලය සතු සම්පත් පෙරහැරකට පමනක් සීමාවීම බලවත් අසාධාරණයක් සහ අපරාධයක් බවයි.
ප්‍රසාදය පලකරමින් පලකර තිබු බැනරයක් රාත්‍රී කාලයේ කැබ් රථයකින් පැමිණි පිරිසක් ගලවා ගෙනයන අයුරු දැක්වෙන වීඩියෝවක් මුණු පොතේ පලවී තිබුනි. හොදත් නරකට පෙනෙන මිනිසුන් සමාජයේ සිටිති. මෙකල හැම දෙයක්ම බලන කෝණයක් තිබේ .
එය දේශපාලනයයි. පාලන පක්ෂය නියෝජණය නොකරන්නේ නම් ඔහු හොරෙකි. නැත්නම් පාදඩයෙකි
2026-02-09
රජ නිල් බාල්දියේ .
අපි පුංචි කාලේ කතා අසා ඇත.
මේ කතාවල රසවත් කම මිසක ඒවායින් කියන දේ ගැන අවධානයක් අපට තිබුනේම නැත.
ඊසෝප් හොද කතා කාරයෙකි.
ඔහුගේ කතා පන්සියයකට වඩා ලෝකයේම ජනතාව රසවිදින්නේය.
ඊසොප් ගේ උපත ග්‍රීසියේ දී මින් අවුරුදු 2600 කටත් වඩා අතීතයේ සිදුවිය.
සමහර මතයන්ට අනුව ඊසොප් කල්පිතයකි.
ඊසොප්ගේ කතා තම තම රටවල් වලදී තමන්ගේ වී ජනතාව අතර නැවත තැවතත් ඉපදුනේය.
අද මම තෝරා ගත් නිල් බාල්දියට වැටුන නරියාගේ කතාවද එවැන්නකි.
නරි දවල්ට ගමන් බිමන් යන්නේ නැත.
ඒ උන්ගේ ආරක්ෂාවටය .
දවල් කාලයේ කැළයේ සැගවී සිට රාත්‍රි කාලයේ එළියට එන නරි ගම්බිම් වදින්නේය.
මේ කතාව කියන කාලයේ නොයෙක් නොයෙක් සබන් කුඩු තිබුනේ නැත. වොෂින් මැෂින් තිබුනේ ද නැත.
දැන් නම් රෙදි විතරක් නෙමෙයි තව තවත් දේවල් සෝදා මඩ දියකර හරින්න නා නා විධ වොෂින් මැෂින් ඇත. .
මෙසේ ඇවිද යන නරියෙකු ඒ කාලේ ලොන්ඩරියක රෙදි සුදුපැහැ වර්ණ කර ගැනීමට සකස් කර තිබු නිල් බාල්දියකට වැටුනේය.
කලබල වී නිල් බාල්දියේ දැගලු නරියා ඇග පුරාවටම හොදටම නිල් පාටින් වර්ණවත් විය.
අන්දුන් කුන්දුන් වු නරි රාළ කැලයට දිව ගොස් පුරුදු නවාතැනේ සැගවුනේය . පාන්දර හිරු එළිය මෝදුවන විට ඔහුගේ වෙනස ඔහුටම පේන්නට විය.
“ පෙරළුන පිට තිබුන පිටට වඩා හොදයි“ යයි සිතු ඔහු අනෙක් සතුන්ටත් පේන්න කැලේ එහාට මෙහාට උජාරුවට යමින් රගපාන්නට පටන් ගත්තේය.
අනෙක් සතුනට පෙනුනේ ඔහු තම වන අඩවියට පාත් වු විශේෂිතය සත්වයෙක් ලෙසින්ය.
අපිටත් කලින් කලට එහෙම පෙනුන අවස්ථා එමටයි නේ .
අවුරුදු හැත්තෑ හයකට පස්සේ අපිටත් විශේෂිතයෙක් අවශ්‍ය වු බව සිහිපත් වන්නේය.
අපිත් වෙනස්වී වෙනසක් කලේය.
හිටපු හැටිය පීල්ල පනින මගේ ශෛලිය අමතක කර කතාව පීල්ලට ගනිමුකෝ ආයෙත්…….
එවකට සතුන්ගේ පාලකයා වි සිටියේ මහළු සිංහයෙක්. ඔහුගේ පාලනය නුරුස්සමින් සිටි සතුන් සියළු දෙනා එක්ව මේ විශේෂිත සත්වයා ඒකමිතිකව තමන්ගේ රජ බවට ඔහු පත් කර ගත්තේය.
මාසේ පෝය ගෙවී සද මෝරන්නට පටන් ගෙන .
පුරා පෝයත් ලැබ සද දිදුලන්නට විය.
පෝය හතක් ඉවසන්නටවත් රජවු නිල් සත්වයාට ඉවසීම නැතිව
අමුතු සත්වයාගේ ඉවසීමේ සීමාව …..රතුකට්ට ඉක්මවීය.
වනයේ උස් ගලක් උඩට නැග්ග අමුතු සත්වයා තම සුපුරුදු හඩ වනය පුරා පැතිර වීය.
සුපුරුදු හඩ විමසන සත්වයනට රජ කවුදැයි හදුනාගත හැකිවිය.
අනෙක් සතුන් රජ පළවා හැරීමට තැනින් තැන රැස්ව කතා කරන්න පටන්ගත්තේය.
තවමත් ඒ කතා අහුමුළුවල මුණු මුණු වල පැතිරෙන්නේ පත් කර ගත් පසු වෙනස් කර ගන්න අපහසු නිසාය.












.jpg)


