ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-11-13

ඉල් මහ සමරුව - රෝහණ විජේවීර






1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත් කළේය. නමුත් මරණය සිදු වූ ආකාරය පැහැදිලිව ප්‍රකාශ වී නොතිබිණි.

1943 ජුලි 14 දින උපත ලද රෝහණ විජේවීරගේ සැබෑ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර වූ අතර, මාක්ස්වාදය, ලෙනින්වාදය ඇතුළු වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ.

ශ්‍රී ලංකාවේ දකුණු දිග පිහිටි කුඩා ගම්මානයක් වන කෝට්ටෙගොඩ විසූ දිළිඳු පවුලක උපන් ඔහුගේ ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර සහ මව නැසිනෝනා වික්‍රම කළතොට නම් වූහ.

"ඔහු පොහොසත් කෙනෙකු හෝ උසස් යැයි සැලකෙන කුලයකට අයත් අයෙක් නොවේ. ඔහුගේ දෙමාපියන් දුප්පත්, සාමාන්‍යය මිනිස්සු," යැයි කලෙක විජේවීරගේ සමීප මිතුරෙකු වූ වික්ටර් අයිවන් ඔහුගේ මරණින් පසු ලියූ ලිපියක සඳහන් වේ.

ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද විජේවීර උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.

1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු අතර, වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වූයේය.

වෛද්‍ය විද්‍යාවට අමතරව රුසියාවේ ගත කළ කාලය ඇතුළත දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හොඳින් අධ්‍යනය කළ විජේවීරට, භාෂා කීපයක් චතුර ලෙස හැසිරවිය හැකි විය.

ඔහු නිතර පොත් පත් පරිහරණය කරමින් විවිධ විෂයන් ගැන ස්වයං අධ්‍යනයක යෙදුණු පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.

"රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ මාතර ගමක ඉතා දුප්පත් පවුලක උපත ලැබූ පුද්ගලයෙක්. ඔහු සිය අරමුණ වෙනුවෙන් දැඩි ලෙස කැපවුණ, දැඩි අධිෂ්ඨානයක් තිබූ කෙනෙක්. ලුලුම්බා විශ්වවිද්‍යාලයට ලැබුණු ශිෂ්‍යත්වයත් සමග වෛද්‍යවරයෙකු වෙන්න ඉගෙන ගත්තත්, එය හැර දමා සමාජය වෙනුවෙන් කැපවෙන්න ඔහු තීරණය කළා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.

1960 දශකයේ මුල් කාලය තුළ චීනය සහ සෝවියට් රුසියාව අතර මත ගැටුම් උත්සන්න විය. සෝවියට් රුසියාව ඒ වන විට නිර්මාක්ස්වාදී මාවතකට පිවිසෙමින් තිබිණි. රුසියානු විප්ලවයත් සමග එරට ස්ථාපිත වූ දැඩි මාක්ස්වාදී, ජාත්‍යන්තරවාදී පාලනයෙන් ඉවත් වී සමාජවාදී ක්‍රමයකට අනුගත වෙමින් පැවතුණි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකල රුසියානු සමාජවාදී පක්ෂ සමග සම්බන්ධතා පැවැත්විය.

නමුත් පසු කලක එය රුසියානු කොම්යුනිස්ට් පිළ සහ චීන කොම්යුනිස්ට් පිළ ලෙස බෙදී ගියේය.

වාමාංශික දේශපාලනයට නැඹුරු වූ විජේවීර මෙම කාලය තුළ රුසියානු ක්‍රමය දැඩි ලෙස විවේචනය කළේය.

රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර චීන කොමියුනිස්ට් පිළෙහි දේශපාලනයට සම්බන්ධ වූයේය. මේ අතර, ශ්‍රී ලංකාවේ පැවති රුසියානු හිතවාදී වාමාංශික දේශපාලනය ද ඔහු දැඩි ලෙස විවේචනය කරන්නට විය.

නිවාඩුව අවසන් වී නැවත රුසියාව බලා පිටත් වීමට සැරසෙන විජේවීරගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය ක්‍රියා කළේය. මෙතෙක් චීන කොමියුනිස්ට් පිළට සිය මතවාදවලින් පමණක් සහය දැක්වූ විජේවීර, මෙයින් පසු එම පිළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් විය.

කෙසේනමුත්, වැඩි කල් ගතවීමට පෙර එම පක්ෂයේ ක්‍රියා කලාපය හේතුවෙන් කලකිරුණු විජේවීර, එය තුළ 'ප්‍රති කණ්ඩායමක්' ගොඩනැගීමට කටයුතු කළේය. මෙම කණ්ඩායම පසු කලක ජනතා විමුක්ති පෙරමුණ ලෙස වර්ධනය විය.

කැරලි ගැසුණු දිගු කොණ්ඩය සහ හිස පැළඳි තරු ලකුණ ඇති තොප්පිය නිසා ඔහු කියුබානු විප්ලවයේ 'වීරයෙකු' ලෙස සලකන චේ ගුවේරා අනුගාමිකයෙකු යැයි බොහෝ දෙනෙක් සිතූහ.

සමහරු මෙම විප්ලවාදීන් හැඳින්වූයේ "චේ ගුවේරාකාරයෝ," ලෙසය.
ක්‍රියාකාරී දේශපාලනය සහ 'විප්ලවය'

1965 වර්ෂයේ දී ගාල්ලේ පැවති කුඩා රැස්වීමකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිල වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරිණි. පැරණි වාමාංශික පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ, සමගි රජය සමග එක් වීම මෙම නව පක්ෂය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව විය.

'ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීම' මෙම පක්ෂයේ අරමුණ විය.

"ධනපති ක්‍රමය තිබෙන තාක් කල්, ධනේශ්වර සූරාකෑම තිබෙන තාක් කල්, ධනේශ්වර පාලන පංතීන් තිබෙන තාක් කල්, ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් නිර්ධන පංති ව්‍යාපාර තුළට රිංගවා එමගින් ඔවුන්ගේ කැත අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දරණු ඇත. කළ හැකි සෑම සටකපට උපක්‍රමයක්ම යොදනු ඇත" ලෙස රෝහණ විජේවීර රචනා කළ 'අත්දැකීම් කිහිපයක්' නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

විජේවීර ඇතුළු තරුණ කණ්ඩායම් මෙම දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙන යෑම සඳහා රට පුරා රැස්වීම පැවැත් වූ අතර, ඔහු දක්ෂ කථිකයෙකු ලෙස ප්‍රචලිත විය.

"ඔහු ඉතා ජනකාන්ත, බලවත් කථිකයෙක්. සටහන් නැතුව ඔහුට පැය තුනක් හෝ හතරක් එක දිගට කතා කරන්න පුළුවන්" යැයි විජේවීරගේ නීතීඥවරයෙකුව සිටි පී. රාජනායගම් මින් වසර කීපයකට පෙර බීබීසී සේවයේ පළ වූ ලිපියකට සිය අදහස් දක්වමින් පැවසීය.

1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ආරම්භ කෙරිණි. විප්ලවවාදී කණ්ඩායම්වලට අයත් තරුණයන් සෙවීමට 'චේගුවේරා බියුරෝව' නමින් විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිටිටුවීමට ද ආණ්ඩුව පියවර ගත්තේය. ‌

එම වසරේ අගෝස්තු වන විට ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලා සිටි අතර, හදිසි නීතිය පැනවීමට ක්‍රියා කරන ලදී.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් සඳහා රහසේ ආයුධ එක්රැස් කරන බව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබිණි.

1971 මාර්තු මස රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට ගත් අතර, පසුව යාපනය බන්ධනාගාරයට මාරු කර යැවිණි.

කෙසේනමුත් ජනතා විමුක්ති පෙරමුණේ පොඩි අතුල ලෙස හැදින්වූ වික්ටර් අයිවන් ඇතුළු සෙසු නායකයන් '71 කැරැල්ල' ආරම්භ කර ඒ තුළින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට සැලසුම් කළහ.

මේ අනුව, 1971 අප්‍රේල් 05 වෙනි දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එකම වේලාවක දී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත්, පසුව එම සැලැස්ම වෙනස් කර එදින රාත්‍රියේ දී පහර දීමට සැලසුම් කෙරිණි. නමුත් මෙම වෙනස්වීම මොනරාගල දිස්ත්‍රික්කයට දැනුම් දීමට අසමත් විය.

මේ හේතුවෙන්, අප්‍රේල් 05 අලුයම වැල්ලවාය පොලිසියට පහරදීම සිදු විය. මෙම ආරම්භයත් සමග ජනතා විමුක්ති පෙරමුණ සගයන් පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පහර එල්ල කළ අතර සමහර ගොඩනැගිලිවලට දැඩි හානි සිදු විය.

නමුත්, සැලසුම්කරණයේ දී සිදු වූ වැරදි හේතුවෙන් කැරැල්ල අසාර්ථක විය. මෙයින් පසු, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දහස් ගණනක් තරුණ තරුණියන් එවක පැවති ආණ්ඩුව විසින් ඝාතනය කළ අතර, තවත් විශාල පිරිසක් සිරගත කෙරිණි.

කැරැල්ලට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින්1972 අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ මඟින් 1971 මහ නඩුව නමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය.

එවක රාජ්‍ය නායිකාව වූ මහ රැජිනට විරුද්ධව වීම, ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථානවල යුද්ධ කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම, ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු විජේවීර ඇතුළු පක්ෂ කැරැල්ලට සම්බන්ධ වූ පක්ෂ සාමාජිකයන්ට එල්ල වූ චෝදනා ය.

මෙහි එක් සැකකරුවෙකු වූ විජේවීර සිය නඩුව සඳහා නීතිඥයෙකුගේ ලබා නොගෙන තනිව ඉදිරිපත් වූයේය. නඩු විභාගයේ දී සැකකරුවන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක්‌ අත්හිටවූ සිරදඬුවම් යටතේ නිදහස්‌ කෙරුණු අතර තවත් හාරසියයකට ආසන්න පිරිසකට සිරදඬුවම් නියම කරන ලදී.

රෝහණ විජේවීර ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම විය.

කෙසේවෙතත්, විජේවීර බන්ධනාගාරයේ සිට රහසිගතව පක්ෂය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කළේය.
කැරැල්ල අසාර්ථක වුණේ ඇයි?

1971 සහ 1989 කැරැල්ල අසාර්ථක වීමට හේතු ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් විජිත හේරත් පැවසුවේ, "ඒ වසර දෙක තුළ ම සන්නද්ධ අරගලයකට යෑමට සුදුසු තත්වයක් තිබුණේ නැහැ. ආණ්ඩුවෙන් දැඩි මර්දනකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒ වගේ වෙලාවක සන්නද්ධ කැරැල්ලකට ඉඩක් ලැබෙන්නේ නැහැ," යනුවෙනි.
විජේවීර නිදහස්

1976 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය එතෙක් ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබූ තහනම ඉවත් කළේය. ඒ අනුව පක්ෂය නීත්‍යානුකූල විය.

ඉන්පසු 1977 දී ජේ ආර් ජයවර්ධන රජය බලයට පත් වීමත් සමග අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම අහෝසි කළ අතර, ඒ යටතේ සිරදඬුවම් නියම වූ රෝහණ විජේවීර ඇතුළු සියල්ලන් නිදහස්‌ වූහ.

යුග දිවියට

1980 මාර්තු මස රෝහණ විජේවීර මොරටුව විල්ලෝරාවත්තේ පදිංචිව සිටි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග යුග දිවියට එළබුණි.

සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ශ්‍රීමතී චිත්‍රාංගනී මෙම විවාහයට අකමැතිව සිටියත්, සිය සහෝදරයා වන චන්ද්‍රා ප්‍රනාන්දුගේ දැඩි බලකිරීම මත කැමැත්ත ලබා දුන් බව ඇය සඳහන් කර තිබේ.

විල්ලෝරාවත්තේ පිහිටි ශ්‍රීමති චිත්‍රාංගනීගේ නිවසේ දී විවාහ උත්සවය පැවැත්වුණි.

මෙම යුවලට දරුවන් සය දෙනෙකු සිටි අතර, විජේවීර ඉතා දයාබර පියෙකු වූ බව ශ්‍රීමති චිත්‍රාංගනී වරෙක පැවසුවාය.



විජේවීර ජනාධිපතිවරණයට

1981 දී පැවති දිස්ත්‍රික් සභා ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් විය.

ඡන්දය වෙනුවෙන් රට වටා පැවති රැස්වීම් ගණනාවකින් පසු සිය නියෝජිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික් සභාවට පත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 වර්ෂයේදී ය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ ආර් ජයවර්ධනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් කොබ්බෑකඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහණ විජේවීරත්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාරත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම් ද ඉදිරිපත් වූහ.

මෙවර මැතිවරණ සටනේ දී දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේනමුත්, අවසානයේ දී ඡන්ද 273428ක් ලබාගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත් විය.

"ජනතාව අපි රටේ තෙවන බලවේගය ලෙස පිළිගෙන තිබෙනවා" යැයි ජනාධිපති සටනෙන් පසු පැවති රැස්වීමක් අමතමින් විජේවීර ප්‍රකාශ කර තිබිණි.
නැවත තහනම් වූ ජවිපෙ

1983 ඇති වූ කළු ජූලියත් සමග අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය යන වාමාංශික පක්ෂ තහනම් කළ බව ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ රජය ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වමින් ආයුධ ලබා ගන්නා බවට චෝදනා ලැබ තිබිණි.

කෙසේනමුත්, විජේවීර පසු කලක දී සිය පොත් පත් මගින් එල්ටීටීඊ සංවිධානය විවේචනය කර තිබෙනු දක්නට හැකිය.

උතුරේදී හමුදා සෙබළුන් 13 දෙනෙකු එල්ටීටීඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත් වීමත් සමග දෙමළ විරෝධී ජාතීවාදී පිරිස් රට පුරා කලබල ඇති කළහ. මෙහි දී දේපළ හානි සිදුවූ අතර, විශාල පිරිසක් මරණයට පත් වූහ. කළු ජූලියට සම්බන්ධ යැයි චෝදනා නගමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ තහනම් කළේය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට යන වග සැල වූ වහාම රෝහණ විජේවීර සිය බිරිඳ සහ දරුවන් සමග මොරටුවේ නිවස හැරදමා තංගල්ල බලා පිටත් විය.

එහිදී චිත්‍රාංගනී සහ දරුවන් විජේවීරගේ මවට බාර කර එම නිවසින් පිට වී වෙනත් ආරක්‍ෂිත ස්ථානයක සැඟවීමට පිටත් වී තිබේ.

දෙමසකට ආසන්න කාලයක දී කොම්යුනිස්ට් පක්ෂය තහනමෙන් මිදුනත්, ජනතා විමුක්ති පෙරමුණට එරෙහි තහනම දිගටම ක්‍රියාත්මක විය.

ඒ අතර ආණ්ඩුවට භාර වන ලෙස කෙරුණු ඉල්ලීම් ඉවත ලූ විජේවීර සැඟවී සිට සිය සගයන් ද සමග යටි බිම් ගත දේශපාලන කටයුතුවල නියැලිණි.
1987 - 1989 සන්නද්ධ අරගල

1987 දී එළැඹුණු ඉන්දු-ලංකා ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම දේශපාලනික පියවරට විරුද්ධව ජනතාව නැගී සිටීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ ද සිය අරගල කිරීම් ආරම්භ කළේය. විජේවීර ඇතුළු සාමාජිකයන් පිරිසක් රට පුරා විවිධ ස්ථානවල සැඟවී සිය සැලසුම් ක්‍රියාත්මක කළහ.

මෙය සන්නද්ධ අරගලයක් වූ අතර, එවක සිදුවූ දෙපළ හානි මෙන්ම මනුෂ්‍ය ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට විමුක්ති පෙරමුණ ද වගකිව යුතු විය.

මේ අතර එවක පැවති ආණ්ඩුව ද දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි සැක කළ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය කෙරුණු අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වූහ.

මෙම කාලය තුළ රටපුරා වීදිවල ටයර් සෑ මත තරුණ මළසිරුරු පිළිස්සෙමින් තිබූ අතර ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය.
විජේවීර ඝාතනය

මේ අතර, 1989 වසරේ උලපනේ ප්‍රදේශයේ පිහිටි තේ වත්තක අත්තනායක නම් ව්‍යාජ නමකින් සැඟවී සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමට රජයට හැකිවිණි. එම අවස්ථාවේ සිය බිරිඳ සහ දරුවන් සමග සිටි රෝහණ විජේවීර අවසාන වශයෙන් ඉල්ලා ඇත්තේ සිය දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන ලෙස බව ශ්‍රීමති චිත්‍රාංගනී පසුව හෙළි කර තිබිණි.

අදටත් අභිරහසක්ව පවතින මෙම මරණය සිදු වූ ආකාරය ගැන සමාජයේ මත දෙකක් පවතී.

විජේවීර බේරා ගැනීමට දැරූ උත්සාහයක දී පොලිසිය සහ ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවක දී ඔහුට වෙඩිවැදී මියගිය බව ඉන් එක් මතයකි. නමුත් වඩාත් ප්‍රසිද්ධ මතය නම්, ඔහු අත්අඩංගුවට ගෙන දැඩි ලෙස ප්‍රශ්න කර, වධහිංසා පමුණුවා, බොරැල්ල කනත්තේ දී වෙඩි තබා මියයන තෙක් පුළුස්සා දැමූ බවය.

"මට මරණය ගැන දැනගන්න ලැබුණා. එය ඇත්තෙන්ම බලාපොරොත්තු නොවූ දෙයක් නොවෙයි. එය කෙදිනක හෝ පැමිණෙනවා කියලා මම දැනගෙන හිටියා" යැයි එකල විජේවීරගේ මිතුරෙකු වූ නීතීඥ ප්‍රින්ස් ගුණසේකර වසර කීපයකට පෙර බීබීසී ඉතිහාස වැඩසටහනක දී පවසා තිබිණි.

"මේ අරගලයට හේතුව ජනාධිපති රටේ ආරක්ෂක අංශවලට දන්වා තිබුණා විප්ලවකාරීන් මරා දමන්න කියලා. එයින් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකට ඇදලා දැම්මා."

"ජවිපෙට සම්බන්ධ යැයි සැක කළ තරුණයන් අත්අඩංගුවට ගත්තා, හිස ගසා දමලා ඒ හිස් කණුවල එල්ලලා තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන වැව වටේ ඒ කණු හිටවල තියෙනවා මම දැකලා තියෙනවා. ඒ අයට ඕනේ වුණේ අරගලයට සම්බන්ධ අයට වෙන දේ ගැන පණිවිඩයක් දෙන්න," ප්‍රින්ස් ගුණසේකර තවදුරත් සඳහන් කර තිබිණි.

1971 පළමු කැරැල්ලේ ප්‍රමුඛයකු වූ වික්ටර් අයිවන් 2014 වර්ෂයේ දී බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ, හිංසාවේ විකෘති චක්‍රයෙන් මිදී රට ප්‍රකෘති තත්වයකට ගෙන ඒමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමාජය තවමත් අසමත් වී ඇති බවය.

විජේවීරගේ මරණින් පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් සය දෙනා නාවික හමුදා කඳවුරක රඳවා තැබිණි.

මිය යන විට 46 වෙනි වියේ පසු වූ විජේවීරගේ දිවි ගමන එසේ අවසන් වුවත්, ඔහු නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනය තුළ තෙවන ප්‍රධාන පක්ෂය ලෙස දිගු ගමනක් පැමිණ තිබේ.

1971 සිට 1989 අවසානය දක්වා අතරින් පතර සිදු වූ මෙම අරගලවලින් 70,000කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇත.



2025-11-12

ඇස් පරිස්සම් කරමු --"කෙ⁣රටොකෝනස්"?



"කෙ⁣රටොකෝනස්"?
ඔයාලා දන්නවද මොකක්ද මේ ලෙඩේ කියලා නැ නේද අපි අද බලමු මේ අමුතු නමක් තියන අහලවත් නැති ලෙඩේ මොකක්ද, මේකෙ ඇතිවෙන්නේ කොහොමද කාටද වගේ කාරනා ටිකක් ..
කෙරටොකොනස් යනු ඇහේ කලු ඉංගිරියාවට ඉදිරියෙන් ඇති කුනිතය ( cornea ) කොටසේ සෙල ස්තරය තුනී වීමෙන් ඉදිරියට නෙරා එමයි මෙහි මුලික ලක්ෂණ වන්නේ ඇසේ පෙනිම වේගයෙන් විෂම ලෙස දුර්වල විමයි අවසානයේ ඇසේ විශාල තුවාලයක් කැලලක් ස්වරැපයෙන් ඇතිව්ම හා ඉතා කලාතුරකින් ඇස සිදුරැවීම උවද සිදුවිය හැක එවිට ඔබ දන්නා ඇස බද්ද කිරිම සිදු කරනු ලබයි ඇසේ බද්ද කිර්මට ගන්නේ ඉදිරිපස කුනිත කොටස පමනි මෙම රොගයට බලපනෙ ප්රධාන සාදක ලෙස ජානමය බලපැම හො සමහර ⁣රොග(ඩවුන්ස් සහ ලක්ෂන/ මාෆාන් සින්ඩොරොම්/රෙටිනයිටිස් පිග්මන්ටොසා/ ඉලස් ඩැනොල්ස් සින්ඩොරොම් වැනි ) ,ඇසේ නිතර ඇතිවන ආසාත්මිකතාව, පිනස,එමගින් නිතර ඇස් කැසීම වැනි තත්ව හේතු වේ මෙම රොගිතත්වයට ගොදුරැවන්නන්ගේන් 99.9%ක්ම තුරැනුවියේ පසු වන්නන් වීම වඩාත් ශොචනිය කරැනයි
මෙම රොගි තත්වය නිසි අක්ශි පර්ක්ශන හා ස්කැන් පරික්ශන මගින් පහසුවෙන් හදුනාගත හැකි අතර එය වලකා ගැනිම ඉතා ඉක්මනින් සිදුකළ යුතු කාර්යයකි නැතහොත් අවසානයේ ඔබ අක්ෂි බද්දයකට වුවද ලක්විය හැක
නුතනයේ ඇසේ තුනිවන සෛල ස්තර සවිමත් කිර්මට ලෙසර් පූර්ව ප්රතිකාර හා සිවිකාච ද ඇස්කන්නාඩි පැලදීම සිදුකරනු ලබයි වරින් වර ස්කැන් පරික්ශන මගින් එහි වර්දන තත්ව සමාලොචනය කිර්ම ද සිදකරනු ලබයි එමගින් මෙම රොග තත්වය පාලනය කිර්ම මර්දනය කිරිම සිදුකල හැක එම නිසා ඔබත් නිසි අක්ෂි පරික්ශන සදහා යොමු වීම අත්යාවශ්යය.
(කරැනාකර මෙම පනිවුඩය හැකිතක් share කර සමාජය දැනුවත් කරන්න)
වොරන්ද කසුන් ලියනගමගේ
දෘෂ්ටිවේදි (optometrist)
මුලික රෝහල බලංගොඩ
SLMC registered

A day in the life

2025-11-10

කොක්කු තනි කකුලෙන් .




එක පයින් එන්න කැමති අය ඉන්නවා.ඒත් එක පයින් ඉන්න අය නම් නැහැ.

එක පයින් ඉන්න කාණ්ඩයක් ඉන්නවා.

එයාලා ඉන්නේ කුඹුරු වල , වැව් තෙර වල.

වර්ග කිහිපයක්......

ඒ කියන්නේ වර්ග දාහතක් 

මෙයින් වර්ග නවයක් විතර වද වීමේ තර්ජනයකට මුහුණපාලා.

 මේ  අය සිකොනිෆෝමේස් (Ciconiformes) කියන ගෝත්‍රයට තමයි අයත් වෙන්නේ. 

ඒ වගේම තමයි මේ අය අතරින් අපේ මේ ලංකාවේ සිකොනිඩේ (Ciconidae) ත්‍රෙස්කියොර්නිතිඩේ (Threskiornithidae) ආර්ඩේයිඩේ (ardeidae) හා ෆීනිකොප්ටෙරිඩේ (Phoenicopteridae) යන කුල හතරට අයත් අය දැක ගන්න පුළුවන්. 

අපේ වහරෙන්  කිව්වොත් කලපු කොකා, ලොකු සුදු කොකා, අලි කොකා, සුදු කොකා, හරක් කොකා, කණ කොකා, පොඩි කොකා, රෑ කණ කොකා, රෑ කොකා, මැටි කොකා, කුළු කොකා හා සියක්කාරයා වගේ නම් වලින් මෙයාලා හදුන්වනවා.


 කොක්කු ගස්මුදුන්වල කදු ප්‍රපාත වල එහෙම ලස්සනට කෝටු වලින් කූඩු හදා ගන්නවා .

 ගෑනු සතාට තමයි කෙහිනිය කියන්නේ මේ කෙහිනිය වරකට බිත්තර 3ක්-6ක් විතර දානව.සාමාන්‍යෙන් මේ කොකෙගේක් ආයු කාලය අවුරුදු 10ක් 11ක් විතර වෙනවා.


අපි හැමදාමත් දකින කොක්කු එක කකුලෙන් හිටගෙන ⁣ඉන්න හේතුව දන්නවද. කුඹුරකට, වැවකට ගිහින් තියෙන ඕනම කෙනෙකුට දකින්න පුලුවන් මේ සත්තු තමන්ගෙ එක කකුලක් ඔසවගෙන ⁣ඉන්නෙ කියල.

අපි ගොඩක්ම මෙහෙම දකින්නෙ දවල් කාලෙදි උනත්, රාත්‍රී කාලයේදිත් බොහෝවිට කොක්කු මේ විදිහට නිදාගන්න බව වාර්ථා වෙනව. 

මෙයාලා මේ විදිහට ⁣ඉන්නෙ තමන්ගෙ ශරීරයට ලොකු වාසියක් අත් කර ගන්න.

කොක්කු වැඩිපුර ජීවත් වන්නේ ජලය ආශ්‍රිත පරිසරයේ නිසා ඔවුන්ගේ කකුල් වල උෂ්ණත්වය පහළ බසිනවා.මේ හේතුවෙන් හදවතේ සිට රුධිරය කකුල් වලට ගමන් කිරීමේදි , ශරීරයේ නිපදවූ තාපය , කකුල් වල සීතල නිසා අඩු වෙලා යනවා.


⁣ඉතින් මේ නිතරම සිදුවන තාපය අඩුවීම අවම කර ගන්නට කොකෙක් තමන්ගෙ එක කකුලක් ශරීරය අසලට ගෙන උණුසුම් කරනවා. මෙය මාරුවෙන් මාරුවට කකුල් දෙකටම සිදු කරනවා.

ඒ හේතුවෙන් ශරීරයේ නිකුත් වන තාපය සමතුලිත වෙනවා.

⁣ඉතින්, සමහර විට ඔයාලා වැඩි දෙනෙක් කොක්කු මේ විදිහට තනි කකුලෙන් ⁣ඉන්නෙ ඇයි කියල දැන ගත්තෙ අද වෙන්න ඇති නේද..





2025-11-09

අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී.


අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. 
ඉතිහාසය හරියට ලියන්න.
ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි.

වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්‍යාපනයන් ඉතා උසස් ලෙස ලබාගෙන, ජීවිතය පුස්තකාළයක් කරගෙන, ගිහි ජීවිතයක නිවස තුළ, රැකියා තුළ, ගිහි බැඳීම් අතරේ සිදුවන සියළුම ක්‍රියාකාරකාම් වල සිට, ගිහි ජීවිතය ගැන ගිහියන්ට වඩා හොඳට අධ්‍යනය කර, ඒ ගැන හොඳින් ඉගෙන ගෙන, ඇස් දෙකෙන් දැක, කන් වලින් අසා, නුවණින් විමසා එහි ඇති හිස් කම නිසාම එයට නොඇලී, හුඳකළාව වනගතව බවුන් වඩමින් අප ජීවත් වෙමු.

එම නිසා මෙම මාතෘකාව ගැන කථා කරද්දි “නොදන්න දේවල් කථා කරන්න එපා හාමුදුරුවනේ.” කියා ඔබට කීමට නොහැක. නොදන්නේ අප නොව කරුණු අධ්‍යනය නොකළ ඔබ ය. අප මේ දේ කථා කරන්නේ හොඳටම දැනගෙන ය. හොඳටම අධ්‍යනය කර ය. අපට ඇති දෙස් විදෙස් සම්බන්ධතා හරහා කරුණු කාරණා හොඳින්ම විමසා බලා ය. නොපෙනෙන ගුප්ත බලවේග ඔස්සේ නොව, ඇසට පෙනෙන්නට තිබෙන, කණට ඇසෙන්නට තිබෙන දේවල් මෙන්ම, ඇසට නොපෙනෙන්න, කණට නොඇසෙන්න සඟවාගෙන කුමණ්ත්‍රණය කරන අයගේ ඒ කුමණ්ත්‍රණ්ත්‍රණයන් ඉතාමත්ම හොඳින් අධ්‍යනය කර දැනගෙනම මේ බව කියන්නෙමු.
 
ගිහි ජීවිතය ගත කරමින් සිටින ඔබ පෙරහැරේ නටන පිරිසකි. 
එම පෙරහැරට නටන්න එන්නේ නැතිව, 
එය හොඳින් බලමින් සිටින අපට පෙනෙන්නේ සම්පූර්ණ පෙරහැරම ය. 
නටන්නන්ට කිසිදා සම්පූර්ණ පෙරහැර බැලිය නොහැක. 
පෙරහැර බලන්නට නම් නටන එක නවතා අප වගේ ඇවිත් බැලිය යුතු ය.
 
අපි ගෝල්ෆේස් අරගල භූමියට වැඩම කළෙමු. කරුණු දෑසින් දැක හොඳින්ම අධ්‍යනය කළෙමු. මෙය මහා කුමණ්ත්‍රණයක් බව අරගලයේ මුල සිටම අපි ඔබට කීවෙමු. ලීවෙමු. අද ද කියන්නේ මෙය ජන අරගලයක් නොවන බවයි. මෙය මහා කුමණ්ත්‍රණයක් බවයි.
ඌරාගේ මාළු ඌරාගේ පිට තබා කපන න්‍යාය මෙහිදී ක්‍රියාත්මක විය. සිංහල බෞද්ධයින් උසි ගන්වා ඔවුන් ලවාම සිංහල බෞද්ධ ජන සංහාරයක් කර බලය ගන්නට සැළසුම තිබුණත්, බුද්ධිමත්, ඉවසිලිවන්ත ගෝඨාභය රාජපක්ෂ නිසා ඒ කුමණ්ත්‍රණ කරුවන්ට අරමුණ බලාපොරොත්තු වූ ආකාරයටම ඉටු කර ගන්නට නොහැකි වූ බවද කිව යුතුම ය. ඒ ගැන ගෝඨාභය රාජපක්ෂට ස්තූති කළ යුතු ය.

මෙම අරගලයට සම්පූර්ණයෙන්ම නායකත්වය දෙන ලද්දේ කාදිනල්තුමා විසිනි. 
ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් දේශපාලනය, ජේවීපී, පෙරටුගාමීන්, සහ අන්තවාදී දේශපාලන ක්‍රියාකාරිකයන් සහ ධනවත් රාජ්‍ය නොවන සංවිධානවල කල් වේලා ඇතිව කළ බලවත් කුමණ්ත්‍රණයක් බව මේ අරගලය අධ්‍යනය කරන නුවණැති අයට හොඳින් පෙනේ.
කරුණු කාරණා අධ්‍යනය නොකරන තරුණ ආවේගයට සුළඟට හසුවී සිටින තරුණ මෝඩයින්ටනම් මෙය අරගලයක් විය හැකි ය. නමුත් මුල මැද අග හොඳින් ගලපා කරුණු විමසා බලා, අවබෝධයෙන්, නිසි අධ්‍යනයකින් සිටින අයටනම් මෙය මහා දැවැන්ත බෞද්ධ විරෝධී කුමණ්ත්‍රණයක්ම පමණී. 
සත්‍ය එයමය.
 
පහත පෙළගැස්වීම් ඔස්සේ කෙටියෙන් ඉතිහාසය මතකයට ගන්න.

1. වසර පන්සියයක පමණ ඈත සිට සිංහල කාන්තාවන් දූෂණය කරමින්, ගම්මාන පෙති ගසමින්, දරුවන් කෑලි කෑලිවලට පෙති ගසමින්, වෙහෙර විහාර කොල්ලකමින්, මේ රට සූරා කමින්, ධනවත්ව බලවත්ව සිටි බෞද්ධයිනට නැගී සිටින්නට ඉඩ නොදී සිටියේ, බටහිර ආක්‍රමණිකයන් සහ කතෝලික බලවතුන් ය.

2. මීට පෙර 1956 දී බණ්ඩාරනායක මහතා සිංහල බෞද්ධ ඡන්දයෙන් ආණ්ඩු බලය ලබා ගත්තේය. ඔහු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ අතර, ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුධ රැසකට මුහුණ දීමට සිදු විය. ඔහු අගමැති වීමේ සිට ඝාතනයට ලක් කරන තෙක්ම, ලංකාවේ වැඩිම හර්තාල් සහ උද්ඝෝෂණ ජන අරගල ව්‍යාපාර පැවතුනු කාළයක් විය. අවසානයේදී බටහිර කුමණ්ත්‍රණකරුවන් 1959 සැප්තැම්බර් 25 වැනිදා ඌරාගේ මාලු ඌරාගේ පිට තබා කපන න්‍යාය ඔස්සේ බණ්ඩාරණායක මහතාව ඝාතනයට ලක් කළේ ය. හසු කළේ තල්දූවේ සෝමාරාම නම් ශ්‍රමණ වේශධාරියෙකි. මාපිටිගම බුද්ධරක්ඛිත නම් ශ්‍රමණ වේශධාරියා ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු ලෙස නම් කරනු ලැබී ය.

3. බණ්ඩාරනායක රජයේ ජන සතු ව්‍යාපාරයත්, 1970 – 1977 මැතිනියගේ ආණ්ඩුවත් එහිදී ඇති වූ තරුණ කුමණ්ත්‍රණකාරීන්ගේ කැරැල්ලත්, ජේ ආර්ගේ විධායක බලය සහිත ආණ්ඩුවත්, 88 – 89 ජේවීපී කැරැල්ල සහ ප්‍රේමදාස භීෂණයත්, චන්ද්‍රිකා මහින්ද රනිල්, මෛත්‍රී ගෝඨාභය දක්වා ලංකා ඉතිහාසය හොඳින් අධයනය කරන්න.

දැන් ගෝඨාභයගේ ආණ්ඩුව ගැන අවධානය යොමු කරන්න.

1. ලංකාවේ වෙළද බලය සහ ව්‍යාපාරික බලය ඇත්තේ මුස්ලිම් සහ ද්‍රවිඩ පිරිස් වෙතය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙය සිංහලයින් දෙසට හරවන ලදී. විවිධ සංවර්ධන ව්‍යාපෘති සමඟ යාන වාහන දේපල ඉඩ කඩම්වලින් සිංහලයා සන්නද්ධ විය. වර්තමානයේ බොහෝ සිංහල ධනවතුන් මෙම පෙරළියේ ප්‍රතිඵල වේ. යුද්ධය අවසන් කර, රාජ්‍ය සංවර්ධනයන්ද සිදු වී, ණය ගෙවීම් සහ තිරසාර අනාගත දියුණුවකට රට යොමුවෙමින් තිබියදී, 2015 ආණ්ඩු පෙරලිය සිදු විය. 
මෛත්‍රීපාල ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ සිට රට වේගයෙන් ආපස්සට හැරෙන්නට විය. මුළු රටේම සාරය සූරා දමන ලදී. එහි අවසන් කාළය පාස්කු ප්‍රහාරය නිසා රටම ගිනි තිබ්බේ ය. සියළුම බෞද්ධයින් කතෝලිකයන් සමඟ අත්වැල් බැදගෙන ඔවුනට තනිවන්නට ඉඩ නොදුන් අතර මෙතෙක් කල් එල් ටී ටී ත්‍රස්ත්‍රවාදීන්ට උදවු කරමින්, බෞද්ධ විරෝධීව හැසිරෙමින් සිටි කාදිනල්තුමා බුදුදහමට ලැදි බවක් අගවා තමන්ගේ යටි අරමුණු වලට යෑම කරගෙන ගියේ ය.

2. සියළුම බෞද්ධ බලවේග එකතු වී, ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා කර ගත්තේ මුළු රටම මහා ආර්ථික අගාධයකට වැටී තිබියදී ය. ලෝකයම ගිලගත් කෝවිඩ් වසංගතයට ඔහු සාර්ථකව විසදුම් ලබා දුන්නේ ය. සියළුම ආගමිකයන් සහ ජාතීන් රැක ගත්තේ ය. බහුතර සිංහලයින් විරුද්ධ වූවත් මුස්ලිම් නීතිය අනුව කෝවිඩ් මරණ ආදාහනය නොකර භූමිදානය කරන්නට ඉඩදීමද එම ජාතීන්ගේ ඉල්ලීමට කන් දෙමින් ගත් විශිෂ්ඨ තීරණයකි. එය සියළුම ජාතිකයන්ගේ නිදහසට ඉඩ දීමකි.

3. ගෝඨාභය රාජපක්ෂ සියළුම ජාතීන්ට සහ ආගමිකයන්ට නිදහසේ තම තමන්ගේ ආගම් අදහන්නට ඉඩ දුන්නේ ය. රටේ කිසිදු ජාතිවාදී ආගම්වාදී කෝළාහලයක් ඇතිවන්නට ඉඩ දුන්නේ නැත. ඔහු පත් වූ බෞද්ධ ඡන්ද පදනමට සාධාරණය ඉටු කරමින්, බුදු දහම නිරන්තරයෙන්ම පෝෂණය කළේ ය. බහුතර සිංහලයින් විරුද්ධ වූවත් මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට අධිකරණ අමාත්‍ය ධූරයට සහ පසුව මුදල් අමාත්‍ය ධූරයට අලි සබ්‍රි පත් කළේ ය. නීතියට එපිටින් කිසිවක් නොකළ ගෝඨාභය නීත්‍යානුකූලව රාජ්‍ය පාලනය කළේ, කිසිදු දේශපාලන ඝාතනයක් නොකරය.

දැන් ජන අරගල කුමණ්ත්‍රණයට අවධානය යොමු කරන්න.

1. කෝවිඩ් වසංගතය පාලනයේදී ලොව හොඳම ජනාධිපතිවරයා වූයේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහුට සහ හමුදාවට රට තුළ ඉමහත් කීර්තියක් ඇති විය. ඔහු එම සටන ජයගෙන නැවතත් රට ගොඩ නගන්නට යොමු වූවත් කුමණ්ත්‍රණකරුවන් වැඩ ආරම්භ කළේය.
2. ගෝඨාභය උද්ඝෝෂණ කරුවන්ට ගෝල්ෆේස් භූමියේ උද්ඝෝෂණ කරන්නට වෙනම තැනක් නිර්මාණය කළේ ය. එහි උද්ඝෝෂණ ආරම්භ කළේම සංඝරත්නය විවේචනය කරමින් සංඝරත්නයට කථා කරන්නට තිබෙන අවශ්ථාව අහිමි කරමිනි. පළමුව ඝරත්නය සහ මහජනතාව බිඳවන්නට විය.
3. ගෝල්ෆේස් පිටියේදී බෞද්ධයින් අන්‍යාගමික කරනය සහ නිරාගමික කරනය කළ අතර, පාස්කු ප්‍රහාරය, සහරාන් ඇතුළු පිරිසම කළ බවට සාක්ෂි කොපමණ තිබුණත්, කාදිනල් තුමා එය ගෝඨාභය ආණ්ඩුව පිටට හරවමින් තමන්ගේ යටි අරමුණ ක්‍රියාත්මක කරන්නට විය. ඔහු බොරුව සමාජ ගත කළ අතර, මේ මහා කුමණ්ත්‍රණයේ නායකයා විය.
4. මේ වන විට අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස සඳහිරු සෑයේ නිධන් කළ රත්තරං පිළිමය වැනි තවත් පිළිමයක් තනා ඇති බවත්, ඇත්ත පිළිමය සොරකම් කර ඇති බවටත්, බොරුව සමාජ ගත කරන ඔහුගේ කටින් එම බොරුවද සමාජ ගත කළේ ය. එයද ශ්‍රීපාදස්ථානයේ ඝණ්ඨාරය, පහන මෙන් මහා බොරුවකි. ඔහු සදහිරු සෑය නැවත විවෘත නොකරන බව දනී. බෞද්ධයින් තුළ ගෝඨාභය ආණ්ඩුව ගැන තිබූ විශ්වාසය එයාකාරයෙන් පළුදු කිරීම ආරම්භ කළේය. (හැකි ඉක්මණ් දිනකදී සඳහිරු සෑය විවෘත කර එම ප්‍රතිමාව ගැන සත්‍ය ලෝකයාට පෙන්වා දිය යුතුයම ය. ශ්‍රීපාදස්ථානයේ පහන සහ ඝණ්ඨාරය ගැන පුරාවිද්‍යා පර්‍යේෂණක් කළ යුතුම ය. අනුර කුමාර දිසානායකට බෞද්ධ විශ්වාස සමඟ දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුය.)
5. කාදිනල්තුමා ප්‍රමුඛ ද්‍රවිඩ ඩයස්පෝරාව, ජේවීපී, පෙරටුගාමීන්, නිරාගමිකයන්, මුස්ලිම් අන්තවාදීන් ආදී මහා කුමණ්ත්‍රණ කරුවන්, මනාව සංවිධානය වී රටට පිටරටින් තෙල්, ගෑස්, සහ ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට තිබූ ඩොලර් ලැබෙන මාර්ගය අවහිර කරන්නට විය. සංචාරක ව්‍යාපාරය විනාශ කර දැමී ය. විදෙශ්ගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්නට එපා යැයි කීය. රට තුළ උන්ඩියල් වැනි අයථා ක්‍රම සමාජ ගත කර රාජ්‍ය ආර්ථික රටාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ය.
6. කාදිනල්තුමා ඇතුළු කුමණ්ත්‍රණ කරුවන් රටට ඩොලර් ලැබෙන මාර්ගය අවහිර කරමින්, රට වැසියන් බඩ ගින්නේ තබමින්, තෙල් ගෑස් පෝලිම් නිර්මාණ කරමින් බෙහෙත් හේත්, අධ්‍යාපනය, ආදී අත්‍යාවශ්‍ය සේවාද, සියල්ලම අඩපණ කරමින්, මුළු රටම දැඩි පීඩණයකට ලක් කරමින් මහජන මහා උද්ඝෝෂණයක් නිර්මාණය කළේය.
7. පුදගලිකව අපද, රටට ආදරය කරන අනෙක් පිරිසද ඩොලර් එවන්න ඩොලර් එවන්න යැයි කීවත්, සුළුපිරිසක් හැර බහුතරයක් එයට කන් දුන්නේ නැත. බොහෝ දෙනා කාදිනල්තුමා ඇතුළු කුමණ්ත්‍රණ කරුවන්ට රැවටුනි. ඒ බෞද්ධ කිසිවෙකු රට ජාතිය ගැන සිතුවේ නැත. නමුත් කතෝලිකයින්, ද්‍ර්විඩයින්, මුසල්මානුවන් ආදී පිරිස් තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැත. ඔවුන් අරමුනට ගියේය.

8. මෙම කුමණ්ත්‍රණකරුවන්ට අවශ්‍ය වූයේ සමූල ඝාතනයක් කර ‍රාජ්‍ය බලය ගන්නටයි. බෞද්ධයින් ලවා වෙහෙර විහාරස්ථාන විනාශ කරවා, කථා කරන මහනායක හිමිවරුන් සහ ගලගොඩ අත්තේ හිමියන් වැනි රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කර ඇති හිමිවරුන් ඝාතනය කර, දළදා මාළිගාව වැනි පූජණීය ස්ථාන කොල්ල කා, විරුද්ධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ඝාතනය කර, රටම අමු සොහොනක් කරන්නට තිබූ ඔවුන්ගේ පිඹුරුපත් සියල්ලම, රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන්, බෞද්ධ නායකයෙකු වූ ගෝටාභය රාජපක්ෂගේ ඉවසිලිවන්ත දූරදර්ශී ප්‍රඤ්ඤාගෝචර පාලන ක්‍රමය නිසා වළක්වා ගන්නට හැකියාව ලැබුණි.

9. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ දැඩි හිතමිතුරු කිසිදු ජෙනරාල්වරයෙක් මිණිමරුවෙක් නොකර, කිසිදු මනුෂ්‍ය ඝාතනයක් නොකර, සියළුම නින්දා අපහාස විඳ දරා ගනිමින්, සියළුම ආගමිකයන්ට සහ ජාතීන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලබා දීම ප්‍රසංසනීය ය. ඔහු තමන් පිස්සෙකු නොවන බවත්, කිසිදු සත්ව ඝාතනයක් නොකරන මානව දයාවෙන් පිරුණු සැබෑ බෞද්ධ නායකයෙකු බවත්, ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවේ ය. ඔහු, රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන් නායකයෙකු ලෙස මේ තරම් කුමණ්ත්‍රණ හමුවේත් ලෝකයා ඉදිරියේ බෞද්ධයින්ගේ ගෞරවය ආරක්ෂා කරදීම ඇත්තෙන්ම ප්‍රසංසනීය ය.

10. කාදිනල් තුමා, ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් දේශපාලකයින්, ජේවීපී සහ පෙරටුගාමීන් මේ තරම් භයානක සමූලඝාතන කුමණ්ත්‍රණයක් ක්‍රියාත්මක කළත්, එය සාර්ථක කර ගන්නට නොහැකි වූයේ, යුධ හමුදා නිළධාරියෙකු වූ කුමණ්ත්‍රණයේ හැඩරුව හොඳින්ම අවබෝධ කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ නිසා ය.
 
11. බැසිල් රාජපක්ෂ, වැනි රාජපක්ෂ පවුලේ සමහර උන්මත්තකයින්ගේ අල්ලස් දූෂණාදියෙන් පීඩාවට පත්ව සිටි මහ ජනතාව රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කළේ ය.

12. ගෝඨාභය රාජපක්ෂගේ පාලනය ඉදිරි වසර තුනත් තිබුණානම් තමන්ගේ අරමුණට යෑමට නොහැකි වන බව දන්නා කාදිනල් තුමා ඇතුළු සමස්ත කුමණ්ත්‍රණ කරුවන් රටට ඩොලර් එවන්න එපා යැයි I M F එකට සහ විදෙස් රටවලට බලපෑම් කළේය. එහි ප්‍රමුඛයෝ කාදිනල් තුමා සහ ජේ වී පී එකයි. ඩොලර් හිඟයකින් රට සාගතයකට හරවා මහා ජන සංහාරයකින් බලය ගන්නට කළ මහා කුමණ්ත්‍රණයක් තාවකාලිකව එසේ නතර විය. අදූර දර්ශී තරුණ පිරිස මිනීමරු කුමණ්ත්‍රණ කරුවන්ගේ ඇම ගිල්ලේ ය. ඔවුන් රටේ තාරුණ්‍ය නොමඟ යැවුවේ ය.
ඉතිහාසයේ මෙම සත්‍ය කථාව හොඳින් අධ්‍යනය කරන්න.
 මෙය මෙසේ නොවේනම් අපට කියන්න. ලිඳේ ගෙම්බන් මෙන් ලංකාවට පමණක් සීමා නොවී ලෝකයත් සමඟ සම්බන්ධ වෙන්න. එවිට ඔබ නොදකින, ඔබට නොපෙන්වුව පැත්ත හොඳින් දකින්නට ලැබේවි.
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය තුළ ඔනෑම කෙනෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අයිතිය තිබේ. ඊයේ දින ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂද එම අයිතිය සියළුම රට වැසියන්ට දී තිබුණි. වර්තමානයේදීද ජන අරගලකරුවන් එම කථා කිරීමේ නිදහස එයාකාරයෙන්ම අපට දී ඇතැයි සිතමි.

ගෝඨාභයගේ ආණ්ඩුවේ තිබූ, සියළුම ආගම් නිදහසේ ඇදහිය හැකි, ඕනෑම මතවාදයක් නිදහසේ දැරිය හැකි, මධ්‍යස්ථ මතධාරීන්ට මධ්‍යස්ථව සිටිය හැකි, නිදහස් අදහස් ප්‍රකාශ කළ හැකි රට, ජන අරගලකරුවන් තලේබාන් පන්නයේ අන්තවාදයට තවම ගෙනගොස් නැතැයි සිතමි.
මෙය කාදිනල්තුමා, ද්‍රවිඩ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදීන්, ජේවීපී, පෙරටුගාමීන්, සහ අන්තවාදී දේශපාලකයින් තමන්ගේ මවු රටවල් වන බටහිර ජාතීන්ගේ උදවු ඇතිව කළ මහා ජන සංහාර කුමණ්ත්‍රනයකි. මහා සංඝරත්නය ඝාතනය කරමින්, රාජ්‍ය දේශපාලන විරුද්ධ පක්ෂ නායකයින් ඝාතනය කරමින්, තල්දූවේ සෝමාරාම ලවා බණ්ඩාරණායක මහතා ඝාතනය කරවන්නට කටයුතු කළාක් මෙන්, සිංහල බෞද්ධයින් ලවාම සියල්ලම විනාශ කරවන්නට කළ මහා භයානක කුමණ්ත්‍රණයකි.

දූරදර්ශී පාලකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ විසින්, මහා සංඝරත්නය රැක් ගනිමින්, යුධ සෙන්පතියන් වූ සියළුම ජෙනරාල් වරුන් රැක ගනිමින්, තමන් කුමණ්ත්‍රණයකට හසුව සිටිනා බව නොදන්නා තරුණ පිරිසේ ජීවිතද රැක ගනිමින්, සාර්ථකව පාලනය කර දෙන ලදී. ඔහුට බලය අත් හැරීමට සිදු වූවත්, ඔහු බෞද්ධයින්ව සැබෑවටම සමඟිව තබන ලදී.
කුමණ්ත්‍රණ කරුවා නුදුරු අනාගතයේදී මහා විනාශයක් අනිවාර්‍ය්‍යෙන්ම කරනු ලැබේ. 

නමුත් බුද්ධිමත් සිංහල බෞද්ධයින් සිහි නුවණින් ඒ දෙස බලා සිටී.
අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. ඉතිහාසය හරියට ලියන්න.
ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි.
සියළුම බෞද්ධයෝ වහා සමගි වෙත්වා!
තෙරුවන් සරණයි!

පූජ්‍ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
ත්‍රිපිටක වාගීශ්වර, සද්ධර්ම ශිරෝමණී, විපස්සනා කම්මට්ඨානාචරිය, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත, මිණිපුර අමා ශාන්ති ත්පෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හී විහාරාධිපති.

A day in the life

2025-11-08

හෘදාබාධයන්ට පෙර සංඥා.



අවුරුදු 25 ත් 45 ත් අතර තරුණයින් වැඩි වැඩියෙන් හෘදයාබාධවලින් මිය යති.  
ඔවුන් දුම් පානය කරන නිසා හෝ මත්පැන් පානය කරන නිසා නොවේ... 
ඔවුන් නොදැනුවත්වම අද්දර ජීවත් වන නිසා.
අපි දුර්වල ලෙස නිදා ගනිමු.
අපි ආතතියෙන් ජීවත් වෙමු.
අපි ඉක්මනින් කනවා, 
අපේ අතේ දුරකථන තියාගෙන, අපේ මනස වෙන තැනක තියාගෙන.
මේ අතර, අපේ හදවත්... සංඥා යැවීමට පටන් ගනී.
නමුත් කිසිවෙකු සවන් දෙන්නේ නැත.

හෘදයාබාධයකට වසරකට පෙර, ශරීරය දැනටමත් අනතුරු ඇඟවීමේ සංඥා ලබා දෙයි.
• ඔබ හොඳින් නිදා ගත්තත් නිරන්තර තෙහෙට්ටුව.
• පඩිපෙළ නගින විට හුස්ම හිරවීම.
• පිටුපස හෝ වම් අතේ වේදනාව.
• වළලුකර ඉදිමීම.
• නැතහොත් පැහැදිලි හේතුවක් නොමැතිව කාංසාව සහ දහඩිය දැමීම පවා.
ගැටලුව නම් අපි එය "ආතතිය" හෝ "සාමාන්‍ය තෙහෙට්ටුව" යැයි සිතීමයි.
අවසානයේ එය අපගේ හදවත බව අපට වැටහෙන විට... එය දැනටමත් ප්‍රමාද වැඩියි.

සත්‍යය කටුකයි...
අධික ලෙස සැකසූ ආහාර, අධික සීනි, මධ්‍යසාර, දුම්කොළ සහ උදාසීන ජීවන රටාව තරුණ හදවත් වැඩි වැඩියෙන් අසනීප කරයි.
නරකම කොටස... බොහෝ දෙනෙකුට "සනීපයක් දැනෙන" නිසා ඔවුන් පරීක්ෂාවන් පවා සිදු නොවේ.

නමුත් එයින් ගැලවීමට මාර්ගයක් තිබේ.
අද ඔබේ පුරුදු වෙනස් කළහොත් ඔබේ හදවත සුව කළ හැකිය.
• දිනපතා ක්‍රියාකාරී ව්‍යායාම විනාඩි 30ක්.
• තිර(දුරකථන වැනි උපාංග) නොමැතිව අවම වශයෙන් පැය 7ක් නිදාගන්න.
• වැඩිපුර ස්වාභාවික ආහාර, අඩු සැකසූ ආහාර අනුභව කරන්න.
• සෑම වසරකම හෝ මූලික රුධිර පරීක්ෂණයක් ලබා ගන්න.
මක්නිසාද යත්, ඔව්, ඔබේ ශරීරය ඔබට අනතුරු ඇඟවීම් ලබා දෙයි... නමුත් සවන් දීම ඔබට භාරයි.
ඔබේ හදවත ගැන සැලකිලිමත් වන්න, එය රිදවන තුරු නොව, අද සිට. 

මෙම අන්තර්ගතය තොරතුරු සහ දැනුවත් කිරීමේ අරමුණු සඳහාය.
එය වෘත්තීය වෛද්‍ය ඇගයීම ප්‍රතිස්ථාපනය නොකරයි.
ඔබ මෙම රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්, 
වහාම සහතික කළ වෛද්‍යවරයෙකු හෝ හෘද රෝග විශේෂඥයෙකු හමුවන්න.


පිටපත
A day in the life

2025-11-06

ලන්ඩන් ගිය ඇමතිවරු.


මේක නම් මාර වැඩක්. 
NPP එකේ ලංඩන් රැස්වීමට ගියාද? නැද්ද? කියලා ගොඩක් දෙනා කතා කරලම අහනවා. ඉවරයක් නෑ. 
මම ගියේ නෑ. ඒ ආණ්ඩුවට ඇති විරෝධයක් නිසා නම් නොවෙයි.
ගියේ නැත්තේ මොකද ඇහුවම මම කාටත් එක වගේ උත්තරයක් දුන්නා.
ඔය එතනට ආපු නලින්ද ජයතිස්ස, හර්ෂණ නානායක්කාර සහ සරෝජිනී පෝල්රාජ් කියන දේවල්වලට මහ හයියෙන් අත්පුඩි ගහන්න හරි, විසිල් ගහන්න හරි මට නම් කිසිම ඕනෑකමක් නැහැ. මොකද එහෙමයි සාමාන්‍යයෙන් ඔතන වෙන්නේ.

අහන ඕනම ප්‍රශ්නයකට ඔවුන් දෙන අළුත් පිළිතුරක් නැති බව මගේ නම් අදහස. ඒත් "කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු නොවන්නා සේ" එතෙර හිටියත් අපේ ජානගත දේශපාලන ලාලසාවේ කිසිදු වෙනසක් නැති නිසා අපි දේශපාලන නායකයන් ඉදිරියේ අමුතුම ප්‍රමෝදයකට පත්වෙනවා.
මැයි රැළියට, පක්ෂ සම්මේලනයට ගියා වගේ තමයි මේ වගේ තැනකට ගියත් යන අය ප්‍රතිචාර දක්වන්නේ. රටට යමක් කරන අවංක මිනිස්සු කෙරෙහි එහෙම බැඳීම් ඇතිවීම ගැටළුවක් නෑ. එහෙත් ලංකාවේ ඉඳලා නෑයෙක්, සමීප හිතවතෙක් ආවම දැනෙන හැඟීමෙන් මේ ඇමතිවරුන් පිළිගැනීමට වඩා දැන් හිතන්න දේවල් ටිකක් තියෙනවා.

ජනතාව ඔවුන්ට වගකීමක් භාරදීලා තියෙන්නේ වැඩකරන්න. ඒ කරපු සහ කරමින් සිටින දේ ගැන අපි දන්නවා. යම් සාධනීය දේවල් ටිකක් කළත් සෑහෙන්න පුළුවන් දෙයක් කරලා තියෙනවා කියන්න බෑ.
පෞද්ගලිකව මේ චරිත වුනත් විමසන්න පුළුවන්. නලින්ද ගත්තම සෞඛ්‍ය ඇමති හැටියට අඩුම තරමේ ඉස්පිරිතාල ටිකට නොඅඩුව තවම බෙහෙත් ටික දී ගන්න බැහැ. හර්ෂණ අධිකරණ ඇමති හැටියට කරපු අමුතු දෙයක් නෑ. පෝල්රාජ් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීම හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැඩකොටසක් කර නැහැ.
මේ වගේ දේවල් අහලා ඔවුන්ට පොඩි බලපෑමක් කරන්න යන එක නම් හොඳයි. එහෙත් ඔවුන් වේදිකාවේ ඉඳලා ඒවට උත්තරයක් ගැටගහලා දෙන බව අපි නොදන්නවා නොවෙයි. ඒක සියලු දේශපාලකයන් කරන වැඩක්.

අනෙක් කාරණය තමයි අනුර කුමාර සහෝදරයා ඇතුළු ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්කකරගනිමින් දැවැත්ත එතෙර ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. මී මැස්සෝ වගේ ඒවට ශ්‍රී ලාංකිකයන් ආවේ.
ලංකාවේ ඉන්න මිනිස්සු මේවා දිහා තුෂ්නිම්භූතව බලාගෙන හිටියා. මේ සැරේ අනුර හා මාලිමාව ආවම "කල්ප වෘක්ෂය" පහළ වූවාක් මෙන් පිටරට වෙසෙන අයගේ සහාය ලැබෙයි කියලා මිනිස්සු හිතුවා.


මතක හැටියට, මාලිමාව බලයට පත්වූ පසු එංගලන්තයේ සිටින තම මිතුරෙක් රට වෙනුවෙන් පවුම් මිලියනක් දෙන්න සූදානම් බව සංගීත් විජේසූරිය එකල කිව්වා. ඊටත් වඩා රට හදන්න තමන්ගේ ධනය මෙන්ම දැනුම කැපකරලා රටට එන බව බොහෝ දෙනා පාරම්බෑවේ නෑ. කියා සිටියා.
කිහිපදෙනෙක් ගිහින් ඇති. ඒත් ඕවා ගැන කියන්න තියෙන්නේ "කතාව දෝලාවෙන්, ගමන පයින්" කියලා විතරයි.

මේ පිට රටක ඉන්න අපි කාටත් තියෙන්නේ එකම වගේ හැඟීමක්. ලංකාව ගැන ආදරයක් තියෙනවා. ඒ ප්‍රශ්න වෙනදාටත් වඩා දැනෙනවා. හිත උණුවෙනවා. හැබැයි ඒ වෙනුවෙන් මේක දාලා ගිහින් දෙයක් කරන්න බහුතරයක් කැමති නෑ. ඒක තමයි ඇත්ත. එහෙම කවුරු හරි ඉන්නවා නම් ලියන්නකෝ.

ගොඩක්ම ඉන්නේ ලංකාවේ මැතිවරණයක් එන විට රැල්ලත් එක්ක චූන් වන කට්ටිය. ඒක ජන බලවේගයත් දන්නවා. ඒත් මැතිවරණ ජයග්‍රහණයක් සඳහා විදෙස්ගත අය නියම තොරොම්බෝල හා සැරසිලි. ඕනෑම පක්ෂයක් එහි ප්‍රචාරක වාසිය ගන්නවා. 
ඒකේ කප් එක ගැහුවේ නම් අනුර සහ මාලිමාව.
නලින්ද, හර්ෂණ සහ පෝල්රාජ්හේ මේ ලංඩන් ගමනත් එහි දිගුවක්. 
එසේ නොවන්නේ නම් ඔවුන් අවුරුද්දකට පස්සෙ වෙනත් රටකට ඇවිත් කතා කළ යුත්තේ "රට හරි පාරට ඇවිත්, හොරු ඇල්ලුවා සහ අල්ලනවා, ආර්ථිකය ගොඩදාමින් ඉන්නවා" කියන එකම නොවෙයි.
 
එදා විදෙස්ගත අයගේ සහාය පළවීමත් ඔවුන්ගේ එකී දායකත්වය ගෙන දැන් ළඟාකර ගෙන ඇති සාර්ථකත්වය හෝ එහි අඩුපාඩු පිළිබඳව මෙහිදී සමාලෝචනය කරන්නයි මේ අයට තිබුණේ. 
මොකද අවුරුද්දක් දැන් ගෙවිලා.
ඒ කියන්නේ, ශ්‍රී ලාංකික ආයෝජයන් කොපමණ ප්‍රමාණයක් ලංකාවට ගිහින් ව්‍යාපෘති අරඹා තිබේද?, සිස්ටම් චේන්ජ් එක සඳහා කොපමණ තාක්ෂණික හා මානව සම්පත් දායකත්වයක් ලබා දී ඇත්ද? දෙනවයි කියූ ආධාර මෙන්ම විදෙස් ප්‍රේෂණ ගලා ඒම කුමන මට්ටමක පවතීද ආදිය ගැනයි ලංඩන්වලදි සාකච්ඡා කරන්න තිබුණේ.


එහෙම දේවල් නැත්නම් මෙහේ අය ඔයාලා රවට්ටලා. ඔයාලත් කැමැත්තෙන් රැවටී එතෙර උණුසුම විඳිනවා කියලයි මට නම් හිතෙන්නේ. මෙහේ අයට හැන්දෑවක් ගෙවන්න, පාළු මකන්න ඔයාලා පොඩි කයිවාරුවක් නම් ගැහුවා. එහෙම නැත්නම් ඔය මං කියපු මොනවා හරි වැඩක් ඇති දෙයක් වෙලා ඇත්නම් කවුරු හරි මේකට සටහනක් දමන්න.

මම දන්න තරමින් ඔතන එකම වැදගත් බලපෑමක් කළේ දෙමළ ඩයස්පෝරාවේ කට්ටිය. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ඇතුළු ප්‍රශ්න ටිකක් විසඳා ගැනීම තමයි ඔවුන්ගේ උවමනාව.

ඒ අතරේ "බ්‍රිතාන්‍යයේ මැති ඇමතිවරුවත් නොකරන ලෙස ලංකාවේ ඇමතිවරුන් පිරිසක් ඇවිත් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඒක වාර්තාවක්" කියාලා පම්පෝරි පෝස්ට් එකක් ෂෙයා වෙනවා දැක්කා. ඒවා නම් අමු බොරු.
ඒ වගේම වැදගත් වෙන්නේ අපේ කට්ටිය කිව්වේ මොනවද කියන එකනේ. මම දන්න තරමින් නම් මෙහේ මැති ඇමතිවරු වාගාලාප හෝ පච නම් ගහන්නේ නෑ. පොයින්ට් එකටම උත්තර දෙනවා. 
නලින්ද, හර්ෂණ සහ පෝල්රාජ් එහෙම කළා නම් ලංකාවට යන්න එපා. ඔයාලා තුන්දෙනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න ප්ලීස්!












|


මහින්ද රුබසිංහ
ලන්ඩනයේ සිට.
A day in the life

2025-11-05

අමුඩ කතා.


අමුඩය දේශපාලනිකවු ඇදුමකි.

පසුගිය කාලයේ නාමල් කරුනාරත්නයන් පිරිවරා ගෙනආ වී ගොවීන් , උක් ගොවීන් වට්ටක්කා ගොවීන් නා නා විධ වගා කරුවන් ඇන්දේ අමුඩයයි.

දැන් ගොවීන් නාමල්ට අමුඩය අන්දන්න අභියෝග කරන අතර නාමල් සුපිරි ඇදුම් ලා පාර්ලිමේන්තුවේ වායු සමීකරණය යට ගිමන් අරින්නේය.

ගොවීන් අමුඩය ඇදගෙන හුළං අල්ලන්නේය.

නාමල් ගොවීන්ට අමුඩය ගැස්සුවේය.

වරක් විජයානන්ද දහනායක මහතා පාරලිමේන්තුවට අමුඩයක් ඇද පාර්ලිමේන්තුවට පැමිණියේය.

1960 දශකයේ එකල රජය චිත්ත රෙදි යාරයක මිල ශත දහයකින් ඉහළ දැමීමට විරෝධය පෑමට එතුමා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

විජයානන්ද දහනායක අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට ආවිට එක් මන්ත්‍රීවරයෙක් " චී චී මීට වඩා ලැජ්ජ නැති වැඩක් තියනවාද කියා ඇහුවම . ගත් කටටම විජයානන්ද දහනායක " ඇයි ඕයි අමුඩයත් නැතුව එන එක කියා කිව්ව කියලා කතාවක් ද ඇත. 


අමුඩය අපුරූය.

 අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය.

කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් නම්ය.

පසුගියදාක ගෝල්පේස් පිටියේ ජනාධිපති මණ්දීරයට පෙනෙන්න මේවා වැටවල් වල වනා තිබුනේය.

ඒ මෑත අතීතයේ අමුඩ කතාය.


බොහෝ දෙනාගේ ..කතා බහට ..විහිලුවට ලක් වුණත්..අමුඩය

එකළ සෑම සිංහල පිරිමි ඇන්ද ඇදුමක්ය .

කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති අපේ රටේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප භාවිතයෙන් තුරන්වී ගොසින්ය. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්‍යතාවය සුරැකූ ඇඳුමක්ය.


අතීතයේ ගැමි තාරුණ්‍යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්‍රදර්ශනය කිරීමට ද අමුඩය හැකිවිය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්‍යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය.

අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ.

වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමය


මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්‍රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙසද අමුඩයට තැනක් පැවතුනේය. .

දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි.

අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.

1.හඟල අමුඩය.

හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්‍රමාණය හොඳින් ආවරණය වෙයි.

2.දිය අමුඩය .

දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.

3.ගැට අමුඩය .

වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගත්හ.

හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්‍යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්‍රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.

අමුඩ කෙමක්.

අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.

අමුඩ පණිවිඩ.

අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.


අමුඩය හා බැඳුණු උපහැරණයක්.

“අමුඩය දීලා කෑවා වාගේ” යන කියමනක් ඇත.

බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් නොදැනේ.

එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත්තොත් ක්ෂණිකව කුසගින්න නිවුණත්

නිරුවතින් සිටීමට සිදුව අවමානයට ලක්වේ.


අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.

අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.


ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි.

ඔවුන් එකිනෙකා හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවිය.

දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීයේය.

මේ නිසා හදිසියේ සැගවී යාමට සිදුවිය.

ගමරාල හනි හනිකට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලීනි.

ගමරාළගේ අමුඩය කටකාර ගැමියකුට හමුවිය. 

පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.


"කර ආලේ නැහුනත්

කටු බැදි අස්සේ

ගමරාලේ දැන්නම්

රහසක් නැත්තේ

හොර පාරේ ගිය මඟ

සලකුණ ඇත්තේ

කටු ගාලේ තිබු අමුඩේ

පලු අත්තේ............"


දැන් නම්

" හොර පාරේ ගියමග

සලකුණ ඇත්තේ

කටුගාලේ තිබු අමුඩේ

පලු අත්තේ .........."

තියලා සේය.


A day in the life

2025-11-04

ඉල් පුර පසලොස්වක පෝය.




මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, පසු වස්‌ විසූ භික්‍ෂූන් වහන්සේලා පවාරනය කිරීම, අනුබුදු සැරියුත් මාහිමි පිරි නිවීම යනාදී, ශාසනික කරුණු රැසක්‌ම සිදු වුණ දිනයක්‌ ලෙස ඉල්පුර පසළොස්‌වක්‌ පොහෝ දිනය සලකනු ලැබේ.


වප් පොහෝදා සංකස්‌ස පුරයේ වූ දේවාවරෝහණයෙන් පසු අප බුදු රජාණන් වහන්සේ හා සැරියුත් මහා රහතන් වහන්සේ අතර කෙරුණු ධර්ම සාකච්ඡාවට සවන් දීමෙන් පසු මහත් ප්‍රීතියෙන් ඔද වැඩී ගිය එනුවර වැසි සිරිවර්ධන කෙළෙඕයාණන්ට පුත්ව ඉපිද සිටි මෛත්‍රීය බෝසතුන් උතුම් පැවිද්ද ලබා ගත් සේක. එවැනි දිනක පැවිදි භූමියට පත් මෙත් බෝසතාණෝ සීලාදී ගුණ ධර්මවල යෙදෙමින් කුසල් දහම් සිදුකර ගන්නේ චීවර මාසයෙහි අවසානයෙහි වස්‌සග්ගයෙන් ලද වස්‌ත්‍ර දෙකක්‌ හිමි විය.


තමන් වහන්සේ වෙත ලැබුණු චීවර දානයේ මහාර්ඝත්වය තේරුම් ගත් බෝධි සත්වයෝ එක්‌ වස්‌ත්‍රයක්‌ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ස්‌ථානයෙහි උඩුවියනක්‌ කොට බැඳ අනෙක්‌ වස්‌ත්‍රය කඩ කොට ඉරා වියන් කෙළවර එල්ලා බැඳ බුදු රදුන්ට පූජා කොට රැස්‌ වූ මහා සංඝයා ඉදිරියේ එකත් පස්‌ව වැඩ හුන්හ. මෙත් බෝසතාණන් වහන්සේගේ මේ මහා පූජාව බුදු ඇසින් දැක ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සත්වයන් අමතා ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී බුදුන් නමින් බුදු වන්නේ යයි නියත විවරණ දී වදාළ සේක. එය අද වන් පොහෝ දිනක සිදු විය.


ඇසළ පොහෝ දින ඉසිපතන මිගදායේ දී දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා එහිම වස්‌ වසා තථාගතයන් වහන්සේ වස්‌ පවාරණය කොට තවත් මාසයක්‌ එහිම වැඩ සිටිමින් දිනක්‌ පස්‌වග මහණුන් ප්‍රමුඛ යස සුභාහු පුණ්‌නජි ගවම්පති ආදි කොට සෑම දෙනා අමතා "චරත භික්‌කවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය" යනාදී වශයෙන් මහණෙනි බොහෝ ජනයාට හිත සුව පිණිස ලෝකානුකම්පාවෙන් චාරිකාවෙහි හැසිරෙන්න. එක්‌ මගකින් දෙදෙනෙක්‌ නොයා එක්‌ මගකින් එක්‌ කෙනෙක්‌ වැඩම කොට "ආදි කල්‍යානේ මෙච්ඡ කල්‍යානේ පිරිසොසාන කල්‍යානේ" ආදි වශයෙන් දක්‌වා ඇති මුල යහපත් වූද මැද යහපත් වූද, අග යහපත් වූද, ධර්මය ලෝකයාට ප්‍රකාශ කරව් යයි අභීත ප්‍රකාශනයක්‌ කර සැට දිසාවකට ඔවුන් යවා තමන් වහන්සේ ධර්ම දේශනා පිණිස උරුවෙල් ජනපදයට වැඩම කළ සේක.


මේ ආරම්භ කරන ලද ධර්මදූත ව්‍යාපාරය ඉතිහාසගත සිද්ධියකි. මේ වැදගත් ක්‍රියාදාමයෙහි පරමාර්ථ අවබෝධ කරගත් ඒ අනුව යමින් ක්‍රියා කළ අශෝක අධිරාජයා ධර්මදූත වහන්සේලා එතෙර මෙතෙර පිටත් කර හැරීම නිසා දේශ දේශාන්තරවල ඉතා ශීඝ්‍රයෙන් බුදු දහම පැතිරී ගියේ මෙසේ ලොව පළමු වරට දියත් කළ ධර්මදූත ව්‍යාපාරය ද අද වැනි දිනක ආරම්භ වූවකි.


මේ අවස්‌ථාව වන විට උරුවෙල් කාශ්‍යප, නදී නාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරෝ තිදෙනා කණ්‌ඩායම් වශයෙන් ගෙන තපස්‌ ක්‍රම කියා දෙමින් සිටියහ. බුදුරදහු එහි වැඩ නොයෙක්‌ විදියේ ප්‍රාතිහාර්ය දක්‌වා ඔවුන් දමනය කොට බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කළ සේක. ඔවුන් දමනය කොට වදාළේ ද ඉල් පුර පසළොස්‌වක්‌ පොහෝදාය.


බුද්ධ නියමය පරිදි පෙර වස්‌ විසීමට නොහැකි භික්‍ෂූන්ට පසු වස්‌ විසුමට නොහැකි භික්‍ෂූන්ට පසු වස්‌ සමාදන්ව අවසානයෙහි පවාරණ කිරීම අද වැනි ඉල් පොහෝ දිනට යෙදේ.


බුදුන් දවස සම්බුද්ධ ශාසනයෙහි වගකිව යුතු උත්තමයකු වූ සැරියුත් මහ රහතන් වහන්සේ ඉතා ගුණවත් උතුමෙකි. මුන් වහන්සේට චුන්ද, උපසේන, රේවත යයි සහෝදරයන් තුන් දෙනෙක්‌ හා චාලා, උප චාලා, සිසුපචාලා යන සහෝදරියන් තිදෙනෙක්‌ ද සිටියහ. ඔවුහු භික්‍ෂු ශාසනයෙහි භික්‍ෂුණී ශාසනයෙහි පැවිදිව තම ජීවිත වාසනාවන්ත කරගත් අතර සම්බුදු සසුනෙහි උන්නතියට මහඟු සේවයක්‌ කළා. එහෙත් සැරියුත් මාතාව "සාරි බැමිණිය" මිසදිටු තැනැත්තියකි. ඇයද බෞද්ධ උපාසිකාවක්‌ බවට පත් කළාය. සැරියුත් මහ රහතන් වහන්සේ සිය ගෙදරදීම පිරිනිවන් පා වදාළසේක.

වතුරුවිල හේමාලෝක හිමි


පසු සටහන.

“ඉල්” යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. 
හීල – සීතල යන අර්ථය ගෙන දෙයි. 
වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි.

A day in the life

2025-11-03

අපත් නොදනිමු අප යන මාවත.


දේශපාලනය අනතුරුදායක විෂයයක් බවට පත්වෙමින් තිබෙන්නකි..
විරුද්ධමතදාරීන් අමු අමුුවේ ප්‍රසිද්ධියේ මරාදමනු ලැබේ.
චෝදනා ඉදිරිපත් කරන පාර්ශව නඩුත් අසා අවසාන තීන්දුව දඩුවමද ප්‍රකාශයට පත් කරති.
දඩුවම බොහෝ සෙයින් රාජ්‍ය නායකයාගේ අත්සනින් පමනක් අනුමතවිය යුතු මරණ දඩුවමට සමාන වේ.
වෙනස එල්ලා මැරීම නොව ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කිරීමයි.
මෙකල සුලභ චෝදනාව වන්නේ පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරකම් කලා යයි ප්‍රකාශයට පත්කිරීමයි.

අපි යන්නේ කොයි පාරේ...............?.
අපිම නොදනී.

මීදුම කියන්න හිතා ගත්තේ සුප්‍රසිද්ධ කතාවකි අපිි ඒ කතාවට යොමුවෙමු.
ප්‍රයිස් ගැන සදහන් කිරීමට පෙර පුලිට්සර් හදුන්වා දීමත් වැදගත් වන්නකි.
ජෝෂප් පුලිස්ටර් මාධ්‍යවේදියා උපත ලබන්නේ වර්ෂ 1847 අප්‍රේල් 10 වන දින හංගේරියාවේදීය.
ඔහුු ුජර්මන් රෝමානු කතෝලික ආගමිකයෙකි.
පියා යුදෙව් සම්භවයක් සහිත ධනවත් ධාන්‍ය වෙළෙන්දෙකි . ජර්මන් සහ ප්‍රංශ භාෂාවෙහි චතුර කථිකයෙකු වූ පුලිස්ටර් ඉංග්‍රීසි භාෂාව කථිකත්වයෙහිලා දැක්වූයේ අපූරු දක්ෂතාවයකි.
1912 වසරේ පුලිස්ටර්ගේ වියෝවෙන් අනතුරුව කොලොම්බියානු විශ්වවිද්‍යාලය විසින් ප්‍රථම වරට එනම් 1917 දී මාධ්‍යවේදීන් සඳහා පුලිස්ටර් සම්මානය ලබා දීම ආරම්භ කරන්නේ ජෝෂප් පුලිස්ටර් නම් අද්විතීය මාධ්‍යවේදියා සිහි කිරීම උදෙසා ය. මෙම ත්‍යාගය ලේඛන කලාව හා පුවත්පත් කලාව වෙනුවෙන් පිරිනමන ඇමරිකානු සම්මානයකි.

1981 දී පුලිට්සර් සම්මානය දිනා ගැනීමට සමත් වූයේ ලැරී සී ප්‍රයිස් හටය.

ලයිබීරියාව යනු අප්‍රිකානු කලාපයේ ඇති අස්ථාවර රටකි.

වරින් වර සිදුවන හමුදා කුමන්ත්‍රණ , අරාජික දේශපාලන වාතාවරණයන් නිසාම බොහෝ විට ලොවේ දුෂිතම රටවල් වලින් එකක් ලෙස වර්ග කර ඇත.

1980 දී එරට පාලනය කල William R. Tolbert විලියම් ආර් ටෝල්බර්ට් ගේ රජය කුමන්ත්‍රණයකින් පෙරලා දැමීමට එරට හමුදාවේ නිලධාරියෙකු වූ සැමුවෙල් ඩොයි ඇතුළු තවත් දහ අටදෙනෙකුගෙන් සමන්විත හමුදා ජුන්ටාව සමත් විය.

කුමන්ත්‍රණය සිදු කල දිනයේම ජනාධිපති විලියම් ආර් ටෝල්බර්ට් ඇතුළු රජයේ ප්‍රධානීන් 28 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය. බොහෝ දුෂනයන්ගෙන් පිරී ගිය විලියම් ආර් ටෝල්බර්ට් ගේ පාලනය එරට ජනතාවගේ උදහසට හා පිළිකුලට භාජනය වී තිබුණි.

කුමන්ත්‍රණයෙන් අනතුරුව සැමුවෙල් ඩොයි ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ දුෂිතයින්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණයෙන් බොහෝ පිරිසක් වරදකරුවන් බවට පත් විය. එරට දියමන්ති විකුණා ලැබූ අති විශාල ධනස්කන්ධයක් සොයාගන්නා ලද්දේ රජයේ මැති ඇමතිවරුන්ගේ නමින් තිබු රහස්‍ය බැංකු සේප්පු විවෘත කරමින්ය.

රටේ ජනතාව ඉතා දුක්ඛිත ජීවිත ගත කරද්දී , එරට දේශපාලනයේ කෙරුමන් අති සුඛෝපභෝගී ජීවිත ගතකර තිබුණි. නඩු විභාගය අවසානයේදී වරදකරුවන් වූ එරට රජයේ ඇමෙතිවරුන් 13 දෙනෙකු හට මරණ දඬුවම නියම කෙරුණි.

එරට අගනගරය වන මොන්රාවියා වීදි දිගේ මහජනතාවට පෙනෙන සේ වට ගණනාවක් රැගෙන විත් අවසානයේදී මුහුදු බඩ ප්‍රදේශයකදී ඔවුන් කණුවල ගැටගසනු ලැබීය . ඉන් අනතුරුව දහස් සංඛ්‍යාත ජනතාව බලා සිටියදී වෙඩි තබා මරා දමන ලදී.

එම අවස්ථාවේ ලැරී සී ප්‍රයිස් විසින් මෙම ඡායාරුපය ගනු ලැබීය.




සටහන - Pradeep Peiris  ගේ

වියමනක්    ඇසුුරෙනි.

(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

A day in the life