ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය. මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-03-28

අන්දරේ - යුවතියනට කී කවි.




අන්දරේ දකුනේ ඉපදී කන්ද උඩරට මහවාසලට සේවය කල රාජ්‍ය නිලධාරියෙකි. ඔහු වටා ගෙතුන කතා බොහොමයක් අදටත් ජනප්‍රියය. ඒවා ඔහුගේ බාලකාලය සහ තරුන මැදිවිය යන වයස් හී වයසට ගැලපෙන කතාය.

අද මීදුම අන්දරේ තරුන වියේ කාන්තාවන් ඉලක්ක කර ගත් කාව්‍ය ප්‍රබන්ධ කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි.
දිය ගෙන එන්නට ලිදට යන ගැටවරියක් දකින අන්දරේ එගමන වර්ණනා කරන්නේ මෙසේය.

“රණ්වන් එරන් වන් රණ්වන් රණ් රුවට
නිල්වන් පීරාලා පිට දිගට
රණ්වන් වලලු අත දමලා කලය වට
සෙල්ලම් ගමනින් යනවද ලිද ලගට

සදක් මෙන් මුහුන ඇගෙ රූසිරු සමග
ලදක් වෙන නුදුටුවෙමි මේ මුලු දෙරණ
මොලොක් මට සිලිටු ගත ඔප ලු ලෙසින
මලක් මෙන් ළපටි රතු මුවින සොබින

සවන පිනවන ළද බොළද සුමිරිය
බදින සිතු බදේ ඈ වෙත වී පිරිය
කුමන ලෙස මැවීදෝ සුරගණ සරිය
වචන නැත කියන්නට ඇගේ රු සිරිය.”

සුරූපිණයක් දකින අන්දරේ නිදිවරමින් ඈ සිහිපත් කරන්නීය.
“වතට ලවනතට නුබ බලන බැල්මට
වරලට ගෙලට නලලට නාසිකාවට
ගමනට බසට නුබ හට ලොල් කල මෙමට
කුමකට කියමි නිදි නැත රැය තුන්යමට”


පොකුණකට බැස නෙලුම් අල උදුරන තරුණියකට ලොබ බදින අන්දරේ

“පතුල බැසා අල උදුරන කලට ලියේ
මකුල සේම වත ඉහලට යාය ලියේ
මුකුලු සිනා අප දැක කෝඩුකාරියේ
කැකුලු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ”

යයි අවවාද කරයි. “ කැකුලු තන තෙමෙයි “

අන්දරේගේ පළමු බිරිය මියයයි. 
එයින් සංවේගයට පත් අන්දරේ මැවුම්කරුවු මහපඹාට

“පටුවන් නළල දිලිසෙන සුරතලු දිගැසේ
බටුවන් සුරගනන් පරදන මැණික යසේ
කෙටුවත් බඹා පල නැති ලෙස මගේ හිසේ
දුටුවොත් යම් දිනක මම කොටමි උගේ හිසේ”
යයි දෙස් දෙයි.

ගමනක් යන අන්දරේ දෙස දොර අස්සෙන් මුකුලු කරන ගැටවරියක් දෑක

“ඉහළ ගෙදර වී පැදුරේ පරෙයියා
පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා
ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයියා
ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා”

……ටිකිරි නගේ
සුන්දර යුවතියක් දකින අන්දරේ………….

“මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති
කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති
කොතන වුවත් හරි නෙද මැණිකේ රුව ඇති
රුව ඇතිනම් අඩුකුලයද කමක් නැති.”

හැඩ රැව ඇත්නම් අනෙකුත් අඩුපාඩු නොසලකන බව සිහිපත් කරයි.

ඔක්කොටම කවි කියනවා. මටත් කවියක් කියනවකෝ ……
අන්දරේගේ බිරිද ඇවිටිලි කල විට මෙසේ කීවේය

“ඉස දෙස බැලිමිපොල් කෙදි වැන්න පීරනා
බද දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
නුබ දෙස බැලිමි වැදිරිය වැන්න දලු කනා.”

බිරිදට මළ පැන්න විට අන්දරේ කවිය ප්‍රතිශෝධණ කරමින්

“ඉස දෙස බැලිමි රණ්කෙදි වැන්න පීරනා
බද දෙස බැලිමි රණ් කද වැන්න ආරනා
තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා
නුඹ දෙස බැලිමි සුරගන වැන්න රුසිරෙනා”

කියා ජාම් බේරා ගත් බවකි.

දිය පහස පිණිස පොකුණට යන කුමාරිකාවට අන්දරේ මගදී මුණ ගැසිනි.
අන්දරේ ඇමතු ඈ තමාටත් කවියක් කියන ලෙස ඉල්ලීමක් කෙරෙනි.


අන්දරේ……

“කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන
ලොට තන දෙකත් ගෙරි සමතින් වසාගෙන
තඹත් පිත්තලත් දෙවගේ පැළද ගෙන
රොඩී කෙල්ල කොයි යනවද උදෑසන”

කීවාය. 
මින් උරණවු කුමාරිකාව රජතුමාට තමන්ට කල අපහාසය ගැන පැමිණිලි කලාය.
රජවාසලට කැදවු අන්දරේ .කල වින්නැහිය කුමක්දැයි විමසීය.
පස්වාන්දහසකට බුදුවන්න දේවයන් වහන්ස මම මෙන්න මේ පද හතර කුමාරිගේ ඉල්ලීමට කීවායයි කීවේය.

“රණ් කැටි කලේ දිය උකුලේ තබාගෙන
රණ්කුඹු දෙකත් සලුපටකින් වසා ගෙන
රිදී රත්තරන් දෙවගේ පැළද ගෙන
මල් මද බිසව් කොයි යනවද උදෑසන”

අන්දරේ මහවාසල සිට ගම් බිම් බලා එන අතර මග මලල දී පලා නෙලන ලියක් දැක ලොබ බැදි අයුරුයි මේ.

“පුල පුලා ඇවිත් බැස මලල ආරට
හෙල හෙලා බදින වරලස පිට කරට
බල බලා මදෙස මුව රද සිනාවට
විල පලා නෙලන කත හොදලු පහසට”

A day in the life

2025-03-26

මළවුන් උදෙසා දානමාන.




අපට මළවුන් උදෙසා දාන මාන දී පින් පමුනුවන සිරිතක් ඇත. 

සතියෙන් තුන්මාසයෙන් ,අවුරුද්දෙන්. අවුරුද්දෙන් අවුරුද්දට මෙසේ දානමාන , ධර්ම දේශනා පවත්වා ලැබෙන්නාවු අනිශංස මළවුන් උදෙසා අනුමෝදන් කර ඔවුන් සුගතිමත් කිරීම බෞද්ධ අපේ අරමුණය.

වර්තමානයේ ඇති හැකි අය සින හතෙන් තුන්මාසයෙන් අවුරුද්දෙන් පුන්‍ය කටයුතුවල යෙදී පින් අණුමෝදන් කලත් එසේ කරගත නොහැකි සාධු ජනයාද අප අතර ඇත.ඔවුන් උවත් අපහසුවෙන් හෝ හත් දවසේ දානය සහ තුන්මාසේ දානමය පුන්‍යකර්මයන්  නොවැරදීම කරන්නේය.

පරම පූජනිය රේරුකානේ චන්දවිමල මාහිමියන්”ධර්ම විනිශ්චය” සංග්‍රහයේ  දේශිත ලිපියක මේ සම්බන්ධව කර ඇති පල කිරීමක් මෙසේය.


මළවුන් උදෙසා දෙන හත් දවසේ දානය දන් දීමට දින නියමයක් ඇත්තේ ද?


"මළවුන් උදෙසා දෙන දාන අසවල් දිනවල දිය යුතුය කියා නියමයක් බුදු දහමෙහි නැත. දෙන තැනැත්තා කැමති දිනයක එය කළ හැකි ය. මිය ගිය තැනැත්තා පින් ගන්නා තැනක ඉපිද සිටිනවා නම් කෙදිනක දන් දී පින් දුන්නත් ඒ පින මිය ගිය තැනැත්තාට ලැබෙන්නේ ය.. පින් දීම පින් ගැනීම සම්බන්ධයෙන් එය කරන දිනයේ සැටියට සිදුවන වෙනසක් නැත.


සත්වන දිනය, පන්සාළිස් වන දිනය, තුන්මස පිරෙන දිනය, අවුරුද්ද පිරෙන දිනය යන මේවා මළවුන් උදෙසා දන් දෙන පින් කරන දවස් සැටියට ජන සම්මුතියක් ඇත්තේ ය. ඒවා බුදුන් වහන්සේ ගේ නියමයන් නො වේ. සත්වන දිනය මළවුන් උදෙසා දන් දෙන දිනය ලෙස විශේෂයෙන් ම සම්මත ය. තමන් ගේ නෑයකු මළහොත් අනික් දිනවල දී දන් දීමක් නො කළත් නො වරදවා ම සියලු ම බෞද්ධයෝ සත්වන දිනයේ දානයක් දෙති. සත්වන දිනය ගැන ඇති මේ විශේෂ සැලකිල්ල යම් කිසි වැරදි හැඟීමක් නිසා පුරුදු වූවක් වන්නට බැරි නැත.


“මළ තැනැත්තා ගේ ප්‍රාණය නැතහොත් ආත්මය සතියක් ම ගෙදර සිට සත්වන දිනයේ යම්කිසි තැනකට යන්නේ ය” යන ගැමි කතාවක් ඇත්තේ ය. ඒ කතාව අන්‍යාගම්වලින් බෞද්ධයන් අතරට පැමිණියක් විය හැකි ය. එය විශ්වාස කළ අය සත්වන දිනයේ දී පින් ගෙන මළ තැනැත්තාට සුගතියට යා හැකි වනු පිණිස සත්වන දින දානය ආරම්භ කරන්නට ඇතය යි ද සිතිය හැකි ය.


ථෙරවාද බුද්ධාගමේ සැටියට කිය යුත්තේ අතර කොහිවත් මොහොතකුදු නැවතීමක් නැතිව මැරෙන අය මරණයට අනතුරුව කර්‍මානුරූපව කොතැනක හෝ උපදින බව ය. මහායාන බෞද්ධ පොත්වල අන්තර භවයක් ඇති බව කියයි. මරණයට පැමිණීම් වශයෙන් වර්‍තමාන ශරීරයෙන් පහවූ ආත්මය කර්‍මානුරූපව ඉපදීමට තැනක් සොයමින් එක්තරා කාලයක් පවත්නේ ය.


ඒ කාලය තුළ පවත්නා ආත්මය “අන්තර භවය” යි මහායානිකයෝ පිළිගනිති. අන්තරාභවයේ කාලය සතියක් සැටියට ගැනීමෙන් සත්වන දින දන් දීම ආරම්භ වීය යි සිතන්නට ද ඉඩ ඇත්තේ ය. කිනම් කරුණක් නිසා පටන් ගත්තත් සත්වන දින දානයක් දීමෙන් වන වරදක් නම් නැත. මතක දානය සත්වන දිනයට කලින් හෝ පසුව දීමෙන් ද වන වරදක් නැත.


මරණයක් සිදු වූ අලුත ඒ ස්ථානයේ රෝගබීජ ඉතිරි වී තිබිය හැකි ය. එබඳු තැන්වලට ජනයා රැස්කොට දන් දුන්නා ම අන්‍යයන්ට ඒ රෝගය වැළ‍ඳෙන්නට ඉඩ ඇත්තේ ය. දින පසු කොට දන් දීම වඩාත් යහපත් බව කිය යුතු ය.


මළවුන් උදෙසා දන්දීමට ජනසම්මත දින නො මැති නම් ඒවා නො කෙරී අතපසු වී යාමටත් ඉඩ ඇත්තේ ය. එබැවින් දන් දීමේ දින නියමය ආගමේ නියමයක් නො වූව ද ඒ නියමය තිබීම යහපත් බව කිය යුතු ය."


ධර්ම විනිශ්චය

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ හිමිපානන්.


 












A day in the life

2025-03-25

මගේ කතාව





ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
day in the life

2025-03-24

සබරගමුවේ පුරාණ නින්දගම් .



පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප්‍රමාණයක් තිබූ ප්‍රදේශය ලෙස සබරගමුව සැලකේ. රත්නපුර දිස්ත්‍රික්කයම නින්දගමක් ලෙස හැඳින්වුවද එහි වැරැද්දක් නැත. මේ නින්දගම්වල ජීවත් වූ ප්‍රභූවරුන් සහ ඔවුන්ට මෙහෙ කළ ජනපදවාසීන් අතර තිබූ සංස්කෘතිකාංග කිහිපයක් අදටද ජන සමාජයට ආගන්තුකය. දික්ගෙයි නැටුම එදා වලව් සමාජයේ තිබූ එවැනි නර්තනයකි. වලව්වාසී ප්‍රභූවරුන් සතුටු කිරීම සඳහා නින්දගම්වාසී කාන්තාවන් මෙම නැටුම නටන්නේ උඩුකය නිරුවත්වය. එය අද ඇතැම් ඉහළ පෙළේ හෝටල්වල සිදු කෙරෙන කැබරේ නැටුමට සමානය. 
සබරගමුවේ ප්‍රධානීන් 13 දෙනකුට නින්දගම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසි බළකොටුව වටලා විනාශ කිරීමේ ජයග්‍රහණය වෙනුවෙනි. උඩරට රාජ්‍යයට අයත් සීමාවේ පිහිටි එකම ලන්දේසි බළකොටුව වූයේ මෙම කටුවන කොටුවය. අනෙක් සියලුම ලන්දේසි බළකොටු තිබුණේ පහත රටය. මේ නිසා කටුවන විනාශ කිරීම උඩරට මහ වාසලට අවශ්‍ය වී තිබුණත් එයට නිසි නායකත්වයක් ලබාදී සටන මෙහෙයවීමේ හැකියාවෙන් යුතු රණකාමී නිලමේවරුන් උඩරට හමුදාවේ සිටියේ නැත. මේ නිසා රාජසිංහ රජ්ජුරුවන් සිටියේ බලවත් කනගාටුවෙනි. සබරගමුවේ ප්‍රභූවරුන් පිරිසක් කටුවන කොටුව වටලා පහරදීමට තීරණය කරන්නේ මේ අතරවාරයේය.
කටුවන සටන යනු සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන විය. මෙම සටනට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ මුත් රජතුමා සටනට සහභාගි වූයේ නැත. ඒ වෙනුවට රජතුමාගෙන් ලැබුණේ තම ආශිර්වාදයත් දිසාවේලා දෙදෙනකු සහ භට පිරිසකුත්ය. මෙම සටනට සබරගමු ප්‍රභූවරුන් යටතේ පන්දහස් පන්සියයක හමුදාවක් ද දකුණු පළාතෙන් තිස් දහසක හමුදාවක් ද සහභාගි වූ බව කියැවේ.
දිගු සටනකින් පසු සටන ජයග්‍රාහීව අවසන් විය. එහි සිටි ලන්දේසි හමුදාව සමූල ඝාතනය කළ සබරගමු හමුදාව මාතර දිසාවේ පිහිටුවා තිබූ සෙසු ලන්දේසි බළකොටු වූ හක්මන, මාතර, මාර කඩේ ආදී මාතර සියලු ලන්දේසි බළකොටුවලටද පහර දුන්හ. ලන්දේසීන් දිවි බේරා ගත්තේ මාතර කොටුවට ඒකරාශිවීමෙනි. 
මෙම ජයග්‍රහණයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසි බළකොටු බිඳ දමා එම ප්‍රදේශ තම රාජ්‍යයට ඈඳා දුන් සබරගමු ප්‍රධානීන් දහතුන්දෙනා කන්ද උඩරට මහ වාසලට කැඳවා ගරු බුහුමන් දක්වා ගම්වරද පිරිනැමීය.
ඔවුන්ට නිලමේවරුන් ලෙස උසස්වීම් ද පිරිනමා රාජකීය වරප්‍රසාද ද පිරිනැමීය. රාජකීය වරප්‍රසාද යනු රජකු ජීවත්වන ලෙසම ජීවත්වීම සඳහා නිලමේවරුන්ට ලබාදෙන අවසරයයි. රජු වෙනුවෙන් අයබදු අයකිරීම, නින්දගම් පාලනය කරමින් රජු වෙනුවෙන් අවශ්‍ය වේලාවට සටන් සඳහා සේනාංක කැඳවාගෙන ඒම, ජීවත්වීම සඳහා උළු සෙවිලි කළ වලව්වක් ඉදිකර ගැනීම ඒ රාජකීය වරප්‍රසාද අතරට ඇතුළත් වෙයි. 
රජවාසලට ගිය නිලමෙලාට උණුසුම් පිළිගැනීමක් රජතුමාගෙන් ලැබිණි. එතෙක් සතුරා සමග සටන් කර හෙම්බත් වී සිටි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජ්ජුරුවන් ලන්දේසි බළකොටුවක් අල්ලා ගත් නිලමෙලා පිළිගත්තේ උණුසුම් ලෙසය. මඩුවන්වෙල දිසාවේ තමන් කළ සටන විස්තර කරමින් රජතුමා නොමැතිව සටනට යෑම ගැන රජතුමාගේ සමාවද අයැද සිටියේය. රජතුමා සටනට ​ෙස්නාව එව්වා වුවත් රජු නොමැතිව සටන් කිරීම රාජ උදහසට ලක්විය හැකි හේතුවකි.
පළමු වරට තමාගේ සංවිධානයකින් තොරව නිලමේවරුන් පිරිසක් එක්ව සතුරු බළකොටුවක් අල්ලාගෙන ඇත. එම බළකොටුවේ සිටි සියලු ඕලන්ද සතුරන්ද මරා දමා එහි සිංහල කොඩිය ඔසවා තිබේ. උඩරට රාජධානියට අයත් කටුවන නමැති ප‍්‍රත්‍යන්ත දේශය සතුරාගෙන් මුදාගෙන උඩරට කිරීටයට යළිත් ලබා දී තිබේ. මෙය නම් මහත් වීරකමකි. ‘ 
‘හහ්.. හහ්.. තමුන් එහෙනම් තනියම සටනක් කළා.. ඈ..’’ රජතුමා රදළයන් දෙස බලා විමසුවේය.
“මගේ රාජධානියේ කවුරු වුණත් කමක් නෑ සතුරු බළකොටු බිඳිනව නම් මං ගම්වර පුදනවා.. ඔව් ගම්වර පුදනවා..’’ රජතුමා හිස ඔසවා මහ හඬින් ගුගුළේය. 
ඒ හඬ අසහාය ය. කිසිදා කිසිවකුට යටත් නොවූ රණ හඬකි. කීර්ති ශ්‍රී රාජසිංහ යනු එසේ මෙසේ බලවතකු නොවේ. සතුරා බියෙන් මුසපත් කළ රණ ශූරයෙකි. නුඹලා වැනි වීරයෝ තමයි මගේ රාජ්‍යයට අවශ්‍ය.. මේ කළ වීර වික‍්‍රමාන්විත සටන වෙනුවෙන් මම අදම නුඹලා නිලමේවරුන් ලෙස ඔසවා තබනවා.. නුඹලාට ගම්වර පුදනවා.. මා මෙන්ම සතුටින් ජීවත්වීම සඳහා වලව්වක් සාදා ගැනීම සඳහා අවසරය දෙනවා..’’ රජතුමා එසේ කියද්දී රදළවරු ප්‍රීතියෙන් පිනා ගියහ. 
ඉන්පසු උදාවූයේ රජතුමාගේ ලාංඡනය එබ්බවූ තඹ උළු කැටය බැගින් රදළවරුන් අතර බෙදාදීමය. එය රදළකමේ සංකේතය ය. සුදු හුණු කපරාරු කළ වලව්වක් තනා ගැනීමටත් තඹ උළු කැටය මැදිකර උළුවලින් වහලය සෙවිලි කර ගැනීමටත් එමගින් අවසර ලැබේ. නිලමේ හෝ මුලාදෑනි නොවන කිසිවකුට උළු වහලයක හිමිකම නැත. ඒ මොහොතේ සිට නිලමේවරුන්ට එම හිමිකම ලැබේ. එවක් පටන් නිලමේවරු හැම දෙනා සබරගමුවේ ප‍්‍රභූවරු වූහ. ඔවුන්ට ගම්බිම්ද වලව් සාදා ගැනීමේ අවසරයද ලැබිණි. මඩුවන්වෙල, ඇමිටියගොඩ, කිරිඇල්ල ඇතුළු නිලමෙලා රජුගෙන් තෑගි ලැබුණු තඹ උළු කැට තබා තම වලව් පිහිටුවා ගත්හ. ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් ද කටුවන ලන්දේසි බළකොටුවෙන් ගලවා ගෙන ආ ස්මාරක ඔබ්බවා වලව්වේ බිත්ති බැඳගත්තේය. කළුගල් පලා බිමට ඇතිරුවේ කිසිදා ගිලා නොබසින අංගණයක් වලව්වට උරුම කර දෙමිනි. 
“ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් තමයි මෙසේ රාජසිංහ රජ්ජුරුවන්ගෙන් රදළයකු ලෙස වරප්‍රසාද ලබා ගත්ත අපේ මීමුත්තා. මේ රාජ අනුග්‍රහයයත් සමග සබරගමු පළාතේ වලව් 13ක් ඉදිකර තිබෙනවා. මෙම වලව් සඳහා රාජකාරි වැඩ ලේඛන ද පවරා තිබෙන බව බ්‍රිතාන්‍යයන් යටතේ 1870 ලියවුණු කොමසාරිස් ලේඛණයේ සඳහන් වෙනවා.” අම්මඩුව, කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතා සඳහන් කරයි. ඔහු ඇමටියගොඩ වලව්වේ වත්මන් හිමිකරුය. 
මෙම කටුවන සටන කෙරුණේ එවකට සංඝරාජ ධුරය දැරූ වැලිවිට අසරණසරණ සිරි සරණංකර නාහිමියන්ගේ අනුශාසනා අනුවය. වේහැල්ලේ ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සීයයක භික්ෂු පිරිසක් ද කටුවන සටන් බිමට ගියහ. මේ මහා සංඝරත්නයට උපහාරයක් ලෙස සටන් දිනූ ප්‍රභූවරු තමන්ට ලැබුණු නින්දගම් තුළ විහාරස්ථාන ද ඉදිකළහ. ඇමටියගොඩ නින්දගම තුළ ඇමිටියගොඩ විහාරයද මඩුවන්වෙල නින්දගම තුළ මඩුවන්වෙල විහාරය ද ඉදිකරන ලදී

එක්දහස් පන්සිය පහේදී පළමු යුරෝපීය හමුදා සෙබළා ගාලු වෙරළට පය තැබූ තැන් පටන් ලක්දිව පාලන රටාවද වෙනස් වන්නට පටන් ගත්තේය. ගැමියාගේ සිරිත් විරිත්ද රදළ පාලකයන්ගේ සිරිත් විරිත්ද අතරට අලුතෙන් ආ සුදු ජාතික පාලකයන්ගේ රටවල සිරිත් විරිත්ද මුසුවෙන්නට පටන් ගත්තේය. පැරණි ලක්දිව ඉඩම් හිමිකම පැවැතියේ දෙයියන් හෙවත් රාජ්‍ය පාලකයා අතය. රට වැසියන්ට තිබුණේ ‘දෙයියන්ගේ’ ඉඩම්වල තමන්ට ඉන්නට පැල්පතක් සාදා ගැනීමේ හිමිකම පමණකි. ‘දෙයියන්’ හෙවත් රජුගේ රාජ්‍ය පාලන නීති රීති රට වැසියන් වෙත ගෙන යන නිලමේවරුන්ට ‘දෙයියන්ගෙන්’ ලැබුණු ඉඩම් කොටසක් විය. මේවා නම් කෙරුණේ නින්දගම් නමිනි. ජනයා පදිංචිව සිටි ගම්බිම් පිටින්ම නිලමේවරුන්ට නින්ද හිමිකම් කොට පවරා දීම සිදු විය. 
එදා පටන් මේ ගැමියන් රදළ නිලමේවරයාට සේවය කළ යුතු විය. නින්දගම් වාසීන්ට තමා පදිංචි ඉඩමේ හිමිකමක් තිබුණේ නැත. එහි සම්පූර්ණ හිමිකම රදළ හාම්පුතා සතු වූ අතර නින්දගම්වාසීන්ට තිබුණේ තමාගේ ඉහට සෙවනක් ලබාදීම වෙනුවෙන් තම රදළ හාම්පුතාට සේවය ලබාදීමය. නින්දගම් යායක ඒ ඒ කුල සඳහා වෙන වෙනම ඉඩම් යාය වෙන්ව තිබිණි. වළං සාදන අය සඳහා බඩහැල ගොඩැල්ලද යකඩ තලන්නන් සඳහා ආචාරි ගොඩැල්ලද ආදී වශයෙනි. තමා පදිංචිව සිටින ඉඩමේ වළක් කැපීමට පවා නින්දගම් හිමියාගෙන් අවසර ගැනීමට ඔවුනට සිදුවිය. 
දික්ගේ නැටුම නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු පුරාණ රාජකාරියකි. රදළයන්ගේ නේත‍්‍ර සංතර්පණය පිණිස නින්දගම්වාසී මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන් දික්ගෙයි නැටුමට පැමිණිය යුතුය. ඒ සඳහා හිලව්වට ගොඩ මඩ ඉඩම් කට්ටියක් නින්දගමෙන් ලැබෙයි. එම ඉඩම් කට්ටියේ ගෙපැලක් හදාගත හැකිය. ගොඩ ඉඩමේ ගොඩ ගොවිතැන්ද මඩ ඉඩමේ මඩ ගොවිතැන්ද කළ හැකිය. එහෙත් පොළොවේ වෙනත් කිසිම ඉදිකිරීමක් හෝ පොළොව හෑරීමක් හෝ කළ නොහැකිය.


දික්ගේ නටන්නේ මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන්ය. මාණික්‍ය මහගේ පවුල් හතර වරිගයක් සබරගමුවේ ජීවත් වූහ. සබරගමුව මාණික්‍ය මහගේ ඉන් එක් පිරිසකි. මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපයිය යුතු වූයේ මහ සමන් දේවාලයටය. දේවාලයේ පෙරහරටත් පෙරහරෙන් පසු නිලමේවරුන් සන්තෝෂ කිරීමටත් මේ පවුලේ ගැහැනු නැටිය යුතුය. ඊළඟට එගොඩ කුට්ටමේ මාණික්‍ය මහගේලා ය. හුණුවල මාණික්‍ය මහගේලා සහ හිරිකත්දෙණියේ මාණික්‍ය මහගේලා ඉතිරි පවුල් දෙකය. මේ පවුල් හතරේ ගැහැනු උදවිය රත්නපුර දිසාවේ නින්දගම් හිමි ප්‍රභූවරුන් සඳහා නර්තනයෙන් තම සේවය සැලසිය යුතු විය. ඉතා රූමත් මෙම කතුන් ඉලන්දාරින් පමණක් නොව මහල්ලන් පවා වශීකරගන්නා සුලු ය. 
ඇමිටියගොඩ සන්නසට අක්කර නවදහසක් අයත්ව තිබූ බව කියති. ඇමිටියගොඩ නින්දගමද පුරාණ රාජකාරි ක‍්‍රමයට අනුව හැඩ ගැසුණු ගංගොඩැලි ගණනාවකින් යුතු භූමි ප‍්‍රදේශයක් විය. වලව්වේ හිමිකාරයෝ අක්කර නව දහසක භුමියේ ජීවත් වන ගැමියන්ගේ ප‍්‍රධානියාය. ප‍්‍රධානියාට වඩා හිමිකාරයාය. ඔවුන්ගේ සියලු ආවාහ, විවාහ සිදු කෙරෙන්නේ වලව්වේ ප‍්‍රධානියාට පවසා ඔහුගේ අවසරය ලැබුණොතිනි. 
ගෙවල් කීපයක් ඇති තැන ගංගොඩය. වලව්වක් වටා මෙවැනි ගං ගොඩැලි කීපයක් තිබේ. මේ ගොඩැලිවල ජීවත් වන අය බණ්ඩර හාංදුරුවන්ගේත් වලව්වේ හාංදුරුවන්ගේ හා ඩිංගිරි අප්පොලාගේත් ප‍්‍රයෝජනයට තමාගේ රාජකාරි ඉටු කර දිය යුතුය. වලව්වේ හාංදුරුවන් කියන්නේ බණ්ඩර හාංදුරුවන්ගේ බිරිඳය. ඩිංගිරි අප්පෝ කියන්නේ වලව් හිමිකරුගේ නැගණියන් හෝ දියණියන්ය. මේ කාට කාටත් අවශ්‍ය දේ ඉටුකර දීම නින්දගම්වාසීන්ගේ රාජකාරිය ය. නින්දගමක් යනු කුඩා රාජ්‍යයකි. යටත් වැසියන් පිරිවරා ගෙන සිටින රජකමට සමානය.
සබරගමුවේ බිහිවූ මුල්ම වලව් දහතුනේම දික්ගෙයි නැටුම් කාමර තිබූ බව විශ්වාස කෙරෙයි. මඩුවන්වල වලව්වේ දික්ගෙයි නැටුම් කාමරය අදට ද සුරක්ෂිතව පවතී.
දික්ගෙයි නැටුම් නැරඹීම වලව්වේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයකි. බාහිර පුද්ගලයන්ට එය නැරඹීම තහනම්ය. සමහර වලව්වල දික්ගෙයි නැටුම් කාමරය ලෙස භාවිත වූයේ සුදු තිරවලින් වට කළ කාමරයකි. එසේ කළේ ද බාහිර අය ඇතුළුවීම වැළැක්වීම සඳහාය. 
ප්‍රභූවරයකු වලව්වේ සංචාරය පිණිස පැමිණෙන අවස්ථාවේ ඔහු සතුටු කිරීම පිණිස දික්ගෙයි නැටුම් නැටීම සිදුවිය. අද මෙන් ගුවන්විදුලි, රූපවාහිනී හෝ සංගීතමය වැඩසටහන් නොවූ එකල වලව්වලට පැමිණෙන අමුත්තන් සතුටු කළේ ගැමියන් ඒකරාශි කර පවත්වන උත්සව මගිනි. එයට සහභාගි වන ගැමියෝ වලව්වේ නින්දගම්වල ජීවත් වන අය වෙති.

වලව්වට එන අමුත්තා බොහෝ විට තවත් ප්‍රභූවරයකු හෝ ආණ්ඩුවේ නිලධාරියෙකි. වලව්වේ හිමිකාරයා වන බණ්ඩර හාංදුරුවන් මෙවැනි රාජ්‍ය ප්‍රභූවරයකුගෙන් බලාපොරොත්තු වන වරප්‍රසාද ද තිබිය හැකිය. මේ නිසා රාජ්‍ය අමුත්තා සතුටු කළ හැකි ආකාරයේ නිවාඩුවක් තම වලව්වේදී ගත කිරීමට දීම බණ්ඩර හාංදුරුවන්ගේ අපේක්ෂාවය. මේ නිසා දඩමස් ඇතුළු රසමසවුලෙන් යුතු ආහාර ද කන පිනවන සංගීතය සහ නෙතු පිනවන නර්තනවලින් රාජ්‍ය අමුත්තා සතුටු කිරීමට නින්දගම් වලව් හිමි බණ්ඩර හාංදුරුවරු සැදී පැහැදී සිටියහ.
කනට සංගීතය ද නෙතට නර්තනය ද සපයන්නේ නින්දගම් වාසී ජනයාය. ගීත ගැයීම සඳහා පිරිමි ද නර්තන කටයුතු සඳහා කාන්තාවන්ද සහභාගි වෙති. මෙය එක් අතකින් අද භාවිත වන ආකාරයේ පැදුරු සාජ්ජයක් ලෙස ද සැලකිය හැකිය. පළමුව පිරිමි සීප ද කියති. එයට තාලය අල්ලති. සමහරු පැල්කවි කියති. කාන්තාවන්ගේ නැටුම එන්නේ ඉන්පසුවය. මෙම කාන්තාවන්ගේ ඇඳුමකින් වැසී ඇත්තේ යටිකය පමණි. උඩුකයට ඇඳුමක් නැත. 
‘‘මෙම නැටුම තිබිල තියෙන්නේ මැද මිදුල අයිනේ කොටසක. සුදු රෙදිවලින් ආවරණය කරලයි මෙම කුටිය හදාගෙන තිබෙන්නේ. දේවාලවල දෙවියන් සතුටු කිරීම සඳහාත් රජුන් හා රදළයන් සතුටු කිරීම සඳහාත් දික්ගේ නැටුම නටා තිබෙනවා. දෙවියන් වර්ණනා කරමින් තමයි දේවාලවලදී නටල තියෙන්නේ. අදටත් ඒ වචන යොදා කරන ගීතිකා දේවාලවල ගැයෙනවා. අපේ ඇමිටියගොඩ වලව්වේ ආදි මුතුන් මිත්තන් දික්ගේ නැටුම නැරඹුව කියා සංකේතවත් වන ගිරයක් අදත් වලව්වේ තිබෙනවා’’ උදය ඇමිටියගොඩ මහතා සඳහන් කරයි.


A day in the life

2025-03-22

'දේශබන්ධු තිර නාටකය'




පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙතෙක් සිදුවූ සිඳුවීම් තුලින් සිනමා පටයකට, හෝ ටෙලිවෘත්තාන්තයකට සුදුසුයැයි මට හැඟුනද, ලබන වසරේ හෝ මෙම වසරේ අවසානයේ මා නිර්මාණය කරන 'The Colour Snakes' නම් චිත්‍රපටය තුළද මෙවන් චරිතයක් ඇති බව පසුව මට සිහිවිය. එය වෙනම කථාවකි.

මාතර මහේස්ත්‍රාත් විසින් දේශබන්ධුව වරෙන්තු කර දින 20 ක් යන තෙක් පොලිසියට ඔහුව සොයා ගැන්මට නොහැකිවූ බව කියන සිද්ධාන්තය තිර නාටකයට අයත් දෙයක් බව කව්රුත් දන්නා සත්‍යයකි. පොලිසිය විසින් තම වෘත්තීය, ප්‍රධානියාව එසේ පාවා දීම නොකෙරුවෙ, තමන්ගේම වරිගේ මහඑකාව පාවා දීමේ, කුණු ගොඩට අහුනොවී ඔහේ අහක බලා සිටීම, තම ජීවිතයටත්, වෘත්තියටත් හිතකර බැවිනි. පොලිසිය තුලින් එක 'ජූදස්' කෙනෙකුව සොයා ගැන්මට නොහැකි වූයේ ඒ නිසා විය හැක. ලංකාවේ නීතිය කෙතරම් ස්වාධීනයයි කීවද, ඔය නීතියේ චූටි හිලකින් හෝ රිංගන හැටි දේශබන්ධුලා හොදාකාරව දනී. අනිත් අතකට අනුරගේ ටීම් එක, විශේෂයෙන් නීතිය පිළිබද ඇමති හර්ෂණ නානායක්කාර පමණක් නොව පොලිස් ඇමති විජේපාලද තවම ට්‍රේනිං පීරියඩ් එකේ සිටින බව දේශබන්ධුලා, ටිරාන්ලා, රනිල්ලා හොඳටම දනී. එහෙයින් මේ ට්‍රේනිං පීරියඩ් එකේ සිටින අදාල අංශ ඇමැත්තන්ගේ දෑස් නොවසාම ඔවුන්ට පෙනී පෙනී නීතියේ හිල් අස්සෙන් රිංගන හැටි දේශබන්ධුලා දනියි. එවිට හර්ෂණ නානායක්කාර ට සිද්ධ වෙන්නේ අර ඉස්සර යොවුන් කාලයේ වාගේ නැවතත් ලාංකීය සිනමා ලෝකයට අවතීර්න වී, සංගීතා වීරරත්න සමඟ 'යසස' වැනි විත්‍රපටවල රඟපෑමටය. දැන් ඔවුන් එලෙස රඟපෑමට වයස වැඩිද කියන එක වෙනම ප්‍රශ්නයකි.

දේශබන්ධු භාර වීමට සති දෙකකට පෙර ඔහු ඔහුගේ නිතිඥ වරයෙකු අතේ ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා යැවූ රීට් පෙත්සම ගෙන ගිය එකී නිතිඥයවරයා දේශබන්ධු සිටින තැන දැනගත යුතුමය. නැත්නම් ඔහු ඒ රීට් පෙත්සම පිළියෙල කරන්නේ කෙසේද? දේශබන්ධු ව හොයා ගැන්මට අවශ්‍යව තිබුණා නම් පොලිසියට ඒ නිතිඥ වරයාගෙන් දැන ගන්නට ඉඩ තිබුණි. එහෙත් වෘත්තිමය ලෙස නිතිඥ ක්‍රේෂ්තය තුල තමසේවාදායකයාගේ රහස්‍ය භාවය රැකිය යුතුද කියන එක නම් මා දන්නෙ නැත. ඇතැම් විට එය එසේ විය හැක.

දේශබන්ධු සැඟවී සිටියා යැයි මා සිතන්නේ නැත. ඔහු කිසියම් ප්‍රභූවරයෙක් යටතේ ඉතාමත් සුඛෝපභෝගිව සිටින්නට ඇත. වෙනසකට වූයේ ඔහු වැඩිය එළිපෙහෙලියට නොයෑමය. දේශබන්ධු සිටින තැන, පොලිසියේ බොහෝ දෙනා දැනන් සිටියහ. එය වැඩ බලන පොලිස් පති තුමාද දැන සිටියේය. ඇතැම් විට , හර්ෂණද, විජයපාලද ඇතැම් විට අනුර සහෝදර ජනාධිපති තුමාද දැන සිටින්නට ඇත. නමුත් දේශබන්ධු එක දිගටම සුපුරුදු මිනිස් ආශ්‍රයෙන් තොරව සිටීමට නොහැකි නිසා ඔහු කවදා හෝ අධිකරණයට භාර වී, මේ නූල් බෝලය ඔහු විසින්ම ලිහා ගනු ඇතැයි ඔවුන් සිතා සිටින්නට ඇත. එසේ ලිහා ගැනීමට අපහසු වන තැන්, රනිල් හා ටිරාන්ද, ඒ සමඟ ආණ්ඩුවෙ ⁣විජේපාල හා හර්ෂණද, තවත් අපහසු වුවහොත් ජනපති අනුර සහෝදරයාද එක්වී ලිහා දෙනු ඇත. ඉන් පසු මෙතෙක් දේශබන්ධු වෙනුවෙන් දැඩි විරෝධයක් පාන සොලිසිටර් දිලීප පීරිස්ගේ පැත්තට නඩුව හැරීමටද පුළුවන. මහේස්ත්‍රාත් තුමාටද මාරුවක් ලැබීමේ හැකියාවද ඇත. ඒ තිරනාටකයට අයත් වන එක් සිනොප්සියකි.

දෙවැන්න සජීව සිදුවීමයි. එක්වරම හදිසියේම දේශබන්ධු අධිකරණය⁣ට භාරවීමය. එය මීඩියාව හදිසි භාරවීමක් ලෙස පෙන්වූවද, එය කිසිසේත්ම හදිසියේ සිඳුවීමක් නොවේ. එය, රනිල්, ටිරාන් ඇතැම් විට මහී,ගෝඨාභය මෙන්ම අනුර සහෝදරයාගෙද සැලැස්මක් විය හැක. දේශබන්ධු ටයි කෝට් පැලඳ ගෙන තම බෙන්ස් රථයෙන් කිසිදු බියක් නැතිව අධිකරණයට පැමිණ බංකුවෙ ඉඳගෙන සිටියේ තමාව වරෙන්තු කෙරුවෙකු හෝ තමන්ව දින 20 ක් තිස්සේ පොලිසිය රට පිර පීරා හොයන පුද්ගලයෙක් කියා වගේ වගක් නැතිවය. පොලිසිය පීර පීරා කිව්වට, පොලීසියට අනන්ත අප්‍රමාණ වාරයක් දේශබන්ධුව හමුවෙන්නට ඇත. සාමාන්‍ය වරන්තු කරුවන් ඉදිරියේ අතීශයින්ම අසංවර, අසංවේදී වන පොලිසිය, දේශබන්ධු ඉදිරියේදී අතීශයින්ම සංවේදි වී හොටු පෙරාගෙන හඬමින් 'අපි කොහොමද සර්, සර්ව අල්ලන්නේ. සර් කැමති කාලයක් ඉඳලා කැමති නම් විතරක් අධිකරණයට භාර වෙන්න. අපි දැක්කා නොදැක්කා වගේ ඉන්නම්' කියා කියන්නට ඇත. ඒ අතරේදී 'සර් ඔහොම ඉන්නගමන් අනුරයියටත් කෝල් එකක් දෙන්න. අනුරයියා ටීවී වල වැඩ දැම්මට, සර් කෝල් කරපු ගමන් සංවේදි වෙලා සර්ව ගොඩ දායි.. දැං බලන්න මහින්දව නිල නිවසින් එළියට දානවා කියලා ටීවී වල, ස්ටේජ් වල අඩ් හප්පලා කෑගහලා කිව්වට, ඔය මහින්ද අපූරුවට ඉන්නේ. ඒ වගේ තමා සර් අනුරයියට තමන් විඳින දුක් කන්දරාව කියන්න. අනුරයියගෙ හිත උණුවෙලා ඇහෙන් කඳුලු පැනලා නහයෙන් හොටු ටිකකුත් එන සයිස් එකටම කියන්න. එතකොට ඔක්කොම හරියනවා. දැනටමත් ඔය ඉල්ලීම් රනිලුයි ටිරානුයි අනුරයියට කියලා ඇති. ඒත් සර්ත් කෙලින් කිව්වොත් වැඩේ ගොඩ. වැඩිම වුනොත් කියයි පළාත්පාලන ඡන්දය ඉවර වෙනකල් රිමාන්ඩ් එකේ ඉන්න කියයි. මොකද අනුරයියට ඒක හොඳ තුරුම්පුවක් හින්ද?

සිනොප්සියේ තුන්වැන්න නිතිඥ වරුන් 50 ක් එක්වර අධිකරණයට ඒම. එය මාධ්‍ය විසින් හුවා දක්වන්නේ ඒ දිනම සිදුවූවක් ලෙසටය. එය කෙසේවත් සිදුවිය නොහැක. මෙම නීතිඥ වරුන් සමඟ දේශබන්ධු අවම සතියකට පමණ පෙර සිටම සම්බන්ධ වී ති⁣බිය යුතුය. ⁣නැත්නම් මෙම සැලැස්ම කළ නොහැක. මෙම නිතිඥ වරුන්ගේ විවිධ විවිධ නීතිමය දක්ෂතාවයන් මත දේශබන්ධු ට ඇප අරන් දීම ටොයිස් ය. ඔවුන් අනේක ලෙස දේශබන්ධුට තම වෘත්තිමය පුරාජේරුව කියන්නට ඇත. ඔවුන්ගේ උපදෙස් මතය දේශබන්ධු මඟුල් ගෙදරකට යනවාක් මෙනි ටයිකෝට් පැළද ගෙන අධිකරණයට පැමිණියේ. අධිකරණයට බඩගාගෙන ආ යුතු වරෙන්තුවෙක් විරාජමාණව පැමිණීමෙන් හෑල්ලු කළේ සමස්ත පොලීසියද, නැත්නම් අධිකරණය ද කියා නම් තෝරා බේරා ගැන්මට නොහැක.

නීතිඥ වරු 50 දෙනා සිතුවේ, 50 දෙනෙක් අධිකරණයට එක් වර කඩාවැටීමෙන් මහේස්ත්‍රාත් ගේ එනජිය බාල කිරීමටය. එසේ බාල කර දේශබන්ධු ට ඇප අරන් දී තම සේවාදායකයා ව සතුටු කිරීමටය. එය වරදක් නැත. ඒ ඔවුන්ගේ වෘත්තියය.

එහෙත් එම අවස්ථාවට සොලිසිටර් දිලීප පීරිස් පැමිණේයැයි නම් ඔවුන් කිසිවෙක් සිතුවේ නැත. දිලීප පීරිස්ව දුටු විටම වැඩේ ජෝන් බාස්ට යන විත්තිය ඔවුන්ට වැටහුණේ දිලීප පීරිස් යුක්තියට සාධාරණත්වයට දැඩිව කැපවෙන කෙනෙක් නිසාය.

නඩුව පටන් ගැණුනි. දිලීප ⁣පීරිස් වටේටම නෙළුවේය. නිතිඥ 50 දෙනාට මීක් නැතිවිය. දේශබන්ධු යනු මදූෂ්ටත්, හරක් කටාටත් වඩා සංවිධායක අපරාධකාරයෙක් බව දිලීප පීරිස් අඩි හප්පමින් කීවේය ,දේශබන්ධු ඇඳ සිටි ලන්කට්ටුවට චූ බින්දුව බින්දුව පෙරෙන්නට විය. ඔහු සිතුවේ මේ සියල්ල අද නිමවී ඇප ලබා අර නිතිඥ වරු 50 දෙනාම තම ඉස්කාගාරයට රැගෙන ගොස් මුලු දවසම, නැත්නම් දවස් දෙක තුනක්ම බී ගෙන කාගෙන ආතල් ගන්නටය.

දිලීප පීරිස්ගේ ඉදිරිපත් කිරීම තුලින් මහේස්ත්‍රාත් ගේ එනිජිය වැඩි විය.
'මෙම පුද්ගලයා ඔබ තුමාටත් දෝෂාරෝපණය කර පෙත්සමේ සඳහන් කර තිබුණා, ඔබ තුමා ගරු අධිකරණයේ දොර අගුල් දා මොහුට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට' කියා දිලිප පීරිස් මහෙස්ත්‍රාත් ටත් දේශබන්ධු ගැන තව තවත් ඇරියස් වැඩි කළේය., එම කථාව අසන විටම 'දැන් නම් ගැලවීමක් නැතැයි දේශබන්ධු ට පමණක් නොව අර නිතිඥ වරුන් 50 දෙනාටම සිතෙන්නට ඇත.

දැන් දේශබන්ධු රිමාන්ඩ් භාරයේය. එහෙත් ඔහු තවම නීතිය ඉදිරියේ වැරදි කරුවෙකු නොවේ. ඔහු සැක කරුවෙකු පමණි. ඔහු වැරදි කරුවෙකුද, නිවැරදි කරුවෙකුද, ඔහුට ඇප ලබා දෙනවාද කියා තීරණය වන්නේ ඉදිරි නඩු වාරයන් වලදීය

සිනොප්සියේ අනෙක් කොටස මෙසේය. දැන් දේශබන්ධු සාමාන්‍ය කුටියක ගාල් කර ඇත. ඔහු දැන් කන්නෙත් නැත, බොන්නෙත් නැත. කිසිවෙක් සමඟ කථා කරන්නෙත් නැත. ඔහේ බලාගත් අත බලාගෙන සිටියි. මාධ්‍ය එසේ කියනු ඇත. නමුත් මෙයද නිතිඥ වරුන් 50 දෙනාගෙ සැලැස්මකි. ඔවුනුත් මේ පිළිබඳව කුමක් හෝ කල යුතු වේ. ඔවුන් තවමත් උත්සහා කරනුයේ දේශබන්ධු මානසිකව වැටුණු බවක් පෙන්වා ඇප ලබා ගැනීමටය. නොකා නොබී සිට ලෙඩ කර, නැවත නඩුවාරය එනතෙක් හෝ පුද්ගලීක රෝහලේ හෝ නැවැත්වීමටය. අවම ජාතික රෝහලේ හෝ නැවැත්වීමටය. මේ සියල්ලම කර ගත නොහැකි වුවහොත් අඩුම තරමේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමටය.

බොහෝ විට ඔහුට මෙම අප්‍රේල් 3 වනදා ඇප ලැබේවී. ඉන්පසු නඩුව ඇඳි ඇඳී යාවි. මහේස්ත්‍රාත් වරයාවත් කොහාට හෝ මාරුකරාවි. අනුරයියාටත් පලාත්පාලන ඡන්දය ගැන හිත යොමුකරන විට ඔය සිද්ධිය අමතක වේවි. රනිල්, ටිරාන්,මහින්ද, අනුරයියාට කරන්න ඕනෙ මොනවාද කියා උපදෙස් දේවී. අපි පොඩි කාලේ හිතුවේ ඩඩ්ලි සේනානායකයි, සිරිමාවෝ බණ්ඩාරනායක යි නයි වෛරයෙන් සිටිනවා කියාය. පසුව දැනුන් තේරුම් වයසට පැමිණෙන විට සිතුවේ මහින්ද රාජපක්ෂයි, රනිල් වික්‍රමසිංහයි නයි වෛරයි කියාය. ඉන්පස්සේ සිතුවේ ගෝඨාභය රාජපක්ෂ යි සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. කෙතරම් මුහුකුරා ගියත් දැනුත් හිතෙන්නෙ ජනාධිපති අනුර කුමාරයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. ඇත්තටම අපි තවම කොච්චර චූටිද කියා සිතෙන්නෙ එවිටය. මා පාසැල් සඟයා වූ රන්ජන් රාමනායක 'උං ඔක්කොම යාලුයි මල්ලි' කියා කියපු කථාව සිහියට එන්නට විය.

දේශබන්ධු ට ඉදිරියේදි කෙරෙන්නේ මොනවාද කියා දන්නෝ දනිති. ⁣එය දැනට රහසේ පත්වී ඇති කොමිසම තීරණය කරාවි. එම කොමිසමට රනිල්, ගෝඨාභය, මහින්ද, ටිරාන්, පමණක් නොව අපි පත්කෙරු අපේ අනුරයියාද සිටින බව කව්රුත් දන්නා රහසකි. දේශබන්ධු වැන්නෙක් ව හිර ගෙයක ගාල් කල යුතු චරිතයක් නොවේ. ඔහු හොඳ ඡන්ද ගුණ්ඩුවකි. එහෙයින් එකී කොමිසම ඉතාමත් සුපරික්ෂාවෙන් දේශබන්ධු නාටකය රඟදක්වා එය ඔවුනට වාසිවන විදියට නිම කරනු ඇත.
හේතුව මේ හැම දේශපාලුවෙකුට දේශබන්ධු කෙනෙකුද අවශ්‍ය නිසාය.

දේශබන්ධු ගේ චරිතය මට විශේෂ වන්නේ ඒ තුලින් හොඳ තිරනාටකයක් ලියා චිත්‍රපටයක් කිරීමටය. හේතූව දේශබන්ධු ගේ කථාව තනිකර⁣ම නාටකයක් නිසාය.

මට ඇති විශාලම ප්‍රශ්නය, මේ තුලින් මා චිත්‍රපටයක් කරන්නේ නම් දේශබන්ධු තෙන්නකෝන් ගේ චරිතය⁣ට මා තෝරා ගන්නා නළුවා කව්ද කියාය.


-ශෝන් මැක්ස්මස් දිසානායක
A day in the life

2025-03-19

ලුණු වලින් කලහැකි හපන්කම්




 

ඉඳුල් ගඳ ඇති ඕනෑම බඳුනක් ලුණු මිශ්‍ර
ජලයෙන් සෝදන්න. ඉඳුල් ගඳ නැතිවේ.
මල් පර නොවී දින කීපයක් තබා ගැනීමට එම
මල් බඳුනට ලුණු කැට ස්වල්පයක් දමන්න.
කට්ලට් බදිනවිට ඒවා කැඩීම නවතාලීමට
තෙල් තාච්චියට ලුණු කැටයක් දමන්න.
අකලට හිසකෙස් යන්නේනම් උණු වතුරට
ලුණු ස්වල්පයක්දමා හිස
සෝදන්න. හිසකෙස් යාම වලකී.
භූමිතෙල් ලාම්පුවේ ආලෝකය වැඩිකිරීමට
හා තෙල් පිරිමසා ගැනීමටත් එම ලාම්පුවේ
තෙල් අතරට ලුණු කැට කිහිපයක් දමන්න.
ඔබගේ පරිස්සමට හාල් තබන බඳුනේ හො
මිටි සහල් බඳුනේ ගුල්ලන් පනුවන් ඇතිවීම
කරදරකාරී දෙයකි.එය තුරන් කරගැනීමට
ලුණු ස්වල්පයක් කුඩු කර ඉසින්න නැතිනම්
කොහොඹ කොල, දෙහි කොල වුවත් සහල්
වලට දමන්න. කෘමීන්ගෙන් හානි නොවේ.
ලුණු ඉක්මනින් දියවීම වැලැක්වීමට සහල්
ඇට කිහිපයක් එක්කරන්න.ලුණු ඉක්මනින්
දිය නොවේ.
වළං පිලීගඳ නැතිවීමට නම් ලුණු වතුර
ස්වල්පයක් දමා සෝදන්න.
පහසුවෙන් මාළු පිලීගඳ නැතිකර ගැනීමට
මාළු සෝදනවිට ලුණු කැට ස්වල්පයක් දමා
සෝදන්න. මාළු පිලීගඳ නැතිවේ.
ලිපිය උපුටා ගැනීමකි
මුල් අයිතියට ස්තූතියි
ප්‍රියංකර මධුමාලි. 🙏


A day in the life

2025-03-18

නීති වෘත්තිකයන් ගේ වගවීම.




චතුරංග අමරතුංග.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ.




ලෝයස්ල අපරාධකාරයො වෙනුවෙන් පෙනී ඉන්නව. අපරාධකාරයො බේරගන්නවා, කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්නවා , අපරාධකාරයන්ගෙන් සල්ලි ගන්නවා. කවුරුහරු ප්‍රසිද්ධ අයෙක් නිදහස් උනාම , ඇපයක් ගත්තම ඔය කතා ටික නිතරම කියවෙනවා. අනුරාධපුර වෛද්‍යවරියගේ නඩුවේ සැකකරු වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී ඉන්න ඉඩ තියෙනවා. ඔන්න එතකොට ආයෙත් ඔය බැනුම අලුත් වෙනවා..
එහෙම බනින්නෙ , චෝදනා කරන්නෙ නීතිය , චූදිතයෙකුට ඇති අයිතිවාසිකම් , මෙරට ක්‍රියාත්මක නීති ක්‍රමය , නීතිඥවරයෙකුගේ කාර්‍යභාරය හා අධිකරණ ක්‍රියාදාමය ගැන අවම දැනුමක්වක් නැති මිනිස්සු.. නීතිය පිළිබඳ මූලික දැනුමක් නැති මිනිස්සු කරන එවැනි චෝදනා අපි නොසලකා හරිනවා..ඔය චෝදනාවන්ට මේ සටහනෙන් කෙටි පිළිතුරක් ලබාදෙන්නම්..
නීතිඥ වෘත්තිකයෙක් තමන් ඉදිරියට එන ඕනෑම නඩුවක් භාරගත යුතුයි. එය ප්‍රතික්ෂේප නොකල යුතුයි. තමන්ට නිසි උද්‍යෝගයෙන් එම නඩුව කරගෙන යාමට නොහැකි නම් හා නඩුවට පෙනී සිටීමෙන් සම්බන්ධතා අතර ගැටුමක් ඇතිවන බව පෙනීයන්නෙ නම් පමණක් එය භාර නොගත යුතුයි. නීතිඥ වෘත්තිය පිළිබඳ ඔය සංකල්පය විශ්වීය එකක්. ලංකාවේ අපිට පමණක් අදාල දෙයක් නෙවෙයි. ඕකට කියන්නෙ Cab Rank Rule කියල. මෙයින් සරලවම කියන්නෙ නඩු තෝරා බේරාගෙන භාර ගැනීමෙන් සේවාදායකයන් වෙනස්කම්වලට භාජනය නොකල යුතුය යන්නයි..
ලෝකයේ ප්‍රධාන නීති ක්‍රම දෙකක් පවතිනවා. ඒ චෝදනාත්මක ක්‍රමය (Adversarial Legal System) හා විමර්ශනාත්මක ක්‍රමය ( Inquisitorial Legal System) ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නෙ චෝදනාත්මක ක්‍රමය. මෙම ක්‍රමයේදී චෝදනා කරන පාර්ශ්වය (Prosecutor , පැමිණිල්ල) විසින් චූදිත හෝ චූදිතයන් අදාල වරද සිදුකල බව ඔප්පු කල යුතුයි. එය සාමාන්‍ය ඔප්පු කිරීමකින් එපිටට ගොස් සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond the Reasonable Doubt) ඔප්පු කල යුතුයි. පැමිණිල්ල කියා සිටින වරද තමන් සිදු නොකල බව ඔප්පු කිරීමේ වගකීමක් චූදිතයන් වෙත පැවරෙන්නේ නෑ..
වරදක් (Offense) කියන්නෙ යම් නීතියකින් තහනම් කල ක්‍රියාවක් කිරීම හෝ යම් නොකර හැරීමක්. වරද සිවිල් හා අපරාධ වශයෙන් දෙයාකාරයි. අපි මෙහි අපරාධ වැරදි ගැන පමණක් කතා කරමු..
සෑම අපරාධ වරදක්ම සලකන්නෙ රජයට (State) එරෙහිව කරන වරදක් ලෙස. ඒ නිසා අපරාධ වැරදි සම්බන්ධයෙන් ගරු අධිකරණය ඉදිරියේ නඩු පවරන්නෙ රජය. රජය කිව්වම මේ ගැන නොදන්න ඔබට ගැටලුවක් මතුවෙන්න පුලුවන්. මහෙස්ත්‍රාත් අධිකරණයේ පොලිසිය , සුරාබදු , පාරිභෝගික අධිකාරිය වගෙ ආයතනනෙ නඩු පවරන්නෙ. ඉතින් කොහොමද රජය නඩු පවරනවා කියන්නෙ කියල..
පොලිසිය , සුරාබදු දෙපාර්තමේන්තුව , පාරිභෝගික අධිකාරිය , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වන ජීවි දෙපාර්තමේන්තුව , විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය , මහජන සෞඛ්‍ය පරීක්ෂක , කම්කරු දෙපාර්තමේන්තුව , ගොවිජන දෙපාර්තමේන්තුව වගෙ කිව නොහැකි තරම් ආයතන සංඛ්‍යාවක් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා. මේ සියලු ආයතන රාජ්‍ය ආයතන. අන්න ඒකයි රජය නඩු පවරනවා කියන්නෙ..
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) අ වගන්තිය අනුව ඉතාමත් සීමිත අවස්ථාවදී පෞද්ගලිකව නඩු පවරන්න පුලුවන්. නමුත් එහෙම පවරන නඩු ලක්ෂකට එකක්වත් නෑ. පවරල දිනපු නඩුනම් එකක්වත් ගැන දැනුමක් නෑ..
පහුගිය දවස්වල නිතරම කතාබහට ලක්වුණු නීතිපතිවරයා (Attorney General) තමයි රජයේ ප්‍රධාන නීති නිලධාරියා. ඔහු පෙනි ඉන්නෙ රජය වෙනුවෙන්. සෑම අපරාධ වරදකදීම නීතිපතිවරයා නියෝජනය කරන්නෙ පැමිණිලි පාර්ශ්වය. නීතිපතිවරයාට ඔහුගෙ කටයුතු කරගෙන යාමට දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව (Attorney general department) .
බරපතළ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරන්නෙ මහාධිකරණයේ (Criminal High Court). අධි චෝදනා (indictment) ගොනු කරනවා කියන්නෙ ඒ නඩු පැවරීමට. මහාධිකරණයේ ඉදිරියේ නඩු පවරන්න පුලුවන් නීතිපතිවරයාට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණයි. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පුලුවන් අල්ලස හා දූෂණය සම්බන්ධ වැරදි සඳහා පමණයි. එයත් කොළඹ මහාධිකරණයේ පමණයි. සාමාන්‍යයෙන් අල්ලස් කොමිසම වසරකට පවරන්නෙ නඩු 50 ක් විතර. ඉන් භාගයකට වඩා ඉල්ලා අස්කර ගන්නවා..
නීතිපතිවරයාට පුලුවන් රජය පවරන ඕනෑම නඩුවකට රජය වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වගෙම මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල විමර්ශන සඳහා නිසි උපදෙස් ලබාදීම. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩුවලදී පැමිණිල්ලෙ කාර්ය පමණක් කරන නිසා අපරාධ නඩු සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂ කුසතාවයක් තිබිය යුතුයි..
ජනතාව හිතාගෙන ඉන්නවා පොලිසිය කවුරුහරු යම් චෝදනාවකට අල්ලගෙන ගෙනාවම ඔහු වරදකාරයෙක් කියල. වර්තමාන ජඩ මාධ්‍ය උසාවි දාන්නත් කලින් මාධ්‍යයෙන් නඩු අහල වැරදිකරු කරල දඬුවම් කරකත් ඉවරයි. හොදට මතක තබාගන්න වැරැද්දකට මුලින් අල්ලල ඉදිරිපත් කරන්නෙ සැකකරුවෙක් (Suspect). ඔහුට නිශ්චිත චෝදනා ගොනු කරාම චූදිතයෙක් වෙනවා (Accused) . නඩු අහල අදාල චෝදනා ඔප්පු වුනොත් වැරදිකාරයෙක් වෙනවා..
අපේ රටේ මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා තිබෙනවා අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුට , චූදිතයෙකුට හිමිවන නෛතික අයිතිවාසිකම් මොනවාද කියල. ඒවා මූලික අයිතිවාසිකම්. 13 (3) ව්‍යවස්ථාව අනුව චූදිතයෙකුට සාධාරණ නඩු විභාගයකදී පෞද්ගලිකව හෝ නීතිඥවරයෙකු මඟින් කරුණු කියාපෑමේ අයිතිවාසිකම පරම අයිතියක් බවට පත්කර තිබෙනවා..
ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහය (Criminal procedure Code) ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවල චූදිතයන්ගේ අයිතිවාසිකම් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්තිය , මානව හිමිකම් ඇතුළු විශ්වීය සම්මුතිවල නීතිඥ නියෝජනයක් ලැබීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබෙනවා.. චූදිතයන්ට ඔවුන්ට හිමි නෛතික අයිතිවාසිකම් ලබාදීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමක්..
නීතිඥවරු උසාවියට බොරු කියනවා, අපරාධකාරයො බේරගන්නවා යන්නට පිළිතුරක් නඩු ඇසුරින්ම දෙන්නම්..
මම කිව්වනෙ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වැරදි හැර අනෙකුත් අපරාධ වැරදි සඳහා මහාධිකරණය ඉදිරියේ නඩුපන්න පුලුවන් නීතිපතිවරයාට කියල. අධිචෝදනා පත්‍රයෙ සඳහන් වෙන්නෙ ජනරජය එරෙහිව චූදිතගෙ නම. ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අපරාධ නඩුවලදි සෑමවිටම පෙනී සිටින්නෙ පැමිණිල්ල (Prosecution) වෙනුවෙන් නිසා අපරාධ නඩුවල පැමිණිල්ල පිළිබඳව ඔවුන්ට විශේෂඥභාවයක් තියෙනවා. පොලිසිය විසින් හෝ මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් නීතිපතිවරයා වෙත යවන නඩු ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයන් කිහිප දෙනෙක් අධ්‍යනය කරනවා. ඒ නිසා වැරදීම් , මගහැරීම් දෝෂ වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි..
හැබැයි පසුගිය කාලෙ දැක්ක පවරපු නඩු නීතිපතිවරයා විසින් තාක්ෂණික දෝෂ මත ඉල්ලා අස් කරගැනීම. ඒ වගෙම සාමාන්‍ය තැනැත්තන් නොවන වරප්‍රසාදිත තැනැත්තන්ට එරෙහිව පවරන නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් වීම. ඇයි මෙහෙම වෙන්නෙ ? ඒකට එක හේතුවක් දැඩි නොසැලකිල්ල වෙන්න පුලුවන්. නමුත් ප්‍රධානම හේතුව තමයි යම් යම් සම්බන්ධතා මත ඉල්ලා අස්කර ගැනීමට හා චූදිතට ජයගත හැකිවන ලෙස දෝෂ සහිතව නඩු පැවරීම..
මහාධිකරණය ඉදිරියේ පවරන නඩුවලදී පැමිණිල්ල වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙක්. ඒ නිසා විත්තිය හා පැමිණිල්ල නියෝජනය අතින් සමානයි. කිසිම නීතිඥවරයෙකුට බොරු කියන්න බෑ. මොකද අනිත් පැත්තට නීතිඥවරයෙක් හා විනිසුරුවරයෙක් ඉන්නවා..
මහාධිකරණය ඉදිරියේ නඩුවලදී නීතිපතිවරයා , පොලිස් දෙපාර්තමේන්තුව , රජයේ රස පරීක්ෂකවරයා , අත් අකුරු විශේෂඥයන් , ඇඟිලි සලකුණු විශේෂඥයන් , අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා රජයේ වෛද්‍යවරුන් , පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් ඇතුළු මුලු රාජ්‍ය සේවයම සමහර අවස්ථාවල පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා. මුලු රජයක්ම පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නකොට චූදිත වෙනුවෙන් ඉන්නෙ නීතිඥවරයෙක් ව්තරයි. මුලු රාජ්‍ය යාන්ත්‍රණයම එකතු වෙලා තමන් විසින්ම එල්ල කරන චෝදනාව පැමිණිල්ලට ඔප්පු කරන්න බැරි එකෙන් පේන්නෙ ඔවුන්ගේ අසමත්බව. සමහරවිට ඒවා බොරු චෝදනා වෙන්නත් පුලුවන්. චූදිත නිදොස් කොට නිදහස් වීමට පැමිණිල්ලෙ දුර්වලතාවයට වඩා චූදිතයා වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරයාගේ දක්ෂතාවයත් හේතුවක් වෙනවා..
මහාධිකරණයේදී සමහර චූදිතයන්ට නීතිඥ නියෝජනයක් නෑ. එවැනි අවස්ථාවල රජයෙන් නීතිඥවරයෙක් (Assigned Counsel) පත් කරනවා. රටේ මිනිස්සු කැමති උනත් නැතත් ඔහු කුමන අපරාධකාරයකට චෝදනා ලැබ තිබුනත් ඔහුට නීතිඥ නියෝජනයක් ලැබෙනවා. සේයා දියණිය දූෂණය කර ඝාතනය කල චූදිත වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් පෙනි සිටියෙ නෑ. නමුත් ඔහුට රජයෙන් නීතිඥවරයෙක් පත් කරා. රජ කාලෙ වගෙ නෙවෙයි සාධාරණ නඩු විභාගයකට (Fair Trial) දෙපා‍ර්ශ්වයටම සවන් දීම අවශ්‍යයි. එය අපේ නීතියෙන් තහවුරු කර තිබෙනවා..
මහාධිකරණය ඉදිරියේ නඩුවකදී දෙපාර්ශ්වයම බලන්නෙ නඩුව දිනන්න. එතකොට දෙපාර්ශ්වයම නීතියේ ඇති හිඩැස් (Loopholes) හොයනවා. ඒවායින් රිංගන්න බලනවා. පැමිණිල්ලට වඩා ඒ හිඩැස් මොනවාද කියල හොයාගන්න තරම් චූදිතගේ නීතිඥවරයා දක්ෂයි. නීතියේ හිඩැස් වැසිය යුතුයි. හැබැයි ඒ හිඩැස් වහන්න නීතිඥවරුන්ට බෑ. විනිශ්චයකාරවරුන්ටත් බෑ. එය කල යුත්තේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව විසින්. ඇත්තටම ඇතැම් නීති යාවත්කාලීන නෑ..
මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩු ගැන කියන්න තියෙන්නෙ නම් සාතිශය සංවේගයෙන්. එහි අපරාධ නඩුවලින් 90% පවරන්නෙ පොලිසිය. කණගාටුවට කරුණ නම් ඒ පවරන නඩුවලින් 1% වත් වැරදිකාරයෝ වෙන්නෙ නෑ. ඇත්තටම චූදිතයන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවලින් 99% ක්ම දිනන්නෙ පැමිණිල්ලෙ අසාර්ථකත්වය නිසා මිසක් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ දක්ෂතාවය නිසා නෙවෙයි. කලාතුරකින් චුදිත නීතිඥවරයාගේ දක්ෂතාවයෙන් දිනන නඩුත් තියෙනවා. සමහර නඩු විත්තිය කිසිම දෙයක් නොකරත් දිනනවා. මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරන නඩු අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි පවරන නඩු බහුතරයක් සාවද්‍ය ඒවා වීම. පොලිසියට කරන්නෙ කවුරුහරු පැමිණිල්ලක් කරාම නිසි ලෙස විමර්ශනය නොකරන අල්ලගෙන උසාවි දැමීම. පොලිසියේ මූලික බලාපොරොත්තුව සැකකරු ඇප නොදී බන්ධනාගාරගත කිරීම. එතනින් එහාට නඩුව දිනන්න පුලුවන්ද හිතන්නෙ නෑ. ඒ වගෙම බහුතරයක් පොලිස් නිලධාරීන්ට පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව පුහුණුවක් නෑ.. ඇත්තෙන්ම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩුවලින් මිනිස්සු යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියෙන් ඈත් කරවනවා..
සැකකරුවන් හා චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරු කරන්නෙ අදාල නඩුවේ සිද්ධිමය කාරණා හා නෛතික තත්ත්වය ගරු අධිකරණයට ගෙනහැර දැක්වීම. විනිශ්චයකාරයා සියළු පාර්ශ්වයන්ට සවන් දී නියෝගයක් හෝ තීන්දුවක් ලබාදෙනවා. ඒ අර්ථයෙන් සැකකරුවෙකුට ඇප දෙන්නෙ, චුදිතයෙක් වැරදිකාරයෙක් හෝ නිවැරැදිකාරයෙක් කරන්නෙ ගරු විනිසුරුතුමන්ලා. හැබැයි ඔවුන් ඒක කරන්නෙ නීතියට අනුව , අධිකරණමය මනසින්. එය ඔවුන්ගේ කාර්ය භාරය. එයයි විය යුත්තේ..
සටහනේ අවසානයට තවත් යමක් එකතු කරනවා එඩිට් කරල. සාක්ෂි ආඥා පනතේ 126 වගන්තියට අනුව , සීමා කිරීම් දෙකකට යටත්ව යම් සේවාදායකයෙක් අප වෙත දෙන උපදෙස් එළි කරන්න බෑ. ඒක අධිකරණයටවත් ප්‍රශ්න කරන්න බෑ. එය ලොව විවිධ රටවල ක්‍රියාත්මක නෛතික තත්ත්වයක්..

Chathuranga Amarathunga

මුණු පොතට ලියු ලිපියකි.
ස්තුතියි.

A day in the life

2025-03-14

අනතුරක් මරණයක් උපතක්.



ඔබ මියයන විට ගෙදර යමිනුයි හිටියේ.
ඒක කාර් අනතුරක්, කිසි විශේෂත්වයක් නැති. හැබැයි මාරාන්තිකයි. ඔබ බිරිඳක් සහ දරුවන් දෙදෙනෙක්ව තනි කරලයි මැරුණේ. ඒක වේදනා රහිත මරණයක්. දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු ඔවුන් ගේ උපරිම මහන්සිය දැරුවා ඔබව බේර ගන්න. නමුත් ඒ සියල්ල අපතේ.
විශ්වාස කරන්න, ඔබේ සිරුර සුණු විසුණු වෙලා තිබුණු හැටියට ඔබ මියගිය එකමයි හොඳ.
අන්න ඊට පස්සෙ තමයි ඔබට මාව මුණගැහෙන්නේ.
" මො..මො.. මොකද උනේ? " ඔබ ඇසුවා, " මං මේ කොහෙද ඉන්නේ? "
"ඔබ මැරුණා " මං කිව්වා කෙලින්ම, වෙච්ච දේ හංගන එකේ තේරුමක් නැහැ.
" ට්‍රක් එකක් කඩාගෙන බිඳගෙන මං දිහාට ආවා .. "
"ඔව්" මං කිව්වා.
" මං මැරුණා?"
" ඔව්!, හැබැයි ඒ ගැන කණගාටු වෙන්න එපා, හැමෝම මැරෙනවනේ " මං කිව්වා.
ඔබ වටපිට බැලුවා. වටේටම තිබුණෙ හිස් බව විතරයි, ඒ හැර ඔබයි මමයි විතරයි.
" මොකක්ද ⁣මේ තැන? " ඔබ ඇහුවා, " මේ පරලෝකෙ ද?"
" බොහෝ දුරට "
" ඔබ දෙවියන් වහන්සේ ද? " ඔබ ඇහුවා.
" ඔව්! " මං උත්තර දුන්නා, " මම දෙවියන් වහන්සේ ".
" මගේ දරුවෝ.. මගේ බිරිඳ? " ඔබ කලබල වුනා.
" මොනවද එයාලා ගැන දැන ගන්න ඕන?"
" එයාලට මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද ? "
" අන්න ඒක තමයි මං බලාපොරොත්තු වෙන්නේ " මං කිව්වා.
" ඔබට මැරිච්ච ගමනුත් මුලින්ම මතක් වෙන්නේ ඔබේ පවුල. අන්න ඒවා බො⁣හොම හොඳ දේවල්".
ඔබ වශීකෘත වෙලා වගේ මං දිහා බැලුවා. ඔබට මාව දෙවියන් වහන්සේ වගේ වං පෙනුනෙ නෑ. ඔබට මාව පෙනුනෙ නිකං සාමාන්‍ය මිනිහෙක් වගේ, හෝ ගැහැණියක් උනත් වෙන්න පුළුවන්. කවුරු හරි යම්කිසි බලයක් තියෙන පුද්ගලයෙක්, ඉස්කෝලෙක ගුරුවරයෙක් වගේ දෙවියන් වහන්සේ කෙසේ වෙතත්.
" ඒ ගැන වද වෙන්න එපා!" මං කිව්වා.
" ඒගොල්ලෝ හොඳින් ඉඳීවි. ඔබේ දරුවෝ ඔබව හැම අතින්ම පරිපූර්ණ කෙනෙක් විදිහට මතක තියා ගනීවි, එයාලට ඔබ ගැන වෛරයක් ඇති වෙන්න තරම් වයසක් උනේ නැහැනේ.
ඔබෙ බිරිඳ නම් අඬාවි ලෝකෙට පේන්න. හැබැයි හිත ඇතුලෙන් එයාට ලොකු සහනයක් දැනෙයි. ඇත්තම කිව්වොත් ඔබේ විවාහය බිඳවැටෙමිනුයි තිබුණේ. හැබැයි.. එහෙම හිත යටින් සහනයක් දැනුණු එක ගැන ඇයට යම් පසුතැවීමක් නං තියෙනවා, ඔබට ඒක සැනසිල්ලට කාරණයක් නම්!".
" ඕහ්!" ඔබ කිව්වා, " ඉතිං දැං මොකද වෙන්නේ? මම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනවා වගේ දෙයක් ද?"
" ඒ දෙකම ⁣නෙවෙයි " මං කිව්වා, " ඔබ පුනරුප්පත්තිය ලබනවා ඇති".
" ආහ් " ඔබ කිව්වා, " ඒ කියන්නේ හිංදු ආගමිකයෝ හරි!"
" හැම ආගමක්ම තම තමන්ගේ ක්‍රමයට හරි තමයි " මං කිව්වා, " මාත් එක්ක එන්න ".
ඔබ මගේ පසුපසින් ශූන්‍ය අවකාශයේ ඇවිදගෙන ආවා.
" කොහේද අපි මේ යන්නේ? "
" නිශ්චිත තැනකට ⁣නෙවෙයි " මං කිව්වා.
" ඇවිදින ගමන් කතාබහ කරන එක කදිම වැඩක් ".
" එහෙනං මොකක්ද මේකෙ තේරුම?" ඔබ ඇහුවා.
" ආයිත් උපදිනකොට මං නිකං හිස් ගල්ලෑල්ලක් වගේ වේවි නේද?, පොඩි බබෙක්. ඒ නිසා මේ ජීවිතයේ මම ලබපු හැම අත්දැකීමක්ම, මම කරපු හැම දෙයක්ම, ඊලඟ ජීවිතයට කිසිම බලපෑමක් නොකරාවි? "..
" එහෙම නෙවෙයි " මං කිව්වා.
" ඔබ පෙර ජීවිත වල ලබපු සියළුම දැනුම් සහ අත්දැකීම් ඔබ තුල තිබෙනවා, ඔබට දැනට ඒවා මතක නැතුවා පමණයි ".
මං ඇවිදින එක නවත්වලා ඔබේ උරහිසට අත තැබුවා.
" ඔබේ ආත්මය ඔබට සිතා ගැනීමට වත් නොහැකි තරම් බලගතු, විචිත්‍ර හා මහානුභාව සම්පන්න දෙයක්. මනුෂ්‍ය මනසකට දරාගත හැක්කේ ඉන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණයි. ඒක හරියට වීදුරුවක ඇති වතුර උණුසුම් හෝ සිසිල් දැයි ඇඟිල්ලක් ඔබා පරීක්ෂා කිරීමට සමානයි. ඔබේ අල්ප මාත්‍ර වූ කොටසක් මහා යාත්‍රාවකට ඇතුල් කරනවා, ඔබ එය නැවත එළියට ගන්නකොට එයට ලැබුනු සියළුම අත්දැකීම් ඔබ සතු වෙනවා .
ඔබ ගෙවුනු වසර 48 පුරාවටම මනුෂ්‍යයෙක් වෙලායි හිටියේ. ඒනිසා ඔබ, ඔබේ අප්‍රමාණ විඥානයේ තරම අව⁣බෝධ කරගන්නා තෙක් තවම ව්‍යාප්ත වී නැහැ. අපි මෙතන අවශ්‍ය තරම් කාලයන් කතා කර කර හිටියොත්, ඔබට හැමදේම මතක් වෙන්ව පටන් ගනිවී. හැබැයි ඉතිං හැම උප්පත්තිය කට පෙරම එහෙම කරන එකේ තේරුමක් නැහැ. "
" එතකොට කොච්චර වාර ගාණක් මම පුනරුප්පත්තිය ලබලා තියෙනවාද ?"
" ඕහ්! සෑහෙන්න, වචනෙන් කියන්න බැරි තරම්, නොයෙක් වර්ගයේ ජීවිත වලට " මං කිව්වා,
" මේ පාර ඔබ ක්‍රිස්තු වර්ෂ 540 දි චීනයේ පිටිසර ගොවි පවුලක දියණියක්ව ඉපදේවි "
" මො..මො.. මොකක් ? " ඔබට ගොත ගැහුනා, " ඔබ මාව කාල⁣යේ ආපස්සට යවනවා?!".
" ඔව් මං හිතන්නේ , රීත්‍යානුකූලව.. කාලය ඔබ දන්නා පරිදි පවතින්නේ ඔබේ විශ්වයේ පමණයි. මම පැවතෙන දිහා තත්ත්වය තරමක් වෙනස්".
" කොහේද ඔබ පැවතෙන දිහාව?" ඔබ ඇහුවා.
" හරි!" මම පැහැදිලි කරා, " මං එන්නෙ යම් තැනකින්, එතන මං වගේ තව අය ඉන්නවා. මං දන්නවා ඔබට දැනගන්න ඕන බව ඒක මොනවගේ තැනක් ද කියලා. නමුත් අවංකවම ඔබට ඒක තේරෙන එකක් නැහැ. "
" ඕහ්! " ඔබ කිව්වා, බලාපොරොත්තු කඩවුනු ස්වරූපයකින්.
" හැබැයි, මම කාලයේ අනිත් තැන්වල පුනරුප්පත්තිය ලබනවා නම්, මට යම් මොහොතක මාවම හමුවෙලා ඇති? ".
" ඔව්! ඒක හැමතිස්සෙම වෙනවා. හැබැයි ඒ දෙදෙනාම දන්නෙ තම තමන් ගැන විතරක් නිසා, ඔබ එහෙම දෙයක් වෙනවා කියලාවත් දන්නෙ නෑ. "
" එහෙනං මේ හැමදේම තේරුම මොකක්ද ?"
" ඇත්තට!? " මං ඇහුවා, " හැබෑවටම ඔබ මගෙන් ජීවයේ තේරුම ගැන අහනවද? ඒ ප්‍රශ්නෙ බොහොම ගතානුගතිකයි වගේ හිතෙන්නෙ නැද්ද ?"
" ඒක සාධාරණ ප්‍රශ්නයක් ! " ඔබ මුරණ්ඩු වුනා.
මං කෙලින්ම ඔ⁣⁣බේ ඇස් දිහා බැලුවා.
" ජීවයේ තේරුම, මම මේ මුළුමහත් විශ්වයම ගොඩනගපු හේතුව, ඒ ඔබට පරිණත වෙන්නයි. "
" ඔබ අදහස් කරන්නේ මනුෂ්‍ය සංහතිය? ඔබට අවශ්‍යයි අපව පරිණත කරන්න? "
" නෑ.. ඔබ පමණයි. මම මේ මුළුමහත් විශ්වයම මැව්වේ ඔබට. හැම අළුත් ජීවිතයක් එක්කම ඔබ වර්ධනය වේවි, පරිණත වේවි, ඒ වගේම පෘථුල හා විශිෂ්ඨ බුද්ධිමතෙක් බවට පත්වේවි. "
" මම විතරයි ?! එතකොට අනිත් අය? "
" මෙතන වෙන කවුරුවත් නැහැ! " මං කිව්වා, " විශ්වයේ ඉන්නෙ ඔබයි මමයි විතරයි. "
ඔබ ව්‍යාකූල වෙලා මං දිහා බලාගෙන හිටියා.
" ඒත් පෘථිවිය මත ඉන්න මිනිස්සු.. "
" ඒ හැමෝම ඔබ, ඔබේම විවිධ උප්පත්තීන්. "
" මොකක් ?! මම හැමදෙනාම ?!! "
" අන්න දැං ඔබට වැටහෙන්න ගත්තා " මං කිව්වා ඔබේ පිටට හිමීට තට්ටුවක් දාන ගමන්.
" සදාකාලයටම ජීවත් වෙච්ච හැම මනුෂ්‍යයාම මම ?"
" සහ.. සදාකාලයටම ජීවත් වන. ඔව්! ".
" මම ඒබ්‍රහම් ලින්කන් ?"
" ඒ වගේම ජෝන් විල්කිස් බූත් ත් " මං එකතු කලා.
" මං හිට්ලර්!? " ඔබ ඇහුවා, පිළිකුලෙන්.
" ඒ වගේම ඔහු අතින් ඝාතනය වෙච්ච මිලියන ගණනත් ඔබ! ".
" මම ජීසස් ?! "
" ඒ වගේම ඔහුව අදහපු හැම දෙනාම! "
ඔබ අවසානයේදී නිහඬ වුනා.
" ඔබ යමෙක් තාඩන පීඩන වලට ලක්කරන හැම වෙලාවෙම.. " මම කිව්වා, " ඒ තාඩන පීඩන වලට ලක්වුනේ ඔබමයි. එදා මෙදා තුර සියළුම මනුෂ්‍යයන් විසින් අත්දක්නා ලද සුඛිත සහ දුක්ඛිත අත්දැකීම් සියල්ලම හෝ එසේ අත්දැකීමට නියමිත සියල්ලෙහි, අත්දකින්නා ඔබම වේවි. "
ඔබ බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියා..
" ඇයි?! " ඔබ මගෙන් ඇසුවා අවසානයේදී, " ඇයි මෙහෙම කරන්නේ ? මේ හැමදේම?! "
" මොකද, දවසක ඔබ මං වාගේම වේවි. ඔබ මගේ වර්ගයා ගේ කෙනෙක්. ඔබයි මගේ දරුවා! ".
" වෝහ්!! " ඔබට කෑගැසුනා, විශ්වාස නොකරන විදිහට.
" ඔබ කියන්නේ මාත් දෙවියන් වහන්සේ කෙනෙක් ?! "
" නෑ. තවම නෑ.. ඔබ තාම කළලයක්, ඔබ තාම වැඩෙනවා. කාලයේ සමන්ථය පුරාවටම ජීවත් වූ සියළුම මනුෂ්‍ය ජීවිත ඔබ ගෙවා නිමකලාට පස්සේ, ඉපදෙන්න සුදුසු විදිහට වර්ධනය වෙලා තියේවි. "
" ඒ කියන්නේ මුළු මහත් විශ්වයම.. " ඔබ කිව්වා, " ඒක හරියට.. "
" බිත්තරයක්! " මං උත්තර දුන්නා
" දැන් ඔබට ඊලඟ උපතට යන්න කාලය හරි! "
හං ඔබව ඔබේ ගමන යැව්වා.

ඇන්ඩි විය(ර්) ගේ කෙටි කතාවකි.
පරිවර්තනය :- කාන්චන බුද්ධි.
A day in the life

2025-03-13

මැදින් පොහොය



ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත් චරිතයෙන් සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි දෙමව්පියන්ට සැලකීම.

දෙමව්පියන්ට උපස්ථාන කිරීම, අඹු දරුවන්ට සැලකීම, යහපතෙහි යෙදීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කර තිබේ.

බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම වුණ දවසේ සිට සුද්ධෝදන රජතුමා තමන්ට සිටි එකම පුත්‍ර රත්නය ගිහි ගෙය අතහැර යෑම පිළිබඳව මහත් අසහනයකින් දුකකින් සිටියහ. සිදුහත් කුමාරයා ගිහි ගෙය හැරගිය දවසේ සිට ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉන්පසු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මහත් ආසාවෙන් සිටි නිසා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එන ලෙස පණිවිඩකරුවන් පිටත් කර හැරියා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැක බණ අසා එම පිරිස් ද පැවිදි දිවියට පත්වුණා.

අවසානයේ කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගෙන එන ලෙස සුද්ධෝදන රජතුමන් දැනුම් දුන්නා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය කාලුදායි ඇමැතිවරයා ඇතුළු පිරිස ද එහිදී බණ අසා මාර්ගඵල අවබෝධය ලබා පැවිදි දිවියට පත් වුණා. පසුව නිසිකල් පැමිණි පසු බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා මෙහිදී කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ද මේ අනුව මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදුවීම ද සුවිශේෂි වේ.

දෙමාපියන්ගේ වටිනාකම දන්නා බුදුරජාණන් වහන්සේ ඒ අනුව සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදි සුද්ධෝදන රජතුමන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වූහ. එහිදී බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා සිදු කළහ. මෙහිදී ගිහියකු වූ සුද්ධෝදන රජතුමා බණ ඇසීමෙන් පසුව සකෘදාගාමි මාර්ගඵල අවබෝධයට පත්වනවා. එතැන් සිට සුද්ධෝදන රජතුමා රාජකීය සුඛවිහරණ අත්හැර ඉතා සරල අල්පේච්ඡ දිවියක් ගත කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දින හැඳින්විය හැකිය.

මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ සිය ඥාතීන්ට සංසාර බැඳීමෙන් මුදා ගැනීමේ උතුම් අරමුණු ඇතිවය. නමුත් වයසින් ලාබාල බුදුන් වහන්සේට ගරු කිරීම වන්දනා කිරීම අසුන් පනවා පිළිගැනීම් ආදිය වතාවක් ශාක්‍යයන් බැහැර කෙරිණ. මේ නිසා ඥාතීන් ඉදිරියේ යමා මහ පෙළහර පාමින් ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා.

එසේම සුද්ධෝදන රජතුමා තෙවන වරට පුත්‍ර වන්දනය සිදුකළ පෝය ලෙස ද හඳුන්වයි.

යසෝදරා දේවියගේ ගුණ වර්ණිත පෝයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වා දිය හැකිය. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැර යෑමෙන් පසුව යශෝධරා දේවිය ද සියලු සුවපහසු සුඛෝපභෝගී ජීවිතය හරිමින් අල්පේච්ඡ දිවියක් ගත කළා. පසුව බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමෙන් පසුව ඇයට ගෞරව කිරීම සඳහා යශෝධරා දේවියගේ කුටියට වැඩම කළේය. එහිදී යශෝධරා දේවියගේ ප්‍රේමය හා කැපවීම සංසාරික බැඳීම බුදුන් වහන්සේ අගය කරමින් පතිභක්තියේ ඇති කැපවීම පිළිබඳව කියැවෙන සඳකිඳුරු ජාතකය දේශනා කළේය.

රාහුල කුමරු සසුන්ගත වීම සිදුවූයේද අද වන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය. කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් සත් හැවිරිදි කුඩා රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලී දායාද ලබා දෙන මෙන් ඉල්ලමින් ගමන් කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි දිවියට පත් කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේම මෙතෙක් අනුගමනය කළ ඒහි භික්ෂු භාවයෙන් මහණ කිරීමයි. ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පොරවා මහණ කිරීම රාහුල කුමාරයාගෙන් ආරම්භ වූයේද අදවන් පුන් පොහෝ දිනකය.

දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි දිවියට පත් නොකරන මෙන් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් සිදු කළ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශික්ෂා පදය වූ දෙමව්පියන්ගේ අනුදැනුමකින් තොරව දරුවන් පැවිදි නොකිරීමේ විනය නීතිය ද පනවන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක වීම ද විශේෂත්වයකි.

සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනකය.

උතුම් සිරිපා වන්දනාව ආරම්භ කරන පෝය ලෙසද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය සුවිශේෂී වනවා. ජනතාවට සිරිපා වන්දනා කිරීමට සමනල කඳු මුදුනට ගමන් කිරීමට හැකි පාරිසරික වටපිටාවකින් හෙබි කාලයක් ලෙස මෙම කාලය බෞද්ධ ජනතාව තුළ සම්මතයක් පවතී. මේ අනුව දිවයිනේ නන්දෙසින් මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ පැමිණෙන ජනතාව සමනල කන්ද තරණය කරමින් සිරිපා වන්දනා කිරීම සිදු කරයි.

මෙලෙස සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අප ජීවිතවලට ළඟා කළ ගත යුතු බොහෝ ගුණ ධර්මයන් රැසක් කියාදෙනවා. උතුම් නිර්වාණයට මග පෙන්වන දෙමාපියන්ට සැලකීම, කෘතගුණ සැලකීම ආදී සුවිශේෂී ගුණධර්මයන් මේ අතර වැදගත් වනවා.

වර්තමාන සමාජය දෙස බලන විට අපගේ දෙමාපියන් දරුවන් හදා වඩා ගත්ත ද ඔවුන් වැඩිහිටියන් බවට පත්වීමෙන් පසුව සමහර දරුවන් දෙමාපියන්ට නැති වැරදි කියමින් දොස් පවරමින් අතහැර දමා සිටින අයුරු දක්නට ලැබෙනවා. ඇතැම් අය ගහනවා බනිනවා, මේවා පංචානංකරිය කර්ම. අද වනවිට සමහර දෙමව්පියන්ට ජීවත්වීමට නිවසක් නොමැතිව, කුසට ආහාරයක් නොමැතිව මහ මගට වැටී සිටිනවා. වැඩිහිටි නිවාසවල ජීවත් වනවා. මෙය වර්තමාන සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

මේ උතුම් මැදින් පුර පුන් පොහෝ දිනයේ අපගේ හැදෙන වැඩෙන දරුවන්ට සිහිපත් කරන්නේ ඔබ වැදූ හැදූ මවට පියාට ගෞරව කිරීමට සැලකීමට කටයුතු කරන ලෙසයි. එසේම සමාජයේ යහපත් පුරවැසියන් ලෙස උතුම් වූ ධර්මය මග යමින් යහපතෙහි යෙදෙමින් මේ සංසාර ගමනේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

රැළපනාවේ ධම්මජෝති නාහිමි

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
දිවයින - මාර්තු 13.


A day in the life

2025-03-11

ඉතින් මැරිලාම බලමු.



අපි කවුරුත් මරණයට පත්වෙමු.

උපන්දා සිට යන ගමන කෙළවරවන්නේ මරණයෙනි.
මේ අතරවාරයේ කොයිතරම් වෛවාරන කරන්නේද යන්න ආපසු හැර බලන්නේ නම් බැරෑරුම් සහගත දුකක් මිස සතුටක් ඇතිවෙන්නේ නැතැයි මීදුමට  සිතෙයි.

හැමදෙනාම තම පෞද්ගලික යථාර්තය පතා කටයුතු කරයි. එහිදි තවකෙකුට දුකක් කදුලක් උරුමවුවත් ඒ නොසලකා හරියි. 
පසුගිය දෙසතියේම මීදුමට මළ ගෙවල්ය.
තරුණ අසල්වැසියෙක් බහින් බස් වීමේ ප්‍රතිපලයක් ලෙස එකම මධුවිත පානයකරමින් සිටි සගයින් දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කොට තිබිනි.

අසරනවුයේ තරුන බිරිද සහ දරුවන් දෙනෙකි.
අනෙක් මළ ගෙවල් දෙකම වයෝවෘද්ධව ගිලන්ව සිට ආත්මය මුදාගත් අසල්වැසියන් දෙදෙනෙකුගේය.

කොරෝනාව මළ ගෙවල්වල සංස්කෘතිය යම් තරමක් වෙනස් කරමින් ඇතැයි මීදුම උපකල්පනය කරයි.පෙර කල දින දෙක තුනක් අවසන් ගෞරව පවත්වන්නට කාලය වෙන් කරන මුත් අද මියගිය දිනට පසුදින දක්වා කාලය කෙටි කරගෙන  තිබේ.

සන්නිවේදන මාධ්‍ය දියුණු වීමද මෙයට හේතුවක් වන්නටද ඇත.
දැන් සිකුරාදා ,අගහරුවාදා පෝය දින නුසුදුසු දින ලෙස සලකා සිරුර රදවා තබාගන්නා අදහස් බැහැර වී සතියේ දින හතම අවසන් කටයුතු කිරීම සුදුසු දින බවට පත්වී ඇති බවකි.

මරණයද ව්‍යාපාර නිමිත්තකි.

මියගිය වහාම ඥාතී හිතවතුන්ට සිහිපත්වන්නේ අවමංගල අධ්‍යක්ෂක වරුය.
නිවසක රෝහලක සිදුවු මරණයක් නම්  මේ අවමංගල අධ්‍යක්ෂකවරුන් පණිවිඩයක් ලත් සැනින් පැමිණ ඔවුන්ගේ ශල්‍යාගාරවලට සිරුර ගෙන යති.
ඥාතින් විසින්  විසිතුරු බහාලනය තෝරාදීම , ඇදුම් පැළදුම් පිළිබද අදහස් දීම සිදුකිරීමේ වගකීම පමනක් ප්‍රමාණවත්වේ.

ඔවුන් ඉදිරිපත් කරන පැකේජයන් බහාලනය.සිරුර සැකසීම , ප්‍රවාහණය , අමුත්තන්ට සංග්‍රහකිරීමට අවශ්‍යනම් ඒ පිළිබද මෙනුව,පාංශකූල කටයුතු සුසානාගාරය වෙන්කරවා ගැනීම් ආදී මළගෙදරක සිදුවිය යුතු සියල්ල ඇතුලත්වේ.
අධීක්ෂනයද ඔවුන් සිදුකරන අතර මළවුන්ගේ සමීප ඥාතින්ට සිදුකිරීමට ඇත්තේ අමුත්තන් පිලිගැනීමත් පිලිසදරේ යෙදීමත් පමනි.
මිහිදන් වන්නට හෝ දැවී අලුවී යන්නට යන අවසන් ගමනේ  ටයි කෝට් ඇදි අවමංගල අධ්‍යක්ෂකවරු පෙර ගමන් යන්නේ ශොකාකුල මුහුනකිනි. අවමංගල්‍ය පෙරහැරට අමුතු උදාරත්වයක් පැකේජය තුලින් ලැබී ඇති බව මීදුම සිතයි.

පසුගිය ජනධිපතිවරණ සමයේ මීදුමගේ ඥාතිවරයෙකු මීදුම අතහැර ගියේය. අවසන් කටයුතු සුදානම් කරමින් සිටින අතර දේහය මල් ශාලාවෙන් ලබා ගැනීමට ගිය විට අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු  යම් යම් වාරණ ඉදිරිපත් කලේය.
“එහෙම හිතුමතේ ගෙන යන්න බැහැ ..’මේ වීඅයිපී දේහයක්. ‘
මීදුමට කාලය කළමනාකරනයේ  ගැටලුවක් වු හෙයින් දේහය නිවසට කඩිනමින් ගෙන යාමේ අවශ්‍යතාවයක් තිබිනි.
මීදුම “ මිත්‍රයා මම එන්පීපී ඔය වැඩේ ඉක්මන් කරමු “ යයි අධ්‍යක්ෂක වරයාට නැවත ඉල්ලීම ඉදිරිපත් කෙරිනි. 

නිහඩවු ඔහු  කඩිනම්ව කටයුතු ඉටු කිරීමට පෙළබිනි.
අතුරු කතාවක් වුවත් ඒ දිනවල එන්පීපී බලවත් වචනයක් විය.

නාගරික සමාජය තුල මෙසේ වුවත් තවමත් ගමට මේ අංගෝපාංග එලෙසම පැමිණ නැත.

එහෙත් මල්ශාලා අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ භුමිකාව යම්දුරට බලපෑම් කරන්නේය.
මල්ශාලාවෙන් නිවසට ගෙන එන දේහය නිවසේ සාලයේ ප්‍රදර්ශණ භාණ්ඩයක්ව තැන්පත්වන්නේය. 
 සිරුරට අවසන් ගෞරව පැමිණිමට ඥාතී හිතවතු හට ආහාර පාන වලින් සංග්‍රහ කිරීමේ පිලිවෙතක් ඇත.

එසේ නොවුනහොත් “ තේ එකක් වත් දුන්නේ නෑහැ නේ “ අවලාදයක් ගොඩනැගෙන්නේය.

පෙර නම් දින දෙක තුනක් මේ කටයුතු ස්වේච්ඡාවෙන් කරන කණ්ඩායම් ගම්වල සිටියේය. දැනුත් සිටියත් කාලය ලඝුවීම ඔවුන්ට පහසුවීමක් වී ඇත.
පලතුරු බීම. බිස්කට් ,තේ කෝපි ,දිවා රාත්‍රී අහාර සැපයීම ඔවුන්ගේ කටයුත්තය
නිවසේ තොතනක හෝ තැබෙන ආධාර ලේඛණයක නම් සදහන් කරන පැමිනෙන ගම්වැසියෝ වියදම සමසේ බෙදා ගෙන මළගෙදර නිවසියන් මේ බාර දුර කටයුත්තේ බරපැනින් මුදා හරින්නේය.සමහර ගම්වල අවමංගල්‍යාධාර සමිති පිහිටුවා ගෙන ඇති බැවින් එහි සමාජිකයෝ මෙම කටයුතු වලට දායක වන්නේය.

මෙවැනි ආධාර කිරීම් අනවශ්‍ය ස්ථානද ගම්වල ඇත.සමීප ඥාතීන් එක්ව අහාර වේල් සපයා දායක වන අතර සමාන්‍ය සංග්‍රහ කටයුතු නිවසියන් විසින්ම සංවිධාණය කර ගනු ලබයි .අතිරේක පුටු,තාවකාලික ආවරණ ,ආහාර පැන සැපයීම සදහා කේටරින්ග් සේවා දැන් ගම්වලටද ව්‍යාප්ත වී ඇති බැවින් සංවේගප්‍රාප්ත නිවසියන්ට මුදල් ආයෝජනය කිරීමෙන් වැඩ කටයුතු කිරීමේ බරින් නිදහස් විය හැක.

අවමංගල කටයුතු තක්සේරු කරමින්  තැනින් තැන කතා බහට එක්වන පිරිසක් ද අපි අතර සිටින බව අමතක නොකල යුතුය.
කෑම බීම , බහාලනය,පාරදිගේ තිබුන බැනර් ප්‍රමාණය, අවසන් කටයුතු සදහා පැමිණි පුජ්‍ය පක්ෂයේ ප්‍රමාණය , පරිත්‍යාග කරන ලද පිරිකර මේ කී නොකී සියලු දේ ගැන නිසි තක්සේරුවක් තිබිය යුතුය.
මැරෙන්න කලින් මියගිය පුද්ගලයාටද පූරණය කල යුතු කාර්ය බාරයක් ඇති බව සිහිපත් වන්නේ මළවුන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිනෙන පිරිසේ ප්‍රමානය ගැන බැලීමෙන්ය.

තැැන නොතැන බලමින් හැම මළගෙදරකම මුහුණ පෙන්වා ඇත්නම් පැමිනෙන පිරිස වැඩිය. “ අපේ ගෙදරත් ඇවිල්ලා ගියානේ “ ඉතින් නොයා බැරිය. කාට කාටත් උදව් පදව් කරමින් සිටියා නම් “ අනේ මොනවා කිව්වත් කරලා දෙනවා නේ “ ඉතින් මළ ගෙදර නොගිහින් කොහොමද  “ අහන පිරිස්ද මල ගෙදර එන්නේය.
“නෑ බෑ නොකියන මනුස්සයා. අපරාදේ “ කියාත් සහභාගී වන්නේය.
අවමංගල්‍ය සභාව නම් මළවුන්ද සවන් දෙන කතා වලින් පිරිලාය.
ජීවිත කාලයටම අසා නොමැති රස කතා වලින් පරිපුර්ණය.
ඉතින් මැරිලාම බලමු.



A day in the life