wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2024-10-19

සත්‍යය.



As soon as U start trusting Ur self
U ‘ll know how to live.)
- Author Unknown

සුනිල් පැහැයෙන් පිරුණු අහසකි
වරෙක ඔබ සිත බඳනා
රකුසු වෙස් ගෙන මොහොතකින්
නුබ ගැබම කළුවෙන් වැසෙනා .

දෙකම්මුල් සිප හාදු පුදමින්
මඳනල ක් සේ හමනා
කුණාටුව වී අසුරු සැණෙකින්
සැඩ සුළං බිය ගෙනෙනා .

වනස්පතියකි මලින් සුවඳින්
පිරී සෙවනක් සදනා
ගිම්හානයට නුඹේ සියොළඟ
දිරාගිය අතු සැලෙනා .

වෙනස්වන හැම නිමේෂයකම
ජීවිතය සළු කරනා
බිය නො වන්නෙමි පියාපත් වල
සවිය තනිකම මකනා .
රෝ.සි.

2024 .10.22.


A day in the life

2024-10-18

රතු දත්ත පොතට ගිය හල්.




රිදී ගෙදර යන පාරේ.....
ඩංගි ඩුංගි ගසක් ඇතේ.....
මල් සුවඳයි ගෙඩි තිත්තයි....
නොතේරුවොත් ටොකු විස්සයි......
ඕන්... තේරවිල්ල.😍😃
අපි පුංචි කාලේ සමහර දවස්වලට...විශේෂයෙන් වැහි දවස් වලට
නංගි මායි මැණිකෙයි ගංග යි එකතුවෙලා
එක ගෙදරක...ඉස්තෝප්පුවෙ ඉඳගෙන තේරවිලි කියනවා...කවි කියනව..කතා කියනව ..
එහෙම එකතු වෙලා ඉන්නෙ.....
අපේ ගෙදර නම්.....
අම්මා මොනව හරි කෑම ජාතියක් එක්ක තේ...අරන් එනවා.
දවසක් ඉතින් කැන්ද කොල වල ඔතාපු මොනවදෝ අරන් ඇවිත්...
අපිට දීලා අම්මා තමයි මේ තේරවිල්ල කිව්වෙ...
අම්මෝ....ඒවයෙ රස..
අපි ඉතින් දැනගෙන හිටියේ නෑ උත්තරේ....
ඒ තමයි හල් ගහ...ළමයිනේ.හල් ගහේ ගෙඩි වලින් තමයි මම මේ කෑම ජාතිය හදල තියෙන්නේ...



මේ තමයි හල් හැලප..
දැන් ඉතින් මේවා කාලා තේ බීලා ඉන්ට කො...
පස්සේ බැරියැ... තේරවිලි කියන්ට...
ඒ තමයි මුලින්ම හල් කාපු දවස...😍
එදා ඒ කාපු හල් හැලප වල රස තවමත් මතකයි..❤️
පස්සෙ හල් වලින් එක එක ජාති හදල දුන්නා අම්මා.....
දැන් ඉතින් අපිත් ආච්චිලා වෙච්චි කොට අම්මා කොයින්ද...😥
කොහොම වුනත් අද නම් මම රිදී ගෙදර යන පාරේ ගියේ නැහැ.....
අද ගියේ කොරටුවට...
ඊයේ පෙරේදා වැහැපු වැස්සට....දොළ පාර දිගේ ආපු රොඩුබොඩු හිරවෙලා තිබුණා.....
හෙමින් හෙමින් ඒවා අයින් කරද්දි.....තමයි මෙන්න මේවා හම්බවුණේ....
ඒ තමයි,හොඳට පැහුණු ලොකු හල් ගෙඩි..කීපයක්..❤️❤️❤️❤️
ඒව දැකපු ගමන් මතක් වෙන්නේ අම්මා හදාපු හල් පිට්ටු..
හල් හැලප
හල් මුල්
හල් ගුටි
හල් වණ්ඩු.
ඔය හැමදේම....



ඉතින් ගිය වැඩෙත් කරගන්න එපැයි.....මෑ කරලුත් කඩා ගෙන...
බෝංචි, කරවිල ඒවත් කඩාගෙන
ගෙදර ආව ගමන් කළේ...
හල් ගෙඩි ටික ගාන එක....
ඉස්සර නම් අම්මලා හල් ගෑවේ ඒ වෙනුවෙන්ම තහඩුවක් නවලා යකඩ ඇනයකින් හිල් විදලා හදාගත්ත ... උපකරනයකින්. ඒකට කිව්වේ හල්කටුව කියලා.
ඒත් හිරමණයෙනුත් ගාගන්න පුළුවන්. ටිකක්....පොඩි පොඩි කෑලි ටික ග්රේටර් එකකින් ගා ගත්තා....
ඉස්සර නම් කලින් දවසේ හවසට ගාපු හල් ටික.මල්ලක දාලා කට බැඳලා....වතුර ගසාගෙන සේදිලා යන විදිහට දොල පාරක් අයිනේ ගහක මුලක බැඳලා තියෙනවා......
එහෙම කරන්නේ හල්වල තියෙන තිත්ත යවාගන්න....
ඒත් දැන් නම් එහෙම කරන්න ඕන නැහැ ටැප් එකට අල්ලලා පුළුවන් ඒ වැඩේ කරගන්න....
ඉතින් මේ ගාපු හාල් සාමාන්යයෙන් පොල් රැල් වගේ..
ඒවට හාල් පිටි, සීනි හෝ කිතුල් පැණි..පොල් මිශ්ර කරල...එනසාල් ..කරල් කීපයක් තලල දාලා...
අර මම කලින් කියපු කෑම ජාති ඕන දෙයක් හදාගන්න පුළුවන්......
මම අද හැදුවෙ හල් ගුටි...
ඉතිං මේවා හරිම රසයි..ඒ වගෙම ගුණයි..
ටිකක් ඌෂ්ණාධික වුණත්...මේක පුදුම රස ජාතියක්..
දියවැඩියාව වගෙම කොලොස්ටරෝල් තියෙන අයට හොඳ ඖෂධයක්..❤️
ඉතිං දන්නවද හල් ගහ ශ්රී ලංකාවට ආවේණිකම ශාකයක්...
ඒත් දැන් රතු දත්ත පොතට නම ඇතුලත් වෙලා තියෙන්නේ...ඒ කියන්නේ මේ ශාකය වඳවීගෙන යන ශාකයක් බවට පත්වෙලා....
බොහෝ මිනිස්සු හල්ගස් කපලා දාන්නෙ ඇත්තටම මේකට ලොකු ඉඩක් යන නිසා...
අපේ රටේ ඕන තරම් ලොකු ලොකු හිස් ඉඩම් තියෙන මිනිස්සු ඉන්නවා...
ඒ අයට පුලුවන් මේ වගේ ශාක නැවත වගා කරන්න.
මේ වගේ ශාකයක් ලෝකයෙන් තුරන් වෙන්න ඉඩ නොදී රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්.
හොඳින් අතුපතර විහිදුනු..මේ ශාකය...අඩි 60ක් හැත්තෑවක් පමණටත් වඩා උස යන ශාකයක්...
ගහේ පහළ සිටම අතු දැකිය හැකියි...
හල් ගහ සම්බන්ධව රසවත් කතාවක් මගේ ජීවිතෙත් තියෙනවා...
මං මුලින්ම ගහකට නැග්ගේ හල් ගහකට...
වයස අවුරුදු 10 වත් නැතිව ඇති.
හැබැයි ගහෙන් බහිද්දි බඩයි පපුවයි ඔක්කොම සීරුණා...ලෙලි ගියා.
අපේ අම්මා කුරුම්බැට්ටි ගලක උරච්චි කරලා ගෑවා....
හම්මෝ ඕ...ඕ...ඕ....සනීප ..තාම මතකයි...
හරී ඒ කතාව පසුවට හොඳේ.....
හල් ගහෙන් තවත් බොහෝ ප්රයෝජන ගන්න පුළුවන්...
දන්නවද හල්දුම්මල ගැන....
අම්මෝ හල්දුම්මල ගැන නම් බය හිතෙන කතාත්. තියෙනවා.
අපිට නම් හල්දුම්මල නොමිලේම ලැබෙනවා...
හල් ගහේ පොත්ත කොයි විදිහකින් හරි තුවාල වුනාම..වැගිරෙන කිරි එහෙම නැත්නම් ලාටු ඝන බවට පත්වෙලා තමයි..හල් දුම්මල හැදෙන්නේ..
හල් ගස් විශේෂයෙන් හැදෙනවනේ ඇලවල් දොලවල් අයනේ.....
මාවක් ඔයේ වතුර වැඩි දාට ඉවුර දෙපැත්තේ එකතුවෙන කොළරොඩු ගොඩවල්...පීර පීර ඉස්සර අපි හල්දුම්මල හොයනවා..
ඔයේ ඉහළ ප්රදේශවල තියෙන හල් ගස්වල හැදුනු දුම්මල....වතුරෙ පාවෙලා ඇවිත්...ඉවුරට ගොඩ ගහනවා....
අනිත් දුම්මල වලට වැඩිය හල්දුම්මල ලා පාටයි...හරියටම කිව්වොත් දිලිසෙන තිරිවාන ගල්වල පාටයි...
ඉතිං ඉස්සර කාලෙ හිටපු වැඩිහිටියෝ කියන්නේ...හල්දුම්මල වැඩිපුර හම්බවෙනවා නම් ඇලවල් අයිනේ තිබිල ඔක්කොම අත ඇරලා එහෙමම ගෙදර දුවන්න කියලා....
සීමාවක් නැතුව එහෙම දුම්මල ලැබෙන කොට
ඒවත් එක්ක යක්ෂ දෝෂත් තියෙනවලු.....
මේව ඉතිං කට කහනවට කියපුවා එහෙම නොවෙයි....
ඉතිං අපිට නම් එහෙම දාල දුවන්න තරම් වැඩිපුර හම්බ වෙලා නැහැ...
මේ හල්දුම්මල තොවිල් වලට ගන්නව වගේම....කෘමි සතුන් එලවන්නත් බොහොම හොඳ ඖෂධයක්...
හරිම සුගන්ධවත් දුමක් එන්නෙ පත්තු කරනකොට...
ඒ වගෙම හල්පොතු....වලිනුත් ප්රයෝජනයක් ගන්න පුළුවන්....
කිතුල්ගස් තෙල්දිය පිණිස මදිනකොට...ඒවා පැසීම වළක්වන්න හල් පොතු භාවිතා කරනවා...මේ බව අපේ තාත්තා ඒ කාලෙ කිව්වම මම හරි පුදුම උනා කොහොමද මේවා දන්නේ ඇත්තටම අපේ පැරැන්නො කියලා....
තෙල්දිය කියන්නේ පැණිරස ද්රාවණයක්....ඒව රා බවට පත්වන්න නම් යීස්ට් අවශ්ය වෙනව.
පරිසරයේ පවතින යීස්ට් සංඝටක එකතු වෙලා වෙන්න පුළුවන් ඒවා රා බවට පත්වන්නේ....
ඒ යීස්ට් වල ශක්තිය දුර්වල කරන්න හල් පොතු වලට පුළුවන් බව...කොහොමද අපේ පැරැන්නන් දැනගත්තේ...
හරිම පුදුමයි නේද....????
මේ හල් ගහ තියෙන්නෙ අපේ ගමේ...හොඳේ.

A day in the life

2024-10-17

වප් පුන් පොහෝ දිනය





වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

පෙරවස් පවාරණය

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. ‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිති. පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

සංකස්සපුර දේවාවරෝහණය

භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස, යමක මහා ප්‍රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය.

වප් පුර පසළොස්වක පොහෝ දිනය එළැඹියේය. පුරා තුන් මසක් මුළුල්ලෙහි තව්තිසාවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට දිව්‍ය බ්‍රහ්ම මහා හරසර මැදින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩි සේක. සම්බුද්ධ ශරීරයෙන් සවණක් ඝණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දෙව් බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස පුරයට වැඩි ඒ අසිරිමත් සම්බුදු මහිමය සිදුවූයේ වප් පුන් පොහෝ දිනයකදීය. ඒ විස්මය දුටු අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, සර්වඥයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරමින්, මෙවැනි බුද්ධශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින්, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බලමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සම්බුදු ගුණ වර්ණනා කළ සේක.

ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේගේ විස්මිත පෙළහර නිමිති කරගෙන රැස්වූ දෙව් මිනිස් සමාගමයට ධර්මය දේශනා කරමින් මෙසේ වදාළ සේක.

“යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවාපි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං”

(ධම්ම පදය – බුද්ධ වග්ගය)

ඒ ගාථා කෙළවර බොහෝ දෙනෙක් මගඵල ලැබූහ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සද්ධිවිහාරික පන්සියයක් පමණ භික්ෂූන් අරහත්වයට පත්වූ සේක. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්න මාලාවක් මහාප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ විසඳන ලදී. එවිට ඒ මහා ජන සන්නිපාතය මධ්‍යයේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්‍රාවකයා ලෙස සම්බුදු මුවින් සාරිපුත්ත මාහිමියන් ප්‍රශංසාවට ලක් විය.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම සසුනේ පැවිදි බව ලැබීම

දේවාවරෝහණ මහා පෙළහර දැකීමෙන් අතිශයින් ප්‍රමුදිත සිත් ඇති බොහෝ දෙනෙක් එදින සම්බුදු සසුනේ පැවිදි බව ලැබූහ. සුර, නර මහා සංගමයේදී බුදුරජාණන් වහන්සේ හා සාරිපුත්තයන් වහන්සේ අතර ඇති වූ රමණීය දහම් සංවාදයට සවන් දුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ද ඉමහත් ප්‍රසාදයට පත්ව ගෞතම සසුනේ පැවිදි විය. මේ මහා භද්‍ර කල්පයෙහි, මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල, සම්බුද්ධත්වය සාක්ෂාත් කරනා, මෛත්‍රී බෝසතුන් එලෙස පැවිදි වූයේ ද වප් පුන් පොහෝ දින දී ම ය.

විනය සංගායනාව

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උදාර සේවාවක් සිදුකළ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් ‘ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටියේදැයි“ විචාලේය. ‘එම්බා මහරජ, ශාසනය පිහිටියේය. එහෙත් තවම මුල් බැසගෙන නැත“ යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ‘ශාසනය මුල් බැස ගන්නේ කෙසේදැයි?“ තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මව්පියන් හට දාව උපන් දරුවෙක් මෙහි දී ම පැවිදිව විනය පිටකය ඉගෙනගෙන මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයිද එකල්හී බුද්ධ ශාසනය මුල් බැසගත්තා වන්නේය“ යැයි මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළහ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහා අරිට්ඨ මාහිමියන්ට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුනි. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පිරිදි ථූපාරාමය සෑ මළුවේදී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතන් වහන්සේලා වප් පුන්පොහෝ දින විනය පිටකය සංගායනා කළ සේක. ඒ මොහොතෙහි ලක්දිව සම්බුදු සසුන මුල්බැස ගත් ප්‍රීතියෙන් මිහිකත කම්පිත විය.

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම

ලංකාද්වීපයේ රාජ්‍යය පාලනය කළ දේවානම්පිය තිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ශ‍්‍රී සද්ධර්මය අසා බුදු සසුනේ බොහෝ සේ පහන් වූ සිත් ඇත්තේ දිවමන් මුනි රජාණන් බඳු වූ ඒ ජය ශ‍්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවාගෙන ඒම පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ කතිකා කරන්නට විය. ඒ අනුව අරිට්ඨ මහා අමාත්‍යවරයා ප‍්‍රධාන දූත පිරිවරක් දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත් පිටත් කරවා යැවීය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ සමඟ කරුණු පැහැදිලි කරගත් ධර්මාශෝක නරේන්ද්‍රයන් මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමට සියල්ල සංවිධානය කරවන්නට වූහ. විජය ශ‍්‍රී ජය ශ‍්‍රීමහා බෝධීන් වහන්සේ මනාකොට සරසා පුද පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කරගැනීමට ධර්මාශෝක රජු රන් තෙලිතුඩක් ගෙන මහා බෝධීන් වහන්සේත් දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දේ ය.

සැබැවින් ම ආශ්චර්යයකි! රැස් ව සිටි පිරිසගේ සාධුකාර මැද දක්ෂිණ ශාඛාව තෙමේ ම වෙන් වී පිළියෙළ කොට තිබූ රන් කටාරමේ පිහිටන්නට වූ සේක. කටාරමේ පිහිටි බෝධි ශාඛාව එයත් සමඟ ම ඍද්ධියෙන් අහසට පැන නැඟ වළා අතර නොපෙනී ගිය සේක. මේ මහා අසිරිය සිදු වූයේ උතුම් වූ වප් පුන් පොහෝ දිනයක දී ය.

මෙවන් උතුම් ශාසනික සංසිද්ධීන්ගෙන් අනූන වූ වප් පුන් පොහෝ දිනයේ දී අපි සියලු දෙනා ම දානාදී පින්කම් සිදුකරමින්, සීලාදී කරුණා මෛත්‍රීයාදී ගුණධර්මයන් දියුණු කර ගනිමින්, භාවනාදී ප්‍රතිපත්තීන්හි නියැලෙමින් සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමු. මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් තිසරණය ම පිළිසරණ කරගනිමු!

තෙරුවන් සරණයි! 

පිටපත මහමෙව්නාවෙන්.

ඇසුර – පොහොය වර්ණනාව – මාපලගම සෝමිස්සර හිමි)


A day in the life

2024-10-15

කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ



විශ්‍රාමිකයන් එකතු වන තැන් ද රස ගුලාවකි.
පන්සල් යන පල්ලි යන ආගමික කටයුතු වලට ලැදි විශ්‍රාමිකයෝ
මෙන්ම විශ්‍රාම වැටුප් දා පුංචි සොමියක් දා විසිර යන විශ්‍රාමිකයෝද සිටිති.

මොවුන් තම විශ්‍රාම වැටුප තමන් පදිංචි නිවෙස් අසල බැංකුවකින් හෝ තැපල් කාර්යාලයකින් ලබා ගත හැකිව තිබියදී කණ්ඩායම මුණ ගැ‍හෙන රැස්වීමට පහසුකම් ඇති නගරයකදී බැංකු පහසුකම් සලස්වා ගනී.
ඒකාකාරී බවින් මිදී විවිධත්වය උදෙසා කරන මෙවැනි ක්‍රියාකාරකම් ඔවුන්ට දිනකට හෝ දෙකකට හැල්ලුවකි.

මට මේ කතාන්දරය සිහිපත් වුයේ පසුුගිය දිනක මට මුණ ගැසුන මිතුරන් තිදෙනකෙු නිසාවෙනි. ඔවුුන් ම‍ගේ වයසින් නම් මට අයියලා විනි. සියල්ලන්ටම සුදු වු හිසකෙස් තිබිනි. කළු කර ගන්නට උවමනාවක් නැති බවක් කතා බහින්ම හිතා ගත හැකිවිනි.මා හැර මේ තිදෙනාම පරිපාලන සේවයේ සිට විශ්‍රාම ගොස් අඩුුම තරමින් අවුරුදු විසිපහකට ආසන්න විය හැකි “ නාකි පප්පලාය “ .
මා රාජ්‍ය සේවකයෙක් නොවු බැවින් කිසි දා විශ්‍රාම නොයන්නෙකි.

මේ තුන් දෙනා ස්වාමීන් වහන්සේ නමකට බණකට ආරාධනා කරනු පිණීස කිමි.150 ක් පමණ දුර ගෙවා පැමිණි ගමනක මාද මුණ ගැසී ආගිය තොරතුරු කතා කිරීම මටද සතුටට හේතුවක් විනි. අහම්බයෙන් වන මෙවැනි අතීත මිත්‍රත්වයන් අළුත්වැඩියා වීම නිතරම ඇතිවීම මට ඇති එක් භාග්‍යවත් බවකි.

මේ කතා අතර දහමට ලැදි මිතුරන් ගේ කතා බහ අතරින් මතුවු එක් කවක් මෙසේ විනි.

“කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,”

කන්දේ ගෙදර - රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ - තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන - නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
සසර කෙළවරක් නැත/ නැවත නැවතත් ඉපිදේ.
ගන් ගිය දා
- මියගියපසු
ගෙට ගිණි තියති
- මළවුන්ගේ සිරුර පුළුස්සති.

මම තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර
තවත් ගෙයක් හදන්න කරුණු කාරනා එකතු කරමින් සීටිමි.
මගේ මිත්‍රයෝ මේ සියල්ල අත්හැර නැවතත් ගෙවල් හදන්න නොසිතති.
එයත් පහසු කටයුත්තක් නොවේ.

A day in the life

2024-10-14

පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්මද.?






මගේ ප්‍රශ්නෙ මේකයි. ඇයි කසාද බැදල දරුවෝ ඉන්න පිරිමි, ලස්සන හොද බිරිඳක් ඉන්න පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්ම....?
මේ මගෙන් කෙනෙක් අහපු ප්‍රශ්නයක්...
ගැහැණු සහ පිරිමි අතර ගැහැණු පිරිමි වීම නිසා ඇති ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක තත්වය තේරුම් නොගැනීම. මම හිතන්නේ මේක අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙන්න ඕන දෙයක්, එහෙම නොවීම නිසා ගැහැණු පිරිමි අතර ඇති වෙනස්කම් හදුනා නොගැනීම නිසා විවාහ ජීවිත සම්පූර්ණ අවුල් ජාලාවක් බවට පත් වෙලා තියනවා.
පිරිමියකුගේ දෘෂ්ඨි පරාසය එකම දෙයකට නාභිගත වෙනවා, සහ පිරිමියකු ඕනෑම දෙයක් දෙස එක එල්ලේ බලනවා, එය බොහෝ අවස්ථාවල හිතලා කරන දෙයක් නෙවෙයි, ඒ වගේම තමයි පිරිමියකු යම් දෙයක් දෙස හොදින් බලනවා, බලනවා විතරක් නෙවෙයි ඒ ⁣බලන දේ වෙතම පූර්ණ අවධානය ලබා දෙනවා.
හිතන්න බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ ගමනක් යන විට හොදින් හැද පැලදගත් කාන්තාවක් ඔවුන්ගේ ඉදිරියට එනවා, මෙහෙම අවස්ථාවක ස්වාමිපුරුෂයාගේ ඇස් කෙලින්ම යන්නේ අර ඉදිරියට එන කාන්තාව වෙතට, ඇස් වගේම මනසේ අවධානයත් එක එල්ලෙම යන්නේ අර කාන්තාව දෙසට, එතකොට ඔහුට තමන්ගේ බිරිද ළග සිටිනවා, ඇය එය දකින්න පුලුවන් කියන කාරණය අමතක වෙනවා, මොකද පිරිමියාගේ අවධානය එක වෙලාවකදී එක දේකට පමණයි යොමු වෙන්නෙ.
නමුත් බිරිද මෙවැනි අවස්ථාවල ⁣අර කාන්තාව දෙසත් බලලා, තමන්ගේ ස්වාමිපුරුෂයා දෙසත් බලනවා, ඒ විතරක් නෙවෙයි, තම ස්වාමිපුරුෂයාගේ මුහුණේ ඉරියම් පවා හොදින් නිරීක්ෂණය කරනවා, ඒ වගේම එම ගැහැණියගේ මුහුණේ ඉරියව් වෙනස් වීම් පවා නිරීක්ෂණය කරනවා.
හරි එතනින් එහාට අර කාන්තාව හෝ ඇය මුණ ගැහීම ඇය දෙස බැලීම මේ සියල්ලම ස්වාමිපුරුෂයාට අමතක වෙලා යනවා, ඔහුට එම කාන්තාව තමන්ට හමු වෙච්ච තවත් එක් කාන්තාවක් පමණයි.
නමුත් බිරිදට එය අදාළ නැහැ, ඇය ඔය දේවල් සිදු උන දේවල් හොදින් නිරීක්ෂණය කරා, දැන් ඇය ඒවා විශ්ලේෂණය කරනවා, අර්ථ නිරූපණ කරනවා, පෙර සිද්ධි හා සසදනවා, පෙර වැරදි තිබෙනම් එවැනි අවස්ථා තිබේනම් තත්වය වඩාත්ම දරුණු වෙනවා,
(තව දෙයක් සාමාන්‍යයෙන් මනෝ විද්යාවට අනුව අපේ මතකයේ ඉහළින්ම තියෙන්නේ මතකයට එන්නේ, අපි මුහුණ ⁣දෙන්න අකමැති නමුත් මුහුණ දෙන්න සිදු උන දේවල්, සහ ඒ පිළිබඳව ද්වේශය, එය අල්ලා ගැනීම, එය සමඟ ගැටීම අන්න ඒක ලොකු හේතුවක් තමයි අපි තුළ දුක කණගාටුව ඇති වෙන. ද්වේශය නිසා දුක, තරහා, වෛරය, සැකය ඇති වෙනවා.)
එ⁣හෙම කරලා ඇය තීරණය කරනවා, හරි මගේ මනුස්සයා හරිම වල් හැරී හැරී ගැහැණු දිහා කන්න වගේ බලනවා. ගැහැණු අයට බැල්ම දානවා. අපෝ මේ මනුස්සය එක්ක ගමනක් බිමනක් යන්නත් ලැජ්ජයි නේ.
නමුත් ඇත්තටම සිදු වන්නේ පිරිමියා එහෙම වල් කමට බැලීම හෝ වනචර කමට බැලීමක් නොවන්න පුලුවන්, එය පිරිමි අයගේ හැටි වෙන්න පුලුවන්. (එහෙම බලන අවස්ථාද නැතුවා නොවේ)
මෙවැනි අවස්ථාවල ගැහැණු අයට තියන මතකයත් හරිම ප්‍රභලයි, වසර ගණන් දේවල් මතකයට අරන් සසදන්න පුලුවන්, අමතක වෙලා තියන දේවල් පවා මතකයට ගන්න පුලුවන්.
හැබැයි පිරිමි අයට ඔය බොහෝ දේවල් ඉක්මනින් අමතක වෙලා යනවා. මොකද ගැහැණු දිහා පිරිමි බලන තරමට ඒවා මතක තියා ගන්න ගියොත් පිරිමින්ගෙ මතකයේ සහ මොළය තුළ වෙන මතක තියා ගන්න ⁣දේවල් නැති වෙනවා.
(පිරිමි කැමැති ඇහැ පිනවන්න)
ඉතින් අපි කියන්නේ පිරිමි අයගේ විදිය ස්වාභාවය තේරුම් ගන්න. සොබා දහම විසින් විවිධ කාර්යන් සදහා සහ ඉතිහාසගතව ඔවුන්ට ඉටු කරන්න පැවැරුණු කාර්යන් සමඟ විවිධ ⁣වෙනස්කම් වලට අනුවර්තන වලට ඔවුන් ලක් වෙල⁣ තියනවා, අන්න ඒ තත්වය විවාහ ජීවිතය තුළදී ලොකු ප්‍රශ්න බවට පත් වෙන්න හේතුවක්.
ඒ වගේම පිරිමි තේරුම් ගන්න ඕන ගැහැණු අයගේ ස්වාමිපුරුෂයා විදියක් තියනවා, එයත් තේරුම් ගැනීම ස්වාමිපුරුෂයන් හට ඉතාම වැදගත්, ⁣ඒක ගැන පසුව ලියන්නම්.
ප්‍රශ්න තියනවා නම් අහන්න.
කසුන් රාජපක්ෂ

ප්‍රවීණ මනෝ උපදේශක.


ලෝකයේ හැම දේකම + සහ - කියල දෙකක් තියෙනවා මේ දෙක හැමවිටම එකිනෙකට ආකර්ෂණයක් තියෙනවා ඒ ආකර්ෂණයට කාටවත්ම මොනවත් කරන්නත් බෑ මොනවත් කියන්නත් බෑ
හැබැයි ඒ අනෙක් විරුද්ධ අග්‍රය තමන්ගේ කරගන්න හිතනවා නම් තමයි ගැටලුව

A day in the life

2024-10-13

වැස්ස.




ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා
පාවෙන වළාකුළු පවතියි, අහස පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා

අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවැල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින වල

නැති වල ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු සුරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී හාරා
පිබුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්
කඳු ගැට වසා විහිදෙයි වැහිගිලිය ගොඩින්
නිකලෙස් හැගීමක් ඩැහැගත් වන ම ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු උඩින්

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු ඇහේ

හැම වැහි වලාව ම ඉගිලිගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුන සේ හැගෙයි මහා වැසි පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට නගා
රැය සීතලත් අඳුරත් සමගම කුර ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය ළගා

ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

- එච්.එම්.කුඩලිගම -

A day in the life

2024-10-12

බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු ?.




දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු
කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු
ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු
බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .

කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු
හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු
මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු
බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .

නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු
පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු
කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු
හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .

වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු
ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු
“මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු
කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .

රෝ.සි.
2024.09 .02.


මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි. එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය.
ඒ පද වැල මට සම්පාත වුුන හැටි . 
කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.


A day in the life